පරිශීලක සාකච්ඡාව:සදුන් බුද්ධික

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
  == කන්නගිපුර ==                                                             

පුරා වසර දෙක හමාරකට අධික කාලයක් මුළුල්ලේ ගුවන් විදුලි නාළිකා දොළහක පමණ විකාශනය වන කන්නගිපුර ගුවන් විදුලි නාට්‍යය ගුවන් විදුලි නාලිකාවක් තුළ විකාශනය වන්නාවු එකම යථාර්තවාදි වූ කාලීන නාට්‍යයකි. කාලයට ඔබින වූ චරිතයන් සමූහයකට පණ පොවමින් සමාජයේ විවිධ ප්‍රශ්නයන් කරළියකට ගෙනෙන එකම ගුවන් විදුලි නාට්‍යය මෙය වේ. විනෝදකාමි රසාස්වාදයෙන් ඔබ්බට ගොස් විචාරශීලි රසාස්වාදයක් කැටිකරන්නට මොවුන් දරන ප්‍රයන්තයන් සාර්ථක බව කන්නගිපුර එක් වරක් ඇසුවද වැටහෙනු නොඅනුමානය. කන්නගි යනු පත්තිනි මෑණියන්ය.පත්තිනි මෑණියන් යනු පවිත්‍රත්වයේ සංකේතයකි.පත්තිනි පුරයේ සිටින සෑම කෙනෙකුම පවිත්‍ර නොවේ. පත්තිනි මෑණිවරුන්ට වඩා කාලි අම්මාවරුන් කන්නගිපුර වැඩ වාසය කරයි. එහිදි රචකයා උත්සහ ගන්නේ සියලු දෙනා කන්නගි කිරිමටය. ඒ සදහා බහුවාර්ගික සම්මිශ්‍රණයක් තුළින් ඊට උචිත පරිසරයක් සමගින් ඊට උචිත චරිත ද ගොඩනඟා ගෙන ඇත. මෙහිදි නාට්‍යය විකාශනය වන මූලික අවස්ථාවේදිම සිදුවී ඇති 'තමරා අරුන්ගේ විවාහය' ජාතිවාදයට විසඳුමක් ලබා දෙයි. වර්තමානයේ බොළඳ ආදරයන් පසුපස හඹා යන්නන්ට පාඩමක් කොටගෙන පියවරින් පියවර ජීවිතයට අරුතක් සොයන්නනට උත්සහ ගනී. එපමණක් නොව සිරිවර්ධන මුදලාලිලා, වික්‍රමණායකලා රටේ සිව්දෙස පුරා විසිරි සිටි. සදාකාලිකවම ඔවුන් නරකාදියේ හිදවුවහොත් රටේ අනාගතයසදහටම අදුරු වේ... ඒ නිසා අවශ්‍ය මොහොතේ ඔවුන් යහමගට නොගත හොත් රචකයා විසින් සිදු කරන අසාධාරණයකි... ඕනෑම අයෙකුට ජීවිතය හදා ගැනීමට යම් කිසි මොහොතක වැරදිය යුතුය. සිරිවර්ධන මුදලාලි යන චරිතයද එවැන්නෙකි. අද වන විට සිරිවර්ධන යහපත් නොවුයේ නම් ශක්තිලා කී දෙනෙකුගේ පාද අහිමි වෙන්නට ඉඩ ඇත්ද ? එම නිසාම එක ශක්ති කෙනෙකුගේ කකුල අහිමිවීම වඩා හොද යැයි විටෙක හැගේ. ගසක මූලය විනාශ වීමෙන් ගසම විනාශ වනවා සේ ඇන්ටන්ගේ කළු මල්ලිගේ නරක කාලය නිමාවුණි. කෙසේ වෙතත් වික්‍රමණායක වැන්නවුන් නම් කිසිදා ගොඩට ගත නොහැක. යම් මොහොතක ඔහු මිනිසෙකු වීමටනම් හිඟන්නෙකු විය යුතුය .

රුක්මනි පිළිබදව සිතන විට විටෙක ඇය නිවරදියැයි හැගේ. සමාජයේ තනිවු ගැහැනියකු නැගීසිටිම විනා පහසුවෙන් ගන්නා මාර්ගය මෙය වේ. කන්නගිපුර වෙසෙන සියල්ලෝම ශාමලීලා, සිංදුජාලා වූයේ නම් සමාජයේ සිටින රුක්මණී වැන්නවුන්ට පණිවිඩයක් දියනොහැකිය. ඇය කුමාරි තරමටම කුරිරු නැත. මංමුලාවු අයෙකු විලසින් දිවිය ගෙනයන ඇය වැරදිකාරියක බව ඇගේ හදවත දනී. කුමාරි එසේ නොව දෘඩතර බව ඇගේ හදවත පුරා විසිරි පවතී.සමහර විටක රුක්මණී මියයන්නට මොහොතක් තියා හෝ යහමඟට පැමිණිය හැක. නමුදු කුමාරි මියැදෙන්නේ කුමාරි විලසින්මය.

බොහෝ විට සුමනසිරි නැතිනම් කන්නගිපුරය නීරස වීමට බොහෝ දුරට ඉඩ ඇත. රජ ගෙදර කවටයා අන්දරේ මෙන් කන්නගිපුර කවටයා වන්නේ සුමනසිරිය. මානසික වින්දනය තුළින් ජීවිතයේ යථාර්තය වටහා දීමට කදිම නිදසුන වන්නේ මොහුය. සමහර විටක ශ්‍රාවකයා සුමනසිරිට ඇලුම් කරන්නේ ඔහු සැහැල්ලු වෙන් ජීවිතය ගෙන යන අයෙකු නිසා විය හැක. සමහර විටක ශ්‍රාවකයා සුමනසිරි මෙන් සැහැල්ලුවෙන් දිවි ගෙවීමට උත්සහ දරයි. නමුත් ඉන් සිදුවන්නේ තවත් එක ජෝකර්වරයකු වීම පමණි. එසේ හෙයින් සමහර චරිත වල හැසිරීම් තේරුම් ගෙන ආකල්ප වර්ධනය කර ගැනීම ශ්‍රාවකයාට වැදගත්වේ.

කන්නගිපුරයේ පවතින තරුණ ජවය බොහෝදෙනෙකුට නව මංපෙත් විවර කරයි. බොහෝවිට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම සමබරව ගෙනයන ශක්තිමත් බවක් කන්නගිපුරය තුළ ඇත. අරුන්ලා, තරිදුලා, සජියලා, සිංදුජාලා,සුභාලා තුළ පවතින මානසික ආකල්ප තුළින් බොහෝවිට කන්නගිපුර අංගසම්පූර්ණ වේ. එහි අනෙක් පැත්තද ඒනිසාම සිදුවිය. වික්‍රමණායක රේස්ටුරන්ට් එක විවෘත වීමත් සමග ප්‍රභාගේ ජීවිත විනාශයේ අත ලඟට පැමිණියේ ඒ නිසාය. සමහර විටක වික්‍රමණායක යහපත් ලෙසින් රෙස්ටුරන්ට් කරගෙන ගියේනම් කන්නගිපුරයේ රැකියා වලට විසඳුම් ලබාදී සොරමැරකම් අවම කරගැනිමට හැකියාව ලැබේ. කන්නගිපුරයේ නාලක වැන්නවුන් සමාජය තුළ සිටිනවානම් අගනේය. එවැන්නවුන් සමාජයේ ඇතැයි සිතා කටයුතු නොකිරීමට තරුණියන් වඟ බලා ගත යුතුය. ශ්‍රාවකයා තුළින් දෘෂ්‍යයමාන කරගන්නා නයෝමිට බහුතරයක් අකැමති වේ. එනම් පුහුමාන්නයෙන් යුතු ආකල්ප ඇති අයෙක් බැවිනි. නිලධන ලෝභය, උඩගු කම තරණියකට විනාශය ලඟා කරයි. නයෝමි ද එවැනි අයෙකි. නයෝමි වැරදි කළ අයෙකි. නමුදු අවසානය තෙක්වත් ඇයට දඬුවම් ලැබෙන්නේ නැත. එසේ වන්නේ ඒ අවස්ථාව ඇය තම වැරදි සාදා ගැනීමට අවස්ථාවක් කරගත් හෙයිනි. බොහෝ විට තරිදුගේ නිහතමානි බව නයෝමිට නව මඟක් කරා ගෙන ගෙන ගියේය .

සෑම සාර්ථක මිනිසෙකු පිටුපස ගැහැනියකු සිටින්නා සේම' මිනිසෙකු අසාර්ථක කරන්නේ ද ගැහැනියක බව කුමාරි තුළින් පෙන්නුම් කිරිමට රචකයා සමත් වී ඇත.. රවි සිදුකරන සෑම සොර වංචාවකටම අනුබල දෙන්නේ කුමාරි විසිනි. රවී අත මුදල් ගැවසෙන තුරු කුමාරි රවිට පණමෙන් සිටියේය. තම බිරිඳවත් දරුවාවත් මායිම් නොකොට අනියම් පෙම පසුපස රවී ගියද ඔහුගේ අසරණකම හමුවේ කුමාරි හැරී බැලුවේවත් නැත. අවසානයේ ඔහුට රැකවරණය වූයේ තම බිරිඳ පවිත්‍රා පමණි. සමාජය තුළ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම එසේය. තම බිරිඳගේ, සැමියාගේ අගය වැටහෙන්නේ සිරගෙදර කම්බි කූරු අතරෙනි. මේ ආකාරයට කන්නගිපුර ගුවන්විදුලි නාට්‍යය තුළ ජාතිවාදි, ආගම්වාදි ගැටලුවලට මූලිකවම පිළිතුරු සොයමින් සමාජය කාලීන ප්‍රශ්න හමුවට ගතානුගතිකව පියමං කරයි. මූලිකවම ශ්‍රාවකයා හට දැනුවත්භාවයකටද දෙවනුව ආකල්ප වල වෙනසක් ඇතිකරලීමට ද ඉන් පසුව හැසිරිම යහපවත්වා ගැනිමට මෙම ගුවන් විදුලි නාට්‍යය තුලින් හැකි වී තිබෙන බව කිව යුතුමය.

සතියේ සෑම බදාදා හා සිකුරාදා දින සවස 06.45ට ගුවන් විදුලි සංස්ථාවේ සෑම නාලිකාවකම විකාශය කෙරේ. ඔබත් සවන් දී ජීවිතයේ දුක් කම් කටෝලු මැදින් මනුෂ්‍යත්වය කරා යන මිනිසුන් අතරට එක් වන්න

File:400993 108613255934089 100003562447739 30247 1270156164 n.jpg listed for deletion[සංස්කරණය]

A file that you uploaded or altered, File:400993 108613255934089 100003562447739 30247 1270156164 n.jpg, has been listed at Wikipedia:Files for deletion. Please see the discussion to see why this is (you may have to search for the title of the image to find its entry), if you are interested in it not being deleted. Thank you. HKN talk 18:13, 6 ජනවාරි 2013 (යූටීසී)[reply]

If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

A tag has been placed on කන්නගිපුර, requesting that it be speedily deleted from Wikipedia. This has been done under section G1 of the criteria for speedy deletion, because the page appears to have no meaningful content or history, and the text is unsalvageably incoherent. If the page you created was a test, please use the sandbox for any other experiments you would like to do. Feel free to leave a message on my talk page if you have any questions about this.

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. L Manju (talk) 16:03, 5 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]