පොකුණුවිට සෙල්ලිපිය
පොකුණුවිට සෙල්ලිපිය
රයිගම් කෝරළයේ කුඹුකේ පත්තුවේ හොරණ නගරයට ආසන්නයේ පොකුණුවිට ග්‍රාමයේ කොඤ්ඩඤ්ඤා රාමය නොහොත් කිත්සිරිමෙවන් රජ මහා විහාරයේ නොඑසේනම් ගලේ පංසලේ ගල් තලාවක් මත මෙම ශිලා ලේඛනයකොටා ඇත.
මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් 1931 දී කියවා ඇති පරිදි මෙම සෙල්ලිපිය ක්‍රි.ව 4වන සියවසට අයත්ය. මේ සමයේ රාජ්‍යය පාලනය කළේ සිරි මේඝවණ්ණාභය රජතුමාය.( ක්‍රි.ව 301 -328)
මෙම සෙල්ලිපිය අඩි අටක් දිග හා අඩි හතරක් පළලය. වර්තමානයේ යකඩ වැටක් ගසා ආරක්ෂා කොට ඇත. ස්වභවික උවදුරු නිසා වර්තමානයේ අක්ෂර බොහොමයක් මැකී ගොස්ය.
මින් කියැවෙන්නේ ශ්‍රී මේවණ්ණා රජු සමයේ සිව නම් ඇමතියෙකුගේ දේව නම් පුතනු ඇමති කෙනෙකු විසින් අසල පවති මහා වෙළදපළෙනේ ලැබෙන අයෙන් කොටසක් මෙම විහාරස්ථානයට පූජා කරන ලෙස අණ පිහිටවූ බවය.
නාග මෝරිය අක්ෂර හෙවත් බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා ඇත. සිරි මේළවණ්ණ රජු විසින් දිවයිනේ විවිධ ස්ථානවල විහාර18ක් කළ බව මහා වංශයේ (ම.ව 37-99) ගාථාවන්හි දැක්වේ. ඉන් එක් විහාරස්ථානයක් මෙම කොඤ්ඩඤ්ඤාරාමය වෙතැයි සැළකේ.
මෙයියින් අපට නිගමනයකළ හැකි ඓතිහාසික තොරතුරු වන්නේ අනුරාධපුර යුගයේ රයිගම පෙදෙස්වල මනා පාලනයක් පැවති බවය. සිව නැමැති ඇමතියා මෙම පෙදෙස පාලනය කළ පසු ඔහු පුත් දේව නැමැත්තා පාලනය කරගෙන ගොස් ඇත.
දෙවැන්න රයිගම දුරාතීතයේ සිට පැවති සරු වෙළදාමය. රත්නපුරයෙන් ලබා ගන්නා මැණික්, ඉහළ පලාත් වලින් අල්ලා ගන්නා ලද අලි ඇතුන් මෙම වෙළඳ පෙළේලේ දෙස් විදෙස් ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන් අතර හුවමාරු වන්නට ඇත.
තෙවැන්න මෙම වෙළදපළ පිහිටියේ රජරට හා රුහුණ වෙත යැවුණු මාර්ගය ආසන්නයේ වීමය. එමෙන්ම සඹරගොමුව සිට පානදුර තොටමුණ දක්වා යැවෙන මාවතත් හමුවන මන්සංධිය අසල මේ වෙළඳපළ පවතින්නට ඇති බවය. විජයබාහු රජ බලන්ගොඩ පෙදෙසේ සිට සඹරලොමුව හරහා පැමිණි හිරණ්‍යමළය අත්පත් කරගෙන රෙමුණ බලකොටුවට පහර දුන්නේකියන පුවත අනුවත් එකල මෙම මහා මාර්ගය පිළිබද කරුණු සනාථවේ. මහා මාර්ගයක් ආසන්නයේ මිසක වෙළදපළක් පවතින්නේ නැත. මෙම වෙළදපළ ඉපයූ ආදායම බොහෝවිට අලකේෂ්වර රජවරුන් යටතේ රයිගම මහා බලයක් ගොඩ නැගිමට හේතු වන්නට ඇත.
මූලාශ්‍රය-(Ceylon journal of section –G:II:P 180)
රයිගම්පුර රාජධානිය- ගුසේන ගමගේ
අසිරිමත් රයිගම - ජානක තරංග ආරියරත්න
ජනජීවිතය, ජනශ්‍රැතිය හා රයිගම - ඊ.ඇම්. රත්නපාල
ත්‍රි සිංහලේ කඩවත් පොත -මාරබේ