Jump to content

පස්යොදුන් කෝරළය

විකිපීඩියා වෙතින්

පස්දුන් කෝරළය

[සංස්කරණය]

පස්දුන් කෝරළය හෙවත් පස් යොදුන් කෝරළය යනු අතීත ශ්‍රී ලංකාවේ පැවති ප්‍රධාන පරිපාලන කෝරළයකි. “යොදුන” යනු පුරාණ ශ්‍රී ලංකාවේ භාවිත වූ දුර මිනුම් ඒකකයක් වන අතර, එක් යොදුනක් සැතපුම් 16කට සමාන බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වේ. එබැවින් පස් යොදුන් යන නාමය යොදුන් පහක පරාසයක විහිදී පැවති ප්‍රදේශයක් සංකේතවත් කරයි.

පරිපාලන පසුබිම

[සංස්කරණය]

අතීතයේ ලංකාද්වීපය පාලන පහසුව සඳහා රුහුණු, පිහිටි සහ මායා යන ප්‍රධාන රට තුනකට බෙදා තිබුණි. පස්දුන් කෝරළය අයත් වූයේ රුහුණු රටට ය. මෙම ප්‍රදේශය කළු ගඟ සහ බෙන්තර ගඟ යන ස්වාභාවික සීමා අතර පිහිටා තිබූ බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වේ.

ඓතිහාසික සඳහන්

[සංස්කරණය]

'මහාවංශයේ සඳහන් වන පංච යෝජන රට්ඨ යන නාමය පස්දුන් කෝරළය හැඳින්වීමට භාවිත වූ පුරාණ නාමයක් ලෙස හඳුනා ගත හැක. පසුව කාලයත් සමඟ ශ්‍රී ලංකාවේ පරිපාලන ව්‍යුහය සංවර්ධනය වූ අතර, විශේෂයෙන්ම කෝට්ටේ රාජධානිය සමයේදී – කෝරළ – පත්තුව යන පරිපාලන පද්ධතිය ක්‍රමානුකූලව ස්ථාපිත විය.

කෝරළ බෙදීම

[සංස්කරණය]

ඒ අනුව රුහුණු රට පහත කෝරළ කිහිපයකට බෙදී තිබුණි.

  • රයිගම් කෝරළය
  • පස්දුන් කෝරළය
  • වළල්ලාවිට කෝරළය
  • කළුතර තොටමුන

පත්තු

[සංස්කරණය]

කෝරළය යනු විශාල පරිපාලන ඒකකයක් වූ බැවින්, රාජ්‍ය සේවා, බදු අයකිරීම් සහ පාලන කටයුතු පහසු කිරීම සඳහා ඒවා තවදුරටත් කුඩා පරිපාලන ඒකකවලට බෙදා ඇත. එම කුඩා ඒකක පත්තුව ලෙස හැඳින්වේ.

පස්දුන් කෝරළයට අයත් පත්තු වන්නේ,

  • ගඟබඩ පත්තුව
  • ඉද්දගොඩ පත්තුව
  • වළල්ලාවිට පත්තුව
  • මහ පත්තුව

ය.

මූලාශ්‍ර

[සංස්කරණය]
  • මහාවංශය
  • චූලවංශය
"https://si.wikipedia.org/w/index.php?title=පස්යොදුන්_කෝරළය&oldid=772757" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි