පරිශීලක සාකච්ඡාව:Lee/Archive/2013/අප්‍රේල්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

වෙබ් අඩවියක නමක් යොදා ගෙන ලියාපදිංචි වී ඇති හා එය ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරන පරිශීලක:Homesexy වාරණය කිරීම වහා කල යුතු බව යෝජනා කරමි. --- ශ්වෙත (talk) 00:45, 11 අප්‍රේල් 2013 (යූටීසී)[reply]

ඉතාමත් ස්තුතියි. --- ශ්වෙත (talk) 05:06, 11 අප්‍රේල් 2013 (යූටීසී)[reply]
  1. CSD A7 යටතේ සැකිලි හා ප්‍රවර්ග මකාදැමිය හැකිද?
  2. CSD G9 යටතේ කටයුතු කිරීමට ඔබට බලය තිබේද?

--HKN talk 06:05, 11 අප්‍රේල් 2013 (යූටීසී)[reply]

මානසික ආබාධයකින් පෙලෙන එම පරිශීලකයාගේ ක්‍රියාව හමුවේ පරිපාලක තුමාගේ ප්‍රතිචාරය ප්‍රශංසනීය වෙයි. එතුමාගේ කකුලෙන් ඇදීම අර පාහර පුද්ගලයාට උඩ ගෙඩි දීමක් නොවේද? ප්‍රවර්ග මැකුවද ඒවාට බැඳෙන ලිපි එලෙසම පවතියි. අදාල ප්‍රවර්ගයෙහි තිබුනේ වෙබ් අඩවියක නමකි. එය මැකීම තුලින් කිසිදු හානියක් නැත. ඔබ පවසන සැකිල්ල තුල පැවතුනේ සැකිල්ලක් නොවේ. එහි තිබුණේ වෙබ් අඩවියක නමක් පමණි. එබැවින් එය ලිපියක් ලෙස සලකා කටයුතු කල හැක. අනෙක් ලිපිය පිළිබඳව පරිපාලකතුමා කටයුතු කර ඇත්තේ CSD G6 යටතේ බව පෙනේ. අදාල කටයුතු වලින් පසුව සංස්කරණ ගණනාවක් යළි පිහිටුවා ඇති බැවින් කිසිදු හානියක් නැත. -- ශ්වෙත (talk) 07:01, 11 අප්‍රේල් 2013 (යූටීසී)[reply]
මට කිසිවකුගේ කකුලෙන් ඇදීමට අවශ්‍ය නැත. ඉදිරි ප්‍රයෝජනය සඳහා මම ඉදිරිපත් කල ප්‍රශ්න 2ට පිළිතුරු පමණක් බලාපොරොත්තු වෙමි.--HKN talk 07:36, 11 අප්‍රේල් 2013 (යූටීසී)[reply]
කිහිප වතාවක් පරිශීලක නම වෙනස් කරමින් අත්සනට තවත් නමක් යොදා ගනිමින් පවතින ඔබගේ ගිණුම අපූර්ව එකකි. ඔබ ඉංග්‍රීසි විකියෙහි අළුත් ඇරඹුමක් ගැනුමට ඔබගේ පරිශීලක පිටුව මැකූ බවද මතකයි. සිංහල විකියෙහි වසර තුනක්ද ඉංග්‍රීසි විකියේ ඊට වැඩි කලක්ද පැවතුනු ගිණුමක් හිමි ඔබට ඉංග්‍රීසි හා සිංහල භාෂා පිළිබඳ හොඳ දැනුමක් තිබියදී අදාල විකිපීඩියා රචන කියවා කල හැක්ක හා නොහැක්ක අවබෝධ කර ගත හැකි බව සිතමි. ඔබගේ "ඉදිරි ප්‍රයෝජන" අවශ්‍යතාවය හදිසියේ පැන නැග්ගේ මෙම පාහරයාගේ ගිණුම හා දායකත්වය මැකු විගසින් වීම ටිකක් පුදුමයට ගරුණකි. මම ලබා දුන් පිළිතුරු කරුණු මද නම් කරුණාකර පවසන්න. ඔබ වැනි අයට උදවු කිරීම සතුටින් කරමි. -- ශ්වෙත (talk) 07:54, 11 අප්‍රේල් 2013 (යූටීසී)[reply]
කරුණාකර මාතෘකාවෙන් පිට කතාකිරීමෙන් හා පුද්ගලික අවලාද වලින් වලකින්න (Please stop personal attacks).! --HKN talk 08:20, 11 අප්‍රේල් 2013 (යූටීසී)[reply]
අන්තර්ගතය ගැන මිස ඔබගේ පුද්ගලික චරිතය ගැන නොදෙඩුවෙමි. (ඔබගේ පරිශීලක නාමය, ඔබගේ පරිශීලක පිටුවේ අන්තර්ගතය, ඔබගේ පරිශීලක පිටුවෙහි දැක්වෙන ඔබගේ භෘෂා දැනුම යන දේ ඹිස ඔබගේ අධ්‍යාපනය, සමාජ ජීවිතය, වෘත්තිය, ආගමික දර්ශන, දේශපාලන මතිමතාන්තර, ලිංගික ආකර්ෂණ ආදිය ගැන නොදෙඩුවෙමි) ඔබගේ ප්‍රශ්න 2 ට පිළිතුරු ලැබුනේද යන්න දන්වන්න. ඔබ දැනුවත් කිරීම සතුටින් කරමි. -- ශ්වෙත (talk) 08:59, 11 අප්‍රේල් 2013 (යූටීසී)[reply]

පරිශීලක:Lee අදහස් පලකරන්නේ නම් වඩාත් සුදුසු යැයි සිතමි.--HKN talk 15:05, 11 අප්‍රේල් 2013 (යූටීසී)[reply]

He demands "The Pound of Flesh"...--ශ්වෙත (talk) 15:48, 11 අප්‍රේල් 2013 (යූටීසී)[reply]
අනෙකෙකුගේ නමකින් පෙනීසිටිමින් මගෙන් මෙවැනි ප්‍රශ්න ඇසීමට ඔබට ඇති බලතල කවරේදැයි දැනගැනීමට කැමත්තෙමි. --Lee (talk) 02:20, 16 අප්‍රේල් 2013 (යූටීසී)[reply]
මගේ නම ගැන ගැටලුවක් ඇත් නම් මෙහි ගොස් බලන්න. එය තාක්ෂණික ගැටළුවක් බව අවබොධ වනු ඇත. බාහිර දෑ පෙන්වා හෝ වෙනත් අය යොදවා ගැටළු වලින් පලායාම පරිපාලකයකුට සුදුසු දැයි සිතා බලන්න.--PHEONIXTER 06:04, 22 අප්‍රේල් 2013 (යූටීසී)[reply]

Article request: BBC[සංස්කරණය]

Lee, are you interested in starting a Sinhala article on the en:BBC?

It has a Sinhala website so it is of importance to Sinhala speakers

Thanks WhisperToMe (talk) 07:09, 15 අප්‍රේල් 2013 (යූටීසී)[reply]

පරිශීලක:Sinhalawap ගේ ක්‍රියාකාරකම්[සංස්කරණය]

සිංහල විකියේ පරිපාලකයෙකුද වන්නාවූ පරිශීලක:Sinhalawap ගේ පහත ක්‍රියාකාරකම් පිළිබඳ ඔබගේ අවධානය යොමු කරමි.

  1. 1972 ට පෙර අප රට හැඳින්වූ "ලංකාව" යන්න වෙනුවට "සිංහලේ" හෝ "තුන් සිංහලේ" යන නම් භාවිතා කිරීම
  2. ශ්‍රී ලංකාව තුල භාවිතයේ නොමැති හා ඔහු විසින් කිසියම් විදේශීය රටක දේශීය ජනයා විසින් භාවිතා වේ යැයි කියන ස්ථාන නාම භාවිතා කිරීම
  3. සමහරක් මාතෘකා හා ලිපි අන්තර්ගතයන්හී ' යන අක්ෂර කොටසද z යන අක්ෂර කොටසද යෙදීම
  • 1972ට පෙර අප රට හැඳින්වූයේ ලංකාව ලෙසින් බවත් ඉන් අනතුරුව එය ශ්‍රී ලංකාව ලෙසින් හැඳින්වුනු බවත් අප දනිමු. මෙය අප දන්නේ අපගේ වැඩිහිටියන් එය අපට පවසා ඇති නිසාත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන්හී එලෙසින් භාවිතා වන නිසාත් සමාජයේ එසේ භාවිතා වනවා අප අත්දැක ඇති නිසාත් පාසැල්/විශ්වවිද්‍යාල/අනෙකුත් ශාස්ත්‍රාලයන්හී එලෙස අපට උගන්වා ඇති නිසාත් පාසැල්/විශ්වවිද්‍යාල පෙළ පොත්හී එසේ සඳහන් වන නිසාත් ශාස්ත්‍රීය ග්‍රන්ථ, නවකතා, කෙටිකතා, ඓතිහාසික ප්‍රබන්ධ, ආදියෙහි එලෙස සඳහන් වන නිසාත්ය. මට හෝ මා හඳුනන කිසිවකුට හෝ 1972න් පෙර මෙම රටට "සිංහලේ" හෝ "තුන් සිංහලේ" යැයි හඳුන්වනු ලබන බවක් තවෙකෙකු පවසනවා අසා නොමැත්තෙමි. ඉහත දැක්වූ මූලාශ්‍ර වල එසේ සඳහන් වී තිබෙනු නොදිටිමි. පැරණි රජුන් ගැන පවසන විට ඔවුන් ලංකාවේ රජුන් යැයි මිස "සිංහලේ" හෝ "තුන් සිංහලේ" රජුන් යැයි මම නම් උගෙන නැත. ඉතිහාසය හෝ සමාජ විද්‍යාව පෙළ පොත් වල මම ඔය නම් දෙක දැක නොමැත්තෙමි. වර්තමානයේදී සිංහල විකියෙහි සමහර පරිශීලකයින් විසින් කරන භාවිත හැර කිසිදු මූලාශ්‍රයක එය දැක නොමැත්තෙමි. ශ්‍රී ලංකාවේ පාඨකයින් නියැදියක් ගෙන විමසුවොත් ඔවුන් නිසැකයෙන් මා හා එකඟ වනු ඇත. එසේ නම් අභාවිතයේ පවතින මෙම පද කුමට භාවිතා කරන්නේද? සිංහල විකිය යනු විශ්වකෝෂයකි. භාවිතයේ පවතින දැනුම් සම්භාරය ගොනු කිරීම එහි අරමුණ නොවේද?
  • කිසියම් විදේශීය රටක දේශීය ජනයා විසින් භාවිතා වේ යැයි කියන ස්ථාන නාම භාවිතා කිරීම සඳහා සමීපතම නිදසුන වන්නේ ජුදා රාජධානිය වෙනුවට යෙහුදා රාජධානිය යන්න යෙදීමය. ක්‍රිස්තියානි ආගමිකයන් විසින් මුදුන් මල් කඩක් ලෙසින් සලකන බයිබලයෙහි හෝ සඳහන් වන්නේ ජුදා යන නම මිස එය කියන යෙහුදා යන නම නොවේ. යෙහුදා යන නම භාවිතා කරන එකද පුද්ගලයෙකු හෝ (සිංහලවප් හැර) විකිය පරිශීලනය කරතැයි සිතිය නොහැක. මුස්ලිම් හෝ ක්‍රිස්තියානි භක්තිකයන් හෝ ඉතිහාසඥයින් හෝ නියැදියක් විමසුවොත් සුදුසු හා භාවිතයේ ඇති පදය ජුදා රාජධානිය බව පවසනු නිසැකය. ඉතිහාසයට හෝ සමාජ විද්‍යාවට හෝ අප උගෙන ගෙන ඇත්තේ ජුදා රාජධානිය ගැන මිස යෙහුදා රාජධානියක් ගැන නොවේ. ස්ථාන නාම හෝ පුද්ගල නාම හෝ සඳහා විකිය තුල භාවිතා කිරීම් වලදීද ජන සමාජයේ භාවිතා වන යෙදුම් භාවිතා කල යුතු නොවේද?
  • Colnel යන්න සිංහලෙන් භාවිතා වන්නේ කර්නල් ලෙසිනි. නමුදු ශබ්ද නගන විට ර් යන්න දීර්ඝ නොකොට ලුහු ලෙසින් භාවිතා වෙයි. කර්නල් යන්න ශබ්ද නගන සැටි දන්නා සිංහලයා කර්නල් යන්න කිසියම් තැනක දුටු විට නියමාකාරයෙන් එය ශබ්ද නගයි. එබැවින් සිංහලවැප් කියන ආකාරයට ක'නල් යැයි එය ලිවිය යුතු නොවෙයි. එලිසබෙත් යන්නද එලෙසමයි. එය එලිzබෙත් ලෙසින් ලිවිය යුතු නොවේ. සිංහලයන් විකිය පරිශීලනය කරන්නේ සිංහල පද උච්චාරණය උගෙන ගැනුමටද?

සිංහලවැප් පිළිබඳ ඉහත කරුණු මා විසින් නිරික්ෂණය කර කරුණු අතුරින් තුනකි. ඔහුගේ මතයේ තදින්ම පිහිටන ඔහු ඉවක් ඉවක් නොමැතිව ලිපි ගෙන යෑම ආදිය සිදු කරයි. අවම වශයෙන් සංවාදයක් හෝ නොකරයි. මේ ගැන ඔබගේ අවධානය යොමු කරන්න. --- ශ්වෙත (talk) 09:17, 22 අප්‍රේල් 2013 (යූටීසී)[reply]

සිබිල් වෙත්තසිංහ රූපය[සංස්කරණය]

සිබිල් වෙත්තසිංහ ඉංග්‍රීසි හා සිංහල ලිපි වල ඇය හැඳින්වීමට භාවිතා කරන රූපයෙහි පහත ගැටළු පවතියි:

  1. [[ගොනුව:Seebil wettha singha.jpg]] යන්නෙහි වරපක් අඩුපාඩු පවතියි. මකන ලෙස ඉල්ලා සිටියෙමි. ඇත්තෙන්ම මකන ලෙස ඉල්ලා සිටියේ කොමන්ස්හී එම රූපයම ඇති නිසාය.
  2. [[File:Sybil Wettasinghe.jpg]] යන්න කොමන්ස්හී ඇතත් එය නිමවා ඇත්තේ [[ගොනුව:Seebil wettha singha.jpg]] යන්න අනුසාරයෙනි.

මේ පිළිබඳ ඔබ අවධානය යොමු කරන්න. කොමන්ස්හී ලිපියක් එත් තිරීමෙහිදී ආශ්‍ර විඑහිත බව ගැටළුවක් නොවන්නේද? --- ශ්වෙත (talk) 01:23, 24 අප්‍රේල් 2013 (යූටීසී)[reply]

මෙම රූපය කොහොමත් කොපි කරපු එකක් නේ [1]. --Lee (talk) 03:10, 24 අප්‍රේල් 2013 (යූටීසී)[reply]

ඔබගේ දැනගැනීමට යමක්[සංස්කරණය]

ඉංග්‍රිසි විකිපීඩියාවෙහි පොත් පිටකවර Fair use යටතේ භාවිත කල හැක. ස්තූතියි. --PHEONIXTER 05:43, 24 අප්‍රේල් 2013 (යූටීසී)[reply]

එය උඩුගතකරන්නා කිව යුතුයි. උඩුගත කරන්නේ සාධාරණ භාවිත යටතේ යැයි ප්‍රකාශ කල යුතුයි. එසේ නොකිරීම තමයි ප්‍රශ්නය. සාරාංශයක් පමණක් යොදා උඩුගත කල නොහැකියි. භාවිතා කරන වරපත කියා සිටිය යුතුයි. -- ශ්වෙත (talk) 06:02, 24 අප්‍රේල් 2013 (යූටීසී)[reply]
ඔබ හරි.--PHEONIXTER 06:05, 24 අප්‍රේල් 2013 (යූටීසී)[reply]
සිංහල විකියේ [[ගොනුව:TheDifferenceEngine(1stEd).jpg]] හා [[ගොනුව:Book kithudahame harayata.jpg]] යන රූප සැකිල්ල:නො-නිදහස් භාවිත තාර්කිකත්ව පොත් කවරය යටතේ උඩුගතකර ඇත. එහිදී උඩුගත කරන්නා ප්‍රකාශ කර ඇත්තේ එම වරපත යටතේ උඩුගත කරන බව. එවිට ප්‍රශ්නයක් නැහැ. --- ශ්වෙත (talk) 06:09, 24 අප්‍රේල් 2013 (යූටීසී)[reply]