පිළිබිඹුව

විකිපීඩියා වෙතින්
ඉහළින් ඇති රූපය ඡායාරූපකරණය මගින් ග්‍රහණය කරගන්නා ලද්දකි. පහලින් ඇති රූපය විද්‍යාමාන කිරීමකි. රූප නිර්මාණය වනුයේ ග්‍රහණය කිරීම හෝ විද්‍යාමාන කිරීම තුලිනි.
පිළිබිඹුව

සාමාන්‍ය ව්‍යවහාරයේදී රූපය හෝ පින්තූරය ලෙසින් හැඳින්වෙන්නේ යම් වස්තුවකට සමාන පෙනුමක් සහිතව ද්විමාන ලෙස නිර්මාණය කරන ලද්දකි. එය සාමාන්‍යයෙන් භෞතික උපකරණයක් හෝ තැනැත්තකු වියහැක.

රූපය; ජායාරූපය, තිරයක ප‍්‍රදර්ශනය වන රූපය වැනි ද්විමාන හෝ පිළිමයක් වැනි ති‍්‍රමාන එකක් විය හැක. එය කැමරා, දර්පන, කාච, දුරදක්න, අන්වීක්‍ෂ ආදී ප‍්‍රකාශ උපකරණයන්ගෙන් හෝ මිනිස් ඇස හෝ ජලය තලය වැනි ස්වභාවික වස්තූන් සහ සංසිද්ධීන් විසින් ග‍්‍රහණය කරගනු ලැබිය හැක.

රූපය යන යෙදුම පුළුල් අර්ථයෙන් සිතියමක් ප‍්‍රස්ථාරයක් වගුවක් හෝ විකාරරූපි චිත‍්‍ර වැනි ද්විමාන රූප සටහනකට යෙදිය හැක. මෙම පුළුල් අර්ථයෙන් රූප ඇඳීම, සිතුවම් කිරීම, කැටයම් කිරීම වැනි අතින් සිදුකරන කි‍්‍රයාවන් මඟින් මෙන්ම මුද්‍රණය, පරිඝනක ග‍්‍රැෆික් තාක්‍ෂණය වැනි ස්වයංකී‍්‍රය ක‍්‍රමවේදයන්ගෙන්ද මේ දෙකෙහි සංයෝගයන් වන ක‍්‍රමවේදයන්ගෙන්ද රූප නිර්මාණය කළහැක. චංචල රූපයක් යනු ඉතා කෙටි කාළයක් පමණක් පවතින්නකි. මෙය කැඩපතකින් පෙනෙන වස්තුවක්, කැමරා ඔබ්ස්ක්‍යුරාවක ප‍්‍රක්ෂේපනයක් හෝ කැතෝඩ කිරණ නලයක නිරූපනය කරන දර්ශනයක් වියහැක. ස්ථිරව පවත්නා රූපයක් දෘඩ පිටපතක් ලෙස හඳුන්වනු ලබන අතර කඩදාසි හෝ රෙදි වැනි අමුද්‍රව්‍යයක් මත එය සටහන්ගත කොට ඇත.

මනෝ රූපය කෙනෙකුගේ මනසේ පවතින්නකි. එය කෙනෙකු මතකයේ තබාගන්නක් හෝ පරිකල්පනය කරන්නක් වියහැක. එහි වස්තුව සැබෑවක් විය යුතු නැති අතර එය ප‍්‍රස්ථාරයක්, කි‍්‍රයාකාරීත්වයක් හෝ ‘පරිකල්පනීය’ ආස්තිත්‍යයක් වැනි විකාරරූපී සංකල්පයක් වියහැක. උදාහරණයක් ලෙස සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් කර්ණික රූප සහ සංවාද සිහිනෙන් දුටු බව පවසා සිටින ලදී. කෘතිම ධ්වනි තාක්‍ෂණයේ වර්ධනය සහ ශාබ්දික කලාවේ බිහිවීමත් සමඟ භාෂාත්මක හෝ අනුනනීය ශාබ්දික ද්‍රව්‍යයන්ගෙන් තැනුනු ගාන්ධර්වවිද්‍යාත්මක විශ්ලේෂණයෙන් ඔබ්බට ගිය ශබ්ද රූපයක් නිර්මාණය කිරීමේ හැකියාව පිලිබඳව අවධානය යොමුවී ඇත.

චංචල නොවන රූප එකතුවක් කාළය සමග වෙනස්වීම චිත‍්‍රපටය ලෙසින් හැඳින්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පිළිබිඹුව&oldid=533192" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි