මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය

විකිපීඩියා වෙතින්

මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය

(Magam Ruhunupura International Convention Centre - MRICC)


ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වන මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශයේ ඉදිකර තිබේ.

ඉදි කිරීම[සංස්කරණය]

අක්කර 28ක භූමි පරිශ්‍රයක ඉදිකර ඇති මෙම ජාත්‍යන්තර න්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය සඳහා වැය වූ මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 15.3 කි.නාගරික සංවර්ධන අධිකාරිය හා කොරියානු ජාත්‍යන්තර සංස්ථාව එක්ව සහයෝගී ව්‍යාපෘතියක් ලෙස මෙහි ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කරන අතර ඉදිකිරිම් සඳහා වියදම් වූ වියදමෙන් සියයට තිහක (30%) මුදලක් දකුණු කොරියාවේ ප්‍රදානයක් ලෙස ලැබුණු අතර ඉතිරි සියයට හැත්තෑව (70%) ශ්‍රි ලංකා රජය විසින් දරා තිබේ.


ඉදිකිරීම් නිම වූ පසු 2013 නොවැම්බර් 07 වන දින මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය එවක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී

නිර්මාණ සැලැස්ම සහ සම්මන්ත්‍රණ ශාලා[සංස්කරණය]

අති නවීන පහසුකම් සහිතව ඉදි කරන ලද මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ සම්මන්ත්‍රණ ශාලා සංකීර්ණය දකුණු කොරියානු ගෘහනිර්මාණ ශිල්පයේ ආභාශය ද ලබමින් සැලසුම් කර ඇති අතර එහි හැඩය මෙරට ඉදිකිරීම් අතර සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනී.


මෙහි ප්‍රධාන ශාලාව ආසන 1500 කින් සමන්විත වන අතර අති නවීන ශබ්ද පරිපාලන පද්ධතියකින් සහ ආලෝකකරණ පද්ධතියකින් ද සමන්විත වේ.සම්මන්ත්‍රණ සඳහා මෙන්ම ප්‍රසංග සඳහා රඟහලක් ලෙස ද භාවිත කළ හැකි බහුකාර්යය ශාලාවක් ලෙස මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ ප්‍රධාන ශාලාව ඉදිකර තිබේ.මෙහි ජාත්‍යන්තර භාෂා 07 ක් පරිවර්තනය කිරීමේ පහසුකම් ද පවතී


තවද ආසන 250 කින් යුත් ශාලා තුනක් හා කුඩා ශාලා 10 කින් මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය සමන්විත වේ.එමන්ම අංග අම්පූර්ණ එළිමහන් 7රංග පීඨයක් හා ඒ ආශ්‍රිත පහසුකම් සළසන අංගනයක් ද මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය සතුය.

යටිතල පහසුකම්[සංස්කරණය]

මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය සතුව එකවර රථ වාහන 400 ක් ගාල් කළ හැකි රථගාලක් ද හෙලිකොප්ටර් යානා සඳහා පහසුකම් සලසන (හෙලිපෑඩ්) හෙලිකොප්ටර් අංගනයක් ද පවතී.

පරිපාලනය[සංස්කරණය]

මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවත්වාගෙන යනු ලබන අතර මෙහි සියළු පරිපාලන හා මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව හා යුධ හමුදාව විසින් සිදු කෙරෙයි.

පවත්වනු ලැබූ සුවිශේෂී සමුළු[සංස්කරණය]

2013 වසරේදී ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරමින් පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව හා සමගාමීව පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුව ද,

2014 වසරේදී ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ ලෝක තරුණ සමුළුව ද ,

මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ පැවැත්වූ සුවිශේෂී ජාත්‍යන්තර සමුළු වේ.