බහදූර් ෂා සෆාර්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
II වන බහදූර් ෂා
මෝගල් අධිරාජයා
ඉන්දියාවේ අධිරජු
පදිෂා
Bahadur Shah II.jpg
19වන සහ අවසාන මෝගල් අධිරාජයා
රාජ්‍ය සමය28 සැප්තැම්බර් 1837 – 14 සැප්තැම්බර් 1857
අභිෂේකය29 සැප්තැම්බර් 1837 , රතු බලකොටුව, දිල්ලිය, මෝගල් අධිරාජ්‍යය
පූර්වප්‍රාප්තිකයාIIවන අක්බර්
අනුප්‍රාප්තිකයාඅධිරාජ්‍යය අහෝසි කරන ලදි
(ඉන්දියාවේ අධිරාජිනිය ලෙස වික්ටෝරියා අධිරාජිනිය)
උපත24 ඔක්තෝබර් 1775
දිල්ලිය, මෝගල් අධිරාජ්‍යය
මරණය7 November 1862(1862-11-07) (වයස 87)
රන්ගූන්, බ්‍රිතාන්‍ය බුරුමය
(වර්තමාන මියන්මාරයට අයත්)
භූමදානය7 නොවැම්බර් 1862
රන්ගූන් (වර්තමාන යන්ගොන්), බ්‍රිතාන්‍ය බුරුමය
(වර්තමාන මියන්මාරයට අයත්)
වල්ලභයාඅෂ්රෆ් මහල්
අඛ්ටාර් මහල්
සිනට් මහල්
ටජ් මහල්
දරුවන්මිර්සා දරා බක්
මිර්සා මෝගල්
මිර්සා ෆාත්-උල්-මුල්ක් බහදූර්
මිර්සා කයිසර් සුල්තාන්
මිර්සා ජවාන් බක් (මෝගල් කුමරු)
මිර්සා ෂා අබ්බාස්
තවත් 16ක්
සම්පූර්ණ නාමය
අබු සෆාර් නස්සුර්දින් සිද්දික් මුහම්මද් බහදුර් ෂා සෆාර්
වංශයටිමුරිඩ්
පියාIIවන අක්බර් ෂා
මවලාල් බී
ආගමසුන්නි ඉස්ලාම්

බහදූර් ෂා සෆාර් හෙවත් දෙවන බහදූර් ෂා (1775 ඔක්තෝබර් 24 – 1862 නොවැම්බර් 7) ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යයේ අවසන් අධිරාජයා හෙවත් පාද්ෂා විය.[1] ඔහුගේ රාජ්‍ය කාළය 1834 සැප්තැම්බර් 28 සිට 1857 සැප්තැම්බර් 14 තෙක් විය. 1857 ඉන්දියානු මහ කැරැල්ල සමයේදී දිල්ලිය නැවත බ්‍රිතාන්‍යයන් අතට පත්වූ පසු රාජ්‍ය ද්‍රෝහී වීමේ චෝදනාව මත නඩු විභාග කර බුරුමයේ රැන්ගූන් (වර්තමාන මියන්මාරයේ යැන්ගොන්) වෙත පිටුවහල් කරන ලදී. බහදූර් ෂා සෆාර් දෙවන අක්බාර් අධිරාජයාගේ දෙවන පුත්‍රයා විය.[2] ඔහු අධිරාජයා ලෙස සෆාර් (විජයග්‍රහණය) යන අන්වර්ථ නාමය භාවිතා කළේය. කෙසේ නමුත් මෙකල වනවිට මෝගල් අධිරාජ්‍යය පිරිහී තිබුණ අතර එහි අධිරාජයෝ නාමික පාලකයන් පමණක් වූහ.[3] සෆාර්ගේ පාලන අධිකාරිය බල පැවැත්වුණේ දිල්ලියේ රතු බලකොටුවට පමණි.

කෙසේ නමුත් නිල වශයෙන් සැලකූ විට බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම දිල්ලියේ කටයුතු කළේ මෝගල් අධිරාජයාගේ සේවකයන් ලෙස ය.

බහදූර් ෂා සැළකිය යුතු හැකියාවකින් පිරිපුන් උර්දු කවියකු වූ අතර ඔහු විසින් ලියන ලද විශාල ගසල් සහ වෙනත් කවි ප්‍රමාණයක් වේ.

එමෙන්ම සෆාර් හින්දු සහ මුස්ලිම් ආගමිකයන්ට සමානව සැළකූ පාලකයකු වූයේය. බොහෝ විචාරකයන්ට අනුව ඔහු අධිරාජයකු වීමට වඩා කවියකු වීමට සුදුස්සකු විය.

ඉන්දියානු මහ කැරැල්ල ආරම්භයේදී, 1857 මැයි 10 වනදා මීරත් හි කැරලි ගැසූ සෙපෝයි භටයෝ මැයි 11 උදෑසන වනවිට දිල්ලිය වෙත කඩා වැදුණෝ ය. ඔවුහු සෆාර් හමුවීමට ගොස් සිය කැරැල්ලට ඔහුගේ ආශිර්වාදය ඉල්ලූහ. සෆාර් ඊට මුලින් කැමැත්තක් නොදැක්වූ නමුත් පසුව කැරැල්ලට සිය ආශීර්වාදය පළ කර සිටියේය.

කැරලිකාර සෙපෝයිවරුන් විසින් බහදූර් ෂා හින්දුස්ථානයේ අධිරාජයා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

දිල්ලිය කැරලිකාර සෙපෝයිවරුන් අත තිබියදී ඇතැම් අවස්ථාවලදී සෆාර් තීරණ ගැනීමේදී දක්වන ලද උදාසීනභාවය හේතුවෙන් ප්‍රශ්න ඇති විය. ඔහුගේ මහලු වයස හේතුවෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වීම අපහසු විය.

1857 සැප්තැම්බරයේදී බ්‍රිතාන්‍යයන් විසින් දිල්ලිය ආපසු අල්ලාගන්නා අවස්ථාවේ සෆාර් රතු බලකොටුවෙන් පළාගොස් හුමායුන්ගේ සොහොන් බිමෙහි සැඟවිණ. පසුව ඔහු එහිදී බ්‍රිතාන්‍යයන්ට යටත් වූයේය. ඔහුගේ පුත්‍රයින් වැඩි දෙනෙක් ඇතුලු පවුලේ පිරිමින් රැසක් බ්‍රිතාන්‍යයන් විසින් කැරැල්ල අවස්ථාවේදී මරා දමන ලදී. අනෙක් අය පිටුවහල් කෙරිණ.

බ්‍රිතාන්‍යයන් ඔහුට එරෙහිව නඩු පැවරුවේ රාජ්‍ය ද්‍රෝහී වීම යන චෝදනාව යටතේ ය. නමුත් එම චෝදනාවට පදනමක් නොවූ බව නොසළකන ලදී. පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම නීත්‍යානුකූලව අධිරාජ්‍යයාගේ සේවකයකු වූ හෙයින් ඔහුට රාජ්‍ය විරෝධී වීමේ චෝදනාව එල්ල කිරීම නෛතික පදනමකින් තොර වූවකි.

කෙසේ වෙතත් කෙටි නඩු විභාගයකින් පසු ඔහුව බුරුමයට පිටුවහල් කරන ලදී. රැන්ගූන් නුවර දිවි ගෙවූ ඔහුගේ මරණින් පසු එහි ම වළ දමන ලදී.[4][5]

ආශ්‍රේයයන්[මූලාශ්‍රය සංස්කරණය]

  1. Dalrymple, William (2007). The Last Mughal: The Fall of Delhi, 1857. Penguin India. 
  2. Husain, S. Mahdi (2006). Bahadur Shah Zafar; And the War of 1857 in Delhi. Aakar Books. 
  3. Mehta, Jaswant Lal (2005). Advanced Study in the History of Modern India 1707-1813. Sterling Publishers. පිටු 94. 
  4. By Amaury Lorin (9 February 2914). "Grave secrets of Yangon’s imperial tomb". www.mmtimes.com. සම්ප්‍රවේශය 13 July 2014. 
  5. Dalrymple, The Last Mughal, p. 474
බහදූර් ෂා සෆාර්
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තික වූයේ
අක්බර් II
මූඝල් අධිරාජයා
1837–1857
අනුප්‍රාප්තික වූයේ
වික්ටෝරියා රැජින
ඉන්දියාවේ අධිරාජිනිය ලෙස
"https://si.wikipedia.org/w/index.php?title=බහදූර්_ෂා_සෆාර්&oldid=412267" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි