පුරාණෝක්ති

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ප්‍රොමිත්ස් පිලිබඳ මිථ්‍යාව.

කිසියම් සංස්කෘතියක් විසින් සත්‍යයැයි විශ්වාස කරන ස්වභාවික සිදුවීම් තේරුම් කිරීම සදහා අද්භූතත්වය යොදාගනු ලබන සහ විශ්වයේ සහ මනුෂ්‍යත්වයේ ස්වභාවය විස්තර කිරිම සදහා යොදා ගනු ලබන ජන කථා/ මිථ්‍ය/ පුරාවෘත්ත සමුහයක් පුරාණෝක්ති ලෙස හැදින්වේ. පුරාණෝක්ති යන්නෙන් මිථ්‍යා කථා එකතු කිරිම, අධ්‍යයනය සහ පුරාණෝක්ති සංග‍්‍රහය යනුවෙන් ද හැදින්වෙන මිථ්‍යා කථා පැහැදිලි කිරිම යනුවෙන් ද හැදින්වෙන දැනුමෙහි ශාඛාවන් ද ඇතුළත්ය.

පදය[සංස්කරණය කරන්න]

පුරාණෝක්ති යන පදය අවම වශයෙන් 15 වැනි සියවසේ සිට භාවිතයේ පැවතුණු අතර ‘‘මිථ්‍යා කථා අධ්‍යයය හෝ ප‍්‍රකාශනය’ ඉන් අදහස් වේ. ‘‘මිථ්‍යාවන් සමුහය’’ යන්නෙහි අතිරේක අර්ථය ක‍්‍රි.වර්ෂ 1781 තරම් ඈතට යයි. (වඩා විස්කෘත භාවිතාවේ දී ‘‘අවම වශයෙන් පොත්විල් විසින් ඇමරිකානු සමාජය අති විශාල ලොතරුයියකට සමාන කිරිමේ සිට ව්‍යාපාර පිළිබද අපේ පුරාණෝක්ති අවදානම් දැරිම ප‍්‍රශංසාවට ලක් කළේය’’ යන්නෙන් එම වචන සමුහය හෝ පුද්ගලික මතවාදි හෝ සමාජමය වශයෙන් ගොඩනැගු ලැබු ඥානය යන්න වෙත ද යොමු කරනවා විය හැකිය) පුරාණෝක්තගත යන විශේෂණය වර්ෂ 1678 තරම් ඈතට දිව යයි.

සාමාන්‍ය භාවිතයේ දී මිථ්‍යාව යන්න ප‍්‍රබන්ධය හා උපමා කථාව සමඟ සමාන අර්ථයෙන් යෙදිය හැකිය. නමුත් සමහර විද්වතුන් එම පදයන් අතර දැඩි වෙනසක් දකිති. එම පදය 19 වැනි ශතවර්ෂයේ සිට ඉංග‍්‍රිසි භාෂාවේ භාවිතාවිය. ඔක්ස්ෆඞ් ඉංග‍්‍රිසි ශබ්ද කෝෂයෙහි නවතම මුද්‍රණයේ එහි අරුත් අතර පහත පරිදි වෙනස්කම් දකි.

1.1) ප‍්‍රථම ඉංග‍්‍රිසි සහතික කිරිම ලෙස වර්ෂ 1830 හි ‘වෙස්ට්මිනිස්ටර්රිච්ව්’’ උපුටා දක්වමින්, හේතු පැහැදිලි කරන හා මුර්තිමත් කරන අලෞකික ජිවින් හෝ බලවේග හෝ සත්ත්වයින් හා සම්බන්ධ වු සම්ප‍්‍රදායික කථාවක් හේතු විද්‍යාව හෝ සමාජයක ඈති ඉතිහාසය වැනි යමක් පිළිබද සාධාරණීකරණයක්, ආගමික විශ්වාසයක් හෝ චාරිත‍්‍රයක් හෝ ස්වභාවික සංසිද්ධියක්
1.2) ස්කන්ධ නාමයක් ලෙස, සමුහ වශයෙන් හෝ විශේෂක් ලෙස එවැනි කථා (1849)
2.1) විශාල ලෙස පැතිරුණු, නමුත් අසත්‍ය හෝ වැරදි කථාවක් හෝ විශ්වාසයක්
2.2) ජනප‍්‍රිය යලි යලි කියැවුනු කථා පදනම් කරගෙන ගරු කටයුතු ලෙස සැලකු හෝ භක්තිමත් බවට ආසන්න ප‍්‍රසාදයක් ඇතිව හැදින් වු පුද්ගලයෙක් හෝ ද්‍රව්‍යයක්
2.3) සත්‍ය අතිශයෝක්තියෙන් දක්වන හෝ පරමාදර්ශි ලෙස දකින පුද්ගලයෙක් හෝ ද්‍රව්‍යයක් පිළිබද ජනප‍්‍රිය සංකල්පයක්

මිථ්‍යා කථාවක් යන්න පරම්පරාගත කථාවක්ය යන ඔක්ස්ෆර්ඞ් ඉංග‍්‍රිසි ශබ්ද කෝෂයේ නිර්වචනයට වෙනස්ව බොහෝ ජනකථාකරුන් එම පදය යොදනුයේ එක් කාණ්ඩයක පරම්පරාගත කථා පිළිබදව පමණි. මෙම ක‍්‍රමය අනුව පරම්පරාගත කථා කාණ්ඩ තුනකට පිළියෙල කළ හැකිය.

x මිථ්‍යා- ඈත අතිතය පිළිබද, විශේෂයෙන් ලෝකය මැවීම පිළිබද පුජනීය කථා, බොහෝවිට දෙවියන් කෙරෙහි යොමුවේ.
x ප‍්‍රබන්ධ- සාමාන්‍යයෙන් සමහර ඓතිහාසික සිදුවීම් ඇතුලත් හෝ පදනම් කරගත් මිනිස් වීරයන් කෙරෙහි යොමු වූ හෝ අතිතය පිළිබද (බොහෝවිට මෑත අතීතය) කථා සහ
x ජනකථා/ සුරංගනා කථා - (මාර්චෙන් එවැනි කථාවලට ජර්මන් වචනය) කිසිම ඓතිහාසික පසුබිමක් රහිත කථා, බොහෝවිට සුරංගනාවන්, මායාකාරින්, දිව්‍යමය මගපෙන්වන්නන් හා සත්ව චරිත අඩංගු වේ.

ආගමික අධ්‍යයනයක් පිළිබද විද්වතුන් බොහෝවිට මිථ්‍යාවන් යන පදය ප‍්‍රධාන චරිත ‘දෙවිවරුන්ම හෝ ආසන්න දෙවිවරුන්’’ ගෙන් යුක්ත කථාවලට සීමා කරති.

සමහර විද්වතුන් ‘මිථ්‍යාව’’ න පදයෙහි නිර්වචනය සීමා කිරිමට ගනු ලබන එවැනි උත්සාහයන් හා එකඟ නොවෙති. ජී.එස්. කර්ක් නම් සම්භාව්‍ය ලේඛකය මිථ්‍යා හා ජන කථා අතර ඇති වෙනස ප‍්‍රයෝජනවත් විය හැකි යයි විශ්වාස කරයි. නමුත් කථා,ජන කථා සහ පුරාවෘත්ත නියම මිථ්‍යාවන් ලෙස වර්ග කිරිම පෙනුමට සරල සහ සිත් ඇදගන්නා සුළු වුව ද දැඩි ව්‍යාකූල බවක් ද ඇති කළ හැකිය. විශේෂයෙන් ‘‘සියළුම මිථ්‍යා, ආගමික විශ්වාස හැගීම් හෝ පුරුදු සමඟ සම්මිශ‍්‍රිතය යන අදහස ඔහු විශේෂයෙන් ප‍්‍රතික්ෂේප කරයි. රොබට් ඒ සිගල් නමැති ආගමික පඩිවරයා ඊටත් වඩා වැඩි දුර ගොස් මිථ්‍යාවක් යනු සරලව දිව්‍යමය, මානව හෝ සත්ව පෞරුෂයන් ප‍්‍රධාන චරිතය ලෙස ඇති කථා ලෙස නිර්වචනය කරයි.

ක‍්‍රිස්තියානි යුගය එළඹෙන විට ග‍්‍රීක-රෝමානු ලෝකයෙ ‘මිථ්‍යාව’ යන පදය උපමා කථාව ප‍්‍රබන්ධය, බොරුව යන අර්ථයෙන් යෙදිම ආරම්භ කළහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස මුල් ක‍්‍රිස්තියානි ලේඛකයන් ‘මිත්‍යා’ යන්න එම අර්ථයෙන් භාවිතා කළහ. මිථ්‍යාව යන පදයෙහි මෙම භාවිතාව ජනප‍්‍රිය ව්‍යවහාරයට පත් විය.

මෙම ලිපියෙහි ‘මිථ්‍යාව’ යන පදය යොදාගෙන ඇත්තේ බොරුව යන්න පිළිබදව ඇති ජනප‍්‍රිය සම්බන්ධතාවයෙන් ඉවත් වී විද්වත් අරුතකිනි.

විශ්වයේ මැවීම සහ සංවිධානය, මිනිසාගේ හැඩය සහ ශිෂ්ඨාචාරය පිහිටුවිම පැහැදිලි කිරිම සදහා මිථ්‍යාවන් පවසා ඇත. එය මහජනයාට පාඩම් උගන්වන අතර එයට ඉතිහාසයය සහ සංස්කෘතිය, චරිතයන් සහ ඒවා නිර්මාණය කළ පන්නරය ද සම්බන්ධ විය.

"https://si.wikipedia.org/w/index.php?title=පුරාණෝක්ති&oldid=374649" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි