මල් සියයේ මෙහෙයුම

විකිපීඩියා වෙතින්

මල් සියයේ ව්‍යාපාරය ලෙසින්ද හැඳින්වුනු, මල් සියයේ මෙහෙයුම යනු, (සරල චීන: 百花运动; සම්ප්‍රදායික චීන: 百花運動; පින්යින්: Bǎihuā yùndòng), කොමියුනිස්ට් රාජ්‍යය පිළිබඳ සිය අදහස් විවෘතව ප්‍රකාශ කරන මෙන් චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) විසින් සිය රටවැසියන් දිරිමත් කල, චීන මහජන සමූහාණ්ඩුව තුල 1956 කාලයේදීවූ කාල පරිච්ඡේදයකි[1]. කොමියුනිස්ට් පක්ෂ සභාපති මාවෝ සේතුංගේ පසිඳු ප්‍රකාශය පදනම් කොට ගෙන ජාතික ප්‍රතිපත්තියට විවිධ අදහස් උදහස් හා විසඳුම් ඉදිරිපත් කිරීමට දිරිමත් කෙරිණි: "මල් සියයක් පිබිදීමට සහ චින්තන ගුරු කුල සියයක් වාදයෙහි යෙදීමට ඉඩහැරීමේ ප්‍රතිපත්තිය සැලසුම් කොට ඇත්තේ කලාවන් සමෘද්ධ වීම හා විද්‍යාවේ ප්‍රගතිය ඇති වීම උදෙසාය"." [2] [3] මෙම ලුහුඬු ලිහිල් ප්‍රතිපත්ති කාල සීමාවෙන් පසුව, මාවෝ හදිසියේම මග වෙනස් කළේය. 1957 දක්වාම, රාජ්‍යය හා එහි මතවාදය පිළිබඳ විවේචනයෙහි යෙදුනු පුද්ගලයන්ට එරෙහිව, දක්ෂිණාංශික-විරෝධි මෙහෙයුමක් දියත් විය. ඉලක්ක ගතවූවන් ප්‍රසිද්ධයේ විවේචනය කෙරුණු අතර පරිභව කොට සිපිරි ශ්‍රම කඳවුරු වෙත යැවුණි. [4] මේ කාලයේදී මාවෝ විසින් ප්‍රකාශ කළේ, ඔහු විසින් "සර්පයින් ඔවුන්ගේ ගුහා වලින් ඉවතට ඇද ගත් බවයි." [4] [5]

මාවෝගේ ප්‍රකාශයේ මුල් කොටස වන "මල් සියයක් පිබිදීමට" යන්න, බටහිර ලෝකය විසින් නිතරම සිහිපත් කරයි. රාජ්‍යය පිළිබඳ ඔවුන්ගේ විවේචන ඉදිරිපත් කිරීමට දිරිමත් කිරීමෙන් විමතිකයන් හඳුනාගැනීමට සහ පසුව ඔවුන්ව සිපිරිගෙහි ලෑමට විශේෂයෙන් සැදි මෙහෙයුමක් සාමාන්‍යයෙන් මෙයින් හැඳින්වෙයි.

සටහන්[සංස්කරණය]

  1. මැක්ෆාර්කුහර්, රොඩ්රික්. ද හන්ඩ්‍රඩ් ෆ්ලවර්ස්, 1960, පිටු. 3
  2. "ඩෙෆිනිෂන් ඔෆ් හන්ඩ්‍රඩ් ෆ්ලවර්ස්". ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරීස්. සම්ප්‍රවේශය 2012-05-17.
  3. හැරී වූ; හොන්ගා හැරී වූ; ජෝර්ජ් වෙක්සි (30 දෙසැම්බර් 2002). ට්‍රබල්මේකර්: වන් මෑන්ස් කෲසේඩ් අගේන්ස්ට් චයිනාස් කෲවැලිටි. නිවුස්මැක්ස් මිඩීයා, ඉන්ක්.. පිටු. 49–55. ISBN 978-0-9704029-9-8. http://books.google.com/books?id=xmWrlMvLvqcC&pg=PA49. Retrieved 17 මැයි 2012. 
  4. 4.0 4.1 පිලිප් ෂෝර්ට් (1 පෙබරවාරි 2001). මාවෝ: අ ලයිෆ්. මැක්මිලන්. පිටු. 470–. ISBN 978-0-8050-6638-8. http://books.google.com/books?id=4y6mACbLWGsC&pg=PA470. Retrieved 17 මැයි 2012.  උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Short2001" defined multiple times with different content
  5. ඕර්විල් ෂෙල් (22 මැයි 1989). ඩිසිකෝස් ඇන්ඩ් ඩිමොක්‍රසි: චයිනා ඉන් ද ත්‍රෝස් ඔෆ් රිෆෝම්. රැන්ඩම් හවුස් ඩිජිටල්, ඉන්ක්.. පිටු. 41–. ISBN 978-0-385-26187-6. http://books.google.com/books?id=zoijP-xuLWkC&pg=PT41. Retrieved 17 මැයි 2012. 
"https://si.wikipedia.org/w/index.php?title=මල්_සියයේ_මෙහෙයුම&oldid=271563" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි