බූස්තාන් (ග්‍රන්ථය)
බූස්තාන් (පර්සියානු: بوستان, උච්චාරණය "Būstān" ) යනුවෙන් හැඳින්වෙන්නේ පර්සියානු කවියකු වූ සාදි විසින් සම්පාදනය කරන ලද කාව්‍ය ග්‍රන්ථයකි. 1257දී සම්පාදිත මෙය සල්ඝූරිද් අතාබෙග් සා’ද් I හෝ සා’ද් II වෙනුවෙන් පුදකොට ඇත.[2] මීර් අල් හුසෙයිනි නම් චාරුලේඛන ශිල්පියා විසින් මෙම පද්‍යය සිතුවම් සහිත අත් ලිපියක් ලෙසින් ප්‍රකාශයට පත්කොට ඇත. [3] මෙහි සිතුවම් නිර්මාණයේ දී තීන්ත සහ දියසායම් භාවිතා කොට ඇති අතර, රන් පත්‍ර ද යොදාගෙන තිබේ. සම් ආධාරයෙන් අත් ලිපිය බැඳතබා ඇත. [4] මෙම කාව්‍යය සහ "රෝස උයන" වැනි සුප්‍රකට පද්‍ය හේතුවෙන් සාදි පර්සියාවේ මධ්‍යකාලීන යුගයේ විසූ කවීන් අතුරින් වැදගත් කවියකු ලෙස සැලකේ. ඔහු "පර්සියානු සම්භාව්‍ය සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම චරිතයක් " ලෙසත්, "බර්සියානු සාහිත්‍යය නම් ගොඩනැගිල්ලේ කුළුණු සතරෙන් අකක් ලෙසත්" වර්ණනා කරනු ලැබේ. [5]
සාදිගේ පළමු කෘතිය වන මෙම කෘතියෙහි නාමයේ අර්ථය වනුයේ "පලතුරු උයන" යන්නයි. මෙම ග්‍රන්ථයෙහි සාදිගේ දිගුකාලීන අත්දැකීම්වල සහ දිවිය පිළිබඳ ඔහුගේ නිගමනයන්හි ඵලය ඇතුළත් කොට ඇත. මෙය විවිධ වෘත්තාන්ත නිරූපිත සිතුවම් ගණනාවකින් අලංකාර කොට ඇත. එසේම එහි සාදිගේ විවිධ සංචාරයන් සහ මානව මනෝවිද්‍යාව පිළිබඳ ඔහුගේ අදහස් ද ඇතුළත් නොට ඇත. නිතරම පාහේ ඔහු සිය වාර්තා ඉදිරිපත් කොට ඇත්තේ ඊසෝප්ගේ උපමා කථා මෙන් උනන්දුවෙන් සහ උපදේශාත්මක අයුරිනි.
මෙය නිර්මාණය කොට ඇත්තේ මත්නවී කාව්‍ය ශෛලියෙන් (රිද්මය දනවන දෙපද කවි) වන අතර, එය ඉංග්‍රීසි භාෂාවට ද පරිවර්තනය කොට තිබේ.
හැඳින්වීම
[සංස්කරණය]මධ්‍යකාලීන යුගයේ විසූ ශ්‍රේෂ්ඨ පර්සියානු කවියකු වූ සාදි ෂිරාසිගේ ලේඛන නාමය වූයේ සාදි යන්නයි. ඔහුගේ කෘති පර්සියානු රටවල පමණක් නොව බටහිර රටවල ද ප්‍රකට විය. ඔහුගේ ලේඛන කලාව ගැඹුරු සමාජයමය සහ මානුෂීය අදහස් දන්වන්නක් සේ සැලකේ. පර්සියානු සාහිත්‍යය තුළ ඔහුගේ ශෛලිය වසර සිය ගණනක්ම මූලාදර්ශයක් ලෙස භාවිතා කෙරිණි. මේ නිසා ඔහු "සම්භාව්‍ය පර්සියානු ලෝකයේ දැවැන්ත චරිතයක්" ලෙස සැලකේ. ඔහුගේ කෘති ඉදිරි පරම්පරා කෙරෙහි ප්‍රබල බලපෑමක් කළ අතර, ඒවා විවිධ භාෂාවන්ට පරිවර්තනය වී තිබේ. එසේම පාඨකයන්ගේ පැසසුමට ද ලක්ව ඇත. [5] 1522 සහ 1526 අතර කාලයේ සම්පාදිත මීර් අලි’ අල්-හුසෙයිනි නම් චාරුලේඛන ශිල්පියා විසින් සම්පාදිත සාදිගේ බූස්තාන් ග්‍රන්ථයේ සිතුවම් කළ අත්පිටපතක් මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ඇත. මෙය තීන්ත, පාරාන්ධ දියසායම් සහ රන් භාවිතයෙන් කඩදාසි මත කළ සිතුවම්වලින් සම්නවිත ය. එසේම සම් බැඳීමක් ද සහිත ය.[4]
1688දී ඩැනියෙල් හාවර්ට් විසින් බූස්තාන් ග්‍රන්ථය ලන්දේසි භාෂාවට පරිවර්තනය කරන ලදී.[6]
ගැලරිය
[සංස්කරණය]-
මීර් අලි අල් හුසෙයිනිගේ පිටපත්කරණයක්
-
මීර් අලි අල් හුසෙයිනිගේ පිටපත්කරණයක්
-
සිතුවමක්
-
සිතුවමක්
-
සිතුවමක්
-
සිතුවමක්
-
සිතුවමක්
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ මෙම අති පිටපත ඇතැම් විට 17වන සියවසේ ඉන්දියාවේ නිර්මාණය වූවක් වන්නට හැක. මෙම පිටුවේ දෙවියන් පිළිබඳ වර්ණනයක් ඇතුළත් ය. එහි පළමු පේළි දෙකෙහි මෙසේ සඳහන් වේ: "ජීවයේ නිමැවුම්කාර, / ප්‍රඥාවන්තයාණන්, දිවෙන් කථනය උපදවන, / අධිපති, දෙන දෙවියන්, අත් බැඳගන්නා, / දටානුකම්පිත, වරදට දඬුවම් දෙන, සමාව පිළිගන්නා අධිපතීන්ගේ නාමයෙන්." මෙම පිටුව දර්ශීය පර්සියානු කාව්‍යමය ග්‍රන්ථවල පළමු පිටුව සිහිගන්වන අතර, මුදුනෙහි විසිතුරු පනේලයක් (සර්ලෝහ්) දැකගත හැක. ප්‍රධාන පෙළ අලංකාර කොට ඇත්තේ වලාකුළු සහිත මෝස්තරයකින් වන අතර, කවියේ එක් එක් පද්‍යය වෙන්කරන විසිතුරු තීරයක් ද දැකගත හැක.
- ^ C.E. Bosworth, The New Islamic Dynasties, (Columbia University Press, 1996), 207.
- ^ Jackson, A. V. Williams; Yohannan (1912). Catalogue of the Collection of Persian Manuscripts, Including also some Turkish and Arabic (ඉංග්‍රීසි බසින්). Vol. 1. New York: Metropolitan Museum of Art, Columbia University Press. pp. XVII-XVIII.
{{cite book}}
:|access-date=
requires|url=
(help) - ^ a b "Bustan (Orchard) of Sa'di" (ඉංග්‍රීසි බසින්). Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 2017-11-23.
- ^ a b "The City - Kathryn Hinds - Google Books" (ඉංග්‍රීසි බසින්). Books.google.com.pk. සම්ප්‍රවේශය 2017-11-23.
- ^ Iranian Studies in the Netherlands, J. T. P. de Bruijn, Iranian Studies, Vol. 20, No. 2/4, Iranian Studies in Europe and Japan (1987), 169.