පේරාදෙණිය ගල් බංගලාව

විකිපීඩියා වෙතින්
පේරාදෙණිය ගල් බංගලාව.

මහනුවරට අයත් උපනගරයක් වූ පේරාදෙණියේ පිහිටා තිබෙන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් ගල් බංගලාව, විශ්වවිද්‍යාලය විසින් වර්තමානයේදී අමුත්තන්ගේ නිවාසයක් ලෙස පවත්වාගෙන යනු ලබයි.

අතීතය[සංස්කරණය]

මහකන්ද වතුයායේ හිමිකරුවා වූ තේ වැවිලිකාර කර්නල් තෝමස් යැට්ස් රයිට් විසින් 1939 වර්ෂයේදී මෙම බංගලාව ඉදිකල බව සඳහන් වෙයි. එකල මෙම බංගලාව රයිට්ගේ බංගලාව, ලෙස හඳුන්වා තිබෙයි.

පසුකාලීනව මෙම බංගලාව පේරාදෙණිය, ලංකා විශ්වවිද්‍යාලය විසින් සිය භාරයට ගනු ලැබූ අතර, එය විවාහක ශාස්ත්‍රඥයින් වෙනුවෙන් වූ නේවාසිකාගාරයක් ලෙස භාවිතයට ගන්නා ලදී. වර්තමානයේදී බංගලාව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට බාහිරින් පැමිණෙන ශාස්ත්‍රඥයින් වෙනුවෙන් වූ අමුත්තන්ගේ නිවාසයක් ලෙස භාවිතයට ගනු ලැබේ.

බාහිර සබැඳි[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පේරාදෙණිය_ගල්_බංගලාව&oldid=592612" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි