පරිශීලක සාකච්ඡාව:123.231.124.126

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

හිතවත,
විකිපීඩියාවෙහි ලිපි සංස්කරණය පිළිබඳව ඔබගේ උනන්දුව ගැන සතුටු වෙමු. ඉංග්‍රීසි විකිපීඩියාවෙහි en:Robert Baden-Powell, 1st Baron Baden-Powell නම් ලිපිය පරිවර්තනය කිරීමට ඔබ දැරූ නොවක් උත්සාහයද අගයමු. එනමුදු, එහි දක්නට ලැබෙන දුබලතා කිහිපයක් දක්වන්නේ ඔබගේ උත්සාහයන් ඉදිරියෙහිදී වඩාත් තියුණු කිරීමටය. මෙම සටහන නිසා ඔබ මන්දෝත්සාහී වීමක් අභිලාශය නොකරමු.
පළමුවෙන්, ඉංග්‍රීසි ලිපියෙහි වූ සබැඳි ඔබ විසින් නොසලකා හැර ඇත. විකිපීඩියාව යනු ලිපියක් තුල ඇති සබැඳි නිසාම ඒවා තුලින් තවත් ලිපිවෙත යෑමට ඉවහල් වන්නාවූ ක්‍රමවේදයක් නිසාම මෙම සබැඳි ගැන සැලකිල්ලක් දැක්වීම යුතු වෙයි. ඒවා රතු පැහැ වුවද දැනට කම් නැත.
ඔබ විසින් භාවිතා කල සමහරක් වචන වලදී සිංහලයෙහි පිලි නියමාකාරයෙන් නොදැක්වෙයි. නිදසුනක් වශයෙන් “ව්යාපාරය”, “ ක්රිස්ටල්“ වැනි වචන දැක්විය හැක. ඒවා “ව්‍යාපාරය” සහ “ක්‍රිස්ටල්” යනුවෙන් විය යුතුය.
ඔබ විසින් රූපද නොසලකා ඇත. ඒවා ඇතුලත් කිරීමටද උත්සාහ කරන්න.
නිර්නාමික පරිශීලකයෙක් වශයෙන් සිටීම පිළිබඳව කිසිදු නෛතික හෝ සාමාජීය හෝ ගැටළුවක් නොමැත. එනමුදු අද ඔබ භාවිතා කරන අන්තර්ජාල ලිපිනය හෙට වෙනෙකෙකු විසින් භාවිතා කිරීම සිදුවිය හැක. එම නිසා ඔබහට සටහනක් තැබීම, අවවාද කිරීම හෝ ප්‍රශංසා කිරීම දුෂ්කර කාර්යයක් විය හැක. ඒ නිසාම ලියාපදිංචි පරිශීලකයෙක් වීම සලකා බලන්න.
ඔබ විසින් පරිවර්තනය කල ලිපිය මම විසින් සංස්කරණය කෙරෙයි. විකිපීඩියාව තුල කිසිම අයෙකුට හිමිකාරිත්වයක් නොමැත. එබැවින් එය පිළිබඳව කණගාටු නොවන්න. ----- Shwetha (talk) 01:50, 12 නොවැම්බර් 2017 (යූටීසී)[reply]


මෙම සංවාද පිටුව අයත් වන්නේ තවමත් ගිණුමක් තනා නැති හෝ එසේ කොට එනමුදු එය භාවිතා නොකරන හෝ නිර්නාමික පරිශීලකයෙකුටය.

එබැවින්, ඔහු/ඇය හැඳින්වීමට සංඛ්‍යාත්මක IP ලිපිනය භාවිතා කිරීමට අප හට සිදුවේ. පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් මෙවැනි IP ලිපිනයක් හවුලේ පරිහරණය කරනවා විය හැක. ඔබ නිර්නාමික පරිශීලකයෙකු නම් හා ඔබ පිළිබඳ අනනුකූල පරිකථනයන් සිදුවෙන බවක් ඔබට හැ‍ඟේ නම්, අනෙකුත් නිර්නාමික පරිශීලකයන් හා සමග මෙවැනි සංකූලතා ඇතිවීම වලක්වනු වස්, කරුණාකර ගිණුමක් තැනීමට හෝ ප්‍රවිෂ්ට වීමට කාරුණික වන්න.