පිළියම්

විකිපීඩියා වෙතින්


අප හට කිසිදු ස්පර්ශයක් නොලැබූ සංරක්ෂිතයන් ආකෘතියක් ලෙස යොදා ගෙන වනාන්තරවල තත්ත්වයන් වැඩිදියුණු කිරිමට උත්සාහ කල හැක. තෝරා ගත් ගස් කැපීම යනු ඇතැමි ගස් කඩා වැටීම වැනි ස්වාභාවික බාධාවන් අනුකරණය කරන ලද ක්‍රියාවකි. සම්පුර්ණයෙන්ම ගස් කැපීම ප්‍රබල කැළෑ ගිනි ගැනීම් වැනි අනෙකුත් ස්වභාවික බාධාවන් අනුකරණය කරයි. මෙලෙසම අපට ස්වභාවික තත්ත්වයන් අනුකරණය කරමින් ශාක වලට නූතන වනාන්තරික තත්ත්වයන්ට වඩා මෙම ස්වාභාවික තත්ත්වයන් යටතේ වර්ධනය වීමට ඉඩ හැරිය හොත් අපට එම අනුකරණයන් සාර්ථක නීරෝගි වනාන්තර අස්වැන්න ලෙස ලබා දෙනු ඇත. තෝර ගත් ගස් කැපීම ස්වාභාවික සංරක්ෂිතයන් තුළ පවතින ඉඩ ප්‍රමාණයන් හා ඒවායින් හමුවන ශාක කොළ රොඩු මත පදනමි විය හැක. තිරසාර වන විද්‍යාව විසින් නැවත වනාන්තර ගිනි ගැනීම් වනාන්තර වලට හදුන්වා දීමට කටයුතු කර ඇත. මෙමගින් ලැබුනු වාසි දායක තත්ත්වයන් වනුයේ විවිධාකාර වන සත්ත්ව විශේෂයන් නැවතත් වනාන්තර වලට හදුන්වා දීමය. මෙවැනි ඵලදාව ලබා ගැනීමේ ක්‍රියාකාරකම් මගින් වනාන්තරවල වූ සියළු වර්ධන අවධීන්ට පැවතීමට හැකි වේ.

විහිදී පැතිර ඇති කුඩා මං තීරු වන සතුන්ගේ වාසස්ථාන යා කරන අතර ඒවා වනාන්තර භූමි අතර පවතී. එමනිසා වන සතුන්ට වනාන්තර අතර නිරන්තරයෙන් ගමන් කල හැක. ලයිකන හා දුබල ව්‍යාප්තියක් පවතින ශාක හා සතුන්ට මෙම වනාන්තර භූමි කොටස් අතර තම ජීවිත පවත්වා ගැනීමට උපකාරී වන අතර මෙමගින් සීමාවලින් වන බලපෑම් අඩු කිරිම හෝ ශාක සුළගින් ආරක්ෂා කිරිම සිදු කරයි. මෙයට ශාක අතර පරාග සංයෝග කිරීමට හා ඔවුන්ගේ ජාන ප්‍රමාණය පුළුල් කිරිමට උදව් වේ.

සහතික කිරීම

තිරසාර වන විද්‍යාව තුල, වනාන්තර කළමණාකරණ ක්‍රියාකාරකම් ගැලපෙන සාර්ථක ආකාර‍ෙයන් සිදු වනවාදැයි සහතික කිරීමට හා ස්ථීර කිරීම පරීක්ෂා කිරීම‍ට බොහෝ ආයතන ඉදිරිපත් වී ඇත. ජර්මන් වල බොන් හි පිහිටා ඇති වන භාරකාර මණ්ඩලය සතුව පොදු තිරසාර වන කළමනාකරණ ප්‍රමිතීන් ඇත. මෙම ප්‍රමිතීන් කර්මාන්ත, ප්‍රජා හා පාරිසරික ආයතන වල කොටස් කරැවන් මත පදනම් වූ ප්‍රාදේශීය අවශ්‍යතාවයන් මත සැකසී ඇත. මේ හේතුකොට ගෙන මෙම ප්‍රමිතීන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට යම් යම් ආකාරයට වෙනස් විය හැක. උදාහරණයක් ලෙස කැනඩාවේ වූ බ්‍රිතාන්‍ය කොළොම්බි‍යාවේ වූ කළමණාකරණ ප්‍රමිතීන් හා නවසීලන්තයේ ප්‍රමිතීන් අතර විශාල වෙනසක් ඇත. වන භාරකාර මණ්ඩලය විසින් පරීක්ෂණ පැවැත්වීම‍ට සහතික කිරීමේ ආයතන වලට බලය පවරා ඇත. යම් වනාන්තර භූමියක් මෙම පරීක්ෂණයෙන් සමත්වුව හොත් සහතික කිරීමේ ආයතනය විසින් අවසර මුද්‍රවක් ලබාදෙන අතර එය වෙළද‍පලේ උත්තා්ලනයක් ලෙස භාවිතා කල හැක. "තිරසාර වන විද්‍යා මුලපිරීම" යනු මෙවැනි ආයතනයක් වුව ද මෙය වනභාරකාර මණ්ඩලයෙන් යම් වෙනස් වීම් දක්වයි. එනම් මෙම ආයතනය සතුව සියලුම පාලනපළාත් වලට අදාල වන එක් ප්‍රමිතීන් සංග්‍රහයක් ඇත. මෙ ආයතනවලට අමතරව තවත් ආයතන ද පිහිටුවා ඇති අතර එවායින් ඇතැම් ආයතන අනෙකුත් ආයතන වලට වඩා වාසිදායකය. ඇතැම් ප්‍රමිතීන් වනය සහතික කිරීමේ ලියවිල්ල සඳහා වූ ව්‍යාපෘතිය සමඟ ම බලය ලබාගෙන ඇත. නිවර්තන දුෂ්කර වැසි වනාන්තර තත්වයෙන් උසස් කිරීම හා තිරසාර වන විද්‍ය‍ා ව්‍යාපෘතිය ප්‍යුටො රිකෝ හි වූ උපකාරිවන වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇත. මෙය නිවර්තන වැසි වනාන්තර භූමි සංරක්ෂණය හා තිරසාර කළමනාකරණය පිළබද උනන්දුවක් ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හා වන නිලධාරීන් සඳහා වූ ප්‍රදර්ශනාත්මක ව්‍යාපෘතියකි.

"https://si.wikipedia.org/w/index.php?title=පිළියම්&oldid=464919" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි