ප්‍රතිපත්ති විශ්ලේෂණය

විකිපීඩියා වෙතින්

ප්‍රතිපත්ති විශ්ලේෂණය

ප්‍රතිපත්ති විශ්ලේෂණය යනු ප්‍රතිපත්ති හා අරමුණු අතර ඇත සම්බන්ධතාවයන් සලකමින්, දෙන ලද අරමුණු ඉටු කර ගැනිම සදහා වඩාත් සුදුසු උකල්ප ප්‍රතිපත්ති මොනවාද යන්න හදුනා ගැනිමය. මෙය ප්‍රධාන ක්ෂේත්‍ර දෙකකට වෙන් කල හැක. ප්‍රතිපත්ති පළිබද මෙ විශ්ලේෂණය,විශ්ලේෂණාත්මක සහ විස්තරාත්මකය. එනම් එය ප්‍රතිපත්ති සහ ඒවායේ වැඩි දියුණුව විස්තර කරයි. ප්‍රතිපත්ති සදහා විශ්ලේෂණය අණ දෙන ස්වභාවයක් ගනියි. එනම් එය ප්‍රතිපත්ති සහ යෝජනා සකස්කරයි. කුමන ආකාරයේ විශ්ලේෂණයක් අවශ්‍යද යන්න ක්ෂේත්‍රයක් සහ අරමුණු අනුව වෙනස්වේ.

මෙය බොහෝවිට රාජ්‍ය අංශයේ යොදාගැනුනත් අනෙක් සංවිධාන වලටද යොදාගත හැක. ප්‍රතිපත්ති විශ්ලේෂණයකින්,මහජන ප්‍රතිපත්ති විද්‍යාලයකින් මහජන ප්‍රතිපත්ති පළිබද උපාධිධාරී විය යුතුය. එස්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් රොබට් මැක්නමාරා, වියට්නාම් යුධ සමයේ දී පැවසුවේ ප්‍රතිපත්ති විශ්ලේෂණයේ මුල් පවතින්නේ පද්ධති විශ්ලේෂණයේ බවයි. ප්‍රතිපත්ති විශ්ලේෂකයන් සමාජවිද්‍යාව,මනෝ විද්‍යාව,ආර්ථික විද්‍යාව,භුගෝල විද්‍යාව,නිතිය,දේශපාලන විද්‍යාව,මානව විද්‍යාව,මහජන ප්‍රතිපත්ති,සමාජ වැඩ කටයුතු, පරිසර සැලසුම් කරනය හෝ රාජ්‍ය පරිපාලනය වැනි ඕනෑම පසුබිමකින් පැමිණිය හැක.