මුල් ළමාවියේ සංවර්ධනය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search


මුල් ළමාවිය සංවර්ධන සඳහා ඉවහල්වන සෙල්ලම් මිදුලක්

ජාත්‍යන්තර නිර්වචනයට අනුව මුල් ළමාවිය යනු දරුවකුගේ පළිසිඳගැනීමේ සිට අවු 8 දක්වා කාලයයි. ඒනම් වයසු අවුරුදු 0-8 කාලයයි. නමුත් ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය ජාතික ප්‍රතිපත්තියට අනුව මෙම වයස 0 -5 වේ. පුද්ගලයකුගේ ජීවිතයේ ඉතාමත් වැදගත්ම අවධීය වන්නේ මුල් ළමාවිය අවධියයි. ඒනම් ඹ්නම පුද්ගලයෙකුගේ බුද්ධි සංවර්ධනයෙන් 80% ක්ම සිදු වන්නේ මෙම මුල් ළමාවිය අවධියේදීය. සියලුම මිනිසුන්ගේ ජීවිතයේ පදනම සකස් වන්නේ මෙම අවධියේදීය. බුද්ධි සංවර්ධනය යනු මෙම අවධියේදී පංචේන්ද්‍රය හරහා ලබන අත්දැකීම් පදනම් කරගෙන මොළයේ සිදුවන සෛල උත්තේජනය හරහා ඇතිවන සංකීර්ණ ක්‍රියාවලියකි.

මුල් ළමාවියේදී දරුවාගේ සංවර්ධනය ප්‍රශස්ථ කිරීම සඳහා ගතහැකි/ගතයුතු ක්‍රියා මාර්ග, මුල් ළමාවියේ සංවර්ධනය සඳහා රැකවරණය (ECCD) නම්වේ.


ප්‍රධාන අංග[සංස්කරණය]

අංග 3කි


දිවි සුරැකුම[සංස්කරණය]

මුල් ළමාවියේදී ‍ජීවිත හානි වියහැකි අවස්ථා මගහැර ජීමිතය රැකගැනීමේ ක්‍රමවේද මෙයට ඇතුලත්වේ.
නිදසුන්

  • සෞඛ්‍ය ආරක්‍ෂිත දරු ප්‍රසූතිය
  • මාතෘ නිවාඩු
  • මවුකිරි පමණක් දීම (වයස මාස 4 දක්වා අනිවාර්යයෙන්)
  • ප්‍රතිශක්තිකරණය


වර්ධනය[සංස්කරණය]

ළමයින්ගේ උස, බර, සිරුර වර්ධනය ප්‍රමානාත්මකව දැක්විය හැකි නිසා ළමා වර්ධනය ‍යන යෙදුමෙන් එම ලක්ෂණවල වැඩිදියුණුවීම අදහස් කෙරේ.

එහෙත් සංවර්ධනය යන යෙදුමෙන් ඊට වඩා පුලුල් අර්ථයක් ගෙනදෙයි. ළමයින්ගේ ශාරීරික, මානසික, බුද්ධිමය, සමාජමය, චිත්තවේගීය යනාදි වශයෙන් දැක්විය හැකි සියලුම අංශවල සිදුවන වැඩිදියුනුව සංවර්ධනය යන යෙදුමෙන් අර්ථ ගැන්වේ.

මුල් ළමාවිය දරුවාගේ සමස්ථ සංවර්ධනය

බුද්ධි සංවර්ධනය[සංස්කරණය]

භාෂා සංවර්ධනය[සංස්කරණය]

කායික සංවර්ධනය

මනෝ චාලක සංවර්ධනය

සාමාජීය සංවර්ධනය

චිත්තවේග සංවර්ධනය

යහජීවන පුරුදු

නිර්මාණාත්මක හා සෞන්දර්යාත්මක සංවර්ධනය

පරිසර අවධානය

විවිධ රටවල තත්‍වය[සංස්කරණය]

ශ්‍රී ලංකාව[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ළමා ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියෙන් ප්‍රකාශකරන පරිදි මුල් ළමාවිය යනු දරුවකුගේ පළිසිඳගැනීමේ සිට අවු 05 දක්වා කාලයයි. පවුල් සෞඛ්‍ය කාර්යංශය සහ ළමා ලේකම් කාර්යාලය මුල් ළමාවිය සංවර්ධනයසම්බණ්දව ක්‍රියාත්මකවේ.

  1. නිවස පදනම් කරගත් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ
  2. මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සංවර්ධනය / ගුරු පුහුණු / නියාමනය හා අවම ප්‍රමිතින් පිළිබඳ
  3. දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳ
  4. පෙරපාසල් වයසේ පෙරපාසල් නොයන පිළිබඳ
  5. දරුවන්විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිළිබඳ
  6. මව විදේශගත වු දරුවන් පිළිබඳ
  7. දෙමාපියන් අහිමි ළමුන් පිළිබඳ
  8. ළමා මව්වරුන්ට ලැබුනු ළමුන් පිළිබඳ
  9. තනි මාපිය ළමුන් පිළිබඳ
  10. විශේෂ අවධානය යොමු කල යුතු පවුල් පිළිබඳ
  11. අවදානම් සහිත පවුලවල දරුවන් පිළිබඳ
  12. ගැබිණි මව්වරු පිළිබඳ
  13. තරුණ හා විවාහ අපේක්ෂිත කණ්ඩායම් පිළිබඳ
  14. ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන ගම්මාන
  15. නිවස පදනම් කරගත් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ තෝරාගත් පවුල් ඒකක ගොඩනැගීම

පවුල් සෞඛ්‍ය කාර්යංශය මගින් ක්‍රියාත්මක ජාතික වැඩපිලිවෙලක් ඇත.

මුල් ළමාවියේ දරුවාගේ නිපුණතා සංවර්ධනය[සංස්කරණය]

හැදින්වීම.

ළදරු පාසල් අධ්‍යාපනය රටක අධ්‍යාපන ක්‍රමයෙහි වැදගත්ම අඩිතාලම ලෙස සලකා ක්‍රියාත්මක කළ යුතු බව පොදු පිළිගැනීම වී හමාරය.ගෙදරින් ළදරු  පාසලට එන දරුවාට එම පරිසරයට අදාලව සිය ආකල්ප , ගති ලක්ෂණ හුරු කර ගනිමින් ලැදියාව සකස් කර ගැනීමට කාලයක් ගත වනවා මෙන්ම ළදරු පාසලෙන් විධිමත් පාසලට එන දරුවාට ද විධිමත් පාසලට හුරු වීමට කාලයක් ගත වේ. ළදරු පාසලෙන් විධිමත් පාසලට සංක්‍රාන්ති වීම ළදරු ජීවිතයේ සිදුවන වැදගත්ම සිදුවීම් වලින් එකකි.දරුවා විධිමත් පාසල කෙරෙහි මුල් දින කිහිපය තුළ ඇති කර ගන්නා ආකල්පය දරුවාගේ පසුකාලීන අධ්‍යාපනය හා පෞරුෂය කෙරෙහි  ප්‍රභල බලපෑමක් ඇති කරයි. ඒ නිසා දරුවා විධිමත් පාසලට හුරු කිරිම විශේෂ සැලකිල්ලක් හා අවධානයකින් යුතුව කටයුතු කිරිම , දෙමාපියන්ගේත් , ළදරු පාසල් ගුරුවරියගේත් , විධිමත් පා‍සලේ පලමු වසර ගුරුවරියගේත් විශේෂ යුතුකමක් වේ. විවිධ අන්දමේ පුහුණුවීම් හා රටාවන් අනුව ළදරු පාසල් අධ්‍යයනයන් සිදු කරනු ලබන අතර දරුවන් ට විධිමත් පාසලට ඇතුළු වීමට පෙර කවර අයුරින් හෝ විශේෂ හුරු කිරීමක් හෝ පුහුණුවක් ලබා දීමට අනියත වැඩපිළිවෙලක් නැත.

ළදරු පාසලෙන් විධිමත් පාසලට සම්බන්ධවීම දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියේ අඛන්ඩ ක්‍රියාකාරී කොටසකි.ළදරු පාසලේදී ලබන අධ්‍යාපනය වඩාත් ළුලදායි ලෙස පවත්වාගෙන යා හැක්කේ ළදරු පාසලේ හා විධිමත් පාසලේ සමාන වු අධ්‍යාපන අද්දැකීම් ක්‍රියාවලියක්  දරුවන්ට ලබා දීමෙනි. මනෝ විද්‍යාඥයින් හා ළදරු අධ්‍යාපන විශේෂඥයින් කළ පර්යේෂණවලින් හෙළි වී ඇති තොරතුරු අනුව පෙනී යන්නේ මෙම සංක්‍රාන්ති කාලය පිළිබදව සැවොම සැලකිල්ලක් හා උනන්දුවක් දැක්විය යුතු බවය. දරුවන්ට පූර්ණ සංවර්ධනයක් සදහා ආරක්ෂිත , ස්ථාවර පාසල් පරිසරයක් හා විස්වාසදායි මානව ඉගණුමට අවස්ථාව සැලසීම මෙහි යථාර්ථයයි.ඒ සදහා ගත හැකි මුලිකම පියවරක් වනුයේ දෙමාපියන් , ළදරු පාසල් ගුරුවරිය , පාසල් ගුරුවරියත් අතර අංග සම්පූර්ණ එකගතාවයක් ගොඩනැගීමයි.

මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන විෂය පථය මෙම කාර්ය සාධනය වන අයුරින් පුළුල් ක්ෂෙත්‍ර ආවරණය කිරීමේ පුථිළුලයක් ලෙස පෙර පාසල් හා විධිමත් පාසලේ පලමු වසර ගුරුවරුන් අතර මනා අන්තර් සබදතාවය වර්ධනය වන අයුරින්   “වැළි කෙළියෙන් පිටු අතරට”   යන නමින් ආරම්භ කරන ලද මෙම සුවිශේෂී වැඩසටහන මුල් ළමාවියේ දරුවන්ගේ අවිනිෂ්චිත සංක්‍රාන්තිය නිෂ්චිත හා විස්වාසදායි, ප්‍රීතිමත් පියවරක් බවට පත් කිරීමට දායක කරවන්නකි. 

වින්දනාත්මක හා පාරිසරික අධ්‍යයනයන් ආශ්‍රයෙන් රිසි ලෙස සිය ආකෘතික ලෝකය ගොඩ නැගූ දරුවන් ට සැලසුම්ගතව ගොඩනගන ලද ආකෘති අනුව සිය ජීවිතය ලෝකය වෙත විවෘත කිරීමට අවස්ථාව නොබිදුන සංක්‍රාන්තියක් මගින් ලබා දීමට අවශ්‍ය මානුෂික බැදීම් ගොඩ නැගීම හා ප්‍රවර්ධනය කිරිම වැළි කෙළියෙන් පිටු අතරට වැඩසටහනේ අරමුණයි. 

ශ්‍රී ලංකා‍වේ අධ්‍යාපනය ප්‍රධාන  මාර්ගයන් 03ක් ඔස්සේ හැඩ ගැසී ති‍බේ. එනම්

01. විධිමත් අධ්‍යාපනය.

02.නොවිධිමත් අධ්‍යාපනය.

03. අවිධිමත් අධ්‍යාපනය.

විධිමත් අධ්‍යාපනය යනු යම්කිසි කෙනෙකු සතු දැණුම තමන්ගේ ආකෘතියක් හා තමන්ගේ හැකියාව අනුව තවත් කෙනෙ‍කුට ඒ ආකාරයෙන්ම ලබා දීමයි. මෙය ගුරු කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමයකි. නොවිධිමත් අධයාපනය යනු යම් පුද්ගලයෙකු, මගපෙන්වන්නෙකු හා මැදිහත්කරුවකු ලෙස ක්‍රියා කරමින් න්‍යායය සහ භාවිතය සමග ඉලක්ක ගත හා සැලසුම්ගත දැනුමක් ප්‍රතිග්‍රාහකයා වෙත ලබා දීමයි. මෙහිදි සිදුවන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයකි. විධිමත් හා සැලැස්මක් හෝ ඉලක්කයක් නොමැතිව සාමාන්‍ය වැඩ ලෝකය තුලින් ලබා ගන්නා දැණුම නොවිධිමත් අධ්‍යාපනයයි. එහිදි අරමුණු හා ඉලක්ක තමා විසින්ම තේරුම් ගෙන ගොඩනගා ගතයුතු අතර ඒ සඳහා දැණුම සහ ක්‍රමවෙද ද තමන් විසින්ම සොයා ගත යුතුය.

වර්ධනය හා සංවර්ධනය.

·        ළමයින්ගේ උස , බර ,සිරුර වර්ධනය ප්‍රමාණාත්මකව දැක්විය හැකි නිසා ළමා වර්ධනය යන යෙදුමෙන් එම ලක්ෂණවල වැඩිදියුණුවීම අදහස් කෙරේ.

·         සමාජමය, චිත්තවේගීය යනාදී වශයෙන් දැක්විය හැකි සියළුම අංශවල සිදුවන වැඩිදියුණු වීම සංවර්ධනය යන්නෙන් අර්ථ ගැන්වේ.


දරුවකුගේ සංවර්ධනය පිළිබඳ අවධානය යොම කිරිමේදී ළමා සංවර්ධන  මුලධර්ම කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. ළමා සංවර්ධනයට අදාළ මූලධර්ම 10 කි.

·        අඛණ්ඩතාව පිළිබද මුලධර්මය.

·        සංවර්ධන වේගයේ ඒකීය භාවයක් නොමැතිවීමේ මුලධර්මය.

·        සංවර්ධන රටාවේ ඒකීය බව පිළිබද මුලධර්මය.

·        පුද්ගලගත වෙනස්කම් පිළිබද මුලධර්මය.

·        සාමාන්‍ය ප්‍රථිචාරයේ සිට සුවිශේෂී  ප්‍රථිචාරය දක්වා විකාශණය වීමේ මුලධර්මය.

·        සමෝධානය  පිළිබද මුලධර්මය.

·        අන්තර්සබදතාවය පිළිබද මුලධර්මය.

·        අන්තර් ක්‍රියාකාරීත්වය පිළිබද මුලධර්මය.

·        ඉහල සිට පහලටත් කේන්ද්‍රයේ සිට පරිදියටත් සිදුවන සංවර්ධනය පිළිබද මුලධර්මය.

·        පෙර කීමේ හැකියාව පිළිබද මුලධර්මය.

එසෙම දරුවාගේ නිපුනතා හඳුනා ගැනීමට පෙර මුල් ළමාවිය සංවර්ධනයේ සංවර්ධන පැතිකඩයන් හඳනාගත යුතුය. දරුවකුගේ සමස්ථ සංවර්ධන ප්‍රධාන අංශ 09 කි. ඒ අනුව දරුවකුගේ සමස්ථ සංවර්ධනයට අදාල පැතිකඩවල් ලෙස,

·        කායික සංවර්ධනය.

·        මනෝ චාලක සංවර්ධනය.

·        සමාජ සංවර්ධනය.

·        චිත්තවේග සංවර්ධනය.

·        බුද්ධි සංවර්ධනය.

·        භාෂා සංවර්ධනය.

·        පරිසර අවධානය.

·        සෞන්දර්යාත්මක සංවර්ධනය

·        යහජීවන පුරුදු හා අචාර ධර්ම.

මේවා එකිනෙකක් අන්තර් බැඳීමක් හා අන්තර් යැපීමකින් යුක්තය. එනම් උදාහරණ ලෙස කායික සංවර්ධනය සිදු වුවහොත් පමණක් මනෝ චාලක සංවර්ධනය සිදුවේ. සමාජ සංවර්ධනය සිදුවුවහොත් පමණක් චිත්තවේග සංවර්ධනය සිදුවේ. භාෂා සංවර්ධනය සඳහා බුද්ධි සංවර්ධනය අනිවාර්යය. එසේම පරිසර අවධානය යොමු නොවුනහොත් සමාජ සංවර්ධනය හා සෞන්දර්යාත්මක සංවර්ධනය සිදු නොවේ. ඒ නිසා මෙම සංවර්ධන සංකල්ප සාකල්‍යයය.

මුල් ළමාවිය දරුවන්ගේ නිපුණතා ගොඩනැගිය හැකි හා අධ්‍යයනය කළ හැකි නිපුණතා ක්ෂේත්‍ර 05 ක් දක්නට ඇත.එනම්,

·        ශාරීරික නිපුණතාවය.

·        පුද්ගල හා සමාජ සංවර්ධනය.

·        සන්නිවේදන කුසලතා සංවර්ධනය.

·        නිර්මාණාත්මක හා සෞන්දර්ය හැකියා සංවර්ධනය.

·        විශ්ලේෂණ හා ගැටළු විසදීමේ හැකියා සංවර්ධනය.

මෙම ප්‍රධාන ක්ෂේත්‍ර  නැවත ප්‍රධාන නිපුණතා 29 ක් ‍ලෙස ගොඩ නැගී තිබේ.ඒ අනුව,

01. ශාරීරික නිපුණතා සංවර්ධනය.

*  ඇවිදීම

*නැගීම හා බැසීම

*පැනිම

* සමබරතාව පවත්වා ගැනීම

*සියුම් චාලක ක්‍රියා හා මාංශපේශී වර්ධනය


02. පුද්ගල හා සමාජ සංවර්ධනය.

*තම ශරීරයේ අවයව පිළිබද අවබෝධය.

*තම වැඩ කටයුතු තනි ව කර ගැනීමේ හැකියාව.

*චිත්ත වේග හැසිරවීම.

*වැඩියන් සමග සම්බන්ධතා පවත්වා ගැනීම.

*සම වයස් කණ්ඩායමේ අය සමග කටයුතු කිරිම.

*පරිසරය සමග සම්බන්දතා පවත්වා ගැනීම.

*ආචාර ධර්ම හුරු කිරිම.


03. සන්නිවේදන කුසලතා සංවර්ධනය.

*සවන් දීම

*අදහස් වාචිකව ප්‍රකාශ කිරිම

*නිවැරදි උච්චාරණය.

*ඉගි හා සිරුරු බස

*කවි ගී සින්දු භාවිතය

*හැඩතල හුරුවීම


04. නිර්මාණාත්මක හා සෞන්දර්ය හැකියා සංවර්ධනය.

*චිත්‍ර ඇදීම

*ගැයුම්,වැයුම් හා රැගුම්

*ඇඹ්ම

*අත් වැඩ

*අනුකරණය


05. විශ්ලේෂණ හා ගැටළු විසදීමේ හැකියා සංවර්ධනය.

*සංඛ්‍යා ගැටළු

*විමසිලිමත් බව

*සැසදීම

*පටිපාටිගත කිරිම

*සංකල්ප

ඉහතින් සදහන් නිපුණතා 29 ඒ ඒ කොටස්වලදී නැවත නිපුනතා 205 ක් දක්වා බෙදී යයි. පෙර පාසල් අධ්‍යයන කටයුතු අවසන් කරන දරුවා පුර්ණ තත්ත්වයට පත් විමෙන් මුල් ළමාවියේ සංකීර්ණ සංවර්ධන අවස්ථාවට ප්‍රවිෂ්ඨ වී ඇති දරුවකු ලෙස පිළිගත හැකිය. එවැනි දරුවකු විධිමත් පාසලේ ප්‍රාථමික අධ්‍යාපනයට දක්ෂතා සහිත අයකු බවට පත්වේ.

ප්‍රාථමික ශ්‍රේණියට ප්‍රවිෂ්ඨ විමේදී ප්‍රවේශ කුසලතා ගොඩ නැගීය යුතුය. ප්‍රවේශ කුසලතා යනු අලුතින් යමක් ඉගෙන ගැනිමේ කාර්යය ආරම්භ කිරීමට  පෙර ඒ කටයුත්ත සම්බන්ධව ශිෂ්‍යයයා විසින් අත්පත් කරගෙන තිබිය යුතු ඉගෙනුම් සමුදාය නැතහොත් හැකියා, කුසලතා සහ ගති ලක්ෂණ සමුහයයි.

ඒ අනුව දරුවකු පාසලට ඇතුලත් වීමේදී ද ප්‍රවේශ කුසලතා සතු කරගෙන තිබිය යුතුය. එනම් මෙයින් ගම්‍ය වන්නේ එක් අතකින් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයකින් විධිමත් අධ්‍යාපනය සඳහා පිටවන දරුවා තුල යම් නිපුනතාවන් ගොඩ නගා තිබිය යුතු බවයි. මෙම නිපුනතා වර්ධනය සඳහා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයකින් ලබන අත්දැකීම් ඉතා වැදගත්ය. ඒ හේතුවෙන්ම ඉහත සඳහන් කල ළමා සංවර්ධන පැතිකඩ, නිපුනතා සංවර්ධන  ක්ෂේත්‍ර සහ අදාල  නිපුනතා 205 මෙම ප්‍රවේශ කුසලතා සහ ප්‍රාථමික අධ්‍යාපනය ද ඉලක්ක කර ගනිමින් නිර්මාණය කර ඇත.

1999 දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන යටතේ ප්‍රවේශ කුසලතා 16 ක් හඳුන්වා දී ඇත. (වින්දනාත්මක ක්‍රියාකාරකම් ) එනම්

01.   සෙල්ලම් ගෙවල්

02.  නිදහස් ක්‍රියාකාරකම්

03.  සාමුහික ක්‍රීඩා 01

04.  සාමුහික ක්‍රීඩා 02

05.  ගායනය, වාදනය හා රංගනය

06.  කතන්දර චරිත අනුකරණය හා ශබ්ධ අනුකරණය

07.  චරිත අනුකරණය හා ශබ්ධ අනුකරණය “කුරුළු ගම”

08.  සෙල්ලම් මිදුල

09.  කැපීම/සීමාව තුල පාට කිරීම

10.   නිර්මාණාතිමක ක්‍රියාකාරකම් 01

11.    නිර්මාණාතිමක ක්‍රියාකාරකම් 02

12.   කතන්දර හා චිත්‍ර ඇඳීම

13.   පෙරහැර

14.   ගණන් කිරීම

15.   ද්‍රව්‍ය ගණන් කිරීම, සංඛ්‍යා අවබෝධය ( ප්‍රමාණය ද්‍රව්‍ය ඇසුරින්)

16.   සංඛ්‍යා අවබෝධය ප්‍රමාණය රූප ඇසුරින්

මෙම විනෝද ජනක ක්‍රීඩා හරහා මණිනු ලබන නිපුනතා 28 ක් සඳහන් කර ඇත. එනම්

01.   සුහද කතාබහේ යෙදීම

02.  දෙන ලද ද්‍රව්‍ය නිසි පරිදි හසුරුවා නිර්මාණයක් කරයි

03.  යහලුවන් සමග සුහද සම්බන්ධතා ගොඩනගා ගනී

04.  කණ්ඩායමක් තුල සහයෝගයෙන් කටයුතු කරයි

05.  සුහද ගනදෙනු කරමින් ආචාරශීලිව හැසිරෙයි

06.  නිමාවනතෙක් යමක් යමක් කිරීමට ඇති කැමැත්ත ප්‍රදර්ෂණය කරයි

07.  අවධානයෙන් යුතුව සවන් දෙයි

08.  විවිධ ඉරියව් ප්‍රදර්ෂණය කරමින් ඇවිදියි

09.  ශාරිරික සමබරතාන පවත්නා ගනී

10.   සාමුහිකව ක්‍රියාකාරකම්වල යෙදේ

11.    වර්ණ සසඳමින් තෝරයි

12.   රංගන, ගායන, වාදනවලට කැමැත්තෙන් සහභාගි වෙයි

13.   පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත්වේ

14.   ශබ්ද අනුකරණය කරයි

15.   චරිත අනුකරණය කරයි

16.   විශ්වාසයකින් යුතුව කටයුතු කරයි

17.   ක්‍රියාකාරකම් සඳහා සතතුටින් සහභාගිවෙයි

18.   දෙනු ලබන උපදෙස් පිළිපදියි

19.   සියුම් මාංශපේෂි යොදාගෙන ක්‍රියාකාරකම්වල යෙදේ

20.  අදහස් ප්‍රකාශ කරයි

21.   සීමාවක්තුල පාට කරයි

22.  අන්‍යයන්ට උදව් කිරීමට කැමැත්තක් දක්වයි

23.  ක්‍රියාකාරකම් සඳහා කැමැත්තෙන් ඉදිරිපත් වෙයි

24.  වචන නිවැරදිව උච්ඡාරණය කරයි

25.  ශ්‍රවණ තීව්‍රතාවය ප්‍රදර්ෂණය කරයි

26.  දෘෂ්ඨි තීව්‍රතාවය ප්‍රදර්ෂණය කරයි

27.  උපකරණ නිවැරදිව අල්ලයි, භාවිතා කරයි

28.  5 තෙක් නිවැරදිව ගණන් කරයි

අත්‍යාවශ්‍ය ඉගෙණුම් නිපුනතා

අත්‍යාවශ්‍ය ඉගෙණුම් නිපුනතා යනු ප්‍රාථමික අධ්‍යාපන තලයේ ඒ ඒ අවධිවලදි සිසුන් ප්‍රගුණ කරගතයුතු , විෂය මාලාවේ අන්තර්ගතයන් තුලින් කුසලතා, ආකල්ප හා අගයයන්හි වටිනාකම් සංකලනයකි. ලෝකයේ අධ්‍යාපන පර්යේෂකයන් විසින් මෙතෙක් කරන ලද පර්යේෂණ හා අත්හදා බැලිම් විමසුමකට ලක් කිරීමෙන් එළබගත් තිරණයන්ට අනුව ඒ ඒ අවධිවලදී ලගා විය යුතු අභිමත ඉගෙනුම් මට්ටම 65%  තරම් ප්‍රසස්ථ අයුරින් ලඟාකර ගැනීම මෙහිදි අපේක්ෂ කෙරේ. ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනය නව ප්‍රාථමික අධ්‍යාපන ක්‍රියාවලිය යටතේ හඳුනාගත් අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා ප්‍රධාන අවධීන් තුනක් අනුව ගොනු කර ඇත.

01.   පළමුවන ප්‍රධන අවධිය

           පළමු ශ්‍රේණිය හා දෙවන ශ්‍රේණිය තුළ

අත්‍යාවශ්‍ය ඉගෙණුම් නිපුනතා                  40 කි.

02.  දෙවන ප්‍රධන අවධිය

           තුන්වන හා හතරවන ශ්‍රේණිය තුළ

අත්‍යාවශ්‍ය ඉගෙණුම් නිපුනතා                  52 කි.

03.  තුන්වන ප්‍රධන අවධිය

           පස්වන ශ්‍රේණිය තුළ

අත්‍යාවශ්‍ය ඉගෙණුම් නිපුනතා                  55කි.

මේ සියල්ල අවසානයේ අධ්‍යාපනයෙන් මුලික නිපුනතා 07 ක් බලාපොරොත්තු වේ. එසේම මේ සියල්ල ගොඩනැගී ඇත්තේ අධ්‍යාපනයේ ජාතික අරමුණු 8 ක් ක්ෂාතසාත් කර ගැනිම පෙරදැරිවය.

සුධීර රත්නායක,

දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරි,

මොනරාගල


"https://si.wikipedia.org/w/index.php?title=මුල්_ළමාවියේ_සංවර්ධනය&oldid=435321" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි