පස්යොදුන් කෝරළය

විකිපීඩියා වෙතින්

යොදුන් පහක දිග ප්‍රමාණයක් සහිත එලෙසම පළලින් ද යුත් පාලන ප්‍රදේශයක් ලෙසට මෙය හැඳින්වේ. යොදුනක් සාමාන්‍යයෙන් සැතපුම් සතරකි.[තහවුරු කර නොමැත] පොළොන්නරු යුගයේ පාලන දිසාවන් බෙදීමේ දී දක්ඛිණ දිශාව නමින් ප්‍රදේශයක් විය. එහි ආරම්භය දැදුරු ඔයෙනි. මෙම දිශාවට අනුගත වුණූ කුඩා පරිපාලන ඒකකයක් ලෙසට පස්යොදුන් රට නොහොත් පංච යෝජන රට්ඨ පැවති බව මහාවංශයේ සඳහන් වේ.මෙලෙස මුල් කාලයේ දී පස් යොදුන් රට ලෙසට හැඳින්වුවද කොට්ටේ රාජධානි අවදියේ දී කෝරළ හා පත්තු වශයෙන් නැවත පරිපාලන ප්‍රදේශ බෙදීමක් සිදු වී ඇත. එහිදී රයිගම් කෝරළය පස් යොදුන් කෝරළය වලල්ලාවිටි කෝරළය සහ කලුතර තොටමුණ වශයෙන් පැරණි පස් යොදුන් රට විභේදනය වී ඇත.කලු ගංගාව එක් පසෙකින් ද අනෙක් පසෙකින් බෙන්තර ගංගාව ද සීමා වන පෙදෙස පස් යොදුන් කෝරළය ලෙසට වෙන්වුණි. ගඟ බඩ පත්තුව, ඉද්දගොඩ පත්තුව, මහපත්තුව ,සහ වලල්ලාවිටි පත්තුව යනුවෙන් පත්තු හතරකට පස් යොදුන් කෝරළය වෙන් කර ඇත. පත්තුව යනු ගම් දහයයි.

"https://si.wikipedia.org/w/index.php?title=පස්යොදුන්_කෝරළය&oldid=433699" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි