Jump to content

මධ්‍යතන යුරොපී්‍ය සාහිත්‍යය

විකිපීඩියා වෙතින්

මධ්‍යතන යුගයෙහිදී (ක්‍රිව 500 ගණන් වලදී බටහිර රෝමන් අධිරාජ්‍යයෙහි බිඳවැටීමෙහි සිට 15වන සියවසෙහි අගභාගයෙහි ෆ්ලොරන්සීය පුනරුදයෙහි ඇරඹීම අතරවූ වසර එක් දහසක කාලපරිච්ඡේදය ඇතුළත්) හා ඉන් ඔබ්බට යුරෝපයෙහි නිර්මාණය වූ සියලු ‍ලිඛිත කෘතීන් සියල්ලම අන්තර්ගත මධ්‍යතන යුගයේ සාහිත්‍යය පුළුල් විෂයයකි. මෙම කාලය සාහිත්‍යමය ආගමික ලිවිම් වලින් මෙන්ම අගාරික නිර්මාණ වලදී යුක්ත විය. නූතන සාහිත්‍ය මෙන්ම එය පෝසත් හා සංකිර්ණ විශේෂ ක්ෂේත්‍රයක් වෙයි. කාලය හා ප්‍රදේශයේ පුළුල් පරාසය නිසා අධි සරළ කරණයෙන් තොරව සාමාන්‍ය වදන් වලින් කතා කිරීමට නොහැකි නිසා සාහිත්‍ය්‍ය එහි මුලාරම්භයේ ස්ථානය හා හෝ භාෂාව‍ මෙන්ම වර්ගය අනුව වර්ගීකරණය කෙරෙයි.

භාෂාවන්

[සංස්කරණය]

බටහිර හා මධ්‍යම යුරෝපය පාලනය කළ රෝමානු කතෝලික සභාවෙහි භාෂාව ලතින් භාෂාව වු බැවින් හා පල්ලි අධ්‍යාපනයෙන් එකම ප්‍රබවයක් බැවින් මධ්‍යමකාලීන ලේඛකයන් අතර හා කිසිදා රෝමානුකරණය නොවු යුරෝපයේ ප්‍රදේශ වල පවා ලතින් භාෂාව සුලභ විය. කිසේ නමුත් නැගෙනහිර රෝමානු අධිරාජ්‍යයේය හා නැගෙනහිර සාම්ප්‍රදායික පල්ලියේ බලපෑම විසින් ග්‍රීක භාෂාවෙන් පුරාතන සැලුවෝනික පල්ලියේ භාෂාව ප්‍රමුඛ ලිඛිත භාෂාවන් බවට පත්විය.

පොදු මහජනතාව ඔවුන්ගේ අනන්‍ය ග්‍රාමීය භාෂාව අඛණ්ඩව භාවිතා කළේය. උදාහරණ වශයෙන් පැරණි ඉංග්‍රිසි Beowulf හා‍ මධ්‍යම ජර්මනියේ Nibelungenlied, මධ්‍යම ග්‍රීකයේ Digenis Acritas හා පැරණි ප්‍රදේශයේ Choanson De roland මෙකල වඩාත් ප්‍රසිද්ධ විය. එසේ නමුත් තනි පුද්ගලයන් විසින් සිදු කළ බවට සැලකෙන මෙම වීර කාව්‍යයන් ඔවුන්ගේ ජනතාවගේ පුරාතන වාචික සම්ප්‍රදායන් මත පදනම් වු බව නිසැකය. සෙල්ටික සම්ප්‍රදායන් Lais of Marie De France, Mabinogion හා Arthurian Cycle වල සුරැකිව පවතියි.

නිර්නාමික භාවය

[සංස්කරණය]

මධ්‍යතන යුගයේ සාහිත්‍යයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් නිර්ණාමික වෙයි. මෙයට එකම හේතුව යුගයේ ලේඛන වල හිඟභාවය පමණක්ම නොවෙයි. ලේඛකයාගේ චරිතයෙහි ඉදිරිපත් කිරීම ද නොඑසේනම් ප්‍රේමණීය ප්‍රකාශනය ද හේතු විය. මධ්‍යතන යුගයේ ලේඛකයන් බොහෝ විට සම්භාව්‍ය රචකයන්ගෙන් හා පල්ලි වල පූජක වරුන‍්ගෙන් සැදුම්ලත් අතර නව කතාන්දර පැවසීම වෙනුවට ඔවුන් කියවු හෝ ඇසු දේ යලි යලිත් ඉදිරිපත් කිරීමේ නැඹුරුතාවයක් පැවතුණි. එසේ අළුත් යමක් ඉදිරිපත් කළ විටදී ද ඒවා වෙන්දේසි කිරීමේ ස්වරූපයක් පැවති බවට චෝදනා එල්ල විය. මෙම කෝණයෙන් ගත් කළ තනි ලේඛකයාගේ නම අඩු වැදගත්කමකින් යුතු බව පෙනෙන්නට තිබුණු බව බොහෝ වැදගත් ලේඛනයන් විශේෂිත රචකයෙකුගේ නමක් නොදරයි.

රචන ආකාර

[සංස්කරණය]

ආගමික

[සංස්කරණය]

මධ්‍යකාලින යුගයේ පුස්තකාලයන් තුළ බහුලව දක්නට ලැබුනේ සාහිත්‍යම හා දේව ධර්මය පිළිබඳ වූ ග්‍රන්ථයන්ය. එසේ වීමට හේතුව වූයේ සමාජයේ සාහිත්‍ය පිළිබඳව කේන්ද්‍රස්ථානය කතෝලික පැවිදිවරුන් වූ බැවිනි. මන්ද, ඔවුන් විසින් කරන ලද අතිවිශාල සාහිත්‍යමය කර්තව්‍ය නිසාය.

එදා සිට පැවතෙන්නා වූ ගීතිකා අද වන තුරුම පවතී. දේව මෙහෙයන් කිසිවිටෙක ඒකාකාර නොවීය. විවිධ පුද්ගලයන් විසින් දේව මෙහෙයේ පිලිවෙත් සහ පිළිවෙල පිළිබඳ කරුණු ඉදිරිපත් කරන ලදී.

කැන්ටබරිහි ඇන්සෙල්ට්, තො‍්මස් ඇක්වයිනාස් හා පියරි ඇබලාර්ඩ් වැනි ආගමික විද්වතුන් දේව ධර්මය මෙන්ම දේව දර්ශනය පිළිබඳව ඉතා දිගු නිබන්ධනයන් ග්‍රන්ථාරූඨ කරන ලදී. බොහෝ විට මේවා රචනය කරන ලද්දේ ග්‍රීක හා රෝම මිත්‍යා දෘෂ්ටික කෘතින් සමඟ සැසඳීමටත්, ධාර්මික කිතුනුවන් ධෛර්යමත් කර ඔවුන්ගේ විශ්වාසය යලි අවදි කිරීමටත්ය. hagiographies නම් සාන්තුවරයන්ගේ ජීවිත නම් කෘතින් මෙලෙස රචනා ගද්‍යයන් සඳහා උදාහරණ වේ.

එසේම ජකොබ් ද වෝර්ගින් විසින් රචිත The Golden Legend (ස්වර්ණමය පුරාවෘත්තය) එදා ජන සමාජයේ ශුද්ධ වූ බයිබලයට වඩා ප්‍රසිද්ධ විය. අසීසී හි ෆ්‍රැන්සිස් වනාහී බොහෝ කවි ලියන ලද, ඉතා විශිෂ්ඨ කවියෙකි. එබැවින් ඔහුගේ ෆ්‍රැන්සිස්කානූ නිකායේ පැවිදි වරුන්ද ඔවුන්ගේ ශ්‍රද්ධාව දක්වමින් කවි ලියන ලදී. Dies Lare සහ Stabat Mater යනු ඉතා ප්‍රබල හා බලවත්ම ආගමික ලතින් කවි දෙකකි. සමහර පූජකවරුන් තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට Golidaric poetry නම් පද පේලි 4 කින් යුක්ත වූ උපහාසාත්මක කවි ද යොදා ගන්නා ලදී. පූජකවරුන් විසින් ලියනු නොලැබුණු එකම ප්‍රසිද්ධ ආගමික ගද්‍ය, 'ප්‍රාතිහාරාත්මක නාට්‍ය' (Mystery Plays) ලෙස හැදින්වේ. Rableauz කලාවේ වැඩි දියුණුවත් සමඟ ප්‍රචලිත වූ මෙම කලාව මගින් බයිබලයේ ඇති විවිධ සිදුවීම් හෝ අවස්ථාවන් එම ගැමියන්ට අදාල පරිද්දෙන් සකසා එලි දක්වන ලදී. මෙම නාට්‍යයන්හි පාඨ දේශීය ‍පැවිදිතුමන් විසින් පාලනය වේ. උත්සව දිනවලදී මෙම නාටක මුළු දිනය පුරාම සහ පසුදා පහන්වන තුරුම පවත්වන ලදී.

මධ්‍යකාලින යුගයේදී යුරෝපයේ වෙසෙන යුදෙව් ජනගහණයෙන් ද අග්‍රගන්‍ය කතුවරුන් බිහි විය. ස්පාඤ්ඤයේ කෝඩොබා හි උපත ලද මයිමොනයිඩස් ප්‍රදේශයේ (Maimonaides) හා ට්‍රෝයිස් හි උපත ලද රා‍ශි (Rashi) යන කතුවරුන් වඩාත් සුප්‍රසිද්ධ හා බලවත්වෙයි.

ලෞකිකත්වය

[සංස්කරණය]
tiny globe
බෙඩවුන් හි පළමු පිටුව

ලෞකික සාහිත්‍යය, ආගමික සාහිත්‍යය ආකාරයෙන් පළ නොවූ නමුත් බොහොමයක් අදටත් පවතියි. ඒවායින් අදටත් අපටත් සංග්‍රහයක් භුක්ති විදිමට ලැබී තිබේ. 'කොට්ලි ලව්' ඉතා වැදගත් විෂයක් බවට පත් වූයේ 11 වන ශතවර්ෂයේ දී ප්‍රේම වෘතාන්ත භා‍ෂාවක් ලෙසය . (බොහෝ සැලකිය යුතු වශයෙන්, ප්‍රංශ, ස්පාඤ්ඤ, ගැලේසියානූ සහ කැමලන් භාෂා වලිනි) මෙම භාෂාව ප්‍රසිද්ධ වුයේ ග්‍රීසියේ සංගීතය තම ජීවිතය කර ගත් සංචාරක කාව්‍යකරුවන් තුළය. සංචාරක කාව්‍යකරුවන්ගේ රචනා ප්‍රමාණය විශාල වුවත් නිශ්ඵල දැඩි ආශාව තුළ වූ නිර්මාණය මෙය සම්පුර්ණයෙන් නිවැරදි වූයේ නැත. ජර්මනියේ 'මිනෙසැන්ජර්' සංචාරක කාව්‍යකරුවන්ගේ සම්ප්‍රදායන් නොනවත්වා පවත්වාගෙන ගියේය.

වීර අමතරව ජර්මනියානූ සම්ප්‍රදාය (උදා: බියෝවුල්ෆ් සහ නිබෙලෙන් ජෙන්ලයිඩ්)වැන්ඩ්සන් ඩිගේම්ස් සම්ප්‍රදායෙහි ඇතුලත් වීර්ය කාව්‍යයන්ට (උදා : ද සොන්ග් ඔෆ් රොලන්ඩ් ඇන්ඩ් ඩිජන්ස් ඇක්රිටස්)අමතරව ප්‍රංශ කාව්‍ය සහ ඇක්ට්‍රික් සංගීතය යන ඒවා සමඟ පිළිවෙලින් ගණුදෙනු කරන ලදී. රෝමන් කොර්ටස් සම්ප්‍රදායේ ඇතුලත් අලංකාර ප්‍රේම වෘතාන්ත, බ්‍රිතාන්‍ය කාව්‍යය සහ රෝම කාව්‍යය සමඟ ගණුදෙනු කරමින් ස්ථිර ජනප්‍රසාදයක් දිනා ගත්තේය. රෝමන් කොර්ටස්, 'චැන්සන් ඩි නෙට්' හා වෙනස් වන්නේ එහි විෂය කාරණා වලින් පමණක් නොව එහි යුධ නීති වලට වඩා ආදරය හා ‍පෞරුෂත්වය අවධාරණය කර ඇති බැවිනි.

විශේෂයෙන් මෙම කාල පරිච්ඡේදය අවසානයේ දේශපාලනික කාව්‍යයන් රචනා කිරීමේදී දේව ගැත්තන් මෙන්ම ‍‍‍ලෞකික රචකයින් 'ගොල්ඇඩ්‍රික්' ආකෘතිය යොදා ගත්තේය. මධ්‍යම යුගයේ දී චාරිකා සංගීතය ‍බොහෝ සේ ජනප්‍රිය වූහ. ඈත ගම්මානයන්හි උපන් අත්භූත වාර්තාවන් (නිරන්ත‍රයෙන් සැරහූ හෝ සම්පුර්ණයෙන් අසත්‍යය)මුල්කරගෙන නිර්මාණය වු නිර්මාණයන් පාදක කරගෙන ජනතාව විනෝදයට පත් වුහ.

උපමා කතා

[සංස්කරණය]

මධ්‍යතන යුගයේ සාහිත්‍ය විවිධ සාහිත්‍ය උපාංග භාවිතයට ගත්ත ද උපමා කතා‍ විශේෂයෙන් සදහන් කළ යුතු පරිදි ප්‍රමුඛස්ථානය උසුලයි. ලේඛකයාගේ සිතෙහි පැවති සිතුවිලි සම්ප්‍රේෂණය මත පදනම් වු උපමා කතා මෙකල සුලභව දක්නට ලැබෙන අතර චරිත ලක්ෂණ උකහා ගෙන ඉදිරිපත් කිරීම්, අවස්ථාවන්, උපදෙස් වඩාත් කැපිපෙනෙන ඇතැම් විට වඩාත් අතීතයට දිව යන හා වඩාත් බලපෑම් සහගත උපමා කතාව වන්නේ සයිකෝමෙකියා (ආත්මයන්ගේ සටන) වන අතර එය රචනය කළේ අවුරේලියස් ක්ලෙමෙන්ස් විසිනි. වෙනත් වැදගත් උදාහරණයක් වන්නේ Romance of the Rose, Everyman, Piers Plowman, Roman de Fauvel, and The Divine Comedy යන ඒවා‍ය.


මූලාශ්‍ර

[සංස්කරණය]