පොතුපිටිය වාලුකාරාමය

විකිපීඩියා වෙතින්

වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති වසර දෙසිය පණහකට වඩා ඉතිහාසයකට උරුමකම් පවතින ඉපැරණි විහාරයකි. මෙම විහාරයේ ආරම්භය ක්‍රි.ව. 1770 දක්වා ඈතට දිව යන අතර වැලි අරම ලෙසින් හඳුන්වා පසුව වාලුකාරාමය ලෙසින් නම් කරවා තිබේ. නන්දසිරි නම් ගණින්නාන්සේ විසින් උඩරට සිට මල්වතු පැවිද්ද ලබා පැමිණ මෙම විහාරය අරඹන ලද අතර පානදුර තොටුමුණ පළාතේ මල්වතු නිකාය ස්ථාපිත පළමු විහාරය වන්නේ ද පොතුපිටිය වාලුකාරාම විහාරයයි.

"https://si.wikipedia.org/w/index.php?title=පොතුපිටිය_වාලුකාරාමය&oldid=502060" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි