මලුක්කු මුහුද

විකිපීඩියා වෙතින්
අග්නිදිග ආසියාව තුල මලුක්කු මුහුදේ පිහිටීම

ඛණ්ඩාංක: 0°25′S 125°25′E / 0.417°S 125.417°E / -0.417; 125.417

මලුක්කු මුහුද (ඉන්දුනීසියානු: ලාඋත් මලුක්කු) පිහිටා ඇත්තේ, ඉන්දුනීසියානු රාජ්‍යය තුල සහ බටහිර ශාන්තිකර සාගරයෙහිය. මෙම ප්‍රදේශය තුල කොරල්-පර බහුල වන අතර බොහෝ කිමිදුම් ස්ථාන එය තුල පවතියි.

පිහිටුම[සංස්කරණය]

දකුණු දෙසින් බණ්ඩ මුහුදෙන් සහ උතුරෙන් සෙලබීස් මුහුදෙන්ද, මලුක්කු මුහුද මායිම් වෙයි.

මලුක්කු මුහුදට මායිම් වී ඇති දිවයින් අතර, ඊසාන දෙසින් හල්මාහේරා, මධ්‍යයෙහි බුරු සහ සේරම් සහ, බටහිරින් සුලාවසී වෙති. මුහුදේ සාමාන්‍ය මායිම, උතුරු දෙසින් තලූද් දිවයින් වන නමුදු, මුහුදෙහි නම අනුව යමින් නම් කර ඇති භූ-චලන තැටිය වන මලුක්කු මුහුදු තැටිය, තවදුරටත් උතුරු දෙසට විහිදෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=මලුක්කු_මුහුද&oldid=320129" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි