බටහිර සැමිටික් භාෂා

විකිපීඩියා වෙතින්

බටහිර සැමිටික් භාෂා යනු, සැමිටික් භාෂාවන්හී යෝජිත ප්‍රධාන උප-කණ්ඩායමකි. රොබට් හෙට්ස්රොන් සහ ජෝන් හියුනර්ගාඩ් වැනි සැමිටික්වේදීන්ගේ රුකුල ලැබූ, පුළුල් ලෙසින් පිළිගැනුම ලද විශ්ලේෂණයක් පරිදී, සැමිටික් භාෂා පවුල, ශාඛා දෙකකට බෙදෙයි:නැගෙනහිර සහ බටහිර. පළමුවැන්න සමන්විත වන්නේ එබ්ලයිට් සහ ඇකැඩියන් වැනි මළ භාෂා වලින් වන අතර, පසුවන්න සමන්විත වන්නේ බහුතරයක් සැමිටික් භාෂා වලිනි. පැහැදිලි ලෙසින් අර්ථදැක්විය හැකි උප-කාණ්ඩ වලට වලින් එය සමන්විත වෙයි: ඉතියෝපික, දකුණු අරාබියානු, අරාබි සහ වයඹදිග සැමිටික් ( හෙබ්‍රෙව්, ඇරමැයික් සහ ඌගරිටික් යන භාෂා මෙයට ඇතුළත් වෙති) ලෙසිනි. පළමු දෙවැන්න, ඉතියෝපික සහ දකුණු අරාබියානු භාෂා, විශේෂිත පොදු ගුණාංග දක්වන අතර, බොහෝ විට දකුණු සැමිටික් ලෙසින් කාණ්ඩගත කෙරෙති. අනෙකුත් සැමිටික් භාෂාවලට සාපේක්ෂව අරාබි භාෂාවේ නිවරැදි වර්ගීකරණය වාද විවාදයට පාත්‍රව ඇත. පැරණි වර්ගීකරණයන්හී, එය කාණ්ඩගත කර ඇත්තේ දකුණු සැමිටික් භාෂා හා සමගය. කෙසේවෙතත්, හෙට්ස්රොන් සහ හියුනර්ගාඩ්, වයඹ දිග සැමිටික් භාෂා හා සමගින් සමීප ලෙසින් එය සම්බන්ධ කරමින්, මධ්‍යම සැමිටික් කාණ්ඩය තනති. සමහරක් සැමිටික්වේදීන්, පැරණි වර්ගීකරණයට සහය දෙමින් තර්ක ගෙන හැර පාන්නේ, භින්න බහු වචන යන විශිෂ්ට ගුණාංගය මත පදනම්ව සිටිමිනි. සමහරක් වාග්වේදීන් තර්ක කරනුයේ ඊටියොසිප්‍රියට් යනු පුරාතන සයිප්‍රසයෙහි භාෂිත බටහිර සැමිටික් භාෂාවක් බවයි.



ආශ්‍රිත[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=බටහිර_සැමිටික්_භාෂා&oldid=277700" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි