බුද්ධ ප‍්‍රතිමා ශෛලීන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
01. අභය මුද්‍රාව 02. ධාන්‍ය මුද්‍රාව 03. වරද මුද්‍රාව 04. භූමි ස්පර්ශ මුද්‍රාව 05. විතරක මුද්‍රාව 06. ධම්ම චක්ක මුද්‍රාව 07. පරදුඃඛ දුඃඛිත මුද්‍රාව 08. අංජලිකරණීය මුද්‍රාව

ප්‍රධාන බුද්ධ ප‍්‍රතිමා වර්ග[සංස්කරණය]

ප‍්‍රධාන ලෙස කොටස් තුනකි

හිටි පිළිම[සංස්කරණය]

ප‍්‍රධාන ලෙස කොටස් තුනකි.

සම භංග[සංස්කරණය]

අවුකන පිළිමය

ඍජු කිසි දෙසකට නොනැමුණු

උදා:- අවුකන බුදු පිළිමය





ආ භංග ක‍්‍රමය[සංස්කරණය]

එක් පැත්තකට නැමුණු

උදා:- රැස්වෙහෙර පිළිමය



ත‍්‍රි භංග ක‍්‍රමය[සංස්කරණය]

Lankatilaka temple 02.jpg

දණහිස, ඉන, බෙල්ල, යන ස්ථාන තුනෙන් නැමුණු

උදා:- තිවංක පිළිමය





හිදි පිළිම[සංස්කරණය]

Subduing Mara.jpg

වාඩිවී සිටින ඉරියව්ව නොහොත් සමාධි ගත වී සිටින ඉරියව්ව මෙයට අයත් වේ.

උදා:- තොළුවිල බුද්ධ ප්‍රතිමාව





සැතපෙන පිළිමය[සංස්කරණය]

Galvihara-sunny.jpg

සැතපෙන ඉරියව්වෙන් සිටිනා පිළිම මෙයට අදාළ වේ.

උදා:- පොලොන්නරුව ගල් විහාර පිළිමය.

බුදු පිළිමයේ මුද්‍රා[සංස්කරණය]

මුද්‍රා වලින් සිදුවන්නේ යම්කිසි අදහසක් ලබා දීමයි.මේ එවැනි මුද්‍රා කිහිපයකි.

අභය මුද්‍රාව[සංස්කරණය]

Buda de Avukana - 04.jpg

මෙම මුද්‍රාව හිටි පිළිම වල දැකීමට හැකිය. මෙහි ඉරියව්ව ලෙස දකුණු අත්ල බැතිමතා දෙසට විවෘතව තිබීම දැකිය හැකිය මෙයින් අදහස් කෙරෙනුයේ සියලූ දෙනා හට බුදුන් වහන්සේගේ ආරක්ෂාව පිහිට ලැබෙන බවය

උදා :- අවුකන බුදු පිළිමය රුස්වෙහෙර බුදු පිළිමය

විතර්ක මුද්‍රාව[සංස්කරණය]

Sri-lanka-0037a-500.jpg

ලංකාවේ බුදු පිළිම වල බොහෝසේ දක්නට ඇත. විතර්ක මුද්‍රාව, කටක මුද්‍රාව, ව්‍යාඛ්‍යාත මුද්‍රාව, ඥාන මුද්‍රාව, සන්දර්ශන මුද්‍රාව, හැවින් මුද්‍රාව යන නම් වලින් ද හැදින්වේ. මෙහි ඉරියව්ව ලෙස අත්ල පසු පස පදෙසට ප‍්‍රමාණ වන පරිදි දකුණු අත උඩට නමා දබර ඇගිල්ල මා පටගිල්ල උඩට කවයක් ඇතිවන ආකාරයෙන් තබා සිටීම මෙහි ලක්ෂණ වේ. මෙයින් කිසියම් ධර්ම ගැටලූවක් විසදන ආකාරය කියවේ.

උදා :- පත් කුලිය පිළිමය

ධර්ම චක‍්‍ර මුද්‍රාව[සංස්කරණය]

Rangira.jpg
Buddha in Sarnath Museum (Dhammajak Mutra).jpg

මෙය බෙහෙවින් ජනප‍්‍රිය මුද්‍රාවකි. මෙහි ඉරියව්ව ලෙස දකුණු අත්ල පිටතට හරවා පපුවේ මට්ටමට තබා ගෙන එහි දබර ඇගිල්ලේ හා මාපටගිල්ලේ තුඩු දෙක කවයක් සෑදෙන සේ එකට තබා ඇතුලට හැරවුණු වම් අතේ ඇගිල්ලක් ස්පර්ශ කරන අයුරින් තබා සිටීම මෙහි ක‍්‍රමයයි. මෙයින් අර්ථ ගැන්වෙන්නේ බුදුන් වහන්සේ ප‍්‍රථම ධර්ම දේශනය පැවැත්වූ අයුරුයි.

උදා :- රංගිරි දබුළු පිළිමය

සමාධි මුද්‍රාව[සංස්කරණය]

Buddha Statue Ibbagala Viharaya.JPG

ලාංකික බුදු පිළිමවල බහුලව හමුවන මුද්‍රාවකි. මෙය හිදි පිළිම වල පමණක් දක්නට ලැබේ. මෙහි ඉරියව් ලෙස වීරාසන හෝ පද්මාසන ශෛලියෙන් හිද උඩ අතට විවෘත කළ වම් අත්ල උඩ දකුණු අත්ල පිහිටා සිටීම ධාන්‍ය මුද්‍රාව වශයෙන් හැදින්වේ. මෙයින් අධ්‍යාමික ලක්ෂණ පෙන්වයි. ශාන්ත බව සන්සුන් ඉදුරන් ඇති බව හා දමනය කොටගත් අධ්‍යාත්මික ලක්ෂණ පිළිඹිබු වේ.

උදා :- අනුරාධපුර සමාධි බුද්ධ ප‍්‍රතිමාව, තොළුවිල බුද්ධ ප‍්‍රතිමාව.

භූමි ස්පර්ශ මුද්‍රාව[සංස්කරණය]

100px|left|thumb|

මෙය ලාංකික බුදු පිළිම වල දැකීමට නොහැකිය. භාරතීය පිළිම කලාවේ දක්නට ලැබේ. මෙහි ඉරියව්ව ලෙස දකුණු අත දකුණු දණහිස උඩින් අත්ල ඇතුලට සිටින ආකාරයෙන් සියලූ ඇගිලි දිගහැර පහතට යොමුව තිබීම දැකිය හැකිය. ඉන් අර්ථගැන්වෙන්නේ මාර පරාඡය කොට බුද්ධත්වය ලබනා විට මාර සේනාව හමුවේ සියලූ දෙනා ඉවත්ව ගියද ඉතිරිව සිටි මිහිකතට කෘතගුණ සැලකීම මෙයින් අදහස්වේ.

උදා :- බොරෝ බුදුර් - ඉන්දුනීසියාව

වරද මුද්‍රාව[සංස්කරණය]

Z p11-varada.jpg

ලාංකීය බුදු පිළිම තුළින් සාක්ෂි හමු නොවේ. මෙහි ඉරියව් ලෙස දකුණු අත පහත් කොට ඉදිරියට දිගහැර අත්ල උඩු අතට හරවා ඇගිලි දිග හැර තිබීම මෙහි ලක්ෂණය වේ. කිසියම් වරයක් ඉල්ලීම මෙයින් අදහස් වේ.

උදා :- සාරානාත් කෞතුකාගාරයේ තබා ඇති සාරානාත් බුද්ධ ප‍්‍රතිමාව. අජන්තා ගල්ලෙන් පිළිම නේපාලයේ සවයම් භූතාන්ති ප‍්‍රතිමාව

අනිමිසලෝචන මුද්‍රාව[සංස්කරණය]

Anka 6.jpg

දෙඅත් පපුව මත සිටින පරිදි දැක්වෙන මෙම මුද්‍රාව එතරම් සුලභ නොවේ.

උදා :- ගල් විහාර හිටිපිලිමය. (මෙබඳු පිළිමයක් තිස්සමහාරාමයේ යටාල වෙහෙරින් හමු විය.)

බුද්ධ ප‍්‍රතිමාවේ ආසන[සංස්කරණය]

මෙයින් අදහස් වන්නේ බුදු පිළිමයේ දෙපා තබා තිබෙන ආකාරයයි.

පද්මාසන[සංස්කරණය]

SeatedBuddha.jpg

පද්මාසනයක් ආකාරයට ඉදගැනීම මෙයින් අදහස් වේ. මෙහි ඉරියව් ලෙස දනහිස් නමා පතුල් උඩු අතට හැරුනු පරිදි දකුණු පාදය වම් කලවයට උඩින් ද වම් පාදය දකුණු කලවයට උඩින් ද සිටින ආකාරයෙන් හිදීම පද්මාසනයයි.

උදා :- මධුරා පුරා විද්‍යා කෞතුකාගාරයේ අභය මුද්‍රා බුදු පිළිමය. බරණැස කෞතුකාගාරයේ ධර්ම චක‍්‍ර මුද්‍රාව ටිබෙටය බුරුමය තායි සියම් පිළිම වල දක්නට ඇත.

වීරාසන[සංස්කරණය]

Gal Viharaya 02.jpg

වම් පාදය දකුණු පාදය යටින් හා දකුණු වම් පාදය උඩින් සිටින අයුරින් තබා හිද ගැනීම වීරාසනයයි.

උදා :- පොලොන්නරුව ගල් විහාර හිදි පිළිමය.

භද්‍රාසන[සංස්කරණය]

Buddha dvaravatistyle.jpg

තරමක් උසට තනන ලද විශේෂ ආසනයක් මත හිද කලවා දෙපසට විහිදුවා ආසනයෙන් පහතට වැටෙන පා දෙක පීඨයක මත සිටිනා අයුරින් දැක්වෙන්නේ භද්‍රාසනයයි.

උදා :- අජන්තා චෛත්‍ය ගෘහයේ දක්නට ඇති ප‍්‍රතිමාව. බොම්බායේ ප‍්‍රින්ස් ඔෆ් වේල්ස් කෞතුකාගාරය. අම්බලන්තොට රිදියගම විහාරය.

වඡ්‍රාසනය[සංස්කරණය]

Seated Buddha Amitabha statue.jpg

දනහිස නවා දෙපතුල් උඩු අතට දෙකලවා මත තබා ඒ මත දෙපතුල් තබා සිටීම වජ්‍රාසනයයි . උදා :- ටිබෙට්, චීන හා ජපන් බුදු පිළිම.

සිවුර පොරවන ආකාරය[සංස්කරණය]

ඒකාංශ[සංස්කරණය]

Altar-buddha.jpg

වම් උරහිසට වඩා දකුණු උරහිස විවෘතව සිවුර පෙරවීම ඒකාංශ ක‍්‍රමය වේ. ලාංකීය බුදු පිළිමයන්හි බහුලව ඡනප‍්‍රිය ක‍්‍රමයකි. මෙය භාරතයේ එතරම් දැකීමට නොහැකිය.

උදා :- අනුරාධපුර සමාධි ප‍්‍රතිමාව, අවුකන බුද්ධ ප‍්‍රතිමාව.

උභයාංග ක‍්‍රමය[සංස්කරණය]

Buddha22.jpg


දෙවුරම වැසෙනසේ සිවුර පෙරවීම මෙයට අයත් වේ.

උෂ්ණීශය[සංස්කරණය]

Buddha1.jpg

බුදුන් වහන්සේගේ ශීර්ෂය මැද කෙස්වැටියක් ලෙස දක්වා තිබෙන කොටස උෂ්ණීෂයයි. මෙය බුදුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ ඉස්මතුකොට දැක්වීමකි

උදා :- ගන්ධාරා, මධුරා

සිරස්පත[සංස්කරණය]

Avukana16.jpg

බුදුන් වහන්සේගේ හිස් මුදුනෙහි ගිනි දැල්ලක් හෝ කේතුවක් දැක්වීම සිරස් පත වේ. මෙයින් හිස් මුදුනෙන් බුද්ධ රශ්මිය විහිදෙන අයුරු කියාපායි.

උදා :- අවුකන බුද්ධ ප‍්‍රතිමාව

උර්ණ රෝමය[සංස්කරණය]

බුදුන් වහන්සේගේ දෙබැම ලඟ තිබෙන ලක්ෂණයකි. එය ඌර්ණව දකුණට කරකැවුණු දීර්ඝ වූ මෘදු මොලොක් රෝමයකි. මෙය මහා පුරුෂ ලක්ෂණ වලින් එකකි.

උදා :- බෝරෝ බුදුන්ගේ බුද්ධ ප‍්‍රතිමාව - ඉන්දුනීසියාව

හිසකෙස් දැක්වීම.[සංස්කරණය]

Buddha06.jpg

බුදුන් වහන්සේගේ හිසකෙස් හැමවිටම කරකැවී තිබෙන්නේ අක් බඹරු ලෙසය. එකිනෙකට ඇලී ඇත.

ප‍්‍රභා මණ්ඩලය[සංස්කරණය]

Altar-buddha.jpg

බුදුන් වහන්සේගේ ශීර්ෂය වටා තිබෙන වෘත්තාකාර රුස් වලල්ලකි. බුදුන් වහන්සේගේ ඇති මානුෂීය බලය දැක්වීමට ගත් උත්සාහයකි. අනුරාධපුර මුල් යුගයේ පිළිම වල දක්නට නොමැත. නුවර යුගයේ දී අතිශයින් ඡනප‍්‍රිය වේ.

පද්ම පීඨය[සංස්කරණය]

Altar-buddha.jpg

පිපිනු නෙලූම් මලක ස්වරූපය ගත් ආසන වල බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය කිරීම පද්ම පීඨය ලෙස හැදින්වේ.

සබැදි පිටු[සංස්කරණය]

කියවීම සදහා ‍පොත්[සංස්කරණය]

  • බුදු පිළිමය මුද්‍ර සහ ආසන-‍ බෙල්ලන විමල රතන හිමි*
  • ලක්දිව බුදු පිළිමය- කඹුරුපි‍ටියේ වනරතන නාහිමි
  • ප්‍රතිමා ප්‍රමාණ මූලධර්ම- චන්ද්‍ර වික්‍රමගමගේ
  • බුදු පිළිම- චාල්ස් ගොඩකුඹුර*