බැස්ටීලයට කඩාවැදීම

විකිපීඩියා වෙතින්
බැස්ටීලයට කඩාවැදීම
ප්‍රංශ විප්ලවයෙහි හි කොටසකි
Prise de la Bastille.jpg
පිහිටුම
පැරිසිය, ප්‍රංශය

බැස්ටීලයට කඩාවැදීම (ප්‍රංශ: ප්‍රීස් ඩ ලා බැසිටීය ) ප්‍රංශයෙහි, පැරිස් නුවරදී සිදුවූයේ 1789 ජූලි 14 වන දින සවස් වරුවෙහිදීය. පැරිසියෙහි පිහිටි, බැස්ටීලය නමින් හැඳින්වුනු මධ්‍යතන බලකොටුව, යුද්ධ අවි ගබඩාව සහ, දේශපාලන සිරගෙදර විසින් නිරූපණය කලේ පැරිසිය මධ්‍ය කේන්ද්‍රව පැවති රාජකීය පරමාධිකාරයයි. එයට කඩාවැදුනු මෙහොතේ, සිරගෙදර සිටියේ සිරකරුවන් හත් දෙනෙක් වුවද, විප්ලවවාදීන් විසින් මෙම ස්ථානය සැලකුණේ රාජාණ්ඩුව විසින් බලය අයුතු ලෙසින් භාවිතා කිරීමේ සංකේතයක් ලෙසින් බැවින් මෙම සිද්ධිය ඔවුන්ට වැදගත් වූ අතර බැස්ටීලයෙහි බිඳ වැටීම ප්‍රංශ විප්ලවයෙහි වෙඩි මුරය විය.

ප්‍රංශයෙහි, ලෙ කැටොර්ස් රීයේ (ජූලි 14) යනු රජයේ නිවාඩු දිනයක් වන අතර, එය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ බැස්ටීල දිනය ලෙසිනි.

"https://si.wikipedia.org/w/index.php?title=බැස්ටීලයට_කඩාවැදීම&oldid=424992" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි