ප්‍රකාශ රසායනික ධූමිකාව

විකිපීඩියා වෙතින්
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සිට පෙනුනු පරිදි 1988 දී නිව්යෝක් නගරයේ පැවති ප්‍රකාශ රසායනික ධූමිකාව

ප්‍රකාශ රසායනික ධූමිකාව යනු කහ පැහැයට හුරු තිමිරයකි. එය පෙනීමට බාධා කරන අතර ඇස්වල දැවිල්ල ඇති කරයි. ධූමිකාවක් (Smog) යනු දුමෙහි (smoke) හා මීදුමෙහි (fog) සංයෝජනයකි.

මෝටර් රථ වලින් නිකුත් කෙරෙන දුමෙහි NOx සහ නො දැවුණු හයිඩ්‍රොකාබන (CxHy) අඩංගු වේ. හිරු එළිය හමුවේ හා 15oC ක‍ට ඉහළ උෂ්ණත්වවල දී ඒවා ඕසෝන් ඇල්ඩිහයිඩ, පෙරොක්සි ඇසිටිල් නයිට්‍රේට (PAN), පෙරොක්සි ඛෙන්සිල් නයිට්‍රේට (PBN) යනාදියට පරිවර්තනය වේ. මෙම රසායන ද්‍රව්‍ය සූර්යාලෝකය හමුවේ නිපදවෙන බැවින් මෙය ප්‍රකාශ රසායනික ධූමිකාව ලෙස හැඳින්වේ.

ප්‍රකාශ රසායනික ධූමිකාවල බලපෑම්[සංස්කරණය]

  • මිනිසාගේ සෞඛ්‍යය හා සනීපරක්ෂාව කෙරෙහි වන බලපෑම්
    • ප්‍රකාශ-රසායනික ධූමිකා ශ්වසන පද්ධතියට බලපාන අතර කැස්ස, හතිය වැනි රෝගාබාධවලට හේතු වේ.
  • ද්‍රව්‍යවලට හානි වීම
    • ද්විත්ව බන්ධනවල විඛණ්ඩනයට හේතු වන නිසා ඕසෝන් රබර්වල හා රෙදිවල ගුණාත්මක අගය අඩු කරන අතර වර්ණක විරංජනය කරයි.
  • වායුගෝලය කෙරෙහි ඇති කරන බලපෑම්
    • එයරොසොල අංශු ආලෝකය ප්‍රකිරණය කරමින් පෙනීමට බාධා ඇති කරයි.
  • ශාක කෙරෙහි ඇති කෙරෙන බලපෑම්
    • ප්‍රකාශ රසායනික ධූමිකාවෙන් ඇති වන බොහොමයක් ඵල ශාකවලට විෂ සහිතය.
    • ප්‍රකාශ රසායනික ධූමිකාවෙහි ඵල මගින් ශාක වර්ධනය අඩාල කරනු ලබයි. මෙය ආහාර නිෂ්පාදනය කෙරහි බලපානු ලබයි.