පැකට්ටු සංග්‍රාහකය/විසංග්‍රාහකය

විකිපීඩියා වෙතින්

PAD ලෙසින් කෙටි කර දැක්වෙන පැකට්ටු සංග්‍රාහකයක්/විසංග්‍රාහකයක් යනු, X.25 (පැකට්ටු-ස්විච්කරණ) ජාලයකට හෝ සංග්‍රාහක පරිගණකයකට හෝ බහු අසමමුහුර්තක ටර්මිනල සම්බන්ධකතාවය සපයන සන්නිවේදන මෙවලමකි. ටර්මිනල කාණ්ඩයක් වෙතින් දත්ත එක්රැස් කර ගන්නා එය, එම දත්ත X.25 පැකට්ටු තුලට බහාලයි (මෙය එකලස්කිරීමයි). PAD මෙවලමක් විසින් එහි ප්‍රතිවිරුද්ධයද සිදු කෙරෙන අතර, එහිදී එය විසින් පැකට්ටු-ස්විච්කරණ ජාලයක් හෝ සංග්‍රාහක පරිගණකයක් හෝ වෙතින් දත්ත රැගෙන ඒවා ටර්මිනල වෙත යළි යැවිය හැකි වන පරිදී ඒවා අනුලක්ෂණ ප්‍රවාහයක් වෙත ලැබෙන්නට සලස්වයි (මෙය විසංක්‍රමණය වෙයි). FRAD (රාමු ප්‍රතියෝජක සංග්‍රාහකය/විසංග්‍රාහකය) යනු, මෙය හා සමරූපී මෙවලමක් වන අතර,ඒවා විසින් රාමු ප්‍රතියෝජක ජාල ප්‍රවේශය කරයි.