පෙරදෙවනය

විකිපීඩියා වෙතින්
ඒසර පෙරදෙවනය, 2012
භාවිතා කරමින් ඇති DLP පන්නයේ හෝම් තියටර් පෙරදෙවනයක්

පෙරදෙවනයක්[1] හෙවත් ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් හෝ පිළිබිඹු පෙරදෙවනයක් හෝ යනු පිළිබිඹුවක් (හෝ සල-පිළිබිඹු හෝ) මතුපිටක් මතට, සැමැනියෙන් පෙරදෙවුම් තිරයක් මතට පෙරදෙවනා ප්‍රකාශ අටව්වකි. බොහෝ පෙරදෙවන කුදු තරාදිසි කාචයක් හරහා අලුයෙක් දල්වා පිළිබිඹුවක් මවන්නේ නමුදු ඇතැම් නව පෙරදෙවන පන්නවලට ලේසර යොදාගනිමින් පිළිබිඹුව කෙලින් මැ පෙරදෙවියැ හැකි. virtual retinal display නොහොත් retinal පෙරදෙවනයක් බැහැරි පෙරදෙවුම් තිරයක් යොදාගැන්ම වෙනුවට පිළිබිඹුවක් දෘෂ්ටි විතානය මතට කෙලින් මැ පෙරදෙවයි.

අද බෙහෙවින් යොදාගැනෙනා පෙරදෙවන පන්නය විදිසි පෙරදෙවනය නමි. විදිසි පෙරදෙවන යනු පෙරැ වූ සැලැදි පෙරදෙවන හා උඩුහිස් පෙරදෙවන හා වැනි පන්නවලැ දිතිත් තැන් ගැනුමෙකි. එ වැනි මුල්-කැලි පෙරදෙවන පන්නවලැ තැන 1990 ගණන් පුරාම හා 2000හේ මුල් හරියේ දී හා බොහෝ විටැ දිතිත් විදිසි පෙරදෙවනයන් විසින් ගත් නමුදු පැරැණි ඇනලොග් පෙරදෙවන තවමත් ඇතැම් තැන්හි ගැනේ. නවතම පෙරදෙවන පන්න වනුයේ පිළිබිඹු පෙරදෙවනුව ලේසර හා එළි විහිදන දෙදොරු (එ.වි.දෙ.) හා යොදාගැනෙනා අතේ තබා ගත හැකි පෙරදෙවන වේ.

සලරු හල්වලැ ගැනුණේ සලරු පෙරදෙවනය නම් පන්නයක් වන අතර ඒවායේ තැන මෙ කලැ බොහෝ දුරට දිතිත් සලරු විදිසි පෙරදෙවන ගෙනැ ඇති.




යොමු හා සටහන්[සංස්කරණය]

  1. පෙරදෙවයි - project (verb) - ප්‍රක්ෂේපණය කරයි; පෙරදෙවනය - projector - ප්‍රක්ෂේපණ යන්ත්‍රය; පෙරදෙව්ව - project - ව්‍යාපෘතිය; පෙරදෙවිය - projectile - ප්‍රක්ෂිප්තය
"https://si.wikipedia.org/w/index.php?title=පෙරදෙවනය&oldid=553288" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි