පුල්ලෙයාරෙ ගැසීම

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවෙ උතුරු මැද පලාතේ ලමුන් අතර කෙරෙන සෙල්ලමකි. මෙය ටින් කැඩීම සෙල්ලමට තරමක් සමානය. මෙය ගැහැනු පිරිමි සියල්ලන්ටම කණ්ඩායම් 2 කට බෙදී කල හැකි ක්‍රීඩාවකි. එක් කණ්ඩායමක අඩුම වශයෙන් 5 දෙනෙක් වත් සිටිය යුතුයි.අවශ්‍ය වන්නේ, ප්‍රමානයෙන් වෙනස් ගල් 7 ක් හා රබර් බෝලයක් පමණයි.

ක්‍රීඩාව කරන ආකාරය[සංස්කරණය]

පළමු අවස්ථාව[සංස්කරණය]

  1. පලමුව කණ්ඩායම් 2 ට නායකයන් 2 නෙක් පත්කරගනී
  2. ඉන්පසු ගල් 7 , එකක් මත එකක් රැදෙන අයුරින් රදවා තබයි.
  3. ඉන් පසු "ගල මල" අල්ලයි.
  4. ගල මල දිනන කණ්ඩායම බෝලය රැගෙන සලකුණු කරන ලද දුරක සිට වරකට එක්කෙනා බැගින් , එකක් මත එකක් රදවා ඇති ගල් ටික පෙරලීමට උත්සාහ කල යුතුය ( බෝලයෙන් ගසා ).
  5. මෙහිදී අනෙත් පිල ගල් වල වැදී එන බෝලය රැක ගැනීමට උත්සහ කල යුතුය. එසේ රැකගතහොත්, පහරදෙන පිලම පරාද වෙයි. ඉන්පසු ගල් නැවත සකස් කල යුතු අතර, අනෙත් පිලට පහරදීමේ අවස්ථාව ලැබේ.
  6. යම්හෙයකින්, ගල් කැඩීමට උත්සාහ කරන කණ්ඩායමට එය කල හැකි උනොත්, ක්‍රීඩාවේ ඊලග අවස්ථාවට පිවිසෙයි.

දෙවන අවස්ථාව[සංස්කරණය]

  1. ගල් කැඩීමට හැකිවු කන්ඩායමට බොලය හිමිවෙන අතර ඔවුන්ට අනෙත් කණ්ඩායමේ අයට බෝලයෙන් පහරදිය හැකිය.නමුත් ඔවුන්ගේ (අනෙත් කණ්ඩායමේ)උත්සාහය වන්නේ ගලෙන් ගල සකස් කිරීමයි. බෝලයෙන් පහරක් නොකා, ගල් 7 ම සකස් කලහොත් එම කණ්ඩායමට දිනුම හිමි වෙයි.එක් ක්‍රීඩකයකුට හෝ පහරදීමට හැකි උනොත් එම කණ්ඩායමට දිනුම ලැබේ.
  2. බෝලයෙන් පහරදීමට පෙර, පහරදෙන කණ්ඩායම බෝලය ගෙන රවුමට එකතුවී එක් අයෙකුට බොලය ලබාදෙයි. ඉන්පසු සියලු දෙනා බොලය තමන් සගවාගෙන ඇති අයුරින් අනෙත් පිලේ ක්‍රීඩකයන් පසුපස බොලයෙන් පහරදීමට එලවිය යුතුය. පිරිමි ළමයින් තම කමිසයේ බොත්තමක් ගලවා බොල්ය සහිත අත එතුලට දමාගත හැකි අතර, ගැහැනු ලම්යින් ගවුමෙ සාය භවිතා කර තම බෝලය සහිත අත සගවා ගත යුතුය.
  3. ගල් සාදන කණ්ඩායමේ ක්‍රීඩකයන් ගල් සාදන අතරතුර, තමන්ට පහරදීමට පැමිනෙන ක්‍රීඩකයින් ව ඇල්ලීමට උත්සාහ කල හැක. බෝලයෙන් පහර නොකා, එසේ කල හැකිඋනොත් , ඔවුන් ට ජය හිමිවෙයි. මෙහිදී, ඔවුන්ට බොලය ඇත්තටම සගවාගෙන ඇත්තේ කවුරුන්ද යන වග අනුමාන කිරීමෙන් වෙනත් ක්‍රීඩකයෙක් ඇල්ලීම කල හැක.

දිනන ආකාර[සංස්කරණය]

  • අනෙත් පිලේ ක්‍රීඩකයෙකුට බෝලයෙන් පහරදීම.
  • කඩන ලද ගල් 7 , බෝලයෙන් පහර නොකා සැදීම
  • පහරදීමට එන ක්‍රීඩකයෙක් , පහර නොකා ඇල්ලීම.
  • මූලික අවස්තාවේ ගල් කඩන විට , ගල් වල වැදී එන බෝලය ඇල්ලීම.
"https://si.wikipedia.org/w/index.php?title=පුල්ලෙයාරෙ_ගැසීම&oldid=378877" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි