භාෂා ප්‍රාදේශීයකරණය

විකිපීඩියා වෙතින්

"භාෂා ප්‍රාදේශීයකරණය"("locale" යන ඉංග්‍රීසි පදය අනුව ,දෙයක් සිදුවන හෝ පිහිටුවන ) යනු ජාත්‍යන්තරීකරණය සහ ප්‍රාදේශීයකරණය ලෙස හැඳින්වෙන, වෙන් වෙන්ව පවත්නා වෙළඳ පොලෙහි විෂමතා විස්තර කරන්නට නිෂ්පාදන පරිවර්තන සහ සංස්කෘතික අනුරූපනයේ වඩා විශාල ක්‍රියවලියෙහි දෙවැනි අදියරයි. දේශීය අවශ්‍යතාවන්ට නිෂ්පාදන නිවැරදිව අනුවර්තනය කිරීම සඳහා ඉලක්ක කරගත් සංස්කෘතියේ පරිපූර්ණ අධ්‍යනයක යෙදෙන බැවින්, භාෂා ප්‍රාදේශීයකරණය යනු හුදෙක් පරිවර්තන ක්‍රියාකාරකමක් නොවේ.ප්‍රාදේශීයකරණය ඇතැම් විට සංඛ්‍යාත්මක "L10N" ලෙස සදහන් වේ.("L" සිට අක්ෂර දහයකට පසු "N" ලෙස )


ප්‍රාදේශීයකරණ ක්‍රියාවලිය,සංස්කෘතික අනුරූපනයට සහ මෘදුකාංග, වීඩියෝ ක්‍රීඩා සහ වෙබ් අඩවි පරිවර්තනයට වැඩි වශයෙන්ද ලිඛිත පරිවර්තනය සඳහා මද වශයෙන්ද සබැඳි වේ.(සංස්කෘතික අනුරූපන ක්‍රියාවලි සදහා ද යෙදේ.) වෙනස් භාෂාවන් හෝ සමාන භාෂාවන් කතා කරන මිනිසුන් සිටින ප්‍රදේශ හෝ රටවල් වල ප්‍රාදේශීයකරණය යෙදිය හැක.උදාහරණයක් වශයෙන් විෂම වාග් සම්ප්‍රදායන් සහිත විවිද වූ ස්පාඥ භාෂාවන්, ලතින් ඇමරිකානු භාෂාවට වඩා ස්පාඥ භාෂාවෙන් කතා කරනු ලැබේ.එසේම ඉංග්‍රීසි භාෂාව නිල භාෂාව වන රටවල වචන තේරීම සහ වාග් ව්‍යවහාරය විවිධ වේ.(උදා:- එක්සත් ජනපදයේ, එක්සත් රාජදානියේ සහ පිලිපීනයේ)


සමස්ත ක්‍රියාවලිය : ජාත්‍යන්තරීකරණය, ගෝලීයකරණය, ප්‍රාදේශීයකරණය[සංස්කරණය]

දේශීයකරණ කර්මාන්ත ප්‍රමිති සමාගම ( Localisation Industry Standard Association-LISA ) කරුණු දක්වන අන්දමට, ගෝලීයකරණය, "තනි ක්‍රියාවලියකට වඩා චක්‍රීයව සිතීම" වඩා උචිත වේ. ගෝලීයකරණයට ලක් කිරීමේදී වියදම් වැඩි වීම් සහ තත්වය පිලිබඳ ගැටලු මගහැරීමට, කාලය සුරැකීමට සහ දේශීයකරණ පරිශ්‍රමය පිරිමැඳුට, සෑම කලාපයකම හෝ දේශයකම බහු සංස්කෘතික සහභාගීත්වය සලකමින් නිෂ්පාදිත නිර්මාණ හා ප්‍රවර්දන ක්‍රම කලින් සැලසුම් කරයි.ප්‍රාදේශීයකරණය යනු ගෝලීයකරණය යන සමස්ත ක්‍රියාවලියෙහි අනුකල කොටසකි.


ගෝලීයකරණ ක්‍රියාවලිය

ගෝලීයකරණය, ජාත්‍යන්තරීකරණය සහ ප්‍රාදේශීයකරණයෙන් සැදුම් ලත් ප්‍රාථමික තාක්ෂණ ක්‍රියාවලීන් දෙකකින් සමන්විත වේ.පළමු අදියර, ලෝක ව්‍යාප්ත වෙළඳ පොලට සහය වීමට නිර්මාණය වී ඇති නිෂ්පාදනයක ක්‍රම සම්පාදන හා සම්මිශ්‍රණ අදියරයන්ගෙන් සැදුම් ලත් ජාත්‍යන්තරීකරණයයි.මෙම ක්‍රියාවලිය සියලුම සංස්කෘතික උපකල්පන ඉවත් කරන අතර ඕනෑම ප්‍රාදේශීය හෝ භාෂා විශේෂී අන්තර්ගතයක් අඩංගු කර ඇති බැවින් එය පහසුවෙන් යොදා ගත හැක. මෙම අන්තර්ගතය මෙම අදියරේදී නොකරන්නේනම් ව්‍යාපෘතියට කාල වකවානු සහ වියදම් එකතු කරමින් දේශීයකරණ අදියරේදී එය ස්ථාපිත කල යුතු වේ.සීමාන්තී අවස්ථා වල දී ජාත්‍යන්තරීකරණය නොවූයේ නම් නිපැයුම් ප්‍රාදේශීයකරණය නොවනු ඇත.


දෙවැනි අදියර, සුවිශේෂී වෙළඳපොළකට නිෂ්පාදිතයේ සැබෑ අනුරූපණය වන ප්‍රාදේශීයකරණයයි. LISA පෙන්වාදෙන ආකාරයට ප්‍රාදේශීයකරණය අනෙකුත් දේවල් අතර භාෂාමය, භෞතික, ව්‍යාපාරික හා සංස්කෘතික සහ තාක්ෂණික යන ගෙටලු සමඟ සම්බන්ධ වේ.

සෑම අදියරකදීම අවසානයේදී නිෂ්පදිතය නියම ලෙස ක්‍රියා කරන්නේදැයි බැලීමට සහ සේවාදායකයාගේ තත්ත්ව අපේක්ෂාවන් සහතික කිරීමට "පරීක්ෂාව" සහ " තත්ත්ව ආරක්ෂණය" සිදු කරනු ලැ‍‍බේ.


පරිවර්තනයට එදිරිව දේශියකරණය[සංස්කරණය]

ප්‍රාදේශීයකරණය බොහෝ විට හුදු "අධි තාක්ෂණයෙන් යුත් පරිවර්තනය" ලෙස හඳුන්වනු ලැබුවත් මෙම දර්ශනය එහි වැදගත්කම ,සංකීර්ණතාව හෝ එහි අඩංගු දෙය හසුකර නොගනී. පරිවර්තනය හා ප්‍රාදේශීයකරණය අතර සීමා සලකුණු කිරීම ඇතැම් විට දුෂ්කර වුවත් සාමාන්‍යයෙන් ප්‍රාදේශීයකරණය නිෂ්පාදන සහ සේවාවන්හි සැලකිය යුතු, වාග්-රහිත සංරචකයන් ආමන්ත්‍රණය කරයි. පරිවර්තනයට අමතරව (සහ,එමනිසා,සමාන භාෂාවක් කතාකරන, ස්ථානයෙන් ස්ථානයට වෙනස් වූ ව්‍යාකරණ සහ අක්ෂර ගැටළු ) දේශියකරණ ක්‍රියාවලිය ග්‍රාපික අනුහුරු කිරීම , දේශීය මුදල් අනුහුරු කිරීම, දින, ලිපින සහ දුරකථන අංක සඳහා නියම ආකාර භාවිතා කිරීම ,වර්ණ තේරීම සහ නිෂ්පාදිතයේ භෞතික ව්‍යුහය නැවත සිතීම ඇතුළුව වෙනත් තොරතුරු වලින් සමන්විත වේ. මෙම සියලු වෙනස්කම් දේශීය සංවේදීතාවයන් හඳුනා ගෙනිමට, දේශීය සංස්කෘතිය සහ පුරුදු අතර ගැටුම් ඉවත් කිරීමට සහ දේශීය වෙළඳපොල අවශ්‍යතා හා අපේක්ෂාවන්ට සංයුක්ත වෙමින් ඊට ඇතුළුවීමට අපේක්ෂා කරයි.උදාහරණයක් වශයෙන් ප්‍රාදේශීයකරණය අනන්‍ය වෙළඳ සමාගම් ප්‍රදේශ-නිර්දිෂ්ට වෙබ් අඩවි ඉදිරිපත් කිරීම හෝ පොතක් ප්‍රකාශිත ස්ථානය මත රඳාපවතින එහි විවිද සංස්කරණයන් ඉදිරිපත් කිරීම අරමුණු කරගනී.

ගෝලීයකරණයට එදිරිව ප්‍රාදේශීයකරණය[සංස්කරණය]

ප්‍රාදේශීයකරණය යනු එක් නිෂ්පාදිතයක් යම් පෙදෙසකට අනුහුරු කිරීමේ ක්‍රියාවලිය වන නමුත් ගෝලීයකරණය සෑම ප්‍රාදේශීයකරණයකදීම අවශ්‍ය අමතර කාර්ය අවම කිරීමට එම නිෂ්පාදිතය නිර්මාණය කරනු ලබයි.

පුද්ගලයෙක් එක්සත් ජනපදය තුල අනන්‍යව ක්‍රියාත්මක වන වෙළඳ සමාගමක මේ දක්වා සේවය කරමින් සිටින්නේ යැයි උපකල්පනය කරමු. කෙසේ වෙතත් සමාගමේ ප්‍රධාන කාර්යාලය දැන් චීනයේ විවෘත වෙමින් පවතින අතර චීන භාෂා වෙබ් අඩවියක් වුවමනා කර තිබේ. සමාගම මෙම රටවල් දෙකෙහෙදීම ඇතැම් සුළු වෙනස්කම් සමග එක හා සමාන නිෂ්පාදන හා සේවාවන් සපයන නමුත් එක්සත් ජනපදය ඉලක්ක කොටගත් ප්‍රධාන වෙබ් අඩවියේ දිස්වන ඇතැම් අංග ආක්‍රමණික ලෙස හෝ අවුල් සහගත ලෙස චීන වෙබ් අඩවියේ දිස්වේ.(ධජ,වර්ණ,දේශාභිමානී අනුරූ,ගීත ආදියෙහි භාවිතය) මෙලෙස සුළු විස්තර ගෙනහැර දැක්වීම හේතුවෙන් එම වෙළඳ සමාගමට භව්‍ය වෙළඳපොළ අහිමි වනු ඇත.

මෙම සමාගමට නව ගැනුම්කරුවන්ට සුදුසු සේ නිෂ්පාදන සකස් කිරීමට අවශ්‍යවනු ඇත; වීඩියෝ ක්‍රීඩා ඉතාම හොඳ උදාහරණයකි.

මීට අමතරව මෙම සමාගමට රටවල් දොළහක ප්‍රධාන කාර්යාල පවතින අතර ඒ සෑම රටක් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන වෙබ් අඩවි අවශ්‍ය යැයි සිතමු. නියමිත වෙබ් අඩවිය සහ එහි සපයා ඇති නිෂ්පාදන ප්‍රාදේශීයකරණය කරන ආකාරය තීරණය කිරීමට පෙර සමාගම ව්‍යාපාර සිදුකරන ආකාරය, ගෝලීයකරණය කිරීමේදී සමස්ත කටයුතු නිර්මාණය කිරීම සඳහා වෘත්තිකයෙකු විසින් උපදෙස් ලබාදෙනු ලැබේ.මෙම ලෝක ව්‍යාප්ත කටයුතු මෙහෙයුම සම්පාදනය කිරීමට සහ සහය දීමට සමාගම විසින් රාමුවක් නිර්මාණය කිරීම අවශ්‍ය වේ. ගෝලීයකරණ කටයුතු මෙහෙයුම සහ ගෝලීයකරණ රාමුව, විවික්ත දේශියකරණ ප්‍රයත්නයන් 12 සඳහා සමානුගාමී මග පෙන්වීමක් සපයයි.

භාෂා ඇමුණුම් සහ කේත[සංස්කරණය]

නිෂ්පාදන පරිවර්තනය සහ අනුරුපණයේ යෙදුනු ස්ථාන පෙන්වා දෙන පරිදි භාෂා කේත දේශියකරණ ක්‍රියාවලියට ඉතා ආසන්නව සබැඳිව පවතී. ඒවා විවිධ සන්දර්භයන්හි යෙදේ.උදාහරණයක් ලෙස යුරෝපියානු සමූහය විසින් ප්‍රකාශිත ලේඛනයක අවිධිමත් ලෙස ඒවා යෙදිය හැක. එසේ නැතහොත් lang ගුණාංගය යටතේ HTML සම්බන්ධකයක හඳුන්වාදිය හැක. European Union Style Guide අනුව භාෂා ඇමුණුමේ ISO 639-1 alpha-2 කේතය මත පදනම් වේ. HTML හිදී Internet Engineering Task Force හි දැනට පවතින විශිෂ්ඨ පරිචය(Best Current Practise - BCP 47) මගින් භාෂා කේත අර්ථ දැක්වේ. එක් කේත වර්ගයකට හෝ ඇමුනුමකට එරෙහිව වෙනත් එකක් භාවිතා කිරීමට ගන්නා තීරණය ව්‍යාපෘතියේ ස්වභාවය මත සහ දේශියකරණ විශේෂඥයා සඳහා පිහිටුවන ලද අවශ්‍යතාවයන් මත රඳවා පවතියි.

බොහෝවිට භාෂාව හඳුනා ගැනීමේ ප්‍රාථමික උප-කේතයක්(උදා :- "en") සහ ජාතික විවිධත්ව විශේෂණය කිරීමේ වෛකල්පිත උප-කේතයක් පවතී. ඇතැම් අවස්ථාවන්හිදී මෙය underscore සමග ආදේශනය කිරීම අත්‍යවශ්‍ය වුවත් නියමානුකූලව උපකේත හයිපනයක් සමඟ සම්බන්ධ වී පවතී. භාෂා සංග්‍රහ ගත කිරීම සඳහා විවිධ භාෂා ඇමුණුම් ක්‍රම පවතී. උදාහරණයක් ලෙස ප්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Standardization - ISO) ද්විත්ව සහ ත්‍රිත්ව අක්ෂර කේත පිලිවෙලින් ISO 639-1 සහ ISO - 639-2 ප්‍රමිතීන්ට අදාලව භාෂා නියෝජනයට විශේෂණය කර ඇත.


ද්විත්ව අක්ෂර ISO 639-1 කේත සඳහා උදාහරණ
භාෂා කුලය ISO 639-1 කේතය භාෂා විචල්‍ය
ඉංග්‍රීසි en-GB බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි
en-US ඇමෙරිකානු ඉංග්‍රීසි
en-CA කැනේඩියානු ඉංග්‍රීසි
ස්පාඥ es-ES ස්පාඥ (ස්පාඥයේ ලියන සහ කතා කරන ආකාරය අනුව )
es-MX මෙක්සිකෝ ස්පාඥ
es-AR ආර්ජෙන්ටිනා ස්පාඥ
es-CO කොලොම්බ්නියානු ස්පාඥ
පෘතුගීසි pt-PT යුරෝපීය පෘතුගීසි(පෘතුගාලයේ ලියන සහ කතා කරන ආකාරය අනුව)
pt-BR බ්‍රසීල පෘතුගීසි
චීන zh-CN චීන මහා භූමි ප්‍රදේශයේ චීන භාෂාව, ලිහිල් කළ අක්ෂර
zh-TW තායිවාන්, සාම්ප්‍රදායික අක්ෂර
zh-HK හොංකොං , සාම්ප්‍රදායික අක්ෂර

සටහන්[සංස්කරණය]

දැනට පවතින විශිෂ්ඨ පරිචය(Best Current Practise - BCP) යනු IETF හි විවේචන අයැදුමෙහි(Request for Comments-RFCs) ප්‍රස්ථිතික නමකි.එහි අංක යාවත්කාලීන කරන විට වෙනස් වේ.නවතම නම වනුයේ භාෂා හඳුනා ගැනීමේ ඇමුණුම වන RFC 5646 යි.

මේ ලිපිත් බලන්න[සංස්කරණය]


යොමුව[සංස්කරණය]

  • මෙම විකිය Language Localisation යන ඉංග්‍රීසි විකියේ සිංහල පරිවර්තනයකි.
"https://si.wikipedia.org/w/index.php?title=භාෂා_ප්‍රාදේශීයකරණය&oldid=369469" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි