බ්‍රහ්මචාරිනී

විකිපීඩියා වෙතින්
(බ්‍රහ්මාචාරිනී වෙතින් යළි-යොමු කරන ලදි)
බ්‍රහ්මචාරිනී
විශාල විපාකයක් දැරූ දෙවඟන
බ්‍රහ්මචාරිනී
දේවනාගරීब्रह्मचारिणी
අනුබැඳියනවදුර්ගා, පාර්වතී
මන්ත්‍රයदधाना करपद्माभ्यामक्षमालाकमण्डलू। देवी प्रसीदतु मयि ब्रह्मचारिण्यनुत्तमा॥2
ආයුධයජප මාලය, කාමණ්ඩලු
වල්ලභයාශිව
පාඨ ග්‍රන්ථදේවි-භගවත පුරාණ, දේවි ගීතා

බ්‍රහ්මචාරිනී යන්නෙහි අර්ථය ආශ්‍රමයක සිය ගුරුන් සහ අනෙකුත් සිසුන් සමග දිවිගෙවන භක්තිමත් ශිෂ්‍යාව යන්නයි.[1] මෙම වදන දුර්ගා (පාර්වතී) දෙවඟනගේ දෙවන ස්වරූපය සඳහා ද වහරනු ලබයි.[2] නවරාත්‍රී (නවදුර්ගාවන්ගේ දිව්‍යමය රාත්‍රී නවය) උත්සවයේ දෙවන දිනයේ ඇය වන්දනාවට පාත්‍ර වේ. බ්‍රහ්මචාරිනී දෙවඟන සුදු පැහැ වස්ත්‍රයෙන් සැරසී සිටින අතර සිය දකුණතින් ජප මාලාවක් ද, වමතින් කාමණ්ඩල් නම් ජල කෙණ්ඩියක් ද දරා සිටියි.


උත්සවය[සංස්කරණය]

බ්‍රහ්මචාරිනී දෙවඟන වන්දනා කිරීම නවරාත්‍රී උත්සවයේ දෙවන දිනයේ සිදුවේ.[3]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. McDaniel, June (2004). Offering Flowers, Feeding Skulls : Popular Goddess Worship in West Bengal: Popular Goddess Worship in West Bengal. Oxford University Press. pp. 106–107. ISBN 978-0-19-534713-5.
  2. Manohar Laxman Varadpande (2005), History of Indian Theatre: Classical theatre, Abhinav, ISBN 978-8170174301, page 54
  3. "Navadurga: The Nine Forms of Goddess Durga". සම්ප්‍රවේශය 2015-10-14.
"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රහ්මචාරිනී&oldid=419729" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි