පොසිට්‍රෝනය

විකිපීඩියා වෙතින්

පොසිට්‍රෝනය හෙවත් ප්‍රති-ඉලෙක්ට්‍රෝනය යනු ඉලෙක්ට්‍රෝනයේ ප්‍රතිපදාර්ථය හෝ ප්‍රතිඅංශුව වෙයි. විද්‍යුත් ආරෝපණය හැර අන් සියලු විධි වලින් පොසිට්‍රෝනය ඉලෙක්ට්‍රෝනයට සර්වසම වේ. පොසිට්‍රෝනයේ ආරෝපණය ප්‍රමාණාත්මකව ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයට සමාන වුව ද ලකුණින් ප්‍රතිවිරුද්ධ වේ. අඩු ශක්තියක් සහිත පොසිට්‍රෝනයක් සහ ඉලෙක්ට්‍රෝනයක් ගැටීමේදී ගැමා කිරණ ෆෝටෝන 2ක් නිකුත් කරමින් ඒවා විනාශ වී යයි.

β+-ක්ෂය වීම් වලදී සහ ප්‍රමාණවත් ශක්තියක් ඇති ගැමා කිරණයක් මඟින් සිදු වන ද්විත්ව ජනනයකින් පොසිට්‍රෝන ජනනය කළ හැකි ය.

"https://si.wikipedia.org/w/index.php?title=පොසිට්‍රෝනය&oldid=320688" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි