න්‍යාය හා ව්‍යවහාරය
මහා සම්මතවාදය න්‍යාය හා ව්‍යවහාරය1- පක්ෂ දේශපාලනය දුරලමු
රටක් විදිහට, ජාතියක් විදිහට අපි ආර්ථික,සමාජිය, දේශපාලනික වශයෙන් ඉතාම දුර්වල අඩියකට වට්ටවා හමාරය. අප සියල්ලෝම එක්වි මේ අවාසනාවන්ත තත්වයට පිළියම් නොයෙදුවහොත් අප රටේ විනාසය දුර ඈතක නොවේ.
අප වසර කිහිපයකට පසු එන මැතිවරණයකින් කිසියම් දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් මැතිසබයට යවා ඉතිරි දවස් ඔවුන් කරන විගඩම්වලට විරුද්ධව මහමගට බැස උද්ඝෝෂණය කිරීමට සිදුවේනම් එම පාලන ක්රසමයේ ඇති යෝග්යටතාවය කිම? මෙතුවක් කල් මිනිස්සු වෙනුවෙන් පක්ෂයක් හෝ කණ්ඩායමක් හෝ තමයි ඔවුන් ගැන තීරන ගත්තේ. පළමුවරට මහාසම්මතයෙන් තමයි මිනිස්සුන්ට තමන්වෙනුවෙන් තීන්දු තීරන ගැනීමේ අයිතිය මිනිස්සුන්ටම ලැබෙන්නේ. මෙතුවක් කල් ඉහළන් ගත් තීරන පහළට පැමිනියේය. නමුත් මහා සම්මතයේදී පහළ සිට ඉහළට තීන්දු තීරණ අදහස් යෝජනා ගමන් කරයි. සැබෑ ජනතා පරමාධිපත්යා ලබාදෙයි.
පක්ෂ දේශපාලනය නිසා සිංහලයා කොටස් තුන හතරකට බෙදුන කල කේවල් කිරීමේ බලය හිමිවන්නේ සුළුපක්ෂ අතටය. වසර හැත්තෑවක් තිස්සේ මේ රටේ මැතිවරණවලින් දිනුවේ යූඇන්පී, ශ්රීවලංකා නොව කේවල් බලය ඇති සුළු ජන වර්ගය. ආණ්ඩුව රැකගනුවස් ඔවුන්කරන නොපනත් කම් නොදැක්කා සේ සිටීමට රජයන්ට සිදුව ඇත. අප විසින් කලයුත්තේ පක්ෂ දේශපාලනය වෙනුවට ජනතාව අතට සෘජුව බලය දෙන මහා සම්මත ක්රසමවේදයට අනුගත වීමය.පක්ෂ දේශපාලනය නිරතවීමට සිදුවේ නම් එය කළ යුත්තේ පක්ෂ දේශපාලනය විනාස කර මහා සම්මතය පිහිටවීමේ ගාමක බලවේගක් ලෙස පමනි.
මහා සම්මතයේ මූලය ගම්සභාවයි. එහි නියෝජිතයින්, ස්වෙච්ඡා සමිති සාමාජිකයින්, වසමේ රාජ්යම නිලධාරීන්ද එක්කර ජන සභාවක් තනයි. මෙහිදී ගමේ තීන්දු තීරන ගනී. ගම් සභා හෝ ජන සභාවලට නියෝජිතයන් තෝරාපත්කරගරනීමේදී පක්ෂය වැදගත්නොවේ. පක්ෂයක න්යාීයපත්රායකට යටත් නොවී නිදහසේ ඉදිරි වසර කිහිපය සදහා සාර්ථක සැලැස්මක් ඉදිරිපත්කිරිම පමනක් සෑහේ. මේ නිසා දක්ෂයින්ට ඉහළ මණ්ඩලවල නියෝජනය කරන්නට පක්ෂවල නාමයෝජනා අවශ්යම නොවේ. මේනිසා පක්ෂ දේශපාලනය දුර්වලවේ.
මහා සම්මතවාදය න්‍යාය හා ව්‍යවහාරය -2 සිව්හෙළ සංකල්පය
හෙළ මානවයා දඩයක්කාර වැද්දා දක්වා වර්ධනය විය. වැදි යන වදනෙහි අරුත වනයේ වෙසෙන්නා යන්න මෙන්ම දඩයක්කාරයාය යන්නද වේ. වනයේ දඩයමෙන් ජීවත්වන වැදි සමයේ පරිසරයෙන් එන විවිධ භාධක හමුවේ බොහෝවිට සිය නෑසියන් හා සහෝදරත්වයෙන් වරිගයක් ලෙසින් ජීවත් විය. තමන් වෙත පැමිනෙන හදිසි අනතුරු අණ ලෙසත් කිසිවෙකු විසින් පමුණවන විපත් විණ ලෙසත් සැලකූහ. මේ අණවිණ වලින් ගැලවීමට ඔව්හු තමන්ව ජීවත්ව සිටින සමයේ ආරක්ෂා කළ දෙමාපියන් ඇතුළු නෑ සියන් නෑ යකුන් ලෙස දේවත්වයට පමුණවා ලීය. මේනිසාවෙන් යක් යන නාමය හෙළයින්ට පටබැදින. මේ ජනයා යකඩ නිපදවිම හා භාවිතය නිසාද පොදුවේ හෙළ යක් වැදි ගොත්තන් ලෙස හැදින්වියැ.
මෙය පළමු අභිචාරවිදිය ලෙසින් හැදින්වියැ හැකිය. නොදන්නා නොපෙනෙන අයෙක්ගේ ගතිසුභාවයන් අනුන්ගෙන් අසා දෙවියෙක් කොට වදිනවාට වඩා තමන් දන්නා කියන සමීප මිනිසුන් මරණයෙන් පසු දේවත්වයට පමුණවීම දියුණු සංකල්පයකි. කිරි කොරහා නැටීමෙක් පටන් කොහොඹා යක් කංකාරිය දක්වා දියුණුවූ අභිචාරයන් විය. මේ නිසා පොදුවේ හෙළ යක් වැදි ගෝත්තන් ලෙස හැදින්විය.
හෙළය එකතරා සජීවී මානව කෞතුකාගාරයක් වැන්න. එකල ජීවත් වූ වැදි යක් හෙළයාගේ පූර්ව ස්වරූය අදද හෙළ වැදි ජනතාවගෙන් දෘෂ්‍යමානවේ. සිංහල භාෂාවේ මූලය හෙළ වැදිබසයැ. ඉංදුආර්ය ආභාෂයෙන් එය පොහොසත් වූවා පමණැකි.
දඬයම් හිගවන විටැ ගොවිතැනට හුරුවීම මානවයාගේ ස්වභාවයකි. මේ අනුවැ හැල්, කුරක්කන්, වී වැනි වගාවන් හා සත්ව පාලනයට යොමුවිය. මේ පිරිස අස්වද්දන්නන් යන අරුතෙන් අසුර නාමය ගත්හ. ඔව්හු සෙසු යක් ගොත්තන්ගෙන් වෙනස්වැ සංවවර්ධනය විය. ගොවිතැනට අවැසි සාධක දඩයමට අවැසි සාධකයන්ට වඩා වෙසෙය. පරිසරයෙන් පැමිනෙන අණවිණ අඩුය. අස්වැද්දුමට හිරු හා වැස්ස වැදගත්විය. මේ අනුව මහ යකා නොහොත් හෙළ යකා දේවත්වයෙහිලා සැලකීම සංවිධානගත අභිචාරයක් ලෙසින් වර්ධනය විය.
පසුකාලය්දී සූර්ය වන්දනය බලගතු සංවිධාන සංස්කෘතියක් ලෙසින් වර්ධනය විය. හේළි, රා, රේ යන නාමයෙන් හැදින්වන්නට යෙදුනේ මේ සූර්ය වන්දනයයි. හෙළ අසුරයින් සහෝදර දඩයක්කාර හෙළ යක්වැදි ගොත්තන්ගෙන් පැහැදිළිවැ වෙනස් ලක්ෂණ පෙන්වීම නිසා අසුර (දේව) වෙනයම්ම ගොත්‍රයක් ලෙසින් සංවර්ධනය විය.
විවිධ දේශීය හා විදේශීය අභයෝග හමුවේ සිය ජීවන වෘර්තීන් සමග ආරක්ෂක කටයුතු කාර්යක්ෂම සිදුකිරීමට නොහැකි නිසා ඉතිහාසයේ එක් දිනක හෙළ දිව පුරා විහිදී බැවති ගෝත්‍ර දෙකේම වරිගවලට අයත් සෑම ගම්මානයක්ම නියෝජනය කරන ගමිණිවරු එක් ස්ථානයකට රැස්විය. මෙහිදී මධ්‍යගත පාලන ඒකකයක්, පාලන නීති රීති පද්දතියක් හා ආරක්ෂක කාරිය සදහා වෙනම පිරිසක් තෝරාගැනීමටද යොජනාවිය.
වර්තමාන ජන මත වලට අනුව මෙසේ සංවිධනය කරගන්නා ලද රක්ෂස ගෝත්‍ර හමුදාව අවසාන රාවණ රජුසමයේ රාම ආක්‍රමණය දක්වාම පැවතින. එමෙන්ම මෙහිදී සම්මතකර ගත් නීති රීති පද්දතිය පෙර සිරිත ලෙසින් උඩරට ගිවිසුම දක්වාම පැවතුණි. ජනතාවගේ සෘජු නියෝජිතයින්ගේ සම්මතයෙන් පත්වූ නිසා හෙළයේ පාලකයාගේ මූලය ජනතාවය. මහා සම්මතවාදය නම්වූ පාලන ක්‍රමය අඩු වැඩි වශයෙන් උඩරට ගිවිසුම දක්වාම පැවතුනි.
මේ ගෝත්‍ර ත්‍රිත්වයට අමතරව නාග නම් වෙළද, නාවික හා වාරිශිල්පීය ගෝත්‍රයක්ද නාග නමින් නිර්මානය විය. කලක් යන විට නාග නමින් අභිචාරයක්ද මොවුන් අතර ජනප්‍රිය විය. පසුකාලයේ සෙසු ගෝත්‍ර අභිමවමින් මෙම නාගයින් බලවත්වනු දක්නට ලැබේ.
මෙම යක්ෂ අසුර රක්ෂස නාග යන හෙළ සිව්හෙළ ගෝත්‍ර සිහළ සිංහල විය. තලෙළු මිනිසුන්ගෙන් සැදි සිව්හෙළ ගෝත්‍ර සංස්කෘතිය හෙළදිව පමනක් නොව, මොහන්ජදාරෝ හරප්පාව ඇතුළු සමස්ථ ඉංදු අර්ධද්ධීපයේම පැතිර පැවතින. ස්ටෙප්ට් තණ භූමියන් පැමින පර්සියාව අල්ලා ගත් වර්ණික ආර්යන්ගේ බලය හේතුකොට වත්මන් ඇෆ්ගන් පකිස්ථාන් කලාපයේ සිටි බෘහායි ගෝත්‍ර මොහන්ජදාරෝ හරප්පා නමින් අද හදුන්වන ඉංදු හෙළය බිදගෙන දකුණට සංක්‍රමනය විය. ඔවුන් පිටුපසින් පැමිනි ආර්යන් උතුරු ඉංදියාවේ ආර්‍යාවෘතයේ පැරණි ශිෂ්ඨාචාර අතුගා දමා සොලොස්මහා ජනපද පිහිටවිය. මෙලෙස හෙළ බලය පිරිහී උතුරේ ශාක්‍ය ආදී ගෝත්‍ර කිහිපයක් හැර සෙස්සෝ යටපත් විය.
රාම රජුගේ යුද්ධය හෙතුකොට එවකට හෙළදිව පැවති බලවත් ලංකාපුර (සිගිරිය) රාජධානියද බිදවැටිණ. රක්ෂස හමුදාව එම යුද්ධය නිසා විනාශවීම නිසා රටේ අරාජිකත්වයක් නිර්මානය විය. විජය රජු ලාට දේශයේ සිට පැමිනෙන විට පැවතියේ අසංවිධානාත්මක මධ්‍ය පාලනයකින් තොරවූ දේශයකි. විජය රජු යනු හෙළ දිව පැමිනි එකම හෝ පළමු ආර්ය ආක්‍රමිණිකයා නොවේ. එය ඉතිහාසයේ එක් සිදුවීමක් පමනි. එය සිදුවූයේ බුදුන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේ වීමත්, එය බුද්ධ වර්ශ ක්‍රමයේ ආරම්භය වීමත් නිසා මහාවංශ කතුවරයා එම සිදුවීමෙන් සිය කෘතිය ආරම්භ කළේය. එයින් කිසිසේත් හෙළ ශිෂ්ඨාචාරය ආරම්භ වූ බවක් නොකියවේ.
එකල විසූ හෙළයින් ලේඛන කලාවක් සහිත, ආනයන අපනයන වෙළදාම් සිදුකල ජනතාවකි. තපස්සු භල්ලුක යනු එවැනි වෙළද දෙබෑයෙකි. බුදුන් ලංකාවට වැඩි සමයේ රටේ විවිධ ප්‍රාදේශ පාලනය කළ පාලකයින් ලැන මහා වංශය දක්වයි. චූලෝධර, මහෝධර, මණියඛිත, සුමණ සමන්, මහා කාලසේන පාලකයින් මෙන්ම සිහලවස්තුපුරය, ලංකාපුරය, නාගදීපය, මහියන්ගනය, කැලණිය වැනි නගර ගැන එහි විස්තර කර ඇත. එය සනාතකිරීමට පුරාවිද්‍යාත්මක සාධකද හමුව තිබේ.
අනුරාධපුර ඇතුල් නගරයේ කැණීම් තුළින් ශිරාන් දැරණියගල මහතා මතුකරගත් ක්‍රි.පූ 600ත් 550ටත් අයත් හෙළ බ්‍රහ්මී අක්ෂරයෙන් අනුරද ලෙස කොටන ලද වලංකටු කැබැල්ල මෙයට හොඳ උදාහරණයකි.
තෙවරක්ම සිදුවු බුදුන්වහන්සේගේ ලංකාවතරණයත්, විජය පැමිනෙන විට කුවන්නා කපු කටිමින් සිටිබව කියන පුවතත්, මහා කාලසේන රජුගේ දරුවෙකුගේ සරණ මංගල්‍යක් උත්සවාකාරයෙන් පැවැත්වීමත් හේතුකොට දියුණු සංස්කෘතියක් පැවති බව පැහැදිළිය.
විජය රජු විසින් ඇතිකරන ලද වංශය පණ්ඩුකාභය රජුගෙන් අවසන්වේ. නැවත හෙළ බලය ඔසවා තබන එතුමා හෙළ සභ්‍යත්වයට ආර්ය ජනපදද උකහා ගනී. එතුමා විසින් නැවත අනුරාධපුරය අගනගරය කර ගැනීම, නැවත වැව් අමුණු තැනීම, ග්‍රාමසීමා නීර්ණය වැනි පැරණි ප්‍රතිමාන ප්‍රතිස්ථාපනය කරන බැවින් විජය රජු යන සාධකය එතරම් හෙළ ඉතිහාසයේ පෙරළිකාරී සාධකයක් නොවේ.
මහාසම්න්‍මතවාදය න්‍යාය හා ව්‍යවහාරය3- සිංහලේ ජාතික රාජ්‍යය
සැබැ ලෙසම හෙළ සමාජයේ පෙරළියක් ඇති කළ කාරණය නම් දේවානම්පියතිස්ස රජ සමයේ ථේරවාදී බුදු දහම රැගෙන මිහිදු මහා රහතන් වහන්සේගේ වැඩම කිරීමය. මෙතැන් පටන් විවිධ ඇදහිළි විශ්වාසයන් හා ගෝත්‍ර ලෙසින් බෙදී සිටි ජනයා දියුණු තාර්කික සංවිධානගත දහමක් වූ බුදු දහමට මුල්තැනක් දෙමින් එක්සේසත්විය. හෙළයේ සම්ප්දාරයක ඇහිලි විශ්වසයන්ද බුදු දහම හා මුසු වී යම් ආකාරයකින් සිංහලයාටම ආවේනිකවූ සිරිත් විරිත් ඇතුළත් සිංහල බෞද්ධ සංස්කෘතියක් ගෙඩනැගුණි.
සිංහල බෞද්ධයා යන අන්‍යතාවය හෙළයා තුළ නිර්මානය වන්නේ මේ අවධියේදීය. මෙම ජාතික සමගියට කාලිංගයෙන් පැමිණි එලාරගේ ආක්මරනයත් සමග භාදා පැමිණ වින. පීඩාකාරී සතුරාට විරුද්ධව ගාමිණී අභය කුමරු වටා රොක්වන විවිධ සේවා ගෝත නියෝජනය කල ජනයා විජාතික සතුරා පරදවා එක්සේසත් සිංහල දේශයක් ගොඩනගා ගනී. ගාමිණි අභය නොහොත් දුටු ගැමුණු රජ මහාසම්මතයට ගරුකල උදාරතර මිනිස් ගති ගුණ වලින් පිරි සැබෑ සිංහලයෙකි. ඇතැම් ප්වාරදවල හෙතෙම ජෙට්ට ගාමිණී අභය නමින් හැදින්වේ.
මෙහි අරුත ගමිණි වරුන්ගේ ජේෂ්ඨයා නොහොත් ශේෂ්ඨයා යන්නය. සිව්හෙළ ගොත් සියල්ල මහාසම්තය යටතේ ජාතික කරණය වී, එක්සේසත්ව සිංහල ජාතිය නිර්මානය විය. මෙය ලෝකයේ පැරණිතම ජාතික රාජ්යයකි. ඉර හදයට අසිපත අතින් ගත් සිංහයා ධජය ඒ සමයේ ජාතියේ සංකේතය විය.
ජාතික රාජ්‍යකට අවැසි සියළු කරුණු කාරණා එහි පැවති බව පැහැදිළිය. නිශ්චිත භූමිභාගයක්, ගොඩනගාගත් අනන්‍ය සංස්කෘතියකින් යුත් නිශ්චිත ජාතියක්, ගොඩනගා ගත් ඒකාබද්ධ පාලන වි්‍යුහයකින් යුත් නූතන ජාතික රාජ්‍යක පවතින සියළුම සාධක වලින් යුක්ත විය.
ඉංදියාවේ පැවතියේ රාජ වංශික රාජ්ජයන්ට වඩා සිංහල දේශය වෙනස්විය. මෞර්‍ය, ගුප්ත, මූගල් ආදීන්ගේ දේශසිමා නිෂ්චිත නැත. ඒ ඒ පරපුර බලය පැතිරු ප්මාරනය මත රාජ්ජය තීරණය විය. ඒවා ජාතික පදනමක් මත නිර්මානය නොවීය. නමුත් සමුදුරෙන් වටවූ නිශ්චිත දේශසීමා පවතින සමස්ථ හෙළබිමම හෙළයින්ගේ ශුද්ධ භූමිය විය. එම දේශසීමාව තුළ වෙසෙන සියල්ලෝම හෙළයින් නොහොත් සිංහලයින් විය.
සිහළ වස්තු ප්කරණය ග්‍රංතයේ සිංහල දීපය යන නාමය පැහැදිළිවම දක්වයි. ලංකාවට හෙළ දිව යන්න මෙන්ම සිංහල දීපය යන්නද භාවිතාවිය. සිංහලය යන නාමය සීලාන්, සෛලාන්, සිංහලාම්, ඊලාම්, සිලෝන් ආදී තමන්ගේ බස් උරුවෙන් උච්චාරනය කරමින් හැදින්විය. සංස්කෘත ලේඛන වල සිංහලද්වීප ලෙසත්, පාලි ලේඛන වල සීහළ ලෙසත්, දෙමළ ලේඛනවල සිංහලාම්, ඊලාම් ලෙසින් දක්වා ඇත. යුරෝපියන් හා අරාබීන් හැදින්වූ සෛලාන්, සිලෝන් යන නාමයන්ද සිංහල යන වදනින් බිදී ඇත. මෙතුළින් මෙරට ජාතික ප්‍රකාශණය සිංහලය බවට පත්ව පැවති බව පසක්වෙයි.
මහා සම්මතවාදය න්‍යාය හා ව්‍යවහාරය4මහා සම්මතයේ ජාතික ආර්ථික මූලධර්ම- පබ්බ සබ්බත අර්ථක්මරය
ලංකාවේ වැඩවසම් ක්‍රමයක් පැවති බව ගත් කටටම කියන්නට බටහිර අනුකාරකවාදීන් පසුබට නොවෙති. නමුත් ලංකාවේ නුවර යුගය වන තෙක්ම වැඩවසම් ලක්ෂණ නොවීය. නුවරයුගයේ එම ලක්ෂණ යම් පමණකින් හෝ ලැබුණේ බටහිරයන්ගේ ආභාෂයෙනි. ඒ වැඩවසම් ක්‍රමය ඔවුන්ගේ ක්‍රමවේදයක් බැවිණ. පුරාණ හෙළයේ පැවතියේ අපිටම ආවේනික වූ ආර්ථ ක්මරයකි. අප එය විදග්ධ බසින් පබ්බ සබ්බත අර්මක්යර ලෙසින් හදුන්වා දෙන්නෙමු. අත්තම, කයිය යනුවෙන් ගැමි වහරේ හදුන්වන්නේ අපගේ ඒ සුවිශේෂී අන්තර් සහයෝගී, මානව හිතකාමී ආර්ථික ක්‍රමයයි. එම ආර්ථික ක්‍රමවේදයේ දුප්පතුන් පොහොසතුන් ලෙසින් පංති බේදයක් නොවීය. රටේ වෙසෙන සියළුම පුද්ගලයින්ට සිය දායකත්වයේ ස්වභාවයට ප්‍රතිලාභ ලැබෙන ලොව ශ්‍රේෂ්ඨතම අර්ථක්‍රමය ලෙස අපට මෙය හදුන්වා දිය හැකිය.
පබ්බ සබ්බත ආර්ථිකය පිළිබදව බදුලු සෙල්ලිපියෙන් හා වෙනත් මූලාස% මාර්ගයෙන් අදහසක් ලබාගත හැකිය. අපේ පුරාණ ආර්ථික ක%මවේදයේ එකා සැමටත් සැම එකාටත් යන මූලධර්මය ඉතා පැහැදිළිව ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය. මෙම සහයෝගී අර්ථක%මය අඩු වියදම් වැඩි ලාභදායී ක%ම වේදයක් විය. ගොවිතැනේදී පමණක් නොව නිවාස, වෙහෙර විහාර හා වැව් සංවර්ධනයේදීද යොදා ගත්තේ මෙම පබ්බ සබ්බතයයි.
එකල ගමේ එකෙකුගේ කඹුර හාන්නට සියල්ලෝම යන අතර සියල්ලන්ගේම කුඹුරු හාන්නට ඒ එකාද යති. අසරණයින්ගේ, වැන්දඹුවන්ගේ, පංසලේ, වෙනත් ශිල්ප ශේ%ණිවල, රජුගේ මෙන්ම කුරුල්ලන්ගේ සතා සිව්පාවාගේද කුඹුරුද මෙම අත්තම් ක්‍රමයට වගා කලේය. වර්තමානයේ ඊනියා ආර්ථික විද්වතුන්ට නෙපෙනුනාට කුඹුරු වගාවද කර්මාන්තයකි. එය අත්තමට වගා කිරිම වර්තමාන සංකල්ප ඇසුරෙන් විස්තර කළ හොත් ජන සමාගමකි.
රාජකාරික්‍රමය තුළන් සිදු වූයේ සියල්ලන්ටම පොදුවූ ලෞඛික හා අධ්‍යාත්මික දියුණුට අවැසි වැව් අමුණු, මන්මාවත් හා වෙහෙර විහාර තැනීමය. මෙයද ක්‍රියාත්මක කරනු ලැබුවේ ප්‍රතිලාභී ගමින් ගමට අත්තමටය. මේ සියල් තීරණය කරනුයේ ගම් මට්ටමෙන් ගමේ ගම්වැසියන් එක්වී ගම් සභාවෙනි. අනතුරුව ගමිණිවරු එක්ව පරුමක සභාවේ කතිකා කරගනී. රජුගේ නිලමක්කරුවන්ද මෙයට සහබාගීවේ. මහාසම්මතවාදීව තීන්දු තීරණ ගත් නිසාවෙන් ලෝකය මවිත කරන අසමසම නිර්මාන රැසක්ම ඉදිකිරීමට අතීත හෙළයෝ සමත්වූහ. එවකට ලෝක බලවතුන්වූ පෙර අපර ජාතින්ට මුහුණදෙමින් සිය ස්වාධීනත්වය රැක ගත්හ. එහි රහස පබ්බසබ්බත අර්ථක්‍රමය හා මහසම්මත දේශපාලන ක්‍රමවේදයයි.
ඇතැම් අය අතීත සිංහලයේ පැවතියේ සරළ හුවමාරු අර්මක්යරක් යැයි මත දක්වති. එය එසේ නොවේ අනුරාධපුර පොළොන්නරු, රයිගම, කෝට්ටේ යන යුග වනාහී බහුල වශයෙන් ආනයන අපනයන වෙළදාමේ නිරතවූ යහමින් මුදල් සංස්රණය වූ සංකීර්ණ වෙළද ආර්ථිකයක් පැවති යුගයන්ය. කහවනු, රං මස්සේ පටන් විවිධ මුදල් ඒකක භාවිතාවිය. වෙනකක් තබා මුදලින් පඩි ගෙවා නඩත්තුකරන විදේශීය අගම්පඩි සේනා පවා සිටියේය. ධනය පමනක් නොව ධාණ්‍ය පවා තැම්පත් කරන ඉතාම සංකීර්ණ බැංකු ජ්‍යාලයක් පැවතිබව බදුලු සෙල්ලිපියෙන් මනාවට තහවුරුවේ.
හෙළ ආර්ථික ක%මවේදයේ පැවති එක් සිද්ධාන්තයක් නම් භූමිය සින්නක්කර නොව භාරකාරීත්වයක් වතින්නේය යනන්ය. අප ජීවිතකාලය තුළ තාවකාලිකව එය පරිහරණ කරමින් භාරකාරීත්වය දරණවා පමනි. එමනිසා අපට හිතුමතයේ ඒවා විනාස කිරීමට අයිතියක් නොවූයේ අනාගත පරපුරේ අයිතියක් වූ නිසාය. ඒ නිසාවෙන් ගම් සභාවෙන් ඒවා පාලනය විය. කිසියම් හේතුවක් නිසා වගාකල නොහැකි කුඹුරු ගම්සභාව විසින් භූමි අඳය ලබාදී වගාකරන ලදී මෙය නූතන මූලධර්මයක් ලෙසින් ගත්තේනම් ධනවාදයටවත් සමාජවාදයටවත් අයත් නොමැදි අතර මැදි සමූපාකාර ඉඩම් භුක්ති ක්‍රමවේදයකි. වැව මෙයට හොඳම උදාහරණයකි. වැව පොදු වස්තුවකි.
මෙය කෙතරම් දියුණු අර්මක්යරක් විය යත් මෙය පවතින තුරු සිංහලයක් කිසිදා උන්ගේ වතුවල වැඩකරන වහළුන් පිරිසක් නොවන බව සුද්දෝ තේරුම් ගත්‍හ. කෝලබෘක්තිප්සංරස්කරණ තුළන් සිදුවූයේ හුදු රාජකාරි ක්මරය අහොසි කිරීමක් නොවේ. වසර දහස් ගණනක් ජනතාව හා බැදී පැවති ජාතික ආර්ථිකයවූ පබ්බ සබ්බතය විනාස කිරිමය.
මේ නිසා සුද්දන් විසින් ඉදිරූ අපේ මුල් මත නැවත සිට ගැනීමට නම් මහාසම්මතය මෙන්ම පබ්බසබ්බත අර්ථක%මයද, නවීන ලෝකයට ගැලපෙන පරිදි ප%ති නිර්මානය කළ යුතුය. මේ යෝජනා අතර කිහිපයක් පහත දැක්වේ.
*සුද්දන් විසින් පුරුදු කල යැපුම් මානසිකත්වයෙන් මිදි ජාතික නිෂ්පාදන ආර්ථිකයකක් පිහිටවිම.
*නව මහාසම්මතවාදය හා බද්දවූ යෝජිත සුළු පිරිසකට නොව සැමට ප්‍රතිලාභයන් බෙදී යන ජාතික ආර්ථියක් ගොඩ නැන්විය යුතුය. මහා සම්මතවාදී රාජ්‍යක අධි සංවිධානගත ස්වරූපය නිසාවෙන් අර්ථිකයද එසේ සංවිධානගත විමෙන් වේගවත් සංවර්ධනයක් මෙන්ම එහි ඵළයන් සමාජයේ සෑම කොටසක් වෙතම ගලා යෑමට සැලැස්සවීම.
*ආර්ථිකයේ පදනම විය යුත්තේ රටේ වෙසෙන ජනතාවගේ සුභ සිද්ධිය සැලසීම මිස විජාතික සමාගම් පදනම් කරගෙන නොවේ.
*ග්‍රාමීය ක්ෂුද්‍ර ආර්ථිකයට මූලිකත්වය ලබාදිය යුතුය.
)රාජ්‍ය" පුද්ගලික" හා සමූපාකාර අංශයන්ට අමතරව ජන සමාගම් අංශයක සංකල්පයක් ඉදිරිපත්කෙරේ.
*ඉල්ලුම සපයුම මත නිෂ්පාදනය සිදුවූවද, රජයේ ජාතික අතරමැදි වෙළදුන්ගේ අධික සූරාකෑමේ කතිපයාධීකාරී වෙළදපලක් ඇති නොවන පරිදි රජය විසින් සැලසුම්කර පාලනය කළ යුතුය.
*රටේ ප්‍රාථමික පරිපාලන ව්‍යුහය වන ජන සභාවල පටන් ඉහළට විහිදෙන ජන සමාගම් රටාවක් නිර්මානය කළ යුතුය. එතුළින් ලොකු කුඩා කර්මාන්ත හා සේවා ජාල ගත කරණය සිදුකල හැකිය.
*රජය විසින් ජාතික වැදගත් කමක් සහිත ලාභදායී කර්මාන්ත ඇරඹිය යුතුය. ඒවා ජනතාවගේ සමූහ ව්‍යසායන් සමග බද්ද කළ යුතුය.
*සෞඛ්‍යය සම්පන්න ජනතාවක් ඇති කරනු වස් නැවත හෙළ ගොවිතැන් ක්‍රමය හා සාම්ප්‍රදායක බෝග ප්‍රවර්ධනය කර හදුන්වාදීම, හා නවීන තාක්ෂණය සුලභ කිරීම.
*ප්‍රාථමික දේශීය කර්මාන්ත සහ කෘෂිකර්මය නගාසිටවීමට ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කිරීම.
*ප්‍රාථමික ආර්ථිකය ශක්තිමත් කිරීමට හා සාර්ව ආර්ථිකය ප්‍රවර්ධනයට සැලසුම් සහගත වැඩසටන් ක්‍රියාත්මක කිරීම. සෑම ජන වසමක්ම ව්‍යවස්ථාදායක ඒකකයක්, පරිපාලන ඒකකයක්, මෙන්ම ආර්ථික ඒකකයක්ද ලෙසින් හැඩගැස්විය හැකිය.
*විනිවිධ භාවයෙන් යුත් ආර්ථික කළමනාකරණයක් ඇති කිරීම. නිරන්තර මහජන අධීක්ෂණයට පත්කිරීම.
*සිංහලේ ආර්ථිකය එකාධිකාරීව ග්‍රහණය කරගෙන විජාතික මාෆියාව බිදලීම. සංවිධාන ගත වෙළද මාෆියාව හා රජය විසින් එකතුකල බදුබර, භාණ්ඩයේ මිල මතට ආදේශ කරමින් මිල තීරනය කරන අසාධාරන ක්‍රමවේදයෙන් මුදවා සෘජු අලවි කරන මූලධර්ම ඔස්සේ නිෂ්පාදකයාට හා පාරිභෝගිකයාට අතර සහනදායි ආර්ථිකයක් ඇතිකිරීම.
මෙතුළින් ග්‍රාමිය සම්පත් කළමනාකරණය කර පරිබෝජනය හා නිෂ්පාදනය සැලසුම් කිරීම, මහජන සුභසාධනය, රැකියා වියුක්තිය තුරන් කිරීම, දිළිදු බව මුලිනුපුටා දැමීම, නිෂ්පාදකයා හා පාරිබෝගිකයා අතර මැද සිටිමින් අසීමිතව සූරාකන්නන් ඉවත් කිරිම ඉලක්කගත කෙරේ. නව පන්නයේ පබ්බසබ්බත අර්ථක්‍රමය තුළින් මෙරට ගරාවැටෙමින් පවතින පිටරටින් සියල්ල එනතුරු කට ඇරගෙන සිටින, රටේ සම්පත් විකානාගෙන කමින් එදාවේල ගෙන යන ආර්ථිකය වෙනුවට ගම් මට්ටමේ පටන් ජනතාවගේ අතමිට සරුවන ජාතික නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනන්වා වේගවත් සංවර්ධනයක් ඇතිකිරීමට තුළින් මෙරට ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැන්වීමට සියළු කළමනාකරන කටයුතු මහාසම්මත රජය සිදුකරනු ලැබේ.
මහා සම්මතවාදය න්‍යාය හා ව්‍යවහාරය 5- මහා සම්මතය නියති වාදයක් නොවේ.
මහා සම්මතය වනාහී බොහෝ සෙසු දේශපාලන දර්ශන මෙන් නියත වාදයක් නොවේ. යම් ප්‍රශනයක් හෝ කාරණයක් අරඹයා පූර්ව නිගමණ හෝ විනිශ්චය ලබාදීමක් ඒ තුළ නොවේ. අනිත්‍ය ලෝකය තුළ එබදු නියතියක් පැවතිය නොහැකි බව මහාසම්මතවාදීන්ගේ අදහසයි. සියල්ල හේතුඵළ ධර්මය අනුව දිසුවේ. වෙනස් වන ලෝකයේ වෙනස් නොවන එකම දෙය වෙනස් වීම නම් හොද ඵළයක් ඇති කර ගැනීමට හෝද හේතුවක් නිර්මාණය කරගැනීමට වඩාත් ප්‍රසස්ථ ආකාරයෙන් තීන්දු තීරණ ගත යුතු බවත් ඒ සඳහා ගැටුම් නිරාකරණය කළ හැකි හොදම ක්‍රමය පොදු එකගතාවය වූ මහා සම්මතය බවත් මහා සම්මතවාදීන් අවධාරණය කරයි. මේ නිසා ජනතාව විසින්ම තමන්ගේ දෛවය තීරණය කළ යුතු බවත් එයට දේශපාලන පක්ෂ, කලුකඩ මුදලාලිලා ආදී බාහිර බලපෑම් වලින් මුක්ත විය යුතු බවත් දක්වති. ජනතාව ගන්නා තීන්දු තීරණ බලාත්මක කිරීමට ඔවුන්ගේ පාලනය යටතේ සිිටින නියෝජිතයන් විසින් සිදුකළ යුත බව කියවේ. මෙතුළින් ප්‍රජාපාලිත දේශ කළමණාකරණයක් හා ප්‍රජා පාලිත ආර්ථියක් නිර්මාණය කිරීම මහා සම්මතයේ මූීකතම අරමුණය.