මරියා වොන් ට්‍රැප්
පෙනුම
මරියා වොන් ට්‍රැප් | |
|---|---|
චේතනා ප්‍රකාශය වෙතින් ගත් ඡායාරූපයක්, 21 ජනවාරි 1944 | |
| උපත | මරියා ඔගස්ටා කුට්චේරා 26 ජනවාරි 1905 |
| මරණය | 28 මාර්තු 1987 (වයස 82) මොරිස්විල්, වර්මෝන්ට්, එ.ජ. |
| Spouse(s) | ගියෝර්ග් වොන් ට්‍රැප් (වි. 1927–47; ඔහුගේ මරණය) |
| දරුවන් | රොස්මරී වොන් ට්‍රැප් ඉලොනෙයා වොන් ට්‍රැප් ජොහැනස් වොන් ට්‍රැප් |
වොන් ට්‍රැප් බැරන්වරිය ලෙසින්ද හැඳින්වෙන, මරියා ඔගස්ටා වොන් ට්‍රැප් (විවාහයට පෙර කුට්චේරා; 26 ජනවාරි 1905 – 28 මාර්තු 1987),[1][2] යනු ට්‍රැප් ෆැමිලි සිංගර්ස් හී සුළු මව සහ මාතෘමූලිකයා විය. [3][4] ඇය විසින් රචිත ද ස්ටෝරි ඔෆ් ද ට්‍රැප් ෆැමිලි සිංගර්ස් 1949 වසරෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි. මෙම කතාන්තරය විසින් ද ට්‍රැප් ෆැමිලි නම් 1956 වසරෙහි බටහිර ජර්මානු චිත්‍රපටයටද, ද සවුන්ඩ් ඔෆ් මියුසික් (1959) නම් බ්‍රෝඩ්වේ සංගීත නාට්‍යයටද, 1965 වසරෙහි එම නමම දැරූ චිත්‍රපටයටද බලපෑම් ඇති කළේය.[5][6]
මරණය
[සංස්කරණය]1987 මාර්තු 28 දිනදී (වයස 82) හෘද අකරණිය හේතුවෙන් මොරිස්විල්, වර්මෝන්ට් හිදී මරියා වොන් ට්‍රැප් මිය ගියේ සැත්කමෙන් දින තුනක් ගත වෙත්මය.[5]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ ඉන්කෝපරේටඩ්, නිව්යෝර්ක් ටයිම්ස්. "ට්‍රිබියුට් ටු බැරන් වොන් ට්‍රැප් ජොයින්ඩ් ඉයි කන්ට්‍රි හී ෆ්ලෙඩ්". නිව්යෝර්ක් ටයිම්ස් - 14 ජූලි 1997. සම්ප්‍රවේශය 27 පෙබරවාරි 2015.
අද පැවති උත්සව කෙළවර වූයේ උදෑසන දිව්‍ය පූජා මෙහෙයකින් වන අතර, ෆ්‍රන්ස් ෂුබර්ට්ගේ ජර්මන් මාස් වාදනය වන විට සීරුවෙන් සිටි කැඩෙට්වරු, ද සවුන්ඩ් ඔෆ් මියුසික් නම් 1965 වසරෙහි චිත්‍රපටයෙහි ක්‍රිස්ටෆර් ප්ලමර් සහ ජුලී ඇන්ඩෲස් විසින් නිරූපණය කෙරුණු වොන් ට්‍රැප් බැරන්වරයා හා බැරන්වරියගේ සොහාන් මත මල් වඩමක් තැන්පත් කළහ.
- ^ ගියරින්, ජොඈන්. "මූවි වර්සස් රියැලිටි:". එ.ජ. ජාතික සංරක්ෂණ සහ වාර්තා පරිපාලනය - ශිශිර සෘතුව 2005, වෙළුම. 37, අංකය 4 ජාතික සංරක්ෂණ දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 27 පෙබරවාරි 2015.
1880 වසරෙහිදී උපන් ගියෝර්ග් වොන් ට්‍රැප්, පළමුවන ලෝක යුද්ධයෙහි ඔස්ට්‍රියානු නාවික හමුදාවේ කපිතාන් වරයෙකු ලෙසින් සේවය කර ජාතික වීරයෙකු බවට පත් විය. ශූරවීරතාවයකින් යුතුව සබ්මැරීනයන්ට ආඥාපතිත්වය සැපයූ ඔහු ඔහුගේ වීර කාර්ය භාරයන්ට ත්‍යාගයක් ලෙසින් "රිටර්" යන පදවි නාමය (බ්‍රිතාන්‍ය බැරන්වරයා හෝ "ශ්‍රීමත්" යන්නට සමතුල්‍ය වන නමුදු, සාමාන්‍ය ලෙසින් පරිවර්තනය වන්නේ "බැරන්" ලෙසිනි) ලැබීය.
- ^ "මරියා ඔගස්ටා කුට්චේරා වොන් ට්‍රැප්". එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා. සම්ප්‍රවේශය 9 ජනවාරි 2011.
- ^ "ට්‍රිබියුට් ටු බැරන් වොන් ට්‍රැප් ජොයින්ඩ් ඉයි කන්ට්‍රි හී ෆ්ලෙඩ්". නිව්යෝර්ක් ටයිම්ස්. 14 ජූලි 1997. http://www.nytimes.com/1997/07/14/us/tribute-to-baron-von-trapp-joined-by-country-he-fled.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 ජනවාරි 2011.
- ^ a b පීටර් කර් (29 මාර්තු 1987). "මරියා වොන් ට්‍රැප්, හූස් ලයිෆ් වෝස් 'සවුන්ඩ් ඔෆ් මියුසික්', ඊස් ඩෙඩ්". නිව්යෝර්ක් ටයිම්ස්. http://query.nytimes.com/gst/fullpage.html?res=9B0DEED91738F93AA15750C0A961948260. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 ජූලි 2007. "ඔවුන්ගේ කතාන්තරය ද සවුන්ඩ් ඔෆ් මියුසික් නම් නාට්‍යයෙහි සහ චිත්‍රපටයෙහි නිරූපණය වෙත්ම ලෝක ප්‍රසිද්ධිය ලත් ගායක පවුලෙහි නියමු බලය වූ මරියා ඔගස්ටා වොන් ට්‍රැප් හෘද අකරණිය හේතුවෙන් මොරිස්විල්, වර්මෝන්ට් හිදී ඊයේ මිය ගියේ සැත්කමකට භාජනය වී දින තුනකට පසුවය. ඇය අසූ දෙහැවිරිදි වියෙහි වූ අතර, ස්ටෝව්, වර්මෝන්ට් හී වසර හතලිහකට වඩා ජීවත් වූවාය. ඇයගේ එකම පුතු ස්ටෝව් හී ජොහැනස්; දියණියන් දෙදෙන, වේට්ස්ෆීල්ඩ්, වර්මෝන්ට් හී ඉලොනෙයා කැම්බල්, සහ පිට්ස්බර්ග්හී රොස්මරී ට්‍රැප්; සුළු දියණියන් ග්ලින්ඩන්, මේරිලන්ඩ් හී අගාත වොන් ට්‍රැප්, පපුවා නව ගිනියෙහි මරියා එෆ්. ට්‍රැප් සහ, සැන් ඩියෑගෝහී ජොහානා වොන් ට්‍රැප්, සහ මුනුපුරු මිනිපිරියන් විසි නවයකගේ හද තුල ඇය තවමත් ජීවත් වන්නීය."
- ^ බර්න්හාඩ්, මරියෑන් (ඔක්තොම්බර් 1, 1980). "මරියා වොන් ට්‍රැප් ස්පීක්ස්". මිල්වාකී ජර්නල්. (වොෂිංටන් පෝස්ට්): p. 6, කොටස 1. https://news.google.com/newspapers?id=2CMWAAAAIBAJ&sjid=DBIEAAAAIBAJ&pg=2794%2C33446.