පරිශීලක සාකච්ඡාව:සඳරූ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ගරු පරිශීලක මහතුනි, ඉංග්‍රීසි විකියෙහි ලිපි ගෙන එහි කොටස් කඩා එක් එක් කොටස වෙ වෙන සිංහල ලිපි ලෙසින් පරිවර්තනය කරන්න එපා. එයින් ප්‍රජාවට වෙන සෙතක් නොමැති හෙයිනි. --- Shwetha (talk) 05:36, 18 අප්‍රේල් 2014 (යූටීසී)[reply]

ඔබ ප්‍රකාශ කරන්නේ මා විසින් සංස්කරණය කළ ඩේවිඩ් කොපර්ෆීල්ඩ් ලිපිය ගැන විය යුතුය. මෙම ලිපිය ඉංග්‍රීසි ලිපියේ කොටසක පරිවර්තනයක් බව සත්‍යකි. නමුත් මා කලේ අසම්පූර්ණව කිසිම හැඳින්වීමක් වත් නොමැතිව තිබූ ලිපියට කුඩා හැඳින්වීමක් ඉංග්‍රීසි ලිපියෙන් පරිවර්තනය කර දැමීමයි. මෙමගින් ඔබ යෝජනා කරන්නේ එවැනි ලිපි සඳහා පරිවර්තනය කිරීම් නොකළ යුතු බවද? නැත්නම් පරිවර්තනය නොකර සම්පූර්ණයෙන් සිංහලෙන් ලිවිය යුතු බවද? සිංහල විකිපීඩියාවට මා නවකයෙක් හෙයින් මාගේ වැරදි පෙන්වාදීම අගේ කරමි. එයට ස්තූතියි! --සඳරූ (talk) 06:25, 18 අප්‍රේල් 2014 (යූටීසී)[reply]

මානව ජනගහන ඝනත්වය නම් ලිපියක් ඔබ පරිවර්තනය අරඹා තිබුණි. එය ඔබ අරඹන්නේ ජනගහණ ඝනත්වය පිළිබඳ ඉංග්‍රීසි ලිපියේ මැදිනි. එහි අග ඔබ විසින් ඉංග්‍රීසි ලිපියෙහි ඡෙදයකට ආශ්‍රයක්ද යොදා තිබුණි. මෙවැනි දේ සිංහල විකිය කලින් දැක ඇත. මුදලට ලිපි පරිවර්තනය කල ෆෙලිඩේ ව්‍යාපෘතිය එයයි. ඔවුන් කල හානිය නිවැරැදි කිරීම සිංහල විකිය තවම කරමින් සිටියි. -- Shwetha (talk) 06:49, 18 අප්‍රේල් 2014 (යූටීසී)[reply]
ඔබට වැරදීමක් සිදුවී ඇති බවක් පෙනේ. මම මානව ජනගහන ඝනත්වය ලිපියේ හොංකොං ධජය එක්කිරීම, රතු පැහැයෙන් තිබූ මොරිෂස් සහ රුවන්ඩා රටවල රතු පැහයෙන් තිබූ සබැඳියන් ඉවත්කර නිවැරදි සබැඳියන් එක්කිරීම පමණක් සිදුකළෙමි. ජනගහණ_ඝනත්වය ලිපියේ මැද ඇති මානව ජනගහණ ඝනත්වය ලිපිය මවිසින් පරිවර්තනය කරන ලද්දක් නොවේ. මේ පිළිබඳ සැක හැර දැනගැනීමට මාගේ දායකත්ව පිටුව හා ජනගහණ_ඝනත්වය ලිපියේ සංශෝධන ඉතිහාසයේ මාවිසින් කළ සංශෝධන සසඳා බලන්න. --සඳරූ (talk) 07:18, 18 අප්‍රේල් 2014 (යූටීසී)[reply]
ඇත්තෙන්ම මට වැරදීමක් සිදුවී ඇත. කරණාකර මට සමාවන්න. ----Shwetha (talk) 15:05, 18 අප්‍රේල් 2014 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:සඳරූ&oldid=302114" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි