ප‍්‍රතිපත්ති අධ්‍යයනය

විකිපීඩියා වෙතින්

මෙය ප‍්‍රතිපත්ති විශ්ලේෂණය හා වැඩසටහන් තක්සේරු කිරීම යන අංශ දෙකෙහි එකතුවක් ලෙස හැඳින්විය හැකිය. මෙය ”දෙන ලද ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ප‍්‍රතිපත්ති තීරණය කිරීම කෙරෙහි අවධාරණය කරමින් විකල්ප මහජන ප‍්‍රතිපත්තිවල ස්වභාවය සහ හේතු ක‍්‍රමාණුකූලව අධ්‍යයනය කරයි.”

මෙය බොහෝ විට රාජ්‍ය අංශයට අදාළ වන නමුත්, අනෙකුත් ක්ෂේත‍්‍රයන් ඔස්සේ පැමිණෙන විෂයකි. (උදාහරණ : සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, ආර්ථික විද්‍යාව, භූගෝලය, නීතිය, දේශපාලන විද්‍යාව, මානව විද්‍යාව, මහජන ප‍්‍රතිපත්ති, ප‍්‍රතිපත්ති අධ්‍යයනය, සමාජ සේවය, පරිසර සැලසුම් හා රාජ්‍ය පරිපාලනය)


ප‍්‍රතිපත්ති විශ්ලේෂණ[සංස්කරණය]

ප‍්‍රතිපත්ති විශ්ලේෂණය යනු ප‍්‍රතිපත්ති හා ඉලක්ක අතර සම්බන්ධය ඇසුරින් එසේ දෙන ලද ඉලක්ක සපුරා ගැනීම සඳහා වඩාත්ම සුදුසු වන විකල්ප ප‍්‍රතිපත්තීන් තීරණය කිරීමේ ක‍්‍රියාවලියයි. කෙසේ වුවත්, මෙය ප‍්‍රධාන ක්ෂේත‍්‍ර 2කට බෙදිය හැකිය. පළමුවැන්න, ප‍්‍රතිපත්ති පිළිබඳ විශ්ලේෂණ යයි. මෙය ප‍්‍රතිපත්ති සහ එහි වර්ධනය පිළිබඳව සාකච්ඡා කරයි. දෙවැන්න, ප‍්‍රතිපත්ති නිර්දේශය සඳහා කරනු ලබන විශ්ලේෂණයයි. මෙහිදී ප‍්‍රතිපත්ති හා යෝජනා නිර්මාණය කරනු ලැබේ. (උදාහරණ : සමාජ සුබ සාධනය ඉහළ නැංවීම සඳහා) කුමන ආකාරයක විශ්ලේෂණයක් සිදු කළ යුතුද යන්න තීරණය කරන්නේ විශ්ලේෂණයෙහි අරමුණු මත පදනම් වෙමිනි.

මෙය බොහෝ විට රාජ්‍ය ක්ෂේත‍්‍රයෙහි ක‍්‍රියාත්මක වන නමුත්, අනෙකුත් සංවිධානවලට ද එලෙසම අදාළය. බොහෝ විශ්ලේෂකයින් මහජන ප‍්‍රතිපත්ති අධ්‍යයනය ආයතන තුළ ඒ පිළිබඳ උපාධි ලැබුවෝ වෙති. මෙහි මූලාරම්භය වියට්නාම් යුද සමයේ, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් රොබර්ට් මැක්නමාරා විසින් හඳුන්වා දෙනු ලැබූ ‘පද්ධති විශ්ලේෂණය’ දක්වා දිවේ.

මෙය විවිධ ක්ෂේත‍්‍රයන් ඔස්සේ පැමිණෙන විෂයකි. (උදාහරණ : සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, ආර්ථික විද්‍යාව, භූගෝලය, නීතිය, දේශපාලන විද්‍යාව, මානව විද්‍යාව, මහජන ප‍්‍රතිපත්ති, ප‍්‍රතිපත්ති අධ්‍යයනය, සමාජ සේවය, පරිසර සැලසුම් හා රාජ්‍ය පරිපාලනය)


| Policy Studies |}