පරිශීලක:සදුන් බුද්ධික

විකිපීඩියා වෙතින්
                       ව්‍යවසායකත්වය තුලින් දියුණුව කරා යන සිංගප්පුරුව    

ලෝකය මේ වන විට නවීන තාක්ෂණයත් සමග දියුණු වෙමින් ගමන් කරමින් සිටි. මනුෂ්‍ය වර්ගයාගේ එදිනෙදා වැඩ කටයුතු සිදු කරනුයේ මේ දියුණු වන ලෝකයත් සමගයි. මේ අතරින් ප්‍රවාහාන කේෂ්ත්‍රය ගත් විට ගුවන් ගමන් ක්‍රමයෙන් වැඩි වී තිබෙනවා.එයට එක් හේතුවක් වන්නේ මිනිසුන් මේ වන විට ජාලයක් ඔස්සේ මුළු ලෝකය තුලම ගණුදෙනු කිරිමයි. විවිධ කේෂ්ත්‍රයන් දියුණු වෙනවා සමග දිළිඳු රටවල්ද සීග්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතී.එම දිළිදු බවෙන් නැගිට අද වන විට මුළු ලෝකයම අවධානය දිනාගත් රටක් තමයි සිංගප්පුරුව.අද වන විට ආසියාවේ ආශ්චර්‍ය මෙන්ම දියුණුම රටයි. අප රට ස්වභාවික සම්පත් වලින් පිරුණු හතර වටින්ම මුහුදෙන් වට වු ලස්සන රටකි. එහෙත් අප රටේ සම්පත් වලින් අප නිසි ප්‍රයෝජන ගන්නේ නෑ. ඒ දේවල් නිකරුනේ නාස්ති කරනවා අද සිටින පාලකයෝ. නමුත් සිංගප්පුරුව කිසිම සම්පතක් නැති රටක්.එහෙත් ඔවුන් අද වන විට සමපත් ආනයනය කරමින් දියුණුව කරා ලගා වෙමින් සිටිනවා. සිංගප්පුරුව ආසියාවේ හැම අතින්ම ඉහලට යන අතර අද වන විට ලොව අංක එකේ ගුවන් සමාගම බවට පත් වී හමාරය. හැම පහසුකම් අතින්මද,අඩු පිරිවැය සහිත පරිසර හිතකාමී ලොව අංක එකේ ගුවන් සමාගම බවට පත් වී ඇත. ඒ ඔවුන්ගේ තිබෙන සුහදත්වය,කැපවීම,අවංක බව හා නිර්මානශීලීත්වය නිසාය. එනම් දියුණුවේ සාර්ඨකත්වය යනු නිසි වැඩ කලට වේලාවට ඉටු කිරිමයි. ලොව හොඳම ගුවන් සමාගම වන සිංගප්පුරු ගුවන් සමාගම ආගන්තුක සත්කාරය අතින්ද මුල් තැනක් ගෙන තිබෙනවා. අද වන විට ව්‍යාපාර,ගුවන් සවාරි ,ආදී නොයෙකුත් ගමන් බිමන් සඳහා මිලියන ගණනක මිනිසුන්ට සේවාව සපයන සිංගප්පුරු ගුවන් සමාගම ආදායම අතින්ද ඉහල තැනක් දිනාගෙන සිටිනවා. ලොව වෙසෙන මිලියන ගණනක මිනිසුන් තමන්ගේ ගුවන් ගමන් සඳහා මෙය තෝරා ගැනීමද විශේෂත්වයකි. නමුත් හැම සම්පත් අතින්ම සපිරි අප රටේ ගුවන් සමාගම වසා දැමිමට ඔන්න මෙන්න මට්ටමේ පැවතිම කණගාටුවට කරුණකි. ආගන්තුක සත්කාරය අතින් අතීතයේ සිට නමක් දිනාගත් රටකි ශ්‍රී ලංකාව. එහෙත් අද වන විට හැම අතින්ම පිරිහි යන තත්වයක් උදා වී ඇත. ඒයට හේතුව වී ඇත්තේ නිසි වැඩ කලට වේලාවට ඉටු කිරිමට හා එකිනෙකා අතර තිබිය යුතු සහයෝගය අප තුල පරිහී යා ඇති හෙයිනි. මදක් හිතන්න අප රටට වඩා පුංචි රටක් වු සිංගප්පුරුවට ආසියාවේ දියුණුම රට වෙන්න පුලුවන් වුනානම් ඇයි අපට බැරි කියලා. වරක් එම රටේ හිටපු ජනාධිපතිවරයෙක් කියා සිටියා කවදාක හරි තමන් සිංගප්පුරුව ශ්‍රී ලංකාව වගේ කරනවා කියා. නමුත් අද වන විට ඔවුන් අපට වඩා දහස් ගුණයකින් ඉදිරියට ගොස් සිටිනවා. අද ඔවුන්ගේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය අතරට සිංගප්පුරු ගුවන් සමාගම දායකත්වය ලබා දී තිබෙනවා. ඒ අතරම සංචාරක කර්මාන්තය ඔවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගයයි. මම මේ මගින් ඔබට ගෙන එන්න උත්සහ කරන්නේ ලෝකය ආර්ථික අවපාතයකට ලක් වී ඇත් මොහොතක රටේ ගුවන් සමාගමක ඇති වැදගත්කමයි. එයින් නැගි සිටින රටක් වන සිංගප්පුරුව අපට නොව මුළු ලෝකයටම මහත් ආදර්ශයක් වී හමාරය. මේ ගැන අපිත් සිතා බලා නොව ත්‍රියාවට නැංවිමට අදිටන් කර ගනිමු.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:සදුන්_බුද්ධික&oldid=213228" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි