බරුන් සොබ්ති

විකිපීඩියා වෙතින්
බරුන් සොබ්ති
බරුන් සොබ්ති
උපත21 අගෝස්තු 1984 (1984-08-21) (වයස 39)[1]
රැකියාවනළුවකු
කලත්‍රයා(යන්)පශ්මීන් මන්චාන්දා (විවාහ. 2010)

බරුන් සොබ්ති (උපත 21 අගෝස්තු 1984) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී සහ චිත්‍රපට නළුවෙකි.[2]

ඔහු සිය රංගන වෘත්තිය ආරම්භ කළේ ස්ටාර් ප්ලස් නාළිකාවේ විශ්වාසය තේමා කරගත් රූපවාහිනී කතාමාලාවක් වූ ශ්‍රද්ධා කතාමාලාව තුළිනි. ඔහුගේ පළමු වැදගත් චරිතය වූයේ බාට් හමාරි පක්කි හේ කතාමාලාවේ ශ්‍රාවන් ජයිස්වාල්ගේ චරිතයයි. මෙහි ඔහු සහ අංකිතා ෂර්මා විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන ලදී.

ඔහු ජනප්‍රියත්වය වර්ධනය කර ගැනීමට සමත් වූයේ ප්‍රේම වෘත්තාන්ත රූපවාහිනී කතාමාලාවක් වූ ඊස් ප්‍යාර් කෝ ක්‍යා නාම් දූන්? කතාමාලාව තුළිනි. මෙහි ඔහු සහ සනායා ඉරානි විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන ලදී. මෙහිදී ඔහු විසින් නිරූපණය කරන ලද්දේ ඉක්මණින් කෝප වනසුලු ව්‍යාපාරිකයකු වන අර්නාව් සිං රයිසාදාගේ චරිතයයි.

ඔහු සිය යළි ආගමනය සනිටුහන් කරමික් වෙබ් කතාමාලාවක් වූ තන්හේයාන් කතාමාලාව තුළිනි. මෙහි ඔහු සමග සූර්භි ජ්‍යෝති ප්‍රධාන චරිත නිරූපණය කළහ.

මුල්කාලීන දිවිය සහ පවුල[සංස්කරණය]

බරුන් සිය පාසල් අධ්‍යාපනය හදාළේ නව දිල්ලියේ ශාන්ත මාක් පාසලෙනි.[2] රසවින්දන ක්ෂේත්‍රයට පිවිසීමට ප්‍රථම ඔහු ජින්දාල් ටෙලිකොම් සමාගමේ මෙහෙයුම් කළමනාකරුවකු ලෙස වසර 7ක් සේවය කොට තිබේ.[2] 2010 දෙසැම්බර් 12 දින ගුරුද්වාරහි දී ඔහු සිය ළමා වියේ ළබැඳි මිතුරිය වූ පෂ්මීන් මන්චාන්දා සමග විවාහ විය.[3][4]

වෘත්තිය[සංස්කරණය]

සොබ්ති පළමුවෙන් චරිත නිරූපණය සිදු කළේ ස්ටාර් ප්ලස් නාළිකාවේ විශ්වාසය තේමා කරගත් රූපවාහිනී කතාමාලාවක් වූ ශ්‍රද්ධා කතාමාලාවේ ය. ඔහු විසින් එම නාට්‍යයේ ස්වයම් ඛුරානා නම් චරිතය නිරූපණය කළේ ය. මෙහි ඔහු සමග නේහා ජන්පණ්ඩිත් ප්‍රධාන චරිත නිරූපණය සිදු කළ අතර, මෙම කතාමාලාවට යහපත් ප්‍රතිචාර හිමි විය. අනතුරුව ඔහු ජනප්‍රිය වැඩසටහනක් වූ දිල් මිල් ගයියේහි වෛද්‍ය රාජ් නැමැති ඍණාත්මක පසුබිම් චරිතය නිරූපණය කළේ ය. ඉන් අනතුරුව ඔහුව බාට් හමාරි පක්කි හේ රූපවාහිනී ප්‍රබන්ධ කතාමාලාවේ ප්‍රධාන චරිතය වූ ශ්‍රාවන් ජයිස්වාල් නැමැති නිදහස් තරුණයාගේ චරිතය සඳහා තෝරාගැනිණි.[5]

ඉන්පසුව සොබ්ති ඊස් ප්‍යාර් කෝ ක්‍යා නාම් දූන්? කතාමාලාවේ ප්‍රධාන චරිත නිරූපණයට දායක විය.[6] මෙම කතාමාලාව තුළ ඔහු විසින් නිරූපණය කළේ ඛුෂි කුමාරි ගුප්තා නැමැති යුවතියක හා සරාගී ලෙස ප්‍රේමයෙන් බැ‍ඳෙන අර්නාව් සිං රයිසාදා නම් කෝපාවිෂ්ඨ පසන්න ව්‍යාපාරිකයකුගේ චරිතයකි. මෙහි ඛුෂිගේ චරිතය නිරූපණය කරන ලද්දේ කනායා ඉරානි විසිනි. මෙම කතාමාලාව මෙන්ම ඔහුගේ චරිතය ද ප්‍රේක්ෂයන් සහ විචාරකයන් අතින් අතිශයින් පැසසුමට ලක් විය. මෙය විරළ ගණයේ සිදුවීමක් හෙයින් බරුන්ගේ නාමය ඉක්මණින්ම රූපවාහිනිය තුළ ජනප්‍රිය වූයේ ඔහුට ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කරදෙමිනි.[7] බරුන් විසින් මෙම කතාමාලාවෙන් තමන් ඉවත් වන බව නිවේදනය කිරීමත් සමග, නිෂ්පාදකයින් විසින් කතාමාලාව ද අවසන් කරන ලදී.[8][9] 2013දී, එක්සත් රාජධානියේ සඟරාවක් වූ Eastern Eye සඟරාව විසින් ඔහුව 3වන සරාගීම ආසියානු මිනිසා ලෙස නම් කරන ලදී. 2016දී ඔහුව 6වන වඩාත් සරාගීම ආසියානු මිනිසා ලෙස නම් කළ අතර, ඔහුගේ නාමය ෂාහිඩ් කපූර් සහ රන්වීර් සිංට ඉදිරියෙන් විය.[10]

ඔහු සිය බොලිවුඩ් ආගමනය සනිටුහන් කළේ 2014 දෙසැම්බර් 12 දින මුදාහැරුණු මේන් ඕර් මිස්ටර් රයිට් චිත්‍රපටය තුළිනි.[11] බොලිවුඩ් හුංගාමා පුවත් ජාලය සඳහන් කළේ සොබ්ති "චිත්‍රපටයේ ගෞරවය රැක ගැනීමට පමණක් සමත් වූ බවයි."[12] 2015දී ඔහු ‍ජල සංරක්ෂණය පාදක කරගත් කෙටි චිත්‍රපටයක් වූ Dry Dreams තුළ චරිත නිරූපණය සිදුකළේ ය. මෙය විචාරක පැසසුමට ලක්වූ අතර, ප්‍රේක්ෂකයන්ගෙන් ද යහපත් ප්‍රතිචාර හිමි කරගත්තේ ය.[13]

2014දී සොබ්ති අර්ෂාද් සයිද්ගේ සත්‍රා කෝ ෂාදි හේ චිත්‍රපටය සමග සම්බන්ධ වූ අතර, එහි පශ්චාත් නිෂ්පාදන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතියි.[14][15][16] එසේම ඔහු ක්‍රිකට් පාදක කරගත් 22 Yards චිත්‍රපටය සමග ද සම්බන්ධ වූ අතර එය 2017දී මුදාහැරීමට නියමිත ය.

සොබ්තිගේ සොකර් ක්‍රීඩාව තේමා කරගත් චිත්‍රපටයක් වන තූ හේ මේරා සන්ඩේ (ඔබයි මගේ ඉරිදා) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ මිලින්ද් ධායිමාඩේ විසිනි. මෙහි පළමු ප්‍රදර්ශනය උත්කර්ෂවත් අයුරින් ලන්ඩන් චිත්‍රපට උළෙලේ බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනයේ දී (BFI) පැවැත්විණි. ඉන්දියාවේ පළමු ප්‍රදර්ශනය MAMI මුම්බායි චිත්‍රපට උළෙලේ දී සිදු විය. මීට අමතරව මෙම චිත්‍රපටය ‍රුමේනියාවේ කොමඩි ක්ලූජ් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී ද තිරගත විය. එසේම 2017 මාර්තුවේ දී එහි ඇමරිකා එක්සත් ජනපදය ප්‍රදර්ශනය කැලිෆෝනියාවේ සිනෙක්වෙස්ට් චිත්‍රපට උළෙලේ දී සිදුවීමට නියමිත ය. මෙහි වානිජමය මුදාහැරීම ද 2017දී සිදුවීමට නියමිත ය. මෙම චිත්‍රපටය විචාරකයන් සහ ප්‍රේක්ෂකයන් වෙතින් යහපත් ප්‍රතිචාර හිමිකරගත් අතර, සොබ්තිගේ රංගනය ලොවු පුරා ප්‍රේක්ෂකාකර්ෂණයට නතු විය.

2017දී ඔහු තන්හේයාන් නැමැති වෙබ් කතාමාලාවක් සමග සම්බන්ධ විය. මෙම කතාමාලාව වෙත උද්‍යෝගීමත් ලෙස විචාර එල්ල වූ අතර, ලොව පුරා ඔහුගේ රසිකයින් විසින් ඔහුගේ රංගනය අතිශයින් අගය කරන ලදී. මෙම චරිතය ඉහළ ජනප්‍රියතාවක් හිමි කරගත්තේ ය. තන්හේයාන් කතාමාලාව සාමාන්‍ය පැරණි සෝප් ඔපෙරා කතාමාලාවලින් තරමක් වෙනස් වූ කතාමාලවක් ලෙස සැලකේ‍. වර්තමානය වන විට සොබ්ති දැවැන්ත රසික අනුගාමීත්වයක් සහිත ජනප්‍රිය රූපවාහිනී නළුවන්ගෙන අයකු ලෙස සලකනු ලබයි.

නිර්මාණ දායකත්වය[සංස්කරණය]

රූපවාහිනිය[සංස්කරණය]

වර්ෂය වැඩසටහන සම-තරුව චරිතය සටහන්
2009-2010 ශ්‍රද්ධා නේහා ජන්පණ්ඩිත් ස්වයම් ඛුරානා ආරම්භක වැඩසටහනයි
2010 දිල් මිල් ගයියේ නේහා ජුල්කා රාජ් සිං පසුබිම් චරිතය
2010-2011 බාට් හමාරි පක්කි හේ අංකිතා ෂර්මා ශ්‍රාවන් ජයිස්වාල් ප්‍රධාන චරිතය
2011-2012 ඊස් ප්‍යාර් කෝ ක්‍යා නාම් දූන්? සනායා ඉරානි අර්නාව් සිං රයිසාදා ප්‍රධාන චරිතය
2015 ඊස් ප්‍යාර් කෝ ක්‍යා නාම් දූන්?... ඒක් ජාෂ්න් සනායා ඉරානි අර්නාව් සිං රයිසාදා නව වැඩසටහන IPKKND වාරය 3 හොට්ස්ටාර් තුළ වෙබ් කතාමාලාව
2017 තන්හේයාන් සූර්භි ජ්‍යෝති හයිදර් අලි ඛාන් හොට්ස්ටාර් තුළ වෙබ් කතාමාලාව

චිත්‍රපට[සංස්කරණය]

සුචිය
මෙතෙක් මුදානොහැරුණු චිත්‍රපට මගින් මෙතෙක් මුදානොහැරුණු චිත්‍රපට නිරූපණය වේ
වර්ෂය චිත්‍රපටය චරිතය සටහන් ආශ්‍රේ.
2014 මේන් ඕර් මිස්ටර් රයිට් සුඛී සිං ආරම්භක චිත්‍රපටය [17]
2015 Dry Dreams නම් නොලද ජල සංරක්ෂණය පිළිබඳ කෙටි චිත්‍රපටය [13]
2016 සත්‍රා කෝ ෂාදි හේ මෙතෙක් මුදානොහැරුණු චිත්‍රපට නරේෂ් සිංහාල් පශ්චාත්-නිෂ්පාදන [18]
2016 තූ හේ මේරා සන්ඩේ මෙතෙක් මුදානොහැරුණු චිත්‍රපට අර්ජුන් ආනන්ද් පශ්චාත්-නිෂ්පාදනයේ [19]
2016 22 Yards මෙතෙක් මුදානොහැරුණු චිත්‍රපට රොන් සේන් රූගත කෙරෙමින් පවතියි [20]

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

වර්ෂය සම්මාන ප්‍රවර්ගය කෘතිය ප්‍රතිඵලය
2011 ස්ටාර් ගිල්ඩ් සම්මාන (අප්සරා සම්මාන) හොඳම නළුවා බාට් හමාරි පක්කි හේ නිර්දේශිත[21]
2012 ස්ටාර් පරිවාර් සම්මාන ප්‍රියතම යුවළ (සනායා ඉරානි සමග) ඊස් ප්‍යාර් කෝ ක්‍යා නාම් දූන්? දිනාගති[22]
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි (සනායා ඉරානි සමග) දිනාගති[22]
ප්‍රියතම නායා සදස්‍යා - පිරිමි දිනාගති[22]
වඩාත් ජේත්තුකාර සදස්‍යා - පිරිමි දිනාගති[22]
ගෝලීය ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී ගෞරව සම්මාන හොඳම රූපවාහිනී තිරයේ ජෝඩි (සනායා ඉරානි සමග) නිර්දේශිත[23]
ප්‍රධාන චරිතයක හොඳම නළුවා (පිරිමි) දිනාගති [23]
ජනතාවගේ තේරීම සම්මාන ඉන්දියාව ප්‍රියතම රූපවාහිනී නාට්‍ය නළුවා දිනාගති[24]
ප්‍රියතම තිරයේ ජෝඩි (සනායා ඉරානි සමග) දිනාගති[24]
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන හොඳම නළුවා ජනප්‍රිය දිනාගති[25]
ඉන්දියානු ටෙල්ලි සම්මාන හොඳම තිරයේ යුවළ සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය (සනායා ඉරානි සමග) දිනාගති[26]
වසරේ හොඳම රූපවාහිනී පෞරුෂත්වය සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය නිර්දේශිත[26]
2015-2016 iOchoice Awards හොඳම ඉන්දියානු නළුවා සමාජ මාධ්‍ය තුළ ඔහුගේ බලපෑම සඳහා දිනාගති

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 "Barun Sobti Turns 30: 5 Fun Facts About The Birthday Boy". Indiatimes. 2014-08-21.
  2. 2.0 2.1 2.2 "Manish Paul, other TV-Bollywood actors who are not single!". Hindustan Times.
  3. "10 things you didn't know about Barun Sobti and Pashmeen Manchanda's love story". daily.bhaskar.com.
  4. "I have reservations about doing intimate scenes: Barun Sobti". The Times of India. සම්ප්‍රවේශය 16 March 2016.
  5. "Bollywood is the next obvious step-Barun Sobti". Times of India. සම්ප්‍රවේශය 9 September 2014.
  6. "Big icons of small screen!". The Times of India.
  7. "The strong & silent TRP-trippers of small screen soaps". The Times of India. සම්ප්‍රවේශය 16 March 2016.
  8. "Small screen's heartthrobs who return on fans' demands". The Times of India. සම්ප්‍රවේශය 16 March 2016.
  9. "Will Barun Sobti get Third time lucky in B-town". Times of India. සම්ප්‍රවේශය 9 September 2014.
  10. "Ali Zafar crowned sexiest Asian man on planet". Times of India. සම්ප්‍රවේශය 9 September 2014.
  11. "Main Air Mr.Right". Bollywood Hungama. සම්ප්‍රවේශය 9 September 2014.
  12. Bollywood Hungama (12 December 2014). "Main Aur Mr. Riight". bollywoodhungama.com.
  13. 13.0 13.1 "Watch: Kritika Kamra kills Barun Sobti for water". සම්ප්‍රවේශය 16 March 2016.
  14. "Barun Sobtis new avatar for 22-Yards". Times of India. සම්ප්‍රවේශය 9 September 2014.
  15. "John Abraham to Launch Harshavardan in Bollywood". Times of India. සම්ප්‍රවේශය 9 September 2014.
  16. "Barun Sobti how he is the best family man". Hindustan Times. සම්ප්‍රවේශය 9 September 2014.
  17. "Barun Sobti's 'Main Aur Mr Riight' promo gets a positive response". The Times of India. සම්ප්‍රවේශය 16 March 2016.
  18. "'Satra Ko Shaadi Hai' is about big fat chaos filled Indian wedding". The Indian Express. 30 April 2014. සම්ප්‍රවේශය 16 March 2016.
  19. David Tusing, Deputy tabloid! Editor. "Barun Sobti: The new-age heartthrob". GulfNews. සම්ප්‍රවේශය 16 March 2016. {{cite web}}: |author= has generic name (help)
  20. "Everything in life is risky: Barun Sobti". The Asian Age. සම්ප්‍රවේශය 16 March 2016.
  21. "6th Apsara Awards-". apsaraawards.org. සම්ප්‍රවේශය 2012-10-23.
  22. 22.0 22.1 22.2 22.3 "Star Parivaar Awards 2012: And the nominees are... : TV News-IBNLive". Ibnlive.in.com. 2012-03-26. සම්ප්‍රවේශය 2012-10-23.
  23. 23.0 23.1 "Global Honours 2012 - The Global Indian Film and TV Honours Awards 2012". Globalhonours.in. සම්ප්‍රවේශය 2012-10-23.
  24. 24.0 24.1 "2012 And the winners are..." People's Choice Awards India. සම්ප්‍රවේශය 30 November 2012.
  25. "The ITA Awards 2012 - Popular Top-5".
  26. 26.0 26.1 "Telly awards 2012 Popular Awards winners". 2012-07-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-18.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බරුන්_සොබ්ති&oldid=659015" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි