බොබ් මාලේ

විකිපීඩියා වෙතින්
බොබ් මාලේ (1978)

බොබ් මාලේ(උපත:1945 විපත:1981) යනු රොබට් නෙස්ටා මාලේ වඩාත් ප්‍රකට වූ නාමයයි. රෙගේ ගායන ශෛලිය අනුගමනය කළ ගායකයෙකි; ගිටාර් වාදන ශිල්පියෙකි; ගේය පද රචකයෙකි. ජැමයිකාවේ කින්ග්ස්ටන් නුවර අසල ට්‍රෙන්ච්ටවුන් හිදී උපත ලැබීය. ඔහු සිය සංගීත කණ්ඩායම ද වේලර්ස් (The Wailers) සමඟින් ආරම්භ වන අතර, පසුව ඔහුගේ සුවිශේෂ ගීත රචනය හා ගායන ශෛලිය ලොව පුරා ප්‍රේක්ෂකයන් අතර රැව් පිලිරැව් දෙනු ලැබිය., 70 දශකයේ දී රෙගේ සංගීතය ලොව පුරා ප්‍රචලිත කළේ ය​. මොහු රස්තෆාරියානු දහමේ ප්‍රබල අනුගමිකයෙක් විය​.

වයස අවුරුදු 14 වන විට පාසල් අධ්‍යාපනය හමාර කළ ඔහු ජෝයි හිග්ස්‌ සමග එක්‌ව සංගීත කටයුතු කළ අතර මෙහිදී ලිවින්ග්ස්‌ටන් සමග ඇති කර ගත් විරසකය නිසා කලකිරුණු සිතින් සිටින විට පීටර් මැකින්ටොෂ් නම් වූ සංගීත ක්‍ෂෙත්‍රයක නිරත පුද්ගලයෙක්‌ සමග සම්බන්ධ වූයේය. 1962 වසරේ ජැමෙයිකානු සංගීත අධ්‍යක්‌ෂ ලෙස්‌ලි කොන්ග් සමග එක්‌ව Judge not iy one cup coffe ගීත දෙක නිකුත් කරන ලදී.මෙම ගීත දෙක එතරම් ජනප්‍රිය නොවුණෙන් ඔහු නැවතත් මෙම ගීත දෙක Songs of freedom සහ posthumous collection of marley work නමින් නැවත වතාවක්‌ නිකුත් කරන ලදී. ඒ අතරම බොබ් මාලේ ජනප්‍රිය වූයේ Epiphone ගිටාර වාදකයකු ලෙසින්ය.

1963 වසරේදී ඔහු සංගීත කණ්‌ඩායමක්‌ පිහිටුවා ගත් අතර එහි සාමාජිකත්වයට ඇතුළත් පිරිස වූයේ පීටර් ටොස්‌, ජුනියර් බ්රයිත්වෙයිට්‌, චෙරි ස්‌මිත්, බෙවර්ලි කෙල්සෝ සහ බනී වෙයිලර් යන අයයි. මෙය ආරම්භ කරන විට එම කණ්‌ඩායමේ නාමය වූයේ The Teenagers නම් වූ අතර පසුකාලීනව එහි නම The wailing Rudeboys‚ The Wailing Wailers යන නම්වලින් හඳුන්වන ලදී. අනතුරුව මෙහි නම The Wailers ලෙසින් හැඳින්වුණ අතර ඔවුන්ගේ ප්‍රථම ගීත ඇල්බමය 1973 වසරේදී එළි දක්‌වන ලදී. මෙම ගීත අතරට getup ‚Stand up‚ I shot a sheriff ඇතුළත් විය.

1966 වසරේදී මෙම කණ්‌ඩායමෙන් බෙවර්ලි කෙල්සෝ, චෙරි ස්‌මිත් සහ ජුනියර් බ්රයිත්වෙයිට්‌ යන තිදෙනා ඉවත්ව ගියහ. කතෝලික බැතිමතකු වූ ඔහු 1960 වසරේදී රෆ්ටෆාරී සංවිධානයේ සාමාජිකත්වයට පත් ඔහු නිර්මාංශ ජීවිතයක්‌ ගත කළේය. ඔහුගේ ලාංඡනය වූයේ Dreadlocks වස්‌ත්‍රයයි. 

1980 වසරේ බොබ් මාලේ ජැමෙයිකාවේ කිංග්ස්‌ටන් නුවර ඉතියෝපියන් ඔර්ත්ඩොක්‌ස්‌ පල්ලියේදී බෞතීස්‌ම ලැබුවේය.

1975 වසරේදී Natty Dread ගීත ඇල්මබය නිකුත් වුණ අතර භNo woman‚ No cry යන ගීත මෙහි ඇතුලත් විය. මේ අතර ඔහු බොබ් මාලේ ඇන්ඩ් ද වේලර්ස්‌ යන නමින් ගීත ඇල්බම් 11 කුත් සජීව ඇල්බම් 4 ක්‌ සහ ශබ්දාගාර ඇල්බම් 7 ක්‌ද නිකුත් කරන ලදී. රෙගේ සංගීතයේ පුරෝගාමියකු වූ බොබ් මාලේ 1977 පිළිකා රෝග තත්ත්වයට පත් වූයේය. චර්ම පිළිකාවට ගොදුරු වුණ ඔහුගේ අවසාන ප්‍රසංගය 1980 වසරේ සැප්තැම්බර් 23 වැනි දින පිට්‌ස්‌බර්ග් නුවර ස්‌ටැන්ලි තියටර්හිදී ඉදිරිපත් කරන ලදී. මෙම මාරාන්තික චර්ම පිළිකාව බොබ් මාලේගේ මොළය සහ පෙනහලු ආක්‍රමණය කළ අතර 1981 ඔහු මෙලොවින් සමුගත්තේය.

"https://si.wikipedia.org/w/index.php?title=බොබ්_මාලේ&oldid=514085" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි