Jump to content

ප්‍රහාරක ගුවන්යානා

විකිපීඩියා වෙතින්
වර්ජිනියා හි ලැන්ග්ලි ගුවන් හමුදා කදවුරේ ගුවන් සංදර්ශනයක් අතරතුර පියාසැරියේ යෙදෙන A-10 Thunder bolt II, F-86 Sabre,P-38 Lighting හා P-51 mustang ගුවන් යානා. මෙම සංදර්ශනය ගුවන් හමුදාවේ සටන් ගුවන් යානාවල පරම්පරා 2 ක් හා ප්‍රහාරක ගුවන් යානාවක් (A-10) නිරූපණය කරයි.

ප්‍රහාරක ගුවන් යානාවක් (සටන් ගුවන් යානාවක්[තහවුරු කර නොමැත]) යනු භූමි ඉලක්ක සඳහා පහර දීමට සැලසුම් කර ඇති බෝම්බ දමන ගුවන් යානාවකට ප්‍රතිවිරුද්ධ එනම් මූලිකවම අනෙක් ගුවන් යානාවලට පහර දීම සඳහා සැලසුම් කර ඇති යුධමය ගුවන් යානයකි. සටන් ගුවන් යානා අනෙකුත් ගුවන්යානා හා සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩාය. එමෙන්ම වේගවයෙන් පියාසර කිරීමට හා හැසිරවීමට පහසු වේ. යුධ හමුදාව මඟින් ගුවන් ශ්‍රේෂ්ඨත්වය ලබා ගන්නා මූලික ආකාරය සටන් ගුවන් යානා නම්වේ. අඩුම තරමේ දෙවන ලෝක යුද්ධයේ සිට බොහෝමයක් නූතන යුධ ගැටුම්වලදී ගුවන් ශ්‍රේෂ්ඨත්වය ජයග්‍රහණයේ වැදගත් සාධකයක් බවට පත්ව ඇත. සාමාන්‍යයෙන් පිළිගත් හමුදා අතර (ගරිල්ලා සටන්වලට ප්‍රතිවිරුද්ධ) අතර පවතින සටන් හා ඔවුන්ගේ අත්පත් කර ගැනීම් හා නඩත්තු කිරීම්වලදී නූතන සටන් ගුවන් යානා බලකායන් නඩත්තු කරන හමුදා යුධමය අතින් වඩා වැඩි වාසි අත්පත් කර ගනී.

ප්‍රහාරක ගුවන් යානා හඳුන්වාදීම

[සංස්කරණය]

ප්‍රහාරක යන වචනය පළමු ලෝක යුද්ධය අවසන් වන තුරු ඒක ආසන ප්‍රහාරකයකට නිල බ්‍රිතාන්‍ය පදය බවට පත් නොවීය. 1920 දශකයේ මුල් භාගයේ RFC/RAF හි දී එවැනි ගුවන් යානා ඔත්තුකරුවන් ලෙස හැඳින්වේ. ප්‍රංශයේ, ජර්මනියේ, ඉතාලියේ හා පෘතුගාලයේ දඩයක්කරුවා යන අර්ථය ඇති පදයක් භාවිතා වූ අතර රුසියාවේ භාවිතා වූ පදයේ අර්ථය සමූල ඝාතකයා යන්නයි. 1940 දශකය අගභාගය වනතුරු එක්සත් ජනපද හමුදාව ප්‍රහාරකයන් නම් කරේ ලුහුබැඳ යන ගුවන් යානා ලෙසය.

ගුවන් යානාවල අකාර්යක්ෂම භාවිතයට හා පළමු ලෝක යුද්ධයේ දී භූමි ප්‍රහාරක අංශවල යළි පිරික්සුම සඳහා පදවා ගෙන යා හැකි ගුවන් යානාවල භාවිතයට ප්‍රතිචාරයක් ලෙස ප්‍රහාරකයන් වර්ධනය කළේය.

ගුවන් යුධ කටයුතුවල වැදගත්කම ක්‍රමයෙන් වැඩි වූ අතර ඊට සමගාමීවම ගුවන් අවකාශයේ පාලනයේ වැදගත්කම ද වැඩි විය. දෙවන ලෝක යුද්ධය වන විට ප්‍රහාරකයන් බර මැෂින් තුවක්කු ගඟනමය කාලතුවක්කු කෝෂ සහිත ලෝහමය ඒක යානා අතර ප්‍රමුඛස්ථානය ලැබීය. යුද්ධය අවසානය වන විට ටර්බෝ ජෙට්, පිස්ටන් එන්ජින් ප්‍රතිස්ථාපනය කරමින් ක්ෂේප ප්‍රචාලනය සිදු කළ අතර තුවක්කු මිසයිල මඟින් ප්‍රතිස්ථාපනය විය. ඓතිහාසික අරමුණු සඳහා ජෙට් ප්‍රහාරකයන් පරම්පරාව මඟින් වර්ගීකරණය කෙරේ. පාරම්පරික පාරභාෂික පද භාවිතය F-35 Lightning 2 පස්වන පරම්පරාවේ ගුවන් යානයක් ලෙස නම් කිරීමත් සමඟ රුසියානු ආරක්ෂක භාෂා ව්‍යවහාරය මඟින් ආරම්භ විය.

නූතන ජෙට් ප්‍රහාරකයන් තල බමන එන්ජින් 1 හෝ 2ක් මඟින් ප්‍රමුඛ වශයෙන් බල ගැන්විණි. ප්‍රාථමිකව මිසයිල මඟින් සන්නාහ සන්නද්ධ වූ අතර (සැහැල්ලු දිවා ප්‍රහාරකයන් එකක හෝ දෙකක වැනි කුඩා සංඛ්‍යාවක සිට Su-37 Flanker හෝ F-15 Eagle වැනි ප්‍රමුඛ ප්‍රහාරකයන් 8 සිට 10 පමණ වැඩි සංඛ්‍යාවක් දක්වයි.) යුධෝපකරණ ලෙස කාල තුවක්කු සමඟ (30mm හා 20mm අතර) ඉලක්ක අත්පත් කර ගැනීමේ ප්‍රාථමික ක්‍රමයක් ලෙස රේඩාර් උපකරණ ද මේවායේ සවි කෙරුණි.


පළමු පරම්පරාවෙහි ජෙට් ප්‍රහාරක යානා (මධ්‍ය 1940 දශකය - මධ්‍ය 1950 දශකය)

[සංස්කරණය]

ප්‍රහාරක ගුවන් යානාවන්හි පළමු පරම්පරාව, ප්‍රචාලනය සඳහා ටර්බොජෙට් යොදා ගැනීමේ මුල්ම ප්‍රයත්නයකි. මෙම ගුවන් යානාවන්හි වේගය අධික ලෙස වර්ධනය කිරීමක් සිදු කර ඇත. (ඉතා ඉහළ වේගයන්හි දී පිස්ටන යොමු කාරක ප්‍රචාලකයන්හි කාර්යක්ෂමතාව බිඳ වැටිණි) මුල් යුගයේ මෙම ජෙට් යානා පිස්ටන යොමු කාරක හා බොහෝ සෙයින් සමාන ලක්ෂණ පෙන්නුම් කෙරිණි. බොහොමයක් ඍජු තටු සහිත ගුවන් යානා වු අතර මුලික ලෙස ස්වයංක්‍රිය ගිනි අවි දරණ ලදි. විශේෂිත රාත්‍රි ප්‍රහාරක යානාවලට හැරුනු විට රේඩාර් තාක්ෂණය අනෙකුත් සාමාන්‍ය යානා සඳහා භාවිත නොවීය.

මුල්ම ජෙට්යානා දෙවන ලෝක යුධ සමයේ නිපද වු අතර යුධමය කටයුතු සඳහා යොදා ගැනිණි. පළමු ක්‍රියාන්විත ජෙට් ප්‍රහාරක යානය වන Me 262, Messerchmitt විසින් නිපදවන ලදී. මෙම යානා පිස්ටන යොමු කාරක යානා වලට සාපේක්ෂව වේගවත් වු අතර දක්ෂ ‍ගුවන් නියමුවෙකු හමුවේ ඔහු පරාජය කිරීම අනෙකුත් සන්ධානගත ගුවන් නියමුවන්ට අසීරු කාර්යයක් විය. සන්ධානගත ගුවන් මෙහෙයුම් නවතාලීම සඳහා අවශ්‍ය තරම් ප්‍රමාණයෙන් මෙම නිමැයුම කිසිදාක ප්‍රචාරණය නොවීය. ඉන්ධන හිඟතාවය නිසා එන්ජිම කිසිදාක ප්‍රචාලනය නොවීය. ඉන්ධන හිඟතාවය හා එන්ජිම ආශ්‍රිත තාක්ෂණික අපහසුතා ප්‍රහාරක සංඛ්‍යාව අවම කිරීම සඳහා බලපෑම් කරන ලදි. එසේ වුව ද මෙම යානා පිස්ටන යොමුකාරක ගුවන් යානා භාවිතයේ යල් පැන ගිය ස්වභාවය පිළිබිඹු කරයි. ජර්මානු ජෙට් වාර්තාවන් හි අනුබලය මත බ්‍රිතාන්‍යයේ Gloster meteor නිෂ්පාදනය ඇරඹුනු අතර ඒ සමඟම එනම් 1944 වකවානුව තුල මෙම යානා දෙවර්ගයම ක්‍රියාන්විත සඳහා යොදා ගැනිණි. සමකාලින නිමැ‍යුමක් වු පිස්ටන එන්ජින් දරණ යානා වලට සාපේක්ෂව meteor වේගවත් වු බැවින් v-1buzz bomb නවතාලීම සඳහා meteor උපයෝගි කර ගැනිණි. ලෝක යුධ සංග්‍රාමය අවසන් වන කාලය වන විට පිස්ටන දරණ ප්‍රහාරක සියල්ලක්ම පාහේ භාවිතයෙන් තුරන් වී තිබින. පසුව මිශ්‍ර ප්‍රචාලන සහිත නිමැයුම් එනම්, Ryan FR Fireball ආදිය භාවිතයට පැමිණි අතර, 1940 වකවානුව අවසානයේ දී සියලුම ප්‍රහාරක ගුවන් යානා ජෙට් බලගන්වන ලද යානා විය.

ජෙට් ප්‍රහාරක යානාවන්හි වාසිදායක ගුණාංගයන් පැවතිය ද, විශේෂයෙන්ම මෙම පරම්පරාවෙහි ආරම්භක වසර කීපය තුල එම යානාවන්හි අංග සම්පුර්ණ ස්වභාවයෙන් බොහෝ සෙයින් ඈත් වී පැවතිනි. මෙම යානා වල ක්‍රියාකාරිත්වය, ආයු කාලය මුලික ලෙස 'පැය' වලින් මිනුම් කල හැක. මේවායේ එන්ජිම විශාලත්වයෙන් හා භංගූරතාවයෙන් අධික වීම හේතුවෙන් ශක්තිය සකස් කිරීම සිදුවනුයේ සෙමිනි. 1950 මුල් අවධියේ සිට මැද භාගය වන තෙක් එක්සත් ජනපද හා සෝවියට් ගුවන් හමුදා සන්නද්ධ ඒකකයන් පිස්ටන ප්‍රහාරක සහිත විය. (භාවිතයේ පැවති නිමැයුම් සාර්ථක නිර්මාණ වු අතර F-4 U corsair එක් නිදසුනකි). තවද මෙම වකවානුව තුලදී swept wings, ejector seats සහ චලනය වන tailplanes හඳුන්වා දෙන ලදි.

පශ්චාත් යුධ කටයුතු සඳහා ජෙට් ප්‍රහාරක භාවිතා කළ අයවලුන් අතර ඇමරිකානුවන් මුල්ම පුද්ගලයන් විය. P – 80 යානය (F- 80 ලෙස වහා ප්‍රතිනිර්මාණය විය) Swept wing Messerschimitt යානය හා සසඳන කල දැකුම් කළු භාවයෙන් මඳ වු නමුදු බොහොමයක් පිස්ටන එන්ජින් දරණ ප්‍රහාරක යානාවන්හි වේගය සහිත විය. බ්‍රිතාන්‍යයන් de havilland Vampire ඇතුළු නවතම ජෙට් යානා බොහොමයක් නිමැයුම් අතර විවිධ රාජ්‍යය තන්ත්‍රයන් රාශියක ගුවන් හමුදා සඳහා අලෙවි කර ඇත. බ්‍රිතාන්‍යයන් Rolls Royce ජෙට් එන්ජින් තාක්ෂණය සෝවියට් ජාතිකයන් හට ලබා දුන් අතර ඔවුන් වහාම එම තාක්ෂණය MiG-15 ප්‍රහාරක සඳහා යොදා ගන්නා ලදි. මෙම යොදා ගැනීම කොරියානු ගුවනේ දි ඇමරිකානු F-80 ගුවන් නියමුවන් පුදුමයට පත් කරලිමට සමත් විය. එහිදි ඇමරිකානු ජෙට් යානා සාම්ප්‍රදායික 50cal (12.7 mm) වු ස්වයංක්‍රීය ගිනි අවි හයක් දැරූ අතර MIG යානා 23 mm වු කාලතුවක්කු 2 ක් හා 37 mm ක්වු එක් කාලතුවක්කුවක් සහිත විය. MIG යානාවක් මඟින් ප්‍රහාර කීපයකින් ඇමැරිකානු ප්‍රහාරයක් ගුවනින් ඉවත් කිරීමට හැකි විය.

මීට ප්‍රතිචාරය වුයේ F-86 සන්නද්ධ ඒකක MiG යානාවන්ට එරෙහිව යොදා ගැනීමයි. F-86 යානය F-80 යානයට සමාන යුධ ආම්පන්න සහිත වුවද F-80 යානය MiG 15 සේම සැබෑ Swept wing ප්‍රහාරකයක් විය. මෙම ගුවන් යානා ශක්ති සම්පන්න භාවයෙන් අසමාන වුව ද අත්දැකිම් බහුල ශක්ති සම්පන්න එක්සත් ජනපද ගුවන් හමුදා නියමුවන්ට තම කාර්යය අවශ්‍ය ආකාරයට සිදු කර ගැනිමට තරම් සමාන ලක්ෂණ සහිත විය.

බලසම්පන්න ප්‍රහාරයන් එල්ල කිරීමේ අවශ්‍යතාවය උදෙසා ලොව නාවික හමුදාවන් ද ජෙට් ප්‍රහාරක යානා යොදා ගැනීම මෙම කාලය තුළ දී දක්නට ලැබිණි. කොරියානු යුධ අවධිය තුලදී එක්සත් ජනපද නාවික හමුදාව තම මුලික ජෙට් ප්‍රහාරකය ලෙස F9F Panther යානය යොදා ගන්නා ලදි. රාජකීය නාවික හමුදා සුලභ ලෙස යොදා ගන්නා ලද්දේ vampire යානයයි.

ප්‍රහාරක ගුවන් යානා දෙවන පරම්පරාව (මධ්‍ය 1950 දශකය – මුල් 1960 දශකය)

[සංස්කරණය]

දෙවන පරම්පරාව ජෙට් ප්‍රහාරක ගුවන් යානාවල ප්‍රහාරයක හැකියා අතිශයින් දියුණු කරන ලද නව තාක්ෂණික ක්‍රම විශාල ප්‍රමාණයක එකතුවක් පැහැදිලි කරයි. AIM – 9 Side Winder හා AIM – 7 Sparrow වැනි මඟ පෙන්වන ලද මිසයිල සටන දෘශ්‍ය පරාසයෙන් ඉවතට ද රැගෙන ගියේය. එම මිසයිලවලට ඉලක්ක ලබා ගැනීම සඳහා සම්මත රේඩාර් අවශ්‍ය විය. සැලසුම්කරුවන් ඩෙල්ටා තටු, විවිධ ජ්‍යාමිතික තටු ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අහස් යානා රාමු වැනි විවිධ ගඟනගාමී නව නිපැයුම් පරීක්ෂා කර බලන ලදී. ස්වෙප්ට් තටුවල හඳුන්වාදීමත් සමඟ ශබ්ද බාධකය ඉක්මවා යා හැකි ගුවන් යානා නිෂ්පාදනය ආරම්භ විය.

මෙම යුගයේ සිදු වූ මූලික නවීකරණ වන්නේ ප්‍රහාරක - බෝම්බ දමන ගුවන් යානා (F-105 හා Sukhoi Su-7) හා ඉන්ටර්සෙප්ටර් ගුවන් යානා (English Electric Lightning හා F – 104 StarFighter) වේ. ඉන්ටර්සෙප්ටර් යානා, දෘශ්‍ය පරාසයෙන් එහා සිදු වන ගැටුම් හා ආයුධ සම්පූර්ණයෙන්ම මඟ පෙන්වන මිසයිල මඟින් ප්‍රතිස්ථාපනය කරයි යන දර්ශනය මත ගොඩ නැංවූ යානා වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ටර්සෙප්ටර් යානා විශාල මිසයිල ප්‍රමාණයකින්, අධි බලැති රේඩාර් පද්ධතියකින් හා වේගය හා ඉහල නැඟීමේ සීඝ්‍රතාවය නිසා වැඩි සචලතාවයකින් සැලසුම් කර ඇත.

සැලකිය යුතු ගුවන් යානා

ප්‍රංශය

o Dassault Étendard IV o Dassault Super Mystère

ඉන්දියාව

o HAL HF-24 Marut

චීන සමූහාණ්ඩුව

Shenyang J-6 'Farmer'

ස්වීඩනය

o Saab 32 Lansen Saab 35 Draken

සෝවියට් එකමුතුව

o Mikoyan-Gurevich MiG-19 'Farmer' o Mikoyan-Gurevich MiG-21 'Fishbed' o Sukhoi Su-7 'Fitter-A' o Sukhoi Su-9/11 'Fishpot'


එක්සත් රාජධානිය o English Electric Lightning o de Havilland Venom o De Havilland Sea Vixen o Gloster Javelin o Hawker Hunter o Supermarine Scimitar Supermarine Swift

එක්සත් ජනපදය o Chance-Vought F-8 Crusader o Grumman F-9 Cougar o Grumman F-11 Tiger o North American F-100 Super Sabre o McDonnell F-101 Voodoo o Convair F-102 Delta Dagger o Lockheed F-104 Starfighter o Republic F-105 Thunderchief o Convair F-106 Delta Dart

ප්‍රහාරක ගුවන් යානා තෙවන පරම්පරාව (මුල් 1960 දශකය - 1970 දශකය)

[සංස්කරණය]
F-7 Cutlass

ප්‍රහාරක ගුවන්යානා පළමු පරම්පරාව තුළදී හඳුන්වා දුන් නවතම ක්‍රමවේදයන් කාලයත් සමඟ දියුණු වීම හේතුවෙන් එහි තෙවන පරම්පරාව ඇරඹිනි. ගුවන් යානා තැනීම හා පැදවීම පිළිබඳ විද්‍යාවෙහි දියුණුවත් සමඟම නවිකරණය වූ මිසයිල, රේඩාර් හා අනෙකුත් ගුවන් යානා හා සම්බන්ධ ඉලෙක්ට්‍රොනික උපාංග හා එහි තාක්ෂණයන් මඟින් ප්‍රහාරක හැකියාවන් තවදුරටත් වර්ධනය විය. මිසයිල මඟින් පාලනය වූ ප්‍රහාරක අත්දැකිම් වල ප්‍රතිඵලයක් ලෙස, ඉතා ආසන්න ගුවන් ගත ප්‍රහාරකයන්හි පහත වැටීමක් සඳහා නිර්මාණකරුවන් ඉඩප්‍රස්ථාව සලසා දුණි. තම ස්වයංක්‍රිය ගිනි අවි, කාලතුවක්කු තාක්ෂණය ලබා ගැනීම සඳහා විද්‍යුත් එන්ජින් භාවිතා කල ප්‍රාථමික දම්වැල් ගිනි අවි, තනි මල්ටි බැරල් (20mm Vulcan) අවි සඳහා ඉඩ ලබා දුන් අතර මෙමඟින් ප්‍රහාරය දැඩි හා නිරවද්‍ය ලෙස එල්ල කල හැකි විය. Delta- winged ප්‍රහාරක යානා සඳහා කිසිදු අයුරකින් උපකාර නොවුව ද මනාව සැළසුම් කරන ලද මෙහෙයුම් සඳහා නවතම අවධාරණ‍යන් ඉදිරිපත් කෙරිණි.

මෙම නව හදුන්වාදීම් නිසා ප්‍රහාරක යානාවන්හි ශක්‍යතාවයන් වර්ධනය විය. එසේම ඒවායෙහි මිලද වර්ධනයක් විය. (දෙවන ලෝක යුද සමයේ භාවිතා වූ 0.24 Liberoter ප්‍රහාරකයට වඩා F-4 ශක්තිමත් විය) සන්නද්ධ හමුදාවන් රාත්‍රී ප්‍රහාරක, බරැති ප්‍රහාරක (Heavy fighter) සහ වේගවත් ප්‍රහාරක (strike fignter) ආදී නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා විශේෂිත වූ ප්‍රහාරක යානා දැරීය. මෙය ප්‍රහාරක යානා සඳහා වැය වන්නා වූ මූල්‍යමය ප්‍රාග්ධනයට එරෙහි වූ අතර එමඟින් මෙහෙයුම් වඩා සාර්ථක හා ස්ථාවර ක්‍රියාදාමයන් බවට පත් කරවිය. Medonnell F-4 phonton II එක්සත් ජනපද නාවික හමුදාවෙහි අවශ්‍යතාවයන් උදෙසා නිර්මාණය වූව ද බහු කාර්යය ගුවන් යානයක් ලෙස ගුවන් හමුදාව, නාවික හා හමුදා සේනාංක සහ අනෙකුත් ජාතීන් ද ඉතා සාර්ථක අන්දමින් මෙම යානය භාවිතයට ගන්නා ලදී. නාවික හමුදාව, ගුවන් හමුදාව හා සමුද්‍ර සේනාංක මඟින් එකවර ගුවන්ගත කරන්නා වූ එකම ප්‍රහාරක යානය ද මෙය වේ.

ප්‍රහාරක ගුවන් යානා හතරවෙනි පරම්පරාව (1970 දශකය - මධ්‍ය 1990 දශකය)

[සංස්කරණය]
4 වන පරපුරේ F -14 Tom Cat, Mirage, Mig 29 Fulcrum හා F-16 Fighting Fclcon ගුවන් යානා

ප්‍රහාරක ගුවන් යාන වල මිල ඉහල යාමත්, F -4 Phortom II හි සාර්ථකත්වයක් නිසා කාර්යයන් කිපියක් කල හැකි ගුවන් යානා වලට ජනප්‍රියතාව ඇති විය. F-4 වැනි එක්තරා විශේෂ වර්ග‍ේ කර්තවයයන්ට නිපදවු යානාත් වවිධ කාර්යයන් කල හැකි ලෙස නිපදවයි. Mig 23, Penre tore වැනි යනා වල විවිධ මාදියන්ට ඒවාට විශේෂ වු කාර්යයන් කල හැකිය. F/A -18 Hornet හා Possault Mirageහන යානා කාර්යයක් කිහිපයක කල හැකි යානා විය. ගුවන් යානා තාක්ෂණයේ දියුණුවක් සමග මෙම යානා ගොඩබිම හා ගුවන් ආකාරයට (Mote) පහසුවෙන් මාරැ කල හැකි විය. මෙහි තාක්ෂණය දියුවු කිරිමේ මිල වැඩි වුවත් රටවල් තව තවත් මෙම යානා වැඩි දියුණු කිරිමට විය.

පුරාණ යානා රටක් නොව අහසේ වන සමන් වලට ජවසම්පන්න ලෙස කිරිමට හැකිලෙස නව යාත්‍රා නිපදවා ඇත Mig 31 හා Porovia Tornedo ADV වේ සදහා වු ඉතා ප්‍රබල ගුවන් යානා වේ. Fly by wire හා Relosced stability තාක්ෂණයක් නව යාත්‍රා වල බහුලව භාවිතාවේ. අනෙක් විශේධ වෙනස නම් ගුවන් යානා කොටස් ප්‍රමිතිකරණය (Standiec) හා නඩත්තුව පහසුවිම පෙන්විය හැක. අතත ජෙම් යානා වලට එක ගුවන් පැයකට පහලදි මිනිස් පැය 50 ක් පමණ අවශ්‍ය විය. නව යානා මෙය අඩුකර ඉතා වේගයෙන් ආපසු ගොස් ප්‍රහාර එල්ලකල හැකි ලෙස නිපදවිය. සමහර නව යානාවලට එක් ගුවන් පැයකට මිනිස් වැඩ පැය 10 ක් පමණක් සමහරක් යානා වලට ඊටත් අඩුවෙන් ද අවශ්‍ය වේ.

ප්‍රහාරක ගුවන් යානා 4.5 පරම්පරාව (1990 දශකය - 2005)

[සංස්කරණය]
Eurofighter Typhoon
French Air Force Dassault Rafale
Boeing F/A-18E/F Super Hornet

මෙම අර්ධ පරම්පරාව ප්ර බන්ධ කොට ඇත්තේ තෙවන හා හතරවන පරම්පරාවල් වල දියුණුව හා සැසඳීමේ දී වායු ගතිකමය තාක්ෂණයන්හි සාපේක්ෂ ඇණ හිටීමකට ලක් වූ අන්තර් කාල පරාසය විස්තර කිරීමටයි. එහෙත් ගුවන් ඉලෙක්ට්රෝනික විද්යාලවේ හා වෙනත් අදාල තාක්ෂණයන්හි විශිෂ්ට සොයා ගැනීම් මෙකල සිදු විය. එයට ප්ර ධාන හේතුව 80 හා 90 දශකවල ක්ෂුද්රන චිපයන්ගේ හා අර්ධ සන්නායක තාක්ෂණයේ දියුණුවයි. මෙම සංයෝජනය සම්පාදකයන්ට නවීකරණය කළ හතරවන පරම්පරාවේ සැලසුම් ඉදිරිපත් කිරීමට ඉඩ ලබා දුනි. එහි දී පවතින ගුවන් රාමු මත හෝ අතීත ගුවන් රාමුවල යළි සකස් කිරීම මත පාදකව එහෙත් ගුවන් ඉලෙක්ට්රොවනික තාක්ෂණයේ හා රේඩාර් තාක්ෂණයේ දියුණුව සහිතව එමෙන්ම සිව්වන පරම්පරාවේ රහස් සැලසුම් මඟින් උගත් පාඩම් ද යොදා ගෙන පස් වන පරම්පරාවේ ප්ර්හාරකයන් සඳහා පසුව නුවණින් සලකා බැලිය හැකි පරිදි නිර්මාණය කෙරේ. ප්රරධාන උදාහරණයක් නම් F/A-18E/F Super Hornet, හා 70 දශකය මත පාදකව සැලසුම් කළ F/A-18 Hornet බාහිර ස්වරූපය පෙර පරිදිම පවතිද්දී super hornet හි ලක්ෂණවල ගුවන් යානා ඉලෙක්ට්රො නික තාක්ෂණයේ වැඩි දියුණු කිරීම් සිදු වූ අතර වීදුරු නියමු කුටියක් (ප්රටබවයට 90%ක් සමාන වේ.) ඝන තත්වයේ AESA ස්ථාවර රේඩාර් ඇන්ටනාව, නව එංජින් බර අඩු කිරීම සඳහා සංඝටක මූලද්රාව්යදයන්හි ව්යුවහමය භාවිතය, රේඩාර් සලකුණ අවම කිරීමට මද වශයෙන් නවීකරණය කළ හැඩය ඒ අතර වේ. තවත් එකක් නම් F-15E Strike Eagle, සීතල යුධ සමයේ භූමි ප්රයහාරකයක් වූ සවි ගැන්වු ගුවන් රාමුවක්, වැඩි දියුණු කළ එංජින්, නියමු වීදුරු කුටි හා නූතන භෞම අනුගාමී යාත්රාක හා ඉලක්ක පද්ධති අඩංගු වූ F-15 Eagle ද ගත හැක. 4.5 පරම්පරාවේ Super Hornet, Strike Eagle, Rafale පමණක් යුධ කටයුතු සඳහා යොදා ගනු දක්නට ලැබේ. හඳුනන ගුවන් යානාවන් • ප්රංයශය o Dassault Rafale • ඉන්දියාව o HAL Tejas • ජපානය/ එක්සත් ජනපදය o Mitsubishi F-2 • මහජන චීන සමූහාණ්ඩුව o Chengdu J-10 o Shenyang J-11B 'Flanker' • මහජන චීන සමූහාණ්ඩුව / පකිස්ථානය o JF-17 Thunder • රුසියාව o Mikoyan MiG-33/35 'Fulcrum' o Sukhoi Su-30/35/37 'Flanker' o Sukhoi Su-32/34 'Fullback' • රුසියාව/ ඉන්දියාව o Su-30MKI 'Flanker' • රුසියාව/ මහජන චීන සමූහාණ්ඩුව o Su-30MKK 'Flanker' • ස්වීඩනය o Saab JAS 39 Gripen • එක්සත් රාජධානිය/ ජර්මනිය/ඉතාලිය/ ස්පාඤ්ඤය o Eurofighter Typhoon • එක්සත් ජනපදය o Boeing F-15E Strike Eagle සහ සියළු පසුකාලීන ව්යුපත්පන්නයන් o General Dynamics / Lockheed Martin F-16C/D Block 50/52 සහ සියළු පසුකාලීන ව්යුyත්පන්නයන් o Boeing F/A-18E/F Super Hornet

ප්‍රහාරක ගුවන් යානා පස්වෙනි පරම්පරාව

[සංස්කරණය]
F-22 රැප්ටර් වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක්.


X – 35 JSF වර්ගයට අයත් පස් වැනි පරම්පරාවේ ජෙට් ප්ර0හාරක යානයක මූලාදර්ශයක්.

PAK FA ගුවන් යානයක්.


නූතන ප්‍රහාරක ගුවන් යානා නිර්මාණයේ දී සිරිත් පරිදි බහු විධ හැකියාවන්ගෙන් යුත් සැලසුම් නිර්මාණයට අමතරව වෙනත් භාවිතයන්ගෙන්ද සමන්විතව ඇත. ඒවා නම් තෙරපුම දෛශික ලෙස හැසිරවීම, කෙටි දුර ප්‍රමාණයක් තුළ ගුවන්ගත වීමේ සහ ගොඩ බෑමේ හැකියාව, සංයුක්ත ද්‍රව්‍ය භාවිතය, සුපිරි පියාසැරිය, රහස්‍යභාවය, වඩාත් දියුණු රේඩාර් තාක්ෂණය සහ සංවේදක මෙන්ම ගුවන් නියමුවාගේ කාර්යභාරය අවම කිරීම සඳහා නිර්මාණය කෙරුණු ගුවන් පාලන උපාංග ආදියද භාවිතයයි. 4.5 වැනි පරම්පරාවට අයත් ප්‍රහාරක ගුවන් යානා තුළ අන්තර්ගත වූ වීදුරුවලින් යුත් නියමු කුටි සහ නියමුවා පළඳින හෙල්මටයට සම්බන්ධ කෙරුණු වීඩියෝ තිර යනාදිය තවදුරටත් වැඩි දියුණු කොට වඩාත් දියුණු ගුවන් යානා සැලසුම් තුළට අන්තර්ගත කොට ඇත. මෙම නව සැලසුම්වලට හතරවැනි පරම්පරාවට අයත් ගුවන් යානාවල රහස්‍යභාවය සඳහා වූ උපක්‍රම, VTOL සහ F-117 , B-2 සහ AV-8 හැරියර් වැනි සංයුක්ත ගුවන් යානා යනාදියෙන් උගත් නව කරුණු ද අන්තර්ගත කෙරේ.


ඉහත සඳහන් නවීන ප්‍රහාරක යානා අතුරින් 2004 වසරේ නිෂ්පාදනය ආරම්භ කරන ලද ඇමරිකානු F – 22 රැප්ටර් ගුවන් යානය පමණක් මේ වනවිට ක්‍රියාකාරී තත්ත්වයේ පවතින අතර එය නව ගුවන් යානා පරම්පරාවක පළමු වැනි ගුවන් යානය ලෙස සැලකේ. මෙම නව පරම්පරාව පස්වැනි පරම්පරාව ලෙස හැඳින්වේ. දැනට මූලික නිෂ්පාදන අවධියේ පවතින F – 35 ලයිට්නින් II (ඒකාබද්ධ ප්‍රහාරක ගුවන් යානය ලෙස මෙය මුලින් හඳුන්වන ලදී) සහ F-22 රැප්ටර් වැනි ගුවන් යානා සැලසුම් කිරීමේ දී අන්තර්ගත කෙරුණු ලක්ෂණ භාවිතයෙන් හතරවැනි පරම්පරාවට අයත් ගුවන් යානා සැලසුම් ද තවදුරටත් වැඩි දියුණු කිරීම සිදුවේ. එමෙන්ම එම සැලසුම් රුසියානු PAK FA යානයේ සැලසුමට සහ අනෙකුත් රටවල දිගු කාලීන ප්‍රහාරක යානා නිෂ්පාදනය කිරීමේ වැඩසටහන් (මේවා සඳහා උදාහරණ ලෙස චීනය මඟින් ක්‍රියාත්මක කෙරෙතැයි සැලකෙන ෂෙන් යැන්ග් J – XX ව්‍යාපෘතිය, ඉන්දියානු මධ්‍ය ප්‍රහාරක ගුවන් යානා ව්‍යාපෘතිය සහ දකුණු කොරියානු KFX ව්‍යාපෘතිය යන ඒවා පෙන්වාදිය හැකිය.) වෙත ද බලපෑම් එල්ල කිරීමට සමත් වී ඇත. පස්වැනි පරම්පරාවට අයත් ගුවන් යානා තාක්ෂණයේ ආදර්ශනයන් ලෙස ඉදිරිපත්ව පසුව අත්හැර දැමුනු පස්වැනි පරම්පරාවේ ගුවන් යානා සැලසුම් අතරට එක්සත් ජනපදය මඟින් ඉදිරිපත් කෙරුණු YF-23 බ්ලැක් විඩෝ II (උසස් ප්‍රහාරාත්මක ගුවන් යානා සැලසුමක් ලෙස ඉදිරිපත් වූ මෙය පසුව F-22 ලෙස හැඳින්වෙන සැලසුම හේතුවෙන් අත්හැර දමන ලදී.) බෝයින් X-32 ඒකාබද්ධ ප්‍රහාරක ගුවන් යානා සැලසුමක් ලෙස ඉදිරිපත් වූ අතර YF-35 සැලසුම තෝරාගැනීම හේතුවෙන් මෙය අත්හැර දමන ලදී. තවද මැක්ඩොනල්ඩ් ඩග්ලස් X-36 ත්, සෝවියට් සංගමය මඟින් ඉදිරිපත් කෙ‍රුණු 1.42 ව්‍යාපෘතියත් (පසුව මෙය රුසියාව විසින් 1.44 ව්‍යාපෘතිය බවට වැඩි දියුණු කරන ලදී.) හදුන්වා දෙන ලදී.

දැනට භාවිතයේ පවතින ගුවන් යානා

[සංස්කරණය]

• එක්සත් ජනපදය o ලොක්හිඩ් මාටින්/ බෝයිං F-22 රැප්ටර් යානය (මෙහි පළමු පියාසැරිය 1997 දී සිදු විය)

දැනට පර්යේෂණ අවධියේ පවතින • ඉන්දියාව o මධ්යි ප්‍රහාරක ගුවන් යානය - මෙහි පළමු පියාසැරිය 2012 වසරේ සිදුවේ යැයි විශ්වාස කෙරේ.

• ඉරානය o පස්වැනි පරම්පරාවට අයත් අසරාක්ෂ් යානය (IRIAF ආයතනයට අනුව මෙය රහස් ප්රැහාරක ගුවන් යානයකි.

• චීන සමූහාණ්ඩුව o J-XX ගුවන් යානය

• රුසියාව o සුකෝයි PAK FA (T-50) මෙහි පළමු පියාසැරිය 2009 වසර තුළ සිදුවේ යැයි අපෙක්ෂා කෙරේ.

• රුසියාව / ඉන්දියාව o සුකෝයි PAK FA ඇසුරෙන් සැලසුම් කෙරෙන පස් වැනි පරම්පරාවට අයත් ප්‍රහාරක ගුවන් යානා ව්යානපෘතියකි. මෙහි පළමු පියාසැරිය 2012 වසරේ සිදුවේ යැයි අපේක්ෂා කෙරේ.

• දකුණු කොරියාව o KFX ගුවන් යානය

• එක්සත් ජනපදය o ලොක්හීඩ් මාටින් F-35 ලයිට්නින් II ගුවන් යානය. මෙහි පළමු පියාසැරිය 2006 වසරේ දී සිදු විය.

තාක්ෂණ ආදර්ශන ගුවන් යානා

• ජපානය o මිට්සුබිෂි ATD – X (මෙහි මුල් පියාසැරිය 2014 වසරේ සිදුවේ යැයි අපේක්ෂා කෙරේ)

• රුසියාව o සුකෝයි Su - 47 බර්කට් ෆර්කිං (මෙහි පළමු පියාසැරිය 1997 වසරේ දී සිදුවිය) o මිකෝවාන් 1.44 ව්යා4පෘතිය ෆ්ලැට් පැක් (මෙහි පළමු පියාසැරිය 2000 වසරේ දී සිදු විය)

• එක්සත් ජනපදය o ලොක්හීඩ් මාටින් YF -22 ලයිට්නින් II යානය (මෙහි පළමු පියාසැරිය 1990 වසරේ දී සිදුවිය) o නෝර්ත් රොප් YF -23 බ්ලැක්විඩෝ II යානය (මෙහි පළමු පියාසැරිය 1990 වසරේ දී සිදුවිය.) o බෝයිං බර්ඩ් ඔෆ් ප්රේ (මෙහි පළමු පියාසැරිය 1996 වසරේ දී සිදු විය) o මැක්ඩොනල්ඩ් ඩග්ලස් X-36 (මෙහි පළමු පියාසැරිය 1997 වස‍රේ දී සිදු විය) o ලොග්හීඩ් මාටින් X-35 (මෙහි පළමු පියාසැරිය 2000 වසරේ දී සිදු විය) o බෝයිං X -32 JSF (මෙහි X-32A මාදිලියේ පළමු පියාසැරිය 2000 වසරේ දී සිදු විය)

දැනට භාවිතයේ පවතින ගුවන් යානා

[සංස්කරණය]

එක්සත් ජනපදය

ලොක්හිඩ් මාටින්/බෝයිං F-22 රැප්ටර් යානය
* ලොක්හිඩ් මාටින්/බෝයිං F-22 රැප්ටර් යානය (මෙහි පළමු පියාසැරිය 1997 දී සිදු විය)


දැනට පර්යේෂණ අවධියේ පවතින

[සංස්කරණය]

ඉන්දියාව

  • මධ්‍ය ප්‍රහාරක ගුවන් යානය - මෙහි පළමු පියාසැරිය 2012 වසරේ සිදුවේ යැයි විශ්වාස කෙරේ.

ඉරානය

  • පස්වැනි පරම්පරාවට අයත් අසරාක්ෂ් යානය (IRIAF ආයතනයට අනුව මෙය රහස් ප්‍රහාරක ගුවන් යානයකි.

චීන සමූහාණ්ඩුව

  • J-XX ගුවන් යානය

රුසියාව

  • සුකෝයි PAK FA (T-50) මෙහි පළමු පියාසැරිය 2009 වසර තුළ සිදුවේ යැයි අපෙක්ෂා කෙරේ.

රුසියාව / ඉන්දියාව

  • සුකෝයි PAK FA ඇසුරෙන් සැලසුම් කෙරෙන පස් වැනි පරම්පරාවට අයත් ප්‍රහාරක ගුවන් යානා ව්‍යාපෘතියකි. මෙහි පළමු පියාසැරිය 2012 වසරේ සිදුවේ යැයි අපේක්ෂා කෙරේ.

දකුණු කොරියාව

  • KFX ගුවන් යානය

එක්සත් ජනපදය

ලොක්හීඩ් මාටින් F-35 ලයිට්නින් II ගුවන් යානය.
*ලොක්හීඩ් මාටින් F-35 ලයිට්නින් II ගුවන් යානය. මෙහි පළමු පියාසැරිය 2006 වසරේ දී සිදු විය.


තාක්ෂණ ආදර්ශන ගුවන් යානා

[සංස්කරණය]

ජපානය

  • මිට්සුබිෂි ATD – X (මෙහි මුල් පියාසැරිය 2014 වසරේ සිදුවේ යැයි අපේක්ෂා කෙරේ)


රුසියාව

  • සුකෝයි Su - 47 බර්කට් ෆර්කිං (මෙහි පළමු පියාසැරිය 1997 වසරේ දී සිදුවිය)
  • මිකෝවාන් 1.44 ව්‍යාපෘතිය ෆ්ලැට් පැක් (මෙහි පළමු පියාසැරිය 2000 වසරේ දී සිදු විය)

එක්සත් ජනපදය

  • ලොක්හීඩ් මාටින් YF -22 ලයිට්නින් II යානය (මෙහි පළමු පියාසැරිය 1990 වසරේ දී සිදුවිය)
  • නෝර්ත් රොප් YF -23 බ්ලැක්විඩෝ II යානය (මෙහි පළමු පියාසැරිය 1990 වසරේ දී සිදුවිය.)
  • බෝයිං බර්ඩ් ඔෆ් ප්‍රේ (මෙහි පළමු පියාසැරිය 1996 වසරේ දී සිදු විය)
  • මැක්ඩොනල්ඩ් ඩග්ලස් X-36 (මෙහි පළමු පියාසැරිය 1997 වසරේ දී සිදු විය)
  • ලොග්හීඩ් මාටින් X-35 (මෙහි පළමු පියාසැරිය 2000 වසරේ දී සිදු විය)
  • බෝයිං X -32 JSF (මෙහි X-32A මාදිලියේ පළමු පියාසැරිය 2000 වසරේ දී සිදු විය)
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රහාරක_ගුවන්යානා&oldid=690279" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි