බෝතලේ වෙල මැද අම්බලම

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

බෝතලේ වෙල මැද අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය මීරිගම බෝතලේ ග්‍රාමයෙහි පිහිටා තිබෙයි. ඩී.එස්.සේනානායක මහතා විසූ බෝතලේ වලව්වද, මෙම ග්‍රාමයේ පිහිටා තිබේ.

අතීතය[සංස්කරණය]

අනුරාධපුර ගෝඨාභය රජ සමයේ මෙම අම්බලම ඉදි කරන්නට ඇතැයි සැලකේ. එකල අනුරාධපුරයේ සිට අත්තනගල්ල දක්වා ගමන් ගැනීමට තුබූ මාර්ගය අසබඩ, මගී ජනතාවගේ වෙහෙස නිවා ගැනීම උදෙසා මෙම අම්බලම ඉදිකොට තිබේ. වර්ථමානයේ අම්බලම පිහිටා ඇති ග්‍රාමය බෝතලේ නමින් හැඳින්වූවත්, අතීතයේ මෙම ග්‍රාමය වැහැරපොළ ලෙස ප‍්‍රසිද්ධව තිබී ඇත.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බෝතලේ_වෙල_මැද_අම්බලම&oldid=346376" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි