ප්‍රවාහන භූගෝල විද්‍යාව

විකිපීඩියා වෙතින්
tiny globe
ඩකා හී වාහන තදබදයක්

ප්‍රවාහන භූගෝලවිද්‍යාව යනු, මිනිසුන් බඩු ප්‍රවාහනයේ හා ‍තොරතුරු වල අවකාශීය සම්බන්ධතාව සොයා බලන භූගෝල විද්‍යාවේ අංශයයි. එය මිනිසුන් තම වාහන හෝ තවත් ප්‍රවාහන මාධ්‍ය උපකාර කරගෙන ගමනාගමනය හෝ වෙළඳ පොළට නිමැවුම් භාණ්ඩ හා අමු ද්‍රව්‍ය සැපයීම ලෙස සැලකිය හැක. මෙය ආර්ථික භූගෝලීය විද්‍යාවේ කොටසකි. ප්‍රවාහන මාධ්‍යයන් ක්ෂණික, නොමිලේ සැපයෙන, සීමාරහිත ඉඩකඩක් සහිත සැමවිටම ගත හැකි ලෙස සැකසී ඇත්නම් එය විශිෂ්ඨ ප්‍රවාහන මාධ්‍යයකි. නමුත් සැබෑ ජීවිතයේදී මාර්ග තැනී‍මේදී අවකාශය සීමාවක් බවට පත්වේ. ප්‍රවාහනය ආර්ථික ක්‍රියාවලියක් ලෙස සැලකිය හැකි අතර එය අනෙක් ඒවායින් වෙනස්වේ. එය අවකාශය හා කාලය හුවමාරුවෙන් මුදල් ලබා ගනී (මර්ලින් - 1992) භූගෝල විද්‍යාව හා ප්‍රවාහන යන දෙකටම පොදු කරුණක් ලෙස මිනිසුන්, භාණ්ඩ හා තොරතුරු වල චලනය දැක්විය හැක.


මෙම රටාව කාර්මික විප්ලවය අවධියේ සිට දක්නට ලැබුනු නමුත් එහි සැලකිය යුතු ලෙස වේගය වැඩිවීමක් දක්නට ලැබුනේ 20 වන ශතවර්ෂයෙ මැද භාගවේ සිටය. මේ සඳහා විවිධ කරුණු රාශියක් බලපෑවේය. වර්තමානයේ සමාජයේ විවිධ ක්‍රියාකාරකම් සඳහා ප්‍රවාහන පද්ධති සහය මත රඳා පවතී.


ශක්ති අවශ්‍යතා සැපයීම, භාණ්ඩ බෙදාහැරීම හා පෞද්ගලික අවශ්‍යතා මෙම ක්‍රියාකාරකම් අතර වේ. අවශ්‍යතා වලට ගැලපෙන පරිදි ප්‍රවාහන මාධ්‍ය සහ ජාල සංවර්ධනය නිරන්තර අභියෝගයකි. සංවර්ධන වන ආර්ථික ගමනාගමන අවශ්‍යතා සහ අවසානයේදී ගෝලීය ආර්ථිකය හා සම්බන්ධවීමට ප්‍රවාහන අවශ්‍ය වේ. ප්‍රවාහනය හා නාගරික භූගෝලීය විද්‍යාව ඉතා කිට්ටු සහ සම්බන්ධතාවයක් දක්වන අතර මෙයට හේතුව රිබන් සංවර්ධන සංකල්පය ප්‍රවාහනය හා නාගරිකරණ යන අධ්‍යයනය දෙකම සමඟ ඇති සම්බන්ධතාවයයි.


මිනිසා ‍ලෝකයේ සංචාරය කිරීමට වඩ වඩාත් පෙළඹීමත් සමඟ ප්‍රවාහනය හා නාගරික ප්‍රදේශ අතර ඇති සම්බන්ධ ක්‍රමයෙන් වියැකී යමින් පවතී.ප්‍රවාහන භූගෝල විද්‍යාව යම් ප්‍රදේශයක් තුළ හෝ අතර, මිනිස් ක්‍රියාකාරිත්ව තුළින් ඇතිවන ප්‍රතිඵල මැනීමට ලක් කරයි. එමඟින් ගමනාගමනය ට ගතවන කාලය, භාවිතා කළ මාර්ගය, ප්‍රවාහන මාධ්‍ය, භාවිතා කළ සම්පත් හා ස්වභාවික පරිසරයට ප්‍රවාහන මාධ්‍ය මඟින් ඇතිවන බලපෑම වැනි කරුණු පිලිබඳ අවධානය යොමු කරයි. අවධානය යොමුවන වෙනත් අංශ වන්නේ භූ ලක්ෂණ,රථයේ ආරක්ෂිත භාවය හා තනිව හෝ කණ්ඩාමක් වශයෙන් යන ගමනකදී වැයවන ශක්තිය යන අංශ වේ.


ප්‍රවාහනයේ අරමුණ වන්නේ මනුෂ්‍යා හෝ භෞතික වශයෙන් හෝ අවකාශයේ ඇති වන දුර, දේශපාලන සීමා, කාලය හා භූවිෂමතාවයන් වැනි බාධා මැඩ පැවැත්වීමයි.


ප්‍රවාහනයේ විශේෂිත අරමුණ වන්නේ පුද්ගලයෙක් හෝ ද්‍රව්‍යයක් එක් තැනක සිට තවත් තැනකට චලනය වීමට ඇති අවශ්‍යතාව සඳහා ඇති ඉල්ලුමයි. සිදුවන ඕනෑම චලනයකදී භූවිෂමතා ලක්ෂණ සැලකිලිල්ට ගෙන ඒ අනුව පවතින ප්‍රවාහන මාධ්‍යයන් වියදමට උප‍යෝජ්‍යතාව හා අවකාශය අනුව ‍තෝරා ගත යුතුය.

ප්‍රවාහනය[සංස්කරණය]

ප්‍රාථමික ප්‍රවාහන මාධ්‍ය වන්නේ වාතය, රේල්, මහාමාර්ග හා ජලයයි මේ හැම මාධ්‍යකටම ඝර්ෂණය චලනයේ වේගයට ආරම්භය හා අවසාන ස්ථානය වැනි කරුණු මත ඒ ඒ මාධ්‍ය හා බැඳුණු වියදමක් ඇත. මහා පරිමාණයේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා සාමාන්‍ය නැව් යොදා ගනී. නැව මඟින් සාගර ප්‍රවාහනයේදී භාණ්ඩ ප්‍රමාණයක් අඩු වියදමකින් ලෝකය පුරා ප්‍රවාහනය කළ හැක. ගමන් කාලය අඩුකර ගැනීමට හා සුවපහසුව හා ඉඩකඩ පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන පුද්ගලයන් බොහෝ විට භාවිතා කරන්නේ ගුවන් හෝ මහාමාර්ගයයි. නැව් සාමාන්‍යයෙන් යොදා ගන්නේ ජල මාර්ග වලින් පිහිටි ප්‍රදේශවල භාණ්ඩ ප්‍රවාහනය සඳහාය.


ප්‍රවාහනයේ අත්‍යවශ්‍ය අංගය වන්නේ ප්‍රවාහන මාධ්‍යයයි. මෙයට හේතුව එහා මෙහා ගමන් කිරීම සිදුවන්නේ ප්‍රවාහන මාධ්‍යය හරහා වීමයි. භුගෝල විද්‍යාඥයෝ විවිධ වර්ගයේ ප්‍රවාහන මාධ්‍ය ඒවා යොදාගන්නා ක්‍රම අනුව භාණ්ඩ 3 කට බෙදා ඇත. ගොඩබිම, ජලය හා වාතය එම කොටස් 03 යි. මේ හැම මාධ්‍යයකටම ආවේනික වූ අවශ්‍යතා හා ලක්ෂණ ඇති අතර භාණ්ඩ ප්‍රවාහනය හා මගී ප්‍රවාහනය මාධ්‍ය අන්තර් කෘති ක්‍රමය අනුව සම්බන්ධ කිරීම නිෂ්පාදන හා බෙදාහැරීමේ ක්‍රියාවලීයේදී ප්‍රවාහන මාධ්‍ය හා සමීප සම්බන්ධතාවයන් ඇති කිරීම වැනි නව ප්‍රවණතා දක්නට ලැබේ. එසේම මගී ප්‍රවාහනය හා භාණ්ඩ ප්‍රවාහනය බොහෝ ස්ථාන වල වෙන්කර තැබීමට උත්සුක වේ.


  • මහාමාර්ග මඟින් ප්‍රවාහනය - ප්‍රවාහනය මාර්ග ජාලය හරහා සිදුවේ
  • දුම්රිය ප්‍රවාහනය - දුම්රිය මඟින් ප්‍රවාහනය,නමුත් රේල් පීලී වැටී ඇති පෙදෙස් වලට සීමාවේ.
  • සමුද්‍රීය ප්‍රවාහනය - ජලය මඟින් ප්‍රවාහනය,මිනිසුන් හා භාණ්ඩ ප්‍රවාහනයේ අදට පවතින ඉතාමත් මන්දගාමී ක්‍රමයයි.
  • ගුවන් ප්‍රවාහනය - වාතය මඟින් ප්‍රවාහනය වර්ථමානයේ පවතින වේගවත්ම ක්‍රමය.


ප්‍රවාහන භූගෝල විද්‍යාවේ ගැටළු - දැනට පවතින මහාමාර්ග, අධිවේගී මාර්ග හා දුම්රිය පහසුකම් වල හා ප්‍රවාහනය ජනගහන වර්ධනය හා ආර්ථික ක්‍රියාකාරිත්වයේ රටා වල ඉල්ලුම සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවේ.

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]