පරිශීලක සාකච්ඡාව:චිරාන් වින්ඩ්සර්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීම[සංස්කරණය]

මෙය ඔබගේම නිර්මාණයක් ද?--Lee (talk) 06:01, 24 අගෝස්තු 2020 (යූටීසී)[reply]

නැහැ. මෙය අගින් දමා ඇති මූලාශ්‍රවල එකතුවක්. මමත් සෑහෙන ප්‍රමාණයක් ලිව්වා. ඒ වගේම 1871 දී ලුවිස් ද සොයිසා පල කළ ලිපි පෙළක්, ඇලෙක්සැන්ඩර් මෙන්ඩිස් සේනානායක 1881 දීත්, එයම එලෙසම කොපි කර 1936 දී ජෝන් සෙනෙවිරත්න තව දුරටත් අලුතෙන් යමක් එක් කළ පලකළ පොතක් කියන මූලාශ්‍ර තුන තමයි පදනම. ඔබට හෝ මෙය කියවන වෙනත් කෙනෙක්ට විධිමත් සංස්කරණයක් කරලා පොතක් හැටියට පල කරන්න පුළුවන් නම් හොඳයි. මමත් වෙලාවක් ලැබුනොත් හරි සංස්කරණයක් කරන්න බලාපොරොත්තු වුනත් වෙලාවක් ලැබෙයිද කියලා හිතන්න අමාරුයි. මුලින් කරන ලද වර්ගීකරණය මගේම එකක් වුනත් මා ඒ සඳහා සැකසූ පින්තූර සහ වගු දාන්න විකි පොත් ඉඩ නොදුන් නිසා එය පැහැදිලි වෙනවා මදි. 1871 දී ලුවිස් ද සොයිසා පල කළ ලිපි හතරෙන් එකක් විතරයි මට තාම මේකට අන්තර්ගත කරන්න වෙලාව ලැබුනේ. සිංහල ප්‍රස්තාවපිරුළුවලට සමාන්තර හෝ පර්යාය ඉංග්‍රීසි පිරුළු යෙදීම තව දුරටත් කළ යුතු දෙයක්. ඒ වගේම අර්ථ සියල්ල මට අවශ්‍ය පරිදි සංස්කරණය කරන්න තාම හැකි වුනේ නැහැ.

මෙම සාකච්චාව කියවන යම් කෙනෙක්ට මෙය තවදුරටත් සංස්කරණය කර පොතක් ලෙස මුද්‍රණය කළ හැකිනම් එසේ කරන ලෙස ආරාධනා කරනවා. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 58.111.159.205 (සාකච්ඡාවදායකත්ව) විසින් 13:13, 24 අගෝස්තු 2020‎ හිදී එක් කර ඇත

මේක විකිපොතක් හැටියට නෙමෙයි ද එහෙනම් වෙන්න ඕනේ? මේක විකිපීඩියා ලිපියක් හැටියට නම් ගැලපෙන්නේ නෑ වාගේ මට තේරෙන්නේ. --Lee (talk) 16:47, 26 අගෝස්තු 2020 (යූටීසී)[reply]
තවමත් මේක පොතක් වෙලා නැහැ. නමුත් අනාගතයේ දී මම මේක පොතක් කළොත් එදාට විකි පොත් යටතේ දාන්නම්. දැනට මේක සංස්කරණය නොකළ ප්‍රස්තාපිරුළු එකතුවක් විතරයි.— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය චිරාන් වින්ඩ්සර් (සාකච්ඡාවදායකත්ව) විසින් 02:47, 27 අගෝස්තු 2020‎ හිදී එක් කර ඇත
පිටුවේ සැකැස්ම සහ අන්තර්ගතය විකිපීඩියා ලිපියක් හැටියට යන්නේ නෑ නේ. කවුරු හරි අභියෝගයට ලක් කළොත් මකා දැමීමට වුවත් ඉඩ තියෙනවා නේ. ඒකයි මම කිව්වේ විකිපොතක් ලෙස දියුණු කරමු කියලා. --Lee (talk) 05:02, 27 අගෝස්තු 2020 (යූටීසී)[reply]