රෙගේ
Jump to navigation
Jump to search
‘රෙගේ’ (Reggae) යනු 1960 වර්ෂ වල අග භාගයේ ජැමෙයිකාවේ ආරම්භවුනු එක්තරා සංගීත ක්‍රමයකි.
ජැමෙයිකානු සංගීතයේ බොහෝ අංශ හැඳින්වීම සඳහා පුලුල් අර්ථයන් යොදා ගන්නා නමුත් ‘රෙගේ’ යන වචනය හරියාකාරව යෙදෙන්නේ එක්තරා විශේෂ සංගීත ක්රමයක් විස්තර කිරිමටයි. මෙම සංගිත ක්රමය ස්කා (Ska) සහ රොක්ස්ටෙඩ් (Rocksteady) වර්ධනය අනුගමනය කිරීමෙන් බිහි වූවකි.
රෙගේ සෑම විටම වාගේ රස්තෆාරි චලනයන් සමග මුසු වේ. මෙය බොහෝ කැපී පෙනෙන රෙගේ සංගීතඥයින් කෙරේ එහි ආරම්භයේ සිටම බලපවත්නා ලද්දකි. රෙගේ ගීත වල පද මාලා බොහෝ විෂයයන් එනම් විශ්වාසය, ආදරය, සම්බන්ධතා, දුගි බව, අසාධාරණය සහ වෙනත් බොහෝ සමාජ අසාධාරනයන් මූලික කොට ගෙන ලියැවි ඇත.