බ්ලැක් ඇරෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
බ්ලැක් ඇරෝ
Black Arrow.jpg
බ්ලැක් ඇරෝ යානය වුමෙරා හීදී..... රොකට් පර්ක්

Black Arrow [1]අභයවකාශ යානය හෙවත් අභයවකාශ නැව නිපදවා ඇත්තේ 1960 පමණ කාලයේදීය.මෙම යානය 1969 සහ 1971 අතර කාලය තුල සිවු වතාවක් අභයවකාශ ගතකර තිබේ.නමුත් මෙහි එකම සහ අවසාන සාර්ථක අභයවකාශ ගමන වන්නේ 1971 දී Prospero නම් එක්සත් රාජධානියට අයත් චන්ද්‍රිකාවක් පෘතුවිය සහ පෘතුවි තලයේ සිට 160km අතර ප්‍රදේශයට (Low Earth orbit)[2]සාර්ථකව ස්ථාන ගත කිරීමය. මෙම Black Arrow යානය නිපදවීම සඳහා මුලින්ම අද්‍යනය කරනු ලබන්නේ රාජකීය ගුවන් සමාගම විසිනි.ඔවුන් මෙය මුලින්ම සිදු කරන්නේ Black Night නම් රොකට් යානය[3] පදනම් කොට ගෙනය.කෙසේ නමුත් මෙම ව්‍යපෘතිය ආරම්භ කරනු ලබන්නේ 1964 දීය.මෙහිදී මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ Saunders Reo නම් සමාගමකි.නමුත් පසු කාලයේදී Westland Aircraft සමාගමද සමගින් මෙය නිර්මාණය කෙරුණි. මෙම Black Arrow යානය කොටස් තුනකින් සමන්විතය.එසේම මේ සඳහා භුමිතෙල් සහ ඉහල අත්හදා බැලීම් කරන ලද පෙරෝක්සයිඩ සහ සාන්ද්‍රණය කරන ලද හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්[4] යොදා ගනී.[2]

යානයේ සංවර්ධනය[සංස්කරණය]

බ්ලෑක් ඇරෝ යානය රාජකීය ගුවන් සමාගම විසින් සලසුම් කරනු ලබන්නෙ 144kg බරකින් යුතු ගුවන්බඩු තොගයක් අභ්‍යවකාශය වෙත ගෙනයා හෑකිවන පරිදිය.මෙම කටයුතු පරීක්ෂා කිරීම සදහා විශාල පරීක්ෂණ ප්‍රදෙශයක්ද මොවුන් ඉදිකරන ලදි.කෙසේ හො 1964 සරත් සමයෙදී මෙම වෑඩසටහනට බලය ජවය ලබාදෙන්නේ අභ්‍යවකාශතරණ අමාත්‍ය ජූලියන් අමෙරි මහතා විසිනි.කෙසේ නමුත් ඉන් පසු ඔක්තොම්බරයේ පෑමිණෙන ජාතික මෑතිවරණයකින් බලයට පෑමිණෙන කම්කරු ආණ්ඩුව මෙම ව්‍ය්පෘතියට වෙන්කරන ලද ප්‍රතිපාදන ඉතා විශාල ලෙස අඩුකරනු ලදි[5] .කෙසේ වෙතත් ඉන් පසු පැවත්වුනු තවත් මැතිවරණයකට පසු ආණ්ඩුව නැවතත් මෙම ව්‍ය්පෘතිය කරගෙන යාමට ප්‍රතිපාධන වෙන්කරන්නේ මෙම ව්‍ය්පෘතියේ වෙනස්කම් කීපයක් සිදු කිරීමෙන් අනතුරුවය.එම වෙනස්කම් අතර පරීක්ෂණ මට්ටමෙ ගුවන් ගමන් 5න් 3දක්වා අඩු කිරීම ආදිය ප්‍රධාන වෙයි.කෙසේ වෙතත් මෙම සියලු වෙනස්කම්වලින් අනතුරුව ප්‍රථම ගුවන්ගත කිරීම 1968 දී සිදු විය.[6]

මෙම යානය සඳහා යොදගෙන ඇති තාක්ෂණය සහ පද්ධතිය බොහෝමයක් කලින්ම නිපදවා තිබූ එවා හෝ ගුවන් ගතවිම් පිලිබඳ නම්දරා තිබූ බ්ලක් නයිට් රොකටයෙ හෝ බ්ලු ස්ටිල් මිසයිලයේ [3]තිබු එවාය.මෙම බ්ලක්ඇරෝ යානය නිපදවේමෙදි තාක්ෂණය නැවත යොදාගැනිම අපුරුවට සිදුකර තිබේ.එනම් පැරණි ව්‍යපෘති වල තාක්ෂණය යොද ගැනිමෙන් ,සාර්ථකව මෙම ව්‍යපෘතිය සදහ වැයවන අධික පිරිවැය අඩුකර ගැනිමටත් සංවර්ධන ක්‍රියාවලිය පහසු කරගැනිමටත් හැකිවි තිබේ[2]. ප්‍රධාන මිසයිල විද්‍යාඥය රොයි ඩොමෙට් ,ප්‍රධාන සැලසුම් ඉන්ජිනේරු රෙ විලර් සහ නියොජ්‍ය ප්‍රධාන ඉන්ජිනේරු ජොන් අන්ඩෙර්වුඩ් ඇතුළු ජෙෂ්ඨ නිලධාරින් රැසක් බ්ලැක් නයිට් ව්‍යපෘතියෙ සිට කෙලින්ම බ්ලැක් ඇරො ව්‍යපෘතියට මාරු කරන්නෙද ඉහත සදහන් තාක්ෂණය නැවත යෙදවිම් සාර්ථක කරගැනිමටය.[7]

මෙහි මූලික සංවර්ධන කටයුතු සිදු කරනු ලබන්නේ සයුන්ඩෙර්ස් රිඔ නම් සමාගමක් විසිනි.නමුත් 1964 දී වෙස්ට්ලන්ඩ් ගුවන් සමගමද මෙම කටයුත්තට හව්ල් විය.එම නිසා වෙස්ට්ලන්ඩ් සමාගම දෙවනු ප්‍රථමික නිර්මාණකරු බවට පත් විය.කෙසේ හෝ මෙහි පලමු හා දෙවන කොටස් එක් කරන ලද්දේ ඊස්ට් කොඋස් නම් ප්‍රදේශයේ දීය.බ්‍රිස්ටල් සිඩ්ලියි පලමු හා දෙවන කොටස් වල ඉන්ජිම නිෂ්පාදානය කරන ලදි.

යානය[සංස්කරණය]

හරස් කැපුමකි. ඉන්ධන ටැංකියෙ,ඔක්සිකාරක ටැංකියේ,ඉන්ජිමේ හා තුන්වන කොටසේ පිහිටීම පෙන්වයි.

මෙම බ්ලැක් ඇරෝ යානයේ පලමු සහ දෙවන කොටස් වලට ඉන්ධන ලෙස භාවිතා කරන්නේ RP-1 පැරපින් ය.දහනය සිදු කරනු ලබන්නේ ඉහල පරීක්ෂාවන්ට ලක්කල පෙරොක්සයිඩ ඔක්සිකරණය කිරීමෙනි[4].මෙහිදී ෆැරෆින් හා පෙරොක්සයිඩ අතර හොදම කලවම් සංගුණකය 7 පමණ විය.එබැවින් මෙ සදහා විශාල ඔක්සිකරණ ටැංකියක් අවශ්‍ය විය.මෙය සැබවින්ම ගටලු සහිත තත්වයකි.[8].කෙසේ වෙත්තත් මෙම ඔක්සිකරණ ටැංකිය ස්ථාන ගත කර ඇත්තේ ඉන්ධන ටැංකියකට පහලිනී.එය ඉතා හොද සැලස්මකි.එනම් බර වස්තූන් උපකරනයේ පහල ස්ථානගත කිරීමෙන් ගුරුත්වකේන්රය පහලට ගෙනගොස් ඇත.එවිට යානය පාලනය කිරීම පහසුය[3].මෙවැනි ආකරයේ ස්ථානගතකිරීම් අමෙරිකාව සහ ජර්මනිය ද භාවිතා කරයි.නමුත් සෝවියට් සංගමය ඉන්ධන ටැංකිය සවිකරන්නේ ඔක්සිකරණ ටැංකියට ඉහලිනි.[9]

යානයේ ආකෘතිය පාලනය කිරීම සදහා පලමු සහ දෙවන කොටස් වලදී ත්‍රස්ට් වෙක්ටරින්ග් නම් මූලධර්මය යොදා ගෙන ඇත[3].නමුත් යානයේ තුන්වන කොටසේදී මෙම ආකෘතිය ක්‍රියාත්මකනොවේ.[2]

යානයේ පලමු කොටසට බලය සපයන්නේ ගැමා 8 නම් තනි ඉන්ජිමක් මගිනි.මෙම ඉන්ජිම තත්පර 127ක් වැනි කාලයක් ක්‍රියාත්මක වෙයි.[2]මෙම ගැමා 8 ඉන්ජිම පිෂ්ටන් 8 කින් සමන්විත ඉන්ජිමකි.මෙහි මූලාරම්භය ලබාගන්නෙ බ්ලැක් නයිට් රොකටයේ ගැමා 301 ඉන්ජිමෙනී.යානයේ මෙම පලමු කොටස මීටර් 6.9 ක දිගකින්ද මීටර් 2 ක විශ්කම්භයකින්ද සමන්විතය.විශ්කම්භය මීටර් 2න් නිර්මාණය කිරීමට මොවුන් පෙලබෙන්නේ ඉයුරොප්[2] රොකටයේ දෙවන අදියර සදහා යොදගත් ෆ්රෙන්ච් කැරොලයි [2]හි විශ්කම්භය මීටර් 2ක් වීම හා එහි ඇති සාර්ථකත්වය නිසාය.කෙසේ හෝ මෙම අකෘතිය බ්ලැක් ඇරෝ හී ගෙනයා හැකි ගුවන් බඩු ප්‍රමාණය වැඩිකරලීමට බෙහෙවින් උපකාරී විය.පසුව මෙම බ්ලැක් ඇරෝ හි පලමු කොටස කැරොලයි හි උපස්ථ පිටපතක් ලෙස සලකිණි.[10]

බ්ලැක් ඇරෝ යානයේ පලමු සහ දෙවන කොටස් සම්බන්ද කරන අතුරු පියන අකෘතිය වෙන්වීමේ සිස්කින් IB අවස්ථා 4 කින් සහ උලේජ් මෝටරයකින් සමන්විතවෙයි.මෙහිදී යානයේ පලමු කොටස ඉවත් වී තත්පර 7කින් දෙවන කොටස ජවලනය වීමට පටන් ගනී[3][11].අතුරු පියන් වෙන්වන්නෙ දෙවන අදියර පටන්ගෙන තත්පර 6කට පසුවය.මෙම දෙවන කොටස මීටර 2.9ක දිගකින් සහ මීටර් 1.37ක විශ්කම්භයකින් සමන්විත වේ.මෙම දෙවන කොටසට බලය සපයන්නේ පිෂ්ටන් 2කින් සමන්විත ගැමා 2 ඉන්ජිමකි[12].මෙම ඉන්ජිම තත්පර 123ක කාලයක් ක්‍රියාත්මක වේ[2].අවසානයේ මිනිත්තු 3කට පසු එනම් යානයේ දෙවන අදියර ක්‍රියාත්මකවන අවස්ථාවේ ගුවන්බඩු තොගය සහිත යානයේ කොටස වෙන්වේ. [2]



ලන්ඩන් නුවර කෞතුකාගාරය තුල ඇති R4 යානයේ පලමු,දෙවන කොටස් හා ගුවන් බඩු ප්‍රදේශයේ විවරවීම.

යානය ගුවන්ගත්වී තත්පර 257ක් ගත වු විට දෙවන අදියර අවසන් වෙයි.එවිට යානය නිදහස් අවස්ථාවකට පත්වෙයි[2] .එවිට් යානයෙ ඇති අකෘති පාලන පද්ධතිය ක්‍රියාත්මකවෙයි.මෙම පද්ධතිය මගින් ඒ අවස්ථවේ යානය පාලනය කරයි[2] .පසුව එම නිදහස් අවස්ථාව අවසන් වූ වහාම යානයේ තුන්වන කොටස ක්‍රියාත්මක වෙයි.මෙම තුන්වන කොටස සතුව වැක්ස්වින්ග් සොලිඩ්[3] රොකට් මෝටරයක් පවතී.එය තත්පර 55ක කාලයක් යානයට බලය ලබාදෙයි..[2]

තුන්වන අදියර අවසන් වීමෙන් මිනිත්තුවකට පසු ගුවන් බඩු තොගය නිදහස් වෙයි.ගෑස් උත්පදකයක් මගින් ගුවන් බඩු තොගය අභ්‍යවකාශයේ නියමිත තැනට යොමු කරයි.

පසුව මෙම බ්ලැක් ඇරෝ යානයේ ගුවන් බඩු තොගය වැඩිකරගනීමට වියුත්පන්න කීපයක්ම ලබුණි.ඒ අතරින් මෙහි ඇති ගැමා ඉන්ජින් වෙනුවට ලර්ච්[3] නම් ඉන්ජිමක් යෙදවීම,මෙම යානයෙ ඉදිරියට බ්ලූ ස්ටික් මිසයිලයක් සවි කිරීම ආදිය ප්‍රධාන වෙයි.


දියත් කිරිම.[සංස්කරණය]

පාට මගින් r0 හදුනාගත හැක.

බ්ලැක් ඇරෝ යානා 4ක් 1969 හා 1971 අතර තුර කාලයේදී ගුවන් ගත කර තිබේ. මෙහි පලමු සහ දෙවන් ගුවන් ගත කිරීම් පරීක්ශණ මට්ටමේ ගුවන්ගත කිරීම් වේ.කෙසේ වෙතත් පලමු ගුවන්ගත කිරීම සාර්ථක වන්නේ නැත.පලමු කොටසේ ඉන්ජිමේ ඇතිවන කාර්මික දෝශයක් හේතුවෙන් යානය ගුවන්ගත කර මිනිත්තුවක් වැනි කෙටිකාලයකින් නැවතත් පහලට ඒමට පටන් ගනී.එබැවින් එය පොලවට වැටීමෙන් සිදුවන හානිය හේතුකොටගෙන එම යානය පුපුරවා විනාශ කරන ලදි.

ඉන් පසුව සිදුකරන ලද දෙවන පරීක්ෂණ මට්ටමේ ගුවන් ගමන සාර්ථක විය.


ප්‍රථමවතාවට සම්පූර්ණ කොටස් සහිතව සහ ගුවන් බඩු තොගයක්ද සහිතව බ්ලැක් ඇරෝ යානය ගුවන්ගතවන්නේ 1970 සැප්තම්බර් 2 වැනිදාය.

එනම් යානයේ තුන්වන ගුවන්ගත්වීම ලෙසිනි.එසේම බ්‍රිතන්‍යන්ගේ ප්‍රථම චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමද මෙයයි.කෙසේ වෙතත් යානයේ දෙවන කොටසේ ඔක්සිකාරක තෙරපුම් පද්ධතියේ ඇතිවන දෝශයක් නිසා දෙවන කොටස නියමිත කාලයට කලින් යානයෙන් වෙන් විය.ඉන් අනතුරුව යානයේ තුන්වන කොටස ක්‍රියාත්මක වුවත් යානයට ඉලක්කගත ප්‍රදේශයට යාමට නොහැකි වීමෙන් නැවතත් පොලව දෙසට කඩා වැටිණි.මෙලෙස එම යානයද ගල්ෆ් ඔෆ් කාපෙන්ටෙරියා නම් මුහුදු ප්‍රදේශයට කඩා වැටීමෙන් බ්ලැක් ඇරෝ හී තුන්වන ගුවන් ගමනද අසාර්ථක විය.


සිවු වන ගුවන් ගතවීම ඉලක්ක ගත ලෙසම සාර්ථක වෙයි.එමගින් ප්‍රොස්පෙරො චන්ද්‍රිකාවද අභ්‍යවකාශගත කිරීමට හැකි විය.එමගින් බ්‍රිතාන්‍යන් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගතකල 6වන ජාතිය බවටද පත්විය.[4]

මෙම සියලූම ගුවන්ගතවීම් සිදුකරනු ලැබුයේ එරියා 5B නම් ප්‍රදේශයකය.මෙය පිහිටා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ වුමෙරෝ නම් තහනම් ප්‍රදේශයකය.එනම් බ්ලක් නයිට් යානයේ පරීක්ෂණ සිදු කල ප්‍රදේශයේමය.

සීරියල් අංකය ගුවන්ගත වූ දිනය/වෙලාව (GMT) ගුවන්බඩු ප්‍රතිඵලය විස්තර
R0 28 June 1969, 22:58[13] නැත අසාර්ථකයි. පලමු කොටසේ වරදක් නිසා අසාර්ථක විය.[14]
R1 4 March 1970, 21:15[13] නැත. සාර්ථකයි. පලමු හා දෙවන අදියර පරීක්ෂා කිරීම සදහා
R2 2 September 1970, 00:34[13] ඔබ්‍රා [13] අසාර්තකයි දෙවනි අදියරේ වරදක් හේතුවෙන්
R3 28 October 1971, 04:09[15] ප්‍රොස්පෙරෝ [15] සාර්තකයි සාර්තකව අභ්‍යවකාශයටම යන ලදී.
R4 ගුවන් ගත වූයේ නැත. ප්‍රදර්ශනයට තබා ඇත විද්‍යා කව්තුකාගාරය in ලන්ඩන් නුවර [3]

අවලංගු කිරිම.[සංස්කරණය]

බ්ලැක් ඇරෝ r4 යානාව ප්‍රොස්පෙරො චන්ද්‍රිකාව සමග විද්‍යා කෞතුකාගාරය තුල

එක්සත්රාජධානියේ එවකට විකුනුම් සහ කර්මාන්ත අමාත්‍ය ෆ්රෙඩරික් කොෆිල්ඩ් මහතා විසින් 1971 ජූලි 29 වන දින මෙම බ්ලැක් ඇරෝ ව්‍යාපෘතිය අත්හිටවීමෙ නියෝගය හයුස් ඔෆ් කොමන් නම් ස්ථානයේදී ප්‍රකාශයට පත්කරන ලදි.කෙසේ වෙතත් මෙම නියෝගය ලැබෙන් විට මෙම ව්‍යපෘතියේ r3 රොකටය ගුවන්ගත කරන ස්ථානයට ගෙනගොස් අවසානය.

මෙම ව්‍යපෘතිය අත්හිටුවීමට ඔවුන් තීරණය කරන්නේ මේ සදහා විශාල පිරිවැයක් දැරීමට සිදුවීම නිසාය. එකල බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කරන්නේ මෙවැනිම ගුවන් බඩු තොගයක් රැගෙන යා හැකි අමෙරිකානු ස්කවුට් රොකටය ඔවුන්ගේ අනාගත ගුවන් ගතකිරීම් සදහා වඩාත් සුදුසු බවයි.

අවසාන බ්ලැක්ඇරෝ රොකටය ලෙස සම්පූර්ණ කරන ලද්දේ r4 රොකටයයි.නමුත් මෙම රොකටයට ගුවන්ගතවීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.දැනට එම යානය ලන්ඩන් නුවර විද්‍යා කෞතුකාගාරයේ ප්‍රොස්පෙරො චන්ද්‍රිකාව සමග තැන්පත් කර ඇත.

බ්ලැක් නයිට් R3 හි පලමු කොටස , පොලවට නැවතත් පැමිනීමෙන් පසු


දැකගෑනීම පිණිස.[සංස්කරණය]

භාහිර යොමු.[සංස්කරණය]

නිර්දේශයන්[සංස්කරණය]

  1. Gibson, Chris; Buttler, Tony (2007). British Secret Projects: Hypersonics, Ramjets & Missiles (2007 සංස්.). England: Midland Publishing. ISBN 1-85780-258-6. 
  2. 2.00 2.01 2.02 2.03 2.04 2.05 2.06 2.07 2.08 2.09 2.10 2.11 Hill, C. N. (2001). "Black Arrow". A Vertical Empire: The History of the UK Rocket and Space Programme, 1950-1971 (2006 සංස්.). London: Imperial College Press. පිටු 155–188. ISBN 1-86094-268-7. 
  3. 3.0 3.1 3.2 3.3 3.4 3.5 3.6 3.7 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Millard නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. 4.0 4.1 4.2 "British Space Race". Timeshift. BBC. BBC Four.
  5. "Session 4". Black Arrow: British Rocket Science and the Cold War. Science Museum. සම්ප්‍රවේශය 2009-03-09. 
  6. "Session 5". Black Arrow: British Rocket Science and the Cold War. Science Museum. සම්ප්‍රවේශය 2009-03-09. 
  7. The One Show. BBC. BBC One. 2009-08-05. 17 minutes in.
  8. Wade, Mark. "H2O2/Kerosene". Encyclopedia Astronautica. සම්ප්‍රවේශය 2009-07-29. 
  9. Wade, Mark. "Soyuz". Encyclopedia Astronautica. සම්ප්‍රවේශය 2009-07-29. 
  10. Hill, C. N. "BA Sectional". Space UK. සම්ප්‍රවේශය 2009-03-08. 
  11. Hill, C. N. "Solid Fuel Motors". Space UK. සම්ප්‍රවේශය 2009-07-29. 
  12. "Gamma 2 Engine". Royal Aircraft Establishment Black Arrow Cutaway. Airspace. සම්ප්‍රවේශය 2009-03-04. 
  13. 13.0 13.1 13.2 13.3 Wade, Mark. "Black Arrow". Encyclopedia Astronautica. සම්ප්‍රවේශය 2008-03-09. 
  14. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Once නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  15. 15.0 15.1 Crowe, C. T (1971-11-05). "Information Furnished in Conformity with General Assembly Resolution 1721 B (XVI) by States Launching Objects into Orbit or Beyond" (pdf). Committee on the Peaceful Uses of Outer Space. United Nations. සම්ප්‍රවේශය 2009-03-14. 

සැකිල්ල:Black Arrow සැකිල්ල:UKColdWarProjects සැකිල්ල:Expendable launch systems සැකිල්ල:European launch systems

"https://si.wikipedia.org/w/index.php?title=බ්ලැක්_ඇරෝ&oldid=381413" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි