පෝලන්ත ජාතියට එරෙහි නාසි අපරාධ

විකිපීඩියා වෙතින්

පෝලන්ත රජයට අනුබද්ධිත ජාතික අනුස්මරණ ආයතනයේ (IPN) ඇස්තමේන්තු පරිදී,[1]පෝලන්ත ජාතියට එරෙහි ජර්මානු නාසි අපරාධ විසින්, වාර්ගික පෝලන්ත ජාතික ජීවිත මිලියන 2.77 ක් සහ පෝලන්ත යුදෙව් ජීවිත මිලියන 2.7 සිට 2.9 දක්වා ප්‍රමාණයක් බිලිගෙන ඇත. [2][3] අධිවාසී පෝලන්තයේ වූ මහා සංහාරයෙහි යුදෙව් වින්දිතයන් සංඛ්‍යාව මිලියන 3.0 බවට පෝලන්තයෙන් පිටත සිටින ඉතිහාසඥයින්ගේ මතය වෙයි. [4] මෙම කාල පරිච්ඡේදය තුල නාසි අපරාධ යන විෂයය පිළිබඳ දැනුම ප්‍රචාලනය, 2000 වසරෙහිදී ගෙන ආ පෝලන්ත පාර්ලිමේන්තු පණතක් මගින්, මෙම ආයතනය වෙත පවරන ලද අතර,[5] පෙරදී පැවති පෝලන්ත ජාතියට එරෙහි ජර්මානු අපරාධ පිළිබඳ පරික්ෂණ සිදුකිරීමේ ප්‍රධාන කොමිසම වෙනුවට එය පත් කෙරිණි.[6][7]

1939 වසරෙහි ආක්‍රමණය,[8] තුලදී මෙන්ම, ඉනික්බිතව දෙවන ලෝක යුද්ධය තුල සිදුවූ පෝලන්ත අධිවාසය තුලදීද මෙම අපරාධ සිදු කරන ලදි.[9] පෝලන්ත ජාතියට එරෙහිව ජර්මානු තුන්වන අධිරාජ්‍යයෙහි පැවති වර්ගඝාතමය ප්‍රතිපත්තිය, නාසි ජර්මානු යුද්ධ අපරාධ (1939–45) සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වල අපිකේන්ද්‍රය විය.

පෝලන්තයට එරෙහි යුද්ධයේ ඇරඹුමෙහි සිටම, ඔහුගේ 1925 පොත මයින් කම්ෆ් තුල, නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් විසින් සකස් කර තුබූ සැලැස්ම සාක්ෂාත් කර ගැනීම, ජර්මනියේ අභිප්‍රාය විය. මෙම සැලැස්මෙහි අරමුණ වූයේ, නැගෙනහිර යුරෝපයේ භෞමික ව්‍යාප්තිය සහ, ඊනියා ලේබන්ස්රොම් (ජීවත්වන අවකාශය) නම් එම ප්‍රදේශයන්හී තුල ජර්මානුවන් යළි-පදිංචි කිරීම විය.[9][10]යුද්ධයේ අරමුණ වූයේ, වාර්ගික මතවාදය භාවිතයෙන් මෙම භෞමික ප්‍රතිපත්තිය මුදුන්පත් කරගැනුමය. [11] 1939, අගෝස්තු 22 දිනදී, පෝලන්තය ආක්‍රමණයට ආසන්නයේදී, ඔහුගේ සේනාධිපතිවරුන්ට හිට්ලර් විසින් ඉපැහැදිලි අවසර දුන්නේ "පෝලන්ත සම්භවය සහිත හෝ පෝලන්ත භාෂාව කථා කරන හෝ පුරුෂයන්, ස්ත්‍රීන් සහ, ලමයින්, අනුකම්පාව හෝ කරුණාව නොදක්වමින්" මරා දමන ලෙසටය. [12][13]


උපහරණ[සංස්කරණය]

  1. වොයිජක් මටර්ස්කි, ටෝමස් සාරෝටා (2009), Polska 1939-1945. Straty Osobowe i Ofiary Represji pod Dwiema Okupacjami (අධිවාස දෙක යටතේ මිනිස් ජීවිත අහිමිවීම් සහ මර්දනයන්හී වින්දිතයෝ) වේබැක් යන්ත්‍රය තුල (අධිලේඛිත මාර්තු 23, 2012). සම්ප්‍රවේශය මාර්තු 13, 2013. Quote: Łączne straty śmiertelne ludności polskiej pod okupacją niemiecką oblicza się obecnie na ok. 2 770 000. වර්තමාන ඇස්තමේන්තුව වන්නේ ජර්මානුඅධිවාසය නිසා දළ වශයෙන් වින්දිතයෝ 2,770,000 බවයි. මෙය, පූර්ව-යුද්ධ පෝලන්තයේ වාර්ගික පෝලන්ත ජාතික මිලියන 24.4 වෙතින් 11.3% ක් විය.
  2. වොයිජක් මටර්ස්කි, ටෝමස් සාරෝටා (2009), Polska 1939-1945. Straty Osobowe i Ofiary Represji pod Dwiema Okupacjami වේබැක් යන්ත්‍රය තුල (අධිලේඛිත මාර්තු 23, 2012). Quote: Liczba Żydów i Polaków żydowskiego pochodzenia, obywateli II Rzeczypospolitej, zamordowanych przez Niemców sięga 2,7- 2,9 mln osób. යුදෙව් වින්දිතයන් ප්‍රමාණය, මිලියන 2,7–2,9 දක්වා යැයි ඇස්තමේන්තු කර ඇත. පූර්ව-යුද්ධ පෝලන්තයේ ජීවත්වූ මිලියන3.3 යුදෙව්වන්ගෙන් මෙය 90% පමණ විය.
  3. සටහන: යුක්‍රේනියානු සහ බෙලරුසියානු වාර්ගික කණ්ඩායම් වලට අයත්වූ පෝලන්ත පුරවැසියන්හට වූ හානි, IPN සංඛ්‍යාවන්හී අඩංගු වී නොමැත. උද්ධරණය: Straty ludności państwa polskiego narodowości ukraińskiej i Białorusini są trudne do wyliczenia. පරිවර්තනය: මෙම හානි නිරවද්‍ය ලෙසින් ඇස්තමේන්තු කිරීම දුෂ්කරය. සෝවියට් අධිවාසය තුලදී සිදුවූ අමතර හානි 150,000 ප්‍රමාණයක්ද උද්ධෘත සංඛ්‍යාවන්හී ඇතුළත් නොවේ. උද්ධරණය: pod okupacją sowiecką zginęło w latach 1939-1941, a następnie 1944-1945 co najmniej 150 tys. එලෙසම, වොලීනියා සහ නැගෙනහිර ගැලීසියා තුල යුක්‍රේනියානු පෝලන්ත ජාතිකයන් සමූලඝාතනයෙහි වින්දිතයෝද IPN සංඛ්‍යාවන්හී අඩංගු නොවෙති. උද්ධරණය: Do tych strat należy doliczyć ponad 100 tys. Polaków pomordowanych w latach 1942-1945 przez nacjonalistów ukraińskich w tym na samym Wołyniu ok. 60 tys. osób. පරිවර්තනය: වොලීනියා සහ නැගෙනහිර ගැලීසියා තුල සඹුලඝාතන තුලදී, 1942-1945 වසර වලදී ඝාතනය කෙරුණු පෝලන්ත ජාතිකයන් 100,000 සහ වොලීනියා තුල ඝාතනය කෙරුණු 60,000 පමණ දෙනා මෙම හානි වලට ඇතුළත් විය යුතුය.
  4. ඩවීඩොවිච්, එල්. (1986), ද වෝ අගේන්ස්ට් ද ජූස්, බැන්ටම් බුක්ස්, පි.403.
  5. IPN 2013, Guide.
  6. යර්ෂි හැල්බෙර්ෂ්ටාට් (31 දෙසැ 1995). "මේන් ක්‍රයිම්ස් කමිෂන් ඉන් පෝලන්ඩ්". H-Net හියුමැනීටීස් ඇන්ඩ් සෝෂල් සයන්සර්ස් ඔන්ලයින්. සම්ප්‍රවේශය 5 ඔක්තොම්බර් 2013. {{cite journal}}: Cite journal requires |journal= (help); Italic or bold markup not allowed in: |publisher= (help)
  7. ඩරියුස් ස්ටෝලා (2013). "පෝලන්ඩ්ස් ඉන්ස්ටිට්‍යුට් ඔෆ් නැෂනල් රිමෙම්බ්‍රන්ස්: අ මිවිස්ට්‍රි ඔෆ් මෙමරි?" (PDF file, direct download 507 KB). මේන් කමිෂන් ෆො ද ඉන්ෆෙස්ටිගේෂන් ඔෆ් ජර්මන් ක්‍රයිම්ස් ඉන් පෝලන්ඩ්. Academia.edu: 5 in current document (or 50). සම්ප්‍රවේශය 5 ඔක්තොම්බර් 2013.
  8. Kulesza 2004, PDF, p. 29.
  9. 9.0 9.1 Gushee 2012, pp. 313–314.
  10. යානුෂ් ගුම්කොස්කී සහ කෂිමෙයිෂ් ලේෂ්ටින්ස්කි, "හිට්ලර්ස් වෝ; හිට්ලර්ස් ප්ලෑන්ස් ෆෝ ඊස්ටර්න් යුරප්", 1961, පෝලන්ඩ අන්ඩර් නාසි ඔකියුපේෂන් තුල, පොලෝනියා ප්‍රකාශක මන්දිරය, වෝර්සෝ, පිටු. 7-33, 164-178.
  11. Gordon 1984, p. 100.
  12. ලූකාස්, රිචඩ් සී. (2013). අවුට් ඔෆ් ච ඉන්ෆර්නෝ: පෝල්ස් රිමේමබර් ද හොලෝකාස්ට්. කෙන්ටකි විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 2. සම්ප්‍රවේශය 9 ඔක්තොම්බර් 2013.
  13. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Moor-Jankowski නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි