බටතොට ලෙන

විකිපීඩියා වෙතින්
(බටතොටලෙන වෙතින් යළි-යොමු කරන ලදි)
බටතොට ලෙන
දිවා ගුහාව
බටතොටලෙනහි වූ පිළිම ගෙය
පිහිටුමසුදගල, කුරුවිට, සබරගමුව පළාත, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක06°48′00″N 80°22′00″E / 6.80000°N 80.36667°E / 6.80000; 80.36667ඛණ්ඩාංක: 06°48′00″N 80°22′00″E / 6.80000°N 80.36667°E / 6.80000; 80.36667
ගැඹුර15 m (49 ft)
දිග25 m (82 ft)
සොයාගැනුම1995

බටතොට ලෙන ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බටතොට පුරාණ ගල්ලෙන් විහාර පරිශ්‍රයෙහි පිහිටි පුරාවිද්‍යා ස්ථානයක් වේ. එය කුරුවිට-එරත්න මාර්ගයේ කිලෝ මීටර 10 පමණ දුරින් පිහිටා තිබෙන අතර ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ සාධක මෙම ලෙන තුලින් හමුව තිබේ.[1]

දිවා ගුහාව[සංස්කරණය]

බටතොට පුරාණ ගල්ලෙන් විහාරයේහි වූ බටතොට ලෙන යන නමින් ප්‍රචලිත ලෙන, බෞද්ධ සාහිත්‍යයහි සඳහන් වන දිවා ගුහාව ලෙස විශ්වාස කෙරේ. බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් විසින් 1995 වර්ෂයේදී මෙම ලෙන දිවා ගුහාව හෙවත් භගවාලෙන විය හැකිය යනුවෙන් ප්‍රකාශ කොට තිබෙන අතර, පූජ්‍ය කිරිඇල්ලේ ඥණවිමල හිමියන් විසින් 1967 වර්ෂයේ රචිත සබරගමු දර්ශනය යන ග්‍රන්ථයෙහිද මෙම ලෙන, දිවා ගුහාව වශයෙන් වන්දනා පාත්‍රයට ලක්ව ඇති සඳහන් කොට තිබේ.[2]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "බටතොට ලෙන". කුරුවිට ප්‍රාදේශීය සභාව. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2016.
  2. සෝමචන්ද්‍ර යකන්දාවල. "දිවා ගුහාව ගැන කතා කරද්දී කතා නොකර බැරි බටතොට ලෙන". දිවයින ඉරිදා සංග්‍රහය. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2016.
"https://si.wikipedia.org/w/index.php?title=බටතොට_ලෙන&oldid=399742" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි