මධ්‍යතන යුගයේ සාහිත්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මධ්‍යතන යුගයෙහිදී (ක්‍රිව 500 ගණන් වලදී බටහිර රෝමන් අධිරාජ්‍යයෙහි බිඳවැටීමෙහි සිට 15වන සියවසෙහි අගභාගයෙහි ෆ්ලොරන්සීය පුනරුදයෙහි ඇරඹීම අතරවූ වසර එක් දහසක කාලපරිච්ඡේදය ඇතුළත්) හා ඉන් ඔබ්බට යුරෝපයෙහි නිර්මාණය වූ සියලු ‍ලිඛිත කෘතීන් සියල්ලම අන්තර්ගත මධ්‍යතන යුගයේ සාහිත්‍යය පුළුල් විෂයයකි. මෙම කාලය සාහිත්‍යමය ආගමික ලිවිම් වලින් මෙන්ම අගාරික නිර්මාණ වලදී යුක්ත විය. නූතන සාහිත්‍ය මෙන්ම එය පෝසත් හා සංකිර්ණ විශේෂ ක්ෂේත්‍රයක් වෙයි. කාලය හා ප්‍රදේශයේ පුළුල් පරාසය නිසා අධි සරළ කරණයෙන් තොරව සාමාන්‍ය වදන් වලින් කතා කිරීමට නොහැකි නිසා සාහිත්‍ය්‍ය එහි මුලාරම්භයේ ස්ථානය හා හෝ භාෂාව‍ මෙන්ම වර්ගය අනුව වර්ගීකරණය කෙරෙයි.

නිර්නාමික භාවය[සංස්කරණය]

මධ්‍යතන යුගයේ සාහිත්‍යයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් නිර්ණාමික වෙයි. මෙයට එකම හේතුව යුගයේ ලේඛන වල හිඟභාවය පමණක්ම නොවෙයි. ලේඛකයාගේ චරිතයෙහි ඉදිරිපත් කිරීම ද නොඑසේනම් ප්‍රේමණීය ප්‍රකාශනය ද හේතු විය. මධ්‍යතන යුගයේ ලේඛකයන් බොහෝ විට සම්භාව්‍ය රචකයන්ගෙන් හා පල්ලි වල පූජක වරුන‍්ගෙන් සැදුම්ලත් අතර නව කතාන්දර පැවසීම වෙනුවට ඔවුන් කියවු හෝ ඇසු දේ යලි යලිත් ඉදිරිපත් කිරීමේ නැඹුරුතාවයක් පැවතුණි. එසේ අළුත් යමක් ඉදිරිපත් කළ විටදී ද ඒවා වෙන්දේසි කිරීමේ ස්වරූපයක් පැවති බවට චෝදනා එල්ල විය. මෙම කෝණයෙන් ගත් කළ තනි ලේඛකයාගේ නම අඩු වැදගත්කමකින් යුතු බව පෙනෙන්නට තිබුණු බව බොහෝ වැදගත් ලේඛනයන් විශේෂිත රචකයෙකුගේ නමක් නොදරයි.

උපමා කතා[සංස්කරණය]

මධ්‍යතන යුගයේ සාහිත්‍ය විවිධ සාහිත්‍ය උපාංග භාවිතයට ගත්ත ද උපමා කතා‍ විශේෂයෙන් සදහන් කළ යුතු පරිදි ප්‍රමුඛස්ථානය උසුලයි. ලේඛකයාගේ සිතෙහි පැවති සිතුවිලි සම්ප්‍රේෂණය මත පදනම් වු උපමා කතා මෙකල සුලභව දක්නට ලැබෙන අතර චරිත ලක්ෂණ උකහා ගෙන ඉදිරිපත් කිරීම්, අවස්ථාවන්, උපදෙස් වඩාත් කැපිපෙනෙන ඇතැම් විට වඩාත් අතීතයට දිව යන හා වඩාත් බලපෑම් සහගත උපමා කතාව වන්නේ සයිකෝමෙකියා (ආත්මයන්ගේ සටන) වන අතර එය රචනය කළේ අවුරේලියස් ක්ලෙමෙන්ස් විසිනි. වෙනත් වැදගත් උදාහරණයක් වන්නේ Romance of the Rose, Everyman, Piers Plowman, Roman de Fauvel, and The Divine Comedy යන ඒවා‍ය.

භාෂාවන්[සංස්කරණය]

බටහිර හා මධ්‍යම යුරෝපය පාලනය කළ රෝමානු කතෝලික සභාවෙහි භාෂාව ලතින් භාෂාව වු බැවින් හා පල්ලි අධ්‍යාපනයෙන් එකම ප්‍රබවයක් බැවින් මධ්‍යමකාලීන ලේඛකයන් අතර හා කිසිදා රෝමානුකරණය නොවු යුරෝපයේ ප්‍රදේශ වල පවා ලතින් භාෂාව සුලභ විය. කිසේ නමුත් නැගෙනහිර රෝමානු අධිරාජ්‍යයේය හා නැගෙනහිර සාම්ප්‍රදායික පල්ලියේ බලපෑම විසින් ග්‍රීක භාෂාවෙන් පුරාතන සැලුවෝනික පල්ලියේ භාෂාව ප්‍රමුඛ ලිඛිත භාෂාවන් බවට පත්විය.

පොදු මහජනතාව ඔවුන්ගේ අනන්යු ග්රානමීය භාෂාව අඛණ්ඩව භාවිතා කළේය. උදාහරණ වශයෙන් පැරණි ඉංග්‍රිසි Beowulf හා‍ මධ්‍යම ජර්මනියේ Nibelungenlied, මධ්‍යම ග්‍රීකයේ Digenis Acritas හා පැරණි ප්‍රදේශයේ Choanson De roland මෙකල වඩාත් ප්‍රසිද්ධ විය. එසේ නමුත් තනි පුද්ගලයන් විසින් සිදු කළ බවට සැලකෙන මෙම වීර කාව්‍යයන් ඔවුන්ගේ ජනතාවගේ පුරාතන වාචික සම්ප්‍රදායන් මත පදනම් වු බව නිසැකය. සෙල්ටික සම්ප්‍රදායන් Lais of Marie De France, Mabinogion හා Arthurian Cycle වල සුරැකිව පවතියි.


Reference[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Medieval_literature