ප්‍රතිහයිඩ්‍රජන්

විකිපීඩියා වෙතින්
ප්‍රතිහයිඩ්‍රජන් සමන්විත වන්නේ ප්‍රතිප්‍රෝටෝනයක් සහ a පොසිට්‍රෝනයක් වෙතිනි

ප්‍රතිහයිඩ්‍රජන් යනු හයිඩ්‍රජන්හී ප්‍රතිපදාර්ථ ප්‍රතිමූර්තියයි. සාමාන්‍ය හයිඩ්‍රජන් පරමාණුව සමන්විත වී ඇත්තේ ඉලෙක්ට්‍රෝනයක් සහ ප්‍රෝටෝනයක් වෙතින් වන අතර, ප්‍රතිහයිඩ්‍රජන් පරමාණුව සැදී ඇත්තේ පොසිට්‍රෝනයක් සහ ප්‍රතිප්‍රෝටෝනයක් වෙතිනි. 1995 දී ත්වරක පරීක්ෂණ වලදී, කෘත්‍රිම ලෙසින් ප්‍රතිහයිඩ්‍රජන් සැදෙන බව දැනගත් නමුත්, එවැනි "වැර" ප්‍රවේගයන්හිදී නිපැයෙන පරමාණු, සවිස්තර පිරික්සුමකට භාජනය කිරීමට පෙර පදාර්ථය සමග ගැටෙමින් විනාශ වී යෑමට ප්‍රවණතාවයක් පැවතිණි. 2010 නොවැම්බර් හිදී, පළමු වරට, සසිල් ප්‍රතිහයිඩ්‍රජන් නිපැයුණු අතර, CERN හී ප්‍රතිහයිඩ්‍රජන් ලේසර් භෞතික විද්‍යා උපකරණ (ALPHA) කණඩායම විසින් තත්පරයකින් හයෙන් පංගුවක පමණ කාලයක් තුල චුම්බකිත ලෙසින් සංසීමා කරනු ලැබිණි.[1]

ප්‍රතිහයිඩ්‍රජන් සඳහා සම්මත සංකේතය වන්නේ H; එනම්, උඩුඉරක් සහිත H (උසුරුවනුයේ /ˌeɪtʃ ˈbɑr/ එයිච්-බාර්, හෝ "එච්-බාර්").

ආශ්‍රිත[සංස්කරණය]

  1. ඉයුජින් සැමුවෙල් රෙයිච් , "ඇන්ටිමැටර් හෙල්ඩ් ෆො ක්වෙස්චනිනි", නේචර් නිවුස් 2010-11-17, සම්ප්‍රවේශය 2010-11-20

භාහිර යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රතිහයිඩ්‍රජන්&oldid=592541" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි