බෙරික් යටත් කර ගැනීම (1482)

විකිපීඩියා වෙතින්

බෙරික් අපෝන් ට්වීඩ් සහ එහි මාලිගය 1482දී ඉංග්‍රීසි ජාතිකයන් විසින් අල්වා ගන්නා ලද්දේ එංගලන්ත-ස්කොට්ලන්ත යුද්ධ අතරතුරදීය. 1482, ජූනි 14 දිනදී අත්සන් තැබුණු, ෆොදරිංගේ සම්මුතිය ප්‍රකාර, ස්කොට්ලන්තයේ තුන්වන ජේම්ස් රජුගේ සහෝදර ඇලෙක්සැන්ඩර් ස්ටුවර්ට්, ඇල්බනියේ ආදිපාදවරයා විසින්, තමා ස්කොට්ලන්තයේ රජ බවට ප්‍රකාශ කොට, එංගලන්තයේ සතරවන එඩ්වඩ් රජුහට පක්ෂපාතිත්වය දිවුරා පොරොන්දු විය. මෙයින් පසුව සිදුවූ ස්කොට්ලන්ත ආක්‍රමණයේදී, ඇල්බනියේ ආදිපාදවරයා සිහසුනෙහි හිඳවීමට අසමත් වුවද, 1482 අගෝස්තු 24 දිනදී මාළිගාව යටත් වීමෙන් පසුව, බෙරික් අපෝන් ට්වීඩ් යන මායිම් සුළු-නගරය ඉංග්‍රීසීන්ට යටත්ව පැවතිණි.