පාරිසරික විද්‍යාව-වර්ගීකරණයේ සත්ත්ව විද්‍යාත්මක පද්ධති.

විකිපීඩියා වෙතින්

වර්ගීකරණයේ සත්ත්ව විද්‍යාත්මක පද්ධති.


රූප විද්‍යාත්මක චිත්‍රණයේදී වර්තමාන සහ වඳවී ගිය සත්ව වර්ග හඳුනා ගැනීම සහ කාලය හා අවකාශය තුල ඔවුන් ගේ පැතිරීම හඳුනා ගැනීමට සම්බන්ධ වන ක්‍රමානුකූල ගවේශණය හා තොරතුරු වගුගත කිරීම ඇතුලත් වේ. 1. පැරණි කාලයේ කෞතුකාගාර සදන්නන් සහ ඔවුන්ගේ නවීන නියොජිතයන් වන සත්ත්ව විද්‍යාත්මක එකතූන්ගේ ආකර්ෂකයන් සහ විස්තර කරන්නන්. 2. පැරණි ගවේශකයන් සහ නවීන ස්වභාවවේදී සංචාරකයන් සහ සත්ව භූවිද්‍යාව පිළිබඳ ලේඛකයන් සහ 3. පොසිල එකතු කරන්නන් සහ පාෂාණිධාතුක විද්‍යඥයින්, මෙම මතෘකාව යටතේ එන ප්‍රධාන කාණ්ඩවල සත්ව විද්‍යාත්මක සෙවකයින්ය. අනුක්‍රමයෙන්, හන්ටර් සහ කුවියර්ගේ කාලය වන තෙක්ම අධ‍්‍යයනයන් සම්බන්ඳ වූයේ වැඩිවශයෙන්ම මතුපිට රෑප විද්‍යාත්මක චිත්‍රණය සමග වන අතර අද වන තුරුම කිසිවෙක් සතුන්ගේ ආකාරය පිළිබඳව වෙනත් අකාරවලට අධ්‍යනය කිරීම ගැන සළකා නැති අතර අභ්‍යන්තර ව්‍යුහය , පටක විද්‍යාව, කළල විද්‍යාව පිළිබඳව සිය විෂය පථයට ඇතුලත් කර නොමැත.සත්ත්ව විද්‍යාවේ නියම අරුණලු උදාවන්නේ මධ‍්‍යතන යුගයේ පෞරණික යුගයට පසු එඩ්වඩ්. එඩ්වඩ්. වොට්න් යන ඉංග්‍රීසි ජාතිකයාගේ නමත් සමඟ සම්බන්ධ වීමෙනි. ඔහු 1492 ඔක්ෆර්ඩ් හි උපත ලබා වෛද්‍යවරයෙක් ලෙස ලන්ඩනයේ ක්‍රියකර 1552දී මිය ගියේය.ඔහු ඩි ඩිෆරන්ටීස් ඇනිමාලියම් යනුවෙන් 1552දී පැරීසියෙදී ග්‍රන්තයක් ප්‍රකාශ කරන ලදී.බොහෝ විෂයන්ගෙන් ඔහු ඇරිස්ටෝටල්ගේ අනුගමිකයකු වන අතර.ඔහු විවිධ මනඃකල්පිත සංකලනයන් උගන්වමින් මධ්‍යතන යුගය පුරා සත්ව විද්‍යාත්මක දැනුමේ පදනම පිහිටුවීය. වෝටන්ගේ දක්ෂතවය වූයේ පෞරණික හා මනඃකල්පිත වර්ධනයන් ප්‍රතික්ෂේපකර ඇරිස්ටෝටල්ගේ මතයන් වෙත නැවත පැමිණීම සහ පරිසරය නිරීක්ෂණයි. ඇරිස්ටෝටල්ගේ සන්තථිකත්වය පිළිබඳ වර්ගීකරනයේ සංකල්පය හා සංසන්දනය කරන විට 16,17, හා 18 වන සියවස් වල සත්ත්ව විද්‍යාවේ දියුණුවක් නොතිබූ තරම්ය.