පෙර පාසල්

විකිපීඩියා වෙතින්
ගොනුව:Acti.jpg
ශ්‍රී ලංකාවේ පෙර පාසලක ඡායා රූපයකි.

පෙර පාසල් අධ්‍යාපනය යනු ව්‍යවස්ථාපිත අධ්‍යාපනයට පෙර සාමාන්‍යයෙන් අවුරුදු තුනත් පහත් අතර වයස් කාණ්ඩ වලට අයත් වුද අධිකරණ නීතිය අනුව යැපෙන්නන් ලෙස නම් කෙරෙන්නා වූද ළමුන් සඳහා වු අධ්‍යාපන ප්‍රතිපාදනයකි. මෙය ළමා සංවර්ධන මධ්‍යස්ථාන, මොන්ටිසෝරි, ළදරු පාසල, පෙර පාසල යන නම් වලින් හදුන්වන අතර මෙය ළමයාගේ කුඩා අවදියේදී නිවසේදී දෙමපියන් හා අවටපරිසරයෙන් ලබාගන්නා දැනුමට අමතර බාහිරව ලැබියයුතු අධ්‍යාපනය හෙවත් මූලික අධ්‍යාපන අවදිය, සංසන්දනාත්මක අධ්‍යාපනය ඇතුළු සෑම අධ්‍යාපනික අවශ්‍යතවයන්ද සපුරන ආකාරයට සකස් කර ඇත.

පෙරපාසල් අධ්‍යාපන සංවිධානය වෘත්තිමය අධ්‍යාපනඥයන් විසින් සිදුකල නිමැවුමකි. මෙහි සැකිල්ල සඳහා ව්‍යුහාත්මක පරිපාලනය, පන්තියේ ප්‍රමාණය, ගුරු-සිසු සංඛ්‍යාවේ අනුපාතය,ක්‍රියවලි ආශ්‍රිත පන්තිකාමරයේ ගුණාත්මක භාවය, ගුරු-සිසු සබඳතාවය ආදිය සහ ඇගයුම් ආශ්‍රිත ප්‍රමිතිය, අධ‍ය්‍යාපන පාටිපාටිය,අධ්‍යාපනික ඇගයුම් ආදි එක් එක් සිසුවා කෙරෙහි ආවෙනික වු සමාඡීය හා අධ්‍යාපනිකව වැදගත්වු ප්‍රතිථල ලබාදෙන සංරචක ඇතුලත් කර ඇත.

පෙර පාසල් ඉතිහාසය[සංස්කරණය]

90 දශකයේ දී යුරෝපීය අධ්‍යාපනඥයන් විසින් කුඩා දරුවන්ගේ අධ්‍යාපන පද්ධතිය නිර්මාණය කිරීමේ දී මනුෂ්‍ය වර්ගයාගේ ඉතාමත් තීරණාත්මක සහ සීඝ්‍ර වර්ධනයක් සිදුවන අවධිය සඳහා ඉතා කාර්යක්ෂම අධ්‍යපන ක්‍රමයක් ලෙස මෙම අධ්‍යාපන ක්‍රමය හදුන්වාදි ඇත.රොබට් ඕවන් නම් අධ්‍යාපනඥයා විසින් "නිවු ලැනාක්" නම් පළමු පෙර පාසල ආරම්භ කරන ලද අතර පසුව එවන් පෙර පාසල් ගනනාවක් එංගලන්තය පුරා ආරම්භ විය.

සංවර්ධනය කරනු ලබන සංරචක[සංස්කරණය]

පෙර පාසල් අධ්‍යාපනයේ සංවර්ධනය කරනු ලබන සංරචක රටකින් රටකට විවිධත්වයක් ගනී. කෙසේ වුවත් බහුතරයක් පද්ධතීන්, පහත වූ ප්‍රධාන තේමාවන් යටතේ නිරූපනය වේ.

  • පෙද්ගලික,සමාජිය සහ භාවාත්මක සංවර්ධනය
  • සන්නිවේදනය ,කථනය සහ සවන්දීම ඇතුලත්ව
  • ලෝකය පිලිබද දනුම සහ අවබෝධය
  • නිර්මාණාත්මක හා සෞන්ධර්ය පිළීබද සංවර්ධනය
  • ශාරීරීක සංවර්ධනය
  • ගණීතමය දනුම සහ සංවර්ධනය

සංවර්ධනාත්මක අධ්‍යාපනයේ පදනම වී ඇත්තේ පෙර පාසල් යන වයසේ දුවා දරුවන්ට ඉහත සංවර්ධනය කලයුතු ප්‍රදේශ සොයගැනීම සහ ගවේෂනය කිරීමට අත් වැලක් සැපයීමයි.ජාතික අධ්‍යාපන ආයතනය මගින් සංවර්ධනයට ඔබින පුහුණුවක් පිළීබඳ අදහසක් ප්‍රසිද්ධියට පත්කර එය ප්‍රවර්ධනය කලත් තව කල‍යුතු දෑ බොහෝමයක් ඉතිරිව ඇත. බොහෝ පෙර පාසල් ගුරුවරුන් සංවර්ධනය පිළිබද පුහුණුව හා දෑනුම ඇතිඅය වුවත් ඔවුන්ට එය පන්තිකාමරය තුල ක්‍රියාත්මක කිරීම අභියෝගාත්මක වී ඇත. 80% පෙර පාසල් තිබුනත් ඉන් 20% පමණ දියුණු තත්වයක නොපවතින බව ජාතික අධ්‍යාපන ආයතනය මගින් ප්‍රකාශයට පත්කර ඇත.

ඉහත සදහන් පරිදි පෙර පාසල් අධ්‍යාපනයේ දී දරුවාගේ හදුනා ගැනීමේ හැකියාව, අන් අය සමග සහයෝගීව කටයුතු කිරීමේ හැකියාව සහ තමන්ගේ සමාජීය වටපිටාව පිළිබඳ අවබෝධයක් ලබාගැනීම පෞද්ගලික සමාජීය හා භාවාත්මක සංවර්ධනය වේ.එමන්ම ළමයාගේ දැනුමේ වර්ධනය, බාහිර උත්තේජන සඳහා ප්‍රතිචාර දැක්වීම සහ පාලනය පිලිබඳ අවබෝධය ලබාදීමද මෙමගින් සිදුකෙරේ. සන්නිවේදනය සහ භාෂාව වර්ධනය කිරීම මගින් ඔවුන්ගේ ශබ්ද සහ දර්ශන සඳහා ප්‍රථිචාර සහ තමන්ගේ හැඟීම් දැනීම් හුවමාරු කර ගැනීම, භාෂාව හැසිරවීම පිළිබඳ දැනුමක් ලබාගැනීම ඇතුලත් වේ.එමෙන්ම විවිධ අත්කම් සහ අධ්‍යාපනික වැඩමුළු ආශ්‍රයෙන් ඔවුන්ගේ නිර්මාණාත්මක හා සෞන්දර්ය පිළිබඳ සංවර්ධනය සිදුකරන අතර විවිධ ශාරිරික ක්‍රියාකාරකම් හා සෞඛ්‍යපුරුදු ඇති කිරීමේන් ඔවුන්ගේ ශාරිරික වර්ධනය ඇතිකිරීම සිදුකෙරේ.

වයස සහ වැදගත්කම[සංස්කරණය]

පෙර පාසල් අධ්‍යාපනයේ දී සාමන්‍ය වශයෙන් සලකා බැලෙන්නේ සිගිත්තන් සහ පාසැල් යන වයස් කාණ්ඩ අතර වු අවුරුදු 3 සහ 5 අතර ළමුන්ය. ළමුන් සංවර්ධනය වන අවධියේදි තොරතුරු සීඝ්‍රව ග්‍රහනය කර ගන්නා අතර නව නිර්මාණ කරයි. මේ අවදියේදී සිදුවන මොළයේ වර්ධනය ජීවිතයේ අවසානය දක්වාම මනා සබඳතාවයක් ඇතිකරගනී. කුඩා දරුවාගේ මෙම සිඝ්‍ර මොළයේ වර්ධනය ඔවුන්ගේ නිර්මාණාත්මක දීයුණුව සහ භාවාත්මක දියුණුව කෙරෙහි දෑඩි බලපෑමක් ඇතිකරයි. පෙර පාසල් අවධියෙදි ලබන්නාවු අත්දැකීම් දරුවාට කෙටිකාලීන මෙන්ම දීර්ඝ කාලීනව බලපා ඇති බව දැනට සමීක්ෂන වලින් හෙලිවී තිබේ. විශේෂයෙන් අක්‍රමවත් දැනුම සහ අවබෝධය දරුවාගේ පසුකාලීන ඡීවිතයට අයහපත් ලෙස බලපා ඇති බව සමීක්ෂන වලින් තහවුරු වී තිබේ.


පෙර පාසල් අධ්‍යාපනයේ රීති[සංස්කරණය]

ගොනුව:Child111.jpg
ශ්‍රී ලංකාවේ පෙර පාසලක ඡායා රූපයකි.

ඇතැම් පෙර පාසල් ඔවුනට සුවිශේෂි වු ඉගැන්වීම් ක්‍රම අනුගමනය කරනු ලබයි. නිර්මාණාත්මක අධ‍ය්‍යන පටිපාටි,කථනය,සවන් දීම,ගණිතමය අත්දැකීම්,සංගීතය,නර්ථනය,ආදී විවිධාකාර ක්‍රියාකාරකම් යොදාගනී. පෙර පාසල් වයසේ දරුවන් අගය කිරිම සදහා දෙමාපියන්ට සහ ගුරුවරුන්ට, ඔවුන්ගේ නිර්මණාත්මක ක්‍රියකාරකම් සංවේදනය කලහැකි වෙබ් අඩවියක් වැනිය. මේම වෙබ් අඩවිය දරුවාගේ පන්තිකාමරය තුල ක්‍රියාකාරකම් සඳහා සාරාංශ ගත වාර්ථා සපයන අතර එය ඕනෑම අයෙකුට පහසුවෙන් පරිහරනය කල හැකි පරිශීලන මිත්‍ර ක්‍රමයක්ද වේ. මෙම වෙබ් අඩවියේ විවිධ ක්‍රියාකාරකම් ඇති අතර ඒවා විවිධාකාරවූ අභිමතාර්ථ ඉලක්ක කොටගෙන පවතී.

පෙර පාසල් අධ්‍යපනයේ අත්‍යාවශ්‍ය අංග ඇතුලත් නීතී රීතී සහ ඔවුන්ගේ විශේෂීය වූ අවශ්‍යතා පිලිබද රජය මගින් 1997 දී ඇතිකරනු ලැබූ අධ්‍යාපනික ප්‍රතිසංස්කරන,ළමුන්ගේ පන්තිකාමරය තුල මෙන්ම බාහිර අවශ්‍යතා පිලිබඳව අවධානයක් යොමුකර ඇත. මෙම ප්‍රතිසංස්කරනය මගින් යෝග්‍යතාවය සහ ක්‍රියාකාරකම් ආශ්‍රිත ඉගැන්නුම් සහ ඉගැන්වීම් ක්‍රමය සහ පුඵල් පරාසයක් තුල ක්‍රියාකාරකම් ඇගයීම ආදිය ඇතිකරන ලදී. එමෙන්ම ජාතික අධ්‍යාපනික ආයතන මගින් ගුරුවරුන් සදහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. තවද සමාජීය හා සුබසාධන කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ අධීක්ෂනය යටතේ පොදු අධ්‍යපනික පද්ධතියට ජාතික ප්‍රතිපත්තීන් පිහිටුවා ඇත.


පෙර පාසල් සඳහා වූ ආයෝජන[සංස්කරණය]

දැනට ශ්‍රි ලංකාවේ ප්‍රාථමික අධ‍ය්‍යාපනය සඳහා සහභාගී වන්නේ පෞද්ගලික ආයතන, පරිපාලන අධිකාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන වේ. 2004 වර්ෂයෙදී ඇතිවූ සුනාමි ව්‍යවසනයෙන් පසු විවිධ රටවලින් ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා විශාල වශයෙන් ආයෝජන ගලා එන්නට විය. ඉන් එක් ව්‍යපෘතියක් ලෙස RMF ව්‍යපෘතිය ශ්‍රී ලංකාවේ සුනාමි ව්‍යවසනය වැඩි වශයෙන් බලපෑ ප්‍රදේශවල අවතැන් වූ කුඩා දරුවන් වෙනුවෙන් විශාල වශයෙන් අනුග්‍රහය දක්වන ලදී.ඔවුන් විසින් තවමත් ධීවර ගම්මාන සඳහා මෙන්ම පෙර පාසල් සහ සෞඛ්‍යය මධ්‍යස්ථාන සඳහාද අනුග්‍රහය දක්වයි. ඒ අතරින් පෙර පාසල් සදහා ක්‍රමානුකූල අධ්‍යපනයක් මේන්ම සමාජීය සබඳතාවයක් ඇතිකිරීමේහිලා උනන්දුවීම විශේෂත්වයක් වේ. එමෙන්ම නගරබඳ සුපිරි පෙර පාසල් වල සහ මෙවැනි ග්‍රාමීය දරුවන්ගේ පෙර පාසල් අතර වෙනස නැතිකිරීමට මොවුන් උත්සාහ කරයි.නමුත් රජය මගින් තවමත් එවැනි පොදු පෙර පාසල් ඇතිකිරීමෙහි ලා කිසිදු උත්සාහයක් දරා නොමැත. එසේ වුවත් මෙවැනි දරුවන් ජාතික පාසල් වලට ඇතුලත් කිරීමෙදී පෙර පාසල් අධ්‍යාපනය නොලැබූ දරුවන් වෙනුවෙන් විශේෂවූ අධ්‍යාපනික ක්‍රම ඇතුලත් පන්තිකාමර දැන් ක්‍රියාත්මක කර ඇත. එමනිසා ග්‍රාමීය දරුවන්ට අනෙකුත් දරුවන් සමග උරෙනුර ගැටී අධ්‍යාපන කටයුතු කිරීමට එය මහත් රුකුලක් වී ඇත.වර්ථමානයේ උතුරු මැද පලාත,අනෙකුත් මායිම් ගම්මානවල සහ උතුරේ පෙර පාසල් ව්‍යාපෘති ආරම්භ කරමින් පවතී. ඉන් සමහරක් ලෙස වැලිඔය,පදවිය සහ මැදවච්චිය විශේෂවේ. එමෙන්මපෙර පාසල් ගුරුවරුන්ට මනා මග පෙන්වීමක් ලබා දීම සඳහා සහ ඔවුන්ගේ දැනුම වර්ධනය කීරීම උදෙසා ගුරු අත්පොත් ලබා දීමද සිදුකර ඇත.තවද උතුරු මැද පලාත්පෙර පාසල් දියුනු කිරීමේ අධිකාරිය විසින් ගුරුවරුන් පුහුණු කිරීමේ විශේෂ මධ්‍යස්ථාන ආරම්භ කර ඇති අතර එමගින් පෙර පාසල් ගුරුවරු 2800ක් පමණ දැනටමත් පුහුණු කර ඇත.

පෙර පාසල් තුලවන විශේෂීය අධ්‍යාපනය[සංස්කරණය]

වර්ථමානයේ අධ්‍යාපන පද්ධතිය ශිෂ්‍ය කේන්ද්‍රීය වෙනස්වි ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ගුරුවරුන්ටද විශේෂීයවු පුහුණු ක්‍රියාකාරකම් අවශ්‍ය වී ඇත.එමගින් ළමුන්ගේ ක්‍රියාකාරකම් හොඳින් අධ්‍යයනය කීරීමටත් ,ඔවුන් දිරිමත් කිරිමටත්,විශේෂ වු හැකියාවන් ඔප්නැංවීමටත් හැකියාව ලෑබී තිබේ. මේම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමය විශේෂයෙන්ම ගුරුවරුන් සහ දෙමවුපියන්ට වැදගත් මගපෙන්වීමක් සිදුකරන අතර එය ළමයාගේ සංවර්ධනය සඳහාද මහත් ලෙස පිටුවහලක් වේ.

සාමාන්‍ය පොදු අධ්‍යාපනික ක්‍රමයට වෙනස් වූ සුවිශේෂ අධ්‍යාපනික ක්‍රමයක් මෙම පෙර පාසල් තුල දක්නට ලැබේ. විෂය දැනුමට අමතරව දරුවාගේ අනෙකුත් සියලුම ක්‍රියාකාරකම් වර්ධනයෙහිලා මෙම විෂය නිර්දේශයන් පිලියෙල කර ඇත. ඒවා අතරින් විෂය දැනුම හා සම්බන්ධව...

ගොනුව:New111.jpg
ශ්‍රී ලංකාවේ පෙර පාසලක ඡායා රූපයකි..
  • සිංහල හා ඉංග්‍රීසි වාග්මාලාව
  • ගණිත දැනුම
  • පෙල පොත් භාවිතය
  • පුවත් පත් භාවිතය
  • චිත්‍ර හා නිර්මාණ කරනය

එමෙන්ම බාහිර ක්‍රියාකාරකම් වර්ධනය කිරීමෙහි ලා..

  • විවිධ ශබ්ද හා සංගීතය
  • අත්කම්
  • ගුරු දින, දෙමාපිය දින සැමරීම
  • විනෝද චාරිකා
  • වාර්ෂික විවිධ ප්‍රසංග
  • විවිධ සංස්කෘතික උත්සව

මේ අතුරින් නවතම පියවරක් ලෙස පරිගණක ආශ්‍රිත ක්‍රියාකාරකම්ද නවීන පෙර පාසල් වල යොදා ගැනේ. තවද ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන සෞඛ්‍යමය හා විනීත ගතිපැවතුම් ඇතිකිරීම සඳහා..

  • හොඳ පුරුදු හා චාරිත්‍ර ඇතිකිරීම
  • සාර්ධර්ම පුහුණු කිරීම
  • සොබා දහමට ඇති ලැදියාව වර්ධනය කිරීම
  • විනීතව ආහාර ගැනීමේ පුරුදු

මෙන්ම වාර්ෂික සෞඛ්‍ය සායන පවත් වීම සිදු කෙරේ.තවද ඉහත වූ සියලුම දැනුම ඇගයීම හා ඒ පිලිබඳ දෙමාපියන් දැනුවත් කිරීම සඳහාද විශේෂ දස්කම් දැක්වූ සිසු දරුවන් ඇගයීම හා ඔවුන් තවත් උනන්දු කිරීමට ඇගයීම් පත්‍රිකා හා ඒ ආශ්‍රිත වාර්ථා ගත ප්‍රස්ථාර ආදිය පවත්වාගෙන යාමද සිදු කෙරේ. පහත දක්වා අත්තේ එවන්වූ ඇගයීම් පත්‍රිකාවකි.



අංකනය ඇගයීම් පටිපාටිය පළමු වාරය දෙවෙනි වාරය තෙවෙනි වාරය වර්ෂ අවසාන ප්‍රථිපලය
ජන පෙබ මාර්තු එකතුව මැයි ජුනි ජූලි එකතුව සැප් ඔක් නොවැ එකතුව
1 පවිත්‍රතාවය
2 කථා විලාසය
3 ආකල්ප
4 බාහිර ක්‍රියාකාරකම්
5 පැමිනීම
6 සහයෝගීතාවය
7 ව්නීත භාවය
8 විෂය දැනුම

මේවාද බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පෙර_පාසල්&oldid=423856" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි