බල‍ බෝධිසත්ත්ව ප්‍රතිමාව

විකිපීඩියා වෙතින්
බල බෝධිසත්ත්ව ප්‍රතිමාව
"කණිෂ්කගේ 3වන වර්ෂයේ" (ක්‍රි.ව. 123 පමණ) "සහෝදර (භික්ෂු) බල" විසින් පූජාකරන ලද ‍බල බෝධිසත්ත්ව ප්‍රතිමාව;. මෙහි දකුණු හස්තය ආචාර කරන ඉරියව්වකින් යුතුව තිබෙන්නට ඇත. සාරානාත් කෞතුකාගාරය.
මාධ්‍යයරතු වැලිගල්
ප්‍රමාණය205 cm පමණ
යුගය/සංස්කෘතියක්‍රි.ව. 123
ස්ථානයසාරානාත්, ඉන්දියාව
වර්තමාන පිහිටුමසාරානාත් කෞතුකාගාරය, ඉන්දියාව
සොයාගත් ස්ථානය (සාරානාත්, ඉන්දියාව) is located in ඉන්දියාව
සොයාගත් ස්ථානය (සාරානාත්, ඉන්දියාව)
සොයාගත් ස්ථානය (සාරානාත්, ඉන්දියාව)
මථුරාවෙන් හමුවූ සමාන බෝධිසත්ත්ව ප්‍රතිමාවක්:
(මථුරා කෞතුකාගාරය)
වම් පස රුව: ඉදිරි පෙනුම; සාරානාත් බල බෝධිසත්ත්ව ප්‍රතිමාව හා සැසඳීමේ දී මෙහි පාදම යට වූ වස්තුව සිංහ රුවක් නොවන බව දක්නට ලැබේ.
දකුණු පස රුව: පැති පෙනුම.

බල බෝධිසත්ත්ව ප්‍රතිමාව යනු 1904-1905 අතර කාලයේ ජර්මානු පුරාවිද්‍යාඥයකු වන එෆ්. ඕ. ඊටල් විසින් ඉන්දියාවේ සාරානාත් ප්‍රදේශයෙන් සොයාගන්නා ලද පුරාතන ඉන්දියානු බෝධිසත්ත්ව ප්‍රතිමාවකි. මෙම ප්‍රතිමාව සමකාලීන ප්‍රතිමා ශෛලිය අනුව, විශේෂයෙන්ම මථුරාවේ සමාන ප්‍රතිමා සමග කණිෂ්ක රජ සමයට කාලනිර්ණය කිරීමට බෙහෙවින් ඉවහල් වී ඇත්තේ එහි දින නිර්ණිත අභිලේඛනයක් ඇතුළත් හෙයිනි.[1]

අභිලේඛනය[සංස්කරණය]

බෝධිසත්ත්ව ප්‍රතිමාවේ අභිලේඛනය මගින් විස්තර වන්නේ එය "කණිෂ්කගේ 3වන වර්ෂයේ" බල නැමැති "සහෝදරයකු" (භික්ෂුවක) විසින් පූජාකළ එකක් බවයි. මේ නිසා මෙම ප්‍රතිමාවේ නිරූපිත ප්‍රතිමා ශෛලිය සඳහා වඩා නිරවද්‍ය දිනයක් ලබාගත හැකිවන්නේ 3වන වර්ෂය ආසන්න වශයෙන් ක්‍රි.ව. 123 ලෙස සැලකෙන හෙයිනි.

මෙම අභිලේඛනයේ තවදුරටත් සඳහන් වන්නේ කණිෂ්ක (සිය අගනුවර වූ මථුරාවේ සිට පාලනය ගෙනගිය) රජුට සිය විශාල රාජ්‍යය පාලනය කිරීමට ක්ෂත්‍රපයන් කිහිපදෙනකු ඔහු යටතේ සිටි බවයි. කණිෂ්කගේ අධිරාජ්‍යයේ නැගෙනිහර පෙදෙස්වල ක්ෂත්‍රපයන් ලෙස ඉන්දු-සිතියානු උතුරු ක්ෂත්‍රපයන් වන මහාක්ෂත්‍රප ඛාරාපල්ලන සහ ක්ෂත්‍රප වනස්පර සඳහන් කොට ඇත. එම කාලයේම "ලාල සෙන්පති" සහ ක්ෂත්‍රපයන් වූ වෙස්පාසි සහ ලියකා උතුරු ප්‍රදේශය භාරව සිටි බැව් සඳහන් වේ.[2][3][4]

ශෛලිය[සංස්කරණය]

පැරණි ඡායාරූපයක්.

මෙම ප්‍රතිමාවේ ශෛලිය මෙයට සියවස් කිහිපයකට පෙර නිර්මාණය වූ පැරණි යක්ෂ ප්‍රතිමා සිහිගන්වයි. අනෙක් අතින් ඉන්දියානු කලාව‍ කෙරෙහි හෙලනිස්තික බලපෑම මෙම ප්‍රතිමාව තුළින් දැකගත නොහැකි තරම් ය. විශේෂයෙන්ම මේ කෙරෙහි ගන්ධාරයේ ග්‍රීක-බෞද්ධ කලාවේ අල්ප වූ හෝ බලපෑමක් නොමැති බැව් පෙනේ.[5]

මෙම ප්‍රතිමාව සොයාගැනීම පිළිබඳ තොරතුරු 1904–1905 වර්ෂය සඳහා "ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවේ" පිටු අංක. 59–104හි එෆ්. ඕ. ඊටල් විසින් රචිත ලිපියෙහි ඇතුළත් ය.

මෙම ප්‍රතිමාව වර්තමානයේ සාරානාත් කෞතුකාගාරයේ තබා ඇත.[1]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 Papers on the Date of Kaniṣka, Arthur Llewellyn Basham, Brill Archive, 1969, p.271 [1]
  2. Ancient Indian History and Civilization, Sailendra Nath Sen, New Age International, 1999, p.198 [2]
  3. Foreign Influence on Ancient India, Krishna Chandra Sagar, Northern Book Centre, 1992 p.167 [3]
  4. Source: "A Catalogue of the Indian Coins in the British Museum. Andhras etc..." Rapson, p ciii
  5. Origin of the Buddha Image, June Coomaraswamy, p.300-301

මේවාත් බලන්න[සංස්කරණය]