සිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීම

විකිපීඩියා වෙතින්

පෙර වදන[සංස්කරණය]

මෙම එකතුව කරන්න එක හේතුවක් වුනේ ඉංග්‍රීසි proverbs (ප්‍රස්තාපිරුළු) සහ idioms (වාග්සම්ප්‍රදායන්) අතර ඇති වෙනස වගේ සිංහල ප්‍රස්තාපිරුළු සහ වාග්සම්ප්‍රදායන් අතරත් වෙනසක් ඇත්ද? ඒ නිර්ණායක හඳුනා ගන්නේ කෙසේ ද? කියන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමටත් සිංහල ප්‍රස්තාවපිරුළු වලට යම්තාක් සමාන අරුත් දෙන ඉංග්‍රීසි ප්‍රස්තාපිරුළු හෝ වාග්සම්ප්‍රදායන් හඳුන ගන්නත්. එහෙම නිර්වචනයක් හදා ගන්න නම් ප්‍රස්තාපිරුළු අර්ථවත් විදියකට වර්ග කරන්න පුළුවන් ද? කියලා විමසීමත් මෙම එකතුවේ තවත් අරමුණක් වුනා.

විදේශගතව සිටින මට නවනැලියේ විජේතුංග වැනි ජනශ්‍රැති (folklore) විශේෂඥයින් සහ සුචරිත ගම්ලත්, ජේ බී දිසානායක වැනි භාෂා විශාරදයින් ප්‍රස්තාපිරුළු නිර්වචනය කරන්නේ කොහොමද ඒ උදවිය සිංහල ප්‍රස්තාපිරුළු සහ වාග්සම්ප්‍රදාය අතර සීමා මායිම් නිර්ණය කරන්නේ කොහොම ද කියන එක සොයා බැලීමට ඔවුන් මේ මාතෘකාව ඔස්සේ ලියූ පොත පත තිබුනේ නැති නිසා මෙම එකතුව මුද්‍රිත පොත් කිහිපයකටත් අන්තරජාල මූලාශ්‍ර කිහිපයකටත් සීමා කරන්න සිද්ද වුනා. මේ එකතුවෙන් උකහා ගන්නට උත්සහ කළ ප්‍රස්තාපිරුළු නිර්වචනය සහ වර්ගීකරණය, හුදෙක් බස් වඩුවකු නොවූ මා විසින් මගේ වටහා ගැනීම සඳහා කරන ලද දෙයක් හැටියට සළකන්න.ඒ නිසා ඉහත කී විද්වතුන් සහ විශ්වවිද්‍යාලඥයින් (Academics) කරන ලද නිර්වචන සිංහල නූගත් මා විසින් කරන ලද නිර්වචනය අතික්‍රමණය (supersede) කරන බව කියන්න ඕනේ.

මෙම එකතුවේ ප්‍රස්තාපිරුළු 1292ක්, වාග්ව්‍යවහාර 157ක්, ආප්තෝපදේශ 35ක්, කියමන් 16ක් සහ මා භාවිතා කරන උපමා කතාවලට අදාළ පුද්ගලික ප්‍රස්තාපිරුළු 11ක් ලෙස, සමස්තය පිරුළු 1511ක් ඇතුළත් කර තියෙනවා. මෙම එකතුවේ ඇතුළත් වන බහුතර ප්‍රස්තාපිරුළු සහ අර්ථකතන යොමු අංක වලින් යොමු කරන ආශ්‍රිත ග්‍රන්ථ හෝ වෙබ් අඩවි ලේඛකයන්ගේ බව සළකන්න. හැබැයි එවන් ප්‍රස්තාපිරුළු අර්ථකතන ගැන මට සෑහීමට පත් වීමට බැරි වූ අවස්ථාවල මම ඒවාට අර්ථකතන ලිව්වා. මම ලියපු අර්ථකතන යොමු අංකයක් නැතිව මුලින් යොදා අනික් අයගේ අර්ථකතන ඊට පස්සේ යෙදීමට පුළුවන් හැම අවස්ථාවේ දී ම වගබලා ගත්තා. ඒ වගේම අවිනිශ්චිත අරුතක් හෝ වර්ගීකරණයක් ඇති තැන වරහන් ඇතුළේ (?) ප්‍රශ්නාර්ථයක් දමා තියෙනවා. නමුත් මෙය ශෝධුපත් නොකිය වූ ලිපියක් බැවින් යතුරු ලියන දෝෂ ආදිය තිබීම ගැන කණාගාටුව ප්‍රකාශ කරනවා.

මූලාශ්‍ර[සංස්කරණය]

මෙම එකතුවේ බහුතර ප්‍රස්තාවපිරුළු ඇලෙක්සැන්ඩර් මෙන්ඩිස් සේනානායක ආරච්චි 1880 දී ලියූ "අතීත වාක්‍ය දීපනී හෙවත් පුරාණ සිට ව්‍යවහාර වූ සිංහල උපමා කියමන්" නමැති ග්‍රන්ථයෙන් ලබා ගත්තේ මෙම පොත පී ඩී එෆ් එකක් හැටියට අන්තරජාලයෙන් බාගත කරන්න පුළුවන් (https://archive.org/details/athethawakyadeep00mend) මේ එකතුවේ දෙවන මූලාශ්‍රය වෙන්නේ ජෝන් සෙනෙවිරත්න 1936 දී ලියූ Dictionary of the Proverbs of Sinhalese කියන පොත. මේ පොතත් අන්තරජාලයෙන් බාගත කරන්න පුළුවන් (https://ia801505.us.archive.org/35/items/dictionaryofprov00john/dictionaryofprov00john.pdf). ජෝන් සෙනෙවිරත්න මෙන්ඩිස් සේනානායකගේ සියලුම ප්‍රස්තාපිරුළු සහ අර්ථකතන එලෙසින්ම හෝ සුළු වචන වෙනස් කමකින් එහෙම පිටින්ම කොපි කර තිබුනත් ඔහු මේ පොතට මුල් පොතේ නොතිබුනු අලුත් පිරුළු සහ වඩා හොඳ සහ දීර්ඝ අර්ථකතන සපයා තියෙන නිසා ඒ පොතත් ප්‍රයෝජනවත්. විශේෂයෙන්ම ප්‍රස්තාපිරුළට අදාළ කතාව සිංහලෙන් කියවන්න මේ මුල් පොත් දෙක බලන්න පුළුවන්. මීට අමතරව වාග්සම්ප්‍රදායන්ට මුල් තැන දෙමින් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් 1970 සහ 1994 කරපු "සිංහල වාක් සම්ප්‍රදාය" සහ "Idioms වාක්සම්ප්‍රදාය" කියන පොත් සිංහල ප්‍රස්තාපිරුළට සමාන අරුත් දෙන ඉංග්‍රීසි පිරුළු හෝ වාක්සම්ප්‍රදායන් සොයා ගැනීමට උපකාරී වුනා. ජේ. බී. දිසානායක ගේ "සිංහල ජනවහර" පොතෙනුත් සෑහෙන ප්‍රමාණයක් ප්‍රස්තාපිරුලු සහ අර්ථකතන උපුටා ගත්තා. ප්‍රස්තාපිරුළු වල පසුබිම් කතාවලට යොමු (reference) ලබා දීමට මූලිකව උදව් වුනු පොත් කීපය තමයි පැල්ලැපිටියේ බණ්ඩාර බමුණුසිංහ ගේ "අපේ ජනකතා 50ක්" පොතත්,  නවනැලියේ විජේතුංගගේ "ජන විඥානයෙන් බිඳක් හෙවත් ජනකතා" පොතත්. සිංහල වචනාර්ථ සඳහා හරිෂ්චන්ද්‍ර විජේතුංගගේ "ගුණසේන මහා සිංහල ශබ්දකෝෂය," මළලසේකර ශබ්දකෝෂය, චාල්ස් කාටර්, මධුර, ක්ලවුග්, වෙබ්ස්ටර්, සිංහල explanatory වැනි online ශබ්ද කෝෂත් යොදා ගත්තා. සිංහල අර්ථකතන ලබා ගත් online මූලාශ්‍ර අතර ගයාන් මධුශාන්ත, නිලක්ෂි, ලලිත් කරුණාරත්න, විකිවෝන්ඩ්, කේ. ඩි. සී. ගුණසේකර, වසන්තා කල්‍යාණි හේමරත්න, කැළුම් ප්‍රියදර්ශන, ආනන්ද විජයවීර, චරිත් විජේමාන්න, තිලිණි යන අයගේ ලිපි ප්‍රමුඛස්ථානයක් ගත්තා. ප්‍රස්තාපිරුළු වර්ගීකරණයේ දී සහ ප්‍රස්තාපිරුළු සහ වාග්සම්ප්‍රදායන් අතර වෙනස නිර්ණය කිරීමේ දී, හඳගනාවේ චන්ද්‍රජෝති හිමියන්ගේ සහ Jane Mairs (Merriam Webster Dictionary editor) ගේ ලිපියත් Pediaa.Com ලිපියත්, Oxford ශබ්දකෝශයත් දායක කර ගත්තා. ඉංග්‍රීසි ප්‍රස්තාපිරුළු සහ වාග්සම්ප්‍රදායන් අර්ථකතනය සහ උදාහරණවලට යොමු සඳහන් කර නොතිබුනත් ඒවා මූලික වශයෙන්ම උපුටා ගත්තේ Cambridge, Free Dictionary, Wikipedia යන වෙබ් අඩවි වලින්. ලංකාවේ ශාඛවල විද්‍යාත්මක නම් ලබා ගැනීමට ඉහත වෙබ්අඩවි වලට අමතරව රුහුණු විශ්වවිද්‍යාලය සහ Barberyn Ayurvedic Resort පවත්වාගෙන යන "Ayurvedic Medicinal Plants of Sri Lanka" වෙබ් අඩවියත් දායක කර ගත්තා.

අධික ලෙස යොදා ගත් මුද්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

යොමු අංකය, කතෘ, ප්‍රකාශන වර්ෂය, පොතේ නම, ප්‍රකාශකයා, ප්‍රකාශන නගරය, යොමු සංඛ්‍යාව

22 සේනානායක, ඇලෙක්සැන්ඩර් මෙන්ඩිස් (1880) අතීත වාක්‍ය දීපනී හෙවත් පුරාණ සිට ව්‍යවහාර වූ සිංහල උපමා කියමන්, Catholic Press, Colombo 622

21, සෙනෙවිරත්න, ජෝන් (1936) Dictionary of the Proverbs of Sinhalese, Asian Educational Services, Colombo 747

15 රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව (1994) Idioms වාක්සම්ප්‍රදාය. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, කොළඹ 07, 100

14 රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව (1970) සිංහල වාක් සම්ප්‍රදාය - Sinhalese Idioms, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, කොළඹ 07, 147ක්

9 දිසානායක ජේ. බී. (1986) සිංහල ජනවහර, ගොඩගේ, කොළඹ 10, 75

36 බමුණුසිංහ, පැල්ලැපිටියේ බණ්ඩාර (2014) අපේ ජනකතා 50ක්, RG Graphics and Bookshop, බොරලැස්ගමුව, 47

39 විජේතුංග, නවනැලියේ (2013) ජන විඥානයෙන් බිඳක් හෙවත් ජනකතා, දැනුම වැඩුම ප්‍රකාශකයෝ, මුල්ලේරියාව 37

සිංහල අර්ථකතන ලබා ගත් online මූලාශ්‍ර අතර ප්‍රමුඛයෝ[සංස්කරණය]

යොමු අංකය කතෘ වර්ෂය යොමු සංඛ්‍යාව

41 ගයාන් මධුශාන්ත 2015 121

39 නිලක්ෂි 2018 80


32 ලලිත් කරුණාරත්න 2016 77

45 විකිවෝන්ඩ් ND 52

33 කේ. ඩි. සී. ගුණසේකර 2017 48

52 වසන්තා කල්‍යාණි හේමරත්න 2016 47

40 කැළුම් ප්‍රියදර්ශන 2016 38

48 ආනන්ද විජයවීර 2010 32

49 චරිත් විජේමාන්න 2010 30 ත්‍රාසය කිරීමට හැකි හැකි අදහසක් නොමැති දෙයක් 37 තිලිණි 2015 21

සිංහල ප්‍රස්තාපිරුළු වචනාර්ථය:[සංස්කරණය]

සිංහල “ප්‍රස්තාපිරුළු” හෝ “ප්‍රස්තාවපිරුළු” යන වචන හැදිලා තියෙන්නේ, අවස්ථාව හෝ මොහොත කියන අරුත ඇති "ප්‍රස්තා" කියන වචනයත්, "උපමා වශයෙන් කියන කියමන, උපහැරණය, පිළිතුර, ප්‍රකාශය" කියන තේරුම් තියෙන "පිරුළ" කියන වචනයත් එකතු වෙලා. මේ අනුව බැලුවහම "ප්‍රස්තාපිරුළු" කියන්නේ යම් තැනකට, යම් මොහොතකට, වඩා පැහැදිලිව කිව්වොත් යම් සිද්ධියකට අදාළව කියන උපමාවක් හෝ ප්‍රකාශයක්.

සිංහල වාක් සම්ප්‍රදාය / වාග්සම්ප්‍රදාය වචනාර්ථය:[සංස්කරණය]

ඒ වගේම වාග්සම්ප්‍රදාය කියන වචනේ හැදිලා තියෙන්නේ, "වචන, කථාව, කියමන, වචනය හෝ කථාව පිළිබඳ, වචනයෙන් කරන" කියන අර්ථ ඇතුළත් සංස්කෘත තත්සම වචනයක් වෙන "වාග්/වාක්" යන්නට "පරම්පරාගතව එන උපදේශය, චාරිත්‍රය, පෙර පටන් පැවත එන ක්‍රමය, පරම්පරාගත අත්දැකීමෙන් ඉදිරියට ගෙන යන කොටස" කියන අරුත් සහිත සංස්කෘත තත්සම වචනයක් වෙන "සම්ප්‍රදාය" කියන පද දෙක එකතු වෙලා. වාක් සම්ප්‍රදාය කියන්නේ "භාෂා ව්‍යවහාරයේ විශේෂ අර්ථයක් ප්‍රකාශ කිරීම සඳහා යොදන කථා හෝ වචන ව්‍යවහාරයක්." එහෙමත් නැති නම් වාග් සම්ප්‍රදාය කියන්නේ "පෙර පටන් ස්ථාපනය වී පැවත එන විශේෂ අරුත් දෙන වචන".

ඉංග්‍රීසි බසේ වගේම සිංහල බසෙත් "ප්‍රස්තාපිරුළු" සහ " වාග්සම්ප්‍රදායක" සමාන කම් - Similarities between proverbs and idioms[සංස්කරණය]

ප්‍රස්තාපිරුළක සහ වාග්සම්ප්‍රදායක තියෙන එක සමාන කමක් තමයි, ඒ දෙකේම වචන වලින් කියවෙන මුඛ්‍යාර්ථය හෙවත් වචනාර්ථයට (denotation - the literal or primary meaning of a word) ඔබ්බෙන් පවතින ගම්‍යාර්ථයක් (connotation - an idea or feeling which a word invokes for a person in addition to its literal or primary meaning) තියෙන එක. ඒ කියන්නේ මේ භාෂා උපක්‍රම දෙකම වචනවලට ඔබ්බෙන් පවතින කතාවක්, අර්ථයක්, හෝ පසුබිමක් කෙටියෙන් කීමට සමාජ ව්‍යවහාරයේ භාවිතයෙන් ඇති වුනු භාෂා අලංකාරයන් (expresses some commonplace truth or useful thought effectively, efficiently and concisely). ප්‍රස්තාපිරුළක් හෝ වාග්සම්ප්‍රදායක් වෙන්න නම් මෙවැනි උපමා වාක්‍යයක් පුළුල්ව ජනසම්ප්‍රදායේ පොදු අවභෝධයකින් යුතුව පැවත එන ප්‍රචලිත එකක් වෙන්නත් ඕන. ප්‍රස්තාපිරුළක් කාලාන්තරයක් තිස්සේ කටින් කටට පැතිරුණු එකක් හෝ මෑතක දී සමාජ ගත වුනු එකක් වෙන්න පුළුවන්. සමහර ප්‍රස්තාපිරුළු වලට ඍජුව සමාන ප්‍රස්තාපිරුලු වෙනත් භාෂාවක හෝ භාෂා කීපයක හම්බු වෙනවා (උදා: අලුත් ඉලපතෙන් හොඳට පිහිදැමෙනවා ලු / Jamaican: New broom sweeps clean, but de ole broom know de earner” / English: A new broom sweeps clean / Latin: Bastions expectat dum defluat amnis). ඒවගේම වෙනත් බසකින් ඍජුව පරිවර්තනය වෙලා සමාජ ගත වුනු ප්‍රස්තාපිරුළුත් තියෙනවා (උදා: "To close the stable door after the horse has bolted" කියන ඉංග්‍රීසි ප්‍රස්තාපිරුළ "අශ්වයා පැන ගියාට පස්සේ ඉස්තාලේ වහනවා වගේ" කියලා සිංහලට ආවා වගේ).

මේ අනුව බලන කොට ඉංග්‍රීසි බසේ වගේම සිංහල බසෙත් "ප්‍රස්තාපිරුළු" හෙවත් proverbs සහ " වාග්සම්ප්‍රදා" හෙවත් idioms කියන්නේ:

1. අවවාදයක්, සදාචාරාත්මක පණිවුඩයක් හෝ සමාජ විශ්වාසයක් (පොදු සත්‍යයක්) ඇතුළත් නොවුනු;

2. අදාළ වාක්‍ය කොටසේ ඇති වචනවලින් දෙන අරුතට ඔබ්බෙන් පවතින අරුතක්, පසුබිමක් හෝ පණිවුඩයක්, භාවිතය නිසා ආරෝපණය වූ, (නැතහොත් ආරූඩ වූ හෝ එයට පැවරුණු);

3. එම අරුත සහිතව සමාජයේ සැළකිය යුතු පිරිසක් අතර පැතිර ඇති සහ ඔවුන් විසින් ලිඛිත සහ වාචික සන්නිවේදනයේ දී දළ වශයෙන් පොදු අරුතකින් භාවිතා කෙරෙන;

4. එම අරුත වචන දෙකක් හෝ ඊට වැඩි වාක්‍ය කොටසකින් ප්‍රකාශ වෙන;

භාෂා අලංකාරයක් හැටියට භාවිතා කරන දෙයක් බව කියන්න පුළුවන්.

ඊළඟට මතුවෙන ප්‍රශ්නයක් තමයි සිංහල ප්‍රස්තාපිරුළු සහ වාග් සම්ප්‍රදාය වෙන් කොට හඳුනා ගන්න ලක්ෂණ මොනවා ද, කියන එක. සිංහල ප්‍රස්තාපිරුළු සහ වාග්සම්ප්‍රදාය වෙන් කර හඳුනා ගැනීමේ නිර්ණායක සෙවීමට උදව් වෙන්නේ යැයි සිතිය හැකි ඉංග්‍රීසි බසේ ප්‍රස්තාපිරුළු හෙවත් proverbs සහ වාග්සම්ප්‍රදාය හෙවත් idioms අතර වෙනස මොනවා ද කියන එක මුලින්ම හොයලා බලමු.

ඉංග්‍රීසි බසේ "ප්‍රස්තාපිරුළු" සහ " වාග්සම්ප්‍රදායක" වෙනස් කම් - Difference between proverbs and idioms[සංස්කරණය]

ඉංග්‍රීසි වාග්සම්ප්‍රදායක් යනු කුමක් ද? What is an idiom?[සංස්කරණය]

Oxford ශබ්දකෝෂය අනුව වාග්සම්ප්‍රදායක් කියන්නේ එම වචන කිහිපයේ තනි වචන විශ්ලේෂණය කිරීමෙන් නොලැබෙන වචනාර්ථයට ඔබ්බෙන් වූ අර්ථයක්, භාවිතය නිසා ස්ථාපනය වුනු, වචන දෙකක් හෝ වැඩි ගණනකින් යුතු, අසම්පූර්ණ වාක්‍යඛණ්ඩයක් (idiom is a group of words established by usage as having a meaning not deducible from those of the individual words). වාග්සම්ප්‍රදායක් මීට පෙර අසා තේරුම ඉගෙන නැති කෙනෙක්ට වටහා ගන්න අමාරුයි.

උදාහරණයක් හැටියට ඉංග්‍රීසි වාග්සම්ප්‍රදායක් වෙන “raining cats and dogs” කියන එක ගත්තම ඒකෙ වචනාර්ථයෙන් ගම්‍ය වෙන විදියට “බල්ලෝ පූසෝ වර්ෂාවක් වහිනවා” කියන එක වෙනුවට “තද වැස්සක්” යන අර්ථය භාවිතය තුළින් එම වාක්‍ය කොටසට ලැබිලා තියෙනවා. තවත් උදාහරණයක් විදියට කවුරු හරි "put foot in mouth" කියන වාග්සම්ප්‍රදාය යොදා ගෙන "Jane put her foot in her mouth when she called him by her first husband's name" කිව්වොත් ඒ කියන්නේ “ජේන් කකුළ කටේ දාගත්තා” කියන එක නෙවෙයි, “ඇය අපහසුතාවයට, ලැජ්ජාවට පත් වුනා” කියන එක බව එකවරම තේරුම් යන්නේ ඒ වාග්සම්ප්‍රදායේ අර්ථය මීට පෙර දැනගෙන හිටපු කෙනෙකුට. ඉංග්‍රීසි වාග්සම්ප්‍රදායක් වන "to rub someone the wrong way" කියන්නේ “යම් කෙනෙක්ගේ වැරදි පැත්තෙන් ඇතිල්ලීමක්” ගැන නොවෙයි, ඒ කෙනාව අවුස්සන කෝප ගන්වන එක. “By the skin of your teeth” කියන වාග්සම්ප්‍රදාය යොදලා “She passed the test by the skin of her teeth” කිව්වොත් ඒ කියන්නේ "ඇය හමේ දත් වලින් විභාගේ පාස් වුනා කියන එක නෙවෙයි, ෆේල් වෙන්න ඔන්න මෙන්න තියලා නූලෙන් පාස් වුනා කියන එක. මේ වගේ වාග්සම්ප්‍රදායක් තේරුම් ගන්න නම් එය ඊට පෙර අසා එහි තේරුම ඉගෙන ගෙන තියෙන්න ඕන.  මෙවැනි තවත් උදාහරණ කීපයක් තමයි "ඇය පනිට්ටුවට පයින් ගැහුවා (Kick the bucket)" "පූසා මල්ලෙන් එළියට දැම්මා (To let the cat out of the bag)" "කිලිටි රෙදි ප්‍රසිද්ධියේ සෝදනවා (Wash dirty linen in public), “උරහිසේ ලී පතුරක් තියෙනවා" (You have a chip on your shoulder) වගේ වචනාර්ථ එන වාග්සම්ප්‍රදා.

මේ අනුව සාරාංශයක් හැටියට - ඉංග්‍රීසි භාෂාවේ වාග්සම්ප්‍රදා/වාග්සම්ප්‍රදායක් idiom කියන්නේ:

1. එහි අර්ථය මීට පෙර නොදන්නා අයෙකුට, එහි වචන විශ්ලේෂණයෙන් හෝ යොදන සන්දර්භය අනුව පහසුවෙන් තේරුම් ගත නොහැකි විදියට සැකසී ඇති, වචනාර්ථයෙන් ඔබ්බෙන් පහිටි, ඊටම ආවේණික වූ අර්ථයක් සහිත (has a meaning of its own that cannot be understood from the meanings of its individual words);

2. අවවාදයක්, සදාචාරාත්මක පණිවුඩයක් හෝ සමාජ විශ්වාසයක් (පොදු සත්‍යයක්) ඇතුළත් නොවුනු;

3. සමාජයේ සැළකිය යුතු පිරිසක්, එම ආරෝපිත අර්ථය ඇතිව වාචික සහ/හෝ ලිඛිත සන්නිවේදනයේ දී යොදා ගන්නා එසේම තේරුම් ගන්නා;

4. වචන දෙකකින් හෝ වැඩි ගණනකින් හැදුනු අසම්පූර්ණ වාක්‍ය කොටසකට.

ඉංග්‍රීසි ප්‍රස්තාපිරුළක් යනු කුමක් ද? What is a proverb?[සංස්කරණය]

proverb කියන වචනේ ඉංග්‍රීසියෙන් අරුත් ගන්වලා තියෙන්නේ කොහොමද කියලා බැලුවොත් Oxford ශබ්දකෝෂය කියන්නේ "A short, well-known pithy saying, stating a general truth or piece of advice" කියලා. මේ අනුව ඉංග්‍රීසි proverb කියන එකේ අරුත "පොදු ජන විඥානයේ පැතිර ඇති සාමන්‍යයෙන් පිළිගත් සත්‍යයක් / විශ්වාසයක් (commonplace truth / general truth or principle), අත්දැකීමක් (common experience), හෝ අවවාදයක් (advice) ලබා දෙන, පසුබිම් කතාවක් සහ පණිවුඩයක් තනි වාක්‍යයක් තුළ එකට කැටි කරන, ප්‍රසිද්ධ ජන වහරේ පවතින (හෝ අතීත කාලයේ පැවති) කෙටි වාක්‍යක් කියලා කියන්න පුළුවන්. ඉංග්‍රීසි බසේ ප්‍රස්තාපිරුළක් මීට පෙර අසා නොතිබුනත් එය යෙදුව පසුබිම අනුව හිතලා එහි අර්ථය තේරුම් ගන්න පුළුවන්.

උදාහරණ ලෙස ඉංග්‍රීසි ප්‍රස්තාපිරුළක් වෙන "A rolling stone gathers no moss" හෙවත් "පෙරළෙන ගලේ පාසි නොබැඳේ" යන්න යොදන අරුත අනුව මේ කියන්නේ ගලක් ගැන නොව “එකතැනක නොරැඳී තැනින් තැනට යන කෙනෙකුට දැනුම, වස්තුව, ආදිය එකතු වෙන්නේ නැහැ” කියන එක කියලා මෙම ප්‍රස්තාපිරුළු මීට පෙර අසා නැති කෙනෙකුට වුනත් අනුමාන කරන්න පුළුවන්. සමහර විට මේ වගේ ප්‍රස්තා පිරුළු දෙන්නෙක් සුළු වශයෙන් වෙනස්ව අරුත් ගන්න ගන්නත් ඉඩ තියෙනවා. උදාහරණයක් විදියට පාසි හෝ සෙවෙල් කියන්නේ දැනුම වගේ හොඳ දෙයක් නෙවෙයි නරක දෙයක් කියලා හිතන කෙනෙකුට, මේ කියන්නේ “එක තැන හිටියොත් පල් වෙනවා නැත්නම් පුස් කනවා ඒ නිසා ඉදිරියටම යන්න ඕනේ” කියන අර්ථය හිතට එන්නත් ඉඩ තියෙනවා. තවත් උදාහරණයක් බැලුවොත් "All that glitters is not gold" හෙවත් "දිළිසෙන සියල්ල රන් නොවේ" කිව්වහම මේ කියන්නේ “බාහිර පෙනුම අනුව කෙනෙක් ගේ වටිනාකම කියන්න බැහැ” කියන එක කියලා අති බහුතරයකට අනුමාන කරන්න පුළුවන්. "A bird in the hand is worth two in the bush” හෙවත් “අතේ ඉන්න කුරුල්ලා පඳුරේ ඉන්න කුරුල්ලො දෙන්නට වඩා හොඳයි” කියන එක ගම්‍යාර්ථය බැලූ බැල්මටම තේරුම් ගන්න පුළුවන්. “Don’t cry over spilt milk" හෙවත් “ඉහිරුණු කිරට නාඬන්නේ” කියන එක වචනාර්ථයෙන් නොව එය කියන පසුබිම හෝ එය සම්බන්ධ කරන සිද්ධිය අනුව මේ කියන්නේ ඇත්තටම කිරි ඉහිරීමක් ගැන නෙවෙයි, “පසු වුනු යමක් ගැන පසුතැවිලි වීමෙන් පලක් නැහැ, එය අමතක කර ඉදිරියට යන්න” කියන එක බව මේ ප්‍රස්තාපිරුළ මීට පෙර අසා නැති කෙනෙක්ට වුනත් තේරුම් ගන්න පුළුවන්.

මේ අනුව සාරාංශයක් හැටියට - ඉංග්‍රීසි භාෂාවේ ප්‍රස්තාපිරුළක් කියන්නේ:

1. එහි සැබෑ අර්ථය වචනාර්ථයෙන් ඔබ්ටබෙන් පිහිටා තිබුනත්, එම අර්ථය මීට පෙර නොදන්නා අයෙකුට වුනත් යොදන පසුබිම, සන්දර්භය අනුව හෝ සමහර විට එසේ නැතිව වුනත් තේරුම් ගත හැකි අර්ථයක් සහිත;

2. පොදුවේ පිළිගත්තු සමාජ සත්‍යයක්, විශ්වාසයක්, උපදේශයක් හෝ සදාචාරාත්මක පණිවුඩයක් ඇතුළත්;

3. සමාජයේ සැළකිය යුතු පිරිසක්, එම ආරෝපිත අර්ථය ඇතිව වාචික සහ/හෝ ලිඛිත සන්නිවේදනයේ දී යොදා ගන්නා එසේම තේරුම් ගන්නා;

4. සම්පූර්ණ වාක්‍යකට හෝ දෙකකට.

ඉංග්‍රීසි බසේ "ප්‍රස්තාපිරුළු" සහ " වාග්සම්ප්‍රදායක" වෙනස් කම් සාරාංශය - Summary of difference between proverbs and idioms[සංස්කරණය]

ඉංග්‍රීසි වාග්සම්ප්‍රදායක් idiom කියන්නේ: ඉංග්‍රීසි ප්‍රස්තාපිරුළක් proverb කියන්නේ:

1 අවවාදයක්, සදාචාරාත්මක පණිවුඩයක් හෝ සමාජ විශ්වාසයක් (පොදු සත්‍යයක්) ඇතුළත් නොවුනු; පොදුවේ පිළිගත්තු සමාජ සත්‍යයක්, විශ්වාසයක්, උපදේශයක් හෝ සදාචාරාත්මක පණිවුඩයක් ඇතුළත් වුනු;

2 එහි අර්ථය මීට පෙර නොදන්නා අයෙකුට, එහි වචන විශ්ලේෂණයෙන් හෝ යොදන සන්දර්භය අනුව පහසුවෙන් තේරුම් ගත නොහැකි විදියට වචනාර්ථයෙන් ඔබ්බෙන් පහිටි, ඊටම ආවේණික වූ අර්ථයක් සහිත; එහි සැබෑ අර්ථය වචනාර්ථයෙන් ඔබ්ටබෙන් පිහිටා තිබුනත්, එම අර්ථය මීට පෙර නොදන්නා අයෙකුට වුනත් යොදන පසුබිම, සන්දර්භය අනුව හෝ සමහර විට එසේ නැතිව වුනත් තේරුම් ගත හැකි අර්ථයක් සහිත;

3 වචන දෙකකින් හෝ වැඩි ගණනකින් හැදුනු අසම්පූර්ණ වාක්‍ය කොටසකට. සම්පූර්ණ වාක්‍යකට හෝ දෙකකට.

සිංහල ප්‍රස්තාපිරුළු වර්ගීකරණයක්[සංස්කරණය]

සිංහල ප්‍රස්තාපිරුළු වර්ගීකරණයක් හදා ගන්න අපි ප්‍රස්තාපිරුළු එකතු කරලා ඒවායේ ලක්ෂණ විමසලා බලමු. මුලින්ම කියන්න ඕන මේ එකතුවේ ප්‍රස්තාපිරුළු වලට අමතරව ඍජුව ප්‍රස්තාපිරුළු කියලා නොසළකන වර්ග කිහිපයකිත් ඇතුළත් කරලා තියෙන වග.

ඇතුළත් වෙන භාෂා උපක්‍රම වර්ග[සංස්කරණය]

ප්‍රස්තාපිරුළු - proverbs[සංස්කරණය]

ආප්තෝපදේශ - Adage[සංස්කරණය]

ආප්තෝපදේශ කියන වචනේ හැදිලා තියෙන්නෙත් "ආප්ත" සහ "උපදේශ" කියන වචන දෙක එකතු වෙලා. "ආප්ත" කියන්නේ සංස්කෘත බසින් සිංහලයට ආ තත්සම වචනයක්. ආප්ත කියන එකේ මුල් අරුත "ප්‍රාප්ත" යන්නට සමානව "පැමිණි",  එහෙමත් නැත්නම් "පමුණුවා ගන්නා ලද", "ලබන ලද" කියන එක. උදාහරණ විදියට:

• ප්‍රාප්ත = ප්‍ර-emp+ආප්ත-attained-acquired=ප්‍රාප්ත, attained, arrived at, obtained, gained, ලබාගත්, complete, සම්පූර්‍ණ; අන්+ආප්ත=අනාප‍්‍ත-unattained, unobtained, ප්‍රාප්ත නැති, නොලැබූ;

• අපර්‍ය්‍යාප්ත = අ+පරි+ආප්ත=අපර්‍ය්‍යාප්ත-unattained, unobtained, ප්‍රාප්ත නූණ, ලබා නොගත්,  incomplete, අසම්පූර්‍ණ;

• ආප්තෝක්තිය = ආප්ත-obtained+උක්තිය-saying=ආපතෝක්තිය - proof, argument or syllogism, තර්‍කය, ගෙනහැර දක්වන කාරණාව, acknowledged saying, ඒත්තුගන්නාලද කියමන;

• පර්‍ය්‍යාප්ත = පරි-emp+ආප්ත gained=පර්‍ය්‍යාප්ත, obtained, attained;

වචන ගන්න පුළුවන්. වත්මන් සිංහල භාෂාවේ "ආප්ත" කියන වචනය භාවිතා වන තවත් අරුතක් තමයි, දැනුම ලබා ගත්, දැනුමේ පරතෙරට පැමිණි කියන අරුතින් “වියතා, පණ්ඩිතයා හෝ පණ්ඩිත වාක්‍යය, වියත්, දැනගත මනා, හරවත් අදහස් සහිත, දැනුමැති”, වගේ තේරුම් ඇති වචනයක් විදියට යෙදීම. "උපදේශ" එහෙමත් නැතිනම් "උපදෙස්" කියන්නේ අවවාද, අනුශාසනා එහෙමත් නැත්නම් යමක් කළ යුතුද, නොකළ යුතුද, කළ යුතු නම් කළ යුතු පිළිවෙළ තේරුම් කර දීමට යොදන වචනයක්. ඒ අනුව ආප්තෝපදේශ කියන්නේ සමාජයේ පොදු ජන විඥානයට එහෙමත් නැතිනම් පොදු පිළිගැනීම් අනුව හැසිරිය යුතු සහ නොයුතු ආකාරය ගැන බුද්ධිමත් අවවාද ඇතුළත් වාක්‍ය. ප්‍රස්තාපිරුළු වලට ඉංග්‍රීසියෙන් යෙදෙන වචනය proverbs. බයිබලයේ ඇති proverbs කියන පරිච්චේදය සිංහලෙන් හඳුන්වන්නේ "හිතෝපදේශ" කියලා. ඒ වගේම මෙවැනි ආදර්ශ ලබා දෙන සංස්කෘත ග්‍රන්ථයක නමත් හිතෝපදේශය. හිතෝපදේශයන්ගෙනුත් අදහස් වෙන්නේ හිතවත්කමින් හෝ හිත සුව පිණිස අවවාදයක් දීම යන්නමයි. මේ නිසා සමහරු ආප්තෝපදේශවලට හිතෝපදේශ කියලත් කියනවා. මේ එකතුවේ වර්ගීකරණය තුළ දී ඍජුව වචනාර්ථයෙන්ම අවවාදයක් දෙන හෝ සදාචාරාත්මක පණිවුඩයක් දෙන වාක්‍ය ප්‍රස්තාපිරුළු ලෙස නම් නොකර ආප්තෝපදේශ හැටියට නම් කළා. මෙවන් අවාවාදයක් වෙනත් උපමාවක්, ප්‍රපංචයක් වැනි ආදේශකයක් මඟින් දෙන වාක්‍ය ප්‍රස්තාපිරුළු කියලා නම් කළා.

වාග්සම්ප්‍රදා - idioms[සංස්කරණය]

සිංහල වාග් ව්‍යවහාර ප්‍රස්තාපිරුළු වලින් වෙන් කොට හඳුනා ගැනීම අපහසු වෙන්නේ සමහර වාග්සම්ප්‍රදායන්ට "ලු" හෝ "වගේ" වැනි දෙයක් අගට එකතු කිරීමෙන් ඉබේටම ඒවා ප්‍රස්තාපිරුළුවල ස්වභාවයක් ගන්නා නිසා. සමහර වාග්සම්ප්‍රදා "වගේ" වැනි උපමාවාචී නිපාතයක් හෝ "ලු" වැනි වාර්තාවාචී නිපාතයක් දැම්මම එකම යෙදුම අවස්තාව සහ යොදන විදිය අනුව වාග් ව්‍යවහාරයක් හෝ ප්‍රස්තාපිරුළක් වෙනවා. උදාහරණයක් විදියට "එක වල්ලේ පොල්" කියන්නේ වාග්සම්ප්‍රදායක් හෙවත් idiom එකක් වුනත් "එක වල්ලේ පොල් වගේ" කිව්වොත් උපමාවාචී ප්‍රස්තාපිරුළක් හැටියට ගන්න පුළුවන්. ප්‍රස්තාපිරුළක් වීමට හැකියාවක් ඇති වාග් ව්‍යවහාර කීපයකුත් මේ එකතුවේ ඇතුළත් කිරීමට හේතු වුනේ සමහරුන් විසින් ඒවා ප්‍රස්තාපිරුලු විදියට සැළකීම. වාග්සම්ප්‍රදා යක් සම්පූර්ණ වාක්‍යක් නොවනවා වගේම වාක්‍යයක් තුළ විවිධ අයුරින් යොදන්න පුළුවන්. මේවා ඍජුව නැතිව වක්‍රව කියන දෙයක් "බැලූ බැල්මටම කියන්න ඇහැකි" නොකියා "එක ඇහෙන් කියන්න ඇහැකි" කීම වගේ දේවල් මේ එකතුවේ වාග්සම්ප්‍රදායන ලෙස වර්ග කළා. යම් වාක්‍යයක හෝ ප්‍රකාශයක යෙදෙන වචනයක් හෝ වචන කීපයක සංකල්පයක් ඊට සමාන නැති වෙනත් වචන කීපයකින් නියෝජනය කරන කොට ඒවා වාග්සම්ප්‍රදා කියලා නම් කළා. උදාහරණ ලෙස "ආරොන් සීයා මැරුණා (Grandfather Aron died)" යන වැකියේ "මැරුණා" යන්න වෙනුවට වචනාර්ථයෙන් එයට සමාන නොවන වාග්සම්ප්‍රදායක් වෙන "වළ කජ්ජ ගැහුවා (kicked the bucket)" කියා යොදා ආරොන් සීයා වළ කජ්ජ ගැහුවා" කියලා යොදන්න පුළුවන් නම් "වළ කජ්ජ ගැහුවා" වැනි යෙදුම්  idiom එකක් හෙවත් වාග්සම්ප්‍රදායක්, හැටියට නම් කෙරුවා.

බල්ල පිදුරු කන්නෙත් නැහැ, කන ගොනාට දෙන්නෙත් නැහැ (2-23) [විශ්වාස][ප්‍රපංච][නිශේධ] / පිදුරු ගොඩේ බල්ලා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] පිදුරු ගොඩේ බල්ලා [වාග්ව්‍යවහාර] - දේ ආසාවෙන් බදා ගෙන ඉන්න විටවගේ එකම අදහසේ විවිධ ස්වරූප වර්ගීකරණ කීපයකට අයත් වෙන්න පුලුවන්. ඒ වගේම සමහර පිරුළු වර්ග කීපයකට අයත් වුනත් ගණන් කිරීමේ පහසුව සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ගන්නා වර්ගයට විතරක් ඇතුළත් කරලා තියෙනවා.

ජන වහරේ නැති කුඩා අවිධිමත් සමාජ කණ්ඩායමක් අතර හෝ පුද්ගලයකු විසින් භාවිතා කරන ප්‍රස්තාපිරුළු [පුද්ගලික][සංස්කරණය]

ඒ වගේම යම් පිරිසක් අතර ඔවුන් පමණක් දන්නා කතා හෝ උපමා භාවිතා වෙන්නත් පුළුවන්. ඒ වගේම තනි පුද්ගලයෙක් යම් යම් අවස්ථාවලට ගළපා යොදන ප්‍රස්තාපිරුළු තියෙන්නත් පුළුවන්. මෙවන් මා පාවිච්චි කළ ප්‍රස්තාපිරුළු කීපයක් තමයි 'අභිධර්ම මුදලාලිගේ හෝටලේ වගේ", "ඔය සපත්තුවත් දාපන්කෝ ඉක්මනට නිදා ගන්න" සහ "ගඟෙන් එතෙර වූ අශ්ව පැටියා අනුන්ගෙන් ගඟේ ගැඹුර ඇහුව වගේ (රුසියානු ළමා කතාවක් මත පදනම් වූ)" කියන ප්‍රස්තාපිරුළු. මේවායේ ගැටළුව තියෙන්නේ යම් කෙනෙක් මෙවැන්නක් ප්‍රකාශ කරහම අසන්නාට එහි පොදුවේ බෙදා ගන්නා අරුතක් නැති නිසා "ඒ කොහොමද?" කියලා ඇහුවාම කියන්නාට මුළු කතාවම මුල ඉඳන් කියන්න වෙන නිසා. මේ නිසා ප්‍රස්තාපිරුළක මූලික අරමුණක් වෙන දිගු පසුබිමක් පොදු අවභෝධයක් ඇති වාක්‍යයක් හරහා කෙටියෙන් පැවසීම කියන දේ සුන්වෙලා යනවා. ප්‍රස්තාපිරුළක් වීමේ මූලික සුදුසුකමක් වෙන්නේ සමාජයේ වැඩි දෙනෙක් අතර හෝ සැළකිය යුතු පිරිසක් අතර භාවිතා වෙන යෙදුම් වීම නිසා පෞද්ගලික ස්වරූපයක් ගන්නා මෙවැනි පිරුළුත් සුළු ප්‍රමාණයක් උදාහරණ විදියට විතරක් මේ එකතුවේ කළා.

ඉහත වර්ගවලට ඇතුළත් නොවෙන කියමන්[සංස්කරණය]

ලිංගික යෙදුම් ඇති අසභ්‍ය ලෙස සැළකෙන ප්‍රස්තාපිරුළු [අසභ්‍ය][සංස්කරණය]

ඕනෑම කතාවක් අවස්ථාවකට හෝ සිද්ධියකට ගලපලා කියන්න පුළුවන් නිසා සමහර අසභ්‍ය හෙවත් ලිංගික ක්‍රියා හෝ ලිංගික අවයව ගැන සඳහන් කතන්දර මත හෝ සංකල්ප මතත් ප්‍රස්තා පිරුළු බිහිවෙනවා. මේවා බොහෝ විට පාවිච්චි කෙරෙන්නේ නව යොවුන් හෝ වැඩිහිටි සමවයස් අවිධිමත් කණ්ඩායම් අතර (Argot කල්ලියක අපභාෂාව, අසභ්‍ය භාෂාව The jargon or slang of a particular group or class. E.g. ‘teenage argot’). මෙවැනි උදාහරණ කීපයක් හැටියට සංකල්පයක් මත පදනම් වූ "මනුස්ස කමට සරම ඉස්සුවහම _ _ අරින්න එනවා", "_ _ _ තියා ගෙන _ _ දෙකෙන් _ _ _ _ හදනවා වගේ - සමාන: ලොට තන තබා අඟ ගෙන කිරි දොවිනා සේ" ප්‍රස්තාපිරුළුත් "එක කකුළක් ඉස්සුවහම සිංදු කිව්ව ගිරවා, කකුල් දෙකම ඉස්සුවොත් වෙන දේ කිව්වා වගෙයි", "මාලා අක්කගේ _ _ _ වගේ - සමාන: තම්බිගේ තොප්පිය වගේ" කතන්දර මත පදනම් වූ ප්‍රස්තාපිරුළුත් පෙන්වන්න පුළුවන්. නමුත් මේවා මෙම එකතුවට ඇතුළත් කළේ නැහැ.

දැන් අපි සිංහල ප්‍රස්තාපිරුළු වඩා පැහැදිලිව තේරුම් ගැනීමට සහ නිර්වචනය කිරීමේ අරමුණ ඇතිව, ඉහතින් සඳහන් කළ වර්ග අතුරින් සිංහල ප්‍රස්තාපිරුළු කියන වර්ගය විතරක් අරගෙන ඒවා යම් අර්ථවත් වර්ගීකරණයකට අනුව බෙදන්න බලමු.

පළමු ප්‍රස්තාපිරුළු වර්ගීකරණ නිර්ණායකය - ප්‍රස්තාපිරුළ ලබා දෙන පණිවුඩයේ සවරූපය අනුව[සංස්කරණය]

උපදේශයක් දෙන ප්‍රස්තාපිරුළු [උපදේශ][සංස්කරණය]

මේ කොටසට අයිති වෙන්නේ උපදේශයක්, ආප්තෝපදේශක් ඇතුළත් ප්‍රස්තාපිරුළු. හැම ප්‍රස්තාපිරුළක්ම ආප්තෝපදේශයක් නොවුනත්, ඒ වගේම හැම ආප්තෝපදේශයක්ම (විශේෂයෙන්ම අවවාදයක් වචනාර්ථයෙන්ම ඍජුව පවසන) ප්‍රස්තාපිරුළක් නොවුනත්, සමහර ප්‍රස්තාපිරුළු "ආප්තෝපදේශ" කියලත් හඳුන්වන්න පුළුවන් (අඬුව තියෙද්දි අත පුච්චගන්න එපා).

උපදේශයක් ඇතුළත් නොවුනත් ජන සමාජයේ පිළිගත් “සාමාන්‍ය සත්‍යයක් හෝ පොදු විශ්වාසයක්” ප්‍රකාශ කරන ප්‍රස්තාපිරුළු [විශ්වාස][සංස්කරණය]

උදාහරණ විදියට, "අ‍‍ඟේ ඉඳං කන කන‍වා වගේ", "බුරන බල්ලා හපා නොකයි" වගේ ප්‍රස්තාපිරුළු මේ වර්ගයට ඇතුළත් කරන්න පුළුවන්. මේවා බොහෝමයක ඍජුව පවසන ආදර්ශයක් නැතත් සමාජය පිළිගත් පොදු (general) සමාජ සත්‍යයක් එහෙමත් නැත්නම් සමාජ විශ්වාසයක් ඇතුළත් වෙනවා. පොදු සමාජ විශ්වාසයක් හෝ සාමාන්‍ය සමාජ සත්‍යයක් ඇතුළත් මෙම වර්ගයේ පිරුළු සමහරු "සත්‍යධර්ම පිරුළු" කියලත් වර්ග කරනවා (34).

දෙවන ප්‍රස්තාපිරුළු වර්ගීකරණ නිර්ණායකය - ප්‍රස්තාපිරුළ බිහි වීමට හේතු වුන පසුබිම් මූලාශ්‍රය[සංස්කරණය]

පසුබිම් කතන්දරයක් ඇති ප්‍රස්තාපිරුළු [කතා][සංස්කරණය]

කතාවක් පදනම් කර ගෙන බිහි වූ ප්‍රස්තාපිරුළු වල කැපී පෙනෙන ලක්ෂනයක් තමයි වචන බොහෝ ගණනක් යොදලා කියන්න ඕනේ කතාවකින් දෙන්න ඕන පණිවුඩේ වාක්‍යයකින් හෝ දෙකකින් සංක්ෂිප්ත ලෙස දෙන්න පුළුවන් වීම. ඉංග්‍රීසි බසේ සමහර වාග්සම්ප්‍රදායන්ටත් (idioms) සිංහල බසේ සමහර ප්‍රස්තාපිරුළු වලටත් පොදු ලක්ෂණයක් තමයි මේවා පිටුපස මේවා හැදුනු ආකාරය ගැන යම් රසවත් පසුබිම් කතන්දරයක් තිබීම. මේ කතාන්දර උපදේශාත්මක හෝ විශ්වාසයක්/සමාජ සත්‍යයක් කැටි කර ගත් ඒවා වෙන්න පුළුවන්. පැරණි මූලාශ්‍ර සමහරකින් පවත් එන ප්‍රස්තාපිරුළු වල මූලාශ්‍රය සමහර විට කාලයේ වැලි තලාවෙන් වැසී ගිහින් පිරුළ පමණක් ඉතිරිවෙන අවස්තාවලුත් තියෙනවා (උදා: මුචී කැවුම් කෑවා වගේ). මෙවැනි සමහර මූලාශ්‍ර මිත්‍යා කතා පදනම් වුනු ඒවා වෙන්නත් (උදා: ඊශ්වර භෂ්මාසුරයාට අග්නි සැරය දුන්නා වගේ). ඒවගේම සමහර ඒවා අභාවයට පත් වුනු චාරිත්‍ර මත බිහි වුනා වෙන්නත් පුළුවන් (මෙහෙම ගෙදරකට කුළු තුනක්වත් ඕනෑය කී විත්තිය වගේ). මේ වගේ සමහර කතා කාලයත් සමග පොදු ජන මතකයෙන් ඈත්වී ගියත් එම කතා නිසා බිහි වූ වාග්සම්ප්‍රදාය හෝ ප්‍රස්තාපිරුළ නොනැසී භාවිතයේ පවතිනවා. ඉංග්‍රීසි වාග්සම්ප්‍රදායක් වෙන ‘poor as a church mouse’ හෙවත් "පල්ල්යේ මීයෙක් වගේ දිළිඳුයි" යන්න 17 වන සියවසේ යුරෝපයේ පල්ලිවල ආහාර ගබඩා කිරීමේ සිරිතක් නොතිබුණු නිසා පල්ලියේ මීයන්ට ආහාර හිඟ වීම මත බිහි වුනු එකක්. මේ වගේ "අන්දරේ සීනි කෑවා වගේ" වැනි කතාවක් මත පදනම් වෙන ප්‍රස්තාපිරුළක් තේරුම් ගන්න ඒ පිටිපස්සේ සැඟවිලා තියෙන කතාව ගැන පෙර දැනුමක් තිබීම අත්‍යාවශ්‍ය වෙනවා. සමහරු යම් සිද්ධියක් හෝ කතාවක් මුල්කොට ඇති මෙම වර්ගය "වෘත්තාන්ත පිරුළු" කියලත් නම් කරනවා (34).

සොබාදහමේ හෝ අවට පරිසරයේ ප්‍රපංචයක් වැනි, කතන්දරයක් නොවන කෙටි සංකල්පයක් පසුබිම් කරගත් ප්‍රස්තාපිරුළු [ප්‍රපංච][සංස්කරණය]

මේවා බොහෝ විට සොබාදහමේ ප්‍රපංචයක් (උදා: පහත් තැනින් යයි ගලා ජලේ); පරිසරයට සම්බන්ධ මිත්‍යා විශ්වාසයක (උදා: දිඹුල් මල් පතා දිය අදින්නා වගේ / හංස ගීතිය / හංසයා දියෙන් කිරි උරා බොන්නා වගේ); මිනිසාගේ එදිනෙදා පරිසරයේ ප්‍රපංචයක් (කබලෙන් ලිපට වැටුනා වගේ); දේව විශ්වාස වැනි මිත්‍යා සාහිත්‍යයේ පුවතක් (උදා: ඊශ්වරයා භෂ්මාසුරයාට අග්නි සැරය දුන්නා වගේ); ඕනෑම දෙයක් මුල් කරගෙන බිහිවුණු ප්‍රස්තාපිරුළු වෙන්න පුළුවන්.

ලිඛිත සාහිත්‍ය ප්‍රතිපලයක් ලෙස පැතිරුනු ප්‍රස්තාපිරුළු [සාහිත්‍ය][සංස්කරණය]

යම් උගතකු හෝ බුද්ධිමතකු ලිඛිත සාහිත්‍යයේ ඇතුළත් කර තිබීම හේතුවෙන් සමාජගත වුනු ප්‍රස්තාපිරුළු මේ වර්ගයට අයත් වෙනවා (උදා: ථේරවාද ත්‍රිපිටකයේ ධම්ම පද පාලිය - අන්තෝ ජටා බහි ජටා / සුභාෂිතය - "එක පුන් සඳින් දුරු වෙයි ලොව ගන අඳුරු - නෙක තරු රැසින් එ ලෙසට නොමවේය දුරු). ලිඛිත සාහිත්‍යයේ එන ඇතැම් ප්‍රස්තාපිරුළු එකල ජන සමාජයේ පැවති ප්‍රස්තාපිරුළක් ගත් කරුවා/කාරිය විසින් උපුටා ගත්තා ද එසේත් නැති නම් සාහිත්‍ය කෘතියේ ඔරිජිනල් ලෙස යෙදූවක්, ප්‍රස්තා පිරුළක් හැටියට පසුව සමාජ ගත වුනා ද කියලා හරියටම කියන්න අපහසුයි. එවන් ප්‍රස්තා පිරුළු අද සමාජයේ භාවිතා වෙන්නේ සාහිත්‍ය ග්‍රන්ථය අනුව යමින් නම් ඒවා “සාහිත්‍ය” යටතට වර්ග කළා. උදාහරණයක් හැටියට සුභාෂිතයේ එන "නව රුවනින් පිරි මහ සමුදුර ගැඹුරු - තණ සුළකින් උණු කළ හැකි වෙති කවුරු" කියන ප්‍රස්තාපිරුළ සුභාෂිත කතෘ මුල්වරට හඳුන්වා දුන්නක්ද නැත්නම් ජන වහරේ තිබුන "මහා සාගරේ තණ හුලකින් උණු කරන්න හදනවා වගේ" ප්‍රස්තාපිරුළක් කතෘ විසින් උපුටා ගත්තා ද, කියලා හරියටම සෙවීම අපහසු නම් එය [සාහිත්‍ය] යටතේ වර්ග කළා.

තෙවන වර්ගීකරණ නිර්ණායකය - ප්‍රස්තාපිරුළ අවසාන වෙන ආකාරය අනුව[සංස්කරණය]

උපමාර්ථ[සංස්කරණය]

වාචක, සැසඳීමේ නිපාතයකින් අවසන් වන උපමා අර්ථයේ/ තුල්‍යාර්ථයේ නිපාතයකින් (උදා: “සේ”, “වාගේ/ වගේ / වගෙයි / වාගෙයි”, සහ “මෙනි / මෙන්”) අවසන් වී - යම් අවස්ථාවකට හෝ කෙනෙකුට උපමාවක් ලෙස යෙදෙන ප්‍රස්තාපිරුළු මේ වර්ගයට අයිතියි. වර්තමාන සිද්ධියට අතීත සිද්ධියක් හෝ පරිසරයේ ප්‍රපංචයක් සමාන කරලා පෙන්වන මේ වර්ගයේ පිරුළු "සහධර්ම පිරුළු" කියලත් සමහරුවර්ග කරනවා (34). [උපමා]

ප්‍රශ්නාර්ථ[සංස්කරණය]

වාචක නිපාතයකින් අවසන් වන ("ද”) ප්‍රශ්නයක ස්වරූපය ගන්නා ප්‍රස්තාපිරුළු - [ප්‍රශ්න]

වාර්තාර්ථ[සංස්කරණය]

අසා ඇති දෙයක් කීමේ දී, ප්‍රකාශ කිරීමේ දී, හෝ වාර්තා කිරීමේ දී යෙදෙන, "එවන් මේ සුතං" හෙවත් මා විසින් මෙසේ අසන ලදී ලෙස යමක් “එහෙම ලු” කියන අර්ථය දෙන, ශ්‍රැති සූචනාර්ථ නිපාතයකින් ("ලු"/ “යි”) අවසන් වෙන ප්‍රස්තාපිරුළු - [වාර්තා]

නිශේධනාර්ථ[සංස්කරණය]

යකින් අවසන් වන (“නෑ”, "නැහැ") ප්‍රස්තාපිරුළු - [නිශේධ]

විධානනාර්ථ[සංස්කරණය]

"කරන්න", "බලන්න" වැනි අණ දීමේ සවරූපයක් ගන්නා ප්‍රස්තාපිරුළු [විධාන]

මෙම නිර්ණායක තුනම එක් කරහම ප්‍රස්තාපිරුළු වර්ග 30 කට පහත පෙන්වන ආකාරයට බෙදන්න පුළුවන්.

මෙම වර්ග තිහට සහ ඊට අමතරව මෙම එකතුවේ ඇතුළත් භාෂා තාක්ෂණවලට යොදන කෙටි යෙදුම් පහත පරිදියි.

ප්‍රස්තාපිරුළු ප්‍රවර්ගය මෙම එකතුවේ ඇතුළත් සංඛ්‍යාව

[උපදේශ][කතා][උපමා] 22

[උපදේශ][කතා][ප්‍රශ්න] 0

[උපදේශ][කතා][වාර්තා] 1

[උපදේශ][කතා][නිශේධ] 0

[උපදේශ][කතා][විධාන] 1

[උපදේශ][ප්‍රපංච][උපමා] 8

[උපදේශ][ප්‍රපංච][ප්‍රශ්න] 0

[උපදේශ][ප්‍රපංච][වාර්තා] 24

[උපදේශ][ප්‍රපංච][නිශේධ] 1

[උපදේශ][ප්‍රපංච][විධාන] 11

[උපදේශ][සාහිත්‍ය][උපමා] 4

[උපදේශ][සාහිත්‍ය][ප්‍රශ්න] 0

[උපදේශ][සාහිත්‍ය][වාර්තා] 0

[උපදේශ][සාහිත්‍ය][නිශේධ] 1

[උපදේශ][සාහිත්‍ය][විධාන] 0

[විශ්වාස][කතා][උපමා] 144

[විශ්වාස][කතා][ප්‍රශ්න] 1

[විශ්වාස][කතා][වාර්තා] 32

[විශ්වාස][කතා][නිශේධ] 4

[විශ්වාස][කතා][විධාන] 0

[විශ්වාස][ප්‍රපංච][උපමා] 355

[විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] 108

[විශ්වාස][ප්‍රපංච][වාර්තා] 436

[විශ්වාස][ප්‍රපංච][නිශේධ] 51

[විශ්වාස][ප්‍රපංච][විධාන] 8

[විශ්වාස][සාහිත්‍ය][උපමා] 43

[විශ්වාස][සාහිත්‍ය][ප්‍රශ්න] 6

[විශ්වාස][සාහිත්‍ය][වාර්තා] 29

[විශ්වාස][සාහිත්‍ය][නිශේධ] 5

[විශ්වාස][සාහිත්‍ය][විධාන] 0

සමස්ත ප්‍රස්තාපිරුළු සංඛ්‍යාව 1295

[වාග්ව්‍යවහාර] 157

[ආප්තෝපදේශ] 35

[පුද්ගලික] 11

[කියමන්] 16

සමස්තය 1511

ප්‍රස්තාපිරුළ අවසාන වෙන ආකාරය අනුව කෙරෙන මෙම වර්ගීකරණයේ ප්‍රයෝජනවත් බව?[සංස්කරණය]

"නැහැ" වැනි නිශේධනාර්ථයකින් අවසන් වෙන ප්‍රස්තාපිරුළු "ලු" වැනි වාර්ථාවාචී පදයකින් අවසන් කළ හැකි අවස්ථා:

“නැහැ” යන පදය අගට යෙදෙන ප්‍රස්තා පිරුළු සියල්ලක්ම වගේ වාර්තාර්ථ කියලා සළකන්න පුළුවන් වෙන්නේ, “නැහැ” කියන වචනෙට පස්සේ “ලු” කියලා යෙදිලා නැතත් එසේ ගම්‍ය වෙන නිසා. උදාහරණ හැටියට “නටපු නැටුමකුත්, නැහැ, බෙරේ පලුවකුත් නැහැ” කියන ප්‍රස්තාපිරුළ අගට "ලු" නොයෙදුවත් එය “නටපු නැටුමකුත්, නැහැ, බෙරේ පලුවකුත් නැහැ ලු” විදියට ඉබේටම ගම්‍ය වෙනවා. මේ නිසා හඳුනාගැනීමේ පහසුව තකා නිශේධනාර්ථ කියලා නම් කළත් මේවා "ලු" ලෙස ඉවර වෙන වාර්තාර්ථ ප්‍රස්තාපිරුළු කියලා සළකන්නත් පුළුවන්.

“ලු” ලෙස වාර්තාවාචී ලෙස අවසන්වන ප්‍රස්තාපිරුළු, "වාගේ" ලෙස උපමාවාචිකව; "ද?" ලෙස ප්‍රශ්නාර්තවාචීව; සහ "නැහැ" ලෙස නිශේධනාර්ථ ඇතිව; වෙනස් කළ හැකි අවස්ථා:

සාමාන්‍යයෙන් වාර්තාර්ථ ප්‍රස්තාපිරුළු "ලු" ලෙස අවසන් වුනත් මේවා හුදෙක් යමක් වාර්තා කරන සාමාන්‍ය වාක්‍යක් විදියට “යි” යෙදිලා හෝ වෙනත් අකුරක් අගට යෙදිලා අවසන් වෙන වෙලාවලුත් තියෙනවා (උදා: අටුවේ තිබ්බත් එකයි කොටුවේ තිබ්බත් එකයි" - "අනින ගොනා වැඩට හොඳයි”). සමහර ප්‍රස්තාපිරුළු ඉහත ආකාර කීපයෙන්ම කියන එකෙනුත් මේ බව තවත් තහවුරු වෙනවා. උදාහරණයක් හැටියට "අම්බලම කැඩුනත් ගව්ව කුඩා නොවේ ලු" කියන එකම "අම්බලම කැඩුනාට ගව්ව කොට වේ ද?" කියලා ප්‍රශ්නාර්ථයක් විදියටත්, "අම්බලම කැඩුනත් ගව්ව කොට වෙන්නේ නැහැ" කියලා ප්‍රකාශනාර්ථයක් විදියටත්, "අම්බලම කැඩුනට ගව්ව කොට වෙන්නේ නැහැ වගේ" කියලා උපමාර්ථ විදියටත් ගන්න පුළුවන්.

විධානාර්ථයකින් අවසන් වන ප්‍රස්තාපිරුළු, "ලු" යොදා වාර්තාර්ථයෙන් හෝ “වගෙයි”, “වැනි” උපමා වාචක නිපාතයක් ලෙස වෙනස් කළ හැකි අවස්ථා:

“එපා” යන්නෙන් අවසන් වෙන ප්‍රස්තාපිරුළු විධානාර්ථ විදියට වර්ග කළත් මේවායින් සමහරක් පහසුවෙන්ම "ලු" යොදා වාර්තාර්ථයෙන් ප්‍රකාශනයක් විදියට ගන්න පුළුවන් (උදා: "ලොට තන තියා ගෙන අඟින් කිරි දොවන්න එපා" වෙනුවට ""ලොට තන තියා ගෙන අඟින් කිරි දොවන්න එපා කියලා කියනවා ලු"). “ලු” ලෙස වාර්තා නිපාතයකින් අවසන් වෙන ප්‍රස්තාපිරුළු බොහොමයක් “වගෙයි”, “වැනි” උපමා වාචක නිපාතයක් අගට දමාත් පාවිචිචි වෙනවා. උදාහරණ විදියට "මම ඒ දෙතුන් දෙනාටම බත් උයා දෙනවා කියා ස්ත්‍රියක් කීවා ලු" යන්න "මම ඒ දෙතුන් දෙනාටම බත් උයා දෙනවා කියා ස්ත්‍රියක් කීවා වගේ" කියලත් යෙදීම පෙන්වන්න පුළුවන්.

"ද?" ප්‍රශ්නාර්ථවාචී ප්‍රස්තාපිරුළක් "වගේ" හෝ "ලු" ලෙස වෙනස් කළ හැකි අවස්ථා:

ප්‍රශ්නාර්ථ ප්‍රස්තාපිරුළු පවා නිරර්ථක වෙන්නේ "කරවල වෙළඳාමේ ඇවිත් සුදු සඳුන් වල ගණන් කුමට ද?" වැන්නක් "කරවල වෙළඳාමේ ඇවිත් සුදු සඳුන් වල ගණන් ඇහුවා වගේ" නැත්නම් "කරවල වෙළඳාමේ ඇවිත් සුදු සඳුන් වල ගණන් ඇහුවා ලු" කියලා පහසුවෙන්ම උපමාර්ථ හෝ වාර්තාර්ථ කරන්න පුළුවන් වීමත් එහෙම කළත් ඉන් ප්‍රස්තාපිරුළේ අර්ථයට හානියක් නොවීමත් නිසා.

හැම ප්‍රස්තාපිරුළක්ම අර්ථයට හෝ අර්ථවත්බවට හානියක් නොකර එසේ හැරවීමට නොහැකි බව

හැබැයි මෙවැනි හැම එකක්ම එසේ හැරවෙන්නෙත් නැහැ. උදාහරණ විදියට "මරක්කලයත් කාක්කත් නැති තැනක් නැහැ ලු" කියන චී ප්‍රස්තාපිරුළ "මරක්කලයත් කාක්කත් නැති තැනක් නැහැ වගේ" කියලා යෙදෙන්නේ නැතුවා වගේම එසේ යෙදීමේ විශේෂ අර්ථයක් නැහැ.

උඩින් පෙන්නුවා වගේ අවසන් වන ආකාරය හෝ නිපාතය මත කරන මේ වර්ගීකරණයේ ලොකු අර්ථවත් බවක් පේන්නේ නැහැ. ඇත්තටම බැලුවොත් ප්‍රශ්නාර්ථ, වාර්තාර්ථ, නිශේධනාර්ථ ආදියත් ඒ අවස්ථාවට අදාළ ව කියන නිසා ප්‍රශ්න හෝ නිශේධනාර්ථ වෙන්නේ නැහැ. ඒ නිසා මේ කොයි ප්‍රස්තාපිරුළත් අදාළ අවස්ථාවට දෙන ඍජු හා වක්‍ර උපමා කියලා ගන්න පුළුවන්. මේ මොන විදියට අවසන් වුනත් ඒවායින් කෙරෙන්නේ යම් පෙර ප්‍රපංචයක් හෝ කතාවක් වත්මන් අදාළ සිද්ධියට උපමා කිරීම හෝ එසේ හඟවමින් ප්‍රකාශ කිරීම කියන නිගමනයට එන්න පුළුවන්. වෙනත් වචන වලින් කිව්වොත් වර්තමාන සිදු වීමක් දැනටමත් සමාජයේ භාවිතයේ පැතිර පවතින භාෂා ව්‍යවහාරයකට උපමා කර පෙන්වීම හෝ වත්මන් සිද්දියට අදාළ වන යම් ප්‍රකාශයක් කිරීම ප්‍රස්තාපිරුළකින් කෙරෙනවා. නමුත් මේ ක්‍රමේට කරන වර්ගීකරණයකින් ප්‍රස්තා පිරුළු විශ්ලේෂණය කිරීම පහසු වෙනවා. උදාහරණයක් විදියට විමසා බැලීමේ දී පේන්නේ ප්‍රස්තාපිරුළු අති බහුතරය වාර්තා සහ උපමා ගණ වලට අයිති වෙන බව.

සිංහල වාක් සාම්ප්‍රදා උදාහරණ:[සංස්කරණය]

අකුරටම, අච්චාරුවක්, අටුවා ටීකා කියනවා, අත මිට මොලවනවා, අත යට, අත සොදාගන්නවා,, අතකොලුවක්, අතුරු සිදුරු නැතිව, අත් වැල් බැඳ ගෙන, අනෝරා වැහි, අන්තිම තුරුම්පුව, අන්ද කයිප්පු කැවිලා, අන්දුන් කුන්දුන්, අබ ඇටයක් තරම්, අබ මල් රේණුවක, අඹ යාලුවා (Bosom friend), ආන් බාන් කරනවා, ඇඟිලි ගහනවා, ඇඟේ මාලු නටනවා, ඇස් වලට වැලි ගහනවා, ඇහැ කන පාටේ (ගෙදර වරෙල්ලා), ඉණ ඉහ අතගානවා, ඉර හඳ පවතින තුරු, උරගා බලනවා, එන පොට හොඳ නැහැ, කජ්ජක්, කටු අත්ත, කප්පරක්, කඹ අදිනවා, කහටක්, කැකිරි පළනවා, කැඳ හැලියක්, කැස පට ගහනවා, කිඹුල් කඳුළු, කුකුල් කේන්තිය, කුකුල් නින්ද, කුකුළෙක්, කුණු කොල්ලෙට, කුසු කුසු කුට්ටම් (හැංගි හොරා hole-and-corner - attempting to avoid public notice; secret. "a hole-and-corner wedding"), කුළුඳුල්, කූරියා ගහනවා, කොස්සක් (fly in the ointment - a minor irritation that spoils the success or enjoyment of something), කොළේ වහනවා, කොළොම්බු දේශකයා (අගුවක් බෑනේ දේශන පවත්වන්නා stump-orator. A politician who will speak from any available soapbox about any issue that comes up), කෝකටත් තෛලෙ, කෝපි කාලෙ, ගිනි කනවා, ගොඩයට මැජික්, තක්කු මුක්කු, තටු කපා දානවා (clip the wings - බලය සීමා කරනවා), තාර බර ඇරලා, තොරෝට්ටුව වැටිලා (in for it), තෝන් ලණුව දා ගන්නවා, දවල් තරු, දිරච්ච ලණුව, දෙබරෙට ගල් ගහනවා, දෙහි කපනවා (Haul over the coal බනිනවා), නට්ටම් වෙනවා, නා කපන වැහි, නියං කොබෙයියා (Bird of passage - ස්ථිර තැනක් නැතිව ඒහෙ මෙහෙ යන), නූලට, නේන ගං යනවා, පටි රෝල් වෙනවා, පතුරු ගහනවා, පන්දම් අල්ලනවා, පලිප්පු දානවා (අතිශයෝක්තියෙන් කියනවා), පැලපදියම් වෙනවා, පුස් වෙඩිල්ලක්, පොට වැරදිලා, පොතේ ගුරා, පොත් ගුල්ලා, පොම්මේ ගහනවා, පොර කුකුළා, පොල් කටුව අතින් අරන් (බැගෑපත්ව), පොළවේ පස් කනවා, බැඳ ගත්ත බෙරේ ගහන්න ඕනේ, බින්න බහිනවා, බුලත් දුන්නේ නැහැ, මයිල් කෙළින් වුනා, මල්ල පුරවා ගන්නවා, මාටියා ගහනවා (යටි මඩි), මුක වාඩම් බඳිනවා, මුදුන් මල් කඩ, මූණ ඇඹුල් වෙනවා, මූණේ අබ පුපුරනවා, මූණේ දැලි ගානවා, මොර සූරන වැහි, යකා නටනවා, යකා වැහෙනවා, යක්කු ගස් නගින යාමේ (Ungodly hour), රජා මරනවා (ඉංග්‍රීසි වරද්දනවා), රුකුල් දෙනවා, ලනු දෙනවා, ලෙයට ලේ ඇදෙනවා (Proverb - blood is thicker than water -family relationships and loyalties are the strongest and most important ones), වතුරෙ ගියා, වලකජ්ජ ගහනවා, වහ කදුරු, වැලිගම් පිටි යනවා, වැල්වටාරම්, වෙට්ට පිත්තල, වෙනින් පදයක් ගහනවා, සක් සුදක් සේ, සාරි පොටේ එල්ලිලා, සිකුරටම, සෙප්පඩ විජ්ජා (hocus-pocus - meaningless talk or activity typically designed to trick someone or conceal the truth of a situation. "some people still view psychology as a lot of hocus-pocus" - a form of words used by a person performing conjuring tricks), හණ මිටි අදහස්, හතර වරං ගහනවා, හඳට බුරනවා, හැටට හැටේ (ඩබල් එකේ), හිතක් පපුවක් නෑ, හූනා කිව්වා වගේ, හෙනහුරා.

සිංහල බසේ "ප්‍රස්තාපිරුළු" සහ " වාග්සම්ප්‍රදායක" වෙනස් කම් සාරාංශය - Summary of difference between Sinhalese proverbs and idioms[සංස්කරණය]

ඉහත වර්ගීකරණය අනුව විමසා බැලුවහම පේන්නේ සිංහල ප්‍රස්තාපිරුළු සහ වාග්සම්ප්‍රදායන් අතර වෙනස බොහෝ දුරට ඉංග්‍රීසි බසේ proverbs සහ idioms අතර තියෙන වෙනස් කම් වලට සමාන වුනත් ඊට වඩා සුලු වෙනසක් සහිත බව පේනවා. මේ වෙනස් කම් කොල පාටින් හයිලයිට් කරලා තියෙනවා.

සිංහල වාග්සම්ප්‍රදායක් idiom කියන්නේ: සිංහල ප්‍රස්තාපිරුළක් proverb කියන්නේ:

1 අවවාදයක්, සදාචාරාත්මක පණිවුඩයක්, සමාජ විශ්වාසයක් හෝ පොදු සමාජ සත්‍යයක් ඇතුළත් නොවුනු; පොදුවේ පිළිගත්තු සමාජ සත්‍යයක්, විශ්වාසයක්, උපදේශයක් හෝ සදාචාරාත්මක පණිවුඩයක් ඇතුළත්;

2 එහි අර්ථය මීට පෙර නොදන්නා අයෙකුට, එහි වචන විශ්ලේෂණයෙන් හෝ යොදන සන්දර්භය අනුව පහසුවෙන් තේරුම් ගත නොහැකි විදියට වචනාර්ථයෙන් ඔබ්බෙන් පහිටි, ඊටම ආවේණික වූ අර්ථයක් භාවිතය නිසා ආරෝපණය වී ඇති; එහි සැබෑ අර්ථය වචනාර්ථයෙන් ඔබ්ටබෙන් පිහිටා තිබුනත්ගි, එම අර්ථය මීට පෙර නොදන්නා අයෙකුට වුනත් යොදන පසුබිම, සන්දර්භය අනුව හෝ සමහර විට එසේ නැතිව වුනත් තේරුම් ගත හැකි අර්ථයක් සහිත; නමුත් කතාවක් පසුබිම්ව හෝ අද අභාවයට ගොස් ඇති අයිතිහාසික තොරතුරක් මත පදනම් වූ හෝ අභාවයට ගොස් ඇති වචන යෙදූ ප්‍රස්තාපිළු කලින් ඒ ගැන හදාරා නැති අයෙකුට වටහා ගත නොහැකි;

3 සම්පූර්ණ අර්ථයක් රහිත වාක්‍යක යෙදූ විට පමණක් අර්ථ දෙන සැඟවුණු අර්ථයට අමතරව වාක්‍යයක් හෝ වාක්‍ය කොටසක් ලෙස සම්පූර්ණ අර්ථයක් (stand-alone / ස්වයං අර්ථයක්) සහිත

4 සමාජයේ සැළකිය යුතු පිරිසක් පොදු අරුතක් සහිතව ලිඛිත සහ වාචික සන්නිවේදනයේ දී භාවිතා කරන සහ පොදු අරුතින් තේරුම් ගන්නා; සමාජයේ සැළකිය යුතු පිරිසක් පොදු අරුතක් සහිතව ලිඛිත සහ වාචික සන්නිවේදනයේ දී භාවිතා කරන සහ පොදු අරුතින් තේරුම් ගන්නා;

5 වචන දෙකකින් හෝ වැඩි ගණනකින් හැදුනු අසම්පූර්ණ වාක්‍ය කොටසකට. සම්පූර්ණ වාක්‍යකට හෝ දෙකකට.

යම් භාෂා ප්‍රයෝගයක් හෝ භාෂා අලංකාරයක් (language technique) ප්‍රස්තාපිරුළක් ද නැත්ද කියලා තේරුම් ගන්න පහත ආකාරයට තීරණ ගහක් (decision tree) හදා ගන්න පුළුවන්.


ප්‍රස්තාපිරුළු proverbs වලට සමාන සුළු වශයෙන් වෙනස් තේරුම් ඇති ඉංග්‍රීසි වචන රැසක් තිබීමත් ඒවායේ ඉංග්‍රීසි අරුත් වගේම සිංහල පරිවර්ථන එකිනෙක සමග උපරි පථනය වීමත් (overlap - එක පිට එක වැටීම) මෙම අර්ථකතනය අපහසු කරනවා. මෙවැනි වචන කීපයක් සමූහ ලෙස වර්ග කර විමසා බලමු.

A. උපදේශ වචන කාණ්ඩය:

1. Maxim 1. ආප්තෝපදේශය, උපදේශ වාක්‍යය සදුපදේශය සාධූපදේශ 2. ආප්තය, ආප්තවාක්‍ය, පොදු සත්‍යයක් අඩංගු කියමන - A short, pithy statement expressing a general truth or rule of conduct, especially an aphoristic or sententious one.

2. Adage, ආප්තෝපදේශය, ආප්තවාක්‍යය, පැරණියන්ගේ කියමන A proverb or short statement expressing a general truth.

3. Saw ආප්තෝපදේශය, පැරණි කියමන A proverb or maxim.

4. Apophthegm, ආප්තෝපදේශය ආප්ත වචනය

5. Byword ආදර්ශ ලෙස කියන සුලභ කියමනක් - A word or expression summarizing a thing's characteristics or a person's principles. ‘‘Small is beautiful’ may be the byword for most couturiers’

6. Epigram ආප්තෝපදේශ වාක්‍යය / උපහැරණය / ලුහු මුඛරි පිළිවදන A pithy saying or remark expressing an idea in a clever and amusing way.

උපදේශ කතා වචන කාණ්ඩය:

1. Allegory උපදේශකථාව, උපමා කථාව - A story, poem, or picture that can be interpreted to reveal a hidden meaning, typically a moral or political one.

2. Parable උපදේශ කථාව උපමා කථාව දෘෂ්ටාන්ත කථාව දෘෂ්ටාන්තාලාපය A simple story used to illustrate a moral or spiritual lesson, ‘the parable of the blind men and the elephant’

සතුන් යොදා ගෙන කරන උපදේශ කතා වචන කාණ්ඩය:

1. Fable උපමා කථාව, උපමාකථාව සත්ව චරිත ඇතුළත් උපමා ප්‍රබන්ධය - A short story, typically with animals as characters, conveying a moral (e.g. Aesop's fables, Panchatantra)

2. Apologue සත්ව චරිත ඇතුළත් උපමා කථාව, දෘෂ්ටාන්ත කථාව

3. Bestiary පුරාණ කථා සංග්‍රහය, මධ්‍යකාලීන යුගයේ සතුන් යොදා ලියැවුණු සදාචාරාත්මක කතා ඇතුළත් ප්‍රබන්ධයක් A descriptive or anecdotal treatise on various kinds of animal, especially a medieval work with a moralizing tone.

පොදු සත්‍ය ප්‍රකාශ කරන වචන කාණ්ඩය:

1. Proverb 1. ප්‍රස්තාව පිරුළ, ප්‍රස්තා පිරුළු 2. ආප්තෝපදේශය, උපදේශ වාක්‍යය, හිතෝපදේශ - A short, well-known pithy saying, stating a general truth or piece of advice.

2. Aphorism ආප්ත පදය, ආප්ත වචනය - A pithy observation which contains a general truth. ‘the old aphorism ‘the child is father to the man’’

උපදේශ හෝ පොදු සත්‍ය නැති වචන කාණ්ඩය:

1. Idiom වාක් සම්ප්‍රදාය, වාග් ව්‍යවහාරය, වාග් සම්ප්‍රදාය, වාග්ව්‍යවහාරය වාග්ච්‍යාපාරය - A group of words established by usage as having a meaning not deducible from those of the individual words

Main Body: ප්‍රස්තාපිරුළු 1292ක්, වාග්ව්‍යවහාර 157ක්, ආප්තෝපදේශ 35ක්, කියමන් 16ක්[සංස්කරණය]

[සංස්කරණය]

  • අංවටින තිබුණු පලියටම අනීවිද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - යම් බලයක්‌ තිබුණු පලියටම එයින් ප්‍රයෝජන නොගන්නා බව (48)
  • අකලට ආපු වැස්සක් වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - යහපත් දෙයක් අනවශ්‍ය වෙලාවක සිදු වීම - සමාන: අකලට පල ගත් /හට ගත්, ගෙඩිය වගේ
  • අකලට පල ගත් / හට ගත්, ගෙඩිය වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like a fruit grown out of season (21) / Like an unseasonable fruit (22) - බලාපොරොත්තු රහිත නොවුනු වෙලාවක යහපත් දෙයක් සිදු වීම / නොකල්හි හෝ දුර්ලභ අවස්ථාවක හෝ යමක් සිදුවීම (39) / නොසිතූ වෙලාවක හදිසියේම වාසියක් වීම (52) - සමාන: අකලට ආපු වැස්සක් වගේ
  • අකුරම්බඩයලට හැලප කාලා ඇතිවෙලා මහ බින්තැන්නට කුරක්කන් රොටි කන්න ගියා වගේ [විශ්වාස][කතා][උපමා] එක මිනිහෙක් කුරක්කන් කන්ට බැරිව කෑම ඇති රටක් සොයා ගියහම ඒ පළාතේ අයවල් කුරහන් තලප කාලා ඇඟිලි ගෙවිලා ලු - Like the man who, fed up with “kurakkan talapa,” went to Maha Bintenna to eat “kurakkan roti” (21) / A certain man being unable to eat Kurahan went in search of a country where bethought better food could be had Ongoing there however he found that the fingers of the people of that country had wasted by their constantly handling Kurahan porridge (22) – Synonymous: This Seems to be a variant of the ගමරාළ කුරක්කන් කන්න බැරිව නුවර ගියා වගේ - Kurakkan talapa is a kind of porridge made of this grain, while the kurakkan roti is a baked damper of the same grain. The point of the saying is that this particular pudding or porridge (talapa), though unappetising, is preferable to the roti eaten in Maha Bintenna, which is the Uva of today. This proverb shows that the Province of Uva was regarded as even worse off than still wilder Districts, and migration to Uva would be regarded as an act of folly (21)
  • අග පැලිච්ච බටලීය වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා][?][උපමා] - අමිහිරි ලෙස කතා කරන්නෙකුට ඕනෑවට වඩා කියවන්නෙකු හෝ වාචාලකම ඇත්තෙකු හෝ පිළිබඳ පැවසීමට යෙදේ (39) - අග පැලුණු බටලීයෙන් නැගෙන්නේ අමිහිරි හඞකි (39)
  • අඟුර ගල ගා සුදුද කියත ඇහැකෙයි? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Can charcoal ever be made white by friction with a stone? (21) / Can friction against a stone ever make a charcoal white? (22) - සමාන: කිරි දියෙනි දෙවියත් අඟුරු සුදුවන කලක් නම් නැත් - English: 1. Can the leopard change his spots, 2. Can the Ethiopian change his skin? (21)
  • අ‍‍ඟේ ඉඳං කන කන‍වා වගේ / අඟේ ඉදන් කන කනවා වගේ / අඟේ ඉඳ ගෙන කණ කනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - To feed on the ear whilst sitting on the horn (22) / Sitting on the horn and feeding on the ear" (21) - තමාට නවාතැන් දුන් කෙනෙකුට හෝ උදව් කළ කෙනෙකුට එසේත් නැත්නම් එකම ගෙදර වෙසෙන කෙනෙකුට සතුරු කම් හෝ පාඩු සිදු කිරීම / ළගින් ඇසුරු කරමින් සතුරුකම් කිරීම (40) / මුලින් ආ දෙයට වඩා පසුව ආ දෙය අගේ කොට දැක්වීම ගැන කියවේ (39) / මිතුරෙකු වගේ ළඟින් ඉඳන් හතුරුකම් කිරීම (52) - The guest who insults or maltreats his host (21) - This is what the crow does to the ox with a wound in its ear. Its application to human life is obvious (21)
  • අට වම්බොටු නව හුන්ගන් දුන්නා වගේ [විශ්වාස][කතා][උපමා] - Eight brinjals but nine taxes - යමකට අවසර ගන්න එම දෙයෙහි වටිනා කමටත් වඩා වැය කිරීමට සිදු වීම - A certain man took eight brinjals for sale to a village where there were nine headmen. He returned home emptyhanded and in utter disappointment as he had to give eight of the headmen a brinjal a piece and to the ninth his basket in or her to obtain permission to enter the village (22) (21)
  • අටුව කඩා පුටුව හදනවා වගේ / අටුව කඩලා පුටුව හැදුවා වගේ [උපදේශ][ප්‍රපංච][උපමා] - To pull down the loft and make a chair out of the materials (22) / Making a chair out of the loft (21) - That is, pulling the loft down and making a chair out of the materials - සුළු වුවමනාවක් පිරිමහ ගැනීමට සුළු ලාභයක් වෙනුවෙන් විශාල පාඩුවක් කර ගැනීම (39) / දෙයක් විනාශ කර නොවටිනා බාල ක්‍රියා කිරීම (45) / විශාල පාඩුවක් ගැන නොසිතා සුළු ලාභයක් පතා වැඩ කිරීම (43) / වඩා ප්‍රයෝජනවත් දෙයක් විනාශ කර ඊට අඩු ප්‍රයෝජනවත් වැඩක් කිරීම (52) / අඩු වටිනාකමකින් යුත් දෙයක් ලබා ගැනීම සදහා වැඩි වටිනාකමකින් යුත් දෙයක් විනාශ කිරීම -බොහෝ පැරණි ගෙවල් වල අටුවක් දක්නට ලැබුණි. බොහෝවිට ධාන්‍ය ආදිය ගබඩා කර තබා ගැනීමට මෙය භාවිතා කරන ලදී. බිත්ති අතර බාල්ක යොදා ඒ මතට ශක්තිමත් ලෑලි දමා අටුවක් නිර්මාණය කරගනු ලබයි. පුටුවක් යනු ඉතා කුඩා උපකරණයකි. පුටුවක් සෑදීමට අටුවක තිබෙන තරම් ලෑලි අවශ්‍ය වන්නේ නැත. ඒ නිසා අටුවක් කඩා පුටුවක් සාදනවා යනු මෝඩ ක්‍රියාවකි (41) - English: Rob Peter to pay Paul (14)
  • අටුවෙන් දුමට බැස්සා වගේ (50) / අටුවෙන් දුමට පැන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] – කරදරයකින් වැඩි කරදරයකට පත්වීම (43)
  • අටුවේ තිබ්බත් එකයි, කොටුවේ තිබ්බත් එකයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - කොහොම කරත් වෙනසක් නැහැ / තැන් දෙකෙන් කොහේ තිබුනත් අයිතිය තමන්ටයි - සමාන: මල්ලෙ තිබුනත් එකයිපෙට්ටියේ තිබුනත් එකයි - English: It’s all one (14)
  • අට්ටික්කා / අත්තික්කා / දිඹුල් ගහේ මල් පිපුණා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like flowers blossoming on an attikka tree - පුදුම විය යුතු දෙයක් (52) / ඉතා පුදුම දෙයක් සිදු වීම (44) / සිදුවිය නොහැකි දෙයක් (39) - The attikka (Ficus Glomerata) never flowers (21) / ඇත්ත වශයෙන්ම දිඹුල් (දිවුල් නොවේ) සපුශ්පිත ශාඛයක් වුනත් එහි මල් එළියට නොපෙනෙන නිසා දිඹුල් ගැහෙ මල් නොපිපෙන බව පැරැන්නන්ගේ විශ්වාසය වුනා.
  • අඩියෙන් අඩිය ආවත් ගමට ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even a step in advance leads to the village (22) - හිමින් හිමින් කළත් තමන්ගේ ඉළක්කය සපුරා ගත හැකි බව සහ එසේ කිරීමේ සහ එකවර යෑමේ වෙනසක් නැති බව
  • අඩු කළේ දිය සෙලවෙයි [උපදේශ][ප්‍රපංච][වාර්තා] - The water in a half-filled pot shakes (22) - උගත්කම සහ ඇසූ පිරූ තැන අඩු අය වැඩිපුර තමන් දන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බවත් දැනුමෙන් පිරුණු අය අනවශ්‍ය වෙලාවට නිහඬව සිටින බවත් - ප්‍රත්‍යය ශතකය "අර්ධං ඝටං ඝෝෂණ යෙච්ච ශබ්දං - සම්පූර්ණ කුම්භං න කරෝති ශබ්දං - ප්‍රහීන විද්‍යා ප්‍රකරෝති ගර්වං - සම්පූර්ණ විද්‍යා න කරෝති ගර්වං" අඩු කළයෙහි දිය චංචල වේ. පිරුණු කළයේ දිය නොසැලේ. නූගත් කෙනා ගර්වයට පැමිණෙන නමුත් උගතා ගර්ව රහිත වේ.
  • අණ්ඩර / අන්දර, දෙමළ කතා කරනවා [වාග්ව්‍යවහාර] - නොතේරෙන දේ කතා කරනවා - අණ්ඩර දෙමළ = ආන්ද්‍ර ප්‍රදේශයේ දෙමළ - English: Talk Double Dutch - Used when someone is speaking in a manner that is difficult or impossible to comprehend / 2. That's Greek to me / talking Greek (15)
  • අඬන කොට ලු කිරි එරෙන්නේ / අඬන්න ඕනලු කිරි එරෙන්න / අඬන්න එපායැ කිරි එරෙන්න / දරුවා අඬන කොටලු මවට කිරි එරෙන්නේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The mother gets milk when the child cries for it (22) / It is when her child cries that the mother’s milk wells up (21) - උත්සාහයක්‌ නැත්නම් කිසිවක්‌ හරි නොයන බව (48) / යමක් ලබා ගැනීමට උත්සාහ කළ යුතුය (39) / අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට බලවත් සේ ඉල්ලීම් කර ඒවා ලබා ගැනීම (41) / නොඉල්ලුවොත් ලැබෙන්නේ නැහැ – සමාන: තට්ටු කරන්නාට දොර ඇරේ English: The squeaky wheel gets the grease. People who complain the most are the ones who get attention or what they want. Example: If you are not satisfied with the service at the hotel, then you should call up the manager there. The squeaky wheel gets the grease, after all (32)
  • අඬන්න ඉන්න කෙනාට / මිනිහට ඇඟිල්ලෙන් ඇන්නා වගේ / අඬන්න ඉන්නා විට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ / අඬන්න තියෙන ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ (21) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like knocking your finger into the eye which is ready to cry (21) / යමක් කිරීමට අවශ්‍යව සිටි නමුත් ඊට කාරණයක් සොයා ගත නොහැකිව සිටි කෙනෙකුට එම දෙය කිරීම සඳහා කාරණාවක් සහ නිදහසට හේතුවක් සපයා දීම / යමක් සිදුවීමට ආසන්නයේ තිබියදී වෙනත් බලපෙමක් නිසා එයට අනුබලයක් ලැබීම (37) / යමක් ඉටුකර ගැනිඉමට බලාපොරොත්තුව සිටින අයෙකුට එය ඉටුවන පරිදි පිටතින් උපකාර ලැබීම (39) – English: riddle - Poke your fingers in my eyes and my jaws will open wide, what am I? Answer: Scissors
  • අඬුව තියෙද්දි අත පුච්ච ගත්තා / ගන්නවා වගේ [උපදේශ][ප්‍රපංච][උපමා] - To get the hand burnt whilst having the pincers - යම් දෙයක් කරදරයකින් තොරව කර ගත හැකි පහසු මාර්ගයක් පෙනි පෙනී තිබිය දී එම ක්‍රමය තෝරා නොගෙන වෙනත් අනතුරුදායක ක්‍රමයක් තෝරා ගැනීම නිසා ඉන් අහිතකර ප්‍රතිපල ලැබීම / පහසු ක්‍රම තිබිය දී අපහසු ක්‍රම භාවිතා කර කරදරයට පත්වීම (39) / නිවැරැදි ක්‍රමය අනුගමනය කරමින් විපතින් ගැලවෙන්න (43)
  • අත දීලා දත නියවන්නා වගේ / අතදීලා දත නියවන්න එපා [උපදේශ][ප්‍රපංච][උපමා] - Like mocking at a man after giving him your hand (21) / Like supplicating a man after placing one's self in his power (22) - යමෙකුට උදව්වක් කර පසුව ඇයට සමච්චල් කිරීම හෝ ඊට හුලව්වට බැගෑපත්ව (දත නියවමින්) වෙන යමක් ඉල්ලා කරපු උදව්වෙ අගයත් සැහැල්ලු කර ගැනීම / උදවු කරන බව පෙන්වා වැරැදි කරන්න එපා (43) / කෙනෙකුට උදව් ලබාදී දියුණු වූවාට පසුව යම්යම් අදව් උපකාර ඉල්ලා සිටීම (41)
  • අත හයිය නම් බත නොවැරැදේ [උපදේශ][ප්‍රපංච][වාර්තා] - කඩිසරව වැඩ කළ හැකි දක්ෂකම් ඇති කෙනාට ආදායම් මාර්ග හිඟ නොවේ / උත්සාහ කළොත් ජය ලැබේ (43)
  • අත හොලවන්නේ නැතිව කට හොලවන්න බැහැ [උපදේශ][ප්‍රපංච][වාර්තා] - You cannot expect to move the mouth without moving the hands (21) - මහන්සි නොවී ආදායම් ලැබෙන්නේ නැහැ - One cannot obtain a living without working for it (21)
  • අතට අසු වූ මැටි පිඬක් වගේ [ආප්තෝපදේශ] - අවශ්‍ය ඕනෑ විදියකට හැඩ ගස්සා ගත හැක - බිරිඳ හෝ ළමයි ගැන කියවේ
  • අතැඹුලක් සේ [වාග්ව්‍යවහාර] - අතේ ඇති නෙල්ලි ගෙඩියක් සේ පැහැදිලියි - be well versed – බුදු ගුණ අලංකාරය “තුන් කල්හි මැ පැවැති - පදරුත් සියල් ලොවැ ඇති - අතැඹුල සෙ දැනගති - එයින් ‘සම්මා සම්බුදුනැ’ යෙති”
  • අතින් මිටින් දීලා හතුරො හරි කරගන්නවා වගේ To lend to another makes him become enemy (54)
  • අතිරහ වුනත් නිතර කන කොට එපා වෙනව ලු (9-2) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - කොතරම් යහපත් සහ රසවත් දෙයක් වුනත් නිතර ලැබෙන කොට එහි අගයක් නැති වෙනවා - සමාන: දෙවේලේ දකින කුකුළාගේ කරමල සුදුයි / කොයි කොයි කොස්සත් අලුත් පිට හොඳට අතු ගෑවෙනවා ලු / පහු පහු වෙනකොට කොහු කොහු වෙනව ලු – ආර්ථික විද්‍යාවේ ආන්තික උපයෝගීතා න්‍යාය (Marginal Utility)
  • අතිරහත් තිත්ත රහයි, පැමිණි දුක් පැණි රහයි (21) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Sweet cakes are bitter, but sweet are misfortunes - දුකක් පැමිණියහම එය ගැන පසුතැවිලි වෙවී කල් ගත කිරීමට වඩා ඒ අසුබ දෙහි වුනත් යහපත් පැත්ත දකිමින් එය ගැන නොහොඳක් නොසිතා එම දුක් කාලය පසු කර යන්න - සමහර විට මෙහි පැමිණි යන්න "පාරගත" “සුගත” [සු=යහපත් ලෙස + ආගත=පැමිණි] [පාර=අනික් (ඉවුරට)+ආගත=පැමිණි] වචන වල වගේ "කෙළ පැමිණි, who has reached the end" අර්ථයක යොදමින් අතීත කාලයෙන් අවසන් වුනු දුක් මිහිරියි කියා යෙදුවා වෙන්නත් පුළුවන් / අතිරහ වුනත් නිතර කන කොට නී රස වෙන නිසා එය දුක් වලටත් වඩා නී රස බව (9-2) / ප්‍රමාණය ඉක්මවීමෙන් දුර්විපාක ලැබේ (43) - Adversity is more enjoyable than prosperity (21) - See: පැමිණි දුක් පැණි රසයි ලු
  • අතීසාරයට අමුඩ ගහනවා වගේ [උපදේශ][ප්‍රපංච][උපමා] - Like wearing a crupper to cure dysentery (21) - ඉතා විශාල ගැටලුවකට සම්පූර්ණ පිළියම් නොකර සුළු සහ අර්ථ විරහිත පිළියමක් යෙදීම / යම් ගැටලුවකදී කළ යුතු දේ වෙනුවට වෙනත් නිෂ්ඵල දේ කිරීම (39) / නිෂ්ඵල කාර්යයක නිරත වීම (45)
  • අතු කඩා මොර කන්නා වගේ [උපදේශ][ප්‍රපංච][උපමා] – ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම වසා ගැනීම (43) / අනාගතය ගැන නොසිත යමක් විනාශ කර එහි ප්‍රයෝජන ලබා ගැනීම (37) / විනාශ කරමින් ප්‍රයෝජන ගැනීම (40) - මොර ගස්වල පලදාව වසරකට වරක් නොලැබෙන අතර අවුරුදු කිහිපයකට වරක් පල දැරීම සිදුවේ. එවිට ගෙඩියෙන් ගෙඩිය කඩා ගැනීම පහසු කාර්යයක් නොවේ. මේ බැවින් මොර ගසේ අතු කපා පලදාව ගැනීමට මොර කඩන්නෝ පුරුදු වී සිටිති. එසේ අතු කැපීම නිසා ගසට සිදුවන හානිය ඉතා බරපතළ වේ (51),
  • අතුර මැද දී අත්වැල / අත් කොළේ කැඩුනා වගේ (22) (14) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the breaking of the supporting rope one has gone halfway along the coupling - උපකාරයට තිබූ දෙය එය ඕනෑම අවස්ථාවේ දී නැතිව යාම (14) / මඟදී බලාපොරොත්තු සුන්වීම (43) / කෙනෙකුගේ ජීවිතය සාර්තක කර ගැනීම සදහා වෙනත් කෙනෙකුගෙන් ලැබුණු සහය නොසිතූ අවස්ථාකව නොලැබී යාම (41) - අතුර is the rope connecting cocoanut from which toddy is drawn, අත් කොළේ is a rope parallel to the අතුර meant for the support of the toddy drawer"(22) - To enable toddy-drawers, when extracting toddy, to walk from one tree to the other without descending to the ground, coconut trees are tied to each other from the top with two strong ropes, parallel wise the one above being the ath-vela or hand-rope, the other the atura or foot-rope. The snapping of the atura would not be so dangerous since the climber would still be able to remain suspended from the ath-vela or hand-rope, till relief came. The snapping of the at-vela, however, would mean his instantaneous fall, with serious injury, if not death, as the result (21) – Synonymous: ඒදණ්ඩ මැද දී අත්වැල කැඩුනා වගේ
  • අතේ ඉන්න කුරුල්ලා පඳුරේ ඉන්න කුරුල්ලාට වැඩිය හොඳයි / අතේ ඉන්න කුරුල්ලා පඳුරෙ ඉන්න කුරුල්ලෝ දෙන්නාට වැඩිය හොඳයි මිටේ උන් කුරුල්ලා ඇරලා ගහේ ඉන්න කුරුල්ලා ඇල්ලීමට ගියා වගේ [උපදේශ][ප්‍රපංච][වාර්තා] - Like letting off the bird in your clutch and trying to catch the one on the tree (21) - දැනටමත් තමන් සතුව තියන දෙයක්, තවම ලැබී නැති, එහෙත් ඊට වැඩි වටිනාකමක් ඇති දෙයකට වඩා වැදගත් බව - සමාන: ළඟ තියෙන කපුටු මස දුර තියෙන මොණර මසට වඩා රහයි / දුවන මුවන් දැක නොදමන් නෙලූ පලා - English: A bird in the hand worth two in the bush (14) - Things we already have are more valuable than what we hope to get - Example: The question now is will Carmichael live to regret turning down such a lucrative offer? A bird in the hand worth than two in the bush (32)
  • අතේ නැත්නම් මූදින් එතෙර තිබුනත් එකයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - What you have not in your hand may as well be (looked for) beyond the seas (21) - තමන් සතුව තමන්ට අවශ්‍ය වූ විට ප්‍රයෝජනයට ගත නොහැකි දෙයක් නම් ළඟක තිබුනත් දුරක තිබුනත්, කොහේ තිබුනත් ඒකෙ වෙනසක් නැහැ
  • අතේ හකුරු ඇත්නම් කොයි ලිඳෙත් වතුර තිය ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - If you have jaggery in hand water may be had from any well (22) / Jaggery in hand, you can get water from any well (21) - අතේ මුදල් හදල් තියෙන කොට ඕනෑම කෙනෙක් සළකනවා / අතේ කාසි පනම් ගැවසෙන පිරිමියකුට ඕනෑම කාන්තාවක් කැමති වෙනවා /
  • අතේ හකුරුත් පොලුත් තියෙනවා නම් කොයි ගඟෙන් වතුර බිව්වම මොකද? (21) [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - If I have jaggery and coconut in my hand, what does it matter of what river I drink? - යමෙක් ළඟ මිල මුදල් හෝ අනිකකුට අවශ්‍ය කරන සම්පත් තිබේ නම් අවශ්‍ය ඕනෑම දෙයක් ලබා ගත හැකි බව / සම්පත් ඇති පිරිමියෙකුට ඕනෑම කාන්තාවකගෙන් තම අවශ්‍යතා සපුරා ගත හැකි බව - Note its application in the following verse "නයි වගේ වයිර අප දුටුවාම හිතේ - ලෙහි තිගේ කොහෙවත් කරුණාව නැතේ - ඇයි මගේ හකුරු පොල් තිබුණි නම් අතේ - කොයි ගඟේ දියත් දියවර නොවෙද කතේ" - "English translation of the poem: “Like a cobra thou art angry, when thou Sees me - No pity whatever dwells in thy heart - Why, o woman, what matters of what river I drink - As long as I have jaggery and coconut in my hand?” (21)
  • අත්තෙ අග ඉඳලා මුල කැපුවා වගේ [උපදේශ][කතා][උපමා] - දැන දැනම මෝඩ ක්‍රියාවක් සිදු කර විපතට පත්වීම (41)
  • අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී [උපදේශ][ප්‍රපංච][වාර්තා] - කිසියම් කාර්යක් එක් තැනක දීර්ඝ කාලයක් නොකර තැනින් තැනට මාරු වෙමින් ගොස් තමාගේ කටයුතු අසාර්ථක කර ගැනීම (41) උදාහරණ: නිතර නිතර රැකියාවල් මාරු කිරීම - English: A rolling stone gathers no moss. A person who is always changing jobs and places has the advantage of less responsibilities, but also the disadvantage of no fixed place to live. Example: He was a bit of rolling stone before he got the job and settled down (32)
  • අත්හැරෙන දීගේ හෙවනැල්ලත් ඇදයි ලු / අරින්න ඉන්න දීගේ හෙවනැල්ලත් ඇද ලු / නොකෙරෙනා දීගේ සෙවනැල්ලත් ඇද ලු (45) / නුරුස්සන මිනිහාගේ සෙවනැල්ලත් ඇද ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even the shadow of the wife to be divorced is deformed (21) / Even the shadow of a disagreeable man is deformed (22) - තමන්ට යමක් කිරීමට අවශ්‍ය නම් කෙසේ හෝ සුළු හේතුවක් සොයා ගෙන හෝ හේතුවක් හදා ගෙන ඒ දේ කිරීම / තමන් අකමැති කෙනෙක් ගේ ඉතා කුඩා වරදක් පවා පෙනීම - “සැතපුණ මුත් ඉඳිති ගරු තපසුන් වගේ - මොක කීවත් ගසති ගැටයක් ගල වගේ - රස දුන්නත් කියති වස දුන්නා වගේ - සෙවණැල්ලත් ඇදලු අත ඇරෙනා දීගේ"
  • අද අපට නම් හෙට උන්ට / අද උන්ට නම් හෙට අපට [කියමන්] - If today is ours, tomorrow is theirs.
  • අනංමනං දොඩවා, පනං අහගත්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like getting one's defects exposed by speaking nonsense (22) - අනවශ්‍ය දේවල් හෝ වැඩිපුර කතා කරන්න යෑම නිසා තමන්ගේ දුර්වලතා හෙලි වී ඒ ගැන අනුන්ගෙන් දොස් අසන්නට සිදු වීම
  • අනින ගොනා වැඩට හොඳයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - සාමාන්‍යයෙන් ගත්තහම නායකයාට අභියෝග කරන කරදර කාරී පුද්ගලයින් වැඩට දක්ෂයන් බව හෝ වැඩට දක්ෂ නමුත් කරදර කාරී පුද්ගලයකුගෙන් පැමිණෙන ගැහැට ඇයගෙන් අත්වෙන වාසි සළකා ඉවසාගෙන සිටිය යුතු බව / සැරවැර තිබුණ ද කාර්යය හොඳින් කිරීම (40) / සැර වැර තිබුණත් කාර්යය හොඳට තිබීම (39)
  • අනුනවයෙන් බේරුණා [වාග්ව්‍යවහාර] - කිසියම් කරදරයකින් ඉතා අමාරුවෙන් ගැලවීම (41)
  • අනුන්ගෙ පහනින් එළිය බලනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - පිටස්තර අයගෙන් සියල්ල බලාපොරොත්තු වීම (49) / තමා කිසිම වියදමක් නොකර අනුන්ගේ වියදමින් කටයුතු කර ගන්නා අවස්ථාවල දී (39) / අනුන්ගෙන් යැපීමට කටයුතු කිරීම (44)
  • අනුන්ගෙ මඟුල් දාට තමන්ගේ ආදරේ පෙන්නනන්නා වගේ / අනුන්ගේ මඟුල්ගෙදරදී තමන්ගේ ආදරය පෙන්වන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - To show one's hospitality at the wedding of another (22) / Like showing your hospitality at another’s wedding (21) - වෙන අයගේ වියදමින් පිට අයට සංග්‍රහ කිරීම (43) - Liberality at the expense of others (21) – English: Cocks make free with the horse's corn
  • අනුන්ගේ පොරවට වඩා තමන්ගේ විදුරුමහ හොඳ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - One's own gum is better than another's axe (22) / The gum of one’s own teeth is better than another’s axe (21) - අනුන්ගෙන් ලබා ගත හැකි විශාල සහ වඩාත් හොඳ දෙයකට හෝ උපකරණයකට වඩා තමන් ළඟ තියෙන කුඩා හෝ සාපේක්ෂව අඩුවශයෙන් ප්‍රයෝජනවත් දෙය හොඳ බව.
  • අනුන්ගේ මිනිහෙක් එක්ක ඔරුවකින් යන්න එපා Don’t go with a slave in one boat (54)
  • අනුන්ගේ රත්තරන් අපි අරන් මක් කරම්? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - සමාන: පිරුවට / පිරුළට ගත් වස්ත්‍ර – English: 1. Borrowed Plumes / 2. Borrowed feathers
  • අනුන්ගේ හිසරදෙත් හොඳ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even the headache of another is preferable (22) / Even the headache of another is good (21) - තමන් ළඟ ඇති දේට වඩා අනුන් ළඟ ඇති කරදර කාරී දෙය පවා යහපත් ලෙස පෙනීම සහ එසේ අගය කිරීම / අනුන්ගෙන් ලැබෙන ඕනෑම දෙයක් ඉතා ඉහළින් පිළිගැනීම (41)
  • අනුන්ට කළ දේ තමන්ට පල දේ [ආප්තෝපදේශ] - What you do to others will bear fruit in you (22) - අනුන් වෙනුවෙන් කල නරක ක්‍රියාවක ප්‍රතිඵල තමන් වෙත ද ලැබිය හැක (45) - "නොමන් දුහුලි ගෙන අහසට දැමුව තදේ - තමන් හිසම ගෙයි ඒ නොවරද සබඳේ - එයින් කිම අරුම කළ වරදට වරදේ - අනුන් හට කරන දේ තමහට පලදේ"
  • අනුන්ට කැපූ වළේ තමන්ම වැටෙනවා වගේ / අනුන්ට හෑරූ වළේ තමන්ම වැටුණා වගේ / අනුන්ට ඇද්ද උගුලේ තමාම වැටෙනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - අනුන්ට විපතක් කිරීමට ගොස් තමන්ටම ඒ විපත පැමිණීම / අනුන්ට උගුල් අටවන්නට ගොස් තමන්ම විපතට වැටීම (43) - පාරා වළල්ලක් වුනා - English: Hoist with one’s own petard / Boomerang (14)
  • අනුන්ට සෙල්ලම් අපට ලෙල්ලම් / අපට සෙල්ලම් අනුන්ට ලෙල්ලම් [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Sport for others, worry for us (21)
  • අනුරාධපුරේ කුකුළා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - Like the fowl of the ancient Capitals of Anuradhapura - There is a Sinhalese saying that, in ancient days, a fowl could pass from the roof of a house in Polonnaruwa to the roof of a house in Anuradhapura without descending to the ground (21) - මෙම විශ්වාසයේම තවත් පති කඩක් - අනුරාධපුරේ ඉඳලා තරුණ ළමිස්සියෙකුට අතේ මැණිකක් තියාගෙන තනිමග බැහැලා රුහුණ දක්වා යන්න පුළුවන් වුනා ලු (7-42)
  • අනේ කාලේ වනේ වාසේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Seek the forest life in these evil times (21) - Expression similar to expressing disappointment by saying අපොයි මෙහෙමත් අයහපත් අසාධාරණ දේවල් සිදුවන කාලයක්! හරියට කැලේ නීතිය වගෙයි! / නරක කාලයේදී හිතවතුන්ගෙන් ඈත් සිටීම (43)
  • අන්තිම ඉත්තත් අදිනවා [වාග්ව්‍යවහාර] – අවසාන උත්සාහයත් යෙදීම (43) / සමාන: අවසාන තුරුම්පුවත් ගැහුවා
  • අන්තෝ ජටා බහි ජටා [විශ්වාස][සාහිත්‍ය][උපමා] - ඇතුළතත් ගැට පිටත් ගැට - ලිහාගන්න බැරි අවුලක් - ථේරවාද ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » දෙවතා සංයුත්‌තය » සත්ති වර්ගය » ජටා සූත්‍රය: ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය “ඇතුළත අවුල් ය. පිටත අවුල් ය. සත්ත්ව ප්‍රජාව අවුලෙන් වේළුනී ය. එහෙයින් ගෞතමයන් වහන්ස, කවරෙක් මේ අවුල නිරවුල් කරන්නේ දැ යි? එකරුණ පුළුවුස්මි" / සහ සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » බ්‍රාහ්‌මණ සංයුත්‌තය » අරහන්ත වර්ගය » ජටා සූත්‍රය: ජටා භාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය - “ඇතුළත අවුල් ය, පිටත අවුල් ය. ප්‍රජාව අවුලෙන් වළඳනා ලද්දී ය. ගෞතමයන් වහන්ස, එය මුබ විචාරමි කවරෙක් මේ අවුල නිරවුල් කරන්නේ දැයි" – English: “Wheels within wheels” Something that is very complex and perhaps overly complicated. “I can't figure out how to turn off this alarm system—it's really a wheel within a wheel” = famous expression from the Bible (Ezekiel 1:16) - “means a situation that is complicated due to secret or indirect influences - It comes from a vision in Ezekiel 1:16: “The appearance of the wheels and their craftsmanship was like the gleam of beryl, and all four had the same form. Their appearance and craftsmanship were like a wheel within a wheel.”
  • අන්ද කයිප්පු කැවිලා [වාග්ව්‍යවහාර] වගේ - සිත අවුල් වෙනවා / සිහි විකල් වෙනවා - කයිප්පු / අන්ද කයිප්පු (Knoxia corymbosa) බුලත් සමග කෑමට ගන්නා මත් වෙන ද්‍රව්‍යයක් - condiment used with betel, catechu - සමාන: කුඩු ගහලා වගේ / අමු කැවිල ද? – English: Moonstruck (15) literally means to be affected by the moon, but moonstruck people are dreamy and in love. You can use the adjective moonstruck to mean "insane" or "loony" in general, but it's most often connected to the idea of being lovesick or romantic and irrational. 2.
  • අන්දරේ පොල් පැල සිටෙව්වා වගේ [විශ්වාස][කතා][උපමා] (?)
  • අන්දරේ මැරිලත් සිනා සෙනවා [විශ්වාස][කතා][වාර්තා] - "සිනාවකි මැරුණු හැටි කවට අන්දරේ - සිනහවකි දෙඅත් විහිදුම දෑල වරේ - සිනාවකි කතිර පෙට්ටියක අන්දරේ - සිනාවකි මැරුණු පසු වුවද අන්දරේ" - කතාව රබලන්න විජේතුංග 2013 පිට 27 (17)
  • අන්දරේ මැරුණට පස්සේ කට හඬක් ඇහුනා [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - I hear a voice, for the first time since Andare’s death - Said in derision, since Andare was a clown and buffoon (21)
  • අන්දරේ සීනි කෑවා වගේ [විශ්වාස][කතා][උපමා] - Like the way Andare ate sugar (21) - උපායශීලීව තම අරමුණු ඉටු කර ගැනීම (52) / වගකිව යුත්තන්ගේ අවදානය වෙනත් අතකට යොමුකර තමන්ගේ අදහස ඉටුකර ගැනීම (39) / ප්‍රයෝගකාරී ලෙස තම අරමුණු ඉටු කර ගැනීම - අන්දරේ යනු රජවාසලේ කවටයාය. එක්තරා දිනයක අන්දරේ රජ වාසලට පැමිණෙන විට එහි මිදුලේ පැදුරක මොනවාදෝ දමා තිබෙනවා දුටුවේය. අන්දරේ එතැනින් යන ගමන් මෙහි තිබෙන්නේ මොනවාදැයි රජුගෙන් විමසූහ. “මේ මාළිගාවේ අලුත්වැඩියාවක් සදහා ගෙනා වැලි” යැයි රජතුමා පිළීතුරු දුන්නේ මෙහි තිබෙන්නේ සීනි යැයි අන්දරේ දැන ගතහොත් ඔහුගෙන් බේරෙන්නට බැරි බව සිතා ගෙනය. නමුත් පැදුරේ දමා තිබෙන්නේ සීනි යැයි දැනගත් අන්දරේ උපායක් යොදා සීනී කෑ යුතුයැයි කල්පනා කළේය. අන්දරේ ඉක්මනින්ම ගෙදර ගොස් තම පුත්‍රයා අමතා මෙසේ පැවසූහ. “පුතේ මා දැන් රජවාසලට යනවා. මා ගොස් ටික වේලාවකින් “තාත්තේ අම්මා මළා” යැයි කියාගෙන රජවාසලට දිවගෙන එන්න ඕනෑ. කියූ පරිදි අන්දරේ රජවාසල බලා ගිය ඉක්බිතිව පුතා ද අම්මා මළා යැයි කියමින් රජ වාසල කරා දිවගෙන ගියේය. රජතුමා සමග කථා කරමින් සිටි අන්දරේ පුතා එනවා දුටුවේය. එවිට අන්දරේද දෑතින්ම හිස බදාගෙන විලාප නගමින් “අනේ පුතේ මගේ කටෙත් පස් උඹේ කටෙත් පස් කියමින් සීනි අහුරු අහුරු පුතාගේ කටේත් තමාගේ කටේත් දමමින් සීනි කන්නට පටන් ගත්තේය. එවිට රජ්ජුරුවෝ “හා හා අන්දරේ ඔය සීනි” යැයි කීවේය. දේවයන් වහන්‍ස ඒ බව මට කලින් නොකිව්වේ ඇයිදැයි විමසමින් අන්දරේ පැදුරෙන් නැගිට්ටේය (41) - මීට සම්බන්ධ නැතත් දෙවොල් දෙවි වැලි සීනි බවට හරවා ජනතාවට දුන් බවට ද ජනප්‍රවාදය ක් ඇත (7-87) - Andare was the most famous of the Court Jesters of the Sinhalese Kings and the last of his tribe. He enjoyed extraordinary, even unparalleled, licence in the Royal Household, and innumerable are the stories of his witticisms and drolleries, some of them vulgar and in decent. One of the stories has reference to the way in which he ate the King’s sugar. The sugar, spread on a mat, was laid out to dry in an inner courtyard of the Palace, and Andare, passing by, pretending ignorance, asked what the stuff was. “It is a kind of sand, Andare” said the King who happened to be close at hand, and the Jester, profusely thanking His Majesty for the information, went home. In his own house Andare arranged a little plot with his son to be worked out the next day, and proceeded to the Palace, the following morning, for his usual duties. At the appointed time, according to plan, Andare contrived to lead out the King to the courtyard near the place where the sugar had again been put out to dry and Andare’s little son appeared on the scene almost immediately, with dishevelled hair and eyes streaming with tears. “What’s the matter, son?” asked the jester. “Mother has just died,” replied the sobbing boy. “Appochchiye” screeched out the apparently stricken Andare, as he fell on his knees near the mat of sugar. “This means sand in our mouth, sand in our mouth, my son” he bewailed, and he fell to ramming into his mouth, in large handfuls, the sugar which the King had described as sand, an example which Andare’s son lustily followed. “Sand in our mouth” is a Sinhalese colloquialism for “We are done for.” When the King intervened, after recovering from his shocked surprise at the scene, there was very little sugar on the mat to save, and, making a virtue of necessity, said “Take home what is left of the sand, Andare. Some of it may possibly help to revive the dead woman. Place it in her mouth yourself, my man, and let me know the result tomorrow morning (21)
  • අන්ධයාට කණ්නාඩියක් දුන්නා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - ලෝකෝපකාරය "අඳ දන හට දපණ - එවුන් වත බලන්නට දෙන වැනි" – “නෙත නැතිදා කුමටද මට කන්නාඩි - සවි නැතිදා මන ලුණු ලන්නද ජාඩි - රස කර තිබූවත් මීපැනි වෙයි කාඩි - පහසට මැලි කරණ ගෑණි වස මෝඩි” (දුවේ මෝදර අගම්පොඩි අර්ලියස් ප්රේවරා කොට්ඨාසේ මුලාදැනියාගේ කවියක්)
  • අන්ධයාට දීකිරිවල සුද කිව්වා වගේ [විශ්වාස][කතා][උපමා] - Like the description of curd given to a blind man - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 54 (11) - A person being asked what curd was like by a man who was born blind, said it was white, on being asked what white was like, he said it was like a conch shell, when asked again by the blind man what a conch shell was like, he said it was like the kernel of a coconut. What is a cocoanut like he asked the blind man; "It is like a crane" was the reply. ''What is a crane-like?" was the next question. The man bent his hand into the shape of a crane and let the blind man to feel it. The blind man felt the hand and said "Oh after all curd is exactly like the hand (22) “සුදු- හක්ගෙඩිය - පොල් ගෙඩිය - කොකා - අත - දී කිරිවල හැඩත් අත වාගෙමයි”
  • අන්ධයාට මොන පහන් එළි ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - What is the use of lamp light to a blind man (22) - ප්‍රත්‍යය ශතකය "කිං මුක්තහාරේ න ච කර්කටස්‍ය කිමන්ඟ පානේ න ච ගද්‍ර හස්‍ය - අන්ධස්‍ය දීපාද් බධිරස්‍ය ගීතාත්, මුර්ඛස්‍ය කිං ධර්ම කථා ප්‍රසංගාත්" බෙල්ල නැති කෙනාට මුතු මාලයත්, කොටළුවාට මධුර ආහාර පානත්, අන්ධයාට පහන් එළියත්, බිහිරාට ගීතිකාවෙනුත් වැඩක් නැතුවාක් මෙන් අඥානයාට ධර්ම කතාවෙන් ප්‍රයෝජනයක් නැත.
  • අන්ධයින් සතර දෙනා ඇතාගේ හැඩ රුව කීවා වගේ / අන්ධයෝ / අන්ධයා, අලියාගේ / ඇතාගේ, හැටි /හැඩ, කිව්වා වගේ [උපදේශ][කතා][උපමා] - Like the four blind men’s description of the elephant (21) - විශාල යමක සමස්තය නොසළකා එහි කොටසක් පමණක් තේරුම් ගෙන ඒ දෙය තවත් කෙනෙකුට කීමට යාම / තම තමා විසින් අවබෝධ කරගත් දේ ඉදිරිපත් කරන අවස්ථාවක මේ පිරුළ භාවිතා වේ (41) / තමන් හරි හැටි නොදන්නා දෙයක් ගැන යමෙක් පවසන විට (37) / නියම ආකාරය නොදැන වල්පල් කීම (43) / කිසියම් කාරණයක් පිළිබද තමාට සිතෙන දැනෙන පරිදි තීරණ ගැනීම (41) /යමක් ගැන හරි හැටි නොදැන කථා කිරීම (52) - He who touched the leg said the elephant was like a rice-pounder. He who touched the trunk, said the elephant was like a Papaya tree. He who touched the ear the elephant was like a Bamboo-tray or a winnowing fan, while the last who touched the tail said the elephant was like a dried coconut flower (52) - අන්ධයන් පිරිසක් ඇතෙකුගේ සිරුර පිරිමැද බලා තම තමන් අවබෝධ කරගත් ආකාරයට උගේ හැඩරුව කීවෝය. ඇතාගේ කන අතගා බැලූ අන්ධයා කීවේ ඇතා කුල්ලක් වගේය කියාය. ඇතාගේ කකුලක් අල්ලා ගත් තැනැත්තා ඌ වංගෙඩියක් වගේ යැයි පැවසූහ. ඇතාගේ සිරුර අතගා බැලූ අන්ධයා පැවසුවේ අලියා බිත්තියක් වගේය කියාය. තවත් අන්ධයෙන් ඇතාගේ වලිගය බදාගෙන කීවේ අලියා ලනුවක් වගේය කියාය. ඇතාගේ දළ අල්ලා ගත් අන්ධයා පැවසුවේ අලියා කෙසෙල් බඩයක් මෙන් මටසිලිටු සතෙක් වන බවය (41)
  • අන්ධයෙක් අහසේ මත්ස්‍ය පිය පිය සටහන් දැක්කා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - විය නොහැකි දෙයක් - සුභාෂිතය "අඳෙක් දැක්ක හෙයි මින් පදය නුබ තල" - ප්‍රත්‍යය ශතකය "ඖදුම්භර හවං පුෂ්පං ස්වේත වර්ණඤ්ච කාකයෝ - මත්ස්‍යපාදං ජලේ පශේයත් නාරි චිත්තං න විශ්වසත්" දිඹුල් මල් ද, සුදු කාකයෝ ද, දියෙහි මත්ස්‍ය පිය සටහන් ද යමෙක් දුටුවා යැයි කීම සැබෑ ගනිතත් ස්ත්‍රීන්ගේ සිත නම් විස්ශ්වාස නොකළ යුතුය.
  • අන්න සතා මෙන්න පොල්ල, මම සිල් සමාදන් වෙනවා කිව්වා වගේ / අපට මොකද අපි අට සිල්, උපාසක ඉබ්බන්ගේ පුච්චන්නේ අනික් පිට [උපදේශ][කතා][උපමා] - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 39 (11) - There’s the creature, here’s the stick, I will observe “Sil." - A man who had taken Sil for the day, that is, had vowed to observe the precepts, including the one ordaining “not to kill” saw a deadly snake hard by his house. In order literally, to follow the precept and yet have the snake destroyed, he yelled out to another near him “There’s the creature, here’s the stick, I have taken Sil” (21)
  • අඳින්ට නැති එකා බල්ලන්ට හැට්ට මහනවා වගේ (2) [විශ්වාස][ප්‍රපංච][උපමා] - නිෂ්පල ක්‍රියාවක් (9-22)
  • අඳුනන බල්ලෝ බුරනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the barking of familiar dogs (22)
  • අඳුර මකන්න සඳ මිස තරු වලින් පලක් වේ ද? [විශ්වාස][සාහිත්‍ය][ප්‍රශ්න] - සුභාෂිතය "එක පුන් සඳින් දුරු වෙයි ලොව ගන අඳුරු - නෙක තරු රැසින් එ ලෙසට නොමවේය දුරු"
  • අපායට ගියත් ඉස්සර වෙලා යන්න ඕනැ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - ප්‍රමාද වන්නන්ට යම් අවස්ථාවකින් ප්‍රයෝජනය නොලැබෙන බව / කුමන කටයුත්තකදී වුවද ප්‍රමාද නොවී අප්‍රමාද විය යුතු බව (41) - English: 1. The early bird catches the worm - One who starts early on the work has higher chance of success. Example: X: Why have you come so early for the season-ending sale? Y: So that I can choose from a wider selection and get a better piece. Early bird catches the worm, after all (32) / 2. First come, first served. Those who arrive first will receive first. Example: The first 100 subscribers will receive an Amazon gift card. It’s first come, first served (32)
  • අපි එක ගෙයි රක්ෂා වෙනවා කියා පුරුෂයෙක් කීවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - “We earn our living in the same house,” said a man - The phrase employed in cases where polygamy prevails, the joint husbands do not say that they have the same wife in common they say it indirectly like this (21)
  • අපි කන හැටි ලිපා දනී / මා කන හැටි ලිපා දනී [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - My fire-place knows exactly how I eat (21) - අග හිඟකම් වැඩි බව (44)
  • අප්පා කළ දේ නොකළොත් ඌ “නොට්ටිගේ පුතා” [වාග්ව්‍යවහාර] - The son who does not do what his father did is a bastard (21) – English: Like father, like son - The Jamaicans say: You nebber See kickin cow widout kickin’ calf (21)
  • අප්පා නැති එකා, අප්පා එක්ක ඉඳගෙන කන්න ඇඬුවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the fatherless child crying to sit and eat with his father (22) (21)
  • අබ කෑ මිනිහාගේ මොළේ දනවා ලු / අබ කෑ මිනිහගේ මොළේ දනවා වගේ / අබ කෑ අයගේ නහය දනී (51) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - වරදක් කළ කෙනා තමා අසුවෙතැයි බියෙන් සහ වරදකාරී හැඟීම නිසා (guilty conscience) සෑම දේටම කළබල වීම හෝ සැක සහිත වන ලෙස හැසිරීම / වරදක් කළ අයෙක් හැසිරෙන ආකාරයෙන් ඔහු වරදක් කල බව පෙනෙන විට කියවේ (39) / තමන් කළ වරද තමන්ට දැනීම (43) - අබ ආහාරයට ගත් විට කටුක හා තිත්ත වූ රසයක් දිවට දැනේ. උගුරට තිත්ත රසය යන විට නාසයටද දැවිල්ලක් ඇති වේ
  • අබමල් රේණුවකවත්” වරදක් කර / සැකයක්, නැත [වාග්ව්‍යවහාර] - අබ මල් ඉතා කුඩා මලකි. එහි රේණු සැලකූ විට ඊටත් වඩා අතිශයින් කුඩා වේ. එසේ නම් කුඩා හොරකමක් හෝ සැලකිය හැකි තරම් වූ වරදක් නොකළ බව (51)
  • අබරා / අබරං / ගමරාළ සිල් ගත්තා වගේ [උපදේශ][කතා][උපමා] - As a certain person received Pansil (22) / Like Abara observed eight precepts (21) - අවබෝධයෙන් තොරව වැඩ කිරීම (52) / නුපුරුදු දේ කරන්නට ගොස් කරදරයේ වැටීම (43) / නොදන්නා දෙයක් කිරීමට ගොස් මෝඩකම නිසා අපහසුවට පත්වීම (39) / නුපුරුදු දේ කරන්නට ගොස් කරදරයේ වැටීම (43) / නුපුරුදු කටයුත්තක් කරන්නට ගොස් අමාරුවේ වැටීම (41) - A certain woman, on returning home after observing eight precepts (ata sil), asked the husband why he, too, did not observe sil. “I do not know how to do it,” replied the husband. “What you have to do,” said the wife, “when you go to the Temple, is to repeat, after the Priest, whatever he tells you.” The husband accordingly went to the Temple. The Priest, on Seeing the man, asked him. “Hello, man; Where are you going?” The man, too, repeated the same words. “Are you mad?” said the Priest, and “Are you mad?” re-joined the man. The Priest, who had been highly offended at the way the man had spoken to him, ordered his attendants to give the man a thrashing. This order, too, was repeated by the man in the very words of the Priest. The man, however, was given a sound thrashing by the Priest’s attendants. On returning home he said to his wife, “I am surprised, my dear, you look so healthy after observing sil so often, whereas I have caught a fever after observing it only once (21) - එක්තරා ගමක අබරා නම් මිනිසෙක් වාසය කළේය. ඔහුගේ බිරිද සෑම පොහොය දිනකදීම අටසිල් ගැනීම සදහා පන්සලට යන්ණිය. අබරාටද සිල් ගැනීම සදහා ආශාවක් ඇතිවිය. සිල් ගන්නේ කෙසේදැයි අබරා බිරිදගෙන් විමසීය. “පන්සලට ගොස් ස්වාමීන් වහන්සේ කියන කියන වචනය තමනුත් කියන්න ඕනි” යනුවෙන් ඇය පැවසුවාය. ඊලග පොහොය දිනයේදී සිල් රෙදිද ඇදගත් අබරා පන්සල වෙතට ගියේය. එවිට හාමුදුරුවෝ අබරා අමතා “ආවේ මොකදැයි” විමසූහ. එවිට අබරාද “ආවේ මොකදැයි” හාමුදුරුවන්ගෙන් ඇසුවේය. “මොහුට පිස්සුදැයි” හාමුදුරුවෝ ඇසුවේය. අබරාද පෙරලා “මොහුට පිස්සුදැයි” හාමුදුරුවන්ගෙන් විමසූහ. මේ අවස්ථාවේදී හාමුදුරුවන්ට කේන්ති ගොස් “ගනු කඹයක් මූ බදින්න” යනුවෙන් ඇබිත්යන්ට පැවසූහ. මෙයද අබරා විසින් පෙරලා පැවසූහ. ටික වේලාවකට පසුව ඇබිත්තයන් විසින් අතින් පයින් අබරාට පහර දෙන්නට විය. අවසානයේදී ගුටිකෑ අබරා ඉතා අමාරුවෙන් තමාගේ නිවස වෙත දුවන්නට පටන් ගත්තේය. පහර කෑමෙන් වේදනාවට පත් අබරා ඉතාමත් අපහසුවෙන් නිවස දෙසට එනවා දුටු බිරිය පුදුමයෙන් මෙන් ඒ දෙස බලා සිටියේය. “ඇයි බොන නුඹල හැමදාම කොහොම සිල් ගන්නව ද? මට එක දවසක් සිල් ගන්න ගිහින් සිල් ගැනීම එපාම වුණා.” යි පවසමින් තමන්ට සිදුවූ සියල්ල අබරා බිරිදට පැවසූහ. සැමියා කෙරෙහි අනුකම්පාව ඇතිවූ බිරිද සිරුරේ තෙල් බෙහෙත් ගැල්වූවාය (41) -කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 13 (11)
  • අබුද්ස්ස කාලෙට / කාලේ, ලබුත් තිත්ත ලු (2) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even the “labu-gediya “becomes bitter in a Buddha less era - අබුද්දස්ස කාලයේ දී පුදුමසහගත දේවල් සිදු වන බව (9-2), අයුක්තිය බලපැවැත්වීම (43), අයුක්තිය අසාධාරණය රජකරන කාලයේදී සිදුවන දේවල් (41)
  • අභිධර්ම මුදලාලිගෙ හෝටලේ වගේ [පුද්ගලික] - යම් කිසි හේතුවක් මවා පාමින් කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරමින්, තමන් කරන වැඩක් හෝ අතපසු වීමක් සාධාරනීකරණය කරන විට යොදන්නක් - ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වා (1960) තහනම් කවිය කෙටි කතා පොතක (8) - තිබුණු කතාවක් ආශ්‍රිතව. යම් කෙනෙකු පිටස්තර නගරයක නවතින්න යන කොට ඔහුගේ මිතුරෙක් අභිධර්ම මුදලාලි ගේ හෝටලේ නවතින්න කියලා කියනවා. දර්ශනවාදය ගැන උනන්දුවක් දක්වන මොහු එහි නතර වී අභිධර්ම මුදලාලිගෙන් ධර්ම ප්‍රශ්න කීපයක් විමසතත් නිසි පිළිතුරු ලැබෙන්නේ නැහැ. පසුවදා උදේ කඩමණ්ඩියේ වෙනත් මුදලාලි කෙනෙකුගෙන් ඔහුට අභිධර්ම මුදලාලි කියලා කියන්නේ ඇයි ද කියා විමසූ විට ඔහු අහනවා ඊයේ රෑ හෝටලයේ කෑමට තිබුනේ පතෝල මුරුංගා, වැටකොළු, අළු කෙහෙල් කෑම නේද කියා. බලන කොට ඔහුට අභිධර්ම මුදලාලි කියන්නේ යම් කෙනෙක් එකම කෑම දෙන එක ගැන ප්‍රශ්න කළොත් - මිල අඩු එළවලු ගන්නයි නොකියා අමුතු අභිධ්රම්යක් දේශනා කරන්න පටන් ගන්නවා, මම ඔය අනික් මුදලාලිලා වගේ බිස්නස් ගැන හිතන්නේ නැහැ. නවතින අයගේ ඇඟට හොඳ සෙම් පිත් කෝප නොවෙන කෑම විතරයි දෙන්නේ කියලා ධර්ම දේශනාවක් කරන නිසා.
  • අමු කළ කෙනෙක් අමු ගෙනියත් - වී කළ කෙනෙක් වී ගෙනියත් [උපදේශ][ප්‍රපංච][වාර්තා] - He who sows amu will reap amu, he who sows: paddy will reap paddy. Whatsoever a man sows that shall he reap (22) / He who sows “amu” will reap “amu,” he who sows paddy will reap paddy (21) - Amu is a kind of inferior paddy. It is also the name of a plant (Paspalum scrobiculatum - Sanskrit: Kodrava, Tamil: Varagu) of which there are five or six species in Sri Lanka – English: Whatsoever a man sows, that shall he reap” (21)
  • අමු කැවිලා වගේ / අමු කැවිල ද? / අමු කැවිලද දන්නේ නැහැ? [වාග්ව්‍යවහාර] - අමු මත්කරවන සුළු ධාන්‍ය වර්ගයක් (paspalum scrobiculatum - පාලි: සාමුක - හමු - අමු / සංස්කෘත: Kodrava, English name: Kodo millet, India paspalum) - අමු කාලා පැය කීපයකට පස්සේ හෙරොයින් භාවිතා කළාක් මෙන් විකෘති ලෙස හැසිරීම් මතු වෙනවා. කියන දේ නිරවුල් ව වටහා ගන්න බැරි වී මධ්‍යම ස්නායු පද්ධතියට බලපෑම් ඇති වී සිහි මුලාවන් (delirium) ඇති වීම වගේ ලක්ෂණ ඇති වෙනවා (18) (30) (24) - සමාන: අන්ද කයිප්පු කාලා වගේ / කුඩු ගහලා වගේ
  • අමුතු ගම් ගන්නට ගොසින් තියෙන ගමත් නැති වුනා වගේ [උපදේශ][කතා][උපමා] - To lose the village one has by trying to get others (22) / Like losing the village one has by going to get new ones (21)
  • අමුතු බත් දීම අත ඇල්ලීමෙන් දැනේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The desire to show one's hospitality could be made out by the way in which the host catches hold of the hand of the intended guest (22) / The way the hand is held shows the sincerity of the invitation to eat (21) - There is a believe here to an obsolete custom. A man who was anxious that another should partake of his hospitality used to seize his intended guest by the wrist, while a man whose hospitality, was a mere pretence, used to get hold of the elbow of his guest (22) - “ගසට කෙටුම ගස මුල පෑසමෙන් දැනේ - අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ - හානා හීය පානා අඬහැරෙන් දැනේ - මිනිහා නො මිනිහා යන කඩිසරෙන් දැනේ"
  • අමුවට ඉස්සර වෙලා කාවලු පූදිනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - “Kavalu “blossom before “amu” (21) – Kdvalu is a species of Tares or Panic grass, (Panicum glaucum). It is of spontaneous growth and “is in the year” sooner than amu, on which much labour is bestowed (21), Tares yield a harvest before amu. (Paspalum). Tares which are of spontaneous growth come to perfection sooner than amu on which much labour is bestowed (22)
  • අම්බලම කැඩුනට ගව්ව කොට වේ ද? (2) / අම්බලම කැඩුනත් ගව්ව කුඩා නොවේ ලු (22) / අම්බලම කැඩුනට ගව්ව කොට වෙන්නේ නැහැ (21) [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - The destruction of the ambalama will not shorten the gauwa (four miles) (22) / The “gavva “does not become short because the “ambalama “is broken down (21) - පැරැන්නන් දුර බැහැර යන කොට ගමන් කළ දුර මැන ගත්තේ අම්බලම් පහිටි තැන් අනුවය (9-36) - Ambalama is a sort of Caravanserai (22), The gavva is a measure of distance of the Sinhalese mile, 5,600 yards, or about three and a half English miles. The ambalama is a kind of shed built on the roadside for travellers to rest in (21)
  • අම්මා නැති කලේ අප්පා කවර කලේ [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - What avails the father when one’s mother dies? (21)
  • අම්මා පෙවූ රන් කිරි (මතක් වීම / කටෙන් එන්න ගැහීම) [වාග්ව්‍යවහාර] - විශාල කරදරයකදී මවුපියන් සිහිවීම (43)
  • අම්මා සිහිවෙන්නේ උණ ගත් දාට ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - "කවදත් පව් කරන දන දුක් නො ලබන්නේ - කෙරුවත් සමහරෙක් පින් නැත සැප වන්නේ - පවසත් ලුහු දනෝ මෙලොවම බලමින්නේ - උණ ගත් දා තමයි අම්මා සිහිවෙන්නේ"
  • අඹ ගහට පොලු ගහන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - වැස්ස (9-3) / ඉළක්කයක් නැතිව ඔහේ යමක් කළත් ඉන් ප්‍රතිපල එන විට (?)
  • අඹ විචාළවුන්ට දෙල් කියන්නා සේ (50) [විශ්වාස][ප්‍රපංච][උපමා] - අහන්නේ එකක් කියන්නේ වෙන එකක් / ලබා දෙන්නේ ඉල්ලූ දෙය නෙවෙයි වෙන දෙයක් - සමාන: යන්නෙ කොහෙද අහුවම මල්ලෙ පොල් කිව්වා වගේ
  • අඹු නැති මිනිහාගේ වී තිඹට හාල් නැලියයි, හාල් නැළියට බත් නෑඹිලියයි, බත් නෑඹිලිය කන කොට බත් කැටයයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - He who has no wife has one “timba “of paddy and the “timba” gives him one “neliya “of row rice and this “neliya” of rice gives him one “nembiliya” of cooked rice, which gives him one mouthful - This proverb is intended to show the domestic value of a wife to her husband –A timba equals four- measures, vi is unhusked rice, a neliya equals a Seer (seruva) or one fourth of a timba; hal being husked rice; nembiliya here means the quantity that will fill a nembiliya, which is a small chatty used in cleansing rice in water previous to being boiled, bath is being boiled rice - English: The bachelor being robbed by everyone
  • අඹුවට බයේ ගෙදර ඉන්නත් බැහැ, කොටියා ට බයේ පැලේ ඉන්නත් බැහැ / හාමුදාට බයේ පැලට යනව ලු, ඌරට බයේ බිමට බහින්නේ නැති ලු (15) / කොටියාට බයේ පැලට යන්නත් බැහැ ගෑණිට බයේ ගෙදර ඉන්නත් බැහැ [විශ්වාස][කතා][නිශේධ] - For fear of master the servant goes to the watch hut, but for fear of the boar, he dares not get out of it (22) - අනතුරු දෙකකට මැ දිවී සිටීම හෝ අකැමැති තත්ත්වයන් දෙකකට මුහුණ දීම නිසා කරකියාගත හැකි දෙයක් නැතිව අසරණ වීම / උභතෝකෝටික අනතුරු දෙකක් මැද, මොකක් කරත් අමාරුවේ වැටෙනවා - සමාන: මග රැඳුනොත් තෝ නසී ගෙට ගියොතින් අඹුව නසී - English: 1. Between the devil and the deep sea (14) / 2. Between Scylla and Charybdis (23) Scylla and Charybdis were mythical sea monsters noted by Homer; Greek mythology sited them on opposite sides of the Strait of Messina between Sicily and the Italian mainland. Scylla was rationalized as a rock shoal (described as a six-headed sea monster) on the Italian side of the strait and Charybdis was a whirlpool off the coast of Sicily. They were regarded as maritime hazards located close enough to each other that they posed an inescapable threat to passing sailors; avoiding Charybdis meant passing too close to Scylla and vice versa. According to Homer, Odysseus was forced to choose which monster to confront while passing through the strait; he opted to pass by Scylla and lose only a few sailors, rather than risk the loss of his entire ship in the whirlpool. Because of such stories, having to navigate between the two hazards eventually entered idiomatic use. Another equivalent English seafaring phrase is, "Between a rock and a hard place".[1] The Latin line incidit in Scyllam cupiēns vītāre Charybdem (he runs into Scylla, wishing to avoid Charybdis) had earlier become proverbial, with a meaning much the same as jumping from the frying pan into the fire. Erasmus recorded it as an ancient proverb in his Adagia, although the earliest known instance is in the Alexandreis, a 12th-century Latin epic poem by Walter of Châtillon / 2. Between the devil and the deep sea (14)
  • අරුණට කිට්ටු පැය ඉතා අදුරුයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - වර්තමානයේ සැපසම්පත් ලබන අයගේ අතීතය ඉතා දුක්බරව පැවති බව (41) – English: The darkest hour is just before the dawn. The worst part of an experience or period usually happens just before things get better. “When I was lost in depression, friends tried to remind me that the darkest hour is just before the dawn” (26)
  • අරුම පුදුම රටේ, පනමට පොල් හැටේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - පුදුම සහගත දෙයක් සිදුවීම (43) / එතරම් වටිනා කමක් නැති පනමට පොල් ගෙඩි හැටක් දෙන්නාක් වැනි අරුම පුදුම වාසි අත්වෙන තැනකට ගිය විට කියන්නක් (?)
  • අල කොළ මියෙන කොළ වගේ [වාග්ව්‍යවහාර] - ඉතා සුලභ - සමාන: කජු ඇට ගාණට / පඳුරකට ගලක් ගැහුවොත් රොත්තක් බුරුත්තක් විසි වෙයි / තල් ඇට පොල් ඇට ගාණට - English: 1. A drug in the market (15) / 2. Galore (14) 3. As plentiful as blackberries (15) in Shakespeare's English
  • අල බහිනකන් ඉන්න ඇහැකිලු තැම්බෙනකන් ඉන්න බැරිලු (48) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - One has patience till yams grow, but not till they are cooked (22) - බලාපොරොත්තුවක් ඇතිව දිගු කාලයක් තිස්සේ යමක් කරපු කෙනෙකුට එහි අන්තිම කෙළවරට ආපුවයින් පස්සේ එය දැක ගැනීමට හෝ බුක්ති විඳීමට ඉවසිල්ලක් නැති වීම
  • අලට වැඩි ලු කොස්, ඊටත් වැඩි ලු හිසරදේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Jackfruit is more common than yams and headache is more common than Jack (22) / More common than the yam is Jackfruit, commoner still is the headache (21) - Kos here is the Seed of the fruit of the Jackfruit tree (Artocarpus integrifolia). The Seed provides a popular food (21)
  • අලපත ලූ දියත්තක් වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - ඉතා ඉක්මනින් ඉවත දමන බව හෝ රඳවා තබා නොගන්නා බව / යහපත් පුද්ගලයන් තමන්ගේ සිත්වල පාප සිතුවිලි රදවා නොගන්නා බව (41) - ද්ධර්මාරත්නාකරය: මෑනියන්ගේ රෝගය අලපත නෙලුම්පත ගත් දියත්තක් සේ පහ විය / රාජාවලිය / මිලින්‍දප්‍ර‍ශ්නය: ‘යෙන සච්චෙන යං සාමො - ධම්මචාරී පුරෙ අහූ, එතෙන සච්චවජ්ජෙන - විසං සාමස්ස හඤ්ඤතු.’ ‘මේ සාමකුමාරතෙම මීට පූර්වභාගයෙහි ඇත්තා වූ යම් කාරණයකින් කුශලකර්මපථචාරී වී ද, මේ සත්‍යානුභාවයෙන් සාමකුමාරයාගේ සැරවවෙගවිෂය අලපත වතුර සෙයින් විනාශ වේවා
  • අලි ගිය අඩිපාර බලන්න කණ්ණාඩි ඕනෑ ද? / අලි ගිය මග අඩිපාර සොයා යන්නට කණ්නාඩි ඕනෑය? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Spectacles are not necessary to make out the footprints of an elephant (22) / ඉතා පැහැදිලිව පේන්න තියෙන දෙයක් සියුම් උපක්‍රම යොදමින් සෙවීම හෝ විශාල වැඩ කරන පුද්ගලයින් ගේ ක්‍රියා හෝ පියසටහන් පැහැදිලිවම පෙනෙන බව – අනුවණ ක්‍රියාවක් කිරීම (43)
  • අලි මදිවට හරක් [වාග්ව්‍යවහාර] - Bullocks too in addition to elephants (22) - එක කරදරයක් මදිවට තවත් කරදරයක් පැමිණීම (39), තිබෙන කරදර පිට තව කරදර පැමිණෙන් බව කීමට (48) – English: Troubles more than a surfeit (21) - A surfeit of something formal - an amount of something that is too large or that is more than you need excess – “a surfeit of food and drink”
  • අලි යන මං තියා කූඹි යන මං අවුරන්වා වගේ (2) / අලි යන කපොලු තිබියදී කූඹි යන හිල් වහන්නා වගේ (15) [විශ්වාස][ප්‍රපංච][උපමා] - ලොකු සොරකම් කරන ක්‍රම වළක්වන්නේ නැතිව, කුඩා සොරකම් කරන මාර්ග වැසීම / සුළු වැරදි වලට එරෙහි වී බලවත් අපරාධ නොසළකා හරිනවා (15) / විශාල වැරදි නොසළකා හැර සුළු වැරදි ගැන සැළකිලිමත් වීම ගැන (48) / විශාල වැරැදි තිබියදී කුඩා වැරැදි නිවැරැදි කිරීම 7 / ලොකු හොරකම් කරන අය අල්ලන්නේ නැතිව සුළු හොරකම් කරන අය අල්ලනවා - සමාන:තෝරු මෝරු පැනලා යද්දී හාල් මැස්සෝ අල්ලනවා වගේ - Catching small fry when whales are escaping – English: 1. Strain at a gnat and swallow a camel / 2. Someone who is both penny-wise and pound-foolish - focusing on small things while ignoring larger things (15)
  • අලි විකුණලා බැරි වෙලා තම්පලා විකුණ හරි යයි යැ? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Is it of any advantage to take to selling herbs after one has failed in the trade of elephants? (22) - වටිනා දෙයක් විකුණලත් ලාබ ලබන්න බැරි වූ කෙනාට නොවටිනා දෙයක් විකුණන සුළු ව්‍යාපාරයකින් සාර්ථක විය හැකි ද?
  • අලින් කරන වැඩ වටුවන්ට කළ හැකි ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - උගත්කම, වයස ආදී දෙයකින් උසස් යැයි සම්මත අය කරන දේවල් පහත් අයට කරන්න බැහැ
  • අලියගේ කටේ මැස්සෙක් ගියා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - විශාල කෙනෙකුට ඉතා කුඩා නිසා දැනෙන්නේ වත් නැති දෙයක් හෝ ආහාරයක් දුන්නා වැනි අවස්ථාවල / ඇබින්දක් / මහ මුහුදට ජල බිංදුවක් - English: Drop in the ocean (15)
  • අලියට පෑගිලත් ගූ ගියාද කියලා අහනවා වගේ (2) [විශ්වාස][ප්‍රපංච][උපමා] -Asking did you pee when the elephant tramples you?
  • අලියා පුස් වැල කෑවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the Elephant eating the “pus-vela” (21) - The “pus-vela” (Entada Scandens), which produces what are known as the Gilla nuts is a thick, large climber, remarkable for its long legumes. These are sometimes Seen to pass out before the elephant, which has a partiality for it, has quite done with swallowing the vela or creeper. - The legumes contain heart-shaped Seeds, the kernel of which, ground down to a paste with honey, is applied by Sinhalese Ayurveda doctors to the eyes for venomous snake bites (21)
  • අලියෙක් වළලන්ට කඳු පාරක් හදනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like opening up a mountain road to bury an elephant (21)
  • අලුත් ඉලපතෙන් / ඉදලෙන් / කොස්සෙන්, හොඳට පිහිදැමෙනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - New ekel broom sweeps well (22) - The ilapota is a small broom made of the strong fibres or ekels of the coconut leaf. In Sinhalese households it is generally used to sweep the kitchen and compound. - Jamaican: “New broom sweeps clean, but de ole broom know de earner” (21) – English: A new broom sweeps clean – Latin: Bastions expectat dum defluat amnis
  • අලුත් පිටට ගෝනිය කැඳලූවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like starching new gunny bags (22) / Like covering the new article with a gunny bag (21)
  • අලේ ලොකුවට බැස්සොත් ඉන්දු එකාටත් උගේ අඹුටත් හොඳ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - If yams grow big, it will be to the advantage of the planter and his wife (22)
  • අල්ලක් වපුරා මල්ලක් ගෙට ගන්න [ආප්තෝපදේශ] - 1973 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සිරිමාවෝ ආණ්ඩුවෙන් කළ වගා සටනේ එක ආදර්ශපාටයක් විය. ආතර වී දියෙස් කොස් පැල සිටුවා කොස් මාමා යන නම ලද යුගයේ තවත් ආදර්ශ පාටයක් වූයේ "සිය රට දේ සිරිසැප දේ" යන්නයි.
  • අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැහැ [විශ්වාස][කතා][නිශේධ] - Lost both the branch he had caught hold of and that on which his feet had rested (21) - This was said of a man who, selling off his land his sole property and gave the money as dowry to his daughter. Shortly after this money had all been squandered, the son-in-law died. The son-in-law, was the “branch he had caught hold of” and his lost land “that on which his feet had rested.” (21) - වඩා ලොකු වාසියක් බලාපොරොත්තුවෙන් තමා අත ඇති වාසිය අතහැර ක්‍රියා කිරීම නිසා අත තිබූ වාසියත් අහිමි වීම (14) / සිටින තරමට වඩා ඉහළ තත්ත්වයක් ලබා ගැනීමට ගොස් අවස්ථා දෙකම නැති වුණු විට (39) / අදහස් දෙකක් සාර්ථක කරග්නන්ට ගොස් එකක්වත් සාර්ථක නොවීම - English: Fall between two stools (15) - fail to be or take one of two satisfactory alternatives. Example: "the work fell between two stools, being neither genuinely popular nor truly scholarly"
  • අල්ලපු කඩේ තම්බිත් (මුස්ලිම් ජාතිකයාත්) බේරුනේ නැහැ [විශ්වාස][කතා][නිශේධ] - Even the Thamby of the adjoining boutique will not escape (21) - That is, everybody will be dragged into trouble, [during an ethnic conflict] including even the Tamby next door, who usually minds his own business and does not meddle in the affairs and disputes of his Sinhalese neighbours. - සමාන: කාපු මකුණොයි නොකාපු මකුණොයි ඔක්කොම මරණව ලු
  • අල්ලේ වක්කරපු රස දිය බිංදුව වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the drop of quicksilver poured into the palm of the hand (21) (?)
  • අවි ගත්තෝ අවියෙන්ම නසිති / අවි ගත්තෝ වැනසෙන්නෝ / කඩුගත්තෝ කඩුවෙන්ම නසිති [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - සුභාෂිතය "සිතමින් උඩඟු බව සතකුට නම කෙරෙති - සැපතින් ඉඳිමි සලකා නෙක දුක් විඳිති - පතමින් දිවි රැකුම් රණ මැද වැද නැසෙති - එබැවින් සෙබළු වැනි දද දන වෙනින් නැති"
  • අවිචාර පුරේ අවනඩුවේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - (සුනේත්‍රා නොහොත් අවිචාර සමය බබ්ලිව් ඒ සිල්වා 2015 පිට 205)
  • අවුරුදු කන්න ගිහින් බඩගින්නේ ආව වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - විශාල ලෙස බලාපොරොතු වී එම බලාපොරොත්තුව සුන් වීම (37) / නිසැකවම බලාපොරොත්තු වූ දෙයක් කඩවීම (39)
  • අව්ව තිබෙන විට පිදුරු වේළාගන්න [විශ්වාස][ප්‍රපංච][විධාන] - See කල දුටුදා වළ ඉහින්නා වගේ / තැටිය රත් වෙච්ච වෙලාවේ රොටි පුච්ච ගන්න / යකඩය රත් වූ විට තලා ගන්න - English: Make your hay while the sun shines
  • අව්වෙන් දාච්ච මිනිහා ගින්දරට පෙරළුවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] – Like pushing the man that has been scorched by the sun into the fire – English: 1. Jump from the frying pan into the fire (22) / 2. Out of the frying pan into the fire (21) / 3. Falling from the frying pan into the fire
  • අශ්ව පැටියා ගඟේ ගැඹුර ඇහුවා වගේ [පුද්ගලික] - රුසියානු ළමා කතාවක් ආශ්‍රයෙන් - Once there lived a little horse and his mother in a stable. One day, his mother said to him: “You are a big boy now. Can you help mother?” The little horse said, while leaping and bounding: “Ok! No problem.” His mother said happily: “Good! You can carry the half bag of wheat to the mill.” The little horse carried the wheat and ran quickly to the mill. But a river blocked his way, so he didn’t know what to do and thought: Can I cross? It would not be a problem if his mothers were here, but I am already far from home. He looked around and saw an old bull grazing by the river, then he ran to the bull and asked: “Uncle Bull, please tell me whether I can go across the river.” The bull said: “The water is shallow and just covers the calf. You can go across.” After hearing the bull’s words, the little horse ran to the riverside and was ready to cross the river. Suddenly a squirrel came from a tree and shouted to him: “Little horse! Don’t go across. Don’t go across. You will be drowning in the river.” “Is the water very deep?” The little horse asked the squirrel with curiosity. The squirrel said earnestly: “Of course! Just yesterday one of my friends drowned in this very same river.” The little horse stopped at once and didn’t know what to do. He sighed and said: “Well, it’s better to go home and ask mother.” So, he went home with his tail between his legs. His mother asked: “Why have you come back?” The little horse said embarrassedly: “There is a river and I cannot cross it.” His mother said: “But that river is shallow.” The little horse replied: “Yes! Uncle Bull also thought it was shallow, but the squirrel said it was deep and one of his friends had drowned in it.” His mother said: “So is the water deep or shallow? Have you thought carefully about their words?” The little horse lowered his head and said: “No, I didn’t think about it.” His mother said kindly to him: “My son, it won’t do if you just listen to others and don’t think for yourself. You should try and learn from the experience.” The little horse came back to the riverside and was ready to cross the river. Then the squirrel shouted loudly: “You don’t want to live?” “I want to try it myself.” The little horse said as he was crossing the river. The water was not as shallow as the bull had said but also not as deep as the squirrel had described.
  • අශ්වයා පැන ගිය පසු ඉස්තාලයේ දොර වැහුවා වගේ [උපදේශ][ප්‍රපංච][උපමා] - ආරක්ෂා කළ යුතු වටිනා දේ නැති වුනාට පසු ආරක්ෂාව පිළිබඳ උනන්දු වීම (39) / හොරකම වුනාට පස්සේ රැකවල් දානවා වගේ (50) / කාගෙ කාගෙත් ඇහැ ඇරෙන්නෙ යමක් උනාම ලු - කිසියම් සිදුවීමක් සිදුවුණාට පසුව ඒ ගැන සැලකිලිමත්වීම (33) සමාන: ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දන්න බැහැ ලු / ආඳා යවා තබාලා වල්පත අතට ගත්තා සේ / දුවන්ට ඇරලා වලිගෙ අල්ලන්නා වගේ - English: 1. Shut the stable door when the steed is stolen / To close the stable door after the horse has bolted / 2. It’s easy to be wise after the event - It is easy to understand what you could have done to prevent something bad from happening after it has happened. Example: I would have never bought an apartment if I had known that the land on which it has been built is disputed. Well, it’s easy to be wise after the event (32) - සමාන: පෙරහැර ගියාට පස්සේ - English: A day after the fair (15) / It’s easy to be wise after the event - It is easy to understand what you could have done to prevent something bad from happening after it has happened. Example: I would have never bought an apartment if I had known that the land on which it has been built is disputed. Well, it’s easy to be wise after the event (32) - ලෝවැඩ සඟරාව "අසල් ගෙයක සොරකම් ගිය දවසෙක - කුහුල් සිතින් ඉන්නේ තම ගේ රැක"
  • අශ්වයාට අං / අඟ නොලැබුණා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the horse not getting horns (22)
  • අශ්වයාට අං අවා / දුන්නා, වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like giving horns to a horse (21) - පමණට වඩා උඩඟු වීම (40) / ආඩම්බර අයට තවත් ආඩම්බරවීමට කරුණු යෙදීම (39) / නුසුදුසු කෙනෙකුට යම් බලයක් ලැබුණු විට ඔහු එයින් ආඩම්බර වී අනුන්ට කරදර කිරීම (52)
  • අශ්වයාට ඉදිරියෙන් රථය යෙදුවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - පියවරෙන් පියවරෙන් කළ යුතු දෙයක අනුපිළිවෙළ වරද්දවා පසුව කළ යුතු යමක් මුලින් කිරීම / යමක් වැරදි ලෙස ආරම්භ කිරීම (41) - සමාන: හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා වගේ / / කුකුළාට ඉස්සර වෙලා පෙඳේ දිව්වා වගේ / ගොනාට ඉස්සෙල්ලා කරත්තෙ දුවනවා වගේ
  • අශ්වයාට ලාඩන් ගහන කොට කකුලේ ඉන්න මැස්සා කකුල ඉස්සුව ලු (53)
  • අසල ගෙවල් දෙකේ මඟුල් ගත් දාට ළඟ ගෙදර බල්ලා බඩගින්නේ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Hien a wedding takes place in two adjoining houses the dog of the neighbouring house is left to starve (22) (?)
  • අසීරුවට / අමාරුවට, මතේ අප්පුත් වෙදරාළ ලු / අසීරුවට ජුසේ අප්පුත් වෙදරාළ ලු / ලියන්න කියන්න බැරි තම්බි අප්පුත් වෙදරාළ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - For a sudden emergency even Mathe Appu would make a doctor (22) – හදිසියකදී කාගෙන් හෝ පිහිටක් ලබා ගැනීම (43) / වුවමනාව වැඩි වූ විට නුසුදුසු දෙයින් හෝ නුසුදුසු පුද්ගලයා ගෙන් හෝ ප්‍රයෝජන ගන්නට සිදු වන බව කීමට (48) - Mathe Appu is a term of contempt for one who has not even a smattering of medicine (22) / Sometimes the name given as Jusey Appu. Another variation is, “Although Tambi Appu cannot read and write, yet he is also a Vedarala”
  • අසීරුවට හිඟුරු වැලෙත් එල්ලෙනවා ලු (22) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - In eases of necessity people cling on to the Hinguru Creeper - In cases of necessity, even the “Hinguru “creeper is good to cling on to - The Hinguru is a climbing prickly / thorny plant (21) – සමාන: ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනව ලු - English: Catch at a straw - To make a desperate attempt to salvage a bad situation.- Example 1: “It's almost sad to watch how poorly that candidate is doing in the debate. He keeps bringing up his previous successes in every answer, but clearly, he's catching at straws”. - Example 2: "But what about all those times I took the trash out when you hadn't even asked me to?" B: "That has nothing to do with why you're in trouble now, so stop catching at a straw" (15)
  • අසූචි කන ඌරාට කිරි බත් දැක්කම ඔක්කාරෙට එනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The pig fed on faeces nauseates milk rice (21)
  • අසූචි කප්පරක් කෑ බල්ලාට සුළු ගඳක් මොකක් ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Will the dog that has eaten a shipload of dung be troubled by a little bad smell? (21)
  • අසූචි වළක ඉඳන් සුවඳ විලවුන් ගාන්නා වගේ [උපදේශ][සාහිත්‍ය][උපමා] - ලෝකෝපකාරය "දුගඳ වළැ හී සිට - අලෙවි කරනෙව් සුවඳ ඇඟ පිට"
  • අහක යන ආයිබොවන් ඕන් අපි බාරගත්තා කිව්ව ලු / අහක යන ආයිබෝවන් බාර ගන්න ඕනේ නැහැ (14) [විශ්වාස][ප්‍රපංච][නිශේධ]
  • අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ කියන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා]
  • අහස කඩන් වැටෙයි කියා දුවපු හාවා වගේ / අහස කඩා වැටෙනවාට බයේ දියූ හාවා වගේ / දුවන්නන් වාලේ දිවීම [උපදේශ][කතා][උපමා] - යමක් හරිහැටි නොදැන අනුන්ගේ බස් පිළිගනිමින් කලබලයට පත්වීම - බෙලි ගෙඩියක් වැටුණු විට අහස කඩා වැටෙතැයි සිතා දුවපු හාවා ගැන පංචතන්ත්‍ර කතාව මත පදනම් වූ - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 35 (11) - එක්තරා වනයක සිටි හාවෙක් උදුපියලිය කමින් සිටින අතර තල් අත්තක් මතට දිවුල් ගෙඩියක් වැටීම නිසා මහත් ශබ්දයක් ඇතිවිය. එම ශබ්දය ඇසුණු හාවා කිසිවක් සොයා නොබලා පොළව පෙරළිගෙන එන ශබ්දයක් යැයි සිතා දුවන්නට පටන් ගත්තේය. හාවා ඉතා වේගයෙන් දුවන බව දුටු මීමින්නෙක් දුවන්නේ කුමක් නිසාදැයි විමසීය. එයට පිළිතුරු ලෙස හාවා “ලෝකය පෙරළීගෙන එනවා. පණ බේරාගෙන දුවනවා” යැයි පැවසීය. හාවගේ වදන් අසා බියට පත්වූ මීමින්නාද බියේ දුවන්නට පටත් ගත්තේය. මේ දෙදනා දුවනවා දුටු මුවෙක් ඔවුන් දුවන්නට හේතුව විමසීය. එවිට “ලෝකය පෙරළීගෙන එනවා. පණ බේරාගෙන දුවනවා” යැයි පැවසීය. මේ ආකාරයට තවත් සතුන් කිහිප දෙනෙකුම මොවුන් සමග එක්වී දුවන්නට පටන් ගත්තේය. අන්තිමේදී ඔවුන්ට සිංහයාව මුණු ගැසුණි. සතුන්ගේ දිවීමට හේතුව කුමක්දැයි සිංහයා විසින් විමසන ලදී. ලෝකය පෙරළීගෙන එන බැවින් පණ බේරාගෙන දුවනවා යැයි සත්වයෝ සිංහයාට පැවසූහ. එය දැන ගත්තේ කෙසේදැයි සිංහයා විමසූ විට එය සාවාගෙන් දැනගත් බව පැවසූහ. සිංහයා සතුන්ද කැටුව සාවාට ශබ්දය ඇසුණු තැනට පැමිණ තොරතුරු විමසා බැලුවේය. එවිට තල් අත්ත මතට දිවුල් ගෙඩිය වැටුණු පුවත සිංහයාට තේරුම් ගියේය. (41) / 315. දද්දහ (බර, නොපැහැදිලි ශබ්දය) ජාතකය: යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්‍වයෝ සිංහව ඉපිද වාසය කරණ කල්හි එක් සාවෙක් තල් ගස් හා බෙලි ගස් ඇති වනයෙක වාසය කෙරෙයි. තල්වක්කන්නක් යට වැදහොත් තැනැත්තේ සිතන්නේ “පොළොව පෙරලීගෙන ඒ නම් කුමක් කෙරෙම්දෝහෝ”යි සිතා ගෙන වැදහොත් බෙලි ගෙඩියක් තල්වක්කන්නක් පිට වැටින.  සාවා තමා සිතු සිතිවිල්ල නියාවට පොළොව පෙරලී ගෙන එති සිතා භයින් දිවන්ට වන. ඒ දුටු සාවෝ “තා දිවන්නේ කුමක් නිසාදැ?”යි විචාළ කල්හි සාවා කියන්නේ “කිම්ද තොප විචාරන්නේ? පස්සේ පොළොව පෙරලීගෙන එයි. එසේ හෙයින් දිවමි”යි කීහ. ඒ දුටු අනික් සාවුන් විචාරා සාවෝ දහසෙක් එක්ව දිවන්ට වන්හ. එවිට සාවුන් දිවන්නාහු දැක මුවෝ සාවුන් අතින් විචාරා “සැබෑ”යි දිවන්නාහ. මුවන් අතින් විචාරා ඌරෝ දිවූහ. ඌරන් අතින් විචාරා ගෝණෝ දිවූහ. උන් අතින් විචාරා මීමු දිවූහ. උන් අතින් විචාරා ගෙරි දිවූහ. උන් අතින් විචාරා දිවියෝ, වලස්සු, ගවරු, කඟවේනු, ඇත්තු, අස්සු, ව්‍යාඝ්‍රයෝ, සිංහයෝ ඇතුළුවූ සියළු සිවුපාවෝ උනුන් අතින් විචාරා “ඇත්තමය”යි සිතා හතරයොත්නෙක (යොදුන් හතරක) ගැවසී සිටියාවූ සිවුපා සේනාව මූදූබත් (විනාශ) වන්ට දිවූහ.  මෙකියන සිවුපාවුන් දිවන තෙනට සමීපයෙහි වසන්නාවූ සිංහයෙක් “සිවුපාවන් දිවන කාරණා විචාරමි” සිතා තමා වැදහොත් පර්‍වතයෙන් එලියට පැන මහත් වූ සිංහනාදකොට සිටියේය. ඒ සිංහනාද අසා සිවුපාවෝ භය ගෙණ සිටියාහ. භයින් සිටියා වූ සිවුපාවුන් අතින් “දිවන කාරණා විචාරමි” සිතා විචාළ කල්හි “පොළොව පෙරලීගෙන එන හෙයින් දිවම්හ”යි සිංහයෝ කීහ. “තොපට කීවෝ කවුරුදැ”යි සිංහයන් විචාළ කල්හි “ව්‍යාඝ්‍රයන්ගෙන් ඇසුම්හ”යි කීහ. ව්‍යාඝ්‍රයෝ “ඇතුන් ගෙන් ඇසුම්හ”යි කීහ. ඇත්තු “අසුන්ගෙන් ඇසුම්හ”යි කීහ. අස්සු “කඟවෙනුන්ගෙන් ඇසුම්හ”යි කීහ. කඟවෙනු “ගවරුන්ගෙන් ඇසුම්හ”යි කීහ. ගවරු “වලසුන්ගෙන් ඇසුම්හ”යි කීහ. වලස්සු “දිවියන්ගෙන් ඇසුම්හ”යි කීහ. දිවියෝ “ගෙරින්ගෙන් ඇසුම්හ”යි කීහ. ගෙරි “මීමුන්ගෙන් ඇසුම්හ”යි කීහ. මීමු “ගොනන්ගෙන් ඇසුම්හ”යි කීහ. ගෝනෝ “ඌරන්ගෙන් ඇසුම්හ”යි කීහ. ඌරෝ “මුවන්ගෙන් ඇසුම්හ”යි කීහ. මුවෝ “සාවුන්ගෙන් ඇසුම්හ”යි කීහ. සාවුන් ලඟට ගොස් “තොපට කීවෝ කවුරුදැ?”යි විචාළ කල්හි “මේ සාවා අපට කීයේය”යි සාවෝ තොරතුරු පෑහ. බෝධිසත්‍වයෝ ඒ සාවා කරා ගොස් “සැබෑද? පොළොව පෙරලී එන්නේය”යි විචාළ කල්හි “මම දිටිමි. ස්වාමීනි, සැබව පොළොව පෙරලෙන්නේය”යි කීය. බෝධිසත්වයෝ “කොයි එල්ලේද පොළොව පෙරලෙන්නා දුටුදැ?”යි සාවා අතින් විචාළ කල්හි “ස්වාමීනි, මම මූදූබඩ තල්වනයක හා බෙලි වනයෙක් කෙරේ වාසය කෙළෙමි. එතැන් පටන් පොළොව පෙරලෙන්ට වන්නේය”යි කීහ. බෝධිසත්‍වයෝ සාවා පිට හිඳුවාගෙන සාවා කී වචනයට සිංහයා නොපැන සාවා බිම සිටුවා “කොතන පටන් පොළොව පෙරලෙන්ට වනැයි කියව”යි විචාළහ.  “මම එතැනට ගොසින් පාන්ට භය ඇත්තෙමි” කියා නොගියේ බෝධිසත්‍වයෝ “තෝ නොබා අසවල් තෙනයයි කියයි”. “දැන් එතැනට ගොසින් පානට භය ඇත්තෙමි. අසවල් තල්ගසමුල තල්වක්කන්නක් යට වැදහොත්තෙමි, එතන පටනැ”යි කීහ.  බෝධිසත්‍වයෝ එතනට ගොසින් බලා සිතන්නාහු “සාවා මේ තල්වක්කන්නට යට වැදහොත්තේ පොළොව පෙරලීගෙන ඒ නම් මම කොයියම්දෝහෝ සිත සිතා වැදහොත් කල බෙලි ගෙඩියක් තල්වක්කන්නක් පිට වැටුනු අඬ අසා භයින් පොළොව පෙරලෙති සිතාගෙන දිව්නියාව”යි සිතා දෙවනුව සිවුපා සමූහයා උන් තැනට පැන සිව්පාවුන්ට කියන්නාහු “සාවා තමා කෙරෙහි භයින් කී පමණක් විනා ඇත්තෙක් නොවෙයි” කියා සිවුපාවුන් ඒ ඒ තැනට යවුහ.- English: Aesop's Fables: When the Sky is Falling / Henny Penny / Chicken Little / Chicken Licken - සමාන: දුවන්නන් පාරේ කොට එළදෙනත් දුවනවා / දුවන්නන් පස්සේ දිව්වා වගේ
  • අහස පොළොව ගැට ලන්නා වගේ [වාග්ව්‍යවහාර] - ඉතා අමාරු කාරියක්‌ සඳහා ගන්නා උත්සාහය ප්‍රකාශ කිරීමට (48)
  • අහසට ඉණිමං බඳිනවා වගේ [උපදේශ][කතා][උපමා] - Like setting up ladders to reach the sky (21) - නිෂ්ඵල ක්‍රියාවක යෙදීම (52) / නොකළ හැකි දෙයක්‌ පිළිබඳව ගන්නා උත්සාහය නිෂ්ඵල බැව් කීම (48) - යමක පාටි හාරිය කථා පුවතේ එන මාතෘ දිව්‍යරාජයා ලෙස ඉපැද සිටි මහාමායා දේවියට තෙමසක් පුරා ධර්ම දේශනා කර, වස් පවාරණය කර ශක්‍රයා මැවූ මැණික් (රුවන්) ඉණිමග ඔස්සේ මනු ලොවට වැඩම කළ කතාව ආශ්‍රිතව බිහි වුනා ද (?)
  • අහසට පොළව වගේ [වාග්ව්‍යවහාර] - English: 1. Wide of the mark (15) / 2. Poles apart (15) be poles apart - have nothing in common. – Example: "The two sisters had ceased to communicate with each other. Their ideas were now poles-apart."
  • අහසටත් වැදූ මවටත් හොඳක් නැති ලු (22) [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - One’s own mother and the sky are never well spoken of (21)
  • අහසෙන් කඩා වැටුණා / පහත් වුනා මෙන් [වාග්ව්‍යවහාර] - හිටි හැටියේම බලාපොරොත්තු නොවූ වෙලාවක සිදු වූ දෙයක් - English: A bolt from the blue (15)
  • අහසේ තරු වගේ [වාග්ව්‍යවහාර] - ඉතා බහුල ලෙස යමක් තිබීම (43)
  • අහසේ මාළිගා තනනවා / හදනවා වගේ [උපදේශ][කතා][උපමා] / මුරුංගා ගහ කැපුවා වගේ - Building castles in the air / Like the cutting down of the drum -stick tree - නොකළ හැකි දේවල් ගැන සිහින මවනවා / ප්‍රමාණය ඉක්මවා බලාපොරොත්තු ඇතිකර ගැනීම (43) - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 48 (11) - එක්තරා තරුණ ගොවියෙක් තමන්ගේ ගෙදර හාන්සි පුටුවේ දිගාවෙලා කල්පනා කරමින් හිටියා. එයාගේ ගෙදර ගේට්ටුව දෙපැත්තේ ඇති මුරුංගා ගස් දෙක කරල් වලින් බරවෙලා තියෙනවා මේ තරුණයා දැක්කා. “මෙදා නම් මුරුංගා ගස් දෙකම කරල් වලින් බරවෙලා. මේ පලාතටම වෙන මුරුංගා ගස්වල කරල් නැහැ. මෙදා පාර නම් මුරුංගා විකුණලා මට මුදල් බොහෝමයක් එකතු කරගන්න පුළුවන්. මුරුංගා වලින් ලැබෙන සල්ලි වලින් මම එළදෙනුන් හත් අටදෙනෙක් ගන්නවා. එතකොට උන් පැටවුන් විසි තිස් ගණනක් බිහි කරාවි. එතකොට එළකිරි විකුණලා මට පවුම් හැට හැත්තෑවක් උපයා ගන්න පුළුවන්. වැඩි කාලයක් යන්නෙම නැතිව තවත් පැටවුන් ලැබෙයි. එතකොට එළදෙනුන් සියගණනක් මං ගාව ඉන්නවා. මගේ මාසික ආදායමත් දහස් ගණනක් වේවි. එතකොට බැරියැයි මගේ තත්වයට ගැලපෙන විවාහයක් කරගන්න. ගමේ පළවෙනි ගමරාළගේ දූ මගේ බිරිඳ වශයෙන් ගැලපේවි. ඈ කැන්දාගෙන එන මගුල් උලෙල බොහෝම ලස්සනට කරන්ට ඕනෑ. නෑදෑයෝ බදින තොරණ ඇරෙන්න මාත් තොරණක් බදින්න ඕනෑ. ඒ තොරන මේ පළාතේ වෙන තැනක හැදුවේ නැති තරම් ලස්සන ලොකු එකක් වේවි. මේ මුරුංගා ගස් දෙක නිසා මගේ මගුල් තොරණ බදින්ට ඉඩ නෑ. ඒ නිසා මේ ගස් දෙක කපන්ට ඕනෑ. මේ විදියට මනෝ රාජ්‍යයේ සැරි සැරූ තරුණයා පොරවක් ගෙන ගොස් මුරුංගා ගස් දෙක කපා දැම්මා. ඉන් පස්සෙයි සිදුවුණ අලාභය ඔහුට වැටහුනේ. අන්තිමේදී සියලුම යස ඉසුරු බලාපොරොත්තු වුණු මුරුංගා ගස් දෙකත් ඔහුට නැති වුණා - A person who had a drumstick tree in his garden when he saw the first blossoms on it, fell to thinking about the way the drum-sticks they would produce, should be tied into bundles from that he passed on to a speculation about the profits that would accrue to him by selling them, and the trade he could carry on with this money, and the extensive trade which in course of time he would be able to carry on with foreign countries with ships of his own and the storehouses that should be built for foreign goods, and as the drumstick tree Seemed to obstruct the way to the storehouses he cut it down (22) - English: Building castles in the air (22) To create dreams, hopes, or plans that are impossible, unrealistic, or have very little chance of succeeding. Example: “You need sound financial advice and a strong plan if you're going to start your own business. Don't just build castles in the air.”
  • අහිකුණ්ටිකයා අතට හසුවන නාගයා / නයා මැණික හංගා ගෙන ක්‍රීඩා කරනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - ලෝකෝපකාරය “කට මිණිනි බබළන - උරග විස සඟවා කෙළන වැනි" – Ahikuntakaya means those who play with the mouth (tunda) of serpents or who sport with or make serpents dance. In the Bhuridaththa Jataka, it is said that the Bodhisat, in one birth, was a cobra with 1,000 hoods, and an Ahikuntakaya caught the cobra and played tricks with it. The Gods, being angry at this, cursed the Ahikuntakaya, and ever since the tribe has been nomadic (21)
  • අහිගුන්ටිකයා නැතිව නටන්න ගිය නයා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - ප්‍රේමදාස ජනාධිපති ඔහුට එරෙහිව ආ දෝශාභියෝග කතාවේ දීත් යොදා ගත්තා
  • අළු කෙහෙල් නැත්නම්, කලු කෙහෙල් වත් ගන්න ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - If ash plantains are not there, even the black plantains would do (22)
  • අළු ගොඩට පිම්බා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - අනවශ්‍ය කරදර අවුස්සාලන අනුවණ ක්‍රියාවන් කිරීමේ දී යෙදේ (39) / මෝඩ වැඩක් කිරීම / තමාට මෙන්ම අනුන්ටද අහිතකර ක්‍රියාවක් (43)
  • අළු යට තියෙන ගිනි පුපුරක් වගේ / අළු යට සැඟවුණු ගිනි පුපුරක් සේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - සැඟවී පවතින අනතුරක් / කාලයක් ගත වී ගියත් යළි යළිත් මතුවන ප්‍රශ්නයක් හැඟවීම (39) - English: A snake in the grass (14)
  • අළුකොඩ යෝධයා වැව බැන්දා වගේ [විශ්වාස][කතා][උපමා] - අලස කමින් සිට හිටි ගමන් වැඩට බැස විශාල වැඩ කොටසක් ඉටු කිරීම / යමෙකු වැඩි උනන්නදුවක් නැතිව තමාගේ දියුණුව සඳහා වැඩක් නොකර සිට, හිටි ගමන් මහා උත්සහයකින් දියුණුවක් ලද බව - යෝධ සහෝදරයෝ හතරක්, බාලයා වැඩිමලුන් කුඹුරු කොටා හරිහම්බු කරන දෙයින් කකා බිබී ලිප ළඟට වී ගිනි තපිමින් නිදා ගත්තා, මේ නිසා අළුකොඩ යෝධයා කියන නම් හැදුනා, සහෝදරයන් බැන්න නිසා ඔහු දවසක් තනියම වැඩට ගොස් ලොකු වැඩ කොටසක් කළා.

[සංස්කරණය]

  • ආචාරිය රවටා කැත්ත හැදෙව්වා වගේ [උපදේශ][කතා][උපමා] - Like the Gamarala who got his axe made after tricking the blacksmith (21) / Like the rustic who got his knife made by imposing on the blacksmith (22) – අනුන් රවටන්නට ගොස් තමන් රැවටීම (43) - A rala who went to a blacksmith to get a knife made gave the latter only the iron keeping back the steel, thinking by that means to deceive him (22) - සමාන: වඩුවගේ ගෙදර පුටුව නෑ වගේ
  • ආචාරියාගේ ගෙදර කැත්තක් නැතිවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - ඕනෑම වෙලාවක කර ගතහැකි යැයි සිතා තම වැඩ කටයුතු අතපසු කිරීම (41)
  • ආච්චි මළා වගේ / ආච්චි මළ දවස වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the day the grandmother died (21) -A great day for those who had long been looking forward to the distribution of her rich hoard of accumulated savings and other valuables a hoard invariably more precious than grandfather’s (21) - විශාල සතුටක් ඇතිවීම (43) / ප්‍රීතිමත් දවසක් (52) / උඩින් ශෝකයත් හිත තුළින් ප්‍රීතියත් ඇති අවස්‌ථා ගැන කීමට (48)
  • ආච්චි මුත්තා කාලේ / කෝපි කාලේ (15) [වාග්ව්‍යවහාර] - Be as old as the hills means that if something is as old as the hills, it has existed for a very long time. Example: “Difficult relationships between parents and children are nothing new. The problem's as old as the hills.”
  • ආටා නාටිය කියවනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - මහා ගෝෂාවක් සිදු කිරීම (40) / මහ හඩින් යමක් පැවැසීම (43)
  • ආඬි උණු බත් කන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - ආඬියා කවදාවත් බත් කෑමට නිවෙන තෙක් බලා නො සිටී. ඒ කොණෙන් මේ කොණෙන් හැම කොණකින්ම අල්ල අල්ලා කට පිළිස්සෙද්දී පිළිස්සෙද්දී තමයි ඔහුගේ බත් කෑම. අන්තිමේ දී කෑවෙත් නැහැ, නොකෑවෙත් නැහැ. රස දැනුනෙත් නැහැ, නොදනුනෙත් නැහැ. බඩ පිරුණෙත් නැහැ නොපිරුණෙත් නැහැ (සුනේත්‍රා නොහොත් අවිචාර සමය බබ්ලිව් ඒ සිල්වා 2015 පිට 281)
  • ආඬි ගොල්ලා එක ඉනමේ, කොක්කනම් පයිය වෙන වෙනමේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Though Andiyas belong to the same caste, their bags are kept separate (22) - That is, they fraternise in all things except money, which they keep separately, each in his own purse. Inama / ඉනම is an obsolete word, a general name for any low caste. The kokkanam paiya is a sort of wallet or bag used by pilgrims or Sanyasis, which they hang upon their arm (21) කොක්කනම, කොක්කනම් පයිය, n. wallet or bag carried by religious mendicants (Charles Carter Dictionary). කොක්කනම්, කූර පයිය, කොංකණ පයිය, කොක්කාව, කොක්කණම, කොක්කනිය (බඩු කරේ දෙපැත්තටම වැටෙන සේ එලවාගෙන යා හැකි පසුම්බිය, ඔලොගුව (Gunasena)
  • ආඬි මඩම වගේ / ආඬි මඩමක් හැදුවා වගේ [විශ්වාස][කතා][උපමා] - කතාව බලන්න විජේතුංග 2013 පිට 186 (17) - සමාන: වැද්දෝ ගෙවල් හදනවා වගේ / වඳුරෝ ගෙවල් හදනවා වගේ
  • ආඬි හත් දෙනාගේ කැඳ හැළිය වගේ / ආඩි හත්දෙනා කැඳ ඉව්වා වගේ / ආඬි කැඳ ඉව්වා වගේ [උපදේශ][කතා][උපමා] – As the Andiyas cooked congee - විශේෂයෙන්ම විශාල කණ්ඩායම් තුළ ඇති වන අනික් සාමාජිකයන් දායක වෙන නිසා මම දායක නොවුනට කමක් නැහැ කාටවත් තේරෙන එකක් නැහැ මම දායක වුනේ නැහැ කියලා සිතමින් තම වගකීම නොකර සිටින උදවිය එකට එකතු වූ අවස්තාවක් ගැන / යම් කාර්යක් අසවල් කෙනා කරනු ඇතැයි සිතාගෙන කිසිවෙක් එම කාර්යය සිදු නොකිරීම (37) / එක සමාන කපටි පුද්ගලයින් වාසය කිරීම (40) / අනුන් රවටන්නට ගොස් තමාද රැවටීම (43) / එකිනෙකා රැවටීමට ගොස් තමාම රැවටීම (45) / යම් දෙයකට සම්බන්ධ වී ඇති සියලු දෙනාම කපටි ලෝභ අය නිසා ඒ දෙය හරි හැටි සිදු නොවීම (52) / The story is that seven A'ndiyas (Mahommadan fakeers), when travelling together, agreed to prepare a pot of kanji in common, each contributing his quota of rice. The first man whose turn it was to put his portion of rice into the pot^ thought that as there were six more partners to contribute rice, his own share would not be missed, and so, putting his hand into the pot, pretended to throw in rice. And it so happened that each of the other six devotees thought so too, and acted precisely in the same way, and the result of course was an empty pot, to their inexpressible chagrin and disappointment (53) / කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 8 (11) - ආඬි යනුවෙන් හැදින්වෙන්නේ ශිව දෙවියන් ඇදහූ මිනිස් කොට්ඨාසයකි. ලංකාවේ නොයෙකුත් තැන්වල සැරිසැරූ ආඬි හත් දෙනෙක් රාත්‍රියේදී එක්තරා අම්බලමකට එක්රැස් විය. ඔවුහු රාත්‍රී ආහාරය සදහා කැද උයන්නට තීරණය කළහ. ඔවුන් සතුව තීබූ පසුම්බිවල සහල්ද තිබුණි. එක් අයෙක් විශාල භාජනයක් ළිපක් මත තබා ගින්දර දැමීය. තවත් ආඬියෙක් ළිප ලගට ගොස් “ඔන්න මගෙන් හාල් මිටක් දමනවා” යැයි කියමින් ළිප තැබූ මුට්ටියට සහල් දමනවා මෙන් පෙන්වීය. එහෙත් හාල් ඇටයක්වත් ඔහු මුට්ටියට දැමුවේ නැත. “මම නොදැම්මාට අනිත් අය දමනවානේ. මගේ සහල් ටික ඉතිරි කර ගන්නවා” යනුවෙන් හෙතෙම කල්පනා කළේය. මේ ආකාරයට අනෙක් සියළු දෙනාමත් සිදු කළහ. අවසානයේදී කිසිවෙකු මුට්ටියට සහල් දමා ‍නැත. වතුර නටන්ට පටන් ගත්විට සියල්ලෝම කැද බීමට මුට්ටිය වටා එක්රොක් විය. එහෙත් ඒතුළ සහල් ඇටයක්වත් නොවීය. තමන් අනෙක් අයව රුවටූ බව ආඬින්ට පැහැදිලි විය. එයින් ලැජ්ජාවට පත්වූ සියල්ලෝම අම්බලමේ තැන්තැන් වලට ගොස් නිදා ගත්තේය (41) - Seven andiyas who happened to be in the same lodging agreed to cook a pot of congee for their common use. Each one promised to contribute a handful of rice. A pot of water was accordingly placed over the fire and each of tin Andiyas thinking that the others would put in their quota of rice went near the pot a pretended to put in his handful. At last however when the contents of the pot were poured out it was found to contain nothing but water (22) – English: Social loafing is the tendency of certain members of a usually large group to get by with less effort than what they would have put when working alone. Its two common manifestations are (22) Free-rider effect, where some members do not put in their share of work under the assumption that others' efforts will cover their shortfall, and thus cause (2) Sucker effect, where the other fully performing members lower their efforts in response to the free-riders' attitude. - English Story: The Story of Everybody, Somebody, Anybody and Nobody - It’s the story of four people named Everybody, Somebody, Anybody and Nobody. Here’s the story, titled “Whose Job Is It, Anyway?” This is a story about four people named Everybody, Somebody, Anybody and Nobody. There was an important job to be done and Everybody was sure that Somebody would do it. Anybody could have done it, but Nobody did it. Somebody got angry about that, because it was Everybody’s job. Everybody thought Anybody could do it, but Nobody realized that Everybody wouldn’t do it. It ended up that Everybody blamed Somebody when Nobody did what Anybody could have.
  • ආතාට අටු කොස් දුන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - ප්‍රයෝජනයට ගත නොහැකි දෙයක් තෑගි කිරීම (40) / වැඩකට නැති දෙයක් තෑගි දීම (43)
  • ආදරේට නෑදෑයෝ උලා කනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • ආඳ මාලු ඉරටෙන් කන්න වගේ (22) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like eating eel fish with an ekel (22) - හිතේ එකක්‌ තියාගෙන අනෙකක්‌ කිරීමේ වංක බව පෙන්වීමට (48) - That is, getting a task, which is repugnant to us, performed by others (21)
  • ආඳා යවා තබාලා වල්පත අතට ගත්තා සේ (50) [විශ්වාස][ප්‍රපංච][උපමා] – සමාන: අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහනවා වගේ / ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දන්න බැහැ ලු / දුවන්ට ඇරලා වලිගෙ අල්ලන්නා වගේ - English: 1. Shut the stable door when the steed is stolen / To close the stable door after the horse has bolted - They have tried to prevent something happening, but they have done so too late to prevent damage being done. / 2. It’s easy to be wise after the event - It is easy to understand what you could have done to prevent something bad from happening after it has happened. Example: I would have never bought an apartment if I had known that the land on which it has been built is disputed. Well, it’s easy to be wise after the event (32)- ලෝවැඩ සඟරාව "අසල් ගෙයක සොරකම් ගිය දවසෙක - කුහුල් සිතින් ඉන්නේ තම ගේ රැක"
  • ආඳා වගේ ලිස්සලා යනවා / ආඳාගේ පිට වගේ [වාග්ව්‍යවහාර] - ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති වීම (40)අතනත් නෙවෙයි මෙතනත් නෙවෙයි / අමරාවික්ඛේප වාදය, - English: 1. Neither here nor there / 2. Being Agnostic
  • ආඳත් නෑ බොඳත් නෑ - අසුපිනි ඇල්ලේ රන් කඩුක්කන් ආඳා අල්ලන්න බිලිය අමුණා බොඳා නමැති ඇතාගේ කරේ බිලිය බැඳි වරපට ගැට ගැසූ විට ඇතාට වඩා ශක්තිමත් ආඳා ඇතා ඇදගෙන වතුර යටට යාමේ ජනප්‍රවාදය මත ගොඩ නැඟුණු කතාවක්.
  • ආප්ප කෑවා වගේ (2) [වාග්ව්‍යවහාර] - ලොකු මුදලක් ටිකෙන් ටික වියදම් කරත් එය ඉවර වූ විට ඉන් ප්‍රයෝජනයක් වුනේ නැති බව කීමට (9-170) - ආප්ප කන්ට වත් මදි - වත්මන ආප්ප පාටියක් නිසා වෙනස් අරුතක් මේ අරුත ඉක්මවා ගොස් ඇත
  • ආරේ ගුණ නෑරේ [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - පුරුද්දට වඩා ජන්මේ ලොකුයි - උත්පත්තියෙන් ලැබූ පුරුදු වෙනස්‌ කළ නොහැකි බව කීමට (48), ජන්ම ගතිය වෙනස් නොවේ (43) - සමාන: උපන් ගෙයි ගතිය බලි ඇරියත් නෑරේ, බලු නගුට හත් අවුරුද්දක් උණ පුරුකේ දමා තිබ්බත් ඇද ඇරෙන්නේ නැහැ, ගහේ කටු උල් කරන්න ඕනද? What is bred in the bone comes out in the flesh (14)
  • ආවා ගියෝ (මෙරුවෝ) වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Easy come, easy go. You say this when you get something easily and then lose it as easily. Example: I found fifty dollars while on my morning walk, but I frittered it away foolishly by the afternoon ‘easy come, easy go’ (32)

[සංස්කරණය]

  • ඇඟිලි පහම එක වගේ ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Are the five fingers of the same length? - සෑම දෙනෙක්ම එකිනෙකාට වෙනස් වීම සහ ඔවුන්ට අනන්‍ය වූ විශේෂිත ලක්ෂණ සහ දක්ෂතා තියෙන බව සහ විශේෂයෙන්ම එක පවුලේ අය හෝ එකට සිටින මිතුරන් වුනත් වෙනස් බව ඇඟවීමට / එක හා සමාන නොවීම (40)
  • ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න ඕනෑ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The swelling of the finger must be proportioned to its size (22) - Cultivate a sense of proportion (21) - තමන්ගෙ / පුද්ගලයකුගේ ප්‍රමාණය දැන කටයුතු කළ යුතු බව කීමට (48) / තත්වයට ඉහළින් ආඩම්බර නොවිය යුතු බව හෝ වැඩ නොකළ යුතු බව (22) / The ambition of men should not exceed their abilities (53) - English: 1. Too big for one’s boots / 2. Cut one's coat according to one's cloth (15)
  • ඇඟෙන් ඇටයක් ගියා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like a bone going out of one’s body (14) - බොහෝ අකමැත්තෙන් යමක් දීම (49)
  • ඇට නැති දිවට කොයි අතට නැමෙන්න බැරි ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - The boneless tongue, what can it not say? (21) - මොනවා කියන්න බැරි ද? - බොරු කීම පුරුදු තැනැත්තාට ඕනෑම බොරුවක්‌ කිව හැකි බව (48)
  • ඇටි කෙහෙල් ගිලපු උගුඩුවා වගේ / උගුඩුවා ඇටි කෙහෙල් කෑවා වගේ [උපදේශ][කතා][උපමා] - Like the wild cat which ate “eta-kehel (21) - වරදක බැඳුනායින් පසු එයින් මිදීමට අපහසු බව කීමට (48) - The wild cat is the uruleva (Viverra malaccensis). The eta-kehel (Sanskrit: Kastha Kadali) is a wild variety met within the hillsides and higher elevations of Ceylon, and, according to Dr. Trimen, is the original of all the cultivated varieties. - ඇටි කෙහෙල් කාලා බඩේ අමාරුව හැදිලා අධිෂ්ඨාන කළා ජීවිතේට නැහැ කියලා එහා කන්දේ ඇටි කෙහෙල් කැනක් ඉදිලා එකක් කාලා බලලා මුකුත් වුනේ නැති නිසා ඒ කන්දේකෙහෙල්අගුණ නැහැ කියලා ඔක්කොම කාලා මැරුණා - A wild cat getting a severe disorder in the stomach by eating wild plantains swore he would never eat them again if he were to get well. Soon after his cure, seeing a bunch of wild plantains on a neighbouring hill he went up to it and handled it. The next day he went to the place and ate one 5 of the third day he ate to his heart's content, observing that the plantains of that hill were not unwholesome. This time however he got a more severe complaint in the stomach than before, which proved fatal, and he died in agony (22)
  • ඇතා ගිලපු / ගිල්ල දිවුල / දිවුල් ගෙඩිය වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the wood apple that was swallowed by the Elephant (22) - ඇතුළත කිසි දෙයක් නැහැ (43) / බාහිර ඔපය ඇතත් ඇතුළත හිස්ය (52) - According to the popular notion a wood apple swallowed by an elephant passes out without any kernel (22) - The wood-apple (Feronia elephantum, Sinh. Divul, Sanskrit: Kapittha, Tamil: Nilavilam) is also known as the elephant apple. It is a curious fact that a wood-apple swallowed by an elephant passes out absolutely hollow, without any kernel, the shell being intact (21) - ඇතෙකු විසින් දිවුල් ගෙඩියක් ගිලිනු ලැබුවහොත් ඇතාගේ කුසේදී දිරවා පිට කටුව පමණක් ඉතිරි වෙතියි කියනු ලැබේ. ඇතාගේ මළ සමග දිවුල් ගෙඩිය පහවී යන නමුත් ඒතුළ ඇති මදය දිරවා ගොස් අභ්‍යන්තරය හිස්ය (41) - සුභාෂිතය "ගජ ගල ඇතුළ මද සුන් දිවුල පල තුල" - "නිදන දන උදා වන තෙක් රිවි කිරණ - නිදන සත සහස තිබුනත් මුළු දෙරණ - නිදන වේය ගිලි දිවි ලෙසෙ මතවරණ - නිදනයයි පැවසු ඉසිවර තුමු පොරණ"
  • ඇතා මද කිපී දිව්වත් උගේ හොඬ පාගා ගන්නේ නැහැ [විශ්වාස][සාහිත්‍ය][නිශේධ] - සුභාෂිතය "බලයුත් තුමුල මත වරණිඳු මෙදෙනැවිස - දිවතත් සොඳ තමන් සොඬ නොමඩින විලස"
  • ඇතා වෑරුනත් කොරහේ නාවන්න බැරි ලු / ඇතා වැහැරුණත් කොරහේ නාවන්න බැහැ / ඇතා වැහැරුනත් කොරහේ නාවන්නට බැරුවා වගේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] – Though the elephant gets lean, it cannot be bathed in a pan (22) - උසස් පුද්ගලයා පිරිහුනත් දුර්වල වුනත් තමාගේ උසස් ගතිය රැක ගන්නා බව (9-19) / ධනපතියා දිළිඳු වුවත් බැගෑපත් බවට නොපැමිණේ (43) - "නැසුවට යමෙක් කල වයිරය පහවේද - නැතුවට ගජන් කෙසරිඳු තණ කොළ කාද - වැරුනට‍ මතවරණ කොරහේ නාවාද - කැඩුනට මතවරණ කොරහේ නාවාද"
  • ඇතාට පයින් අනිනවා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - බලවතෙකුට විරුද්ධ වීමට දුබලයකු තැත් කිරීම - සුභාෂිතය “නොවිතර තෙද බලැති උතුමන් හට පවර - වැරසැර මඳ නුවණ මඳ දන බඳිනු වෙර - තුඟුතර ගිරි පළන දළ දළගින් පැහැර - මතවරණිඳුට පෙදෙනැන වෙහෙසෙන අයුර”
  • ඇතාට විදලත් අත උස් වුනයි කිව්වා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like ascribing the failure of an attempt to hit an elephant to not being able to take proper aim (22) / Like saying that your hand got raised after shooting at and missing the elephant (21) - වගකීම මග හැර ගැනීමට බොරු හේතුවක් හදා කීම - සමාන: See: තණ කොළ කපන්න කිතුලට ගිය කතාව වගේ
  • ඇතින්නියක්‌ ලත් දරු පෙම්බරේයා - ඇතිනි රැළේ හැමටට කිරි එරේයා කිව්වා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] – “ඇතින්නියක්‌ ලත් දරු පෙම්බරේයා - ඇතිනි රැළේ හැමටට කිරි එරේයා - අනිත් අතට දුන් මුදුවත් පිරේයා - ඉතින් පුතුට මවගේ ආදරේයා" වෙස්සන්තර ජාතක කාව්‍යය "එකම ඇතිනියක් දරුවන් වැදු තැනේ - සැවොම එක්ක එක පනසේම වෙති අනේ - මෙලෙස පෙම්වඩා වසනා ඇතින්නනේ - තොපි දරුවන් දුටුවොද කියව නොලසිනේ”
  • ඇතුන් යන පාරේ වටුවෝත් යනවලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Snipes also go on the same path as elephants (22) –English: Small boats too venture upon the sea where big ships sail (21) - Source මූලාශ්‍රය: 037. තිත්තිර ජාතකය (?) යටගිය දවස හිමාලවනයාගේ පාර්ෂවයෙක්හි එක් මහා න්‍යග්‍රේධ වක්‍ෂයක් ආශ්‍රය කොට තිත්තිරය, වානරය, හස්තියයි කියා යහළුවෝ තුන් දෙනෙක් වාසය කළාහුය. ඔහුන් තුන්දෙන ඔවුනොවුන් ගරු නොකොට ආදර නොකොට සහභාගීවෘත්තියෙන් යුක්තවූවාහුය. ඉක්බිත්තෙන් ඔවුන්ට මෙබඳු වූ සිතෙක් වූයේය. කෙබඳු සිතෙක්ද, අපට මෙසේ වාසය කරන්නට නුසුදුසුය. අපි අපගෙන් යමෙක් මහළුද ඕහට වන්දනාමානාදී කෙරෙමින් වාසයකළමෝ නම් ඉතා යෙහැකැයි සිතුවාහුය. අපගෙන් කවරෙක් වෘද්ධතරදැයි සිතා එක්දවසක් මෙයට උපායෙක් ඇතැයි සිතා තිත්තිරය වානරය හස්තිය යන තුන් දෙනාම නුගරුකක් මුල්හි හිඳ තිත්තරය වානරය යන දෙදෙනා හස්තියා සමීපයෙන් විචාළාහුය. යහළු හස්තිය තෙපි මේ නුගරුක කවරක් ප්‍රමාණ කල් තැන්පටන් දන්නෙහි දැයි විචාළාහ. හස්තිතෙම කියනුයේ සබඳිනි. මම ලා පැල කල්හී මේ නුගගස බඩයට කොට ගියෙමි. යට කොට සිටි කල්හි වනාහි මේ වෘක්‍ෂයාගේ මුදුන් ශාකාව මාගේ නාභිය ගැයෙන්නේය. මෙසේ මම මේ වෘක්‍ෂය පැලකල් පටන් දන්නෙමි කීය. නැවතත් තිත්තිරය හස්තිය යන දෙදෙනා පූර්වයෙහි කියනලද ක්‍රමයෙන්ම වානරයාගෙන් විචාළාහුය. වානරතෙම කියනුයේ හයළුවෙනි මම වානරපැටවා වුයෙන් බිමහිඳ ශ්‍රීවය නොඔසවාම මේ නුගපැලැටියගේ අක්දළු කෑයෙමි. මෙසේ මම මේ නුගවෘක්‍ෂය කුඩාකල් තැන් පටන් දන්නෙමි කීයේය. ඉක්බිත්තෙන් වානරයාය හස්තියාය යන දෙදෙනා පූර්වයෙහි කියනලද ක්‍රමයෙන්ම තිත්තිර පණ්ඩිතයෙන්ගෙන් විචාළාහුය. තිත්තිර පණ්ඩිතයෝද කී සේක. යහළුවෙනි පූර්වයෙහි අසවල්නම් තැන මහත් නුග වෘක්ෂයෙක් වූයේය. මම ඒ වෘක්‍ෂයාගේ ඵලයක් අනුභවකොට මෙතැන්හි වර්චස් එලුයෙහි. එයින් මේ වෘක්‍ෂය හටගත්තේය. මෙසේ මම මේ වෘක්‍ෂය හටගත් කල් තැන් පටන් දන්නෙමි එසේ හෙයින් මම තොපට වැඩියෙන් ජාතියෙන් වෘද්ධතරයෙමි කීසේක. මෙසේ කී කල්හි වානරයාද හස්තියාද තිත්තිර පණ්ඩිතයන්ට කියන්නාහු නුඹ වහන්සේ අපට වැඩියෙන් වෘද්ධතරය අද මෙතැන් පටන් අපි නුඹ වහන්සේට සත්කාර ගරුකාර වන්දනාමානාදී වූ පූජාවෙන්ද වැඳිමය හුනස්සෙන් නැගීමය අඤජලීකර්ම සාමිචිකර්මයන්ද කරම්හ. නුඹ වහන්සේගේ අවවාදයෙහි ද සිටම්හ. නුඹ වහන්සේ වනාහි මෙතැන් පටන් අපට අවවාද අනුශාසනා දෙවයි කිවුය. එතැන් පටන් තිත්තිර පණ්ඩිතයන් වහන්සේ ඔහුන්ට අවවාද දුන්සේක. ශිලයෙහි පිහිටවූසේක. තෙමෙත් පඤශීලය සමාදන්ව රක්ෂා කළසේක. ඔහු තුන්දෙනම පඤශීලයෙහි පිහිටුවා ඔහුනොවුන් ගෞරව ඇති ව සදෘශ වූ ප්‍රවෘත්ති ඇතිව ජීවිතයාගේ කෙළවර දිව්‍යලෝකයෙහි උපන්නාහුය. ඔහුන් තුන්දෙනාගේ සිල්සමාදන්වීම තිත්තර බ්‍රහ්මාචාර්යය නම් වූ යේය.
  • ඇත්ත කියන්නත් බිම ඉඳගන්නත් කාගෙන්වත් අවසර ඕනෑ නැහැ [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - සත්‍ය ප්‍රකාශ කිරීමට බිය නොවිය යුතු බව - සත්‍ය ප්‍රකාශ කිරීම බිය වීමට හේතුවක් නොවේ. එසේම බිම ඉද ගැනීමටද කිසිවෙකුගෙන් අවසරයක් අවශ්‍ය නැත. උස් අසුනක සාමාන්‍ය පුද්ගලයෙකු වාඩිවී සිටියහොත් ප්‍රභූවරයෙකු පැමිණි විට අසුනෙන් නැගී සිටීමට සිදුවේ. නමුත් බිම වාඩිවූ කල්හි එසේ සිදු කිරීමට අවශ්‍ය නැත (41)
  • ඇත්ත කියන්නාට තැබෑරුමත් ඉඩ නැහැ ලු [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - The truthful man has no room even in the tavern (22)
  • ඇත්ත කියා පැත්තක් කෑවත් හොඳ ලු / ඇත්ත කියා පැත්තක් ගියත් මොක ද? (50) [ආප්තෝපදේශ] - No matter even if you eat up a half of one's body after telling him the truth (22) / No matter if a part of me is even eaten up if only the truth be told (21) - English: Call a spade a spade. To say the truth about something, even if it is not polite or pleasant. Example: To call a spade a spade, he wouldn’t hesitate from backstabbing you if it serves his interests. (32) / Honesty is the best policy. It’s always better to be truthful and honest, even if the opposite may get you the benefits. Example: I think you should just explain what happened, rather than trying to cover your tracks. Honesty is the best policy, after all (32)
  • ඇත්තු දළ දෙන කොට මැද තියෙන තෝර ගෑටෙනව ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - When Elephants wrestle with their trunks, the cassia-plants that are between them are injured (22) / When elephants fight (lit. “give their tusks”) the “Thora” plants in between them are ruined (21) - The Thora is the cassia plant of which there are many species in Ceylon (21)
  • ඇත්තෙත් දෙන්නයි, මැද නින්දත් ඕනෑ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - There are but two in the bed, each of them wants to sleep in the middle (22) - අඩුපාඩු තිබෙන නමුදු සියල්ලක්‌ම සම්පූර්ණ කර ගැනීමට දැඟලීම ගැන කීමට (48)
  • ඇද ගසේ සෙවණැල්ලත් ඇදලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] – වැරදි ක්‍රියාවේ විපාකයත් අනිෂ්ට වේ (43)
  • ඇනලා බැන්දත් බැඳලා ඇන්නත් දෙකම එකයි / බැඳලා ගැහුවත් එකයි ගහලා බැන්දත් එකයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It makes no difference whether you beat a person, first and then tie him up, or tie up a person first and then beat him (22) – English: As broad as it’s long. It's as broad as it is long' mean? Used to express that it is impossible to decide between two options because they're equal.
  • ඇනියෙන් ගියත් අවරෙන් ගියත් දෙකම එක ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It is all the same whether the prow goes foremost or the stern (22) - මොකක් වුණත් කමක් නැහැ - ඔරු පාරු නැව් ආදියේ ඉදිරිපස කොටසට කියනු ලබන්නේ ඇණිය කියාය. ඒවායේ පසුපසට කියන්නේ අවර කියාය. ඔරුවේ ඉදිරියෙන් ගියත් පසුපසින් ගියත් කමක් නැත (41)
  • ඇඳගෙන එන්නේ එක පාලියකට, ඇවිත් නටන්නේ තව පාලියකට [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • ඇඳිරි ගෙට කැවුම් දික්කළා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] – බොරු තෑගි දීමක් (43)
  • ඇප වෙනවාට වඩා කැප වෙනවා හොඳ ලු [උපදේශ][ප්‍රපංච][වාර්තා] - It is better to be one's victim than his security (22) / It is better to become the victim than the surety (21) – It is better to commit or dedicate than becoming a guarantor (?)
  • ඇමක් දී මාළුවෙක් අල්ලන්නා වගේ / කුඩා ඇමක් දාලා මහ මාළු මරන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like catching a big fish with a small bait (22) - සුළුවෙන් යමක් දී වැඩියමක් ලබා ගැනීම (43)
  • ඇඹුලෙන් ඇඹුල නැසේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - භාෂාවට එක් වූයේ දිවුල්වල ඇති කතාන්දරය මුල් කොට ගෙනයි - සමාජයට පිළිලයක් නැති නම් බරපතළ අහිතකර වූ කරුණක් ඉවත් කළ හැක්කේ එවැනිම වූ කරුණක් මගින්ය යන්න එහි තේරුමයි (51)
  • ඇලි ඇතා දන් දුන්නා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - තමා සතු ඉතාම දුර්ලභ වස්තුවක් වුවද දන්දීම (41)
  • ඇල්ලට බැහැලා පාමං බලනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like looking about for foot marks after once getting into a stream with the object of crossing it (22)
  • ඇල්වතුරෙන් පුලුස්සන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like burning with cold water (22) / Like scalding with cold water (21)
  • ඇල් වතුරෙන් මිනී මරනවා වගේ, 'Murdering with cold water.' Attempting to injure a man by deceit and plausible words (53)
  • ඇල්වතුරෙන් බෙල්ල කපනවා වගේ / දිය රෙද්දෙන් බෙල්ල කපනවා (සිරි සඟබෝ පෙරහන් කඩෙන් හිස වෙන් කිරීම ආශ්‍රිතව ?) [විශ්වාස][ප්‍රපංච][උපමා] - මිතුරු වෙසින් සිට විපත් කිරීම (43)
  • ඇවිද්ද පය දහස් වටී, ගෙයි තිබු පය බලු නොවටී [විශ්වාස][කතා][වාර්තා] - The foot of one who has traveled about, is worth thousands, but the foot of one who has kept at home is not worth a kick (22) / The traveled foot is worth thousands, the stay-at-home foot worse than a dog’s (21) දේශ සංචාරයෙන් බොහෝ අද්දැකීම් ලැබේ (41) - කතාව බලන්න, ගුණරත්න 2010 A පිට 71 (4) - පෙර රජකෙනෙකුගෙන් හිඟන්නෙක් වස්තු ලක්ෂකයක් ලත් කවිය - “අඩහ කෑම දහස් වටී - නදිමැරුවා දහස් වටී - බස් ඉවසුවා දහස් වටී [හෝ ඉවසු බලේ දහස් වැටී] - ඇවිද්ද පය දහස් වටී”
  • ඇවිලෙන ගින්නට පිදුරු දමන්නා/දානවා/දැම්මා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like consigning straw to a raging fire (22) / Like adding straw to a raging fire (21) - ගැටුමක් තවත් වැඩි වෙන ලෙස ක්‍රියා කිරීම / අවුලක් ඇති වූ විට එය තවත් අවුල් කිරීම (52) / වැඩි වැඩියෙන් කරදර ඇති කිරීම (43) – English: Adding fuel to the flames / fire (14) (15)
  • ඇස් ඇරපු නැති බළල් පැටියෙක්වත් බෙන්තර ගඟින් මෙපිටට ගේන්න එපා (9-138) / බෙන්තර ගගින් එහා ඇස් ඇරපු නැති බළල් පැටියෙක් වත් ගේන්න එපා [ආප්තෝපදේශ] - දකුණේ උදවිය කට්ට කෛරාටිකයෝය
  • ඇහැට ඇහැක් [වාග්ව්‍යවහාර] - එකට එක - English: 1. tit for tat (15) 2. Eye for eye
  • ඇහැළ පෙළහරට බෙරත් ඇත් ද? / ඇහැළ පෙරහැරට බෙරත් හිඟ ද? (50) [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Are tom-toms used at the Ehela Perahera? (22) / Is there tom-toming, too, at an Ehela Perahera? (21)- An Ehela Perahera a Buddhist festival, is never performed without the beating of torn toms which are absolutely necessary for it (22) / The Ehela Perahera is a Buddhist festival (religious procession) held in the month of Ehela (June-July) at which the beating of tom-toms is an absolute necessity, a sine qua non in fact (21)
  • ඇහැළපොළගේ මුල වනසමැයි සිතා ඇහැළ මුල් ඉදිරුවා වගේ [විශ්වාස][කතා][උපමා] - Like rooting out Ehela (Indian Laburnum) with the object of destroying the race of Ehelepola (22) / Like rooting out “Ehela “trees in order to stamp out the Ehelapola race (21) - The last Kandyan King Sri Wikrainanijasinha, for a conspiracy formed against him by his Prime minister Ehelepola put to death the wife and children of the latter under circumstances of the utmost barbarity. Not being content with this, he ordered all the Ehela trees (Cassia fistula / indian laburnum / Golden shower tree) in the kingdom to be rooted out in order that all traces of Ehelepola name might be destroyed (22)

[සංස්කරණය]

  • ඈත තියෙන මොනර මහට වඩා ළඟ තියෙන කපුටු මහ හොඳ ලු (22) ළඟ තියෙන කපුටු මස දුර තියෙන මොණර මසට වඩා රහයි [උපදේශ][ප්‍රපංච][වාර්තා] - Crow flesh at hand is better than peacock flesh afar off (21) - Similar: දුවන මුවන් දැක නොදමන් නෙලූ පලා, තේ ඉන්න කුරුල්ලා පඳුරේ ඉන්න කුරුල්ලාට, වැඩිය හොඳයි - English: A bird in the hand worth two in the bush (14) - Things we already have are more valuable than what we hope to get. - Example: The question now is will Carmichael live to regret turning down such a lucrative offer? A bird in the hand is worth two in the bush (32)
  • ඈයන් තබා මා අදු කිව්ව ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - යහපත් දෙයක් බලාපොරොත්තු වී යම් කටයුත්තක් කර ගැනීමට ගිය කෙනෙකුට බලාපොරොත්තු රහිතව නපුරක් මුණ ගැසීම හැඟවීමට කියන ප්‍රස්තාපිරුළකි - ඈයෝ දවල් කාලයේ ගල් ලෙනක නිදා සිට රෑට ගොදුරු සොයා යති. දඩයක්කාරයෝ එක්කෙනෙක් ලෙන් දොර මුරට තුවක්කුවකුත් සමග සිටුවා තවෙකෙක් ලෙන තුළට බඩගා යයි. ලෙන තුළ දිවියෙක් වලහෙක් වැනි සතෙක් ආවොත් ඈයන් තබා මා (එළියට) අදු කියයි. - සද්ධර්මාලංකාරයේ මේ ප්‍රස්තාපිරුළ යෙදෙන්නේ අහිතුන්ඩිකයකු නයෙක් එළවා ගෙන එන විට කියන්නාක් ලෙසිනි "අහිතුන්දික තෙමේ මරණ භයින් තැති ගෙන මුරගා සසලමින් "ඈයන් තබා මා අදුව" යි කියන කාරණය සේ නයින් තබා...(3-7)

[සංස්කරණය]

  • ඉක්මනට කොරොස් කටෙත් අතලන්න බැරි ලු / ඉක්‌මන් උනාම කොරොස්‌ කටෙත් අත දාන්න බැහැ (48) [උපදේශ][ප්‍රපංච][වාර්තා] - In a hurry you sometimes cannot put your hand even into a “Koraha” (21) - Koreha is a large pot with a wide brim (22) / When in a hurry, one cannot put his hand even in the mouth of a Koraha. A Koraha is a wide-mouthed earthen jar.- කලබලයට පත්වූ විට පහසු කටයුත්තක් වුවද සිදුකර ගත නොහැකි බව (41), නොඉවසිල්ලෙන් කටයුතු කරන්නට ගියවිට ඉතා සුළු වැඩක්‌ වුවත් නිසි ලෙස කරන්නට අපහසු වන බව (48)
  • ඉක්මන් කොටයි ලු [ආප්තෝපදේශ] - වැඩි හදිස්සියක් හොඳ නැත (45) / Haste (is) slow. Like the Latin proverb fcstina lente (53)
  • ඉක්මන් පැහැදීම ඉක්මන් කළකිරීමයි [ආප්තෝපදේශ]
  • ඉක්මන් වැඩ ගත්තයි කියා බඩාලාට පියා ගැහුවා වගේ [විශ්වාස][කතා][උපමා] - Like the Silversmith's father beating his son for undertaking an urgent work (22) - A certain woman ordered a pair of earrings for her little daughter to be used on the day of her weaning. The silversmith having failed to give it on the day. Somehow, she made him promise that he would give it on the day that her granddaughter would be weaned. The silversmith's father on hearing of the promise his son, gave him a thrashing (22) - A Badala is a gold or silversmith or a man of that cast (21)
  • ඉඟි කළාම නොදැනෙන්නාට කෙළ මෝලෙන් ඇන්නත් දැනෙන්නේ නැහැ ලු [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - A blow with a pestle will make no impression on one to whom a wink is of no effect (22) - කෙළ මෝල = පිල්ල සහිත මෝල් ගස rice-pounder
  • ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ [උපදේශ][කතා][උපමා] මිරිස් දීලා ඉඟුරු ගත්තා Given pepper and got ginger(54) - නරක යැයි සිතෙන දෙයක් අතහැර ඊට වඩා හොඳ දෙයක්ය කියා විශ්වාස කර තිබුනාටත් වඩා නරක හෝ සැර, නපුරු දෙයක් ගැනීම / අනවශ්‍ය දෙයක් ඉවත් කර ඊට වඩා අනවශ්‍ය දෙයක් ළං කර ගැනීම (52) / එක් කරදරයකින් මිදීමට සිතා කරන දෙයින් ඊට වඩා කරදරයක වැටීම (39) / යම් අපහසුවකින් මිදීමට ඊට වඩා කරදරයක් සහිත දෙයක් කිරීම (43) - English: From the frying pan to the fire (14) - දෙවන රාජසිංහ රජ දවස පෘතුගීසීන්ගෙන් සිදු වූ තාඩන පීඩන හමුවේ රජු විසින් ලන්දේසීන්ගේ උපකාර ඇතිව පෘතුගීසීන් පළවා හැරීමට තීරණයක් ගත්තේය (51). ලන්දේසීන් විසින් මුහුදුබඩ පළාත් වලින් පෘතුග්‍රීසීන් පළවා හැරීමට කටයුතු කරන ලදී. එසේ වුවත් ඔවුන් මුහුදුබඩ පළාත්වල පාලනය උඩරට රජුට භාර නොදුන්හ. පෘතුග්‍රීසීන් වෙනුවට ඔවුන් එම ප්‍රදේශ පාලනය කළහ. මේ අවස්ථාවේදී පෘතුග්‍රීසීන් එළවා දැමීමට ලන්දේසීන්ගෙන් සහය පැතීම ඉගුරු දී මිරිස් ගත්තා වගේ යැයි රජතුමා ප්‍රකාශ කළේලු (41) රජතුමා විසින් ගත් මේ තීරණය හරියට ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ යැයි පසුව සිතන්නට විය. මෙසේ කීමට හේතුව කලින් සිටි පෘතුගීසීන්ට වඩා පසුව ආ ලන්දේසීන් නරක් වීමය. ඉඟුරු හා මිරිස් දෙවර්ගයම සැර ගතියෙන් යුතුය. එහිදී ඉඟුරු මිරිස් සංසන්දනාත්මක බැලූ කලදී ඉඟුරුහි සැර මිරිස්වල සැරට සාපේක්ෂව අඩුය. එබැවින් පෘතුගීසීන් හා ලන්දේසීන් අතර සිදුවූ අතීත සිදුවීම මත අදටත් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ යන ප්‍රස්තාව පිරුළ වහරේ යෙදේ (51)
  • ඉඩන්ගොඩයින්ගේ (9-139) / ඉනන්ගොඩයින්ගේ(21) මඟුල වගේ [විශ්වාස][කතා][උපමා] - Like the marriage proposal of the Inaggoda people (21) - හැමෝම මුදුනා වෙන්න, නායකත්වය ගන්න හදන අවස්තාවක දී යෙදෙන්නක් - Inaggoda is a village near Colombo. There was a young man on whose behalf certain people of this village once went to another village in connection with a marriage proposal. They were cordially received by the girl’s father who, when breakfast time drew nigh, enquired of them who was their leader and spokesman, since it was customary to offer to such a person first the glass of water for washing the mouth preparatory to sitting down to the meal. Every member of the visiting party claimed to be the leader, whereupon the annoyed father drove the whole lot of them away, remarking, “I’ll be damned before I give my daughter to any Inaggoda man” (21)
  • ඉණිමගට පයින් ගහන්නා වගේ [උපදේශ][ප්‍රපංච][උපමා] – උදවු ලබාගත්තාට පසු උපකාරය අමතක කිරීම (43)
  • ඉතා වෑවෙන්නේ කණවැන්දුම් වෙන්න ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Excessive fondness for a spouse betokens approaching widowhood (22) / Doting on a spouse betokens that widowhood is near (21)
  • ඉතිරි සපත්තුවත් විසි කරනව කෝ නිදාගන්න [පුද්ගලික] - ඉංග්‍රීසි පිරුළක් - Wait till the other shoe drops / wait for the other shoe to drop - අනුව මගේ තාත්තා කියූ කතාවක් ඇසුරෙන් - සිංහල කතාව ඔහු කී අයුරින්ම ] - 1950 දශකයේ අග ගුණපාල වින්ඩ්සර් තමාගේ ගාල්ලේ මහ ගෙදරින් බැහැරව කොළඹ බෝඩින් වෙලා ඉගෙන ගත්තා. ඒ කාලේ ගුණපාල අතේ එච්චර මුදලුත් තිබුණේ නැති නිසා ලෑලි වලින් හදපු සොල්දර ගෙදරක උඩ තට්ටුවේ පුංචි කාමරයක තමයි බෝඩින් වුනේ. මේ ගෙදර තව කීප දෙනෙක්ම බෝඩින් වෙලා හිටියත් ගුණපාලගේම කරුමෙට බෝඩිම අයිතිකාරයාගේ නිදන කාමරේ තිබ්බේ හරියටම එයා හිටපු කාමරේට පල්ලෙහා. ගුණපාල බොරැල්ලේ ඇක්වයිනාස් එකේ පාඨමාලාව ඉවර කරලා රෑ කඩේකින් කෑම කාලා බෝඩිමට එන කොට රාත්‍රි 10 විතර වෙනවා. මෙහෙම එන කොට හොඳට ම තෙහෙට්ටු නිසා ආපු ගමන් ඇඳුම් ගලවලා කාමරේ තැන් තැන් වලට විසි කරලා දාලා ඇඳේ ඇලවෙන එක තමයි එයාගේ සිරිත. දවසක් ඇක්වයිනාස් පන්තියේ නිවාඩු දුන්න හින්දා ගුණපාල වේලාසනින් බෝඩිමට ආවා. බෝඩිමේ අයිතිකාරයා ආලින්දයේ හාන්සි පුටුවක ඇල වෙලා ඉඳලා ඔහුට කතා කරා “වින්ඩ්සර් මම මේ තමුසෙව හම්බු වෙන්නමයි හිටියේ” කියලා. මේකා මොකාට එනවාද කියලා පපුව ගැහි ගැහි ගිහින් තාත්තත් අසල තිබුණ පොඩි පුටුවක වාඩි වුනා. බෝඩිමේ අයිතිකාරයා කියනවා “මම මේක කියන්නමයි හිටියේ. වින්ඩ්සර් දන්නවානේ මම early to bed, early to rise ක්‍රමේ කෙනෙක් කියලා. තමුසේ රෑ 10 ට විතර ගෙදර එන කොට මමත් මගේ නෝනත් හොඳටම නිදා ගන්න වෙලාව. වින්ඩ්සර් හැමදාම ඇවිත් සපත්තුව ගලවලා විසි කරන සද්දෙට අපි තිගැස්සිලා ඇහැරෙනවා. මීට පස්සේ පොඩ්ඩක් මතක තියා ගත්තොත් හොඳයි තමුසෙගෙ කාමරේ පොළොව ලී පොළොවක් කියලා”. ගුණපාලත් තමන් කළ වරද ගැන ඇත්තටම කනගාටු වෙලා බෝඩිම අයිතිකාරයාගෙන් සමාව ඉල්ලලා ආයෙත් ඒ වරද තමන් අතින් සිදු නොවීමට වග බලා ගන්නා බවට පොරොන්දු වුනා. ඔන්න ඊළඟ දවසේ ගුණපාල පුරුදු පරිදි ඇක්වයිනාස් පන්තියට ගිහිල්ලා බොරැල්ලේ රෑ කඩේකින් රෑ කෑම වේලත් සප්පායම් වෙලා බෝඩිමට ආවා. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කිව්වා වගේ අදත් ගුණපාලට අමතක වෙලා මහන්සියත් එක්ක ඇඳුම් ගලවලා කාමරේ පුරා විසි කළා. එක සපත්තුවක් විසි කරන කොට ආපු දඩස් සද්දෙන් තමයි ගුණපාලගේ නිදිමත නැති වුනේ. ඊයේ හවස බෝඩිම් අයිතිකාරයා දීපු උපදෙස මතක් වුනහම ගුණපාලට හීන් දාඩියත් දැම්මා. අනිත් සපත්තුව ගලවලා හීන්සීරුවේ බිමින් තිබ්බේ මීයට පිම්බා වගේ හඬක් නො නැගෙන්න. මෙහෙම කරලා ඇඳේ ඇලවෙලා ඇහැ පියවෙන්න ඔන්න මෙන්න තියෙද්දී බෝඩිම අයිතිකාරයාගේ ගෝරනාඩුවෙන් ගුණපාල උඩ වීසි වෙලා අහුරුනා “ඕයි වින්ඩ්සර්, ඉතිරි සපත්තුවත් විසිකරනවකෝ අපිට නිදා ගන්න.” - ඉතින් කවුරු හරි මොකක් හරි වැඩක් බාගෙට කරලා ඉතිරි කරහම මට මතක් වෙන්නේ මේ කතාව. - English: Wait till the other shoe drops / wait for the other shoe to drop - Await a seemingly inevitable event, as in “Now that she has a good enough job to leave her husband, we're just waiting for the other shoe to drop”. This expression alludes to a person awakened by a neighbour who loudly dropped one shoe on the floor and is waiting for the second shoe to be dropped. Story says a guest who checked into an inn one night was warned to be quiet because the guest in the room next to his was a light sleeper. As he undressed for bed, he dropped one shoe, which, sure enough, awakened the other guest. He managed to get the other shoe off in silence and got into bed. An hour later, he heard a pounding on the wall and a shout: "When are you going to drop the other shoe?" Thus, the term "waiting for the other shoe to drop." This was a common experience of tenement living in apartment-style housing in New York City, and other large cities, during the manufacturing boom of the late 19th and early 20th centuries. Apartments were built, similar in design, with the bedrooms located directly above and underneath one another. Thus, it was normal to hear a neighbour removing their shoes in the apartment above. As one shoe made a sound hitting the floor, the expectation for the other shoe to make a similar disturbance was created.
  • ඉත්තෑවගේ ගෙට කබල්ලෑවා රිංගුවා වගේ / ඉත්තෑවගේ ගුලේ කැබැල්ලෑවා වැදී මුත්තාපා කිව්වත් යන්නෙ නැහැ කිව්ව ලු [විශ්වාස][කතා][උපමා] - The ant-eater who forcibly got possession of the porcupine's hole, swore that he would not leave it on any account (22) - කපටිකමින් අනුන්ගේ දේ අයිති කර ගැනීම (52) / යමෙකුට උදව් කිරීමට ගොස් තමාගේ දේ ඔහු අයිතිකර ගත් විට (37) / අනුන් සතු දෙයක් බලහත්කාරයෙන් අයිති කර ගැනීම - එක්තරා වනාන්තරයක ලෙනක් තුළ ජීවත් වෙන ඉත්තෑවෙක් වාසය කළේය. එක් දිනක් ගමනක් ගොස් අතරමං වූ කබල්ලෑවෙක් මේ ලෙනෙහි නවාතැන් ගැනීම සදහා ඉත්තෑවගෙන් කැමැත්ත විමසා සිටියේය. ඉත්තෑවා කබල්ලෑවාට තම ලෙන තුළ නවාතැන් ගැනීමට අවසර ලබා දුන්නේය. නමුත් පසුදින උදෑසන කබල්ලෑවා ආපසු යන බවක් පෙණෙන්ට තිබුනේ නැත. දෙදෙනෙකුට වාසය කිරීමට ඉඩකඩ නොමැති බැවින් කබල්ලෑවාට එතැනින් ඉවත්වෙන ලෙස ඉත්තෑවා කබල්ලෑවාගෙන් ඉල්ලා සිටියේය. “නුඹට ඉඩ දිනම් නුඹ මෙතනින් වෙන තැනකට පලයන්. මට මෙතැන හොදයැයි” කබල්ලෑවා ඉත්තෑවාට පැවසුවේය. ඉත්තෑවා ඒ අවස්ථාවේ තම තියුණු උල් සහිත කූරු විහදා කබල්ලෑවාට පහර දෙන්නට විය. එහෙත් කබල්ලෑවගේ සිරුර ආවරණය වී තිබෙන්නේ ඝණ පොතු විශේෂයකින් නිසා ඌට ඉත්තෑවගේ පහර දීමෙන් ගණනක් නොවීය. කබල්ලෑවා ලෙන තුළම රැදුණු අතර ඉත්තෑවාට වෙනත් ලෙනක් සොයා යාමට සිදුවිය (41) - English: Possession is nine-tenths of the law (21) - that ownership is easier to maintain if one has possession of something, or difficult to enforce if one does not. The expression is also stated as "possession is nine points of the law", which is credited as derived from the Scottish expression "possession is eleven points in the law, and they say there are but twelve."
  • ඉඳ ඇඬුවන්ට ඉඳ ඇඬීමත් හිට ඇඬුවන්ට හිට ඇඬීමත් නිසි ලු / හිට ඇඬුවන්ට හිට ඇඬීමත්, ඉඳ ඇඬුවන්ට ඉඳ ඇඬීමත් නිසි ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - For those who cried standing, we should cry standing, and for those who cried sitting we should cry sitting (22) / For those who cried standing we should cry standing ; for those who cried sitting we should cry sitting (21)
  • ඉඳි කටුවක ඇමිනුණු නූලක් වගේ [වාග්ව්‍යවහාර][උපමා]
  • ඉඳි කටුවක් රත්තරනෙන් හදලා මොටද? / ඉදිකටුව රන් වී කුමකට ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - What advantage is there even if a needle be changed into gold (22) - ඉඳි කටුවෙන් කෙරෙන්නේ මහන එක නිසා එය රත්තරනෙන් හැදුවත් යකඩෙන් හැදුවත් කෙරෙන වැඩේට වෙනසක් වෙන්නේ නැහැ. පලක් ප්‍රයෝජනයක් නැතිව යමක් වැඩි වියදමක් දී මිලදී ගැනීම ආදියට යෙදේ /ඉදිකටුව ඉතාමත් කුඩා දෙයකි. එය රන් වුවත් ලබාගත හැකි ප‍්‍රයෝජන අල්පය (33) - සමාන: රත්තරනින් හැදුවත් අමුඩේ පුකට නේ?
  • ඉඳිකටු තුඩේ / මූනේ, තපස් රකින්නා / රැක්කා, වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like leading an ascetic life on the point of a needle (22) - ඉතා අපහසු වාතාවරණයන් යටතේ වුවත් යහපත් ජීවිතයක් ගත කිරීම (?) / ඉටුකළ නොහැකි දේකට වෙහෙසීම (49)
  • ඉබි කබළුත් බෙහෙතට ඕනෑ වෙනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even tortoise-shell is used for medicine (22) - වටිනාකමක් අඩු දේ වුවත් අවශ්‍ය වේලාවල් ඇත (43) - සමාන: කුකුළු බෙටිත් බේතට ඕනෑ වෙනවා ලු
  • ඉබ්බයි, හාවයි රේස් දිව්වා වගේ / හාවයි ඉබ්බයි රේස් දිව්වා වගේ /ඉබ්බාට පැරදුණු හාවා වගේ [උපදේශ][කතා][උපමා] - හෙමින් නමුත් දීර්ඝ කාලීනව නොකඩවා කැප වීමෙන් යමක් කිරීමෙන් එහි සාර්ථකත්වය ලබා ගත හැකි බව සහ එසේ කිරීමෙන් අඛණ්ඩ කැපවීමක් නැති තමන්ට වඩා දක්ෂයින් වුනත් අබිබවා යෑමට හැකි බව - English: Slow and steady wins the race. Slow and consistent work leads to better chance of success than quick work in spurts. Example: X: I’ve built a strong vocabulary by learning a word a day for the last three years. Y: Mine has been much less even though I’ve had days when I polished ten words. I guess slow and steady wins the race (32) ඉබ්බාට ඉක්මනට දුවන්න බැරිබව කියා හාවා විහිළුවක් කළේ ය. හොඳයි දුවල බලමු කවුද දිනන්නේ කියා? ඉබ්බා අභියෝගය පිළිගත්තේ ය. දිනුම් කණුවකරා දෙදෙනා ම දිවීමට පටන් ගත්හ. හාවා පිමි තුනක් ඉදිරියට පැන ආපසු හැරී බලන විට ඌට හෙමි හෙමින් එන ඉබ්බා පෙනුණේ ය. දිනන එක මහ කජ්ජක් දැයි සිතූ හාවා ටිකක් නිදා ගත්තේ ය.හෙමි හෙමින් ඉදිරියට ගිය ඉබ්බා දිනුම් කණුව අල්ලා ගත්තේ ය. අවදි වී වට පිට බැලූ හාවාට ඉබ්බා දැකගත නොහැකි විය. ඌ වහාම ඉදිරියට දිව්වේ ය. එවිට හාවාට පෙනුණේ දිනුම් කණුව අල්ලාගෙන සිටින ඉබ්බා ය (33) - The Hare and the Tortoise - Aesop’s fable - A Hare was making fun of the Tortoise one day for being so slow. "Do you ever get anywhere?" he asked with a mocking laugh. "Yes," replied the Tortoise, "and I get there sooner than you think. I'll run you a race and prove it." The Hare was much amused at the idea of running a race with the Tortoise, but for the fun of the thing he agreed. So, the Fox, who had consented to act as judge, marked the distance and started the runners off. The Hare was soon far out of sight, and to make the Tortoise feel very deeply how ridiculous it was for him to try a race with a Hare, he lay down beside the course to take a nap until the Tortoise should catch up. The Tortoise meanwhile kept going slowly but steadily, and, after a time, passed the place where the Hare was sleeping. But the Hare slept on very peacefully; and when at last he did wake up; the Tortoise was near the goal. The Hare now ran his swiftest, but he could not overtake the Tortoise in time. - The race is not always to the swift
  • ඉබ්බා අහසින් ගියා වගේ - ඉබ්බාට කට රැකගන්න බැරි වුණාලු / ඉබ්බාට කට රැක ගන්න බැරිවුන කතාව වගේ / ඉබ්බා නැහුණේ කට නිසාලු / අහසින් ගිය ඉබ්බා වගේ [උපදේශ][කතා][උපමා] - Like the tortoise who failed to govern his tongue (22) - යමක් කරන විට දෙපාරක් හිතා බැලිය යුතු බවත්, අනික් අයගේ ඇනුම්පද හෝ විවේචන වලට පිළිතුරු දීම තම විනාශයට හේතු විය හැකි බවත්, ඊටත් විශේෂිතව අනවශ්‍ය ලෙස කතා නොකර කට රැක ගත යුතු බවත් / තමන්ට නොගැලපෙන යමක් කර විනාශ වීම (40) / කළ නොහැකි දෙයක් කිරීමට ගොස් කරදරයේ වැටීම (52) / තමන්ට කර ගත නොහැකි ක්‍රියාවක් වෙනත් කෙනෙකු ලබා කරවා ගැනීම නිසා විපතට පත්වීම / නුවුමනා තැනදී කතා කිරීම අනතුරුදායක බව කීමට (48) - සමාන: ගමරාල දිව්‍ය ලෝකේ ගියා වගේ - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 50 (11) - Panchatantra stories talkative tortoise: Once upon a time, there was a tortoise by the name of Kambugriva and two geese by the name of Sankata and Vikata. The tortoise lived in a pond and he made friends with two geese who used to come and visit him at the pond. All of them were happy for the past many years. Once they faced a drought that lasted for several months. Due to this, all the rivers, lakes and ponds went dry. There was not a drop of water to drink for the birds and the animals. They began to die of thirst and scorching heat. Many of them decided to migrate to some fertile lands. The three friends also decided to leave the pond and to go to some distant lake, full of water, to settle down there for ever. But it was quite difficult to shift at a distant place. Although, was quite easy for the geese as they could fly but the problem was for tortoise. The poor tortoise could not fly and to cover that distance on foot was really difficult. All of them had a conversation, as to what could be a possible solution for this problem. The geese suggested a plan, according to which, tortoise would have to hold a piece of stick by his mouth and which would be carried slowly while holding its two ends by them. The only condition was that the tortoise should not speak; otherwise he would fall and die spontaneously. The geese were worried because they knew that tortoise was very talkative, and it was difficult for him to keep his mouth shut. The tortoise got the logic and promised not to open his mouth during the entire journey. Before starting their journey, the geese again cautioned their friend not to open his mouth in any case. With this instruction, the geese held the stick ends in their beaks and the tortoise held the stick in the middle with his teeth. Thus, they started their journey. They flew higher and higher, over hills, valleys, fields and plains. Ultimately, they flew over a town. The people of the town were surprised to See such a strange scene. They started laughing and clapping, to See the geese carrying tortoise like that. The people’s shouting and laughing annoyed the tortoise. He thought why these people were making such a noise. Unable to control his anxiety, he opened his mouth to speak. But as soon as he opened his mouth, he lost his grip on the stick and fell to his death. So, the poor tortoise got killed because of his stupidity and impatience. Moral: Always listen to friendly advices / Sinhala version with Swans: කැලයේ එක්තරා විලක් අසළ ඉබ්බෙන් වාසය කලේය. මෙම විලට මාළුන් අල්ලා ආහාරයට ගැනීම සදහා හංසයන් දෙදෙනෙක් නිතර නිතර පැමිණියේය. ටික දිනක් ගතවන විට හංසයන් හා ඉබ්බා අතර මිත්‍රත්වයක් ඇතිවිය. නොබෝ දිනකින් ඉතාදැඩි නියං කාලයක් උදාවිය. මෙම විලෙහිද ජලය සිදී ගියේය. හංසයන් දෙදෙනා වෙනත් විලක් යොයාගෙන යාමට තීරණය කළේය. මෙහිදී මිත්‍ර වූ ඉබ්බාව හුදෙකලා කොට යාමට අකමැති වූ හංසයෝ ඔහුවද රැගෙන යාමට කල්පනා කළහ. එසේ කල්පනා කළද හංසයන් මෙන් පියාසර කිරීමට ඉබ්බන්ට නොහැකිය. එමනිසා ඉබ්බාව රැගෙන යාමට හංසයන් දෙදෙනා උපායක් කල්පනා කළහ. දිග කෝටුවක් රැගෙන ආ මෙම හංසයන් දෙදෙනා දෙකෙළවර තමාගේ තුඩින් අල්ලාගෙන ඉබ්බාගේ කටින් මැදින් අල්ලා ගන්න යැයි උපදෙස් දෙනු ලැබීය. ඉබ්බාද එයට එකග විය. එසේම තමන් පියාසර කරන අවස්ථාවේදී කිසිසේත්ම කට අරින්න එපා යැයි හංසයන් දෙදෙනා ඉබ්බාට පැවසීය. කතිකා කර ගත් පරිදි කෝටුවේ දෙකෙළවරින් අල්ලා ගත් හංසයන් දෙදෙනා ඉබ්බාට මැදින් එල්ලෙන්න යැයි පැවසීය. හංසයෝ ඉබ්බාද රැගෙන අහසින් පියාසර කරන්නට පටන් ගත්තේය. එක්තරා ගම්මානයක් උඩින් ඔවුන් පියාසර කරන අවස්ථාවේ සෙල්ලම් කරමින් සිටි ළමුන් පිරිසක් ඒ දැන “ඉබ්බෙක් අහසින් යනවෝ” යනුවෙන් කෑ ගසමින් අත්පොළසන්නාද දෙන්නට පටන් ගත්තේය. ළමයින් තමන්ට විහිළු කරවා යැයි සිතූ ඉබ්බා ඔවුන්ට බනින්නට සිතාගෙන කට ඇරියේය. ඒ සමගම ඉබ්බාව ගල් පර්වතයක් මතට වැටී මරනයට පත්විය. කට රැකගෙන නොසිටීමේ විපාක ඉබ්බාට අත්විදින්නට සිදුවිය (41) / 214. කච්ඡප ජාතකය: ඒ අවධියට එක් හංසයෝ දෙන්නෙක් ඉදිබුවෙකු හා හාදව ඉඳිනාහු “ඉදුබාණෙනි, අප හිමාලය වනයෙහි රන් ගුහායෙහි වාසය කරම්හ, එතන ඉතා සිත්කළුය, එතන දකින්ට එව්දැ?”යි කීහ. එවිට ඉදුබා කියන්නේ “තොපි නම් පියඅඹා යයි, මා කෙසේ යෙම්දැ?”යි කිව. එපවත් අසා හංසයෝ කියන්නාහු “තොපගේ කට රැකගත එවූ නම් ගෙන යෙම්මය”යි කියා ලීයක් කඩාගෙන දෙන්න දෙකෙළවර ඩෑගෙන ඉදුබුවා ලීය මැද්දෙන් ඩෑගන්නා ලෙස සලස්වා පියඅඹා ගෙන නික්මෙන්නට වන්නාහ. ඒ වේලාවට කුඩා කොල්ලෝ මොත්තමෙක් ඒ හංසයන් දෙන්නා අල්වාගෙන යන ඉදුබා දැක “එම්බල, හංසයෝ දෙන්නෙක් ඉදුබුවෙකු ඩෑගෙන ආකාශයෙන් යන්නාහ”යි අඬගා කීහ. ඒ ඉදිබු ඒ අසා “අපගේ යාළුවෝ අප කෙසේ ගෙනයෙත්වයි, තොපට මේ දෙකම ඇයිදැ”යි සිතා කියන්ට කට දල්වන දෑතුරේ බරණැස් නුවර වීථිය සමීපයට ආ අවස්ථාවට ඉදිබු කට දල්වා බිම වැටී දෙකැබැල්ලක්ට පැලී මළහ.
  • ඉබ්බා දියට දැම්මා වගේ [විශ්වාස][කතා][උපමා] - තමාට උවමනා ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබීම (52) / තමාගේ ආශාව පරිදි කටයුතු කිරිමට හදිසියේ අවස්ථාව ලැබීම (39), කැමති පරිසරයකට දැමීම - English: In one’s element (15)
  • ඉබ්බා දියේ දමන්නෙයි කී කල ඉලව්වෙයි කියා කෑ ගැසුවා ලු / ඇන්නෑවෙ කීව ලු [විශ්වාස][කතා][වාර්තා] - Like the tortoise who cried out "Oh what a mishap”, on being thrown into water (22) / Like the tortoise who cried out “Damn it,” when ordered to be thrown into the water (21) - දඬුවමක් කියා හිතාගෙන වාසියක් පමිණුවීම / දඩුවමක විලාසයෙන් යහපතක් සිදු කිරීම (41) - නරියා ඉබ්බා දියේ දැමීමේ කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 51 (11) - සමාන: බල්ලාට පොල් බෑයෙන් ගැසීම වගේ (14)
  • ඉබ්බා සිංහයාව පරාජය කළා ලු [විශ්වාස][කතා][වාර්තා] - The tortoise is said to have vanquished the lion (22) (?) / සිංහයා ඉබ්බාට පැරදුනු හැටි (?) ප්‍රත්‍යය ශතකය “අප්‍රයෝගේ බලං නාස්ති ප්‍රයෝගේ නස්ති දුර්ලබං - කුර්මස්‍ය ප්‍රතිවාදේන සිංහස්‍ය මරණං යථා" ප්‍රයෝග නොදන්නා ට බලයක් නැත. ප්‍රයෝග දන්නා හට බලය ඇත. ඉබ්බකු සිහයකුට කළ ප්‍රයෝගයකින් ඒ සිංහයාට මරණය අත් වුනා මෙනි - සිංහරාජ වන්නම - "පෙරත් කලෙක සිහ රජෙක් වැටුණි මහ - ළිඳක් තුළට එබි ලඩෙක් කරපු වැඩ - හැරත් මෙහෙම යස වැඩක් වුණේ නැත - චිරත් කලෙක පැවතුමත් යසයි හැඩ" - "දුරත් බැලුම නොව ළඟත් බලන අය - හටත් මෙලෙස වෙයි කැටත් තබමි දඩ - වටත් අයට දැනෙනටත් කියමි මම - රටක් වටින සිහරජ වන්නමෙ හැඩ"
  • ඉබ්බාගෙන් පිස්මේන්තු / පිහාටු ඉල්ලන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like asking a tortoise for lock-stitching (22) / Like asking a tortoise for lock-stitches or feathers (21) - නැති දෙයක් ඉල්ලීම (52) / යමකුගෙන් ලබාගන්නට නොහැකි දෙයක් ඉල්ලීම (43) / යම් පුද්ගලයකු ළඟ යමක් නැතිබව දැන දැනම එය ඉල්ලා සිටීම (39)
  • ඉබ්බී අහසින් ගියා වගේ / අහසින් ගිය ඉබ්බී වගේ [විශ්වාස][කතා][උපමා] - වැඩි ආචාරශීලී බව විපතට හේතු වේ - මුල් කතාවේ අහසින් ගිය ඉබ්බාගේ මල්ලි කොක්කු දෙන්නා අරන් ගියේ අදිමදි කරමින්. කොල්ලෝ හූ තියපු තැන පහු වුනාම ඉබි මල්ලි ඇහුව ලු "කොහොමද මම හොඳයි නේද?" කියලා. තුන්වෙනියට ඉබි නංගිත් ඉල්ලීමක් කළා. ලොකු අයියා සහ පොඩි අයියා වැටුණු තැන් පහු කරන් ගියහම කොක්කු කතා කරා ඉබ්බි නම් මාර මොළ කාරී කියලා. ඒත් එක්කම කොටුව ගිලිහුනා. ඉබ්බී කොටුව අතහැරියේ නැති නිසා කොක්කු දෙන්නා ගුවන් කරණමක් ගහලා නැවත කෝටුව අල්ලා ගත්තා. ආචාර ශීලී උගත් ඉබ්බී "බොහොම ස්තුතියි" කියනවාත් එක්කම කෝට්ටෙන් ගිලිහුනා.
  • ඉබ්බෝ කවදද ගස් ගියේ? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - When did tortoises climb trees? (22)
  • ඉර / පහන, නැත්නම් මැණිකේ අගය දකින්න බැහැ ලු [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - ලෝකෝපකාරය "නිමල ව නෙත් ඇතත් -රුවන් පෙනෙනුයේ දිනමිණෙන් වේ / දීපයෙන් මේ"
  • ඉරටු දුන්නෙනුත් (විද්දත්) ඇස් කණ වෙනවා ලු / ඉරටු දුන්නෙන් විද්දත් ඇස් කණ වෙනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The eye gets blinded if you shoot even with a bow of ekel (21) - ඉතා සුළු නරක දෙයකින් වුව ද මහා විපතක් සිදුවිය හැකි ය (33)
  • ඉරටෙන් බත්තුලු ඇහිඳිනවා වගේ [වාග්ව්‍යවහාර] - මසුරු කම - English: Skin a flea for its hide
  • ඉරට්ට මෝඩයා යැයි නම් ලත් එකා වගේ [විශ්වාස][කතා][උපමා] - Like the man who was called double fool (22) / Like the fellow who was named the “Arrant Fool” (21) - A certain fool when his boat was in danger of sinking took the pingo he had in the boat on his shoulders with the object of lightening the boat (22) – Synonymous: ඔරුවෙ බර අඩු කිරීමට කද කරට ගත්තා වගේ
  • ඉලිප්පෙන ලීයට හේ ගත්තා වගේ (22) [විශ්වාස][කතා][උපමා] (?)
  • ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A man of patience is a banner of victory in the battle-field (22) - "මෙර උසුලනා මහ මිහි කතටත් වැඩිය - රට සුරකිනා පින් ඇති අයටත් වැඩිය - ලොව සැම තැනා ඇති දිය කඳටත් වැඩිය - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය"
  • ඉවසිල්ලෙන් සැනසිල්ල ලැබේ ලු / ඉවසීමෙන් සැනසීම ලැබේ [ආප්තෝපදේශ] - Patience begets comfort (22) - ජයග්‍රහණ ලබාගැනීමට නම් ඉවසීමෙන් කටයුතු කල යුතුය (45) - Good things come to those who wait. Patience is often rewarded (32)
  • ඉස අතගා ඇස උලුප්පන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - To pat one on the head and pull out his eye (22) / Like patting the head and gouging out the eye (21) - මිතුරුකම පෙන්නා සතුරුකම් කිරීම (43)
  • ඉස අල්ලන්නට පළමුවෙන් කකුළ අල්ලන්න [උපදේශ][ප්‍රපංච][විධාන] - If you want to touch the head, first touch the foot (22)
  • ඉසට උඩින් කටක් ඇද්ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Is there a mouth above the head? (22)
  • ඉසිරෙන දෙය ලෙව කෑවත් ලාබ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It is again even to lick up anything that is running to waste (22)
  • ඉසේ / ඉහේ ඇම්මට / ඉසේ රදයට කොට්ටය මාරු කළා /කරන්නා වගේ / හිසේ ඇම්මට / හිස රදේට, කොට්ටය මාරු කළා වගේ - [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like changing pillows to get relief from headache (22) / Like changing your pillow to ease your headache (21) - වැරැදි ප්‍රතිකාර කිරීම (43) / යම් ගැටලුවක් විසඳීමට ඊට නුසුදුසු පිළියමක් කිරීම (39) / ප්‍රශ්නයට පිළියම් නොකර නිෂ්පල දෙයක් කිරීම (37) / කිසියම් ගැටළුවකට යෝග්‍ය ප්‍රතිකර්මය නොයොදා වැරදි පිළියම් යෙදීම (41) / - ගැටලුවකට සුදුසු විසඳුමක් නොදී වෙන දේවල් කිරීම (52) / යම් අර්බුදකාරී ක්‍රමයකට විසඳුමක් ලෙස එම ක්‍රමය එලෙසම පවතින්නට හැර වටපිටාව වෙනස් කිරීම
  • ඉස්පිලි පාපිලි ගැන සැලකිලිමත් වෙන්න [වාග්ව්‍යවහාර] - හැසිරීම ගැන පරිස්සම් වෙන්න - English: Mind your Ps and Qs - meaning "mind your manners", "mind your language", "be on your best behaviour", "watch what you're doing" (15)
  • ඉස්සර වෙලා ආපු කණට වඩා පස්සේ ආපු අඟ ලොකු වුනා (22) / වෙනවා (14) / ඉස්සර ආ කනට වඩා පස්සෙ ආ අඟ ලොකුයි / දික් වුනා වගේ (21) [විශ්වාස][ප්‍රපංච][උපමා] - The horn that is of more recent growth than the ear becomes longer than the latter (22) / Like the recently sprung horn grown longer than the older ear (21) - පළමු ව හිතවත් සිටි අය ඉවත් කර පසුව හිතවත් වූ අය ඇසුරු කිරීම (52) / වඩා උසස් නව හිතවතුන් ලැබෙන විට පරණ හිතවතුන් අමතක වීම (14) / පළමුව ඇසුරු කළ අතහිත දුන් අය අමතක කර වැඩි වාසිතකා වෙනත් අය සමග සම්බන්‍ධ වීම (33) / මුලින් ලද දේට හෝ පුද්ගලයාට වඩා පසුව ලද දේ හෝ පුද්ගලයා අගය කරන අවස්තාවක (37) - The new acquaintance preferred to the older friend (21)
  • ඉස්සාගේ ඉහේ ගූ / කුණු තියාගෙන මම සුදනැයි කීවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Like the prawn making pretensions to cleanliness despite the filth he has on his head (22)
  • ඉස්සෙල්ලා අතින් බලනවා පස්සේ කටින් බලනවා First look in the hand and afterward open the mouth (54)
  • ඉහිරුණු කිරට අඩන්න එපා [උපදේශ][ප්‍රපංච][විධාන] - සිදු වී අවසානවු දේවල් ගැන නැවතත් සිත සිතා පසුතැවිලි වීම / සිදු වූ දෙය පිලිබද දුක් වෙන්න එපා (40) - සමාන: ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නේ ‍(33)
  • ඉහේ මලක් පිපුනා වගේ [වාග්ව්‍යවහාර] - ‍බොහෝ සතුටට පත්වීම (41)

  • ඊශ්වර දෙවියන්ගේ කරේ ඉන්න නාගයා යාළුවේ කියා ගුරුළාට කතා කොට රටේ තොරතුරු ඇසුවා ලු [විශ්වාස][කතා][උපමා] - ඊශ්වර දෙවියන්ගේ කරේ ඉන්න නයා, සාමාන්‍යයෙන් නයින් අනුභව කරන ගුරුළාට බිය නොවීම - බලවත් අය ඇසුරු කරන දුබලයින් වුනත් ප්‍රබල සතුරාට බය නැති ලු - සුභාෂිතය "පරසිඳු පබු දනන් සෙවි පමණින් මහරු - බෙලෙනිඳු මඳ වුවත් නොකෙරෙති රුපුන් සරු - බරණිඳු ගෙල වසන නාරද වෙමින් ගරු - ගුරුළිඳු අතින් ඇසි කිම යහළු තොරතුරු” – Synonymous: සමන් දෙවියන්ගේ කරේ ඉන්න නාගයා යාළුවේ කියා ගුරුළාට කතා කොට රටේ තොරතුරු ඇසුවා ලු / සමන් දෙවියන්ගේ කරේ ඉන්න නාගයා වගේ
  • ඊශ්වරයා, භෂ්ම අසුරයාට / බක්මාසුරයට, අග්නි සැරේ දුන්නා වගේ [විශ්වාස][කතා][උපමා] - Like Ishwar giving the fire charm to Bakmasura (21) - යම් ශාස්ත්‍රයක් ලබා ගත කෙනෙක් එම ශිල්පය ලබා දුන් කෙනාගේ අයහපතට එය පාවිච්චි කිරීම - The point of the saying the confounding of an ungrateful man who Seeks to injure his benefactor සමාන: වේදබ්භ ජාතකය - ඊශ්වරගේ සේවකයා, කෙනෙක් අළු කළ හැකි අග්නි සැරය නම් මන්ත්‍රය ලබා ගත්තා, අත්හදා බැලීමට ඕන වෙලා අතට මතුරා ඊශ්වරගේ ඔලුවට තබන්න හදන විට දිව්වා, පස්සෙන් එලෙව්වා, විෂ්ණු රූමත් කතක් මවා හිස මත අත තබා දිවුරන්න කීවා, අසුරයා අළු වුනා (කතාව තව දිගට ගොස් ස්කන්ධ කුමාරයා උපත දක්වා යයි) - Isvaraya (another name for God Siva) had a beautiful spouse named Umayanganavi. She was passionately loved and desired by Bakmasuraya, who had served like a slave under Isvaraya for a period of some seven years. In order to achieve his ignoble purpose, which was possible only by killing Isvaraya, he went to the latter one day, and, as a sort of reward for his years of faithful service, asked Isvaraya for the gift of the knowledge of the “fire-charm.” Isvaraya was reputed to be able, after uttering a certain charm over the palm of his hand, to scorch to death immediately anyone whose body was touched by that palm, and it was this charm which Bakmasuraya wanted to learn in order to use it against Isvaraya himself. The obliging Isvaraya imparted the required knowledge to Bakmasuraya, who, without delay, uttering the charm over his own hand, approached Isvaraya in order thus to kill him and then possess the beautiful Umayanganavi. The knowing Isvaraya, however, suddenly becoming conscious of the approaching danger, fled with Bakmasuraya in pursuit, and, disappearing from the pursuer’s sight for a few seconds, appeared in the guise of a heavenly maid of indescribable beauty, seated on a swing and moving gracefully up and down. Bakmasuraya straightway fell head over ears in love with the seductive maid, whom he there and then asked to marry him, all thought of Isvaraya having fled from his mind. “Men are deceitful creatures,” said the maid. “Swear on your head that you will never discard me, and I will marry you.” Bakmasuraya swore with his hand on his head, and instantaneously the “fire-charm” worked and he was reduced to ashes (21)

[සංස්කරණය]

  • උකුණන් ලවා වග්ගල් ලිග්ගල් පෙරළන්න තැත් කරනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - සුලු හෝ දුබල් පුද්ගලයින්ගෙන් ලොකු වැඩ කරවා ගන්න හදනවා වගේ
  • උකුල් ඇටේ කොරේට බුකුල් ඇන්නාම සුව වෙයි ද? / හරි ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] Can boxing cure a dislocated hip-bone? (21)
  • උගත මනා ශිල්පයමයි මතු රැකෙනා [ආප්තෝපදේශ] - Education is an indestructible form of wealth (21) - ලෝ වැඩ සඟරාව "තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා - එසැඩ මනා වත් වතුරෙන් වල නොහෙනා - කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා - උගත මනා ශිල්පයමයි මතු රැකෙනා" - වදන් කවි පොත "තිබූ තැනෙක සොර සතුරන් ගත නොහෙනා - එසැඬ මනාවත් වතුරෙන් වල නොහෙනා - කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා - උගත මනා සිල්පයමයි මතු රැකෙනා" - ප්‍රත්‍යය ශතකය "න රාජ හායර්යා න චෝර හායර්යා ප්‍රයානකාලේ න ච හාරධායර්යා - ව්‍යයෙකෘතෙ වර්ද්ධති නිත්‍යමෙතත් විද්‍යාධනං සර්ව ධනං ප්‍රධානම්" විද්‍යාව රජකු විසින්, සොරකු විසින් ගත නොහැක. ගමන් යාමේ දී ද බරක් නොවේ. නිතර වියදම් කිරීමෙන් වර්ධනය වන්නේය. ඒ නිසා විද්‍යාව නමැති ධනය සියලු ධනයන්ට වඩා උසස් වේ.
  • උගුඩුවා ඇටි කෙහෙල් කෑවා දෙවනුලු දැනෙන්නේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Che wild cat who eats jangle plantain will feel the effects of it afterwards (22)
  • උගුර ඉඳි කටුව බඩ අම්බලම [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - His throat is a needle, hut his stomach an “ambalama” (21) - ශරීරයෙන් කුඩා වුනත් කෑමට දක්ෂ කෙනෙකු (9-36)
  • උගුරට හොරා බෙහෙත් බොනවා / කනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like attempting to swallow / gulp down medicines without the knowledge of the throat (22) - තමන් ව තමන් විසින් ම රවටා ගැනීම (45) / අකැමැත්තෙන් යමක් කිරීම (sic) (43) / දැනෙන්නෙවත් නැතිව යමක් කිරීම (?)
  • උගුලේ අසු වුනු නරියා කට ඇරගෙන පණ යන්න එද්දිත් මේකා සිනාසෙයි කීව ලු [විශ්වාස][කතා][වාර්තා] - The opening of the mouth in his death agony fox who was caught in a trap was said to be a smile (22) / “He is smiling” others said when the fox, evert when caught in a trap, its mouth twitched in death agony (21)
  • උඩ පැන්නොත් බිම වැටේ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - If you jump up, you will also fall down (22) – සමාන: කන්දක් නැග්ගොත් පල්ලමක් ඇති ලු - English: What goes up must come down - Definition: Things that rise also fall. This expression is often used to say that something good will not last forever.
  • උඩ බලා කෙළ ගසුවාම තමන්ගේ මුහුණට වැටෙනවා ලු (22) / උඩ බලා ගෙන කෙළ ගහනවා වගේ (14) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - If you look up and spit, the spittle will fall on your face (22)
  • උඩින් ඔපේ යටින් හපේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - මතුපිටින් පේන්න තියෙන සාරවත් බව ඇත්තටම නැහැ - English: A goodly apple rotten at the heart (14)
  • උඩින් හකුරු යටින් කතුරු / උඩින් මිතුරු යටින් කතුරු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Jaggery on the surface, scissors underneath (22) - හිතවත්කම පෙන්වමින් උගුල් ඇටවීම (49) / උඩින් හොද මුහුණ පෙන්නා යටින් සතුරුකම් කිරීම (40) / මතුපිටින් හොඳ හිත පෙන්නා යටින් උගුල් ඇටවීම (14) – English: A snake in the grass - One who feigns friendship with the intent to deceive (15) – Example: “Did you hear that Daria's best friend stole money from her bank account? What a snake in the grass.” 2. Wolf in sheep clothing
  • උණ පඳුරක මල් පිපෙනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - විනාශයේ පෙර නිමිත්තක් - උණ ගස් වල මල් පිපෙන ආකාරය Continuous Flowering ( අඛණ්ඩව මල් පිපෙන), Sporadic Flowering (කඩින් කඩ මල් පිපෙන) සහ Gregarious Flowering (යූථපුෂ්පී හෙවත් සමූහයක් ලෙස එකවර මල් පිපෙන) කියලා වර්ග තුනකට බෙදෙනවා. මින් එක් වර්ගයක් වන Gregarious Flowering සමූහපුෂ්පී වර්ගයට අයත් උණ පඳුරුවල ලොව පුරාම ඇති එකම වර්ගයේ උණ ගස් සියල්ලේම (ඒ ඒ වර්ගය අනුව අවුරුදු 20-120ත් අතර කාලයක දී) එක්වරට මල් හට ගෙන ඉන් අවුරුදු කීපයකට පස්සේ විනාශ වෙනවා. හුදු ජනප්‍රවාදයක් ලෙස ගත්තත් උණ ගසේ මල් හට ගන්නේ එහි විනාශය ළඟා වීමට ආසන්න වූ විට. ප්‍රත්‍ය ශතකයේ එන "වෙනුර්ණ්ණලී කර්කටකශ්ව රම්භා - විනාශ කාලේ ඵලමුද්භවන්ති - ඒවං නරානං මතිවිප්‍රකාරං - විනාශකාලේන විපරීත බුද්ධිහ්" ශ්ලෝකයේ අදහස තමයි "උණ ගස් ද, බට ගස් ද, කකුළුවෝ ද, කෙසෙල් ද, යන මොවුන්ගේ විනාශ කාලයේ යම් සේ ඵල හට ගනී ද, එමෙන්ම යමකුගේ විනාශයෙහි විපරිත බුද්ධිය ඇති වන්නේ ය" කියන එක.
  • උණ වනේ උණ වනෙන්ම ගිනි ගන්නවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The fire in a bamboo jungle is produced in the jungle itself (22) - fires are often caused in bamboo jungles by the friction of the bamboo trees against each other (22)
  • උණකාරයා වතුර ඉල්ලනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the man in fever asking for water (21)
  • උණහපුලුවගේ දරුවා ඌට මැණික ලු / උණහපුලුවාට උගේ දරුවා / පැටියා, මැණිකක් ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The young of the loris is a gem to her (22) - තමාගේ දෙය කොතරම් නොවටිනා වුනත් තමාට වටිනා බව (44) / කෙනෙකුට අනුන්ගේ කවර දයක් වුවත් පිළිකුල් වන අතර ඒ හා සමාන තමන්ගේ දේවල් අගනා බව (41) / කොයි දෙමව්පියන්ටත් ලෝකයේ ලස්සනම දක්ෂම ළමයි ලෙස පෙනෙන්නේ තමන්ගේ ළමයි - සමාන ජන කතාවක්: වටුවාගේ දරුවෝ කුරුළු දඩයක්කාරුයකුට වටු දෙනක් මුණ ගැසී ඇය සුබ පතා කොහෙද යන්නේ කියා විමසුවා. දඩයක්කරු "මම කුරුල්ලන් දඩයමේ යනවා" කිව විට අනේ මගේ පැටවුන්ට නම් වෙඩි තියන්න එපා කීවා. කොහොමද මම ඔබේ පැටව් අඳුනා ගන්නේ කියා ඇසුවාම "කැලේ ඉන්න ලස්සනම කුරුල්ලෝ මගේ පැටව්" කීවා. එමින් ගමනේ කැස්වටුවන් වැලක් එල්ලා ගෙන එන දඩයක්කාරයා දැක්කම "අනේ මම එපා කියද්දීත් මගේ දරුවෝ මරල නේ" කියා ඇසූ විට " මම මේ වෙඩි තිබ්බේ කැලේ දී දැකපු අවලස්සනම කුරුල්ලන්ට කීවා. (3-11) - English: Beauty is in the eye of the beholder. What may Seem beautiful to one person may not Seem to another. Example: You may not like the curves of my new car, but then beauty is in the eye of the beholder (32)
  • උණහපුලුවට කඳුළු ආවා වගේ / උණහපුලුවගේ ඇසින් කඳුළු ගන්න බැරුවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Tears will not come from the eye of a loris (22) - දුර්ලභ සිද්ධියක්‌ ගැන කීමට (48) / විය නොහැකි යමක්
  • උණු උණුවෙම තලා ගන්නවා වගේ- See කල දුටුදා වළ ඉහින්නා වගේ / තැටිය රත් වෙච්ච වෙලාවේ රොටි පුච්ච ගන්න / යකඩය රත් වූ විට තලා ගන්න [විශ්වාස][ප්‍රපංච][උපමා]
  • උණු කළ හැන්දේ දිය (දෙන්නේ නැහැ) [වාග්ව්‍යවහාර]
  • උණු කැවුම් වගේ [වාග්ව්‍යවහාර] - බොහොම ඉක්මනින් අලෙවි වුණා (41)
  • උණු නිසා බොන්ටත් බැහැ කැඳ නිසා අහක දමන්නත් බැහැ / උණු හින්දා බොන්නත් බෑ, කිරි හින්දා හලලත් බෑ (45) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - As it is hot it cannot be drunk, but being gruel it cannot be thrown away (22) - උභතෝකෝටික ප්‍රශ්ණයකට මැදි වීම (41) - This is sometimes said of a relation who has disgraced the family, but who has still claims as a member of it the point being that, while association is no longer desired, the relationship cannot be denied (21)
  • උත්තමයින්ගේ ගුණ උත්තමයෝ දනිත් [විශ්වාස][ප්‍රපංච][වාර්තා] – Only Great men will know the good qualities of their equals (22)
  • උදැල්ලේ පස් බඩ තුරටෙයි කීවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The earth from the hoe will get into the folds of the cloth about the waist of the person who digs (22) / Like saying the earth from the hoe (mamoty) reaching (no further than) the loin-cloth of the digger (21)
  • උදේ පිපුණු මලක් වගේ [වාග්ව්‍යවහාර] - නවතාවයක්, ප්‍රබෝධයක් ඇති - Fresh as new paint (15)
  • උදේ සිට දිය ඇද සවස කළේ බිඳගත්තා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - ගොඩක් යහපත් වැඩ කරත් අන්තිම මොහොතේ දී අත්වැරදීමකින් වැරදි හෝ පාඩු සිදුවන යමක් කිරීම / අවංක ව නිවැරැදි ව වැඩකොට ස්වාමි පක්‍ෂයෙන් ප‍්‍රසාදය දිනාගත් කෙනෙකුට විශ‍්‍රාම යන අවස්ථාවේ කිසියම් චෝදනාවකට ලක් වී විශ‍්‍රාම වැටුපත් අහිමි වීම වැනි අවස්ථාවලට (33)
  • උදේ සිට දිය ඇද්ද මිනිහත් හවස කළේ බිඳ ගත් මිනිහත් සමසමාන වුනා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - The man Who drew water from morning till evening and the man who came towards evening and broke the pot, met with the same treatment (22)
  • උන්න දා නැති බෙර - මළ දා ට රිඹට ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - රිඹ = Buttocks, Arse
  • උන්නත් දාහයි, මළත් දාහයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A thousand though alive, a thousand though dead - The reference is to the perquisites of the dhobi, who gets his share both when his patron is living (at marriage ceremonies, etc.) as well as when he is dead (in connection with the funeral ceremonies) (21)
  • උඳු වපුරා මුං බලාපොරොත්තු වෙන්නා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] – විය නොහැකි දෙයක් බලාපොරොත්තු වීම (43) – Bible: Corinthians 9:6; "The point is this: whoever sows sparingly will also reap sparingly, and whoever sows bountifully will also reap bountifully." / Galatians 6:7 A man reaps what he sows / Proverbs 11:18; "A wicked person earns deceptive wages, but the one who sows righteousness reaps a sure reward." /
  • උඳුපියලිය කොළේ වැස්සට නියඟට දෙකටම එකාකාරයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The Undupiyaliya leaf (Desmodium triflorum / heterophyllum, Sanskrit:rit Amalana, Tamil Serupillady) is the same in wet weather as in the dry (22)
  • උපදින කොටත් වින්නබු අම්මට අණ දී ගෙන උපන් කෙනෙක් (53)
  • උපදින්නට ඉස්සර පෙකණිවැල කපත ඇහැකි යෙයි? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Could the navel-string / umbilical cord, be cut before birth? (22)
  • උපන් ගමන් දණ ගාන්න පුළුවන් යැ? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - සුළු කාලයක දී විශාල ප්‍රතිපල ලබා ගන්න බැහැ - English: Rome wasn't built in a day
  • උපන් ගෙයි ගතිය බලි ඇරියත් සුව කරන්න බැහැ ලු (22) නෑරේ (14) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Nature, deformity cannot be cured even by propitiating the planets / One’s inborn perversity cannot be cured even by a “Bali ’’ ceremony (14) - A Bali ceremony is the performance of incantatory services before clay images to avert the evil influences of the planets.- සමාන:ආරේ ගුණ නෑරේ, පුරුද්දට වඩා ජන්මේ ලොකුයි, බලු නගුට හත් අවුරුද්දක් උණ පුරුකේ දමා තිබ්බත් ඇද ඇරෙන්නේ නැහැ, ගහේ කටු උල් කරන්න ඕනද? – English: What is bred in the bone comes out in the flesh (14) – “රැවුල එන්න පළමුව තරුණයා වෙතී - අලියා එන්න පළමුව මිණි හඬ ඇසෙතී - ගොරවා ලන්න පළමුව විදුලිය කොටතී - උපන් ගෙයි සිරිත බලි ඇරියත් නොයතී”
  • උපන් නැකතට වඳිනවා [වාග්ව්‍යවහාර] - Thank (one's) lucky stars - ඔබට ආදරණීය සහකරුවෙක් ලැබීම ගැන උපන් නැකතට වඳින්න / මූ උපන් නැකතට වැඳ වැඳ ඉන්න කෙනෙක් මිස - To express appreciation for a beneficial occurrence - "You should thank your lucky stars that you managed to avoid that violent car accident.", "We thank our lucky stars that we were able to get a home in this neighbourhood at such a reasonable price".
  • උපා දන්නෝ අපා නොයති / උපාය දන්නෝ අපායේ නොවැටෙති [උපදේශ][ප්‍රපංච][වාර්තා] - The wily can escape hell (21) / Tactful people will not “put their foot into it.”
  • උපාසක කමට නෝබීලු රා බොන්න (22) / උපාසක කමට නොහොබී ලු රා බීම (21) [උපදේශ][ප්‍රපංච][වාර්තා] - It does not become an upasakaya (A Buddhist devote) to drink toddy (22) - It is unbecoming for an “Upasakaya “to drink toddy - An Updsakaya is a lay Buddhist devotee, devoted to religious exercises (21)
  • උපාසක බළල්ලු මීයන් / දෙදෙනා බැගින් අල්ලනව ලු / උපාසක බළලා / උපාසක බළලුත් මීයෝ අල්ලනවා ලු (21) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even “Upasaka “cats catch mice - Upasaka means “devoted to religious exercises- තමන් සුදනන් බව සමාජයට පිළිගැනෙන බව හඟවන කෙනා වැරදි වඩාත් කරනවා ලු / පිටතින් හොඳ වේසයක් මවා ගෙන ඉන්න නපුරු කෙනෙක් - English: A wolf in sheep's clothing - A dangerous person who is pretending to be harmless; An enemy who is disguised as a friend. This idiom is a warning that you cannot necessarily trust someone simply because they appear to be kind and friendly (15) - උපාසක බළලා = Whited sepulcher. a person inwardly corrupt or wicked but outwardly or professedly virtuous or holy. hypocrite - "මල් පිපුනත් ගති නෑරෙයි කොසඹ රුකේ - සිල් ගත්තත් බළලුට බයලු මූසිකේ - කල් තැබි මුත් බලු වල්ගය උණ පුරුකේ - සොල්පයකුත ඇද යන්නේ නැත ඒකේ" – Similar story with a fox in 127. බිළාර ජාතකය and 128. අග්ගිදත්ත (අග්ගික) ජාතකය - තවද සර්‍වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි වඤ්චා ප්‍රයෝග දන්නා භික්ෂු කෙනෙකුන් වහන්සේ ගෙනවුත් පෑ කල්හි “මහණෙනි, දැන් මතු නොවෙයි, පෙරත් වඤ්චා ප්‍රයෝගයෙන්ම දන්නෝ වේදැ”යි වදාරා ආරාධිත වූ සර්‍වඥයන් වහන්සේ විසින් ඉකුත්වත් දක්වා වදාළසේක. - ඒ කෙසේද යත්? - යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි බෝධිසත්ත්‍වයන් වහන්සේ මූසිකව (මීයෙකුව) උපන්සේක. මහතින් ඌරු පැටියෙකුගේ ප්‍රමාණය. සියදහස් ගණන් මීයන්ට නායකව තුඹසක වසනසේක. එසමයෙහි එක කැනහිලෙක් ගොදුරු සොයා ඒ ඒ තැන ඇවිදිනේ මීයන් සමූහයා දැක “යම් උපායකින් මේ මීයන් කන්ට උවමැනවැ”යි සිතා බෝධිසත්‍වයන් ගොදුරු කන්ට යන මග නැගෙනහිරට මුහුණ ලා කට දල්වාගෙන තුන් පයක් ඔසවාගෙන කකුලක් බිම ගසාගෙන කැණහිලා සිටියේය. බෝධිසත්ත්‍වයෝ ගොදුරු සොයා යන තැනැත්තවුන් වහන්සේ ඔහු දැක “තොපි කව්රුදැ?”යි විචාරා උන් විසින් “මා ධාර්මිකයෝය”යි කී කල්හි “එක පයින් සිටිනේ ඇයිදැ?”යි කී විසින් “තුන් පයින් සිටියෙම් නම් පොළොව ධාරාලිය නොහෙ”යි කීය. “කට දල්වාගෙන සිටිනේ ඇයිදැ?”යි කී විසින් “සුලන් අනුභව කරන්ටය”යි කීහ. “නැගෙනහිරට මුහුණලා සිටිනේ ඇයිදැ?”යි කී විසින් “සූර්‍ය්‍යදිව්‍යපුත්‍රයාට සේවය කරමි”යි කී විසින් බෝධිසත්ත්‍වයෝ “මූ කියන්නේ ඇත්තෙකැ”යි සිතා “මුන් ළෙහි යහපත් ගුණයක් ඇතැ”යි සිතා දවසට දෙවිටක් ඇවිත් සේවය කරන්නාහ. - එසමයෙහි කැණහිල් මීයන් තමාට සේවයකොට යන්නවුන් බලා හැමට පස්සේ යන මීයෙකු අල්වාගෙන කා කට ලේ පිස පළමු සිටි නියාවටම සිටියේය. මෙම නියායෙන් දවස්පතා මීයන් කන විසින් කල් යාමෙන් මීයෝ අඩු වී ගියාහ. එවිට මීයෝ ගොස් බෝධිසත්ත්‍වයන්ට කියන්නාහු “පෙර අපි මේ තුඹස ඉඳිනේ ගැටි ගැටිය, දැන් ඉතා තුනීව ගියම්හ, ඒ කුමන කාරණාවක් බවත් නොදනුම්හ, ඒ බව දතොත් යහපතැ”යි කීහ. - ඒ බව බෝධිසත්ත්‍වයෝ අසා “එසේ වීනම් කැණහිලාගෙන් වන උපද්‍රවයෙක් නිසාය”යි සිතා එදවස් කැණහිලාට සේවයට ගොස් එන ගමනේ “පරීක්‍ෂා කරන්ට උවමැනවැ”යි සිතා මීයන් ඇමෝම යවා පසුව බෝධිසත්ත්‍වයෝ නික්මුණාහ. බෝධිසත්ත්‍වයන් නික්මෙන්නා දැක මෙතෙක් දා මීයන්ට පනින්නා සේම පැන්නේය. බෝධිසත්ත්‍වයෝ ඔහු අතින් ගැලවී ඉවත පැකිල යන්නාහු “බළලුන් කරන තපස් වැන්නේය”යි සිතා “කරන තපසැ”යි කියා “තපස් කරම්හයි මෙසේ වූ වඤ්චා කෙරෙද්දැ?”යි කියා බොටුවට පැන කුලළ කඩා කා මරාපුවාහ. - ඒ දුටුවා වූ මීයෝ එතනට අවුත් කැණහිල් බල්ලාගේ මාංස එකසීම ලියා කාපුවාහ. පසුව ආ මීයෝ මොත්තමට මාංස සම්භනුයේය. ඔහු මරා සැපසේ වාසයකොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියාහයි වදාරා “එසමයෙහි මීයන්ට නායකව උපන්නෙම් බුදුවූ මම්ම ය”යි වදාරා ‘බිළාර ජාතකය’ නිමවා වදාළසේක. / 128. අග්ගිදත්ත (අග්ගික) ජාතකය - යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි බෝධිසත්ත්‍වයන් වහන්සේ මූසික ව උපන්සේක. එසමයෙහි එක් කැණහිලෙක් ගින්නෙන් දා ඉස ලොම් පමණක් තිබියදී සර්වංගයෙහි ලොම් දා ගියේය. එවිට හිස පමණක් රැකගත්තා වූ කැණහිල් ඡායාවෙන් තමා හිස් කුඩිඹිය පමණක් දැක “කුඩිඹිය ඇති පසු ජීවත් විය හැක්කැ”යි සිතා බෝධිසත්ත්‍වයන් ඇතුළු වූ බොහෝ මීයන් වසන තැනට ගොස් පළමු කී ජාතකය පරිද්දෙන් වැද සිටි ව්‍යවස්ථාවට බෝධිසත්ත්‍වයෝ එතනට අවුත් “තොපි කවුරුදැ?යි වදාරන්නාහු “අග්ගික භාරවාජයෝය”යි කියන්නා “කුමක් නිසා අව්දැ?”යි විචාරා “තොප හැම රකින්ට ආමි”යි කී විසින් “අප රකිනේ කෙසේදැ?”යි විචාරන්නා “උදාසන සවස ගොදුරට යන්නවුන් හා දෙවනුව බිලයට වදිනවුන් ගැන නියමය දනිමි”යි කී විසින් “යහපත මයිලනුවනි, එලෙස කරව”යි කී විසින් එතැන් පටන් යන එන මීයන්ගේ ගණන පසාරයෙන් කන විසින් මීයෝ තමන්ගේ මීයන් අඩු නියාව බෝධිසත්ත්‍වයන්ට කීහ. - බෝධිසත්ත්‍වයෝ එපවත් අසා එදවස් හැමට පස්සේ නික්මුණාහ. මෙතෙක් දා සේම කැණහිල් බළු බෝධිසත්ත්‍වයන් වහන්සේට පැන්නේය. බෝධිසත්ත්‍වයෝ වළහා ඉවත පැන “තොප විසින් මීයන් රකිමි කියා මීයන් නැසූ පමණක්මය”යි බොටුවට පැන කුලළ සපා කා මැරූහයි වදාරා “එසමයෙහි කැණහිලා නම් දැන් මේ කුහක භික්ෂූහුය, මීයන්ට රජව උපන්නෙම් බුදුවූ මම්ම වේදැ”යි මේ ‘අග්ගිදතත ජාතකය’ නිමවා වදාළසේක.
  • උපාසකයා ඔරලෝසුව හැදුවා වගේ [පුද්ගලික] - රත්තණපිටියේ උත්තම සාධු නමින් හැඳින්වූ භික්ෂුව කියූ උපමාවක් විකෘති කර තැනූවකි කතාවක් ඇසුරෙන් - තම කාලය සහ සිත මුළුමනින්ම පාහේ භාවනා කිරීම සඳහා යෙදවූ උපාසක මහත්තයෙක් දවසක් බෞද්ධ භික්ෂුවක් මුණගැසීමට ගියා. පසඟ පිහිටුවා වැඳ නමස්කාර කිරීමෙන් පස්සේ එකත්පස්ව හිඳ ගෙන ඔහුගේ හිතේ තිබුණ ප්‍රශ්නයක් භික්ෂුවගෙන් ඇහුවා. උපාසක මහතා: මම මේ වන විට ත්‍රිපිටකය ඇතුළුව බෞද්ධ දර්ශනය පිළිබඳ පොත් දස දහසකටත් වඩා කියවලා තියෙනවා. ඒ වගේම දවසට අවම වශයෙන් පැය දෙකක් වත් අපේ ගෙදර තියෙන බුදු පිළිමය ඉසරහට ගිහිල්ලා මල් පහන් සුවඳ දුම් පූජා කරලා බුදුන් වඳිනවා. ඒ විතරක් නෙවෙයි මම හැම තිස්සෙම මට නිවන් ලැබේවා කියන ප්‍රාර්ථනය හිතින් කියනවා. බුදුන් වහන්සේ දෙසා වදහළ සූත්‍ර දේශනා අනුලෝම පටිලෝම වශයෙන් සජ්ජායනා කරනවා. මට ඔබ වහන්සේගෙන් දැන ගන්න ඕනේ මම යන මාර්ගය නිවැරදි ද කියලා. භික්ෂුව: ඔය උපාසක මහත්තයාගේ රස්සාව මොකක්ද? උපාසක මහතා: ඔරලෝසු හදන එක. භික්ෂුව: අපි හිතමු යම් විද්‍යාඥයෙක් ලෝකයේ පළමු වතාවට අළුත්ම තාක්ෂණයකින් ඔරලෝසුවක් නිපදවනවා කියලා. ඊට පස්සේ ඇය ඔරලෝසුව තනන ආකාරය ගැන පියවරෙන් පියවරට විස්තර කරලා පොතකුත් ලියනවා. ඔබට මේ නව තාක්ෂණයේ ඔරලෝසුවක් හදා ගන්න අවශ්‍ය වුනොත් ඔබ කරන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් හිතන්න.....උපාසක මහත්තයා ඔරලෝසුව නිපදවූ විද්‍යාඥයාගේ පින්තූරයක් ගෙදර බිත්තියේ එල්ලලා දිනපතා පින්තූරය ළඟට ගිහිල්ලා මල් පහන් පූජා කරලා සඳුන් කූරු දැල්වුවොත් ඔරලෝසුවක් හැදේවිද? උපාසක මහතා: නැහැ හාමුදුරුවනේ. භික්ෂුව: දිනපතාම “මට ඔරලෝසුවක් ලැබේවා, මට ඔරලෝසුවක් ලැබේවා” කියලා හිතින් කිය කියා භාවනා කළොත් ඔරලෝසුවක් හැදේවිද? උපාසක මහතා: එත් නැහැ ස්වාමීන් වහන්ස. භික්ෂුව: ඔබ ඒ විද්‍යාඥයා ලියූ පොත සල්ලි ගොඩක් වියදම් කරලා හරි අර ගෙන ඒ පොත දවස්පතා මුල සිට අගටත් අග සිට මුලටත් කියෙව්වොත් ඔරලෝසුවක් හැදේවිද? උපාසක මහතා: නැහැ හාමුදුරුවනේ භික්ෂුව: එහෙනම් ඔබ ඒ වගේ ඔරලෝසුවක් හදා ගන්න නම් කරන්නේ මොකක්ද? උපාසක මහතා: මුලින්ම මම ඒ පොත අර ගෙන කියවලා හොඳින් තේරුම් අරන්, නොදන්නා දෙයක් තිය නම් දන්නා කෙනෙකුගෙන් අසා මගේ නුවණිනුත් විමසා තේරුම් අරගන්නවා. ඊළඟට ඒ පොතේ තියෙන විදියට ඔරලෝසුව හදන්න ඕන අඬු ඉස්කුරුප්පු නියන් ආදී උපකරණත් අවශ්‍ය අමුද්‍රව්‍යත් සොයා එක තැනකට ගන්නවා. ඊටත් පස්සේ මනා සිහිකල්පනාවෙන් යුතුව ඒ පොතේ තියෙන පිළිවෙළ අනුව වැඩ කරලා ඔරලෝසුවක් තනා ගන්නවා. එතකොට මටත් පුළුවන් ඒ විද්‍යාඥයා හදපු විදියෙම ඔරලෝසුවක් හදා ගන්න. භික්ෂුව: සත්තකින්ම. දැන් ඔබට ඔබේ ප්‍රශ්නයට පිළිතුර ලැබෙන්න ඇති කියලා හිතනවා. කතාවෙන් ඔබ්බට හිතන්නට කරුණු කිහිපයක් සටහන: 1. මෙය හුදෙක් උපමාවක් පමණක් බවත්, උපමාවක හැම අංගයක්ම උපමේය හා සසැඳෙන්නේ නැති බවත් මතක තියා ගන්න. 2. ඔරලෝසු තනන්නා පොතේ හැටියට නොව තමාට ඕන විදියට ඔරලෝසුවක් හදන්න ගියොත් වෙන්නේ මොකක්ද? 3. ඔරලෝසුව හදන්න අදහස් කරන කෙනා පොත බාගෙට කියවා ඔරලෝසුව හදන්න ගියොත් මොකක් වෙයි ද? 4. පොත කියවා ගැඹුරු අවබෝධයක් ලැබූ තැනැත්තා එහි ක්‍රමවේදයේ යම් යම් අංග නිසි අවබෝධයක් ඇතිව නිර්මාණශීලී විදියට වෙනස් කළොත් වඩා හොඳ ඔරලෝසුවක් හැදෙයි ද? 5. පොත නොකියාම පොත කියවා ඇතැයි තමන් සිතන අය කියන දේ පමණක් අහ ගෙන ඔරලෝසුවක් හදන්න ගියොත් කුමක් වෙයි ද? 6. ඔරලෝසුව මෙන් නොව සමහර දේවල් අර්ථය දැන ගෙන කලත් නො දැන කලත් ප්‍රතිඵලය ඇත වෙනවා නේද? උදාහරණයක් ලෙස පැනඩෝල් බී හිස කැකුමක වේදනාව සමනය කර ගන්න පැරසිටමෝල්වල සංයුතිය හෝ එය සිරුර තුළ ක්‍රියාත්මක වන ආකාරය ගැන දැන ගැනීම අවශ්‍ය ද? ඒ වගේම උග්‍ර විසක් විස කියා නො දැන පානය කළොත් බිවුව කෙනා මිය යන්නේ නැද්ද? - An ardent Buddhist meditator came to meet a Buddhist monk and told him that she has read thousands of books on Buddhist philosophy, she spend at least two hours per day to worship Buddha sitting in front of a Buddha statue and prays that she may attain enlightenment soon. She also stated that she recites Buddha’s words in the ascending and descending orders. Monk told “Let’s assume that a scientist invented a clock, he wrote a book about how to build a clock. What should a person who wants to build a same type of clock do? If the person finds a photograph/statue of the scientist, hang it on the wall, and comes to that every day and light an oil lamp places some flowers in front of the photo will that make a clock. She replied “No” Monk continued “If the person who wants to make a similar type of clock praying and wishing all day long saying “I want a clock, I want to make a clock, Oh God please give me a clock,” will that create a clock. Meditator replied “no” Monk continued “If this person continued to read the book in ascending and descending order will that create a clock” Meditator replied saying “No” “Then how should he make the clock” Buddhist monk asked. “S/he should read the book properly and understand how to make a clock, then s/he should gather all the necessary equipment and material needed to make the clock and start making the clock according to the instructions given in the book and not to give up until achieve the objective” meditator said. “Exactly” monk said “Attaining enlightenment is also like that”
  • උර චක්කර මාලේ [වාග්ව්‍යවහාර] / උර චක්කර මාලේ දා ගත්තා වගේ / මේ මොන උරචක්කර මාලයක් ද?- ශරීරයට හෝ මනසට ඉතා පීඩා කාරී වූ දෙයක් බාර ගැනීම, ලෙහෙසියෙන් ගැළවිය නොහැකි කරදරයක් ඇඟේ දා ගැනීම - උර චක්‍ර මාලාව / මාලාව, යනු ගල්වලින් හෝ මැණික් වලින් සාදන ලද මුවහත් වූත් වටකුරු වූත්, ගිනි ගෙන දිළිසෙන්නා වූත්, අපායේ ඇතැයි කියන බෙල්ලට දමන ආයුධ අවියකි. උර චක්‍ර මාලය යනුවෙන් නිරයක් ද වේ. මෙය උස්සද නිරයයන් ගෙන් එකකි. උස්සද නිර යනු අට මහ නරකයන් ගේ එක් එක් දොරකඩෙහි සතර බැගින් ඇතැයි කියන එක් සිය විසි අට නිරයයන්ය. මේවා ඔසුපත් නිර ලෙස ද හැඳින්වේ (හරිස්චන්ද්‍ර විජේතුංග - ගුණසේන මහා ශබ්ද කෝෂය) - උරචක්‍රමාලය ගැන ද්විතීය මිත්තවින්‍දක ජාතකය ජාතකයේ මෙසේ තොරතුරු ඇත: . එසමයෙහි උරචක්‍රමාලාව උසුලා නරකයෙහි පැසෙන්නා වූ එක් නාරකික සත්‍වයෙක් “ස්වාමීනි, කෙබඳු වූ අකුසල කර්‍මයෙක් කෙළෙහිදැ?”යි බෝසතාණන් අතින් විචාළේය...“සමුද්‍ර මධ්‍යයෙහි දිවයිනක වෛමාණික ප්‍රේතී වූ (මාසයෙන් අඩක් දිව්‍ය සම්පත් විඳිමින්ද අනිත් අඩ ප්‍රේතව දුක් විඳිමින්ද වූ) දිව්‍යාඞගනාවන් සතර දෙනෙකු දැක එපමණකින් සතුටු නොව ‘මේ යහපත් දෝ හෝයි අයහපත් දෝ හෝ’යි කියා ඒ ඒ තැන අධික තෘෂ්ණාවෙන් මතුමත්තේ ගොස් දිව්‍යාඞගනාවන් අට දෙනෙකු ලද්දෙහිය, එපමණකිනුත් සතුටු නොව ඉදිරියෙහි යන්නා වූ තෝ දිව්‍යාඞගනාවන් සොළොස් දෙනෙකුත් ලද්දෙහිය, තවද එපමණකිනුත් සතුටු නොවන්නා වූ තෝ දිව්‍යාඞගනාවන් දෙතිස් දෙනෙකුන් ලද්දෙහිය, ඉනුත් සතුටු නොව අත්‍රිචඡතායෙන් යන්නේ උරචක්‍රමාලාවට පැමිණියේ වෙහිය, මෙසේ ස්වකීය වූ ලාභයෙන් සතුටු නොව ඒ ඒ තැන්හි ඉච්ඡායෙන් ලාභය ප්‍රාර්ථනා කරන්නා වූ තෝ දැන් මේ උරචක්‍රමාලාවට පැමිණියේ වෙහිය. මෙසේ තෘෂ්ණා වසඟ වූ තාගේ මස්තකයෙහි නැවත නැවත මේ උරචක්‍රමාලාව වැටී හිස කපමින් මහා දුක් දෙන්නේය”යි ඔහුගේ කර්ම විපාකය ප්‍රකාශකොට කිවූය. "
  • උරුලෑවා ගිය පාර වගේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Like the path taken by the civet-cat - Trailed by an offensive smell (21) - අසත්පුරුෂයන්ගේ වැඩ අප්‍රසන්න බව (52), අසත්පුරුෂයා යන හැම තැනකම වැරැදි කරයි (43) - උරුලෑවා දුගඳ වහනය වන සතෙකි. ඌ යන පාර ද ගඳය (33)
  • උරුලෑවා බළලා නොවන්නාක් මෙන් [විශ්වාස][ප්‍රපංච][උපමා] - උරුලෑව බළලෙකු කරන්නට බැරි වීම - The civet-cat will never become a cat (22) (21) - ඇතැම් වැඩ කල නොහැකි වීම (45)
  • උලේ හිටියත් එකයි - පිලේ හිටියත් එකයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - කොතැන හිටියත් විශේෂයක් නැහැ (14)

[සංස්කරණය]

  • ඌ කළ දේ ඌ ගෙනියයි තෝ කළ දේ තෝ ගෙනියයි [ආප්තෝපදේශ] - You will reap the fruit of your doings, and he of his - This is supposed to have been said by a Buddhist Priest who on attempting to cross a dam was pushed off by one man, but was helped over it by another (22)
  • ඌරගෙ මාළු ඌරගේ පිටේ තියල කැපුවා වගේ / ඌරගේ මාළු ඌරගේ ඇගේම තියලා කපනවා වගේ / ඌරාගේ මස් උගේ ඇඟේ තිබා කපන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like chopping the flesh of a pig on its own back (22) ප්‍රයෝජන දෙකක්ම එක් පුද්ගලයෙකුගෙන් ලබා ගැනීම (37)
  • ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට ජය මඟුල් (45) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - ඌරන් කැකුණ තළන්නේ ඒවා තුළ තිබෙන ඇට කෑමට ය. එහෙත් එම ඇට ඉතා කුඩා නිසා ඉවතට විසි වී යයි. ඒවා කෑමට ලැබෙන්නේ ඌරන්ට නොව හබන් කුකුළන්ට ය (33) English: Cocks make free with the horse's corn
  • ඌරන්ට මොන අච්චාරු ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - What pickles for pigs (22) - English: Caviar to the general (15) – See සමාන: ඌරා කවද ද කහ කෑවේ, රිළවුන්ට මොන මල් වඩම් ද?
  • ඌරා කවද ද කහ කෑවේ? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - When did pigs eat saffron? (21) - වටිනා දෙයක අගය නොදැනීම (14), සුලු මිනිසුනට ලොකු දේවල් කළ නොහැකි බව කීමට (48) - සමාන: රිළවුන්ට මොන මල් වඩම් ද? ඌරන්ට මොන අච්චාරු ද? - English: Don’t cast pearls before swine. - Don’t offer something valuable to someone who doesn’t value it. Example: To serve them French cuisine is like casting pearls before swine (32) (15) - In the King James Version of the Bible the text reads: Give not that which is holy unto the dogs, neither cast ye your pearls before swine, lest they trample them under their feet, and turn again and rend you. - The World English Bible translates the passage as: Don’t give that which is holy to the dogs, neither throw your pearls before the pigs, lest perhaps they trample them under their feet, and turn and tear you to pieces.
  • ඌරා ළිඳේ අංගන් කෙටිල්ල වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - ඉඩකඩ හිඟ තැනක යමක් කරන විට
  • ඌරාගේ හොස්සේ රත්තරන් බැන්දා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like covering a pig's snout with gold (22)
  • ඌරෙකුට ඌරෙක් හාරා දෙනවා නොවේ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - One pig will not dig for another (22)

[සංස්කරණය]

  • එක ඇහැකට ඇන්නහම අනික් ඇහෙනුත් කඳුළු එනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - When one eye is pricked, tears will come out of the other too (22) / When one eye is pricked, tears flow from the other eye also - Sympathy between members of one family or community (21)
  • එක ඇහෙන් කියත ඇහැකි [වාග්ව්‍යවහාර] - බැලූ බැල්මටම වැටහෙනවා - English: See with half an eye. Notice the obvious, Tell at a glance (15)
  • එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරනවා වගේ / එක ගලකින් කුරුල්ලෝ දෙදෙනෙක් දඩයම් කළා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - එක් උත්සාහයකින් අරමුණු දෙකක් ඉටු කර ගැනීම (52) / එක ක්‍රියාවකින් ප්‍රයෝජන දෙකක් කර ගන්නවා / එක උත්සහයකින් වැඩ දෙකක් කර ගන්නවා - සමාන: දඹුලුත් වැඳ ගෙන තලගොයිත් මරා ගෙන එනවා (23) – English: Kill two birds with one stone (14) Solve two problems with the same action. Example: He killed two birds with one stone by buying the grocery and visiting the museum on the same route (32) - මීට වෙනස්ව බොරු කීමට උපමා කරන "එක පතොරමෙන් ඌරො දෙන්නෙක් මැරුවා වගේ" කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 9 (11)
  • එක ගෑනියෙක් මතු බලා ඇඬුවා වගේ [විශ්වාස][කතා][උපමා] - As a woman cried in anticipation - රාළ මළහම බඩෙත්එකෙක් කියා ඇඬුවා - A certain woman on the day of her husband's death, in order to work on the feelings of the bystanders, cried out that she had a child in her womb. This child however was never born (22)
  • එක තරහකට ළිඳට පැන්නොත් දහ තරහකට ගොඩ එන්න බැහැ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - If you jump into a well on one provocation, even ten provocations will not enable you to get out of it (21)
  • එක පන්සලේ ඉන්න මහණුන් වහන්සේලා කුඩ මිටි හරවා ගන්නවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even the Buddhist priests who live in the same temple come to loggerheads (22) / Lit. “Turn their umbrella-handles against each other” (21)
  • එක පිට එක වදින කොට මිරිස් ගලත් දුවනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - When one blow follows another, even the grinder begins to run - The grinder is a heavy stone (21)
  • එක මල්ලේ ලුණු කාපු අය [වාග්ව්‍යවහාර] - Like men who had eaten salt out of one bag (21) - ඉතා ළඟින් ආශ්‍රය කළ නිසා එක විදියේ අත්දැකීම් ඇති අය (14) - That is, men between whom there is a strong binding attachment (21)
  • එක මිනිහෙක් සූකිරිවල රස කිව්වා වගේ [විශ්වාස][කතා][උපමා] - Like a certain man's description of the taste of sugar- candy. A certain man -who said that sugar-candy was sweet, being asked if he had ever tasted it, said "no, my brother told me so." On being further questioned as to whether his brother had tasted it, he said "No, my brother said Colombo people eat it" (22)
  • එක රටකට ගියහම ආනන්න (ඈනුම් අරින්න) බැරි ලු, තව රටකට ගියහම කාරන්න බැරි ලු (22) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - In one country you cannot yawn; in another you cannot clear your throat (21)
  • එක වල්ලේ පොල් [වාග්ව්‍යවහාර] - සමාන ගති ගුණ ඇති අය - English: Birds of a feather / Birds of a feather flocks together (14) (23)
  • එක හිත් නම් කමු තම්බා පලාවන්, වෙන හිත් නම් යමු කාවත් බලාවන්, කියා ගෑණියෙක් කීවාලු [උපදේශ][ප්‍රපංච][වාර්තා] - If we are of one mind, let us live even on herbs, if not let us separate (22)
  • එක හරකෙක් වැට කැඩුවහම රංචුවම ඇතුල් වෙනවා ලු 'When one bullock breaks the fence, the whole herd will enter. When one individual of a family, class, or nation, comes into a place, others of his class will soon follow (53).
  • එකක් දොළහයි, අනික දුසිමයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - සමාන: ලහත් තිඹයි තිඹත් ලහයි, වහෙන් ඔරෝ කිව්වත් ඔහෙන් වරෝ කිව්වත් එකයි - English: Six of one and half a dozen of the other - The alternatives are the same: “I can take the bus or the subway to get home; during rush hour, it's six of one, half a dozen of the other.” The phrase, which is sometimes inverted as “half a dozen of one, six of the other,” is merely two ways of expressing the number six.
  • එකට / එක්ක කකා බොටුව කපනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like cutting one's throat whilst eating out of the same dish (22)
  • එකට කෑවත් බොක්ක වෙනස් / එක්ක කතත් බොක්ක වෙනස් ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Though eating together, the stomachs are different (21) එකට වාසය කල ද වාසියේ දී වෙනස් වීම (40)
  • එකම කොට්ටේ හිස තබන් නිදා ගත්තත් දෙදෙනෙක් එකම සිහිනය දකින්නේ නැත (1-275) [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • එකම වළේ වැටිච්ච අය [වාග්ව්‍යවහාර] - එකම කරදරේට පත් වෙච්ච අය - English: Be in the same boat (14) (23)
  • එකා යකා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - පවුලක තනි දරුවෙක් නොහික්මුණු විට (9-168)
  • එට්ටුව පෙරළිලා වගේ (54)
  • එතකොට තමයි තොවිලේ කිව්ව ලු [වාග්ව්‍යවහාර] - නියම තත්ත්වය එළි වී කලබල ඇති වීම - English: Then only the music begins (14)
  • එන එන විදියට ගහ උලුවස්සා [උපදේශ][ප්‍රපංච][විධාන] - අවශ්‍ය පරිදි ක්‍රියා මාර්ග වෙනස් කරන්න - be contingent
  • එනකොට එන්නේ තංගුස් පට දිගේ, යනකොට යන්නේ ගල් කඹත් කඩා ගෙන / එනකොට එන්නේ තුත්තිරි ගස් අල්ලාගෙන යනකොට යන්නේ යකඩ දම්වැල් කඩා ගෙන [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - When good fortune comes, it comes along a wire; when it goes, it breaks even ropes of hemp - That is, in prosperity slight efforts succeed, in adversity even the highest fail (21)
  • එන්න අයියා කන්න බොන්න තාලේ කෙනෙක් [වාග්ව්‍යවහාර] - hail-fellow-well-met - showing excessive familiarity or friendliness - "Arnold was very cheerful in a hail-fellow-well-met sort of way" (15)
  • එපා වාහෙට හොදි බෙදන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like serving soup to the unwanted lover / husband - That is, serving little in quantity, and that too in a careless style (21) / or serving too much gravy (?) - අකමැත්ත ඍජුව නොකියා ක්‍රියාවෙන් ඒත්තු යන විදියට හැසිරීම / අකමැත්ත ප්‍රකාශ කිරීම (44) / නොසැලකිලිමත් ලෙස කරන සංග්‍රහය (52) / ඕනෑවට එපාවට කරන වැඩ ගැන කීමට (48) - සමාන: පල නොකියා පළා බෙදනවා වගේ
  • එළ හරකයි මී හරකයි වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - එකිනෙකාට නොගැළපෙන දෙන්නෙක් - එළ හරකා ගොඩට කැමති ය. මී හරකා කැමති මඩට ය. අදහස් සමාන නැත. ගැළපීමක් ද නැත (33) - English: As chalk is to cheese (14) - ill-assorted
  • එළ හරකා වතුර බීපු තැන වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the place where the ox drank water - Unlike the buffalo, the ox does not muddy the place where he drinks water. Sinhalese girls are asked by their parents to keep their homes “Like the place where the ox takes his fill.” (21)
  • එළදෙන මොටද කිරි තෙල් ටික නොලැබේ නම්? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - නිවසක ජීවත්වන අපට එළදෙනක ඇති කරන්නේ නම් ඒ සඳහා මුදල් හා ශ‍්‍රමය වැය කිරීමට සිදු වේ. එහෙත් ඇගේ කිරි නොලැබේ නම් එම උත්සාහය නිෂ්ඵල වේ (33)
  • එළිපත්ත උඩ ඉන්න බළලා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the cat on the doorstep (22) - You never know which way it will jump (21) - ස්ථිර තීරණයක් නොගෙන සිටීම (39) / තීරණයක් නොගෙන සිටීම (52) / කරන්නේ කුමක්දැයි කිව නොහැකි වීම (43) / ඌට ගෙය තුළටත් අවශ්‍ය නම් මිදුලටත් පැනිය හැකි ය. ස්ථිර ප‍්‍රතිපත්තියක් නැති පෞද්ගලික වාසිය පමණක් සලකා ක්‍රියා කරන අය (33)

[සංස්කරණය]

  • ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් / කෙහෙල් ගෙඩි, කිව්වා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] – English: You can’t fit a round peg in a square hole. You can’t force someone into a role for which s/he is not suited. Example: It took me a while, but I eventually understood that I was a round peg in a square hole in the firm. That’s why I quit for a better fitting role (32)
  • ඒ කැලෙන් මේ කැලේට පැන්නහම මුවාගේ තිත් මැකේ යැ? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Will the spot: of a deer vanish out by jumping from out jungle to another? (22) / Will the spots of a deer vanish by jumping from one jungle to another? (21) - සමාන: කැලේ මාරු වුණාට කොටියා ගෙ පුල්ලි මාරු වෙන්නේ නැහැ වගේ
  • ඒ කියා මේ කියන්න කලින් [වාග්ව්‍යවහාර] - එහා බලලා මෙහා බලන්න ඉස්සෙල්ලා - ඉතා ඉක්මනින් - English: Before you could say Jack Robinson (14)
  • ඒ කෙළි කෝට්ටේ [වාග්ව්‍යවහාර] - That kind of game is good for Kotte (21) - Meaning, “That won’t go down with us.” The person who tried on “that kind of game” and who provoked the above saying was apparently known to be a man of Kotte (21) - ගෙරි හමක් එලා ගැනීමට බිමක් වෙන්කරවා ගෙන බලකොටුවක් තැනුවා වගේ පරංගීන් කෝට්ටේ රජු රැවටීමේ සිද්ධි අනුව බිහි වූ ඔවුන් ලෙහෙසියෙන් රැවටිය හැකි පිරිසක් ය කියන විශ්වාසය (2)
  • ඒ කෙළි නුන්තෙන් [වාග්ව්‍යවහාර] - ඒ සෙල්ලම් හරි යන්නේ නැහැ - That (kind of) game won’t do (21) - Nung-teng is a Portuguese term meaning “not having of the English slang phrases, “No go “(meaning “of no use ”) and “That cock won’t fight “(meaning “That expedient will not do ”), which exactly convey the point of the Sinhalese saying (21) - English: That cock won’t fight (14)
  • ඒ ගහේ කොස් කන්න ඒ ගහේ පොල් ඕනෑ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - To eat the jack of that tree, you want the coconut of that tree (sic) (21) - Boiled jack is usually eaten with the scraped coconut, either in the raw or made into sambal (21) - සමාන: ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් ගෙඩි
  • ඒදණ්ඩ මැද දී අත්වැල කැඩුනා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - උපකාරයට තිබූ දෙය එය ඕනෑම අවස්ථාවේ දී නැතිව යාම - Similar: අතුර මැද දී අත්වැල කැඩුනා වගේ (14)
  • ඒරොප්පෙට ගෙනිච්චත් බළලා ඥාව් ඥාව් කියාවි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Though a cat is taken to Europe, it will still cry “Miaou,” “Miaou.” - සමාන: තූත්තුකුඩියට ගියත් එකම අත පය / රට ගෙනිච්චත් හිරමණය පොල් ගාන්න - Latin: Coelum, non animum, mutant trans mare currunt (21)

[සංස්කරණය]

  • ඔන්චිල්ලාව ඔබ ගියොත් මොබත් ඒවි ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - If the swing goes forward, it will come backward too (22)
  • ඔබ ඉදිරියේ හිටගෙන ඉන්නේ ඇහි පිල්ලමක්වත් නොගසා බෙල්ල කඳින් වෙන්වෙනකම් බයෙන් තොරව බලා සිටිය හැකි මිනිසෙක් කියලා කිව්වලු [පුද්ගලික] – Zen Story - එක සෙන්පතියෙක් රටක් ආක්‍රමණය කර එහි සෑම ගමක්ම තමා යටතට ගැනීමට ගමක් ගමක් පාසා යමින් සිටියේය. මෙම සෙන්පතියාගේ දරුණුකම සහ හමුදාවේ විනාශකාරී බව ගැන අසා තිබූ ගම්වාසීහු හමුදාව එන බව ඇසූ පමණින් ගම් බිම් අතහැර පලා ගියහ. එක් ගමක සිටි භික්ෂුවක් පමණක් පලා නොගොස් එහිම රැඳුනි. මෙම වයසක භික්ෂුව ගැන කුතුහලයක් ඇති වූ සෙන්පතියා මොහු කුමන වර්ගයේ පුද්ගලයෙක්දැයි බැලීමට එම පන්සලට ගියේය. සෙන්පතියා සාමාන්‍යයෙන් පුරුදුව සිටි යටහත් පහත් භය පක්ෂපාතී සැළකිල්ල වෙනුවට භික්ෂුව සාමාන්‍ය අයකු ලෙස සෙන්පතියාව පිළිගැනීම නිසා ඔහු උරණ විය. "මෝඩයා උඹට තේරෙන්නේ නැත්ද උඹ ඉදිරියේ හිටගෙන ඉන්නේ ඇහි පිල්ලමක් ගහන්න කලින් උඹේ හිස කඳින් වෙන් කරන්නට පුළුවන් තරම් මිනිහෙක් කියලා" සෙන්පතියා කඩුවට අත යවන ගමන් කෑගැසුවේය. "ඔබට තේරෙන්නේ නැද්ද ඔබ ඉදිරියේ හිටගෙන ඉන්නේ ඇහි පිල්ලමක්වත් නොගසා බෙල්ල කඳින් වෙන්වෙනකම් බයෙන් තොරව බලා සිටිය හැකි මිනිසෙක් කියලා" භික්ෂුව තැන්පත්ව පිළිතුරු දුනි. / During the civil wars in feudal Japan, an invading army would quickly sweep into a town and take control. In one particular village, everyone fled just before the army arrived - everyone except the Zen master. Curious about this old fellow, the general went to the temple to See for himself what kind of man this master was. When he wasn't treated with the deference and submissiveness to which he was accustomed, the general burst into anger. "You fool," he shouted as he reached for his sword, "don't you realize you are standing before a man who could run you through without blinking an eye!" But despite the threat, the master Seemed unmoved. "And do you realize," the master replied calmly, "that you are standing before a man who can be run through without blinking an eye?"
  • ඔය බලියට ඔය කට ඇති [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Such a mouth is good enough for such a “Baliya” (21)
  • ඔය අණ්ඩර දෙමළ මට තේරෙන්නේ නැහැ [වාග් සම්ප්‍රදාය] He is a fool who bows down, whilst he is beaten, and he is a fool who beats whilst he is bowed to ' I don't understand that Andara, and that Tamil.' Applied to an unintelligible jargon/ This is also a historical proverb, which has come down to us from very remote times. The word Andara, which I have no doubt is a corruption of the Sanskrit Andhra (another term for Telegu) is not known at present to any native, except perhaps to learned scholars, and the proverb therefore must have originated at a time when that word was commonly known (53).
  • ඔරුව පෙරලුනාම ඒ පිටට වඩා මේ පිට හොඳෙයි කිව්වා ලු / පෙරලුනු පිට හොඳයි කීම [විශ්වාස][කතා][වාර්තා] - Like saying that the wrong side of the boat is better than the other when the boat is upset (22) - "පෙර මලලා පැදගෙණ යන ඔරුව තුට - පෙර ලීලා බඩු පට්ටන් ගියයි වට - පෙර ලීලා ඌ ඉඳගෙණ අනිත් පිට - පෙර උන් පිටට කදිමයි කීය මේ පිට"
  • ඔරුවට ලොකු කොල්ලෑව වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the outrigger that is bigger than the boat (22)
  • ඔරුවෙ බර අඩු කිරීමට කද කරට ගත්තා වගේ [විශ්වාස][කතා][උපමා] - අණුවන ක්‍රියාවක් සිදු කිරීම (41) – Synonymous: ඉරට්ට මෝඩයා යැයි නම් ලත් එකා වගේ
  • ඔලුව අත ගාලා ටොක්කක් අනිනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - වර්ණනා කරන ගමන් පහර දෙනවා (14)
  • ඔලුව අතගාලා ඇහැ උලුප්පන් කනවා වගේ One pats on the head, to pluck out the eyes. Employing arts of flattery to work one's ruin (53).

[සංස්කරණය]

  • ඕනෑ කමට කබරගොයත් තලගොයා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - You call a kabaragoya a talagoya when you want (to eat) it - The flesh of the kabaragoya or large spotted lizard (Hydrosaurus salvator, order Sauria) is generally not eaten. A variant of the above is, upon emergency, you can make a Talagoya of even a Kabaragoya (21) – Synonymous: කන්න හිතුනම කබරගොයත් තලගොයා වෙනව ලු / කතොත් මොනර මහ ලු නොකතොත් කපුටු මහ ලු
  • ඕවා අලින්ගේත් අපේත් වැඩ කිව්වා ලු [විශ්වාස][කතා][වාර්තා] - තමන්ට කළ නොහැකි වැඩ තමන් විසින් කරන ලද බව ලෝකයාට ඇගවීම (41) කුමාරතුංග මුනිදාස ගේ හීන් සැරය කතාව ඇසුරෙන් (?)
  • ඕවිටිගල මිනිහා වගේ [විශ්වාස][කතා][උපමා] - Like the man of “Ovitigala” - තමන් ඉන්න තැන අමතක වී අනුවණ ක්‍රියාවක් කිරීම - A man of Ovitigala (a village in the Kalutara District) was drawing toddy from a kitul tree (Toddy Palm) when somebody from his home came running to the foot of the tree and shouted up to him that his wife had given birth to a son. Forgetting where he was, the toddy- drawer forthwith began to measure his shadow on the branch of the tree, in order to ascertain the hour of birth, for the calculation of the child’s horoscope. He fell down and died (21) සමාන: මහ නායක වුනත් ගම තුම්පනේ / මග්ගොන මිනිස්සු ලිං තැඩලුවා වගේ / පස්දුන් කෝරළේ මිනිස්සු වගේ

[සංස්කරණය]

  • කකුළුවා උගේ පැටව් කනවා ලු [විශ්වාස][ප්‍රපංච][උපමා]
  • කකුළුවා නටන්නේ දිය රත්වෙන තුරු ලු / කකුළුවා දිය රත් වෙනකම් කරන සෙල්ලම වගේ [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - The crab plays about in the water in which he is being boiled till it gets hot (22) / Like the crab’s gambols till the water gets hot (21) - විපතකට පත්වීමට පෙර තාවකාලික සතුටක් ලැබීම (45) - It is the practice to boil crabs alive in a pot, for food. The proverb is applied to any short-lived enjoyment which is succeeded by much suffering, especially to the enjoyment of sensual pleasures (21) - ලෝ වැඩ සඟරාව "ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ - සැපයක් යයි කකුළුව දිය කෙළියේ - එපවත් තොප සිතතොත් නොහැකිළියේ - සැපයක් නම් නැත මේ රස කෙළියේ"
  • කකුළුවා පැත්තෙන් පැත්තට යමින් පැටවුන්ට කෙළින් එන්න කියනවා වගේ / කකුළුවා ඇදේට/ හරහට යමින් පැටවුන්ට කෙළින් යන්න කියනවා වගේ / කකුළුවා පුතාට කෙලින් යන්න කීවා වගේ / කකුළුවා පැටවුන්ට කෙලින් යන්න ඉගැන්නුවා වගේ (41) [උපදේශ][ප්‍රපංච][උපමා] - The parent crab who walks crooked, tells its young ones to walk straight (22) - තමා වැරදි කරමින් අන් අයට අවවාද දීම (52) - English: Practice what you preach. Behave in the way that you encourage other people to behave in. Example: You keep telling us to go for a jog in the morning, but I wish you would practice what you preach (32)
  • කක්කුටු බෙන වහන්නේ නැතිව වක්කඩ බැඳලා වැඩක් නැහැ [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - යමක් සොරා ගෙන යාමට ඇති ප්‍රධාන මාර්ගය වැහුවට වැඩක් නැහැ, පොඩි පොඩි පාරවල් වහන්නේ නැතිව
  • කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙලුවැල්ලෙන් ලු (9-22, 116) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even though the “kachchiya “goes for a “pichchiya,” the dog goes naked (21) - Kachchiya, according to Clough, is “a piece of linen cloth no part of which has been torn off ”—generally 40 yards in length. Pichchiya is a pice, one and a half cents in Ceylon currency today. - Jamaican proverb: “Darg say no care how clot’ a sell cheap, him no wear none.” (21)
  • කට ඇති ඇත්තටමලු රට (33) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Those who have the mouth have also the country for themselves (21)
  • කට කහනවාට කියාපු කීමක් නොවේ [වාග්ව්‍යවහාර] - Not a saying uttered merely because the mouth itched (14)
  • කට පියාගෙන සිටිනා තාක් මෝඩයා පණ්ඩිතයෙකි [ආප්තෝපදේශ]
  • කට බහ ඇති ගෑණි ඇති කරන කිකිළිත් අඬලනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even the hen reared by a talkative woman crows (21)
  • කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - The tongue does not lie, though the mouth may (21)
  • කටත් එක වාජ්ජමකි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The mouth is also a sort of sound-producer - The word Vdjjama, used here, literally means tom-tom (21)
  • කටින් බතල කොළ හිටවනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like planting sweet potato leaves with the mouth (21) / Like planting potato leaves with the tongue (22) verbally –යම් කාර්යයක් නොකර එය කරන බව කීම (14) / යමක් කතාවට පමණක් සීමා කිරීම (49)- Words without deeds. Batala is a plant the root of which Is the sweet potato (21) - “පතලකර අසනු මිතුරන්ගෙ ගති - දෙපල තදවෙලා නම් ගැලවීමක්ම නැති - දුබල අය ලොක්කො නෑයින් බව කියති - බතල කොල කටින් සිටුවන්නට දනිති”
  • කටු ගාලේ පිපුණ මල වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like a flower blossoming among brambles (21)
  • කටුවකින් කටුවක් අරින්න බැරි නම් මෝල් ගහෙන් අරින්න ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - If a thorn be not removed by a thorn, can it be extracted by a pestle? - A delicate matter requires delicate handling (21)
  • කටුස්සන් කාපු බැළලි වගේ [වාග්ව්‍යවහාර][උපමා] - Like the cat which has eaten chameleons - Sickly within and forbidding looking without (21)
  • කටුස්සා පිදුරු ගොඩට පැන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the chameleon jumping on a heap of straw - Made no impression on the straw which did not feel the weight (21)
  • කටුස්සාගේගෙලේ රත්තරන් පළඳුවා වගේ / කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ [උපදේශ][සාහිත්‍ය][උපමා] - Like adorning the chameleon with a gold ornament (22) - යම් වස්තුවක් ලැබීමෙන් ඉතා ආඩම්බර වීම (39) / නුසුදුසු පුද්ගලයින්ට තනතුරු දීම (49) / නුසුදුස්සාට අනවශ්‍ය ලෙස බුහුමනු දුැක්වීමෙන් අහංකාර වීම / යම් පුද්ගලයකු හදිසියේ ධනවත් වීමෙන් වීමෙන් හෝ තනතුරු තාන්න මාන්න ලැබීමෙන් හෝ ආඩම්බරව හැසිරෙන විට / ළඟ දී යම් කිසි වස්තුවක් ලැබී ඉතා ආඩම්බර වීම (52) / අඥාණවද්තයෝ ධනය වස්තුව ලැබීමෙන් උඩඟු වේ, යමක වටිනාකම නොදත් යමකුට එය පිරිනැමීම සිදු වූ විට (37) - එක දවසක් රජතුමා මහෞෂධ පඬිතුමා සමග උයනට ගියෝ ය. උයනේ තොරණ මත වාසය කරන කටුස්සෙක් රජතුමා එනු දැක තොරණින් බැස ආචාර කළේය. රජතුමා මෙය දැක මහෞෂධ පණ්ඩිතයෙනි,කටුස්සා කුමක් කළේ දැයි ඇසූහ. දේවයන් වහන්ස ඔබ වහන්සෙට ආචාර කළේ යැයි කීහ. එසේ නම් ඒ ක්‍රියාව සඳහා මම ඔහුට වස්තුව දෙමියි රජු කීහ. කටුස්සාට වස්තුවෙන් වැඩක් නොවන බවත් කෑමට යමක් දුන්නහොත් වටින බවත් මහෞෂධ පඬිතුමා කීහ. කටුස්සා කන්නේ මොනවාද? රජු ඇසූහ. මස් කන බවත් රත්තරන් වී ඇටයක් පමණ බරට දිනපතා මස් ප්‍රමාණයක් දෙන්නට යැයි මහෞෂධ පඬිතුමා කීහ. රජතුමා මිනිසෙකු ගෙන්වා රන් වී ඇට දෙකක් දී එහි බරට මස් ප්‍රමාණයක් දීමට අණ කළේය. මිනිසාද රජ අණ ලෙස දිනපතාම වී ඇට දෙකක බරට මස් ප්‍රමාණයක් කටුස්සාට දුන්නේය. එක් පොහෝ දිනයෙක මස් සොයා ගත නොහැකි වූ හෙයින්, රාජ අණ ක්‍රියාත්මක නොකලහොත්දඩුවම් ලැබිය හැකි නිසා රන් වී ඇට සිදුරු කොට නූලක අමුණා කටුස්සාගේ කරේ බැන්දෙය. එදා රජතුමා යලිත් උයනට ආවෝය. රජතුමා එනු දුටු කටුස්සා දැන් නුඹ සේම මමද වස්තුව ඇත්තෙක්මි යි මහත් ආඩම්බරයෙන් පවසා තොරණ උඩටම වී සිටියේය (47) - A king who had observed that a chameleon was in the habit of getting down a tree and saluting him whenever he was Seen, ordered a gold earring to be put on the chameleon’s ear. On the following day however, the chameleon instead of behaving towards the king as before, on Seeing him went up the tree and took no notice of him (22)
  • කටේ කිරි සුවඳ ගියේ නැති [වාග්ව්‍යවහාර] - තුරුණු වියටවත් පත්ව නැති බාල ළමුන් ගැන (14)
  • කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් පෙරෙනවා (2) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - කට හසුරුවා ගන්නට නොදැනීමෙන් සිදු වන අවාසි ගැන කීමට (48) - අදාළ කතාව: මිනිසුන් දෙදෙනෙක් දුර ගමනක් යන විට රෑට නවාතැන් ගත ගෙදරක නවාතැන් ගෙන බත ඉදෙනකන් ගෙදර වහලේ පරාල මේක තල්ලී, මේක පොල් ලී ලෙස කියමින් පරාල ගණන් කළා. මේ ගෙදර සිටි තරුණියන් දෙදෙනාගෙන් එක් අයකු ගේ දත් බොල්ලෑ බැවින් ඇයට ගමේ මිනිස්සු සරදමට කීවේ "බොල්ලී" කියලා. අනික් තරුණිය කළු නිසා ඇයට කීවේ "කල්ලී" කියලා. තමන්ට විහිළු කරනවා යැයි සිතූ තරුණියන් පොලු දෙකක් ගෙන මගීන් දෙදෙනාට තඩි බාන්න වූ විට ඔවුන් දෙදෙනා දුවන්න ගත්තා. ඔවුන් බත් හැලිය අමුඩ ලේන්සුවෙන් බැඳ තිබුණු නිසා කැඳ බත් අමුඩ දිගේ පෙරෙන්න පටන් ගත්තා. මොවුන් දුවන කොට වටේ උදවිය ඇහුවා "ඔය වැක්කෙරෙන්නේ මොනවාද" කියලා. "කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් පෙරෙනවා" යැයි කියමින් මගීන් දෙදෙනා දිගටම දිව්වා (54).
  • කඩන්න බැරි මල බුදුන්ගේ නමට පූජා වෙච්චාවෙයි කීවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Like saying of the flower which cannot be plucked "Let it be offered to Buddha" (22)
  • කඩුල්ලත් එක්ක අමුඩෙ ගැහුවා වගේ / එක මෝඩයෙක් අමුඩේ ගැහුවා වගේ [උපදේශ][කතා][උපමා] - Like the way in which a certain fool tied bis truss (22) / Like the way in which a certain fool tied his loin cloth (21) - මෝඩ වැඩක් සිදු කිරීම - එක්තරා ගැමියෙන් සොරෙකු ලුහුබැද යන අවස්ථාවේදී කඩුල්ලකින් පැනයන විට ඔහුගේ අමුඩෙ ගැලවි ඇත. කලබලයෙන් හෙතෙම කඩුල්ල හරහා දමා තිබූ ලීයද සමගම අමුඩේ රෙදිපොට තදකර ගත්තේලු. ඒම නිසා එතැනින් ඉදිරියට යාමට නොහැකි වූ හෙයින් පසුපසින් ආ තවත් සොරෙකු විසින් තමන් අල්ලා ගන්නා ලදැයි සිතා මහ හයියෙන් කෑ ගහන්නට විය. ඒ හඩ ඇසී එතැනට පැමිණි මිනිසුන්ට එතැන සිදු වී ඇති දෙය වටහා ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය (41) - A certain person who had gone out to catch thieves sat on a stile and unconsciously tied his truss so as to get entangled in it. Being however unable to get away when he attempted to run after thieves, thinking that he held down by someone he cried out “Let me go! let me go!” (22)
  • කඩුල්ලේ තරම දැන ගෙන කද බඳිනු [විශ්වාස][ප්‍රපංච][විධාන] - අප කිසියම් ක්‍රියාවක් කළයුත්තේ නුවණ මෙහෙයවා අවසානයේ ලැබෙන ප‍්‍රතිඵල ගැන සිතා ය (33) - සමාන: මහදැනමුත්තා ඇතා ගන්න තාප්පේ කැඩුවා වගේ (?)
  • කඩුව රනින් වුවත් මරණය මරණය මයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • කඩුවට වඩා පෑන බලවත් [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - රන් කගට වඩා සැඩ - පන්හිඳක බලනු හැඩ
  • කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - Like the blind turtle peering at the sky through the chink in the oxen’s yoke (21) - කිසිදාක සිදු විය නොහැකි දෙයක් හෝ ඉතා කලාතුරකින් සිදු වන දෙයක් - When does this eventuality occur? First, a bullock-cart must break down on the road, and so heavy a shower must fall that the yoke of the cart must be washed down by a flood to the river, whence it must be carried to the sea. There’ when it is floating about, tossed on the waves, a one-eyed turtle must come along, and, keeping its single eye glued as it were to the chink in the yoke, peer at the sky. How often can this concatenation of events take place in time? English: When the Greek Calends arrive. The Greek calends. A time that is expected to never arrive or occur. (Used after a preposition, especially "at," "on," or "till.") A reference to the day of the new moon and the first day of the month in the ancient Roman calendar, which the Greeks did not observe. (21) - ලෝවැඩ සඟරාව "දිගු පුළුලින් සක්වළ වන් සිඳු කුස - සිය වසකින් උඩ එන කැස්බෑ හිස - විය සිදුරෙන් නැගෙතත් දුගතිය බැස - තව උපදින්නට බැරි මෙ මිනිස් කුස"
  • කණ කොකා ගේ සුද පෙනෙන්නේ ඉගිලුනාම ලු / කණ කොකාගේ සුද පේන්නේ ඉගිළෙන විට ලු / කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොට ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The white of a kana crane appears only when it flies (22) - The upper part of the body of a Kana koka (A species of crane) is brown, and the lower is white (39) - කණකොකා ගුරු පාටය. උගේ සුද පෙනෙන්නේ ඉගිළෙන විට ය.කෙනෙකුගේ නියම ස්වරූපය පැහැදිලිව දැකගත හැක්කේ එම තැනැත්තා සිදුකරන කාර්යයන් දෙස බැලීමෙනි - "සැම දුක් නිවෙන්නේ නිවසට ගිය විටලු - ගුණ දොස් පෙනෙන්නේ හිත ඇති පැත්තටලු - බිම සක් දුව්න්නේ සකි උපදෙසකටලු - කණ කොක් සුද පේනේනේ ඉගුලුන විටලු"
  • කණ මී දෙනගේ ඇඟේ තෙල් ඇගේ ඇස් රෝගෙටත් මදි ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The ghee obtained from the milk of a blind she-buffalo is not enough even for a disorder in her eye (22)
  • කණට යවුල් වගේ [වාග්ව්‍යවහාර] - විරුද්ධ කණට මී බඳු වගේ
  • කණා ගල් ගැහුවා වගේ / කණා ගහන ගල වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the stone flung by a blind man (21) - ඇස් පෙනෙන අය යම් ඉලක්කයක් බලා ගල් ගැසුවත් කණා ගසන ගල් එහෙ මෙහ කොහේ හරි යයි (33)
  • කණා බල්ලන් ගහනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - හරි අත නොදැන කාට හෝ වදින්න කියා හතර වටේටම ගැහීම, ඉලක්කයක් නැතිව වැඩ කිරීම - කණා ගැසීම නමින් පැරණි ක්‍රීඩාවක් ද තිබේ - සමාන: වනා තබන වෙඩි - English: 1. Blunderbuss - a short large bored gun firing balls or slugs where the bullets will spread a wide range - an action or way of doing something regarded as lacking in subtlety and precision - "economists resort too quickly to the blunderbuss of regulation" (15), 2. A Random Shot
  • කණාගේ හැරමිටිය හැංගුවා සේ (10) [විශ්වාස][ප්‍රපංච][උපමා] - යමෙකුට යමක් කිරීමට අත්‍යවශ්‍යම දෙයක් අහිමි කිරීම
  • කණාට අහුවුනු බලු මැක්කෙක් වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the dog-flea which the blind man has got hold of - He cannot See what exactly it is and does not let it off for that reason (21) / Like a flea caught in the fingers of a blind man. Caught steadily and firmly without any chance of escape (54).
  • කණේ මී පැණි වක්කරන්නා වගේ [වාග්ව්‍යවහාර] - විරුද්ධ - කණේ කොහොඹ මිරිකනවා වගේ - Like pouring bee honey into the ear - Praising a man highly within his hearing (21)
  • කතා සරිත් සාගරය වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - සුහද සාමීචියේ හෝ අල්ලාප සල්ලාපයේ නොනවත්වා යෙදී සිටීම හෝ ගිලී සිටීම - සෝමදේව සංස්‌කෘත බසින් රචනා කළ "කතා සරිත් සාගරය" ඇසුරින් / "කථා සරිත්සාගරය කථා සාහිත්‍යයේ අග්‍රගණ්‍ය වූ ග්‍රන්ථයකි. එය කාශ්මීරයේ විද්වතෙක්‌ වූ සෝමදේව විසින් ත්‍රිගර්ත නැතහොත් කුල්ලුතාංගඩාවේ රජුගේ දියණිය වන, කාශ්මීරයේ අනන්ත රජුගේ බිසව වන සූර්යවතීගේ මනෝව්නෝදය සඳහා ක්‍රි. ව. 1063 - 1081 අතර කාලයේ රචනා කරවන ලදී. ග්‍රන්ථයේ ශ්ලෝක සංඛ්‍යාව 21, 388 ක්‌ වෙයි. මෙහිදී ලේඛකයා විසින් තරංග වශයෙන් 124 ක්‌ හා ලම්බක වශයෙන් 18 කට සංග්‍රහ කර ඇත. මෙම ග්‍රන්ථය වර්තමාන ස්‌වරූපයෙන් ලොකු කුඩා කථාවල සංග්‍රහයක්‌ වෙයි. සෝමදේව විසින් මෙය කථාරූපී ගංගාවන්ගේ සාගරය වශයෙන් දක්‌වා තිබේ. ඔහු ග්‍රන්ථයේ ආරම්භයේදීම "වෘගත්තථායඃ සාරස්‍ය සංග්‍රහං රමයාම්‍යහම්" යනුවෙන් බෘහත් කථාවේ හරය සංග්‍රහකොට තමා මෙය රචනා කරන බව දක්‌වා ඇත (42).
  • කතාව දෝලාවෙන් ගමන පයින් [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - To go on foot after talking of going in a palanquin (22) / Talk of palanquins and journey afoot (21) - කතාවට වඩා ක්‍රියාව වෙනස්ව සිදු කිරීම / තමාගේ තත්ත්වයට වඩා ඉහළින් බොරු ශෝභන මවාපාන අය
  • කතොත් මොනර මහ ලු නොකතොත් කපුටු මහ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - What one has a desire to eat is to him peacock flesh •, what one has no desire to eat is to him crow flesh (22) / What you relish to eat is like peacock flesh, otherwise it is crow flesh (21) - Synonymous: ඕනෑ කමට කබරගොයත් තලගොයා ලු / කන්න හිතුනම කබරගොයත් තලගොයා වෙනව ලු
  • කන්ද කෙන්ද කරනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - වැදගත් දෙයක් හෝ වැදගත් කෙනෙක් පාච්චල් කර කතා කර එය නොවැදගත් බව සමාජයට පෙන්වීමට තැත් කිරීම උදා: ලූෂන් බුලත්සිංහල "කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා"
  • කන්දක් නැග්ගොත් පල්ලමක් ඇති ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - සමාන: උඩ පැන්නොත් බිම වැටේ ලු - English: What Goes Up Must Come Down
  • කන්දක් ඇර කන්දකට ගියාම දිවියාගේ තිත් මකේද? Although the leopard goes from one hill to another, will he change his spots? (53)
  • කන්න දුන්න අත සපා කන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - මුල අමතක කොට තමාගේ දියුණුවට අත හිත දුන් අයට විරුද්ධකම් කිරීම - English: Don’t bite the hand that feeds you. Don’t act badly toward the person who has helped you or from whom you derive some benefits. Example: Don’t bite the hand that feeds you by talking ill of your mentor for such a small thing (32)
  • කන්න හිතුනම කබරගොයත් තලගොයා වෙනව ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - අව්‍යශතාවය ඇති විට මුලින් විරුද්ධ වූ දෑද සුබවාදී ලෙස පෙනීම (45) Synonymous: ඕනෑ කමට කබරගොයත් තලගොයා ලු / කතොත් මොනර මහ ලු නොකතොත් කපුටු මහ ලු
  • කපන්න බැරි අත ඉඹිනවා වගේ (14) [විශ්වාස][ප්‍රපංච][උපමා] - To kiss the hand that cannot be cut off (22) - යමක් නැති කරන්න බැරි තැන අකැමැත්තෙන් වුනත් එයට කැමති බව පෙන්වා බාර ගැනීම (14) / යම් කෙනෙකුට ඔහුගේ විරුද්ධකාරයා විනාශ කිරීමට අවශ්‍ය වෙයි. එහෙත් එම තැනැන්තා ද බලවතෙක් නම් එය කළ නොහැකි වෙයි. එවිට ඔහු එකී තැනැත්තා සමඟ මිත‍්‍රවීමට ක්‍රියා කරයි. ඒ හිත හොඳින් අවංකව නොවේ (33) / පළිගැනීමට නොහැකි වූ විට ව්‍යාජ ලෙස පිළිගැනීම (45) / යමෙකුගෙන් පළි ගැනීමට හෝ තමාට යමක් කර ගැනීමට නොහැකි වූ තැන බොරුවට හිතවත් කම් පෙන්වීම (39) – English: If you can’t beat them, join them - If you can’t beat your opponent, then work alongside them for mutual benefit. Example: ABC Pvt. Ltd. has struck partnership with its competitor after it failed to gain market share despite aggressive marketing. If you can’t beat them, join them (32) / Somewhat similar: make a virtue (out) of necessity. : to benefit from something that one is forced to do When he lost his driver's license, he made a virtue out of necessity and got in shape by riding his bike to work (15) / සමාන: කළු හාමිගෙ පියා දෑවැද්ද දුන්නා වගේ
  • කපාල අඳින මහත්තයෙක් [වාග්ව්‍යවහාර] - නොකපා අඳින සරම වෙනුවට කපාලා අඳින කලිසම් අඳින
  • කපුටන් හත් දෙනෙක් වමනේ කරපු කතාව වගෙයි [විශ්වාස][කතා][උපමා] - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 23 (11) English: Seven At One Blow - A tailor is preparing to eat some jam, but when flies settle on it, he kills seven of them with one blow of his hand. He makes a belt describing the deed, reading "Seven at One Blow". Inspired, he sets out into the world to seek his fortune. The tailor meets a giant who assumes that "Seven at One Blow" refers to seven men. The giant challenges the tailor. When the giant squeezes water from a boulder, the tailor squeezes milk, or whey, from cheese. The giant throws a rock far into the air, and it eventually lands. The tailor counters the feat by tossing a bird that flies away into the sky; the giant believes the small bird is a "rock" which is thrown so far that it never lands. Later, the giant asks the tailor to help him carry a tree. The tailor directs the giant to carry the trunk, while the tailor will carry the branches. Instead, the tailor climbs on, so the giant carries him as well, but it appears as if the tailor is supporting the branches. Impressed, the giant brings the tailor to the giant's home, where other giants live as well. During the night, the giant attempts to kill the tailor by bashing the bed. However, the tailor, having found the bed too large, had slept in the corner. Upon returning and seeing the tailor alive, the other giants flee in fear of the small man. The tailor enters the royal service, but the other soldiers are afraid that he will lose his temper someday, and then seven of them might die with every blow. They tell the king that either the tailor leaves military service, or they will. Afraid of being killed for sending him away, the king instead attempts to get rid of the tailor by sending him to defeat two giants along with a hundred horsemen, offering him half his kingdom and his daughter's hand in marriage if the tailor can kill the giants. By throwing rocks at the two giants while they sleep, the tailor provokes the pair into fighting each other until they kill each other, at which time the tailor stabbed the heart of the giants. The king surprised the tailor has succeeded, baulks on his promise, and requires more of the tailor before he may claim his rewards. The king next sends him after a unicorn, another seemingly impossible task, but the tailor traps it by standing before a tree so that when the unicorn charges, he steps aside, and it drives its horn into the trunk. The king subsequently sends him after a wild boar, but the tailor traps it in a chapel with a similar luring technique. Duly impressed, the king relents, marries the tailor to the princess, and makes the tailor the ruler of half the original kingdom. The tailor's new wife hears him talking in his sleep and realizes with a fury that he was merely a tailor and not a noble hero. Upon the princess's demands, the king promises to have him killed or carried off. A squire warns the tailor of the king's plan. While the king's servants are outside the door, the brave little tailor pretends to be talking in his sleep and says "Boy, make the jacket for me, and patch the trousers, or I will hit you across your ears with a yardstick! I have struck down seven with one blow, killed two giants, led away from a unicorn, and captured a wild boar, and I am supposed to be afraid of those who are standing just outside the bedroom!" [6] Terrified, the king's servants leave. The king does not try to assassinate the tailor again and so the tailor lives out his days as a king in his own right.
  • කපුටාට වනේ කැක්කුම මොට ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - The pain of an animal's wound is of no consequence to the crow (22) - Which keeps pecking at the wound callously (21) සමාන: ගොනා වණ ගින්නේ, කපුටා මස් ගින්නේ
  • කපුටු කූඩුවේ හැදුනත්, එකම ලෙසට පෙනුනත්, කොවුලා හඬින් හැඳිනිය හැක [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - එක වගේ බාහිර පෙනුමැති දෙදෙනෙක් වුවත් කතාවෙන් හෝ ක්‍රියාවෙන් සුදනා කවුද දුදනා කවුද කියා හඳුනා ගත හැක / අයහපත් පරිසරයක ඉන්නා යහපත් කෙනා ඇයගේ ක්‍රියාවෙන් තේරුම් ගත හැක - සුභාෂිතය "අම රස වන් අඹ රස බුදිමින් සිනිඳු - නිති ගෙඋයන් පෙදෙසෙහි සරමින් පසිඳු - එක පැහැයෙන් ඉඳිතත් කොවුලනට බඳු - නද පමණින් දැනගත හැකි රිටුන් ඉදු" - සුභාෂිතය "නිතින් දුදන සමඟව සුදන විසුවද - පසන් ගුණෙන් ලොව සත හටවෙති සුහද - රිටුන් විමන ඇති වූ කොවුලන්ගේ නද - අසන්නවුන් යුග සවනට වේය නද" – සුභාෂිතය “බුදිත් මිහිරි මී අඹ රසය සතොසින - ඉඳිත් සොඳුරු ගෙඋයන්වල තුරු මුඳුන - සිරිත් මේ ඈ කරගත් කොවුලන් ලෙසින - වසත් කලැ දැනෙයි රිටු පරපුටු නදින”
  • කපුරු දැව් තැන අළු නැති ලු [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - Where camphor is burnt, no ashes will be left (22)
  • කපුවගෙ පුතා දේවාලෙ කැත කළාට දෙයියො තරහ නැතිලු (33) [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - The God does not get angry when the Kapurala’s son befouls the Devalaya (21) - A Devdla is a temple dedicated to some Hindu God or local divinity. A Kapurala is the officiating priest of a Devala (21)
  • කප් රුක තියෙන උතුරු කුරු දිවයිනේත් යක්ෂ බය තියෙනවා ලු [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - සියලු අංගයන්ගෙන් සම්පූර්ණ ස්ථානයක් ලෝකයේ කොහේවත් නැත - ලෝකෝපකාරය "හැම සැපම ඇතිතැන් - මුළු ලොවම නැති නැණින් බැලුවත් - කප්තුර පවා ඇති - උතුරු කුරු දිව යකුන් බිය වේ"
  • කප්රුකේ කපුටෝ කූඩු හදන්නේ නැහැ [විශ්වාස][සාහිත්‍ය][නිශේධ] - උසස් හෝ හොඳ ස්ථානයකට නරක අය නො ඒ - සුභාෂිතය "සුර තුර විමන වෙද රිටුනට කවර කල"
  • කබරයාට තලනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - නිෂ්පල දඬුවමක් දීම (45)
  • කබරු අන්ජිලා මාලු කෑවේ කවද ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - When did “Kabaragoyas/Monitors” eat “Anjila” fish? Anjila is a kind of Seer fish which makes a delectable dish (21)
  • කබලෙන් ලිපට පැන්නා වගේ / කබලෙන් ලිපට වැටුණ වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - අමාරුවක වැටී සිටින විට ඊටත් වඩා අමාරුවකට වැටුණු බව කීමට (48) / පැමිණි කරදරයෙන් බේරීමට මහන්සි ගන්නා විටඊටත් වඩා ලොකු කරදරයක වැටීම / කරදරයකට පත්ව සිටියදී ඊටත් වඩා කරදරයකට පත් වූ අවස්ථාවක (37) - සමාන: අව්වෙන් දාච්චි මිනිහා ගින්නට පෙරළුවා වගේ, කොරේ පිටට මරේ, ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්න වගේ - English: 1. Confusion Worse Confounded. Idiom. Disorder made worse than before. “With ruin upon ruin, rout on rout, Confusion worse confounded.” 2. From the frying pan to the fire (14)
  • කම්මලේ ඇති වෙච්ච බල්ලා හේනේටත් බය නැහැ ලු (22) (14) [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - The dog that has been brought up in a blacksmith's shop is not afraid even of thunder (22) / The dog reared in a blacksmith’s forge is not afraid even of thunder (21) - ඉතාම සැඩ පරුෂ දේට පුරුදු වූ කෙනා ඊට අඩු දෙයකට හෝ සමාන දෙයකට බිය වෙන්නේ නැහැ (14) - "තුම් සුගත් දහම නොසොයන් අතු ගොල්ලා - යම් තමක් නොමැත බය නිරයට තුල්ලා - කම්මලෙහි නිතර ඇති දැඩි උන බල්ලා - යම් බයක් නැතිලු හෙණයට නුඹ පල්ලා”
  • කම්මලේ බල්ලා වගේ [වාග්ව්‍යවහාර][උපමා] -නිතර ම කරදර පැමිණීමෙන් ජීවිතය එයට හුරු වේ. (45)
  • කම්මැලිකම පාපයේ මුල් පියා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Laziness is the father of sin (22) / Laziness is the first father of sin (21)
  • කම්මැලියාට දිවැස් ලු / කම්මැළියාට දිවැස් තිබේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The sluggard can prophesy (22) / The sluggard has the gift of prophecy (21)
  • කයිමන් දොරකොඩ වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - කයිමන් දොරකොඩ යනු කොළඹ උතුරු කොටසෙහි පිහිටි ස්ථානයකි. එය ජනවහරේ යොදන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉඩ කඩ ඇති ස්ථානයක් ගැන කියනු පිණිසයි. කිසියම් ගෙයක සියලුම දොර ජනෙල් ඇර දමා තිබෙන විට එය හරියට "කයිමන් දොරකොඩ වගේ" යැයි කියනු ලැබේ (9-138)
  • කරත්ත රෝදෙට අහුවුන කජු ලෙල්ලක් වගේ / බීරොල්ලක් සේ (7-71) [වාග්ව්‍යවහාර][උපමා]
  • කරත්තෙට බැන්ද ගොනා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - බර අදින්නා - English: Packhorse - a horse used to carry loads.
  • කරත්තේ බැන්ද ගමන් [වාග්ව්‍යවහාර] - රස්සාවේ හෝ වැඩක යෙදී ඉන්න ගමන් - අවුරුදු හැත්තෑවට වැඩි වුනත් ඇය තාම කරත්තේ බැන්ද ගමන් - English: In Harness - in the routine of daily work - "a man who died in harness far beyond the normal age of retirement" (15)
  • කරවල වෙළඳාමේ ඇවිත් සුදු සඳුන් වල ගණන් කුමට ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - What has the seller of dry fish to do with the price of sandalwood? (22) – English: Let the cobbler stick to his last - stick to (one's) last - To do what one is familiar with, experienced in, or skilled at, rather than trying something different and risking failure. Taken from the proverb "the cobbler should stick to his last. Example: " After his failed attempts at writing books and hosting a television show, many think the ageing DJ should just stick to his last. - Keep to what you know and don't interfere out of your province, as in Let me handle the defense in this suit; you stick to your last and track down more eyewitnesses. This adage comes from an ancient story about a shoemaker criticizing a work by a Greek painter named Apelles, saying that the shoe in the picture was not correctly portrayed. After the painter corrected it, the shoemaker pointed out an error in the leg, whereupon the painter said, "Shoemaker, do not go above your last." Over the centuries the story was repeated, and the expression still is sometimes put as cobbler, stick to your last, even though cobblers are nearly obsolete
  • කරු අඳේට අඬනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - අනුන් අඬන නිසා අඬන විට (9-76) - See: කරු අඳේට අමුඩේ ගහනවා වගේ
  • කරු අඳේට අමුඩේ ගහනවා වගේ (2) [විශ්වාස][ප්‍රපංච][උපමා] - අඳ ක්‍රම දෙකක් ඇත. එනම් හරි අඳේ සහ කරු අඳේ ය. හරි අඳේට වැඩ කළොත් ගොවියාට අස්වැන්නෙන් භාගයක්ම ලැබෙන අතර, කරු අඳේට වැඩ කළොත් ලැබෙන්නේ අස්වැන්නෙන් හතරෙන් පංගුවකි. ඒ කරු අඳ කාරයා ගොවි තැන් කරන්නේ තවත් හවුල් කාරයකු සමග බැවිනි. - යමක් කිරීමට අදි මදි කරමින් ඕනෑවට එපාවට සූදානම් වෙන කොට මෙසේ කියයි (9-76)
  • කරුපන් ෂෙට්ටි නැතිවට කම් නැහැ කරුපයියා නමම හොඳයි [විශ්වාස][කතා][වාර්තා] - මුදල් හදල් අත මිට ගැවසෙන විට උඩඟු වීම ගැන කියන්නකි / තමාට ලැබෙතැයි විශ්වාස කරන වස්තුවක් නිසා උඩඟු සිත් ඇති කර ගැනීමේ මෝඩ කමට - දෙමළ කතාවක්: කරුපන් නමැති හරක් බලන්නෙක් හිටියා, ඔහුට දවසක් ගලක් යට තිබී නිධානයක් හමු විය. ඊළඟ දිනයේ "අඩේ කරුපන්" කියා හාම්පුතා කතා කරහම "අඩේ කියන වචනෙට මම කැමති නැහැ" කියා කිව විට හාම්පුතා එතැන් සිට කරුපන් කියා කතා කළේය. දෙවන දිනයේ කරුපන් කිව්වහම ඔහු කීවේ "ඇයි මට කර්පන් කියන්නේ කර්පයියා කියන්න බැරි ද?" කියාය. තෙවන දවසේ එසේ ඇමතූ විට කර්පයියා පිල්ලේ කියන්නට කියා ද, එසේම මැටි තැටියේ කෑම කෑමට නොහැකි බැවින් රිදී තැටියක් දෙන ලෙස ද කීවේය. ඊලඟ දවසේ කර්පයියා සෙට්ටි කීමට කීවේය. මෙදා හාම්පුතා කරුපන් පසුපස ගොස් ගල ඔසවා බලා සතුටු වනු දැක ඔහු ගිය පසු නිධානය ගත්තේය. ඊට පසු දින කරුපන්ට කරුපන් ෂෙට්ටි කියා කතා කළ විට "පරණ කර්පන් නමම මට හොඳා" කියා කීවේය (3-45). Similar Story in 39 නන්ද ජාතකය: තවද එක්සමයෙක්හි බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසනසේක් සැරියුත් මහතෙරුන් වහන්සේගේ සෘද්ධි විහාරික භික්ෂූ කෙණෙකුන් අරභයා මේ ජාතකය වදාළ සේක. - ඒ භික්ෂූන් වහන්සේ වනාහි කීකරුය වචනයෙන් ඉවසන සේක, සැරියුත් මහතෙරුන් වහන්සේට මහත් ව්‍යායාමයෙන් උපකාර කරණ සේක. ඉක්බිත්තෙන් එක්සමයෙක්හි සැරියුත් මහතෙරුන් වහන්සේ බුදුරජානන් වහන්සේට සැළකොට දනව් සැරිසරා වඩනනාසේක් දක්ෂිණගිරි ජනපනදයට වැඩිසේක. කීකරු ඒ භික්ෂූන් වහන්සේ ඒ ජනපදයට වැඩි කල්හි දැඩි මන් ඇතිව තෙරුන් වහන්සේගේ වචනය නොකරණසේක. ඇවැත්නි. මෙනම් දෙයකරවයි කී කල්හි වනාහි තෙරුන්වහන්සේට ප්‍රතිපක්‍ෂ වූයේය. ස්ථවිරයන් වහන්සේ ඔහුගේ අදහස් නොදන්නාසේක. තෙරුන් වහන්සේ ඒ ජනපදයෙහි සැරිසරා නැවත ජේතවනාරාමයට වැඩිසේක. ඒ භික්ෂූන් වහන්සේ තෙරුන් වහන්සේට ජේතවනා විහාරයට ආකල් තැන් පටන් නැවත එබදු ගුණයෙන් යුක්තවූසේක. තෙරුන්වහන්සේ සර්වඥයන් වහන්සේට දැන් වූ සේක. ස්වාමීන්වහන්ස මාගේ එක් සෘද්ධිවිහාරික භික්ෂූ කෙණෙක් එක් තැනෙක්හි සියයක් දී ගත් දාසයෙකු මෙන් වන්නේය එක් තැනෙක්හි දැඩි මන් ඇතිව මෙනම් දෙයක් කරවයි කියනු ලබන්නේ ප්‍රතිපක්‍ෂ වන්නේ යයි දැන්වූසේක. සර්වඥයන් වහන්සේ වදාරණසේක් ශාරිපුත්‍රස්ථවිරයෙනි මේ මහණතෙම මෙබදු ශිලීවූයේ දැන්මතු නොවෙයි. පෙරත් මෙ තෙම එක් තෙනකට ගියේ සියයක්දී ගත් දාසයකු මෙන් වන්නේය. එක් තෙනකට ගියේ ප්‍රතිපක්‍ෂව පිළිසතුරු වන්නේ යයි වදාරා තෙරුන්වහන්සේ විසින් යාඥාකරණ ලදුව ඉකුත්වත් ගෙණහැර දක්වා වදාළසේක. - යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහා බෝධිසත්වයන් වහන්සේ එක් කෙළෙඹිකුලයෙක්හි පිළිසිඳ ගත්සේක. අප මහාබෝසතානන් වහන්සේගේ යහළු වූ එක් කෙළඹි පුත්‍රයෙක් ඇත්තේය. හෙතම වෘද්ධය ඔහුගේ භාර්යාව වනාහි ලදරුය ඒ තරුණ ස්ත්‍රී තොමෝ වෘද්ධ පුරුෂයා නිසා පුත්‍රයකු ලද්දේය. ඒ පුරුෂ තෙම සිතනුයේ මේ ස්ත්‍රී තරුණ බැවින් මාගේ ඇවෑමෙන් කිසියම් පුරුෂයකු ගෙණ මේ වස්තුව නසන්නීය. මාගේ පුත්‍රයාහට නොදන්නීය මම මේ ධනය පෘථිවිගත කෙලෙම්නම් යෙහකැයි සිතා ගෙයි නන්ද නම් දාසයා කැඳවාගෙණ වනයට ගොස් එක් තැනෙක්හි ඒ වස්තුව නිධානගත කොට ඕහට කියා පින්වත් නන්ද නම් දාසයා මේ වස්තුව මාගේ ඇවෑමෙන් මාගේ පුත්‍රයා හට කියව ඒ වස්තුව පරිත්‍යාග නොකරවයි කියා ඕහට අවවාද දී කාලක්‍රියා කෙළේය. ඔහුගේ පුත්‍රද අනුක්‍රමයෙන් වැඩිවිය පැමිණියේය. ඉක්බිත්තෙන් ඕහට මෑනියෝ මෙසේ කිවුය. පුත්‍රය තොපගේ පියානෝ නන්ද නම් දාසයා කැඳවාගෙණ වස්තුව නිධාන කෙළේය. ඒ වස්තුව ගෙන්වා ගෙණ කුටුඹ සංඨාපනය කරවයි කිවුය. ඒ පත්‍රතෙම එක් දවසක් නන්ද නම් දාසයහට කියනුයේ මලනුවෙනි මාගේ පියානන් විසින් කිසි වස්තුවක් නිධාන කරණලද්දේ ඇද්දයි කියේය. එසේය ස්වාමීන් වහන්සේයැයි කීයේය. ඒ වස්තුව කොතැන්හි නිධානකරණ ලද්දේදැයි විචාාළේය. ස්වාමින් වහන්ස වනයෙහි යයි කීයේය. එසේවීනම් යම්හයි කියා උදැල්ලක් හා කූඩයක් ගෙණ නිධාන තිබෙන තැනට ගොස් මයිල වස්තූව කොතැන්හිදැයි කීයේය. නන්ද නම් දාසයා නැගී වස්තුව මත්තෙහි සිට වස්තු නිසා මානය උපදවා කොල දාසි පුත්‍රය මෙහෙකරුව තොපට මෙතැන්හි වස්තු කොයින්දැයි කුමාරයාහට ආක්‍රෝශ කෙළේය. කුමාරතෙම ඔහුගේ පරුෂවචන අසා නො ඇසුනාක් මෙන්ම එසේවීමනම් යම්හයි කියා ඔශු කැඳවාගෙණ ආපසු අවුත් නැවත දෙතුන් දවසක් ඉක්මවා ගියේය. නන්ද නම් දාසතෙම එලෙසම ආක්‍රෝශ කරන්නේය. කුමාරයා ඔහු හා සමඟ පරුෂවචන නොකියාම ආපසු අවුත් මේ දාසතෙම මෙතැන් පටන් වස්තුව කියන්නෙම් කිය කියා යන්නේය. ගොස් වනාහි ආක්‍රොශ කරන්නේය. එහි කාරණා නොදන්නෙම් මාගේ පියානන්ගේ යහළු වූ කෙළඹි පුත්‍රයෙක් ඇත්තේය. ඔහු අතින් විචාරා දැන ගනිමි කියා බෝධිසත්වයන් වහන්සේගේ සමීපයට ගොස් ඒ සියලු ප්‍රවෘත්තිය කියා පියානෙනි, කවර කාරණාවක් දැයි විචාලේය. බෝධිසත්වයන් වහන්සේ කියනසේක් පුත්‍රය යම් තැනෙක්හි සිට නන්ද නම් දාසතෙම ආක්‍රොශ කරන්නේද තොපගේ පියානන් සන්තක වස්තුව එතැන්හිමය. ඒ කාරණයෙන් යම් තැනෙක්හිදී තොපට නන්ද නම් දාසතෙම ආක්‍රෝශ කරන්නේද එතැන්හි දීම ඔහු කොල දාසය වරෙවයි කියා ඇද දමා උදැල්ලක් ගෙන එතැන බිඳ කුලසන්තක වස්තුව නිකුත්කොට දාසයා ලවා ඔසවා වස්තුව ගනුවයි කියා මෙසේ කීසේක. කුලජාත දාසියගේ පුත්‍ර වූ නන්ද නම් දාසතෙම යම් තෙනෙක්හි සිටියේ පරුෂකොට ගර්භාකෙරේද බෙණෙ ද සොහනවර්ණ සාමාන්‍යයෙන් ස්වර්ණ මාලාද යම් තැනෙක්හි ඔහු සිටී ද එතැන්හියයි සිතමි කියා බෝධිසත්වයන් වහන්සේ කුමායාහට වස්තු ගන්නා උපාස වදාළසේක. කුමාරතෙම බෝධිසත්වයන් වහන්සේට වැඳ ගෙට ගොස් නන්ද නම් දාසයා කැඳවා ගෙණ නිධාන තිබෙන තැනට ගොස් අවවාද කී පරිද්දෙන් පිළිපැද ඒ වස්තුව ගෙණ කුටුඹ සංඨාපනය කොට බෝධිසත්වයන් වහන්සේගේ අවවාදයෙහි සිටියෙහි සිටියේ දාන ශිලාදී පින්කම් කොට ජීවිතයාගේ කෙළවර කම් වූ පරිද්දෙන් මිය පරලොවගියසේක. - ශාස්තෘ වූ බුදු රජානන් වහන්සේ වදාරණසේක් මේ මහණ පෙරත් මෙබදු ශිලීවූයේ යයි වදාරා මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගළපා මේ නන්ද ජාතකය නිමවා වදාළසේක. - එසමයෙහි නන්ද නම් දාසතෙම මේ සැරියුත් මහතෙරුන් වහන්සේගේ සෘද්ධි විහාරික වූ භික්ෂූහුය. නුවනැත්තා වූ කෙළඹි පුත්‍රව උපන්නෙම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජවූ මමම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
  • කරුමෙන් උපන් දරුවාට වෙදා කරන්නේ මොක ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - What is the use of doctoring a child born to misery? (22) / What can the Doctor do to a child born to misery? (21) - This is the kalakanniya, the unfortunate victim of the Law of Karma or Fate (21)
  • කල දුටුදා වළ ඉහින්නා වගේ / කල දුටු කල වළ ඉහගන්නවා වගේ (22) (14) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like emptying the pit in the nick of time (22) - අවස්ථාව පැමිණි විට එයින් ප්‍රයෝජන ගන්නවා, අවස්ථාවෙන් ලාභ ප්‍රයෝජන ගැනීම (49) - වළේ වතුර අඩු වූ විට මාළු අල්ලාගැනීම පහසු ය. කිසියම් කාර්යයක් ඉටුකර ගැනීම සුදුසු අවස්ථාව එළඹුණු පසු අප‍්‍රමාද ව එය කළ යුතු ය (33) - සමාන: අව්ව තිබෙන විට පිදුරු වේළාගන්න ඕන / දත් ඇති දා පොල් කන්න කීවා ලු / දත් නැති දා උක් දඬු ගිනි තපින්න ද?- English: 1. Make hay while the sunshine. Make the most of favourable conditions till they last. Example: I got plenty of referral traffic to my website from Facebook in its initial years. I made hay while the sun shone. Later on, they changed their algorithm, after which the traffic dried (32) 2. Strike while the iron is hot (22) - "දුල දරු කල දැති ගෙන යන්න තෙසතරේ - බල ඇති කල දන සපසන්න සිතයුරේ - ලොල මනකල පින් කර ගන්න පෙර මරේ - කල දුටු කල වළ ඉහ ගන්න සුමිතුරේ"
  • කලකදි වහලු කලකදි රහ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - කලකදී හතුරු පාර්ශව කලකදී මිතුරු වීම - "ගලකදි මොනරු ගලකදි රඟ දෙනවාලූ - මලකදි බඹරු මලකදි පොර කනවාලූ - රැලකදි මාළු රැලකදි තනි වෙනවාලූ - කලකදි වහලු කලකදි රස වෙනවාලු"
  • කලවැද්දෝ වැල කනකොට කෝඳුරුවෝ හැප්පිලා මැරෙන්වලු
  • කලි යුගේ ගොම රිටි යට යනවා තිරුවානා උඩ එනවා [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - In the Kaliyuga age, dry cow-dung sinks below and the “Tirivane “stone comes up to the surface of the earth. - Kaliyuga is the fourth age of the world. According to the Hindus, it corresponds with the Iron Age or Age of Vice. The commencement of the Kaliyuga Age is placed about 3,101 years anterior to the Christian Era. The number of its years is 432,000, at the expiration of which the world is to be destroyed. The Tiruvana-gala is white stone, quartz (21)
  • කලු එළදෙනගේත් කිරි සුදු පාට ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - පාටෙන්, හැඩරුවෙන්, උස මහතින් කෙනෙකුගෙන් ලැබෙන ප්‍රයෝජනය තීරණය කළ නොහැකි ය.
  • කලු කපුටා සුදු වන තුරු බලා සිටියා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - වඩා හොඳ කාලයක් එන තුරු බලා ඉන්නවා / කවදාවත් සිදු නොවන දෙයක් / සෑහෙන හේතුවක් නැතිව බලාපොරොත්තුවෙන් සිටීම - සමාන: මෝල් ගහේ දළු ලන තුරු බලා හිටියා වගේ - කොකා දිය සිඳෙන තුරු බලා හිටියා වගේ English: 1. Waiting till the cows come home, 2. Till doomsday (14), 3. Like Micawber - The character of Wilkins Micawber has given rise to the English noun "Micawber" and the adjectives "Micawberish" and "Micawberesque." The Merriam-Webster Dictionary defines a Micawber as "one who is poor but lives in optimistic expectation of better fortune" (15) - ප්‍රත්‍යය ශතකය "ඖදුම්භර හවං පුෂ්පං ස්වේත වර්ණඤ්ච කාකයෝ - මත්ස්‍යපාදං ජලේ පශේයත් නාරි චිත්තං න විශ්වසත්" දිඹුල් මල් ද, සුදු කාකයෝ ද, දියෙහි මත්ස්‍ය පිය සටහන් ද යමෙක් දුටුවා යැයි කීම සැබෑ ගනිතත් ස්ත්‍රීන්ගේ සිත නම් විස්ශ්වාස නොකළ යුතුය.
  • කලු ගලේ ඔලුව ගහ ගන්නවා වගේ / ගලේ ඔලුව ගහගත්තා වගේ / ගලේ හිස හැපීමෙන් හිස පොඩි වෙනවා මිස ගල පොඩි නොවෙයි [විශ්වාස][ප්‍රපංච][උපමා] - If the head is dashed against a rock, the head but not the rock will get smashed (22) - බලවතෙක් සමග හැප්පෙන්න යාමෙන් දුබලයාට ලොකු පාඩුවක් සිදු වෙනවා - English: Kick against the pricks (14)
  • කලු ද සුදු ද දන්නේ නැහැ [වාග්ව්‍යවහාර] - කවදාවත්දැකලා නැහැ (14)
  • කලු නික හොයන්නා වගේ (14) [විශ්වාස][ප්‍රපංච][උපමා] - නික, a medicinal shrub, (vitex negundo) කළු නික යනු කළු පාට කොළ සහ මල් හටගන්නා දුර්ලභ ශාඛ විශේෂයක් බව ජනප්‍රවාදයයි (Black Vitex Negundo) මෙය කල්පිතයක් බව පෙනේ - නොලැබිය හැකි දෙයක්, ඉතා අමාරු දෙයක් සෙවීම (40) - සමාන: නිකිනි සොයන්නා වගේ
  • කලු බමුණත් සුදු පරයත් විශ්වාස කරන්න එපා [උපදේශ][ප්‍රපංච][විධාන] - Never trust a black Brahmin or a white Pariah - A Brahmin is a one belonging to the highest caste in Northern India and is, as a rule, fair complexioned. A black Brahmin would, therefore, be something in the nature of a prodigy—to be avoided. Similarly, the Pariah, a man of the lowest caste—is usually black in colour. When you find a white specimen of that caste, he is one to be shunned (21)
  • කලු හාමිගේ අප්පොච්චි අශ්වයා දෑවැද්දට දුන්නා වගේ / කළු හාමිගෙ පියා දෑවැද්ද දුන්නා වගේ / එලොව ගිහින් මෙලොව ආවා වගේ [විශ්වාස][කතා][උපමා] - As Kaluhamy's father gave away his horse in dowry (22) / Like Kaluhamy’s father’s gift of his horse as dowry - The Story: Once upon a time there lived in a certain village a Gamarala and his wife, whose only child was a daughter by name Kaluhamy. It happened that this daughter died a premature death, not long after which sad event there came a lean beggar to the house when the Gamarala was away. The sorrowing mother of Kaluhamy, pitying the wretched condition of the beggar, asked him how he had got so lean. “Elova gihin melova ava” (“I have just returned from the other world”), replied the beggar, meaning that he had been extremely ill recently and had narrowly escaped death. The foolish mother, however, taking the beggar’s reply literally, asked him if he had Seen Kaluhamy there. The beggar, perceiving that the woman was a simpleton, determined to take advantage of the occasion. “It is I who married her in the other world,” said he in reply to her question. Thereupon Kaluhamy’s mother affectionately embraced the beggar as her son-in-law and gave him all the jewels and silk that were in the house to be taken to the other world for the use of Kaluhamy and her husband. Shortly after the beggar had gone away the Gamarala returned home. The wife then related to him what had happened during his absence and lie was highly incensed at what he heard. After severely rebuking the wife for her folly, he mounted his horse and rode off in the same direction as the beggar had gone, with the object of capturing him. The beggar, on Seeing the Gamarala at a distance, went up a tree. The Gamarala, too, came up to the tree, and, tying his horse at the foot, began climbing up. The beggar, however, getting down by a branch, untied the horse and rode off on it as fast as possible. The unfortunate Gamarala, who was still on the tree, seeing that nothing could be done, shouted out “Son-in-law! Tell Kaluhamy that the jewels and clothes are from the mother, but the horse is from me.” (21) – English: Make a virtue (out) of necessity. To benefit from something that one is forced to do. Example: When he lost his driver's license, he made a virtue out of necessity and got in shape by riding his bike to work (15) - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 17 (11)
  • කලුතර උපදින්නයි, මාතර ඉගෙන ගන්නයි (9-138) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - To be born at Kalutara and educated at Matara is the best fate a man could ever have (21) - කලුතර සැපදායක පලාතක් නිසා එහි ඉපදීම සැපයක් ලෙස සැළකේ. මාතර උගත් කමට ප්‍රසිද්ධය. ඉගෙන ගැනීමට එහි යා යුත්තේ උගන්වන උගතුන්ගෙන් එහි අඩුවක් නැති නිසාය. - Lit. “Is it not enough to be born at Kalutara” - Matara are sea-coast towns of Ceylon, 25 and 100 miles respectively from Colombo. Kalutara has always borne a high reputation for its healthiness, while Matara has long been famous amongst the Sinhalese for the learning of its priests. - See: මාතර ගොස් උගත්තෙත් පොල් ගාන්නට විතරක් ද? “Even after going to Matara, have you learnt only to scrape coconuts?” (21)
  • කලුන්දෑත් බිසෝ වුණා ලු [උපදේශ][කතා][වාර්තා] - සමාජ තත්ත්වය නොසළකා ඉහළ අය දෙස බැලිය හැක / පහත යැයි සම්මත සමාජ තත්ත්වයක් ඇති කෙනෙකුට ඉහළ යැයි සම්මත අයෙක් වීමට හෝ ඒ හා සමාන වීමට පුළුවන් බව - දුටු ගැමුණු සහ රන් මැණිකා ජනප්‍රවාදයේ බිසව වන්නේ කළු මැණිකා නොවේ - English: A cat may look at a king
  • කලුවා මාරපන් ගියා වගේ [විශ්වාස][කතා][උපමා] - Like Kaluwa's trip to Marapana - කියන ලද දෙය තේරුම් නොගෙන කිසිවකුටත් ප්‍රයෝජනයක් නැති වැඩක් කිරීම (39) / කළ යුතු දේ වටහා නොගෙන ක්‍රියා කිරීම (39) / යමක් හරිහැටි නොවිමසා ඇසු පමණින් නිෂ්ඵල වැඩක යෙදුණු විට / යමෙක් විස්තර නොදැන අරමුණක් නැති ගමනක් ගිය විට (41) / යමෙක් හරිහැටි කරුණු අසා නොගෙන අරමුණක් නැති ගමනක් ගිය විට (37) / යමක් හරි හැටි දැනගෙන කටයුතු නොකරන අවස්ථා - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 36 (11) - පුරාණ කාලයේ ප්‍රභූවරයෙක්ගේ නිවෙසක ආවතේව කරන කළුවා නමින් යුත් මෝඩ පහේ තරුණයෙක් සිටියා. ස්වාමියාට බොහෝම කීකරු තැනැත්තෙක් වුණු කළුවාට යම් කටයුත්තක් දුර දිග හිතා බලා ඉටු කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. මේ අතරේ නිවෙසේ ජීවත්වන ප්‍රභූවරයාට කිසියම් අවශ්‍යතාවක් සඳහා නිවෙසේ ආවතේවකම් කරන කළුවා මාරපන නම් ගමට යැවීමට අවශ්‍ය වුණා. එම ගමනට පසුදින උදේ රැයින් කළුවා යැවීමට සිතාගෙන කලින්දා රාත්‍රියේ කළුවාට මෙසේ කීවා. කළුවෝ හෙට උදේ රැයින්ම උඹ මාරපන ගිහිල්ලා එන්න ඕනෑ. ඒ නිසා උඹ දැන් හොඳහැටි නිදාගනින්. මේ කීම අසා රාත්‍රි නින්දට වැටුණු කළුවා පසුදා උදේ රැයින්ම පිබිදී මාරපන බලා පිටත්ව ගියා. මේ අතර, අලුයම පිබිදුණු ප්‍රභූවරයා මාරපන යැවීම සඳහා කළුවාට කතා කළා. එසේ කීපවරක් කතා කළද කළුවා පැමිණියේ නැහැ. බොහෝ වේලාවකට පසුව ඉහින් කනින් දාදිය මුගුරු පෙරාගෙන කළුවා නිවෙසට පැමිණියා. ඔහුට මාරපන ගොස් එන ලෙස ප්‍රභූවරයා පැවැසූ නිසා කළුවා උදේ රැයින් ඒ ගමන ගොස් ආ බව ප්‍රභූවරයාට දන්වා සිටියා (43) - A certain Nilame told his servant Kaluwa that he was to go to the village of Marapana, intending to send a letter by him. But before the Nilame could fetch the letter Kaluwa started off. Being asked on his return why he went away in that manner, Kaluwa replied that he only did what he was told. He was asked to go Marapana, and he did so (22)
  • කවට කමින් ඇස් රතුවෙනවා [ආප්තෝපදේශ] - සමාන: සෙල්ලම ලෙල්ල ම වීම (40)
  • කසල ගොඩෙන් ඇහින්දත් මැණික මැණිකම යි / කසල ගොඩේ තිබුනත් මැණික මැණිකම ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Though it lie in a heap of filth a jewel is a jewel for all that (22) - “වසල කුලේ උපනත් පව් පිං දෙකය - දුබල අයත් හොඳ වැඩ වල යොදති කය - රදල නමුත් අගතිය රටට නරකය - කසල ගොඩේ තිබුණත් මැණික මැණිකය”
  • කසා කසා / කසින් කසට කස් බෝවේ, බසින් බසට බස් බෝ වේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The more you scratch the more you will have to scratch the more you talk, the more you will have to talk (22) / Scratching begets more scratching, and gossip begets more gossiping (21)
  • කහ කුරුල්ලා තැඹිලි ගෙඩිය උඩ වැහුවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the “kaha-kurulla “sitting on a king-coconut - Both “golden-coloured “and therefore well-matched. The kaha- kurulla (lit. “yellow bird”) is the bird called either Black-headed Oriole (Oriolus melanocephalus) or the black-headed Bulbul (Rubigula melanicterus) (21)
  • කහඹිලියා ගාලේ රිංගපු නරියා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා]
  • කළ කළ දේ පල පල දේ (14) [ආප්තෝපදේශ] - කරන ක්‍රියාවලට විපාක ලැබේ - You will reap the fruit of your doings (22) – English: 1. As you sow, so shall you reap (14) Your actions – good or bad – determine what you get. Example: You’ve got entangled in few cases of fraud. That’s a result of your illegal get-rich-quick methods. You should have known as you sow, so you shall reap (32) / 2. What goes around comes around. If someone treats other people badly, he or she will eventually be treated badly by someone else. Example: He tormented me back in high school, and now he has his own bully. What goes around comes around (32)
  • කළ වෙළඳාමෙන් අතේ තිබුන එකත් නැතිව ගියා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - To lose the money one has in his possession by embarking in a new trade (14)
  • කළ හොඳ පස්සෙන් එළවනවා වගේ [විශ්වාස][කතා][උපමා] - එක ගම් වැසියෙක් දිනක් ලී දඬු කීපයක් කපා ගැනීම සඳහා කැලෑවකට ගියේය. කෙමෙන් කෙමෙන් කැලෑවේ ඈතට ගිය ඔහු ආපසු ගමට එන පාර සොයාගත නොහැකිව කැලෑව මැද අතරමං වීය. කිසිවක් කරකියාගත නොහැකි ඔහු අසරණ ව මහත්සේ බියට පත්ව සිටියේය. මේ අතර හදිස්සියේම නරියෙකු මුණ ගැසුණි. ”අනේ නරි නයිදේ , මං මේ ගමට යන පාර හොයාගන්න බැරුව අතරමං වෙලා” ගැමියා අසරණ ලෙස කීවේය. “මට පුළුවන් ගමට යන පාර පෙන්නන්න” නරි නයිදේ කීවේය.”අනේ ලොකු උදව්වක්, එහෙම කළොත් මං නරිනයිදෙට හොඳ තෑග්ගක් දෙනවා.” “හොඳයි මෙකක්ද දෙන තෑග්ග?” “මම නරිනයිදෙට ගෝනියක් පුරවලා කුකුල්ලු දෙන්නම්” කුකුළු මසට ඉතා ගිජු නරි නයිදෙ තොල කට ලෙව කෑවේය. “හා හොඳයි යමු එහෙනං” නරිනයිදේ ඉස්සර වීය. ගමරාළ ද නරි නයිදෙගේ පසු පසින් ගම කොළවරට පැමිණුනේය. “ගමට යන්න නං මට බෑ. දන්නවනේ ඉතිං මං මේ කැලෑ රොදේ හැංගිලා ඉන්නම්. ගම මහත්තයා කුකුළෝ ගෝනිය මට මෙතෙන්ට ගෙනවිත් දෙන්න” තම පොරොන්දුව ඉටු කළ නරි නයිදේ ගමරාළට කීවේය. “හා හොඳා” යයි කී ගමරාළ ගම දෙසට පියමං කළේය. ඔහු ගෙදරට පැමිණ කතාව තම බිරිඳට කීවේය. බිරිඳ කුකුළන් ගෝනියක් තබා එකක් වත් දීමට ලෝබ වූවාය. බිරිඳ ඊට වඩා සුදුසු තෑග්ගක් යෝජනා කළාය. තෑග්ග සහිත ගෝනියද බරට බරේ කර තබාගෙන පැමිණි ගමරාළ එය නරිනයිදෙ ඉදිරියේ තබා “මෙන්න නරි නයිදෙ තෑග්ග” යයි කියා මොහොතක් වත් නොයිද ඉක්මණින් ආපසු ගියේය.කුකුළු ගෝනිය දුටු නරිනයිදේගේ කටට කෙළ උනන්නට වීය. “මෙතැනදීම එක කුකුළෙක් කාලා යන්න ඕනි” යයි තමාටම කියාගත් නරි නයිදෙ ගෝනියේ කට ලිහුවේය. එවිට ගෝනියෙන් පිටතට පැන්නේ ලොකු බල්ලෙකි. නරි නයිදෙට කර කියා ගතහැකි දෙයක් නොවීය. ඒ නිසා බයෙන් බිරාන්ත වූ නරි නයිදෙ පණ එපා කියමින් කැලේ කඩාගෙන දුවන්නට වීය “මොකද නරි නයිදෙ කලබලයෙන් වගේ දුවන්නෙ” කියා කැලේ දී හමු වුනු සතෙක් අහුවේය. “කළ හොඳ පස්සෙන් එළවනවා. ඒකයි දුවන්නෙ” නරිනයිදේ දුවන ගමන් කීවේය.
  • කළු නික කාලා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like having eaten kalu-nika (21) (?)

කා[සංස්කරණය]

  • කාගෙ පයියෙත් හුණු පොඩි තියෙනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - In every one's betel-bag there are scraps of chunam (22) - සඟවා තබා ගැනීමට කැමති අගවුරවයක් වෙන රහස් හෝ අතීත ක්‍රියා සියලු දෙනාටම ඇති බව - සමාන: පොඩි පොඩි අඩික්කොට්ට කාගේ හැඹිලි වලද නැත්තේ? - English: skeleton in the cupboard / closet - a discreditable or embarrassing fact that someone wishes to keep secret.
  • කාගෙ මෝ කවුරු ගත්තත් පල්ලියේ ගුරුන්නාන්සේට ඕන රිදී පහයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Anybody’s mother may take unto herself whomsoever she likes, but what the “Pallive-gurimnanse “wants is his five “ridis” (21) - Palliye-gurunnanse means, literally, “Church teacher,” who in the old days was usually selected for the office of Registrar of Births, Marriages and Deaths. His fee for recording a marriage was apparently five ridis (75 cents today), a ridi being worth 15 cents in the local currency today (21)
  • කාන්තාව කර තියන් ගිය හාමුදුරුවෝ වගේ [පුද්ගලික] - සෙන් කතාවක් - හාමුදුරුවෝ දෙනමක් ගමනක් යන කොට ගඟක් අයිනේ එගොඩ වීමට නොහැකි කතක් සිට ගෝල නම කර තියාගෙන එගොඩ කිරීම, පන්සලට ගිය පසුත් ගුරු හිමියන් කතා නොකිරීමෙන් ඇයි කියා ඇසූ විට සිද්ධිය මතක් කල විට ගෝල නම් කීවේ "මම ඒ ඇත්තිව ගං ඉවුරේ දී බිම තියලා ආවා, ඔබ වහන්සේ තාම ඇයව කරේ තියන් ඉන්න පාටයි කියලා - Two traveling monks reached a river where they met a beautiful young woman. Wary of the current, she asked if they could carry her across. One of the monks hesitated, but the other quickly picked her up onto his shoulders, transported her across the water, and put her down on the other bank. She thanked him and departed. As the monks continued on their way, the one was brooding and preoccupied. Unable to hold his silence, he spoke out. "Brother, our spiritual training teaches us to avoid any contact with women, but you picked that one up on your shoulders and carried her!" "Brother," the second monk replied, "I set her down on the other side, while you are still carrying her."
  • කාපු පතේ / පිඟානේ කැත කළා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like dirtying the plate out of which you ate (21) - Similar story in 270. උදපාන දූසක ජාතකය: තවද මාගේම කරුණානිධාන වූ සර්‍වඥයන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක් බොන භික්‍ෂූන් පරිහරණය කරන්නා වූ බොන පැන් ලිඳක් කසල කරන කැණහිලෙකු අරභයා මේ ජාතකය දක්වන ලදි. ඒ කෙසේද? යත්, එක්තරා කැණහිලෙක් බොහෝ භික්‍ෂූන් වහන්සේ බොන පැන් වළඳන්නා වූ ලිඳක් දැක ඒ ලිඳින් දවස්පතා ම පැන් බී ඒ ලිඳ කසල කරන්නේය. එක් දවසක් එකියන කැණහිල් බල්ලා දැක සාමණේර මහළුවරුන් වහන්සේ කැට කැබිලිති දමා ගසා එතනින් පහ කළසේක. උයිත් එවක් පටන් එතනට නොආවිරීය. - යටගිය දවස බරණැස් නුවර බෝධිසත්ත්‍වයෝ එක්තරා කුලයක ඉපිද තාපස ව එම බරණැස් නුවර ඉසිපතනාරාමයේ බොහෝ තාපසවරුන් පිරිවරා වාසය කරන්නාහ. එසමයෙහි මෙම කියන ලිඳ මෙම කියන කැණහිල් පැනුත් බී කසලත් කරන්නේය. එවිට තාපසවරුන් මළ බාන් ලා කැණහිලා අල්වාගෙන ගොස් බෝධිසත්ත්‍වයන්ට පෑහ. බෝධිසත්ත්‍වයෝත් එකියන කැණහිලා දැක කියන්නාහු “ඇයි, තා විසින් තාපසවරුන් පැන් බොන්නා වූ ලිඳ කසල කරන්නේ ඇයිදැ?”යි කීහ. එබස් අසා කැණහිල් කියන්නේ “තාපසයන් වහන්ස, මට කෝප නොකළ මැනව, අපගේ සත්මුත්තන් පරම්පරාවේ යම් තෙනකින් යමක් අනුභව කළමෝ නම් එතන කසල කිරීම අපට තිබී ආ ජාතිධර්‍මයහ. එසේ හෙයින් කෙළෙමි. මට කෝප නොකළ මැනව”යි කීහ. එවිට බෝධිසත්ත්‍වයෝ “තොප ඇමගේ යාපතට ඇරගත් දේ මෙසේ කල නපුර තමාම වේදැ”යි කියා “අද පටන් තොපි මේ ලිඳ කසල කළා නම් දන්නවාදැ”යි කියා අළහ. එකියන කැණහිලා එතනට එන්නාක් නොකෙළේ යයි වදාරා මේ ‘උදපාන ජාතකය’ නිමවා වදාළසේක.
  • කාලා යනවා රුව ඇති To eat before you go forth is handsome and convenient (54)
  • කාපු මකුණොයි නොකාපු මකුණොයි ඔක්කොම මරණව ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] සමාන: අල්ලපු කඩේ තම්බිත් (මුස්ලිම් ජාතිකයාත්) බේරුනේ නැහැ -
  • කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල [ආප්තෝපදේශ] - යම් යම් ලාභ ප‍්‍රයෝජන තකා යමක් කමක් තිබෙන අය සමඟ සම්බන්ධ වෙති. එසේ තමාගේ අවශ්‍යතාව ඉටුකරගත් පසු මග හරිති (33) - "සූරිය උදා වනතුරු පිනි බෑවිල්ල, පාරුව පදින තුරු සයුරේ නැළවිල්ල, මාරුව බල බලා සිත යට කැරකිල්ල, කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල"
  • කාලකණ්නියාගේ ඉසකේ බාන කොට ගල් වරුසාවක් සත්තයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - There is certain to be a hailstorm when the unlucky man gets his head shaved / It hailed on the day the sinner’s head was shaved (21)
  • කාලය රන් හා සමානය (33) [ආප්තෝපදේශ]
  • කාසි පහට වෙස් දහය ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The possessor of five coins puts on twice as many airs (22) / Five pieces of money, but ten airs (21)

කැ[සංස්කරණය]

  • කැකිල්ලේ රජුගේ නඩු තීන්දුව වගේ / කැකිල්ලේ රජු ගේ නඩුව වගේ (21) [විශ්වාස][කතා][උපමා] - Like the justice of the King of Kakille - වැරදි විනිශ්චය නිසා අහිංසකයන් දඬුවම් ලැබීම (52) - අනුවණ හාස්‍යජනක තීන්දු දුන් රජෙකුගේ චරිතයක් (33) - Certain thieves burgled a house, and, while engaged in their nefarious work, a wall collapsed and killed one of them. The rest of the thieves made complaint to the King of Kekilla, who, enquiring as to the person responsible for this loss of life, was told that it was presumably the house-owner, who had no business to live in so dilapidated a building. The house-owner was sent for, but he protested that the blame was not his, but the masons who was responsible for the construction. The mason in turn repudiated guilt and fastened it on the plasterer, who had probably added an excessive quantity of water to his mortar- mixture. The plasterer, on being sent for, admitted the excess of water, but attributed it to the fault of the water-pot, which had had an unusually large mouth. The potter was then brought up, but he had his own valid excuse. He admitted the largeness of the mouth of the pot, but the blame for that lay with a certain beautiful woman who had passed by while he was moulding the vessel. Her beauty had distracted his attention and he had, while gazing at her, unconsciously fashioned a mouth too large for the pot. The woman was then haled up before the King, but she had herself a good and ready excuse. She had not been out to distract the potter at all. She had given some sovereigns to the village goldsmith to make some jewellery for her, and as the man had delayed completing the work, she had gone out to remonstrate with him. They brought up the goldsmith then a lank, bony individual and he had no excuse to give at all. The King thereupon ordered him to be killed on the spot in the usual way, viz. to be gored by the Royal Tusker (elephant). The man, however, demurred, not because he feared to die, but because the King would thus do himself irreparable damage. “How?” asked the ruler, whereupon the goldsmith replied, “Your Majesty can See for yourself what a scarecrow of a man I am a skeleton, no more than skin and bone. The tusk of “the elephant will pierce through me easily, but break when it strikes the rock behind me, and the Royal Tusker will be disfigured for all time.” “But, man, how can I avoid it? “asked the King, and the goldsmith replied, “There lives next door to me, Your Majesty, a fat Moorman (Muslim) who can take my place without injury to the Royal Elephant, and I pray that he be substituted for me.” “That is an excellent suggestion,” commented the King, who thereupon had the fat Moorman brought and gored to death in his presence. In such wise was the responsibility for the death of the burglar fixed on the fat Moorman, who was punished “according to the justice of the King of Kekilla” (21)
  • කැත ගෑණිගේ පතිවෘතාව වගේ / අරූපී ස්ත්‍රියගේ පතිවෘතාව වගේ / අවලස්‌සන ගෑනිගෙ පතිවෘර්තාව වගේ (15) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the chastity of an ugly woman (22) - නොකර බැරි දෙයක්‌ කළ නමුදු එහි හේතුව අනෙකක්‌ බව පෙන්වන බව කීමට (48) - අරූපී ගැහැනිය පිරිමින් තුළ කිසිදු කුහුලක් නොදනවයි (9-15) - English: Make a virtue out of necessity - To benefit from something that one is forced to do. Example: “When he lost his driver's license, he made a virtue out of necessity and got in shape by riding his bike to work” - ප්‍රත්‍යය ශතකය “ව්‍යාධි නං දේව භක්තිඤ්ච අරූපස්ත්‍රී පතිවෘතා - අසමර්ථෝ හවෙත් සාධූ පණ්ඩිතා න ච භාෂිතා" යම් රෝගයකින් පෙළෙන්නා දේව භක්තිය ගැනීම ද, අරූපී ස්ත්‍රිය වෙත පුරුෂයන් ආකර්ෂණය නොවීම පතිවෘතාව ලෙසත්, නොහැකියාව නිසා යමක් නොකර සිට එය අයහපත් නිසා නොකළේ යැයි ද, කතා නොකර සිටීමෙන් පණ්ඩිතබව ද පෙන්වන්නේ යැයි කීවත් මේ කාරණා ඔවුන්ගේ ස්වරූපය මිස යහපත් භාවයක් නිසා නොවේ.
  • කැත්ත කැපෙන්නේ කරින් කැඩෙන්නයි, වහා හැදෙන්නේ වහා මැරෙන්නයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The scythe cuts sharply to get its neck snapped quickly, one grows swiftly to end in death swiftly (21)
  • කැත්තට උණ හැදුනා වගේ / කැත්තට කළ බෙහෙත අම්මාටත් කළා වගේ / කැත්තට උණ ගැනුනා වගේ [විශ්වාස][කතා][උපමා] කතාව බලන්න, ගුණරත්න 2010 A පිට 56 (4) / විජේතුංග 2013 පිට 210 (17) - සමාන: පූසා ගහ උඩ කිව්වා වගේ
  • කැත්තට පොල්ල වගේ [වාග්ව්‍යවහාර] - එකට එක කිරීම / එක සමාන බලවතුන් දෙදෙනෙක් ගැන (14) - Like club for scythe (21)
  • කැඳ හැළියක් වගේ [වාග්ව්‍යවහාර] - අවුල්ස්වභාවය - hotchpotch (14)
  • කැබැල්ලෑවගේ පණ තියෙන්නේ ඔලුවෙ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The ant-eater’s life is in its head (21)
  • කැබැල්ලෑවාගේ ගෙට ඉත්තෑවා වැදිලා මුත්තාපා කිව්වත් යන්නේ නැත කීවා ලු 'A Kaballewa having entered into the cave of a Porcupine, said " I won't go, by my grandfather" (53).
  • කැලේ මාරු වුනාට කොටියා ගෙ පුල්ලි මාරු වෙන්නේ නැහැ වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - කෙනෙක්ගේ පුරුදු ගතිගුණ වෙනස් නොවන බව - A leopard can't change its spots (14) - සමාන: ඒ කැලෙන් මේ කැලේට පැන්නහම මුවාගේ තිත් මැකේ යැ?
  • කැස්බාගෙත් කිකිළිගෙත් බිජු දැමීම වගේ / කැස්බෑවී බිත්තර සියයක් ලා කිසි ශබ්දයක් නොකරතත්, කිකිළි එක බිත්තරයක් ලා ගමටම ඇහෙන්න ශබ්ද කරනවාලු / කෙකර ගානවා ලු [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the egg-laying of the turtle and hen respectively (21) / The turtle makes no noise even after laying hundreds of eggs, but the cackling of a hen who has laid one egg, could be heard in several villages of the neighbourhood (22) - The turtle (female of Indian edible turtle, (chokmia virgata) is said to make no noise even after laying hundreds of eggs, but the cackling of a hen, which has laid a single egg, can be heard in the whole neighbourhood (21)
  • කැළණි ගඟෙන් නාලා වරෙන් [වාග්ව්‍යවහාර] - බුදුන් ධර්ම දේශනාවට කැළණියට වැඩියේ කැළණි ගඟෙන් ස්නානය කිරීමෙන් පසුවය. ඒ මත බිහි වූවක් කියා සක කෙරේ (7-6)

කෑ[සංස්කරණය]

  • කෑඳත්තකුට දිය බිඳක් ලැබෙන්නාක් මෙන් [විශ්වාස][ප්‍රපංච][උපමා] / කොපමණ වරුෂාව තිබුනත් කෑඳත්තා දිය පිපාසෙන් ලු - However much rain there may be, the Kandatta is always thirsty - ඉතා කලාතුරකින් ඉතා අමාරුවෙන් ලැබෙන දෙයක් - ජනප්‍රවාදය අනුව කෑඳැත්තෙකුට ජලාශයකින් වතුර බීමට බැහැලු - වර්ෂාව ඇති විට අහස පබා මොබ පියාඹමින් වතුර බොයි ලු - This proverb too is based on a popular belief. The Kandatta is a kind of bird with a long bill, the two parts of which are curved inwards, and hence according to the popular belief, he is never able to take in a sufficient amount of water to quench his thirst (22) / [The Kandetta (Tockus gingalensis / Ocyceros gingalensis) is the Ceylon Hornbill. It is a bird with a long bill, the two parts of which are curved inwards hence, according to the widespread belief, he is never able to take in a sufficient amount of water to quench his thirst. He is a bird with a peculiarly plaintive or begging cry. He is supposed, when crying, to be begging water from the clouds, the sole source of the fluid that this bird drinks. In Sinhalese folklore, the great difficulty of the kendetta to drink water is due to its refusal to give water to a thirsty person in a previous existence. (21) - ප්‍රත්‍යය ශතකය "වර්ෂානෛව පතන්ති වාතක මුඛේ මේඝස්‍ය දෝෂෝ න කිං - පථ්‍රං නෛවසදා කරීර විටපෙ දෝපෝ න භූමෝ ක්විවිත් - නොලුකෝ හනිසෂ්‍යතෙයදි දිවා සූර්යස්‍ය දෝෂෝ න කිං - තක්පූවං විඨිනා ලලාට ලිඛිතං කෘතඃ නිෂ්පලං" වර්ෂා ජලය කෑඳැත්තාගේ මුවට නොපැමිණේ. දළුක් ගසට පත්‍ර නැත. බකමූණන්ට දවල්ට ඇස් නොපෙනේ, ඒ මේඝයේ, භූමියේ හෝ සූර්ය රශ්මියේ දෝෂයකින් නොවේ. ඔවුන්ගේම දෝෂයෙනි. එමෙන්ම යමෙකුට පැමිණෙන හොඳ නරක දෙකත් යමකකු විසින් කරන ලද නරක දෙයක් නිසා නොව පූර්ව ජාතියේ කළ කුශල අකුශල නිසා බව දත යුතුය.

කි[සංස්කරණය]

  • කිකිළි තාරා බිත්තර රැක්කා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - යන්තම් දැඩි වුනහම කුකුළු රැළට එකතු නොවී තාරා රැළට එකතු වෙනවා - Like the hen hatching duck eggs (14) - තමන්ගේ දෙයක් කියා සිතා අනුන්ගේ දෙයක් රැක බලා ගෙන පලක් ප්‍රයෝජනයක් නොලැබීම - As soon as they grow a little, the ducklings abandon the chickens and take to their own brood (21)
  • කිඹුලා අල්ලනවා ඉවසතත් කොහිල කටු ඇනෙනවා ඉවසන්න බැරිලු / කිඹුලා කන එක ඉවසන්න පුළුවන්, කොහිල කටු ඇනෙන එක තමයි ඉවසන්න බැරි (45) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even if you, could suffer being caught by the crocodile, you cannot endure being pricked by Kohila thorns (22) / You can endure the crocodile’s teeth, but not the thorns of the “Kohila (21) - The Kohila (Lasia spinosa, Sanskrit: Abhiru) is a plant both the leaves and root of which are edible. Its thorns are among the sharpest in the vegetable world (21)
  • කිඹුලා කිරි මැටි ගිලින්නා වගේ [වාග්ව්‍යවහාර][උපමා] - කෑම වල රස පිළිබද නොසිතා ගිල දැමීම (40)
  • කිඹුලාගෙන් ගැලවුණත් හූනා ගෙදර ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Though you escape the crocodile, you will find the gecko at home (22)- කිඹුලාගේ දත් වැදුණු කෙනෙකුගේ ඇඟේ හූනෙක් තැවරුනාම සුව කරන්න බැහැ ලු - This is an allusion to a popular superstition that the mere contact of a house lizard renders incurable a man who has been wounded by the teeth of an crocodile (22) - In Sinhalese folklore, the crocodile, the lizard and the leopards were three brother herdsmen, skilled in necromancy. According to Perera’s Sinhalese Folklore Notes, as the animals they were looking after refused to yield milk, the eldest transformed himself into a leopard, and the evil nature of the beast asserting itself, he began to destroy the flock and attack the brothers. The youngest took refuge on a tree, transforming himself into a lizard, and the other, who had the magical books, turned himself into a crocodile, and jumped into a river. These three have ever since lived in friendship, and a person who escapes a crocodile is killed if a lizard urinates on him when sleeping. A crocodile’s victim can free himself by tickling its stomach and trying to take away the books concealed there (21)
  • කිඹුලාට මඟුල් ජෝඩු කළා වගේ / කිඹුලන්ට මොන මඟුල් ද? [විශ්වාස][කතා][උපමා] - Like arranging a match for a crocodile (22) - A cunning fox who had Seen the carcase of a bull / elephant on the bank of a river, crossed the river every day on the back of a crocodile on the pretence of going there to arrange a match for the crocodile, The fox kept on cheating the Crocodile for a length of time telling him that the bride's father was away one day, and the uncle on another etc. On the day he ate the last of the carcase, he ran away to the jungle saying in answer to the inquiries of the crocodile, "What marriages for crocodiles that live in rivers?" (22)
  • කිඹුලුන්දෑ රැවටුන්දෑ කොටල අලේ ඩැහැ ගන්දෑ කීවා වගේ [විශ්වාස][කතා][උපමා] - එකම බොරුව කීප වරක් කියන විට ඇත්ත වීම - කතාව බලන්න, ගුණරත්න 2010 B පිට 56 (5) – English: A big lie (German: große Lüge) is a propaganda technique. The expression was coined by Adolf Hitler, when he dictated his 1925 book Mein Kampf, about the use of a lie so "colossal" that no one would believe that someone "could have the impudence to distort the truth so infamously". Hitler believed the technique was used by Jews to blame Germany's loss in World War I on German general Erich Ludendorff, who was a prominent nationalist and antisemitic political leader in the Weimar Republic
  • කිඹුල් කඳුළු හලනවා [වාග්ව්‍යවහාර] - බොරුවට දුක් වීම - Crocodile tears (14)
  • කිඹුල් පැටවුන්ට පීනන්න උගන්නන්න ඕන ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Like teaching the crocodile’s young to swim (21) - සමාන: ගහේ කටු උල් කරන්න ඕන ද? අප්පගෙ පුතා, ගහේ පොල්, බල්ලන්ටපීනන්න උගන්වන්න ඕන ද? - English: A Chip of the old block
  • කියන තරමටම යකා කලු නැහැ [විශ්වාස][ප්‍රපංච][නිශේධ]
  • කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි / සුදු හකුරාගේ කීම වගේ / සුදු හකුරු හැදුවා වගේ [විශ්වාස][කතා][වාර්තා] - Like the remark of the Sudu-hakura – කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 40 (11) - කතාව බලන්න විජේතුංග 2013 පිට 223 (17) - රජ වාසලට කකුරු සපයන එක්තරා පුද්ගලයෙක් ගම්මානයක වාසය කළේය. ඔහු රජවාසලට ගෙනෙන හකුරු සුදු පැහැතිය. “මේ හකුරු මේ තරම් සුදු පැහැති වන්නේ කුමක් හෙයින්දැ” යි රජතුමා හකුරු ගෙනෙන මිනිසාගෙන් විමසුවේය. එම මිනිසා “දේවයන් වහන්ස මා හකුරු වක්කරන්නේ උඩට උඩුවියන්ද පයට පාවඩද වටේට වටතිරද ඇදීමෙන් අනතුරුව යැ” යි කීවේය. මේ කතාවේ ඇත්ත නැත්ත විමසීමට රජතුමා වෙස්වලාගෙන හකුරු හදන ස්ථානයට ගියේය. ඒ අවස්ථාවේදී ඔහුට දක්නට ලැබුණේ දහඩිය පෙරාගෙන කිලිටි රෙදි කඩක් ඇදගෙන කුඩා අතු පැළක් තුළ වළං කබලක ලා පොල්කටු හැන්දකින් හකුරු හැදිගාන මිනිසෙකි. ඔහු රජ මැදුරේදී පැවසූ වටරෙදි, උඩුවියන්, පාවඩ මේ කිසිවක් මෙහිදී රජතුමාට දක්නට ලැබුණේ නැත. රජතුමා එම මිනිසාගෙන් ඒපිළිබදව විමසූ විය ඔහුගේ පිළිතුර වූයේ “කියනකොට එහෙමයි කරනතොට මෙහෙමයි” කියාය (41) - To the query as to the way in which the jaggery was prepared for the use of the Sinhalese King, the answer was , “A white canopy above, a carpet on the floor, a screen of white cloth all round, the workers first bathe, then wear a clean white dress, and, after tying a white cloth over their mouths to prevent their breath contaminating the preparation in hand, they sit to their work.” Investigation as to whether the man’s deeds were as good as his words showed, however, a different picture. The man who went to See the jaggery-makers at work saw instead only the jaggery-boys sprawling about, licking the pots, pans and other vessels used in the preparation Synonymous: සුදු හකුරාගේ කීම වගේ / සුදු හකුරු හැදුවා වගේ
  • කියන්නෝ / කියන්නා කොහොම කිව්වත්, අහන්නෝ / අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය [ආප්තෝපදේශ] - However those who talk may talk, listeners should give ear only with reason and understanding (21)
  • කිරළි බිජු වට රකින්නාක් මෙන් [විශ්වාස][ප්‍රපංච][උපමා] - ලොකු කැප කිරීමක් කරමින් තදින් ආරක්ෂා කිරීම - කිරළ දෙන අහස කඩා වැටෙතැයි සිතා බිත්තර රකින්නේ කකුල් දෙක උඩු අතට හරවා ගෙනය යන විශ්වාසය මත - විශුද්ධිමාර්‍ගය බුද්ධඝෝෂ ස්ථවිර “[කිකීව අණ්ඩං] චමරීව වාලධිං - පියංව පුත්තං නයනංව එකකං - තථෙව සීලං අනුරක්ඛමානකා - සුපෙසලා හොථ සදා සගාරවා.” - [‘කිරළ බිජුවට මෙන් ද], සෙමෙර වාලධිය මෙන්ද, මව්පියෝ එක මැ ප්‍රිය පුතු මෙන් ද, එකැස් ඇතියේ ඒ එකැස මෙන්ද ශීල රක්නාහු ඇමකල්හි බුද්ධාදීන් කෙරෙහි ගෞරව ඇති වැ මනා වැ ප්‍රියශීලී වව්, යනු භාවයි.
  • කිරි අප්පුගෙ හොඹු කට වගේ [වාග්ව්‍යවහාර][උපමා]
  • කිරි එළදෙන බෙදා ගත්තා වගේ [විශ්වාස][කතා][උපමා] - එක් අයෙකුට බර වැඩත් අනිකාට ඉන් ලැබෙන වාසිත් අත්වෙන සේ හවුලේ වැඩක යෙදීම - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 19 (11)
  • කිරි කළයට ගොම මුසු කළා වගේ / කිරි කළේකට ගොම රිටක් මුසු කළා වගේ / කිරි මුට්ටියට ගොම මුසු වුණා වගේ / කිරි පද්දෙ ගොම අකක් හෙලුවා සේ (සද්ධර්ම රත්නාවලිය) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like putting little cow dung into a pot of milk (22) - හොඳ වැඩ රාශියක් කර අවසානයේ නරක වැඩක් කිරීම (39) / උසස් පුද්ගලයෙකු ගොඩනගාගෙන තිබෙන කීර්ති නාමය ඉතා සුළු වැරැද්දකින් කිලිටි වී යයි (33)
  • කිරි ගහට ඇතෙක් දළ දුන්නා සේ (10) [විශ්වාස][ප්‍රපංච][උපමා] – Synonymous See: කිරිගහට මෝල් ගහෙන් ඇන්නා වගේ
  • කිරි ගහට ඇන්නා වගේ / කිරිගහට මෝල් ගහෙන් ඇන්නා වගේ (9-28) (14) (15) / වෑයෙන් කොටනලද කිරි ගසක් මෙන් (060 මුදුලක්ඛණ ජාතකය) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like knocking the milky tree with a pestle (21) - ඉතා සාර්ථකව, හරියටම බලාපොරොත්තු වූ ඉලක්කටම යමක් කිරීම හෝ කීම / හරියටම. නියත වශයෙන්ම යමක් සාර්ථක වනබව (41) / වැඩක් සිතූ ආකාරයෙන්ම ඉටු වීම හෙවත් ඉලක්කයටම හරි යන විට (9-28) - සමාන: හූනා කිව්වා වගේ - English: Hit the nail on the head / Make my word – Synonymous: කිරි ගහට ඇතෙක් දළ දුන්නා සේ
  • කිරි දියෙනි දෙවියත් අඟුරු සුදුවන කලක් නම් නැත් [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - Though washed with milk charcoal will never become white (22) / Washed even in milk, charcoal can never become white (21) - මොන තරම් ගුණ කලත්, කොතෙක් අවවාද අනුසාශනා කලත්, දුර්ගුණ ඇති පුද්ගලයාගේ සහජයෙන්ම ගෙන එන අධම ගති නැති කිරීමට නොහැකිය - සමාන: අඟුර ගල ගා සුදුද කියත ඇහැකෙයි? - ගුත්තිලය "කොපමණ ගුණ කලත් - දුදනෝ නොවෙති යහපත් - කිරි දියෙනි දෙවියත් - අඟුරු සුදු වන කලක් නම් නැත්"
  • කිරි මුහුදට හඳ පෑව්වා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - හොඳින් ගැළපෙන එකෙකුගේ යහ ගුණ අනිකාගේ යහ ගුණය විසින් තවත් වර්ධනය කරන යුවලක් හෝ දෙදෙනෙක් එකතු වීම / ඉතා උචිත එකතුවකි. එවිට ඉතා චමත්කාරජනක දර්ශනයක් ගෙනෙයි (33) / වඩාත් සතුටු වීම (40)
  • කිරි රස දන්නේ කිරි කාපු මිනිහා / කාපු එකයි රස දන්නේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It is only the eater who knows the taste (21) - යම් දෙයක හොඳ නරක දැනගත හැකි වන්නේ එය අත්දැකීමෙනි - English: The proof of the pudding is in the eating - the real value of something can be judged only from practical experience or results and not from appearance or theory.
  • කිරි සාගරේ ඉන්න විෂ්ණුට එහි අගයක් නැහැ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - ලෝකෝපකාරය - "කිරි සමුදුර ඉදන් - උවිඳු නොබනුය ගනු නොමැතිවත්"
  • කිරියි පැණියි වගේ [වාග්ව්‍යවහාර][උපමා] - ඉතා හොදින් ගැළපීම (40) - රන් රස වගේ
  • කිරියෙන් කාලා පැණියෙන් අත හෝදනවා / කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා / කිරි ඉතිරෙනවා [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Like eating in milk and washing your hand in honey (21) - ශශ්‍රීකත්වය (14) / සෑම දෙයකින් ම සරුසාර ඉසුරුමත් ජීවිත ගතකරන අය (33) – English: Flowing with milk and honey (15) - There are several Bible Quotes on Milk and Honey. For example Exodus 3:8 states "So I have come down to deliver them from the power of the Egyptians, and to bring them up from that land to a good and spacious land, to a land flowing with milk and honey, to the place of the Canaanite and the Hittite and the Amorite and the Perizzite and the Hivite and the Jebusite.
  • කිව්ව නාහන ගුරු ඉහළ ගියත් පල පහළ ගියත් පල / කිව්ව නාහන ගුරු එහෙනම් එහෙය මෙහෙනම් මෙහෙය [ආප්තෝපදේශ] - It makes no difference how the wilful “Guru “goes, above or below (21)

කී[සංස්කරණය]

  • කීවොත් සඟ නසී නොකිව්වොත් වෙහෙර නසී [විශ්වාස][කතා][වාර්තා] - If the matter be disclosed it will be ruin of the priest, if not it will be ruin of the Vihara (22) / Disclosure will ruin the priest, and reticence will ruin the Vihara (21) - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 46 (11) - This is supposed to have been said by a person who saw a Buddhist Priest eating a Vihara made of flour offered to Buddha (22) / Vihara is a Buddhist temple. The reference is to some scandal about the incumbent priest (21)

කු[සංස්කරණය]

  • කුකුළත් අතින් අරන් ආවා [වාග්ව්‍යවහාර] - පාන්දරම ආවා - English: Rise with the sun (or lark) - get up early in the morning - "I rose with the sun to pick mushrooms"
  • කුකුළන්ට ගිහින් කියන්න [වාග්ව්‍යවහාර] - සමාන: මැරිච්ච මිනිස්සුන්ට ගිහින් කියනවා / කොණ්ඩේ බැඳපු චීන්නුන්ට කියනවා - විශ්වාස කරන්න බැරි කතාවක් කියන කෙනෙකුට දෙන පිළිතුරක් (15) – English: Tell that to the marines - a scornful expression of disbelief – Example: "most intelligent people will ask him to tell that to the marines"
  • කුකුළන්ට හඬලන්න අමතක වුනා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - විශාල අමතක වීමක්, විශ්වාස කරන්නත් බැරි අමතක වීමක්
  • කුකුළා මල්ලෙ දමා ගෙන [වාග්ව්‍යවහාර] - පාන්දරින්ම නැගිටීම
  • කුකුළාට ඉස්සර වෙලා පෙඳේ දිව්වා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the tail running before the cock (22) - යම් අනු ක්‍රමයක, පසුව කළ යුතු දෙයක් මුලින් කිරීම - සමාන: හොරාට කලින් කැන වැට පැන්නා වගේ / අශ්වයාට ඉදිරියෙන් රථය යෙදුවා වගේ / ගොනාට ඉස්සෙල්ලා කරත්තෙ දුවනවා වගේ
  • කුකුළු බෙටිත් බේතට ඕනෑ වෙනව ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - ඉතා සුළු මිනිස්සුත් යම් කිසි දවසක ඕනෑ වෙනවා / කෙබඳු පුද්ගලයකු වුවද වුවමනා වන අවස්‌ථාවක්‌ ඇති වන බව (48) - "අඟුල් දැමු දොරත් හොරු ඇරගෙන යනවා - උගුල් වල දුවන මීයන් අසු වෙනවා - රුකුල් වල බඳින මීයන් හැර යනවා - කුකුල් ගූත් බේතට ඕනෑ වෙනවා"
  • කුඩ මිටි හරස් කර ගන්නවා [වාග්ව්‍යවහාර] - රණ්ඩු වෙනවා / විවාදයකට යනවා / රණ්ඩුවක් ඇති කර ගන්නවා (14) – English: 1. Cross swords 2. At daggers drawn (15)
  • කුඩම්මත් ඇවිත් කැවුන් පුංචි කළා වගේ [විශ්වාස][කතා][උපමා] - Although the aunt had come the cakes were made small (22) - Smaller “kevum “despite even aunt’s arrival (21) - This was said by some children when their Aunt (mother’s younger sister), whilst assisting their mother in making kevum, made smaller ones than usual. They naturally expected that, with the arrival of so near and dear a relation, they would have a better time, at least in the matter of eatables. The kevuma is a sort of cake made of rice flour, honey or jaggery and coconut oil (21) – මෙම කතාවේ කුඩම්මා යනු මවගේ සහෝදරිය ලෙස හඳුන්වා තිබුනත් මට හිතෙන්නේ මෙතැන කුඩම්මා යනු මවගේ මරණයෙන් පසුව පියා නැවත කසාද බැඳීමෙන් ඇතිවෙන stepmother නෑකම බවයි. කැවුම් පුංචි කරනවා යැයි ජන විශ්වාසයේ ඇත්තේ මවගේ සහෝදරියට නොව කුඩම්මා හෙවත් පියාගේ නව බිරිඳ ගැනය. - Or could it be stepmother who made the oil cakes small, after the death of the mother (?)
  • කුඩම්මාගේ ආදරය / සැළකිලි [වාග්ව්‍යවහාර] - වෙනස් කම් කිරීම, ව්‍යාජ ආදරය
  • කුඩු කෑ විත්තිය වගේ (15) [විශ්වාස][කතා][උපමා] - රජ්ජුරුවන්ගේ බූරු කන් රහස king Midas donkey ears / levy blackmail
  • කුඩුප්පුවා දැකලාවද අංගන් කොටන්නේ? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - In order to stab a khuduppuwa you mast first see it by torch light, if stabbing without seeing the fish will be a useless effort - Kudwppwwa is a kind of river fish (22)
  • කුණු මාලු ඔතාපු කොලේ වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the leaf in which putrid meat had been wrapped up (22)
  • කුණු මාළු වෙන්දේසි කරනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - තමන්ටම නින්දා වෙන විදියට දොස් පවරනවා - English: Cry stinking fish (15) disparage one's own efforts or products. Example: "Those in racing should go forward together and stop crying stinking fish"
  • කුදු මිනිහාට කෙළින් යන්න කියා බල කළාට යන්න පුළුවන් ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Could a humpbacked man walk erect though you force him to do so? (22) / Can a hunchback be forced, to walk erect? (21)
  • කුම්බලා / තෝර / බල මාළු කෑවා නම් දුක් විඳපන් බළලෝ [විශ්වාස][ප්‍රපංච][විධාන]
  • කුඹුරේ ගොයම් අලි කෑවාට ගමේ තියෙන වංගෙඩි බැන්දෙව්වා වගේ / ඇතුන් කුඹුර විනාශ කළාම ගෙදර තිබූ වංගෙඩිය කොටං බැද තැබුවා සේ [විශ්වාස][කතා][උපමා] - Like tying up the paddy pounders of the village because elephants ate up the corn in the field (22) - දඬුවම් දීමට අල්ලන්න අපහසු කෙනෙක් වරදක් කරහම ඒ වෙනුවට පහසුවෙන් අතට අහුවෙන වරද කළ කෙනාට නෑ කමක් ඇති (හෝ එසේ නොවන) කෙනෙකුට දඬුවම් කිරීම / කෙනෙකු කළ වරදට වෙනත් කෙනෙකුගෙන් පළිගැනීම නැතිනම් දඩුවම් දීම (41) - Similar: කුඹුරෙ ගොයම මුවන් කෑවාම ගෙදර මුවහමට තළනව වගේ
  • කුරාළෙට නැග්ග කපුරාල වාගේ
  • කුරුණෑගලට පොල් අරන් යනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] – Similar: හම්බන්තොටට / පුත්තලමට ලුණු පටවනවා වගේ - English: Carrying coal(s) to New Castle
  • කුරුල්ලන්ට වැට බන්දා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - නිෂ්පල ක්‍රියාවක යෙදීම / අසාර්ථක වැඩක් කිරීම (40)
  • කුරුල්ලා මිටෙන් ඇරියා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - ලොකු නිදහසක් ලැබීම (41)
  • කුල මල නැතිවෙන්න බෙහෙතකි වී කාසී / කුලමල නැති වෙන්න කාසි අවුසදයක් ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Paddy and money are a preventive remedy against abuse based on caste system (21) - See: බලය දැක මුදලේ, කුලේ රිංගා ගියයි අකුලේ - "ගඟ දිය බොරවුණත් කූනිස්සන්ටයි වාසී - ඒ දිය බොරවුණත් කඩයටමයි වාසී - නිල තල වැඩිවුනත් මහතුන්ටයි වාසී - කුලමල නැති වෙන්ඩ අව්සදයකි කාසි"
  • කුලාට අනිතොත් මඩේ දි ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A blow to a wild bull should be given when it is in the mud (22) - Because it cannot attack you when stuck in the mud (21)
  • කුලී කුරක්කනට ගොස් ඉම්ගම් මොකටද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Having come to thrash kurakkan for hire, why inquire after the boundaries of the Village? (22) / Having gone to do hired “kurakkan” work, why inquire about the boundaries of the village? (21)
  • කුස රජ්ජුරුවොත් වලන් හේදුව ලු [විශ්වාස][සාහිත්‍ය][උපමා] - බලවතුන් පවා ප්‍රේමය ඉදිරියේ බාල්දු වෙන බව - ලෝකෝපකාරය "පබවත කෙරේ ලොබින්-කුසරජ පවා වසුන් කත් ඇද්දේ" - 514 කුස ජාතකය: “බෝධිසත්වයන් විසින් ප්‍රභාවතින් උදෙසා රූ නගා කරන ලද මල් සුඹුල උන්ටම දුන්නේය ප්‍රභාවතී ද ඒ මල් සුඹුලෙහි කුසරජ්ජුරුවන්ගේ හා තමන්ගේ හා නොයෙක් රෑ දැක කුසරජ්ජුරුවන් කළ බව දැන කිපි බිමට දැමුව තෙසු නගු පෙරපරිද්දෙන්ම වෙහෙසුහ. මල් කරුවාද මසු දහස ගෙණගොස් බෝධිසත්වයන්ටදී එපවත් කීයේය. බෝධි සත්වයෝ මෙයිත් මට අස්ථානයයි එරත් ඕහටදී එතනින් රජ්ජුරුවන්ගේ අරක්කැමියා කරාගොස් ඕහට අතවැසිව දවසක් අරක්කැමියා රජ්ජුරුවන්ට මේ වඩාගෙන යමින් තමහට පිසන පිණිස බෝධිසත්වයන්ට ඇටමුසු දඩමසක් අප දීලා ගියේය. බෝධිසත්වයෝද ඒ ඇටය පිසපුය, මුළු නුවර සුවඳ පැතිරෙනසේ දුන් කරවුහ. එසඳ රජ්ජුරුවෝ සුවඳ අසා කිමෙක්ද මුළුතැන්ගෙයි අනික් මාළුවකුත් පිසද්දැයි විචාරා අරක්කැමියා විසින් දේවයන් වහන්ස අනික් පිසන මාළුවෙක් නැත්තේය එතකුදු උවත් ඇටමුසු මසක් අප ඇමට පිසන ලෙස අතවැස්සාටදීලා ආමියි එහි සුවඳ වියයුතු යයි කිසඳ රජ්ජුරුවෝ ඒ ගෙන්වාගෙන ඉන් සුඟක් අනුභවකොට බැලුය”

කූ[සංස්කරණය]

  • කූඤ්ඤය ගැලවූ වඳුරා වගේ [උපදේශ][කතා][උපමා] - අනවශ්‍ය දේ කිරීමට ගොස් කරදරයේ වැටීම (52)
  • කූඩැල්ලා එක පලක් අල්ලාගෙන අනික් පල අතහරිනව ලු / කූඩැල්ලා එක පලක් අතාරින්නෙ තව පොලක් අල්ලාගෙන ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The leech lets go his hold of one place when he has fixed himself on another (22) / The leech lets go his hold of one place only when he has secured another (21)
  • කූඩැල්ලා මෙට්ටේ ඉන්දුවාට ඉඳි ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Will a leech remain on a mattress though placed on it? (22)
  • කූඩැල්ලාගේ මූණට දෙහි ඇඹුල් මිරිකුවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like squeezing lime juice into the face of a leech (22) (54)
  • කූඩැල්ලෙක් වගේ [වාග්ව්‍යවහාර][උපමා]

කෙ[සංස්කරණය]

  • කෙකීට හොඳ දේ කොකාට නරක මොකද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - එක වර්ගයේ එකෙකුට හොඳ දේ තවෙකෙකුටත් හොඳයි - English: Sauce for the goose is sauce for the gander. Used to say that one person or situation should be treated the same way that another person or situation is treated – Example: "If he can go out with his friends at night, then she should be able to, too"
  • කෙතට බැඳි පඹයා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the scarecrow in a paddy field (22)
  • කෙතේ මුවන් කෑවාට ගෙදර තිබුණු මුව හමට තඩි බෑවා ලු / හේන් මුවන් කෑවාට මුව හමට තඩි බෑවා වගේ / කෙතේ ගොයම් කෑ ගෝනුන්ගේ හේදමට ගෙදර ගෝන හමට තඩි බාන්නා වගේ (සුනේත්‍රා නොහොත් අවිචාර සමය බබ්ලිව් ඒ සිල්වා 2015 පිට 250) / කුඹුරෙ ගොයම මුවන් කෑවාම ගෙදර මුවහමට තළනව වගේ [විශ්වාස][කතා][වාර්තා] - Like beating the elk’s skin which was at home, for the damage done by deer to the crop (22) / Like beating the elk-skin at home because deer ate up the corn in the field (21) - අල්ලන්න අපහසු කෙනෙක් වරදක් කළහම ඊට සමාන හෝ නෑකම් කියන පහසුවෙන් ඇල්ලිය හැකි කෙනෙකුට දඬුවම් කිරීම උදාහරණ රාජසිංහ ඇහැලේපොල අල්ලන්න බැරි වුනහම ඔහුගේ බිරිඳ සහ දරුවන් මැරීම වගේ / පිට කෙනෙක් වරදක් කරහම ගෙදර ඉන්න බිරිඳට, පුරුෂයාට හෝ දරුවන්ට දඬුවම් කිරීම වැනි නිෂ්පල ක්‍රියාවක යෙදීමෙන් කේන්තිය පිට කර ගන්න යෑම / වෙනත් කෙනෙකුට දඬුවම් කිරීම (33) – Similar: කුඹුරේ ගොයම් අලි කෑවාට ගමේ තියෙන වංගෙඩි බැන්දෙව්වා වගේ
  • කෙන්ද කන්ද කරනවා / එක දෙක කරනවා [වාග්ව්‍යවහාර] - සුළු දෙයක් විශාල කර පෙන්වනවා English: make a mountain out of a molehill (14) (15) / Don’t make a mountain out of a molehill. To exaggerate a minor problem to make it Seem like a major one. Example: One incorrect answer in the exam is not going to tank your grades. You’re making a mountain out of a molehill.
  • කෙබඳු කෙනෙක් ලුහු නොම වෙති අන් සදන [විශ්වාස][සාහිත්‍ය][ප්‍රශ්න] - සුභාෂිතය "විහිදු තරු සෙනඟ පිරිවර යුතු නොමන - සිනිඳු අමා කිරණින් ලොව බබුළුවන - තරිඳු දිනිඳු හමු වත නො දිලෙන ලෙසින - කෙබඳු කෙනෙක් ලුහු නොම වෙති අන් සදන" - ඕනෑම ප්‍රභලයෙක් අනික් කෙනාගේ නිවසේ දී, බල ප්‍රදේශයේ දී දෙවැනි තැනට පත් වේ - "හංසෝ න හාති බලි භෝජන භෘංග මධ්‍යේ - ගෝ මායූ මණ්ඩල ගතෝ න විහාති සිංහඃ - ජාත්‍යෙන න හාති තුරගෝ ඛරයුථ මධ්‍යේ - විද්වානං න හාති පුරිෂේෂ් ව විචක්ෂණේෂු" - හංසයාගේ බලය කාක සමූහයන් සහ බඹරුන් මධ්‍යයේ නොවන්නේය. සිංහයාගේ වික්‍රමය ගව සමූහයන් මධ්‍යයේ නොවන්නේය. ජාති සයින්දවයාගේ වික්‍රමය කොටළුවන් මධ්‍යයේ නො වන්නේය. පණ්ඩිතයන් ගේ බැබළීම අඥාන පුරුෂයන්/ස්ත්‍රීන් මධ්‍යයෙහි නො වන්නේය - 167. සකුණග්ඝි ජාතකය:  යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි බෝධිසත්ත්‍වයන් වහන්සේ කැටකිරිලිව උපන්සේක. කැටකිරිලිව ඉපිද සීකැට අස්සේ ගොදුරු කා නෑයන් හා සමඟ වසන්නා වූ කැටකිරිලි තොමෝ එක් සමයෙක “අන්‍යභූමියෙක ගොදුරු සොයා කමි” සිතා ඔබ්බකට ගොස් තැනි බිමක ගොදුරු සොයා කමින් සිටියේය. ඒ වේලාවට එක් උකුස්සෙක් කැටකිරිල්ලට නොඅඟවා අවුත් ගසාගත. කැටකිරිලි උකුස්සා ගසාගෙන යමින් සිටියෙදී හඬ හඬා කියන්නී “මාගේ විෂය නොවූ පරවිෂයට අවුත් මේ සා දුක් පැමිණියේය. මාගේ විෂය වීනම් මට කුමක් කොට පියන්නෝ ඇද්දැ?”යි කීය. එබස් ඇසූ උකුස්සා “එසේ වීනම් තාගේ විෂයට ගොස් හිඳූ, තාගේ විෂය මම ගසාගත නොහෙම්දැ”යි කියා කැටකිරිල්ල අත අළහ. එවිට කැටකිරිල්ල ඇවිත් සී කැට මධ්‍යයේ හිඳ “මෙවිට මා ගසාගතැ”යි කීය. එබස් උකුසු අසා මහා වේගයෙන් ගසන්ට අවුත් ලඟට “දැන් දැන් ගසමි” කී අවස්ථාවට සී කැටයෙන් බිමට බැස සැඟවින, උකුසුත් ආ වේගය රඳවාගත නොහී සී කැටෙහි ලය තලාගෙන දැස් උඩ හිඳුවා මළේය. ඒ දක්වන්නා වූ සර්‍වඥයන් වහන්සේ “මහණෙනි, යම් සේ දෙමව්පියන් ඉන්නා වූ ස්ථානයෙන් ඔබ්බට ගියා වූ කැටකිරිල්ලී යම් සේ දුකට පැමිණයේද? පියාණන් නෑවිඳුනා වූ මග ඇවිදුනා වූ භික්‍ෂූන්ට එසේම වන්නේය. භික්ෂුන්ට පියාණෝ කවුරුදැයි යතහොත්? සර්‍වඥයන් වහන්සේය. උන්වහන්සේ වදාළ මර්ගය නියාවට පිළිපැදීම උතුම, යම් සේ කැටකිරිලි සී කැට ඇති තැන ගොදුරු නොකා තැනි බිම ගොදුරු කන්ට ගොස් උකුස්සාට අසූවිද? එම නියායෙන්ම මහණෙනි, රූපශ්‍රීයක් දැක ඊටම චක්‍ෂුරින්ද්‍රීය එලීමෙන්ද, යමෙක් තෘෂ්ණාවට වාල්විමෙන්ම ඉන්ද්‍රිය එලීමය යනාදී රූපාලම්බනයෙහි ඇල්මකොට මෘත්‍යුමාරයාට අසුවන නියාව යහපත් තෙනට ගොදුරට නොගොසින් උකුස්සාට අසුවූවාක් මෙන් එසේ වූ රූපාලම්බනයෙහි සිත නොඑලවා සර්‍වඥයන් වදාළ ප්‍රතිපත්ති නියාවට දවස් හැර සංසාරසාගරයෙන් ගැලවී යාම නම් තමාගේ ස්වකීය ස්ථානයට ඇවිත් ගැළවී ගියා වූ කැටකිරිල්ල වැන්නේය. මහණෙනි, ඒ කැටකිරිල්ලිත් මළා වූ උකුස්සා පිටට පැන නැගී මාගේ ස්ථානයට පැමිණි හෙයින් පසමිතුරා පිටු දක්වන ලදැ”යි වදාරා ‘සකුණග්ඝි ජාතකය’ නිමවා වදාළසේක.
  • කෙවුලා ගුණේ නැත, ලැබූ මල සුවඳ නැත [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - Ungrateful is the “Kevula,” and unfragrant the “Labu- mala.” - Kevula is a contemptuous term for a man of the “Fisher” caste Karawa. Labu-mala is the “flower of the Labu tree” (21)
  • කෙස් ගහෙන් බේරුනා / නූලෙන් බේරුනා / අනූ නවයෙන් බේරුනා [වාග්ව්‍යවහාර] - අනතුරකින් හෝ විපතකින් ඉතා කිට්ටුවට ඇවිත් යන්තම් බේරීම (15) – 2. A hairbreadth escape / A narrow escape / Very close escape - a situation in which an accident or other unfortunate incident is only just avoided - "passengers had a narrow escape when a mid-air collision was averted after an air force fighter jet came dangerously close" (14)
  • කෙස් පළනවා [වාග්ව්‍යවහාර] - අනවශ්‍ය හෝ ප්‍රායෝගික නොවන ඉතා සියුම් තර්ක ඉදිරිපත් කරනවා - Splitting hairs (14) (15)

කේ[සංස්කරණය]

  • කේලමාට ඔබින් ටොක්කයි මොබින් ටෝක්කයි - The tale-bearer receives one tokka (a knock on the head) there, and one tokka here. i. e. he is despised both by the party to whom he carries tales and by him whom he slanders (53).

කො[සංස්කරණය]

  • කොකා [ගඟේ] දිය සිඳෙන කම්/තුරු බලා උන්නා වගේ / දිය හිඳෙන තෙක් බලා සිටි කොකා වගේ (22) (14) (15) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the crane waiting for the drying up of the river - වඩා හොඳ කාලයක් එන තුරු බලා ඉන්නවා / බලාපොරොත්තු කවදා ඉටු වේදැයි නොදැන දිගු කාලයක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා / සෑහෙන හේතුවක් නැතිව බලාපොරොත්තුවෙන් සිටීම - සමාන: කලු කපුටා සුදු වන තුරු බලා සිටියා වගේ / මෝල් ගහේ දළු ලන තුරු බලා හිටියා වගේ - English: 1. Waiting till the cows come home / 2. Like Micawber මිකොබර් වගේ බලා ඉන්නවා. The character of Wilkins Micawber has given rise to the English noun "Micawber" and the adjectives "Micawberish" and "Micawberesque." The Merriam-Webster Dictionary defines a Micawber as "one who is poor but lives in optimistic expectation of better fortune." Latin: Rusticus expectat dum dejiuat amnis (21)
  • කොකාට වාරයක් තිත්තයාටත් වාරයක් ලු /කොකාටා වාරයක් නම් තිත්තයාටත් වාරයක් එවී (22) (14) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - If there is a time for the crane, there will be a time for the thitthaya as well (22) - තමන්ගේ බලය පෙන්විය හැකි වේලාවක් ලොකු පොඩි කාටත් එනවා / සමාජයේ ප්‍රබල පුද්ගලයින්ට වගේම දුර්වල අයටත් අවස්ථාවක් උදාවන බව (39) - The tittaya is a very small river fish on which the koka feeds frequently. The koka (order Herodiones) is the crane or heron, of which there are many species (21) - අපි තිත්තයෝ ගැනත් පොඩි විමසීමක් කරලා බලමුකෝ. තිත්තයෝ වර්ග දෙකක් ඉන්නවා. Cherry barb කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වන ලේ තිත්තයා (Puntius Titteya) චෙරි රතු පාට ශරීරයක් සහ කුඩා අංකුට යුගලයක් ඇති සෙන්ටිමීටර දෙකක් තුනක් විතර දිගින් යුක්ත ශ්‍රී ලංකාවට ආවේණික, වඳවීයාමේ තර්ජනයට මුහුණ දීම නිසා “රතු දත්ත පොතට” ඇතුළත් කළ මාළු වර්ගයක්. ඉතා දීප්තිමත් රතුවර්ණයෙන් යුතු හා මධ්‍ය රේඛාව හරහා දිගටි ඉරක් සහිත ලේ තිත්ත ප්‍රභේද දෙකක් දක්නට ලැබෙනවා. 1929 දී සත්ත්ව විද්‍යාඥ පී.ඊ.පී. දැරණියගල ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලෝකයට හදුන්වා දුන් මේ සතා සෙමෙන් ගලා යන ඉතා පිරිසිදු ජලය හා කොළරොඩුවලින් යුතු පත්ලක් සහිත ඇල මාර්ග වල ජීවත් වෙන්නේ. සේකර මේ කතා කරන්නේ බන්ඩි තිත්තයා, පොඩි පෙතියා, ඉපිලිකඩයා කියලා හඳුන්වන (Silver Barb - Puntius Vittatus) ගැන. පහත රට තෙත් සහ වියලි කලාපවල දිය පහරවල වගේම කුඹුරුවලත් තිත්තයින් ගැවසෙනවා - English: Every dog has its day - Even the unluckiest or the most unfortunate will taste success at some point. Example: Are you surprised that John, the laggard, has got 92 percent marks in math? Well, every dog has his day (32)
  • කොක්කානම් ගල නොයමී කී මිනිසා හත්වරක් ගිහින් මගදී මරුනලු The man who had sworn will never go to Kokkanangala,"went there seven times, and died on his way to it.' Expressive of fickleness and inconstancy in men.
  • කොටි වලිගය අල්ලා ගත්තා වගේ [විශ්වාස][කතා][උපමා] - Like catching hold of a tiger’s tail (21) - පටන් ගත් දෙය ඉවර කර ගැනීමටත් අත හැරීමටත් නොහැකි වීම (52) / යමක් කර ගෙන යන්නත් අමාරුයි අත හරින්නත් අමාරුයි (14) - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 20 (11) – English: catch a Tartar, to deal with someone or something that proves unexpectedly troublesome or powerful,
  • කොටියා ආවෝ කොටියා ආවෝ කීවා වගේ [විශ්වාස][කතා][උපමා] - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 62 (11) – English: Crying wolf - cry wolf - call for help when it is not needed, with the effect that one is not believed when one really does need help. "he accused her of crying wolf" – Aesop - The Boy Who Cried Wolf - A shepherd-boy, who watched a flock of sheep near a village, brought out the villagers three or four times by crying out, "Wolf! Wolf!" and when his neighbours came to help him, laughed at them for their pains. The Wolf, however, did truly come at last. The Shepherd-boy, now really alarmed, shouted in an agony of terror: "Pray, do come and help me; the Wolf is killing the sheep"; but no one paid any heed to his cries, nor rendered any assistance. The Wolf, having no cause of fear, at his leisure lacerated or destroyed the whole flock. - There is no believing a liar, even when he speaks the truth.
  • කොටියාට හරක් පට්ටිය බාර දුන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like a herd of cattle being entrusted to the care of the tiger (21) - සමාන: නරියට කුකුළු කොටුව බාර දුන්නා වගේ / මරාපු කුකුළා සුද්ද කරන්න නරියාට දුන්නා වගේ / නරියාට බොකු හෝදන්න දුන්නා වගේ / නරියාට කුකුල්ලු බාර දුන්නා වගේ
  • කොටු හැටහතර නොඇඳ රාජ විල් කෙළිනවා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - රාජවිල් = චෙස් වලට භාවිතා වුනු පැරණි සිංහල නම - ලෝකෝපකාරය - "නො ඇඳ සිවු සැට විල් - රාජවිල් කෙළනවුන් වැන්නෝ"
  • කොට්ටෝරුවට කෙහෙල් ගහ හම්බු වුනා වගේ / කොට්ටෝරුව හැම ගහටම කොට කොට යනවා, කෙහෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා / කෙහෙල් ගහට ඇන්න දාට තමයි කොයි කොයි ගහටත් අනින කොට්ටෝරුවගේ හොට පැටලෙන්නේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - සෑම කෙනාම සමග දබර කර දිනන්න කෙනා තමන්ට වැඩි කෙනෙක් හා ගැටුණු විට අමාරුවේ වැටෙයි - Like the “Kottoruva “coming across a plantain tree - The Kottoruva is the The crimson-fronted barbet or Ceylon small barbet or small barbet (Psilopogon rubricapillus) (21)
  • කොණ්ඩෙ කැපුවත් අන්දිරිසා අන්දිරිසා මයි / කෙස්ස කැපුවත් අන්දිරිසා අන්දිරිසා මයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Andrisa is Andrisa even if his hair is cut (21)
  • කොණ්ඩේ ඇත්නම් හතරහටම බැන්ද ඇහැකි ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - If you have hair, you can tie it in all four directions (22) - A variant is, “If you have hair, what way can you not tie it”? (21)
  • කොණ්ඩේ බැඳපු චීන්නුන්ට කියනවා [වාග්ව්‍යවහාර] - සමාන: කුකුළන්ට ගිහින් කියන්න / මැරිච්ච මිනිස්සුන්ට ගිහින් කියනවා - විශ්වාස කරන්න බැරි කතාවක් කියන කෙනෙකුට දෙන පිළිතුරක් (15) – English: tell that to the marines - a scornful expression of disbelief – Example: "most intelligent people will ask him to tell that to the marines"
  • කොතැන හැංගුනත් හීනෙන් සහ මරුවාගෙන් බේරෙන්න බැහැ [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - ලෝකෝපකාරය - "සීනෙන් ගැලවෙන්ට - නොපිළිවන කොතැනක සැඟවුනත්"
  • කොතැනද කාසි එතැනට වාසි / කොතැනද කාසි එතැනට වෙයි හැම වාසි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Where there is money, there will be gain too (22) / Where there is money, there lies the advantage too (21) - “කොතැන ද පාත එතනට දිය වෙයි රාසී - කොතැන ද මීය එතන ට බිඟු වෙයි රාසී - කොතැන ද පාන එතනට පළඟැටි වැනසී - කොතැන ද කාසි එතනට මයි හැම වාසී"
  • කොන්ත / පොන්ත නෝනගේ පුක මිරිස් වතුරෙන් හේදුවත් අපිට මොක ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න]
  • කොන්ත නෝනගෙ කොණ්ඩෙ කොන්ත නෝනට ඕන හැටියට ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • කොපමණ වතුර ගැලුවත් ගෙමඩිත්තාගේ කර වටට ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - However high the water may rise, it will only be up to the neck of the frog (22)
  • කොපමණ වැහැරුනත් ඇතා කොරහේ නාවන්න බැහැ වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - See ඇතා වෑරුනත් කොරහේ නාවන්න බැරි ලු
  • කොපමණ සාගිනි තිබ්බත් / වුවත් සිංහයා තණ කොළ නොකයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - However hungry a lion may be, he will never eat Grass (22) / However starving a lion may be, he will never eat grass (21)
  • කොයි කොයි කොස්සත් අලුත් පිට හොඳට අතු ගෑවෙනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] – ආර්ථික විද්‍යාවේ ආන්තික උපයෝගීතා න්‍යාය (Marginal Utility) - සමාන - පහු පහු වෙනකොට කොහු කොහු වෙනව ලු / දෙවේලේ දකින කුකුළාගේ කරමල සුදු ලු / අතිරහ වුනත් නිතර කන කොට එපා වෙනව ලු
  • කොයි කොයි මලෙනුත් බඹරු රොන් ගන්නවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - English: All is grist for the mill / All's grist that comes to one’s mill (15)
  • කොරවගේ උගුලේ මොකා අහුවුනත් එකයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It’s all the same whatever animal is caught in the “Korava’s “trap (21) - In a variant saying “Beravaya” is substituted for “Korava.” The Koravas are not rice eaters and will eat the flesh of most animals. The Tamils say, “Give an elephant to a Pandit and a cat to a Korava.” The Sinhalese speak of this tribe of Gypsies as Ahikuntakayas. Though the Koravas or Ahikuntakayds now claim to be of Vedda descent and to have come from Tdmankaduva, they are in reality descendants of a gypsy tribe found all over the Tamil country, originally from Telugu. In Ceylon as in India, these people never come into Court. They settle their disputes among themselves, and have their own Headmen and Court, who inflict fines, usually paid in arrack consumed by the gang. They have a bad character for squabbling and fighting amongst themselves, so much so that the Tamils, among whom they mostly live, have the following sayings about them: (a) “Koravas’ justice is the ruin of the family.” (b) ‘‘The Kolukattai (a kind of rice cake) is neither one thing nor the other, so are Koravas neither virtuous nor well behaved.” (5) “Disputes amongst scavengers are easier settled than those amongst Koravas.” The Tamil proverb, “If the wife of the Korava is brought to bed, her husband takes the prescribed stimulant,” refers to the practice of couvade or custom in accordance with which the father goes to bed and is doctored until the child is born. Denham, who records the above, gives another Tamil saying, “No one ever saw the dead body of a monkey or the corpse of a Korava,” in reference to the fact that, when a Korava dies, the body is buried as quickly as possible. The grave is covered with the leaves of the hut occupied by the deceased, and the camp is broken up at once. A small quantity of arrack, with some cooked rice and curry, is placed over the grave (21) – Similar: බෙරවායාගේ උගුලේ මොකා අසුවුනත් එක ලු
  • කොරේ පිටට මරේ වගේ (14) [විශ්වාස][ප්‍රපංච][උපමා] - The pains of death in addition to lameness (22) - That is, crippled and then brought to the pass of death (21) - එක කරදරයක් විඳින විට ඊට අමතරව තවත් කරදරයක් ඒම / තිබුනාටත් වඩා තත්ත්වය අවුල් - සමාන: ගහෙන් වැටුණු මිනිහාට ගොනා අනිනවා වගේ, ජර මර අස්සේ බර කරත්ත - English: 1. Add insult to injury / 2. Confusion Worse Confounded. Idiom. Disorder made worse than before. “With ruin upon ruin, rout on rout, Confusion worse confounded.”
  • කොල්ලෑව නැති ඔරුව වගේ (14) [විශ්වාස][ප්‍රපංච][උපමා] - අවශ්‍යම දෙයක් හෝ කෙනෙක් නැතිව යෑම - English: Ship without a sail
  • කොවුලා අඹ දලු කෑවා වගේ - මිහිරිව තිබූ කටහඬ වඩාත් මිහිරි වෙන බව
  • කොස් ඇති තැනටමලු බතුත් [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - යමක් කමක් ඇති අයට වාසි ලැබීම (40)
  • කොස් ද පොල් ද දන්නේ නැහැ [වාග්ව්‍යවහාර] - කිසිම අවභෝධයක් නැහැ (14)
  • කොස් ගෙඩියට මිනී මරනවා වාගේ / හෙරළි ගෙඩියටත් මිනී මැරුවා වාගේ - මෙම "හෙරළි ගෙඩියටත් මිනී මැරීමේ" ජනප්‍රවාදයේ තවත් ස්වරූපයක් ඇත. හිරියාල පත්තුවේනිරාමුල්ලේ වලව් වත්තේ කුඩා රාළ නම් රදළයාගේ පුතු සුවඳ හාමි හෝ යහපත් හාමි නමින් හැඳින්වුන කෙනා දඩයමේ යාමේදී අලියකුගෙන් පහර කා මියගොස් හෝ ඕතොට ගම් දොළහ බාරව සිටි ගලේ බණ්ඩාර විසින් මරා යක්කර යාපා බණ්ඩාර නමින් දෙවි වූ බවත් අතීතයේ එක් අවස්ථාවක දෙවියන්ට වෙන කරන ලද කොස් ගෙඩියක් දුප්පත් මිනිසකු කඩා කෑ සිද්ධියකදී බැතිමතුන් කළ පමිනිල්ලකදී උදහස් වුන දෙවියන් "කොස් ගෙඩියකටත් මට මිනී මරන්න කියනවා ද?" කියා ගැමියන් අතහැර ගොස් ඇත. (ධර්මදාස සහ තුන්දෙණිය සිංහල දේව විශ්වාස පිට 280). // කොස් ගෙඩියට මිනී මැරූ නරේන්ද්‍ර සිංහ රජු // සමහර විට නමක් නැතිව රජෙකුට ආදේශවන කොස් ගෙඩියකට මිනී මැරීමේ කතාව නරේන්ද්‍ර සිංහ රජුට අදාළ ජනප්‍රවාදයක් ලෙසටත් වාර්තා වෙනවා (ලෝරි Lawrie, 1896, පිට 234). මේ අනුව කුණ්ඩසාලේ රජුගේ මාලිගාව අසළ රාජකීය පරිහරණයට පමණක් වෙන්කර තිබූ රන්වරකා ගසක් තිබුණු බවත්, දිනපතා රජු මෙම ගස පසු කර යන විට එහි අතපොවන මානයේ සැදී තිබුණු එකම වරකා ගෙඩියට තට්ටු කර එය ඉදිලාද කියා බැලීම සිරිතක් කර ගෙන හිටියාලු. දිනක් මෙම වරකා ගෙඩියේ සුළු කොටසක් ඉවත් කර ඇති බව රජු දැක ඒ පිළිබඳව විමසා බැලූ විට එය මුරකරුවකු විසින් කර ඇති බව දැන ඔහුට මරණ දණ්ඩනය පනවලා තියෙනවා. මෙවිට මෙම මුරකරුවා හඬා වැටී ඇති අතර එසේ හඬන්නේ ඇයිද ඇසූ විට කියා ඇත්තේ තමන් හඬන්නේ මරණයට බියෙන් නොව මෙම සිද්ධිය නිසා අනාගතයේ දී 'කොස් ගෙඩියටත් මිනී මරපු රජ්ජුරුවෝ වගේ' කියා ප්‍රස්තාපිරුළක් ඇති වූ විට එයින් රජුගේ ශ්‍රී නාමයට ඇතිවන කැළැල ගැන සිතා අඬනා බව. මෙය අසා රජු ඔහුට ජීවිත දානය දී කස පහර දීමට නියම කර තිබෙනවා. කසපහර දෙන්නාට මෙම මිනිසා තමන් වරද කළ ශරීරාංගය වෙන බඩ පෙන්වා සිටි විට රජු ඔහුට සම්පූර්ණ සමාව දී නිදහස් කර වරකා ගෙඩියේ ඉතිරි හරිය කෑමට නියෝග කර තිබෙනවා.
  • කොහෙද යන්නෙ මල්ලෙ පොල් / යන්නෙ කොහාට දැයි ඇසුවාම මල්ලෙ පොල් ය කීවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A person on being asked where he was going, said he had cocoanuts in his bag (22) – English: beside the mark / point (15)
  • කොහොඹ ඇටේ නෑව්වාට, තිත්ත රසේ කොයිබ යා ද? / කොහොඹ ඇටයට කිරි වත් කරමින් හැදුවත් එහි තිත්ත ගතිය ඉවත් නොවේ / උක් යුෂ, කිරි, වතුර වක්කරලා හැදුවත් කොහොඹ තිත්තයි [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] Though you wash a neem-seed with water where will its bitterness go? (22)- කොතරම් උදව් උපකාර කළත් දුර්ජන පුද්ගලයාගේ ඒ දුෂ්ට ගුණය ඉවත් නොවේ (51) - The Kohomba (Azadirachta Indica, Sanskrit: Nirnba, Tamil: Vemhu, Veppan) is the well-known Margosa or Neem-tree of the East. It has been used medicinally from the remotest times (21) - සුභාෂිතය "කොතෙක් ගුණ කළත් දුදනන් හට අසුබ - අකක් පමණ වත් නොම කෙරෙති පිළිලබ - එ උක් රසෙහි සැදුවත් නිඹ බිජු කිරඔ - උදක් තිත්තමය පසඟම තුරෙහි නිඹ" කිරඹ=කිරි+අඹ-ජලය - Similar: රස පොළවේ හිටෙව්වත් කොහොඹ පැලේ තිත්තයි ලු - ප්‍රත්‍යය ශතකය “ගූඩ පර්වත මධ්‍යේතූ නිම්බබීජං ප්‍රතිෂ්ඨිතං - ක්ෂීරධාරා සහස්රානී නිම්බඃ කිං මධුරායතේ" උක් සකුරු පර්වතයක් කොට ඒ මැද කොහොඹ ඇටයක් සිටුවා, කිරි කළ දහසක් වත්කර හැදුවත් එහි මධුර පල හට නොගනී. දුර්ජන්යාටද කොතෙක් උපකාර කළත් ඇයගේ නපුරු ගති අත්හැරිය නොහැක.
  • කොහොඹ ගසේ රස මී බඳින්නා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - කොතරම් අයහපත් වූත් දුර්ගුණයෙන් යුක්ත වූත් පරිසරයක වුවත් උසස් ගුණයෙන් යුතු උසස් ගති ලක්ෂණ දරන උසස් සිතුවිලි දරන පුද්ගලයන් බිහිවිය හැකිය යන්නය / තිත්ත රස වූ කොහොඹ ගසක බඳින ලද මී වදයෙදි මී පැණිවල රසය වෙනසක් නැත්තේය (51) - ලෝකෝපකාරය "ගුණමකු දනන් හා - සමග විසුවත් නැණති සුදනෝ - මනා ගුණ නො හරිත්- කොසඹ තුර තුළ බැඳි මීය මෙන්"
  • කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ / කොහොඹ ගහට කරිවිල වැල එතුනා වගේ (22) [විශ්වාස][කතා][උපමා] - Like the cariville creeper (Memordica Charantia) entwined around a Margosa (Azadirachta Indica) tree (22) / Like the “karivila “creeper twining round the “kohomba” tree (21) - නරකට නරක එකතු වීම (52) / නරක දෙයක් හෝ කෙනෙක් සමග තවත් නරක දෙයක් හෝ කෙනෙක් එකතු වීම (37) - Bitterness is characteristic of both the Cariville and the Margosa (22) / It is “Like meeting like,” bitterness being characteristic of both. The Karivila (Latin: Memordica Charantia, Sanskrit: Ugralata or Kandira, Tamil: Pakal, Nuti-pakal) is a creeping plant, the fruit of which is used in making curry (21) - අන්දරේගේ නිවසට වැඩිමල් සොහොයුරිය බැලීම සඳහා දිනක මනාලයකු පැමිණ තිබණි. ගෙදර අය විසින් පැමිණි පිරිසට වචනයකින් සංග්‍රහ කිරීමට භාර කෙරුණේ අන්දරේටය. අන්දරේ සුපුරුදු පරිදි සියල්ලන්ට ආචාර කර අවසර ගෙන කතාවක් පටන් ගත්තේය. ඔහු පුරුදු පරිදි කවියද කතාවට එක්කරගෙන සොයුරිය හා මනාලයා අතර ගැළපීම කවියෙනුත් විස්තර කළේය. - කවියේ අවසානයේ කියැවුණු කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ කියන ප්‍රස්තාව පිරුළෙන් අන්දරේ සියලු දෙනාම සිනා සයුරේ ගිල්වීමට සමත් වුණේය - කතාව රජ තුමාගේ බිසවට අන්දරේ කිවු එකක් විදියටත් තියෙනවා බලන්න විජේතුංග 2013 පිට 27 (17) - කොහොඹ තිත්ත රසයෙන් යුක්ත ශාකයකි. ඒ සමග කරවිල වැනි තිත්ත වැලක් එකට එක් වූ විට තිත් රසය තවත් වැඩි වේ. නැතිනම් තිත්ත රසය දෙගුණයක් වේ. දුර්ගුණයන් නැතිනම් අයහපත් සිතුවිලි ඇති දෙදෙනකු එකට එක් වූ විට සිදුවන්නේ එයමය. දුර්ගුණයද දෙගුණයකින් වැඩි වේ. - “බොහොම හොඳට රන්කම් කළ වැඩක් වගේ දේවතුමට මහ බඹු දුන් ළියක් වගේ - ලෝකෙ ඉන්න පඬිනට පිස්සුවක් වගේ - කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ” (51)
  • කොහොඹ ගහේ උපන් පනුවාට තිත්ත නැති ලු [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - Bitterness is of no consequence to a worm born in a margosa tree (22) / There is no sense of sourness to the worm born on a “kohomba “tree (21)
  • කොහොඹ ගහක් ළඟ හැදෙන මී අඹත් තිත්ත වෙනව ලු [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - 185. දධිවාහන ජාතකය: දධිවාහන රජ්ජුරුවන් එක් ගඟක ලෝදැල් එලා නාමින් සිටිසේක. හිමාල වනයෙන් කර්ණමුන්ඩ නම් විලින් දේවතාවන් ආනුභව කරන්න වූ අඹ ගසින් අඹයෙක් අවුත් ඒ ලෝදැල් වල බැඳිනි. ඒ දුටු කෙවුලෝ රජ්ජුරුවන්ට ගෙනගොස් පෑහ. රජ්ජුරුවෝත් වැද්දන් අතින් විචාරා අඹ රසය අනුභවකොට ඒ කියන අඹ ඇටය උයනේ රෝපනය කරවා, ඒ ගස වට බොහෝ සුවඳ ගස් ඇති කරවා දවස් පතා සුවඳ පැන්, කිරි පැන්, සඳුන් පැන් වත්කරවා ගස නොයෙක් මල්දම් එල්වා සුවඳ දුම් හා සුවඳ පැන් හා ලවා වටකොට පට කඩතිර ජවනිකා බන්දවා මේ නියායෙන් බොහෝ පෙරහර අඹ කසට කරවූහ. අඹ ගස තුන් අවුරුද්දකින් රන්වන්ව මී අඹ ඵලගෙන මී හා සමාන රස ඇති විය. රජ්ජුරුවෝ ඒ ගස ඵල අනුභවකොට “මේ ඵල ඒ ඒ රජදරුවන්ට පඬුරුකොට යවමි”යි සිතා නැවතත් සිතන්නාහ “මේ ඵල රජදරුවෝ කා ඒ ඇට ඉඳුවා ඇති කළෝ නම් මේ ගස නිස්සාර වෙ”යි සිතා අඹ ගෙඩියේ පැලවෙන ස්ථානයෙහි මඩු කටු ගසා යුවූහ. ඒ ඒ රජ දරුවෝත් අඹ කා අඹ ඇට ඉඳුවා නැස්පෙන හෙයින් “මීට කාරණා කිම්දෝ හො?”යි සිතා පරීක්‍ෂාකොට මඩු කටු ගසා යවනලද නියාව දැන ඉන් එක් රජ්ජුරු කෙනෙකුන්ගේ උයන්ගොව්වාත් බරණැස් නුවරට ගොස් දධිවාහන රජ්ජුරුවන්ට තමන් ආ පවත් කියා යවා රජ්ජුරුවන් විසින් ගෙන්වා “තෝ උයන්ගොව්වෙක් දැ?”යි විචාරන්නා සේ “එසේය රජ්ජුරුවන් වහන්ස, අකාලයට ඵල ඇති මල් ඇති කිරීම ආදී වු දෙය දනිමි”යි කියා එබස් රජ්ජුරුවෝ අසා තමන් උයන්ගොව්වා හා කැටිව උයන් බලන ලෙස සැලසූහ. ඒ කියන උයන්ගොව්වා අකලට මල් හා ඵල දා ඇතිකොට රජ්ජුරුවන්ට පෑය. රජ්ජුරුවෝ සතුටුව පළමුව සිටි උයන්ගොව්වා හැර අමුතුව ආ උයන්ගොව්වාට උයන භාරකොට දුන්නාහ. එවිට උයන්ගොව්වා උයන තමා නතු වූ පසු “අඹගස තිත්ත කෙරෙමි” සිතා අඹ ගසට කොසඹ ගසක් හා අඟුල් වැල් වට ඉඳුවිය. ඒ වැඩී අඹ ගස මුල් බැඳී අඹ ගස ශාඛා හා එක්ව බැඳී අඟුල් වැල් ගස වැළඳ කල්යාමකින් අඹ ගස කොසඹ ගස මෙන් තිත්තව ගියේය. තමා ආ කාරිය සිද්ධව ගිය හෙයින් උයන්ගොව්වා තමා නුවරට පළා ගියේය. එවිට රජ්ජුරුවෝ එක් දවසක් මඟුල් උයනට ගොස් “අඹ කමි”යි සිතා අඹ කා කොසඹ කොල සැපුවා සේ තිත්ත විසින් රජ්ජුරුවෝ කාරා බිමට දැමූහ. බොධිසත්ත්‍වයෝ ඒ රජ්ජරුවන්ට අර්ථයෙන් ධර්‍මයෙන් අනුශාසනා කරන්නා වූ අමාත්‍යයව ඉපිද රජ්ජුරුවන් ලඟ සිටියාහ. රජ්ජුරුවෝ බෝධිසත්ත්‍වයන්ට කියන්නාහු “අමෘත්ත වූ අඹ ගසට කළමනා ප්‍රතිකාරයෙන් අඩුවක් නැතිව තිබියදී තිත්ත වන්ට කාරණා කිම්දැ?”යි විචාළීය. එවිට බෝධිසත්ත්‍වයෝ කියන්නාහු “දධිවාහන රජ්ජුරුවන් වහන්ස, කොසඹ ගස්, අඟුල් වැල් නිසා වනැ”යි කීහ. එවිට රජ්ජුරුවෝ කොසඹ ගස්, අඟුල් වැල් කප්පවා දම්මවා තිත්ත වූ පස්ද අද්දවා දම්මවා මිහිරි පස් ලවා කිරිපැන්, සඳුන් පැන් වත්කොට පෙරසේ පනත් කළාහ. පළමු උයන් ගොව්වාට උයන පාවා දුන්නාහ. අඹ ගස පෙරසේම මිහිරි රස ඇතිවීයයි වදාරා ‘දධිවාහන ජාතකය’ නිමවා වදාළසෙක.
  • කොළේ වහලා ගහනවා / පදේ වහලා ගහනවා (14) [වාග්ව්‍යවහාර] - වැදගත්ම දේ මග හැර අනික් දේවල් කතා කිරීම යමක් සඟවා ගෙන කටයුතු කිරීම, වංචා කරනවා, රවට්ටනවා - English: Throw dust in the eye

කෝ[සංස්කරණය]

  • කෝකියෝ වැඩි වුනහම හොද්ද බොර වෙනව ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] – English: Too many cooks spoil the broth. When too many people work together on a project, the result is inferior. Example: This proposal has received feedback from too many parliamentary committees, and that’s probably the reason why it lacks clear actionable. I’ve no doubt that too many cooks spoil the broth (32)
  • කෝච්චියට අහුවුනා වගේ [වාග්ව්‍යවහාර][උපමා] - එක දිගට තොරතෝංචියක් නැතිව කතා කරන්නෙකුට අකැමැත්තෙන් වුනත් දිගු කාලයක් එක දිගටඇහුම්කන් දීමට සිදු වීම

[සංස්කරණය]

  • ගඟ හත් ගව්වක් තියා අමුඩේ ගැහුවා වගේ / මුහුද හත් ගව්වක් තිබියදී අමුඩ ගැසුවා වගේ / වලවේ ගඟ හත් ගව්වක් තියා අමුඩේ ගැහුවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like tying the “amude “when the Valave-ganga is still seven “gavvas” away (21) / Like the person who tied his Amude to swim when the Walawe-ganga was seven gawwas (28 miles) (22) – යම් ක්‍රියාවකට ඕනෑවට වඩා කල් තියා සැළසුම් කිරීම සහ පෙර සූදානම් වීම / යම් දෙයකට ප්‍රමාණය ඉක්මවා සූදානම් වීම (49) / යම් වැඩකදී අනවශ්‍ය ලෙස පූර්ව සූදානම - – The amude is the handkerchief, truss, or, according to Clough, “the piece of cloth used to pass between the legs, from the front to behind, for the purpose of tucking up the lower garments.” The Sinhalese villager usually ties his amude preparatory to fording a river. One man did it when the river he had to cross (the Valave- ganga) was still some 25 miles distant—thus giving rise to the saying, which is used to describe anything that represents a too premature preparation (21) - English: Don’t cross the bridge till you come to it Deal with a situation when it happens and not unnecessarily worry about it in advance. Example: I know you’re worried about the mortgage payment in January, but don’t cross the bridge till you come to it. - English: Don’t cross a bridge until you come to it. Deal with a situation when it happens and not unnecessarily worry about it in advance. Example: I know you’re worried about the mortgage payment in January, but don’t cross the bridge till you come to it.
  • ගඟට ඉනි කැපුවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like cutting hedge-stakes on to a river (21) - මහන්සි වී කරන ලද වැඩවලින් අවසානයේ කිසි ම ප්‍රයෝජනයක් නොලැබීම (39), කරන ලද ක්‍රියාවෙන් කිසිදු ප්‍රතිඵලයක් නොමැතිවීම (39) නිෂ්ඵල යමක් කිරීම - එක් ගැමියෙක් බුලත් කොරටුවක් වැවීමට අදහස් කළේය. කොරටුවෙ බුලත් වැල්වලට සිටවීම සඳහා හොඳ පැළ ඉනි ඕනෑ වීය. ඒ නිසා ඔහු එක් දිනක් පාන්දරින්ම නැගිට ඈත කැලෑව බලා පිටත් වූයේ පැළ ඉනි තොගයක් කපා ගැනීම සඳහාය. මද්දහන වනතුරුම ඔහු මහත්සේ වෙහෙස දරා හොඳ හොඳ පැළ ඉණි තෝරාගෙන කප කපා ගොඩ ගැසුවේය. අන්තිමේදී විශාල ඉනි ගොඩක් එක් රැස් වී තිබුණි. “මෙච්චර ඉනි ගොඩක් මං කොහොමද තනිවම උස්සාගෙන යන්නෙ?” ඔහු කල්පනා කළේය. ඔහු ඉනි කපමින් සිටියේ ගං ඉවුරකයි. හදිසියේම ගඟ දුටු ඔහුට හොඳ අදහසක් පහළ විය. “මේ ගඟ ගලන්නේ අපේ ගම මැද්දෙන් මේ ඉනි ටික ඔක්කොම ගඟට දැම්මොත් ගඟේ වතුර පාරට ගඟ දිගේ නොවැරදීම ගමට යාවී ඔව් මේවා උස්සගෙන ගිහිල්ල නිකං මහන්සි වෙන්න ඕනි නෑ” ඔහු සිතුවේය.අනතුරුව ඔහු කැපූ ඉනි සියල්ලම ගඟට දැම්මේය. ඒවා ගඟේ සැඩ පහරට හසුව ගසාගෙන ගොස් නොපෙනී ගියේය. ඔහු ආපසු ගමට ගියත් පැළ ඉනි නම් දකින්නට ලැබුණේ නැත - (ගොසිප් ලංකා වෙබ් අඩවියෙන්) තාත්තා කෙනෙක් තමන්ගේ පුංචි පුතත් එක්ක ඉනි ටිකක් කපාගන්න කැලේට ගියා. තාත්තා දැක්කා ගඟක් අයින් කෝටු වගයක් තියෙනවා. ඔහු ඉන්පසු ඒ ගග අයිනෙ තිබුණු ඉනි කපන්න ගත්තා. ඔය අතරේ ඒ පුංචි පුතා තාත්තාගෙන් එක එක විදිහෙ ප්‍රශ්න අහන්න ගත්තා. " තාත්තේ, ඔය කෝටු මොකටද තාත්තේ?" "පැල ඉනි වලට කොලුවා" "වැට බඳින්නද?" "ඔව් දරුවා" "කොහෙද තාත්තෙ වැට බඳින්නේ?" "ගෙදර" මේ විදිහට පුතා එක එක ප්‍රශ්න ඇහුවා. ඉතින් වැඩක් කරනා විට ප්‍රශ්න අසමින් තමන්ට කරදර කරනා බව හිතපු තාත්තාට හරියට තරහා ගියා. පුතා ආයිත් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. " තාත්තේ! මේ ගඟ කොහෙටද යන්නෙ?" තරහ වැඩිකමට ඔහු මෙසේ පිළිතුරු දුන්නා. "තොපේ ගෙදරට" "බොරු කියන්නෙපා" "ඔව් යෝධයෝ, තොපේ ගෙදරට. ඔය බහුබූත කතා අහලා මගේ තරහ අවුස්සන්නේ නැතුව මං කපන කෝටු ටික ගෙනිහිල්ලා එක තැනකට දාපන්, ගෙදර ගෙනියන්න."එසේ කියමින් ඔහු කෝටු කැපීමට තවත් කැලේ ඇතුළටම රිංගා ගියා. ගඟ ගෙදරට ගලාගෙන යනවා නම් කෝටු ගඟට දැමූවිට කෝටු ටික ගෙදරට ගිහින් දමාවි යැයි සිතූ මෝඩ පුතා පියා විසින් කපා දමන සියලුම ඉනි ටික ගගේ එක තැනකට දැම්මා. ඉනි ටික ඔක්කොම ගගේ ගහගෙන ගියා. මේ වගේ යම්කිසි පුද්ගලයකු ඉතා වෙහෙස වී කළ වැඩකින් ප්‍රයෝජනයක් නොලැබුණු විට "ගඟට ඉනි කැපුවා වාගෙයි" කියන පිරුළ අදද කියනු ලබනවා. English: Plough the sand (14) - To do something that seems futile. English: “I know that I'm just ploughing the sands by telling you to stay away from that boy, but I'm your father, and I don't want to see you get hurt” (26)
  • ගඟට යටින් පොල් ගස් දාන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like giving coconut trees from the river bottom - An unsubstantial gift (21) - පොල් ගස් දැමිය යුත්තේ ගඟට උඩින් ඒදණ්ඩක් ලෙස මිස ගඟට යටින් නොවේ. එසේ කිරීමෙන් කාටවත් ප්‍රයෝජනයක් නැත (?)
  • ගඟට හේදමට ඇඟ නොසෝදා ඉන්නවා වගේ (22) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like not washing your body out of consideration for the river (21)
  • ගඟෙන් එගොඩ එළිය දැක මෙගොඩ ඉඳන් සීත තැපීමට අත වැනුවා වගේ / ගඟ අද්දර ඉඳ සීත තැපූ මිනිහා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the man who warmed himself at the river bank (21) - Seeing a fire on the opposite bank, he sat at this bank and stretched out his hands to warm himself (21) / Like the person on the bank of a river who at the sight of a fire on the opposite bank, stretched out his hands with the object of warming himself (22)
  • ගඟෙන් දිය බී / ගඟ දිය බීලා මුහුදට ආවඩනවා වගේ / ගඟෙන් වතුර බී මූදට ආවඩන්නා [විශ්වාස][ප්‍රපංච][උපමා] වගේ - Drinking river water and wishing “Long Life” to the ocean (21) - උපකාර කළ අය අමතක කර වෙනත් අයට ප්‍රශංසා කිරීම (49) / සුළු මිනිසෙකුගෙන් වැඩක් කරවාගෙන එහි ගෞරවය බලවතෙකු විසින් ලබා ගැනීම (41) - "තමන් කුසල් බලයෙන් පෙර කල පැවතී - නොමින් සැපත මෙලොවදි අත්වනු නියතී - සුරත් තව එගැන පසසන දන කුමතී - ගඟෙන් වතුර බී මූදට ආවඩතී"
  • ගඟේ දිය බොර වුනහම වාසිය කූනිස්සන්ට ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - "ගඟ දිය බොරවුණත් කූනිස්සන්ටයි වාසී - ඒ දිය බොරවුණත් කඩයටමයි වාසී - නිල තල වැඩිවුනත් මහතුන්ටයි වාසී - කුලමල නැති වෙන්ඩ අව්සදයකි කාසි"
  • ගඟේ යන ඇත් කුණේ මසට ලොබව සිඳු වැද මියැදි කපුටා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - ලෝවැඩ සඟරාව - "ගඟ යන ඇත්කුණ ඉඳ මස් රසටා - සිඳු මැද වැද වැනසුනු මෙන් කපුටා"
  • ගඟේ වැටෙන්නේ පෙරාලා බොන්න ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Does a man fall into the river to drink strained water? - The point of the saying is that a man, in adverse circumstances, cannot expect to have his way or to get what he likes (21)
  • ගනේ ගිල්ල යකාට පිළිමේ අග්ගලාවක් වගේ ලු / ගනේ ගිලපු අලියට පිළිමේ අග්ගලාවක් ලු / ගණේ ගිල්ල මිනිහාට පිලිමේ අග්ගලාවයි [විශ්වාස][කතා][උපමා] - An image is like an aggalawa to the Devil who has swallowed down a Buddhist Priest - The aggalava is a kind of sweetmeat—a globe-cake or ball of dough made of flour and jaggery (21) /To the man who swallowed the temple, the image is like an aggala (a ball of sweetmeat) (53). One who has committed an act of great wickedness, will not scruple to commit one of less magnitude (53) - භික්ෂුවක් ගිලපු අලියාට පිළිමයක් කන සුළු දෙයක් - බරපතල වැඩක් කරපු කෙනෙකුට ඊට වඩා සුළු දෙයක් කිරීම අපහසු නොවන බව (9-110/168) - Variant: “An image is like an aggalava to the man who has swallowed a Vihara.”
  • ගන්නා ළිඳට දිය උනනව ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A well from which water is constantly drawn, always gets fresh supplies (22)
  • ගම ගාල්ලේ උනාට වැඩ බැහැ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - වැඩ බැරි වුනත් ගම ගාල්ලේ - ගාල්ල ප්‍රසිද්ධ නිර්භීත, එඩිතර වැඩට දක්ෂ අය සිටින ප්‍රදේශයක් ලෙසය. නමුත් එහි ඉපදිලාත් වැඩ බැරි අය සිටිති. ඔවුන්ට ගාල්ලේ ඉපදීමත් ආඩම්බරයකි - සමාන: තොටගමුවේ ඉපදිලත් බණ බැරි නම් මොකට ද?
  • ගම මායියලා දෙන්නා ගමරාළලාගේ හපන්කම් කිව්වා වගේ [විශ්වාස][කතා][උපමා] - Like the accounts of two Gama Maiya's gave on the abilities of their husbands (22) / Like the two “Gama-mayiyas’ “praise of the cleverness of their husbands (21) - When one of them said "My husband is very clever, for what he writes nobody he could read”, the other observed "My husband is cleverer still, for what he writes, he himself cannot read" (22)
  • ගම මායියා කොණ්ඩේ කැප්පුවා වගේ / ගම හාමිනේ කොණ්ඩය කප්පවා ගත්තා වගේ [විශ්වාස][කතා][උපමා] - Like the Gama-Maiya's shave (22) / Like the “Gama-mayiya’s hair-cut (21) - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 32 (11) - A certain Gamarala used to give his barber a bag of paddy every year for shaving him. When the barber came to the house one day during the absence of the Gamarala, the Gama-Maiya got her own head shoved in place of her husband's beard and boasted of her wise act on her husband's return (22)
  • ගමට අවලමත් ගහට ඇහැටුවත් විනාසය ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A vagabond is the ruin of a village, and a parasite of a tree (22) / The bane of the village is the vagabond, and that of the tree is the parasite (21)
  • ගමනට ඉණිමග කතාව ලු (50) / කතාව ගමනට ඉනිමග ලු / [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Conversation is a ladder for journey (22) / Conversation is a ladder to the traveller (21) - තනිවම පයින් ගමනක් යන විට මහන්සිය දැනේ. ගමන දුර නම් මහන්සිය වැඩි ය. කීප දෙනෙකු සමග කතාබහ කරමින් ගමන් කරන විට මහන්සිය නොදැනේ (33)
  • ගමරාළ ඌරං වෙඩි තැබුවා වගේ [විශ්වාස][කතා][උපමා] - තුවක්කුවට බෙහෙත් කොටා බිරිඳට තුවක්කුවේ කණට ගිනි පෙළෙල්ල තියන්න කිව් විට ඇය ගිනිපෙලෙල්ල ගමරාළ ගේ කණේ තිබ්බ විට "ඔය කණට නෙවෙයි අනෙක් කණට" කී විට ඔහුගේ අනික් කණේ තිබ්බාය. ඔහු ඇයට ගුටි බැට දෙන කලබලේට ඌරො බයේ පැන දිව්වේය. දෙදෙනාම වෙද ගෙදර යන්නට සිදු වුනි (3-21)
  • ගමරාළ කුරක්කන් කන්න බැරිව රූණු ගියා වගේ [විශ්වාස][කතා][උපමා] - Like the Gamarala who went to Ruhuna because he could not eat “kurakkan (ragi - Finger millet - Eleusine coracana)” - He went to Ruhuna in search of better food instead of Kurakkan. Ongoing there, however, he found that the fingers of its inhabitants had wasted by their constantly handling kurakkan porridge, this being the staple food of the people there. Ruhuna (including the Southern Province of today) represented an ancient division of Ceylon (21) – Synonymus: අකුරම්බඩයාලට හලප කාලා ඇතිවෙලා මහ බින්තැන්නට කුරක්කන් රොටි කන්න ගියා වගේ
  • ගමරාළ දිව්‍ය ලෝකේ ගියා වගේ [උපදේශ][කතා][උපමා] - Like the way the Gamarala went to Heaven (21) - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 33 (11) - ගමරාල ඇතුළු පිරිස අලියාගේ වලිගයේ එල්ලී දිව්‍යලෝකයට යන අතරමඟ දී ගම මහගේ ප‍්‍රශ්නයක් ඇසුවා ය. ඊට පිළිතුරු දීමට අත් දෙක දෙපසට විහිදුවීමට ගමරාළට සිදු විය. එකෙණෙහි ම බිමට වැටුණු සියල්ලෝම මරණයට පත්වූහ (33) - සමාන: ඉබ්බා අහසින් ගියා වගේ - අහසින් ගිය ඉබ්බා වගේ - A certain Gamarala found one morning his paddy field badly trampled about and traces everywhere of large feet which looked like the impressions made by mortars on the ground. Thinking that the village mortars had run riot in the night on his property, he went to each villager’s house and asked as a favour that every mortar should be tied up for the night. This was done but in vain, for the next morning the paddy field was again in a mess, with the same traces of feet as before. That night the Gamarala kept watch on a tree, and he saw a large white elephant, a creature from Heaven, come on the scene. The Gamarala hastily clambered down and, as the elephant started running away, he sped behind and clung to his tail. In this way the Gamarala was taken to Heaven, which he saw was a very wonderful place, and the next day he was brought down to earth by the elephant in the same fashion. Speeding home, he related to his wife the tale of his experiences, and she was herself fired to make the trip to Heaven. She sent for the dhobi to bring her clothes quickly, and the dhobi came with his wife. This pair, too, wished to accompany the Gama- mayiya, and all arranged to meet the elephant in the paddy-field. When at night the animal came the Gamarala clung to its tail as at first, and his wife, the Gama-mayiya, clung to her husband’s legs. The dhobi woman in her turn clung to the Gama-mayiya’s leg and the dhobi to his own wife’s. In this fashion they travelled up through the air, and midway the dhobi woman was struck by an idea. She was curious to find out how dhobies were paid their hire in Heaven, and she inquired whether the Heavenly measure with which they would be paid their divel (hire) was larger than the earthly one. “Oh, it is as large as this,” said the Gamarala as he stretched out his hands to show her, and the whole party came down to earth like a bolt from the blue, and died on the spot (21)
  • ගමරාළගෙ වංගෙඩිය වගේ (22) ගමරාළගේ වංගෙඩිය වගේ (9-163) [විශ්වාස][කතා][උපමා] - Like the Gamara’s paddy-pounder (22) / Like the Gamarala’s “vangediya-” (21) - එක ම දේ කිහිප ආකාරයකට ප්‍රයෝජනයට ගැනීම (39) / සෑම දෙයකටම පාවිච්චි වන භාණ්ඩයකට මේ නම යෙදේ (45) / කාර්ය ගණනාවක් සිදු කිරීම සදහා එකම උපකරණය භාවිතා කිරීම - වාඩිවීම, අටුවට නැගීම, දොරට හේත්තු කිරීම, වී කෙටීම ආදී කාර්යන් රාශියක් සදහා එක් ගමරාළ කෙනෙක් තමන්ගේ වංගෙඩිය භාවිතා කළේලු (41) / කොයි කොයි දේටත් යොදා ගන්නා හෝ ගත හැකි දෙයක් (9-163)- A certain young man visiting his intended bride's house for the first time, was offered a paddy pounder to sit upon by his mother-in-law. A little while after, the mother-in-law wanted the paddy-pounder in order to get some paddy down from the loft. So, she asked the young man to get up for a while, and after finishing her business allowed the young man to resume his seat. After the paddy was dried in the sun the paddy-pounder was wanted a second time, to pound the paddy in. The young man being asked a second time to get up (22), left the house, in disgust, observing that there was but one mortar to sit upon, to stand on, to pound paddy in, etc (21) - A vangediya is a large wooden mortar used to clean the husk from the rice (21)
  • ගමරාළගේ වෙඩිල්ල වගේ [විශ්වාස][කතා][උපමා] - Like the Gamarala's shot (22) from his gun (21) - ගම මායියා රණ්ඩුවක් වූ විට අසළ කැළයට ගොස් සැඟවී සිටීම, දිනක් රාළ කැලේ දඩයම් කර ගත සතෙක් වෙඩි තබා ගේ ළඟ කැලේ ගසක් යට දමා ගෙදර සිට බොරුවට වෙඩි තබා මෙහෙකරුවාට මැරුණු හාවා ගේන්න කිව්වේ තමාට සද්දේ අනුව පෙනෙන්නේ නැති තැනක සිටින කෙනෙකුට වුවත් වෙඩි තැබිය හැකි බව මායියාට ඇඟ වීමට. ඉන් පසු මායියා කැලේ සඟ වුනේ නැති ලු (3-21) - The wife of a certain Gamarala was in the habit of hiding herself in the jungle whenever she happened to fall out with her husband. The Gamarala devised a dodge in order to make her give up the habit by making her believe that he could shoot anything with his gun, wherever it may be. Having shot an animal at a distance, he hid it in a jungle. After returning home he fired his gun and ordered his servant to go to a certain place and fetch the animal that was killed by the shot. The servant went to the place he was asked to go and brought back the animal. Never after this did the Gama-maiya resort to her old habit of hiding herself in the jungle (22)
  • ගමරාළට කුරහන් ඇති බව දතින් පෙනෙයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A rustic who has kurahan could be made out by his teeth (22) / The “Gamarala “who has “kurahan” can be made out from his teeth (21) - Kurahan or Kurakkan (Eleusine coracana, Sanskrit: Ragi, Tamil: Kayur) is a food grain used by the poorer classes of the Sinhalese. Being richer in nitrogenous elements than rice, it is a good substitute for it in the case of diabetic patients. It is cooked m the same way as rice. The habitual Kurakkan eater has blackish teeth (21)
  • ගමේ යකා, පිට යකාට වඩා හොඳ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - තමන් හොඳින් හදුනනට පුද්ගලයින් අහම්බෙන් මුණගැසෙන දුර බැහැර පුද්ගලයන්ට වඩා හොඳය (39), English: Known devil is better than the unknown angel
  • ගමේ රාළට ඇවිළු පහනින් හේවායත් එළිය බලනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The lamp lit for the headman's use, gives light to the lascoreen too (22) - The Lascarin was the ordinary Sinhalese soldier or private (21)
  • ගම්මිරිස් ඇටේ සැර දැනෙන්නේ විකුවාම ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - How hot a pepper seed is, could only be made out by biting it (22)
  • ගල කළ ගෙඩියෙ වැදුනත් කළ ගෙඩිය ගලේ වැදුනත් බිඳෙන්නේ කළ ගෙඩිය නේ? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] (1-32)
  • ගල පිට පොර, හාද පොර නෙවෙයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A struggle on a rock is no friendly-fight (22)
  • ගල පිට වපුලා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like sowing on a rock (22)
  • ගල මතු පිට මල පිපුනා වගේ / ගල පිට මල වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - කිසිදා නොවිය හැක්කක් - සුභාෂිතය "නැ‍ඟෙතත් අවර ගිරගින් දිනකර මඬල‍ - පිපෙතත් ගිරි මුඳුන හෙල් මැලි පියුමුපුල - සැලෙතත් සුනෙර පවනින් සෙදෙතත්/සලෙතත්/මිදෙතත් අනල - බොරු නැත්තෙමය මහතුන් පැවසු තෙපුල"
  • ගල හොඳ නම් පොලුත් හොඳයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - If the grinding stone is good, the coconut that it grinds too will be good (22) / If the grinder is good, so will the coconut be - As being well ground (21)
  • ගල හොඳ නම්වද හඳුන් හොඳ?  - The grinding- stone must be good, for the sandal to be good (53).
  • ගල හොඳනම් අඹරන කහ මක් වේ ද? (45) [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - යම් ක්‍රියාවක මූලික දේ හොඳනම් ලැබෙන ප්‍රතිලාභයද යහපත්ය (39)
  • ගලා යන වතුරෙන් දෝතක් ගත්තත් ලාබ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It is a said to take even two handfuls out of water that is running to waste (22)
  • ගලෙන් පට්ටයක් ගන්න තැත් කරන්නා වගේ / ගලෙන් පට්ට ගන්නවා වගේ (45) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the attempt to peel off the bark from a rock (22) - ඉතා අමාරු දෙයක් කිරීමට උත්සාහ කිරීම / මසුරෙකුගෙන් සුළු මුදලක්වත් ලබාගත නොහැකි බව (41)
  • ගලේ කොටපු අකුරක් වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - ස්ථාවර බව පැවසීමේදී (41)- සුභාෂිතය "නැණැති දනන් හට මඳ ගුණයක් කළද - පවති ගල කෙටු අකුරක් මෙන් නිබඳ - විමති දනන් හට කළ කිසි ගුණ නොමඳ - එ නැතිවේය දිය පිට ඇඳි ඉරක් ලෙද" - ප්‍රත්‍යය ශතකය “උත්කෘෂ්ට මධ්‍යමනිකෘෂ්ට ජනේෂු මිත්‍රං - යද්වත් ශිලාෂු සිකතාෂු ජලේෂු රේඛා - වෛරං ක්‍රමාදධම මධ්‍යම සජ්ජනේෂු - යද්වත් ශිලාෂු සිකතාෂු ජලේෂු රේඛා” උත්තම, මධ්‍යම, අධම, යන මොවුන් කෙරෙහි කළාවූ උපකාරය ගලෙහි, බිමෙහි, දියෙහි ඇඳි රේඛාවක්මෙන් වන්නේය. විපර්යාස වශයෙන් අධම, මධ්‍යම උත්තමයන් කෙරෙහි කළාවූ  ද්‍රෝහී කමුත්ගලෙහි, බිමෙහි, දියෙහි ඇඳි රේඛාවක් මෙන් වන්නේය.
  • ගලේ පහරපු බළලා වගේ (45) / ගලේ රීපු බළලා වගේ / ගල පිට රීපු බළලා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the cat which has evacuated on a rock - That is, unable to cover up his dirt (21)
  • ගලේ වපුල බිජුවට වගේ / ගලේ වපුලා වාගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like sowing on a rock (53) "ජලේ ගැඹුර නොපෙනෙයි කැලත වැඩි වෙලා - ගලේ වපුල බිජුවට පැල උනිද නිලා - දෙවේලේ දකින කුකුළාගේ කරමළා - එ වේලේ පෙනෙයි සක සේම සුදු වෙලා"
  • ගල් දහයක් ගැහුවොත් එකක් වදී ලු ගල් හතක ගහන කොට එකක් නොවදී යැ? [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - If ten stones are thrown, one would hit the mark (22) / If ten stones are thrown, one at least will hit the mark (21), When you throw seven stones, will not one at least hit? (53)
  • ගල් වැද්දෝ සිනාසෙන්ට නොදන්නෝය (16-57) [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • ගල් සුප් හැදුවා වගේ [විශ්වාස][කතා][උපමා] - මීට සමාන සිංහල ජනකතාව බලන්න විජේතුංග 2013 පිට 186 (17)
  • ගව්වක් දුර යන්න නම් අඩියක් තියන්න [ආප්තෝපදේශ]
  • ගස උඩ පල බුදින මිනිසා ගහ කපා දාන තෙක් නොබැස සිටී ද? [විශ්වාස][සාහිත්‍ය][ප්‍රශ්න] - ලෝවැඩ සඟරාව "අලවන මේ කම් රස දොස විමසා - පලයව් තපසට පුලුවන් වයසා - පල රස විඳ ගස උඩ උන් මිනිසා - මුල සිඳිනා තෙක් ඉඳි දෝ නො බැසා"
  • ගස් නැති රටේ එරඬු ගහත් ගහක් ලු (50) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - සමාන: ලූලා නැති වළට කණයා පණ්ඩිතයා - "යත්‍ර විජ්වජ්ජනෝ නාස්ති - ශ්ලාඝ්‍ය සත්ත්‍රා ලපධීරපි - තිරස්ත පාදේප දේශේ - එරණ්ඩෝ'පි ද්‍රැමායතේ" - English: “In the kingdom of the blind, the one-eyed man is king (14) / Among the blind the one-eyed man is king. An incapable person can gain powerful position if others in the fray are even more incapable. Example: “Despite his obvious lack of exposure and skills, he became head of the department because he is one-eyed among the blind” (32)
  • ගහ දන්න අයට / මිනිහට, කොළ කඩා පාන්නා වගේ (45), ගහ දන්නාට කොළ පාන්නේ කුමට? (22) (14) [විශ්වාස][ප්‍රපංච][උපමා] - What is the use of showing the leaves to one who knows the tree? (22) Why pluck and shew leaves to a man who knows the tree. It is useless to attempt to deceive by plausible reasoning, a man who has a thorough knowledge of his subject (53) - යමක් ගැන හොඳින් දන්නා කෙනෙකුට ඉන් සුළු කොටසක් ගැන කියා දීම / සත්‍ය තොරතුරු දන්නා අයට ඇත්ත වසන් කිරීම (49) - - සමාන: බල්ලන්ට පීනන්ට උගන්නනවා වගේ - English: Teaching grandmother to suck eggs / Teaching your grandmother to suck eggs - refers to a person giving advice to another person in a subject with which the other person is already familiar and probably more so than the first person (15) – “තල වන්නා වේලනු අව්වේ කුමට - නොදැනෙන්නා මී බෙටි වේලනු කුමට - බස දන්නා අය කෙලියට හිනාවට - ගස දන්නා අයට කොළ පෙන්වනු කුමට” – “නයි පැන දුවනවලු අඳු කොළ දකින කල - නූගත්කම තමයි හැමදේකටම මුල - කනමැදිරියගෙන් දැල්විය හැකිද හුල - ගහ දත් අයට කුමකට පෙන්වනු ද කොළ” - “ඉනිමං මොට ද ගස් උඩ යන රිළවුන්ට - පන්දම් මොට ද දිය යට යන කිඹුලන්ට - රස බත් මොට ද තණකොළ කන ගවයින්ට - ගස දත් අයට කොළ පෙන්නන්නේ කුමට”
  • ගහ යට වැහි දෙක ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A shower is doubled underneath a tree (22) - වැස්සෙන් බේරීමට ගහක් යටට වඩා වැඩියෙන් තෙමීම මත, තමන් පිළිසරණට ගිය තැන දෙගුණයක් කරදර ඒම (9-4)
  • ගහගෙන යන මිනිහා ලං කළ ඔරුවට නොනගින්නා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - ලෝවැඩ සඟරාව "ගඟ වතුරෙහි යන මිනිසකු දුකිනේ - ළග කළ ඔරුවට නො නැගෙන ලෙසිනේ"
  • ගහට කෙටුම ගහ අග පෑහුමෙන් දැනේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - සමහරු වැඩක් පටන් ගන්නා ආකාරයෙන්ම එය කෙසේ හමාර වේද, කෙසේ කරයි ද කියා කල්තියාම හිතා ගත හැකිය (9-28) – “ගසට කෙටුම ගසමුල පෑසමෙන් දැනේ - අමුතු බත් දීම අත ඇල්ළුමෙන් දැනේ - හිනා ගියා පානා අඬහැරෙන් දැනේ - මිනිහා නොමිනාහා යන කඩිසරෙන් දැනේ”
  • ගහට ගහක් මොරටුවෙදි හමුවෙනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - මොරටුව ලී බඩු හැදීමට ප්‍රසිද්ධය. ලී බඩු හදන්න නම් ගසකින් හදපු පොරවෙන් ගස කපා හෙළී මේ දී, ලීය කුට්ටි කර යතු ගෑමේ දී සහ ගස් දෙකක ලී යොදා ලී බඩු සෑදීමේ දී යන සෑම අවස්ථාවකම ගහට ගහක් මුණ ගැසේ. මෙම පිරුළේ උපත මීට සම්බන්ධ දැයි සැක සිතිය හැකි වුනත් භාවිතා වෙන්නේ - දක්ෂයෙක්ට දක්ෂයෙක් මුණ ගැසෙන්නේ මොරටුවේ දී බව හැඟවීමටයි / කවදා හෝ යළි මුණගැහෙන බව (49)
  • ගහටත් නැහැ, බඩටත් නැහැ [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - Made of no use, either to the tree or to the stomach (21) - Said of a raw fruit, plucked prematurely (21)
  • ගහන ගලට ගල රොඩියාත් ගහනවා [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even a Rodiya will throw a stone at you if you throw one at him. –A Rodiya, is a man of the lowest caste among the Sinhalese, a caste held at one time to be so degraded that it was said that water over which their shadows had passed was held to be defiled till purified by sunlight” (21) - English: Even a worm will turn - Even a meek person will resist or retaliate if pushed too far – Example: "It was predictable that one day the worm would turn"
  • ගහන ගහන හෙන කොට පොලයටමයි - කොට පොල් ගහට [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • ගහන හේනේ පැණි වරකාව බලන්නේ නැති ලු / පැණි වරකා ගහටත් හෙණ ගහනවා ලු / වදිනවා ලු / ගැහුවා වගේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The thunder-bolt will not regard even a sweet -jack tree (22) / The thunderbolt is not a respecter even of the sweet jack tree (21) - හොඳට සිටි දෙදෙනෙක් අමනාප වීම හෝ හොඳට තිබූ දෙයක් විනාශ වීම (52) / ලොක්‌කන්ටත් වරදින බව (48) / යහපත් දෙයකට වුවද හානි පැමිණේ (49) / ඉතා විශ්වාසවන්තව හා හිතවත්ව සිටින අයට පවා සතුරන් සිටින බව (41) - "තණ විමනේ සිටි මුත් දුක නොලැබෙද්ද - පැණි මීයේ කෑමුත් පිත නැතිවෙද්ද - මිණි බරණින් සැදිමුත් ගත බබලද්ද - පැණි වරකා ගසමුත් හෙන නොවදිද්ද"
  • ගහන්න ගහන්නන් වඳින එකත්, වඳින්න වඳින්න ගහන එකත් මෝඩයෝ ලු, ගහද්දි ගහද්දි වඳින්නත් මෝඩයයි, වඳිද්දී වඳිද්දී ගහන්නත් මෝඩයයි (53) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - He that cries for mercy the more he is beaten, and he that beats the more, the more his victim cries for mercy, are both fools (22), He is a fool who bows down, whilst he is beaten, and he is a fool who beats whilst he is bowed to (53)
  • ගහපු පදේකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ (39) [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - See: නටපු තොවිලෙකුත් නැහැ
  • ගහෙන් ගහට ගිය කුකුළා තෙමී නසී / ගහෙන් ගහට ගිය මිනිහා තෙමී නසීනවා ලු / ගහෙන් ගහට ගිය රිලවා තෙමී නහිනවා ලු [උපදේශ][ප්‍රපංච][වාර්තා] - It is said that the monkey who went from tree to tree will suffer from exposure, and perish (53) / The man who goes from tree to tree wets himself unto death (21) - ස්ථිර අධිෂ්ඨානයක් නැතිව හිතෙන හිතෙන වෙලාවට හිතෙන හිතෙන දේ කරන, එකක් කරලා බලනවා. නැවත තව එකක් කරනවා. (33) Synonymous: 1. අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී - "පටන් ගෙන වැඩක් එය අත්හැර සැහැසී - වෙනින් වැඩක යෙදුනද ඔය නොවී රුසී - හැරන් වැඩ සොයා යති ලුහුදන මෙලෙසී - ගහෙන් ගහට ගිය කුකුළා තෙමී නසී"
  • ගහෙන් වැටිලා මළත්, ගොනා ඇනලා මළත්, ගහෙන් වැටිලා ගොනා ඇනලා මළත් එකයි (සිල්වා ඩබ්ලිව් ඒ 1916 විජයබා කොල්ලය පිට 110) [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නා වගේ (22) (14) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like a bull butting a man who has fallen down from a tree - අමාරුවෙන්, කරදරයකින් බේරුණ විට ඊටත් වඩා වැඩි කරදරයකට මුහුණ දෙන්නට සිදුවීම (49) / කරදරයක් වී සිටින විට තව කරදරයක් ඇති වීම (52) / කරදරයක් වූ අයෙකුට ඒ පිටම තවත් කරදරයක් සිදුවීම (39) / තිබුනාටත් වඩා තත්ත්වය අවුල් - සමාන: කොරේ පිටට මරේ / ජර මර අස්සේ බර කරත්ත - English: 1. Confusion worse confounded, Idiom. Disorder made worse than before. “With ruin upon ruin, rout on rout, Confusion worse confounded.” 2. Misfortunes never come singly (21)
  • ගහෙන් වැටුනම වඳුරෝ රැලෙන් අත් හරින්නා වගේ (22) / ගහෙන් වැටුන වඳුරා රැලෙන් අත් හරි (21) [විශ්වාස][ප්‍රපංච][උපමා] - The monkey that falls down a tree is forsaken by its gang (22) / The monkey that falls from a tree becomes an outcast from his troupe (21)
  • ගහේ කටු උල් කරන්න ඕන ද? (45) / ගහේ කටු උල් කරන්න කම් නැහැ / ඕනෑ නැහැ / ඕන ද? (22) (14) [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - There’s no need to sharpen the thorns of a tree (21) / No need of sharpening the thorns of a tree (22) - සහජයෙන්ම ලැබෙන ගති ගුණ තවත් උගන්නන්න දෙයක් නැහැ / ළමයින්ට දෙමාපියන් නරක ගති ඉබේ පුරුදු වේ (52) - සමාන: බලු නගුට හත් අවුරුද්දක් උණ පුරුකේ දමා තිබ්බත් ඇද ඇරෙන්නේ නැහැ, ආරේ ගුණ නෑරේ, පුරුද්දට වඩා ජන්මේ ලොකුයි, කිඹුල් පැටවුන්ට / බල්ලන්ට පීනන්න උගන්වන්න ඕන ද? – English: What is bred in the bone comes out in the flesh (22)
  • ගහේ මුලින් නොගොස් අගින් යන්ට ගියා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like attempting to get on a tree from the top, instead of from the bottom (22)

ගා[සංස්කරණය]

  • ගාතයක් නැති එකාට සාපයක් ඇති ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - He is under a curse, who has no leg (22)

ගැ[සංස්කරණය]

  • ගැටිය කරේ හිටිය කතාව වගේ [විශ්වාස][කතා][උපමා] - Like the story of the brim around the neck (22) - A certain man being unable to suffer the ill treatment he was subjected to by his wife, went to a distant country in search of a friend of his, with the object of acquainting him of his troubles. When the two friends were talking together, the wife of the latter came in a rage and struck his head with a chatty and the brim of which fell around the husband's neck. The unfortunate man turning to his friend asked him if he had witnessed similar things in his country. “Assaults are common enough in our country too”, he replied, "but it is only today that I saw the brim fell around the neck” (22)
  • ගැරඬි මරා පව් ගන්නවා වගේ / ගැරඬි මරා පව් පුරවා ගැනීම [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like sinning by killing rat snakes (22) -- අහිංසකයන් ට හිරිහැර කිරීම සුදුසු නොවන බව (45)
  • ගැරඬින්ට මන්ත්‍ර නැහැ [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - There are no charms for the rat-snake(ptyas mucosus) (22) - It seldom bites, but according to widespread belief if and when it does, the wound is said to end fatally only if cow dung is trampled on (21)
  • ගැරඬියා නයා කරන්නට බැහැ ලු / ගැරඬියාගේ පැටියා නයා කරන්න පුළුවන් ද? [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It is impossible to make a rat-snake a cobra (22) / Can one transform a young rat snake into a cobra?
  • ගැසූ තැනම තිඹයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Wherever you strike, a “timba” - That is, immediate gain or profit ensues - English: “Whatever his hand touches turn to gold” (21)

ගෑ[සංස්කරණය]

  • ගෑණුන්ගේ පින කුණු / කුළු මුල්ලේ ලු [විශ්වාස][කතා][වාර්තා] - It is in a corner of the winnowing-fan that a woman’s good fortune lies (21) -Russian Story of Cherry cart - කුණු මුල්ල යනු පැරැන්නන් ගේ අතුගා කුණු එක මුල්ලකට එකතු කර තබන ස්ථානයයි. මෙහි කුණු නැත්නම් ඒ නිවසේ දීග යන්න ඉන්න තරුණිය දක්ෂ ගෘහණියක් ලෙසට සැළකේ. රුසියානු චෙරි කරත්තය නම් කතාවේ ධනවත් වෙළෙන්දෙක් තම පුතාට සහකාරියක් සෙවීමට චෙරිවලින් පිරවූ කරත්තයක් ගෙන ගොස් කුණු මුල්ලේ ඇති කුණු වල බරට චෙරි දෙන බව පැවසීය. ගමේ යුවතියන් කුණු ගොඩවල් ගෙනවුත් චෙරි රාශියක් ලබා ගත්ත නමුත් එක යුවතියක් පමණක් කුණු පොඩ්ඩක් ගෙනවුත් තමාගේ ගේ සන්තකේ ටම තියෙන්නේ මේ කුණු ටික පමණක් බවත් එය ගෙන චෙරි ගෙඩි කීපයක් දෙන ලෙසත් ඉල්ලා සිටියේය. ධනවතාගේ පුතා විවාහ කර ගත්තේ ඇයයි [සැළකිය යුතුයි: වත්මන් සමාජයේ මෙය ස්ත්‍රී විරෝධී හෝ ලිංග භේදවාදී කතාවක් ලෙස සැළකීම සාධාරණ වුනත් එවකට සමාජයේ තිබුණු විශ්වාසය මත මෙම කතාව සහ ප්‍රස්තාපිරුළ සැකසී ඇති බව සිහි තබා ගත යුතුයි]
  • ගෑනුන් බෝවේ කළ ගෙඩි වේලේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Women increase and the water pots become empty - ගැහැනුන් කට්ටියක් එකතු වූ තැනක කිසි වැඩක් නොකෙරෙන බව කීම / ළිඳ ළඟට ගිය විට කතා කිරීම හෝ ඕපා දූප කතා කිරීම නිසා කළගෙඩි වේලෙන බව කීම (9-162) - It is the business of the women to draw water (sic), and, when there are too many in a house, they are apt to neglect their duty. / Women increase, the water pots become empty. It is the business of women to draw water, and when there are too many in a house, they are too apt to neglect the duty (53).

ගි[සංස්කරණය]

  • ගිනි තබා කදෝපැණියන් පිඹින්නා සේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - සමාන: See බුරුල්ල තියාගෙන අඟේන් කිරි දොවන්නා වගේ, ලොට තන තබා අඟ ගෙන කිරි දොවිනා සේ, අඟින් කිරි දෙවීම
  • ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරියාටත් බයයි ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The man who has been beaten with a firebrand, dreads the sight of a firefly (22) / Even the firefly frightens the man who has been thrashed with a fire-brand (21) - එක වතාවක් කරදරයක වැටුන කෙනෙක් ඉන් පසුව එවැනි දේවලදී ඉතා පරිස්සම් වෙන බව - English: 1. Once bitten, twice shy - You say this proverb when someone won’t do something a second time because they had bad experience the first time. Example: “I won’t try this drink, because last time I had a burning sensation in my throat. Once bitten twice shy, I guess” (32) / 2. A burnt child dreads the fire - Someone who has experienced some kind of negative situation or consequence will try to avoid making the same mistake or experiencing the same situation again – Example: “Joseph refuses to invest any money after losing his retirement fund during the stock market crash. A burnt child dreads the fire”
  • ගිනි සැරේ මට දැනේ, මළ කඳට නොම දැනේ [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - ලෝකෝපකාරය "මළකඳට ගත් ගිනිකඳ - තදය නොදැනෙන විලසින්"
  • ගින්දර කෑවොත් වමාරන්න වෙන්නෙ අඟුරු (1-234) [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • ගින්දරත් එක්ක සෙල්ලම් කරනවා වගේ (14) / ගින්දරත් එක්ක සෙල්ලම් කළොත් අත පුච්චා ගන්න වෙනවා [විශ්වාස][ප්‍රපංච][උපමා] - අනතුරුදායක දෙයක යෙදෙනවා - English: Play with fire - If you play with fire, you’ll get burned. If you do something dangerous or adventurous, you may get harmed. Example: Enacting the stunts of movie superheroes in real life is playing with fire. You may get burned (32)
  • ගින්දරයි පුළුනුයි එක තැන තිබ්බොත් ඇවිලෙනවා [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - ගැහැණු සහ පිරිමි එක තැන නොතිබිය යුතු බව - ප්‍රත්‍යය ශතකය "අග්නි කුම්භ සමා නාරි ඝාත කුම්භ සමෝ නරඃ - ජානුජඬ්ඝේ නරං දෘෂ්ටවා කස්‍ය නිෂ්චලිතං මනඃ"  ගිනි සිළුවක් වැනි ගැහැණුන් දක්නා විට ගිතෙල් කළයක් බඳු පුරුෂයාගේ චිත්තය නිශ්චල වන්නේ කෙසේ ද?
  • ගින්දරේ පණුවෝ දැම්මා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like throwing worms into a fire (21)
  • ගින්නක් නැතිව දුමක් නැති ලු / නොනගී / දුමක් ඇති තැන ගින්නක් ඇත (22) (14) [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - There's no smoke without fire (22) / There cannot be a smoke without a fire (21) / Where there’s smoke there’s fire – හේතුවක් නැතිව යමක් සිදු නොවේ (33) / කට කතාවක හෝ යම්කිසි සත්‍යයක් තිබිය යුතු බව / යම් සත්‍ය හේතුවක් නැතිව කටකතාවක් පැතිරෙන්නේ නැහැ හැම දෙයකටම හේතුවක් ඇත (49) - English: There is no smoke without fire - If there are rumours or signs that something is true so it must be at least partly true. Example: “X: Do you believe those rumours about the mayor? Y: Well, you know what they say, where there’s smoke, there’s fire” (32), There is no rumour, however false, without some slight foundation of fact, or supposed fact (53).
  • ගිය කාලය ඇතුන් ලවා වත් අදින්න බැහැ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] – English: 1. There is no time like the present. The best time to do something is right now. So, act now. Example: “Don’t wait until New Year to change this bad habit. There’s no time like the present” (32) / 2. Time and tide wait for no man. You’ve no control over passage of time. It’ll keep slipping. So, don’t procrastinate, don’t delay things. Example: “We need to hurry up or else we’ll miss the flight. Time and tide wait for no man” (32)
  • ගිය ගමනත් නොගිය ලෙසට නරක ද මං ආවා කීවා වගේ [විශ්වාස][කතා][උපමා] - කතාව රබලන්න විජේතුංග 2013 පිට 29 (17)- "ගැහුව මීටත් නොගැහු ලෙසට නරක ද මං ගැහුවා - ඉව්ව බතත් නොඉවුව ලෙසට නරක ද මං ඉව්වා - ගෑව පොලුත් නොගෑ ලෙසට නරක ද මං ගෑවා - ගිය ගමනත් නොගිය ලෙසට නරක ද මං ආවා"
  • ගිය දේ ගියාවේ [වාග්ව්‍යවහාර] – English: Let the bygones be bygones (15)
  • ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දන්න බැරි ලු (9-18) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - You cannot draw back past wisdom, even by Elephants (22) / You cannot get even elephants to draw back the wisdom that has escaped you (21) - යමෙකු අතින් වරදක් සිදු වූ පසු නැවත එය නිවැරදි කිරීමට නොහැකි වීම (39) / පෙර කරන ලද මෝඩකම් වලට යළින් ප්‍රතිකර්මයක් කළ නොහැකි බව (41)
  • ගිය ලූලා මහ ලූලා (22) (14) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The Lula (Channa striata, the striped snakehead - Channidae family) that escaped, is said to be the bigger one (22) – This is a freshwater fish, socalled Ophiocephalus striatus (21) - ලබා ගත නොහැකිව අහිමි වී ගිය දෙය දැන් ඇති හෝ ලබාගත හැකි දේවල්වලට වඩා වටිනා බව, නැති වූ දෙයක් අගය කිරීමේ දී යෙදේ (40), A man is apt to magnify the value of anything that he has not obtained (53).
  • ගිය හකුරට නාඬන්නේ- තියෙන හකුර රැක ගන්නේ (22) (14) [උපදේශ][කතා][විධාන] - නැති වූ දෙය ගැන පසුතැවිලි නොවී තමා සතුව ඇති දේ ආරක්ෂා කර ගන්න - Cry not for the jaggery you have lost, but take care of the jaggery you still have (22) / Cry not for the lost jaggery, but preserve the jaggery you still have (21) – කතාව බලන්න විජේතුංග 2013 පිට 31 (17) - "ගිය හකුරට නාඬන්නේ - තියෙන හකුර රැක ගන්නේ - වේළා කොළ අර ගන්නේ - ඇඬුව මිසක් නාඬන්නේ" - English: 1. Don’t cry over spilt milk (22) (15) / 2. It’s no use crying over spilt milk - There is no point in staying upset over a mistake because you can’t undo what has happened. Example: “X: He is feeling terrible for accidentally elbowing the flowerpot from the window. Y: It’s broken now. It’s no use crying over spilt milk” (32)
  • ගිරි මුදුනින් පහළට මැරෙන්නට දැමූ හොරාට ඇඟ දැවටෙන සුළඟ ගිම් නිවන්නට සනීප වුනාට පලක් වේ ද? [විශ්වාස][සාහිත්‍ය][ප්‍රශ්න] - ලෝවැඩ සඟරාව - "දුමුවොත් ගිරි මුදුනෙන් හෙන සොරුටා - පවනින් කම් නැති මෙන් ඇඟ ගිමටා - ජරයෙන් මැඩෙමින් යන මරු මුවටා - සැපතින් පලකිම පව් කළ තොපටා"
  • ගිරේට අසුවුන පුවක් ගෙඩිය වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the areca nut (Areca catechu) caught in the cutter (22) - කිසිම ගැලවීමක්, නිදහසක් නැත (49)
  • ගිලින්ටත් බැරි වමාරන්නත් බැරි ප්‍රශ්නයක් [වාග්ව්‍යවහාර] - උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ පා සිටීම - Faced with a decision involving equally unfavourable alternatives - English: 1. On the horns of a dilemma / 2. Between the devil and the deep blue sea / 3. Between Scylla and Charybdis (15)
  • ගිලීමලෙත් ඇත දත සුද්දෝ (22) (9-140) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even in Gileemale could be found people with white teeth - 8 Gileemale is a village -which is proverbial for its betel - ගිලීමලේ බුලත් වලට ප්‍රකටය. බුලත් කන්නෝ ගේ දත් සුදු වන්නේ නැත. නමුත් එවන් අය අතරත් කලාතුරකින් වෙනස් ගති ගුණ ඇති අය ඇත (9-140) / නරක ගති ගුණ ඇති අය ළඟද හොඳ අය ඇත (49) - ගිලීමලේ ප‍්‍රදේශයේ බුලත්විට කන අය බහුලව ජීවත්වන බව ජනමතයේ පවතින විශ්වාසයකි. බුලත්විට කෑමෙන් දත් කහ පාට වේ. එහෙත් බුලත්විට නොකා දත් සුදු පාට අය ද එහි කප දෙනෙකු හෝ සිටිය හැකි ය. හැම කළු වලාකුළක ම සුදු රිදී රේඛාවක් තිබිය හැකි ය (33) – English: Every cloud has a silver lining - Every bad or negative situation can result in some benefit to you. The presence of silver lining means that the sun is behind the cloud and will eventually emerge. Example: “I know your business has suffered few setbacks this season. But remember, every cloud has a silver lining” (32)
  • ගිලෙන්න යන මිනිහා කටු අත්තෙත් එල්ලෙනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] (1-261)
  • ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනව ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A drowning man will clutch at a straw - සමාන: අසීරුවට හිඟුරු වැලෙත් එල්ලෙනවා When someone is in a difficult situation, s/he will take any available opportunity to improve it. Example: “After trying all reliable medicines, he is now visiting quacks to get a cure for his baldness. A drowning man will clutch at a straw” (32)
  • ගිල්ලොත් වමාරන්න වෙනවා [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - If you swallow, you will have to emit (21)

ගු[සංස්කරණය]

  • ගුණ කඳ නොදිරයි කුණු කය දිරයි [කියමන්]
  • ගුරා හිටගෙන රෙන කොට ගෝලයෝ දුව දුව රෙනව ලු / ගුරුන්නාන්සේ හිටගෙන හුලිජ්ජ කරන කොට ගෝලයෝ දුව දුව හුළිජ්ජ කරනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] When the teacher urinates standing, the pupils do the same running (21) -
  • ගුරුන්ටත් අකුරු වරදිනවා ලු (22) (14) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] – Even teachers miss letters / Even teachers trip over words (21) - (21) - අනික් අයට යමක් කියා දෙන දක්ෂම කෙනෙකුට වුනත් වරදිනවා / හැමෝටම වරදිනවා / යමක් හොඳින් දන්නා අය අතිනුත් වැරදි සිදුවන බව (39) - English: Even Homer nods - Latin: “Aliquando bonus dormitat Homerus"
  • ගුරුළාගේ නම කිව් පමණින් සර්ප විෂ බහිනවා ලු [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - විපතට පත් වූ විට ලොක්කෙක්ගේ නමක් කියා ගැලවීම - සර්ප විෂ බස්සන මන්තර ගුරුළු අණ පිහිටුවා මැතිරවීම මත පදනම් වූ අදහසක් - ලෝකෝපකාරය "දුකක් සැලසුනු සත - තෙදැතියන් නම කියා ගැලවෙත් - සපුන් සත දට කළ - ගුරුළිඳු අණින් විස බාන මෙන්"

ගෙ[සංස්කරණය]

  • ගෙට නිවට එළිපත්ත ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The threshold that is inferior to the house (22) / The lowliest thing in a house is the threshold - Because everybody tramples it, even the low caste beggar who comes for alms (21)
  • ගෙදර මහ පොතක් ඇත එකක්වත් මතක නැත / කීවා වගේ [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - You have a big book at home, but you cannot recollect anything (22)
  • ගෙමඩි ලාහෙන් මනින්නා වගේ / ලාහෙට ගෙම්බෝ කරනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like measuring frogs with a laha - Laha, is a basket used in measuring paddy, with a large mouth (22)
  • ගෙයි මස් ගඳ තිබෙන තෙක් දොරකොඩ බලු හඬ තොර නොවෙයි ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - As long as there is meat within, the barking of dogs before the house will not cease (22) / The barking of dogs will not cease at the gate so long as the smell of meat remains within the house (21)
  • ගෙයි හාමිට වඩා පිඩි බත් හාමි ලොකුයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The Pidi-bath hamy is bigger than the geyi hamv (21) (?)
  • ගෙරි කුණට කපුටෝ වහන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like crows flocking round the carcase of a bull (22)
  • ගෙරි මස් කතත් කුලලේ එල්ලා ගෙන කන්න ඕනෑ ද? / බෙල්ලේ එල්ලා ගෙන කන්නේ නැති ලු [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Those who eat beef do not keep it hanging about the neck whilst eating it (22) / If you must eat beef, need you keep it dangling around your neck while eating? – Tamil: “Must one wear a necklace of bones because one eats flesh?” - who, as is natural amongst a Hindu people, express themselves in still stronger disapproval as follows. “Is a beef-eater accustomed to decent words?” (21) – English: (Slightly similar ones only) Wear one's heart on one's sleeve. If you wear your heart on your sleeve, you openly show your feelings or emotions rather than keeping them hidden. / 2. wear (something) on (one's) sleeve. To openly display or make known one's belief, value, emotion, or sentiment 3. wash (one's) dirty laundry in public. To discuss very private, personal matters, especially that which may be embarrassing, in public or with other people. Example: “It always makes me uncomfortable when John starts going into all his personal problems whenever our friends get together. I just wish he wouldn't wash his dirty laundry in public like that” – “People have an unnatural fixation on the personal lives of celebrities, but I don't see why they should be expected to wash their dirty laundry in public”.
  • ගෙවලත් මල්ලේ මීයෝ දැම්මා වගේ (22) [විශ්වාස][කතා][උපමා] - Like rats being put in the malla even after paying for it - A man asked a neighbour for, but was refused the loan of, a malla (a bag made of anything but cloth) to take to the market. He then paid for it and, on taking it away, discovered some rats inside. (21)
  • ගේ නමත් වැදගත් කීව ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Give me your “Ge-name “and I will tell you, your respectability - The Ge-name, is the house name or family name. Of all the parts of a Sinhalese name, the Ge-name is the most important, as it usually reveals the name, rank, occupation, residence, native place, or some particular characteristic or achievement of the original ancestor of the family bearing this Ge-name (21)

ගො[සංස්කරණය]

  • ගොඩ ඉඳන් නැව් පෙරළන්න හදනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - නැව් පෙරළීමට නම් ජලයට බැසිය යුතු ය. එය කෙසේවත් ගොඩ සිට කළ නොහැකි ය (33)
  • ගොඩයට මැජික් [වාග්ව්‍යවහාර] - නූතන දෙයක් අරුම පුදුම ලෙස සැළකීම (15)
  • ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ කපන්න [විශ්වාස][ප්‍රපංච][විධාන] - ළිඳ කැපිය යුත්තේ භූමිය පරීක්‍ෂාකොට පහත් තැනක ය. එවිට ළිඳෙ ගැඹුර අඩුවෙයි. ජලය ලබාගත නොහැකි ගල් බොරලු නිසරු බිමක ආරම්භ කළොත් ඉන් ප‍්‍රයෝජනයක් අත්නොවේ (33)
  • ගොනයි මීමයි වගේ [වාග්ව්‍යවහාර][උපමා] - යම් කිසි දේවල් දෙකක් හෝ දෙදෙනෙකු කිසිසේත් නොගැළපෙන බව (52)
  • ගොනා පිට හකුරු පටවන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like loading a bull with jaggery (22)
  • ගොනා වණ ගින්නේ, කපුටා මස් ගින්නේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The bull suffers from the pain of his wound, and the crow with a longing to feed upon it (45) / The bull’s pain is that of his wound, the Crow’s that of flesh- hunger (21) - This was said at sight of a crow pecking at a wound on a bull’s back (21) / The bullock smarts from the pain of his wound, and the crow from greediness for flesh. The allusion is to the crows attacking the wounds of bullocks for the purpose of picking out the flesh. Men of mean minds endeavour to take advantage of others' misfortunes for their own benefit (53) - සමාන:  කපුටාට වනේ කැක්කුම මොට ද?
  • ගොනාට ඉස්සෙල්ලා කරත්තෙ දුවනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the cart running before the bull (21) - සමාන: හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීම / අශ්වයාට ඉදිරියෙන් රථය යෙදුවා වගේ / කුකුළාට ඉස්සර වෙලා පෙඳේ දිව්වා වගේ
  • ගොමරෑටි මතු වෙනවා, තිරුවානාගල් යට යනවා - Dried cow-dun floats on the surface, and teruwanagal (a kind of white stone, quartz) sinks below. Unworthy men succeed in life, while men of merit remain in the background (53).
  • ගොරකා කාපු රිලවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - ඇඹුල නිසා දත් වැටී නියවාගෙන ඉන්නවා ලු - Like the monkey that has eaten Gorak / Gamboge - A monkey, whose teeth has been set on edge by eating Goraka which is very sour, shows his teeth (22) - Goraka here is the acid fruit of the tree (Garcinia cambogia, Tamil: Korakkai-puli) (21) - තමා විසින්ම සිදු කළ යම් කිසි අනුවණ ක්‍රියාවකින් තමාට අපහසුතාවට පත් වූ අවස්ථාවකදී. රිළවා ගොරකා කෑමට ඉමහත් රුචිකත්වයක් දක්වන්නේය. නමුදු එහි ඇති මදය නැතිනම් ඇටය සැපූ විට මදයේ ඇති මැලියම් රිළවගේ දත්හි තැවරීම හේතුවෙන් කට ඇර ගැනීමට නොහැකිව රිළවා දැඩි අපහසුතාවට පත්වේ (51)
  • ගොරවන තරමට වහින්නේ නැහැ ලු (14) ගෙරෙව්ව තරමට වැස්සේ නැති ලු [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - The amount of rain is not proportioned to the voice of thunder (22) / The rain which fell was out of proportion to the thunder (21) - තර්ජනයේ ප්‍රමාණයට හානියක් නැහැ / කතාව තරමට ක්‍රියාව නොමැති වීම (39) / කථාවේ තරමට වැඩ නැහැ (41) - සමාන: යකා කියන තරමටම කලු නැහැ ලු, බුරන බල්ලා හපා නොකයි, පුස් වෙඩිල්ල වගේ, සද්දෙයි දුමයි විතරයි වැඩ නැහැ, කතාව දෝලාවෙන් ගමන පයින් - English: 1. Damp squib- A situation or event which is much less impressive than expected, 2. Much cry and little wool / Great cry and little wool - A great deal of fuss, noise, fanfare, or protestation over something of little or no substance, importance, or relevance - "My opponent has been making outlandish claims about my track record so as to foment distrust in the public, but I assure you, he is offering great cry and little wool" (15) - "වැර සැර බව නොමද පළකර කියන්නේ - කරනට ගිය කලයි එහි තතු පෙනෙන්නේ - තිර කර දුදන කිවත් වැඩ නොවන්නේ - ගොරවන තරමට නැත වැසි වසින්නේ"
  • ගොලුවගේ සින්දුව බිහිරාට ඇසී අත්පොලසන් දුන්නා කිව්වා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like saying "The deaf man on hearing the song of the dumb man clapped his hands for joy." (22)
  • ගොලුවා දුටු ස්වප්නය / සිහිනය වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like dumb man's dream (22) - Indescribable (21)

ගෝ[සංස්කරණය]

  • ගෝනාගලට රළ ගැහුවට නොදැනේ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The Gonagala does not feel the beating of the waves - Gonagala, is a small rock at the mouth of Panadura river- ගෝනාගල තියෙන්නේ පානදුර මෝය ඉදිරිපිට මෝයේ (22)
  • ගෝනි නැතිව කරෙන් යනවා වගේ [වාග්ව්‍යවහාර] - බොරුවෙන් චාටුවෙන් රවටා ගැනීම (40)

ඝෝ[සංස්කරණය]

  • ඝෝෂා අකුරු ලිව්වා වගේ [විශ්වාස][කතා][උපමා] - Like writing noisy characters - අම්මාගේ කණ ඇහෙන්නේ නැති නිසා පුතා පිට රට සිට විශාල අකුරෙන් ලිපියක් ලියා එවීම - A son who was in a distant country was observed by a friend write a letter to his mother m large characters. On being asked why he wrote such big characters, he replied, 'as my mother is deaf, I write in noisy characters'

[සංස්කරණය]

  • චක්‍රවර්තී රාජ්‍යක් පහළ වූවා වගේ [වාග්ව්‍යවහාර] - සම්පත් රැසක් ලැබීම (41)
  • චණ්ඩාලයාගේ ලබු ගෙඩියේ ආකාස ගංගාවේ වතුර කොයින් ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - How can you find water of the “celestial river” in the “labu- gediya” of a Chandala? - By “celestial river" is meant the Ganges, whose “sacred” waters are taboo to the Chandala as being “an outcast or pariah” one of the lowest of the mixed tribes descended from a Sudra mother and a Brahman father. For the use of the labu-gediya as a water vessel (21)

[සංස්කරණය]

  • ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි (14) / ජන්මෙට වැඩි පුරුද්ද [විශ්වාස][කතා][වාර්තා] - Habit is greater than nature (21) - උප්පත්තියෙන්ම ලබන [බොහෝ විට හොඳ] ගතිගුණ වලට වඩා පුරුදු වීම නිසා ලබන හැසිරීම් [බොහෝ විට නරක] වඩා බලවත් - English: habit is second nature (15) – English Story: “හේවායෙක් එක දවසක් කෑම බඳුනක් අත උඩ තබාගෙන සිය නිවෙස කරා එමින් සිටියේය. මඟ අසල සිටි මිනිසෙක් හේවායාට ‘හොඳ’ කවට කමක් කරන්නට සිතා ‘සීරුවෙන් සිටීන්’ යැයි කීවේය. හේවායා එකෙණෙහිම අත් පහත හෙළා කෑම බඳුන ද නොසළකා සීරුවෙන් සිටියේය!” – (3-76) - සිනා සුමුග - අපර දිග කතාවක් - එච් ගුණතිලක - සුමුග යනු වටිනා වස්තුව දමන පෙට්ටියක් හෝ මංජුසාවකි) - A soldier was going with a dish of food when a mischievous person cried, "Attention". The soldier automatically dropped his dish and stood at attention.
  • ජපනා හපනා [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • ජරමර අස්‌සෙ බර කරත්ත [වාග්ව්‍යවහාර] - කරදරයක පැටලී සිටින වේලාවට තවත් කරදර ගැන කීමට (48), වැඩ රාශියක් තියෙන වෙලාවක තවත් වැඩක් හෝ අවුලක් පැමිණීම - English: 1. When sorrows come, they come not single spies, but in battalions, 2. Misfortunes never come singly

ජා[සංස්කරණය]

  • ජාඩියට මූඩිය [වාග්ව්‍යවහාර] ජාඩියට මූඩිය වගේ - Like a lid that just suits the jar (21) - හරියමට ගැලපෙන බව / හොදින්ම ගැලපෙන බව (39) – English: To a T - something is said to fit 'to a t' it fits exactly, properly, and precisely.
  • ජාති දෙකින් නිඹුල්ලු ව උපදින්නේ යක්කු ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Only demons are born twins of opposite sex - It is considered unlucky by the Sinhalese if the twins are of opposite sex, and it is believed that one of them sure to die, and, if both grow up, it will lead to misfortune (21)

ටො[සංස්කරණය]

  • ටොක්කා හරක් මේච්චල් කළා වගේ [විශ්වාස][කතා][උපමා] - In order to answer the Gamarala’s invariable questions at the close of day—“ Did you give grass to the ox to eat? Did you give him water to drink? ”—Tokka led the animal near the riverbank one day, showed it the water flowing merrily on, and then, sticking a long blade of grass in its fundament, took the animal home. And in reply to the Gamarala’s inevitable questions, he said, “See how the ox has fed. It has eaten so much grass that it is evacuating some of it, in the raw, in the excremental way. Look, you can See it for yourself.” (21)

[සංස්කරණය]

  • ණය ගත් අය ණය දුන් අයගේ වාලා ලු / ණය නොදෙන්නාගේත් ණය කරන්නාගේත් කතාව වගේ [විශ්වාස][කතා][වාර්තා] - The debtor is the slave of the creditor (22) / Like the story of the creditor and the debtor - There is a story concerning the two. There was a certain debtor who had evaded a creditor for a long time in order to escape the payment of his debts. Seeing the creditor come one day to the house, he pretended to be dead. The wife of the supposed dead man, in order to carry through the fiction, began to yell out for grief. The creditor, who was by no means deceived by all this, waited till in due time the body was placed on the funeral pyre, and then jumped on the supposed dead body, saying, “I, too, will die with my friend.” Thereupon the supposed dead man got up and promised to pay off the amount due with compound interest. – Jamaican: “Man in debt like a bird in net.” (21)

[සංස්කරණය]

  • තක්සලාවටත් ගොස් නිකම්ම ආවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - යම්කිසි දෙයක් ලබා ගැනීම පිණිස සුදුසුම ස්ථානයටත් ගොස් එයින් නිසි ‍ප්‍රයෝජන ලබා නොගැනීම (41)
  • තට්ටු කරන්නාට දොර ඇරේ [උපදේශ][ප්‍රපංච][වාර්තා] - යමක් ලබාගත යුත්තේ උත්සාහයෙනි (41) / උත්සහවන්තයා ජය ගනී (40), / අයිතිවාසිකම් ලැබෙන්නේ ඉල්ලන විට ය (33) - සමාන: අඬන කොට ලු කිරි එරෙන්නේ
  • තණ ඇති තැන හරකා කන්නේ නැති ලු [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - Where there is grass, cattle do not graze (22)
  • තණ කොළ කන ගෙරියට බත් මොකට ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - “ඉනිමං මොට ද ගස් උඩ යන රිළවුන්ට - පන්දම් මොට ද දිය යට යන කිඹුලන්ට - රස බත් මොට ද තණකොළ කන ගවයින්ට - ගස දත් අයට කොළ පෙන්නන්නේ කුමට”
  • තණ කොළ කපන්න කිතුලට ගිය කතාව වගේ / කිතුලට ගිය එකාටත් කියන්න දේවල් තිබුන ලු (45) / කිතුල් ගහට ගිය මිනිහා වගේ [විශ්වාස][කතා][උපමා] - කපටියාට ඕනෑම වරදක් කර නිදහසට කීමට කරුණු ඇත (52) / තමන් දැන දැන වැරැදි කර (33) - තණකොළ කප කපා සිටි මිනිසෙක් දෑකැත්තත් ගෝණියත් රැගෙන අනුන්ගේ කිතුල් ගසකට නැග රා මුට් ටිය බී ඉක්මනට පහතට බැස්සේ ය. ඒ මොහොතේ ම එතැනට පැමිණි අයිතිකරු උඹ මොකද කළේ යයි මිනිසාගෙන් විමසුවේ කෝපයෙනි. මම තණකොළ කපන්න කිතුල් ගසට ගියෙමි යි ඔහු උත්තර දුන්නේ ය. කිතුල් ගසේ කොයින්ද තණකොළ උඹ මගේ රා බිව්වා යයි අයිතිකරු මහ හඬීන් පැවසී ය. තණකොළ නැති නිසා නේන්නම් මේ බහින්නේ යයි පැවසූ මිනිසා එතැනින් ඉවතට ගියේ ය. - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 24 (11)
  • තණ්හාවෙන් ඇන්නෑ හැපෙනවා ලු [උපදේශ][ප්‍රපංච][වාර්තා] - Ambition begets vexation (22) - ඇන්නෑ = හිරිහැර, begets = උපද්දනවා - “තණ්හාය ජායතී සෝකෝ - තණ්හාය ජායතී භයං - තණ්හාය විප්ප මුත්තස්ස - නත්ථි සොකෝ කුතො භයං” - උද්දාල ජාතකය
  • තද සුළඟ වැස්සට ලු, තද සෙනෙහස දබරයට ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Excessive fondness precedes a quarrel, strong blowing precedes rain – English: Familiarity breeds contempt (22)
  • තනි අතින් අප්පුඩි ගහන්න බැහැ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - English: 1. It takes two to make a quarrel. An argument of quarrel is not one person’s fault. Example: “X: Why are you always so quarrelsome? Y: I’m not the only person involved. It takes two to make a quarrel” (32) / 2. It takes two to tango. Where two parties are involved in a situation, fault usually lies with both if things go wrong. Rarely can one party be blamed entirely. Example: “This deal won’t go through unless you too are willing to compromise. It takes two to tango, after all” (32)
  • තනි ගහ උයන් වෙන්නේ නැති ලු [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - A single tree will not make an orchard (22) – English: 1. One shouldn’t miss forest for the trees. Sometimes you get so focused on minute details that you may miss the larger context. Example: “The marketers got so bogged down on creating the perfect ad campaign that they didn’t realize that the medium – Facebook – they wanted to use was no longer a viable option because of its recent algorithm updates” (32) / 2. One swallow does not make a summer – a single fortunate event doesn't mean that what follows will also be good (21)
  • තනේ ඇත්නම් මාමා අම්මා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - If one’s maternal uncle has breasts to give milk, he is equal to a mother (21) - Among the Sinhalese, the greatest affection is to be looked for from one’s mother’s brother, who, if childless, would naturally make his nephew or niece his heir, and between whose children and their father’s sister’s children marriages would be arranged as a matter of course The prominent position taken by the maternal uncle at weddings and in all social matters is due to his special position in the family. The Tamils say, “Why enquire after the relationship of the daughter of one’s maternal uncle,” the point of which is that the relationship is so close, or likely to be so (21) - See: මාමාගේ මාපට ඇඟිල්ලට කිරි එරෙනවා ලු
  • තමන් තමන්ගේ කරටම නගින්න හදනවා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - ලෝකෝපකාරය "නුපුළුවන් කිසි යම් - කර ලා ගෙන සැපෙන අවියත්‍‍ - තමා තම කරට ම - නැඟෙනුව පයත්නය කරන වැනි"
  • තමන් හිසට තම අතමය සෙවණැල්ල [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Your own hand is the shelter (protection) for your own head (21) - තමාට පිහිට තමාම බව (41) / තමාගේ දියුණුව රැඳී පවතින්නේ තමා ගන්නා උත්සාහය මත (33) – English: Paddle your own canoe. Be independent and not need help from anyone. Example: “After I went to boarding school in my teens, I started paddling my own canoe to a substantial extent” (32) - "ගුල්ලෝ ගසා තිබුනත් පිත්තල පොල්ල - නොබලම විසි කරනු උම්බලකඩ මල්ල - කොපමන සිටියමුත් නැදෑගොල්ල - තම අත පමනි තම සිරසට සෙවනැල්ල"
  • තමන්කඩුවේ භික්ෂූන් පිරිත් කීමට මැළි ලු [විශ්වාස][කතා][වාර්තා] - මෙය පනම් දෙවියන් ආශ්‍රිත මින්නේරියේ ප්‍රකට ජනප්‍රවාදයකින් බිහි වූවකි. මහසෙන් රජතුමන් විසින් පනම් යකා දමනය කිරීමේ පුවත මෙසේය. රජතුමාගේ ගව පට්ටියෙන් දොවා ගෙනෙන කිරි කළ ලේ බවට පත් වුනා. යක්ෂයකු විසින් කරන දෙයක් බව දන ගෙන යකාට පනම් හත් කළයක් බැර කොට යළිත් කිරි ප්‍රකෘති තත්ත්වයට ගත්තා. යකා අල්ලා ගැනීමට සිතූ රජ තුමා මින්නේරිය වැව මැද්දේ ඇති පට්ටි ගොඩැල්ලේ පිරිත් මණ්ඩපයක් කරවා භික්ෂූන් හැට නමක් පිරිත් කියන්න යෙදෙව්වා. ආටානාටිය සූත්‍රය කියාත්ම අනික් සියලු යකුන් දමනය වූ නමුත් පනම් යකා පැමිණියේ නැහැ. පනම් යකා මඩ කණයකු ගේ වෙස් ගෙන මඩ යට හැංගුනත් මඩ රත් වෙන්න පටන් ගත නිසා පිටතට එන්න සිද්ධ වුනා. පිරිත් මණ්ඩපය දිහාවට එන ගමනේ මී හරක් රංචුවක් දැක ඉන් එකෙකු ගේ ගාතයක් කඩා පිරිත් මණ්ඩපය මැදට විසි කළා. මින් තිගැස්සුණු හාමුදුරුවෝ හැට නම පිරිත මොහොතකට නැවැත්තුවා. මේ අවසරයෙන් යකා භික්ෂූන් හැට නමගේ බෙලි කඩා දැම්මා. මේ හේතුවෙන් ජනප්‍රවාදය ඇති වුනත්, පසුව මහසෙන් රජු ඇමතියන් ලවා යකා අඹන් ගඟෙන් එගොඩ පනින විට වර මන්දක් දමා අල්ලා ගෙන දමනය කළා (10)
  • තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලෙට වඩා අනුන්ගේ ඇහේ තියෙන පොල් කීර ලොකුයි ලු / තමුන්ගෙ ඇහේ පරාලය නොපෙනෙයි අනුන්ගෙ ඇස් වල ඇති රොඩ්ඩ සොයනවා වගේ / තමාගේ ඇහේ තියෙන පරාලය නොබලා අනුන්ග ඇහේ තියෙන පොල්කෙන්ද බලනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - තමා සතුව කොතෙකුත් අඩුපාඩු තිබියදීත් ඒවා සකස් කරගන්නේ නැතිව අනුන්ගේ අඩුලුහුඬුකම් බැලීම / තමන්ගේ වැරදි සඟවාගෙන අනුන්ගේ වැරදි කතා කිරීම (39)
  • තමන්ගේ ගමට වල්ලත්, අනුන්ගේ ගමට පොල්ලත් එපා ලු [උපදේශ][ප්‍රපංච][වාර්තා] - Vanity in one's own village, and insolence abroad are both objectionable (22) / to be avoided (21)
  • තමන්ගේ ගෙයි දොර ඇර තබා අනුන්ගේ ගෙදර බල්ලන් ගහන්නට ගියා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like leaving the doors of one's house open whilst going to drive away dogs from a stranger's house (22) / Like leaving your own doors open and chasing dogs from another’s house (21)
  • තමන්ගේ දරුවගේ මස් කඤ්ඤම් කීවොත් අනුන්ගේ දරුවන්ගේ ඇටත් නොකා ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Will not the man who threatens to eat up the flesh of his own child, eat up the bones of another's child? (22)
  • තමන්ගේ බත් පත යදියට දෙන්න අනිකාගේ බත් පතට වැලි දාන්නාක් මෙන් [පුද්ගලික] - පිං කරන්නත් තරඟ වැදීම
  • තමන්ගේ බෙරේ ගස්ස ගන්න තනනවා [වාග්ව්‍යවහාර] - තමන්ට ප්‍රශංසාවක් ලබා ගන්න බලනවා. උදා: කෝකිය පුඩිම කොහොමද ඇහුවේ තමන්ගේ බෙරේ ගස්ස ගන්න (15) – English: Fish for compliments
  • තමන්ගේ මට්ටම් තම්මැට්ටම් [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - One’s own effort is the best effort (21)
  • තමන්ගේ මල්ල පිටිපස්සෙන්, අනුන්ගේ මල්ල ඉස්සරහින් [උපදේශ][ප්‍රපංච][වාර්තා] - One’s own sack is behind, others’ in front (21) - තමා අත වරද තිබිය දී වෙන කෙනෙකුට දොස් පැවරීම - English: The pot calling the kettle black - the criticisms a person is aiming at someone else could equally well apply to themselves – Example: "the Council is complaining that the post office is slow at communication—talk about pot calling the kettle black!"
  • තමන්ගේ මුහුණේ කැතට කණ්නාඩිය පොළවේ ගැහුවා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - තමන්ගේ අඩු පාඩුවක් පෙන්නා දුන්නහම ඒ කියන කෙනාට දොස් කීම - සුභාෂිතය "තමන් මුව විසුළු වූ බව පෙනෙනු මිස - වෙනින් කවර වරදද නිසි දපණ පස"
  • තමා වරදස නොදිස්නේ, මෙරමා දොස් දිස්නේ [ආප්තෝපදේශ] - කව් සිළුමිණ - "තමා වරදස නො දිස්නේ මෙරමා දොස් දිස්නේ - නුවන් බැහැර නහමත් තමා මුත් නොදක්නේ කිම්" අර්ථය: තමන්ගේ වරදින් බිඳකුදු කෙනෙකුට නොපෙනෙන්නේය. අනුන්ගේ වැරදි පෙනෙන්නේමය (තම) ඇස් බාහිර වටපිටාව දෙස බැලූවහොත් තමා හැර නොදකින්නේ කුමක් ද? - කව්සිළුමිණ, පණ්ඩිත පැරකුම්බා රජ, කුස රජු පුවත ගැන, දඹදෙණි යුගය - One's own fault will not be Seen at all, while their fault of another will be seen (22) / One’s own fault is invisible, that of others apparent (21)
  • තමුන්ගෙ කම්බාය අනුන්ගෙන් ඉල්ල ගන්න කොසෙයිය පට වස්තරේට වඩා හොඳයි ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - කොසෙයිය්ය = බරණැස, පට වස්ත්‍ර - පට පණුවාගෙන් වියන සේද silk රෙදි
  • තම්පලා වත්තට ගියත් නඩුව නඩුව මයි [විශ්වාස][කතා][වාර්තා] - විජේතුංග 2013 පිට 45 (17)
  • තම්බිගෙ තොප්පිය වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the Thamby’s (Muslim man’s) hat (21) - Fits nicely, whichever side of the head it is put on (21)
  • තම්බිට ඌරු මාළු වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා]
  • තරුණ ගොන් හී හානවා මහලු ගොන් කන් හලනවා වටින්නේ නැති ලු [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - The ploughing of young bulls is not worth the shaking of the ears of old ones (22)
  • තල මල පිපිලා වගේ [වාග්ව්‍යවහාර] - ඉතා සතුටට පත් වීම (15), විනාශයේ පෙර නිමිත්තක් - English: In high feather - In excellent form, health, or humour. For example, He was in fine feather, joking with all his visitors
  • තලියේ කිඹුලන් දැකීම / කොරහේ තලියේ කිඹුලන් දැකීම / බය ගුල්ලා තේ කෝප්පෙත් කුණාටු දකිනව ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - සුළු කරුණක් නිසා මහත් කැළඹීමක් ඇති කර ගැනීම, අනවශ්‍ය ලෙස පැරනොයිඩ් ලෙස බිය හෝ ආරක්ෂා වීම - English: A storm in a teacup – However A storm in a teacup has a different meaning - Great outrage or excitement about a trivial matter (15)
  • තල් අත්තට බොරළු ගහනවා වගේ (9-3) [විශ්වාස][ප්‍රපංච][උපමා] - කෙනෙකුගේ කතාව අන් අයට විශාල කන්දොස්කිරියාවක් වීම (39) - රළු ශබ්දයක් (55) / මහ වැස්සකට (9-3)
  • තල ඇට වලින් අත්තන ගස් නැගෙන්නා සේ - ආශ්චර්යමත් සිද්ධියක් (55)
  • තහනම් ගැහෙ ගෙඩි කනවා [වාග්ව්‍යවහාර] - ගැහැණියක් සහ පිරිමියකු ලිංගික සංසර්ගයේ යෙදෙනවා - බයිබලය - Genesis 3:6 ESV / 9 helpful votes - So when the woman saw that the tree was good for food, and that it was a delight to the eyes, and that the tree was to be desired to make one wise, she took of its fruit and ate, and she also gave some to her husband who was with her, and he ate. / Genesis 3:1-24 ESV Now the serpent was more crafty than any other beast of the field that the Lord God had made. He said to the woman, “Did God actually say, ‘You shall not eat of any tree in the garden’?” And the woman said to the serpent, “We may eat of the fruit of the trees in the garden, but God said, ‘You shall not eat of the fruit of the tree that is in the midst of the garden, neither shall you touch it, lest you die.’” But the serpent said to the woman, “You will not surely die. For God knows that when you eat of it your eyes will be opened, and you will be like God, knowing good and evil.”

තැ[සංස්කරණය]

  • තැටිය රත් වෙච්ච වෙලාවේ රොටි පුච්ච ගත්තා වගේ [විශ්වාස][කතා][උපමා] – English: 1. Make hay while the sun shines. Make the most of favourable conditions till they last. Example: I got plenty of referral traffic to my website from Facebook in its initial years. I made hay while the sun shone. Later on, they changed their algorithm, after which the traffic dried (32) / 2. Strike while the iron is hot. Take advantage of an opportunity as soon as it exists. Example: I thought over the job offer I got way too long. Now it has been offered to someone else. I should have struck while the iron was hot (32) - සමාන: කල දුටු කල වළ ඉහ ගන්න / යකඩය රත් වූ විට තලා ගන්න ඕනේ
  • තැබෑරුම් කාරයාගේ මල් බලිය ඉස්සීමට හැටක් එකතු වුනා ලු / එකතු වුනා මදිවට තව එකෙක් දුවන් ආවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - When there were sixty men assembled to raise a tavern keeper's Malbalia, another man came up running to the tavern-keeper and said, "Ala! renter you have done wrong in not having informed me about this in time." - Malbaliya, a flower offering to the Planets as a sacrifice. A Malbaliya can be raised by one or two men (22) / The point of the saying is that it is the tavern-keeper who has lots friends in the village.
  • තැඹිලි ගෙඩියෙ වහපු කපුටා වගේ / කලු කපුටා රන් තැඹිලි වල්ල පිට වැහුවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like a black crow alighting on a “ran-thambili “bunch - බැලූ බැලුමටම පෙනෙන්නේ නොගැළපෙන එක්වීමකි, මනාලිය සුදුයි. මනලයා කළුයි. මංගල උත්සවයේ දී තැඹිලි ගෙඩියේ වහපු කපුටා වගේ යයි සමහරු කසු කුසු ගෑහ (33) - The Thambili is a species of coconut tree which produces nuts of a light-yellow or “golden” colour, commonly called “King-coconuts.” The water of the thambili is a cooling and refreshing beverage (21)
  • තැලෙන යකඩේ දුටුවාමආචාරියා උඩ පැන පැන තලනව ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - When the blacksmith finds a malleable iron he hammers it with jumping (22) / When the blacksmith finds a malleable iron, leaping he brings his hammer down (21) - That is, he is so pleased he leaps to the stroke. - The point of the proverb is that the more one yields, the harder one is beaten.

තෑ[සංස්කරණය]

  • තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග ලු [ආප්තෝපදේශ] - A gift of a gift is an excellent gift (22) / The gift of a gift is the best of all gifts (21) - කෙනෙකුට තෑග්ගක් ලැබුණු විට එය තමා සතු කරගන්නේ නැතිව තවත් කෙනෙකුට තෑග්ගක් වශයෙන් පරිත්‍යාග කිරීම එක කතාවක් බලන්න විජේතුංග 2013 පිට 229 (17)

ති[සංස්කරණය]

  • තිත්ත කදුරු වගේ [වාග්ව්‍යවහාර] - නරක ආරංචියක්, අකැමති දෙයක් - තම පෙම්වතිය අනිකකු හා විවාහ වුනාය කියන ආරංචිය ඔහුට තිත්ත කදුරු මෙන් විය - English: Like gall and wormwood (15) Strong feelings of bitterness and resentment. ("Gall" is bile and "wormwood" is a bitter plant.) Ever since I lost the election for school president, I only feel gall and wormwood when I think of my unworthy opponent
  • තිත්ත තිබ්බොටු තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් තිත්තමයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - යම් නරක දෙයක හෝ කෙනකුගේ හෝ ප්‍රකෘති ගුණය නැතහොත් ජන්ම ගති අත් නොහැරෙන බව කීමට (48) - සමාන: තෙලෙන් බැද්දත් කොබෙයියා ලු / තෙලෙන් බැද්දත් කොබෙයියා, කිරෙන් බැද්දත් කොබෙයියා
  • තිපල් කසාය දුන්නා වගේ [වාග්ව්‍යවහාර] - අකීකරු බිරිඳකට දඬුවම් දීම - විජේතුංග 2013 පිට 47 (17)
  • තිබහට වතුර ලිඳකින් මිස සාගරයෙන් ගන්න පුළුවන් ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - "දුකට පිහිට සුළු මිනිහෙකුගෙන් විතර - ලොකුවට සිටින අයගෙන් නැත කිසිම වර - තිබහට වතුර බොන්නට සුළු ලිඳ විතර - කිසිවිට පිහිට නැත ගැඹුරැති මහ සයුර"
  • තිබුනු කටත් නැති වුනා වගේ [විශ්වාස][කතා][උපමා] - Like losing even the mouth you had - The saying, which has been slightly altered to avoid the vulgarism of the original, has its origin in a quaint old-world story. According to Sinhalese Folklore, there was an extremely poor man, the cup of whose unhappiness was daily filled to the brim by a nagging wife at home. The taunts of this woman drove him one day in desperation to the forest where he began crying aloud, bewailing his fate. The God, Sakra Deviyo, taking pity on him, came thither in the guise of an old man and handed him three unhusked coconuts, saying that if he expressed any wish at the moment of breaking each one, the wish would be fulfilled. The poor man rushed home and, taking the kitchen knife, was about to break one coconut with a wish in his heart for riches, when the wife screeched out, inquiring what he was going to do. “A mouth, you fool,” replied the exasperated husband as he brought down the knife on the coconut, and immediately he found himself covered with mouths from head to foot. Half-demented, as it were, by this sudden and alarming development, the poor man broke the second coconut with the prayer that all these mouths be removed. And immediately the prayer was gratified fully, so fully that he found that even the mouth he had had originally was removed, The man, now at his wits’ end, thereupon broke the third and last coconut, with the prayer that his original possession is restored to him, and this was fulfilled. He got back his status quo ante (21)
  • තිරුවා අඹගමු ගියා වගේ (9-140) [විශ්වාස][කතා][උපමා] - රජකෙනෙකු තිරුවාගේ බිරිඳ සමග යහන්ගත වීමට තිරුවාට අඹගමු යන්න කීවත් ඔහුගේ උපක්‍රමය දත් තිරුවා අඹ ගමු නොගොස් ගෙට වී සිට රජු ආ විට "ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක් නැත - තිරුව එතත් නොඑතත් මට කමක් නැත - කෙරුව හරිය රජ තුමනුත් රැවටි ඇත - තිරුව මමයි මම අඹ ගමු ගියේ නැත" - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 16 (11)

තු[සංස්කරණය]

  • තුට්ටු දෙකට අශ්වය ගන්නත් ඕන නේරංජනා ගඟට / තාප්පෙට උඩින් පන්නවන්නත් ඕන [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - You want both to buy a horse for two pies and also one that could jump over the wall – ලාබ බඩුවලින් උසස් ප‍්‍රතිඵල බලාපොරොත්තු විය නොහැකි ය (33) - Pies is a former monetary unit / bronze coin of British India, equal to one quarter of an anna (21) An anna (or ānā) was a currency unit formerly used in India and Pakistan, equal to 1⁄16 of a rupee. It was subdivided into four paisa or twelve pies (thus there were 64 paise or 192 pies in a rupee). The anna is very light-weighted. The term belonged to the Islamic monetary system English: To eat One’s cake and have it too
  • තුන් තේරවිලි කියනවා / ශ්ලේෂයෙන් කතා කරනවා [වාග්ව්‍යවහාර] - තේරුම් නොගත හැකි ලෙස සංකීර්ණ හෝ පැටලවිලි සහගත ලෙස යමක් කීම (15)

තූ[සංස්කරණය]

  • තූත්තුකුඩි ගියත් ඒ අතපයමයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Though gone to Tuticorin, your hands and feet will remain the same (22) / Your hands and feet are the same, even if you go to Tuttukudi - Tuttukudi, on the southern coast of India, is another form of Tuticorin (21) - See: බලු වලිගෙ ඇද අරින්න බැරුවා වගේ / ඒරොප්පෙට ගෙනිච්චත් බළලා ඥාව් ඥාව් කියාවි / රට ගෙනිච්චත් හිරමණය පොල් ගාන්න

තෙ[සංස්කරණය]

  • තෙමිච්ච කුකුළාට සීත නැති ලු [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - A wet cock does not feel the cold (22) (?)
  • තෙමිච්ච කුකුළෙක් වගේ [වාග්ව්‍යවහාර] - Like a wet fowl (21)
  • තෙලිජ්ජ බීමට ළිඳ තැඩලුවා වගේ [විශ්වාස][කතා][උපමා] - කරුණු හරිහැටි තේරුම් නොගෙන මෝඩකම් කරන අය (33) - ගමනක් ගිය දෙදෙනෙක් නිවසකට ගොස් බීමට වතර ටිකක් ඉල්ලූහ. එහි සිටි කාන්තාව ඔවුන්ට මුට්ටියෙන් තෙලිජ්ජ ටිකක් දුන්නේ වැඩි සැලකිල්ලට ය. එහි රස දැනුණු ඔවුන් දෙදෙනා සිතුවේ ළිඳේ තිබෙන්නේත් ඒවා බව ය. එදා රාත්‍රී කාලයේ ඔවුහු තවත් පිරිසක් ද කැටුව ළිඳ ළඟට පැමිණ ගල් ඉනි, උදලු, ලී ආදිය යොදා ළිඳ වටේට හාරා එය තැඩලීමට උත්සාහ කළහ. ඔවුහු මෝඩයෝය. - යාපනේට ආදේශ කළ කතාව බලන්න විජේතුංග 2013 පිට 182
  • තෙලෙන් බැද්දත් කොබෙයියා ලු / තෙලෙන් බැද්දත් කොබෙයියා, කිරෙන් බැද්දත් කොබෙයියා [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Though fired in oil, yet it is a wild-pigeon (22) / It is still a “kobeyiya,” though fried in oil or milk - ප්‍රදේශය වෙනස් වුවත්, කාලය වෙනස් වුවත් පුද්ගලයන්ගේ සහජ ගති ගුණ, පුරුදු වෙනස් වන්නේ නැත (49) - The kobeyiya is the common Indian dove (Turtur risorius) - The alu-kobeyiyd is the'spotted dove (Turtur Suratensis) (21) - සමාන: තිත්ත තිබ්බොටු තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් තිත්තමයි - රබන් පදය "කිරෙන් බද්දත් කොබෙයියා - තෙලෙන් බැද්දත් කොබෙයියා - කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් - කොබෙයියා බොල කොබෙයියා"
  • තෙල් පැණි නොනහ කන කැවුම් කෑල්ලත් හොඳයි ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even a small piece of sweetmeat for which you do not spend jaggery and oil is acceptable (22) / Even a small piece of “kevum “(oil cake) is acceptable which has not cost you anything in oil or jaggery. – 078 ඉල්ලිස ජාතකය: තවද එක් සමයෙක්හි ලොකොත්‍රයට ප්‍රදීපයක් (තුන් ලොවට පහනක්) බඳු වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වසනසේක් මචඡරිය කොසිය සිටාණන් අරභයා මේ ජාතකය වදාළසේක. රජගහ නුවරට නුදුරු තෙනක සකඛරා නම් වූ ගමෙක් වූයේය. එහි අසූකෙළක් පමණ ධනසම්පත් ඇති මචඡරිය කොසිය නම් සිටුපුත්‍රයෙක් වසන්නේය. ඒ සිටුපුත්‍රතෙම තණ කෙන්දක් (තණකොළ අගක්) තෙල් ගාලා එයින් තෙල් බින්දුවකුත් අනුන්ට නොදෙන්නේය. තෙමේත් අනුභව නොකරන්නේය. මෙසේ ඔහුගේ වස්තු සමූහය පුත්‍රද්‍රරාදීන්ටවත් ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ටවත් ප්‍රයෝජනයකට නොපැමිණෙන්නේය. රාක්‍ෂසාධිගෘහිත වූ පුෂ්කරණියක් (රකුසන් අරක්ගත් පොකුණක්) මෙන් අපරිභොගව (පරිභෝග කිරීමෙන් තොරව) සිටිනේය. එක් දවසක් සර්‍වඥයන් වහන්සේ අලුයම් වේලේ මහා කරුණා සමාපතතියෙන් නැගී සියලු සක්වළ චතුසසත්‍යාවබොධයට (සිවුසස් තේරුම් ගැනීමට) සුදුසු බන්ධූන් (හේතු සම්පත් ඇත්තවුන්) බලා වදාරණසේක් පන්සාළිස් යොදුනකින් මත්තේ වසන්නා වූ භාය්‍ර්‍යාව සහිත වූ සිටාණන්ගේ ශ්‍රොතාපත්තිඵලයට උපනිශ්‍රය (සොවාන්වීමේ භාග්‍යය) දුටුසේක. සර්‍වඥයන් වහන්සේ මහා කරුණා සමාපතතියෙන් නැගී බලන්නෝ, පළමු දවසෙක රාජ සේවයට රජගෙට ගොස් රජ්ජුරුවන්ට සේවයකොට එන්නා වූ සිටාණෝ සාකුස් (බඩගිනි) ඇතිව දනවුවැසි මනුෂ්‍යයකු කොමුයෙන් (පැණියෙන්) පිරුණා වූ කබල්ලක් (කැවුමක්, රොටියක්) කන්නා දැක එහි තෘෂ්ණාව උපදවා තමන්ගේ ගෙට ගොස් මෙසේ සිතූය “ඉදින් කබල්ලක් කනු කැමැත්තෙමි’ කියෙම් නම් මා සමඟ බොහෝ දෙන කනු කැමති වෙති, එසේ කල්හි මාගේ බොහෝ සාල්, ගිතෙල්, මී, උක්සකුරු ආදිය නිමවන්නේය. එසේ හෙයින් කිසිවක්හට නොකියමි”යි තෘෂණාව ඉවසාගෙන ඇවිදිනාහුය. ඒ සිටාණෝ කල් යත් යත් සුදුමැළිව ගිය ශරීර ඇතිව ඉපිල තිබෙන්නා වූ නහර බහනින් වළඳිනාලද (නහර නැමති ලණුවලින් යුත්) ශරීර ඇතිවූය. ඉක්බිත්තෙන් තෘෂ්ණාව ඉවසාගත නොහී ගබඩාවට වැද ඇඳ වැලඳ ගෙන වැදහොත්තාහුය. මෙසේ දුර්‍වල බවට පැමිණෙත් වසතු විනාශ වෙයි යන භයින් කවුරුන්ටත් කිසිවක් නොකීවාහුය. එකල්හි සිටාණන්ගේ භාර්‍ය්‍යාව සමීපයට ගොස් පිට පිරිමැද “ස්වාමීනි, නුඹවහන්සේට අපාසු කුමක්දැ?”යි විචාළීය. “මට කිසි අපාසුවෙක් නැතැ”යි කී කල්හි “කිමෙක්ද? සිටාණන් වහන්ස, රජ්ජුරුවන් වහන්සේ කිපිසේක්දැ”යි විචාළීය. “රජ්ජුරුවන් වහන්සේ මට කළ කෝපයෙක් නැතැ” යි කී කල්හි “එසේ කල නුඹවහන්සේගේ දූදරුවන් විසින්වත් ද්‍රස කර්‍මකාරාදීන් විසින්වත් කරනලද කිසි අමනාපයෙක් ඇද්දැ?” යි විචාළීය. “එබන්දකුත් නැතැ”යි කී කල්හි “නුඹවහන්සේට කිසි තෘෂණවෙක් ඇද්දැ?”යි විචාළීය. එසේ කල්හි වස්තු විනාශ භයින් කිසිවක් නොකියා නිශ්ශබ්දවම වැදහොත්තාහුය. ඉක්බිත්තෙන් සිටාණන්ගේ භාර්‍ය්‍යාතොමෝ “ස්වාමීනි, කිව මැනව, කිසිවක් ගැන නුඹවහන්සේට තෘෂණාව ඇද්දැ?”යි විචාළීය. එබස් ඇසූ සිටාණෝ බස ගැළපියන්නාක්මෙන් (වචන ගිලින්නාක් මෙන් ඉතා සෙමින්) “එක් තෘෂ්ණාවක් ඇතැ”යි කිවූය. “ස්වාමීනි, කවර තෘෂ්ණාවෙක්දැ?”යි විචාළ කල්හි “කබල්ලක් කනු කැමැත්තෙමි”යි කිවූය. “එසේ කල නුඹවහන්සේ මෙතෙක් දවස් කුමක් පිණිස නොකීසේක්ද? නුඹවහන්සේ දිළිඳුසේක්ද? සක්ඛර නම් නියම්ගම් වැස්සන්ට සෑහෙන පරිද්දෙන් කබළු පිසම්දැ?”යි කිවූය. “තීට ඔවුන්ගෙන් ප්‍රයෝජන කීම්ද? ඌ තුමූ තමන්ට උපයාගෙන කති”යි කිවූය. “එසේ වීනම් එක වීථීයෙක වසන්නවුන්ට සෑහෙන පරිද්දෙන් පිසම්දැ?”යි කිවූය. “තොපි මහසම්පත් ඇති නියාව දන්නමෝ වේදැ”යි කීවූය. “එසේ වීනම් මේ ගෙයි පමණක් සියල්ලවුන්ට සෑහෙනුකොට පිසම්දැ?”යි කිවූය. “මම තොප මහත් වූ අදහස් ඇති නියාව දන්නේවේදැ”යි කිවූය. “එසේ වීනම් නුඹවහන්සේගේ දූදරුවන් පමණට සෑහෙන නියායෙන් පිසම්දැ?”යි විචාළීය. “ඔවුන්ගෙන් තිට ප්‍රයෝජන කීම්දැ”යි කී කල්හි “එසේ වීනම් නුඹවහන්සේටත් මටත් සෑහෙන පරිද්දෙන් පිසම්දැ?”යි කිවූය. “තෝ මට කුමක් කරන්නෙහිදැ”යි කී කල්හි “එසේ වීනම් තනිව නුඹවහන්සේටම සෑහෙන නියාවෙන් පිසම්දැ?”යි විචාළීය. එකල සිටාණෝ කියන්නෝ “මෙතනදී පිසන කල බෝහෝදෙනා කනු කැමති වෙති, නොකඩසාල් හැර කඩසාලත් (සුන් සහල්) උදුන හා කබල් ආදියත් ගෙන යන්නෙමි, යම්තම් කිරිතෙල් වී උක්සකුරු ආදියත් ගෙන සත්මාලක් ඇති ප්‍රාසාදයාගේ මතුමහල් තලයට නැඟී පිසවා එතැන්හිම උදකලාව හිඳ කමි”යි කිවූය. ඒ සිටු දූ සිටාණන් කී බස් “යහපතැ”යි පිළිගෙන ගතයුක්ත ගෙන්වාගෙන ප්‍රාසාදයට නැගී කෙල්ලන් යවා සිටාණන් කැඳවූය. ඒ සිටාණෝ ආදී පටන් (මුල පටන්) දොරවල් පියමින් හැරම දොරවල්වලම අගුල් ලා සත්වෙනි මාලට නැඟී ඒ සත්වෙනි මාලයෙහි දොර පියා (ඇර) උන්නාහුය. සිටාණන්ගේ භාර්‍ය්‍යාවන් උදුනෙහි ගිනිමොලවා කබල ලිපතබා කබළු පිසන්ට පටන් ගත්තීය….

තො[සංස්කරණය]

  • තොටගමුවේ උපන්නාට මොටද බණ බැරි නම්? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] (22) (9-139) - What is the use of being born at Thotagamuwa if you do not know Bana - බණට හපන් තොටගමුවේ රාහුල හිමියන් නිසා ඇති වූවක්. තොටගමුව ශ්‍රී රාහුල හිමියන් උපන් ගමයි. එහෙත් එවැනි වියතුන් හැමවිට ම තොටගමුවෙන් බිහිවෙතැයි සිතීම මුළාවකි. - Thotagamuwa, was the residence of Sri Rahulasthawira, (commonly known as Thotagamuwa Priest) a very learned Buddhist Priest. His knowledge of Buddhism was so perfect that he knew the whole of the Tripitaka by heart. His acquaintance with secular learning is said to have been equally marvellous. Those who are conversant with his writings call him the Shakespeare of the East (22) / Bana means, the Buddhist scriptures. Totagamuva village (on the Galle road) was the birthplace of that celebrated Sinhalese scholar and religious, Sri Rahula Sthavirava, the author of Kavya- sekhara, etc. This village in recent times obtained such a bad reputation for cattle-stealing and highway robberies that the proverb was changed in the district to “What is the use of being born at Totagamuva if you do not know how to steal? “(21)
  • තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කෙරේ [කියමන්]

තෝ[සංස්කරණය]

  • තෝර / කුම්බලා / බල මාළු කෑවා නම් දුක් විඳපන් බළලෝ [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • තෝරු මෝරු පැනලා යද්දී හාල් මැස්සෝ අල්ලනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Catching small fry when whales are escaping - ලොකු හොරකම් කරන අය අල්ලන්නේ නැතිව සුළු හොරකම් කරන අය අල්ලනවා - සමාන: අලි යන මං තියා කූඹි යන මං අවුරන්වා වගේ

ත්‍රි[සංස්කරණය]

  • ත්‍රිමද ගලිත ඇතා ගෙන් ගජ මුතු ගන්නට අතක් පානවා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - "තුමුල බලැති ඇතු ගජ මුතු ඉල්ලා - අතක් පානු වැනි පොඩි කිනිතුල්ලා" - ලෝකෝපකාරය "නිරිඳුන්ගෙ මෙත් සිත් - සැබවයි මදින් උඩගු වන්නෝ - තිමද ඇතු දළ මුතු - ගනුව අත දිගු කරන වැන්නෝ"

[සංස්කරණය]

  • දඩ මීමාගෙන් සතුන් මරන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like killing animals by concealing behind a tame buffalo (22) / Like killing animals behind the cover of a decoy buffalo (21)
  • දඩයම් බල්ලෝ බැඳ තිබා ගෙන මගෝඩි බල්ලෝ ගෙන ගියා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like keeping hunting dogs tied up at home, and hunting with curs (22) / Like going to the chase with curs when you have hunting-dogs tied up at home (21) – curs = an aggressive or unkempt dog, especially a mongrel.
  • දත ඇති දා පොල් කන්නෙයි කීවා ලු [උපදේශ][ප්‍රපංච][වාර්තා] - Eat cocoanuts while you have your teeth (22) - See කල දුටුදා වළ ඉහින්නා වගේ / තැටිය රත් වෙච්ච වෙලාවේ රොටි පුච්ච ගන්න / යකඩය රත් වූ විට තලා ගන්න ඕනේ - English: Make hay while the sun shines (21)
  • දත් තිහට මැද දිව ගැලවෙන්නා වගේ / දත් තිස් දෙක මැද්දේ දිව වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - The tongue is safe though in the midst of thirty teeth (22) - ලෝකෝපකාරය "දෙපස රුපුනිඳිතත් - වෙසෙත් නො සැපී ම නුවණැතියෝ - දසන් දෙ තිසක් මැද - වැස නො තැළී දවසරින දිව මෙන්"
  • දත් නැති දා උක් දඬු ගිනි තපින්න ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Are sugarcanes to serve as firewood for warming yourself on the day you are toothless? (21) - අවශ්‍ය වෙලාවට නැති නම් පසුව ඵලක් නොවේ (49) / අවස්ථාව එළඹුණු විට ඊට අවශ්‍ය දෙය ලැබිය යුතු ය. පසුව එය ලැබීමෙන් පලක් නැත (33) / යමක් ලැබිය යුත්තතේ සුදුසු කාලයේදී මිස නුසුදුසු කාලයේදී නොවන බව (41) - සමාන: යුද්දෙට නැති කඩුව කොස් කොටන්නට ද? / ඇස නැති දා පොත ගත්තේ කියන්නද? - "ඇස නැති දා පොත ගත්තේ කියන්ට ද, දත නැති දා ‍උක් දඬු ගිනි තපින්ට ද, වෙර නැති දා ගහ ගත්තේ දිනන්ට ද, යුද ඇති දා නැති කග කොස් කොටන්ට ද"
  • දත් හාරලා බඩ පිරෙන්ඩ / බඩ පිරෙන්න නම් දත් හාරන්න Pick your teeth to fill your belly(54)
  • දත් මිටි කෑවාට බැරි දේ පුලුවන් වෙනව ය? / බැරි දේ පුළුවන් ද දත්මිටි කෑවාට? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Can you do what is impossible though you grind your teeth? (22) - "ගලක් වන වේද බල්ලෙක් ලෙව්වාට - විලක් බොරවේ ද බොල් පිනි බෑවාට - මලක් පරවේ ද බිඟු රොන් ගත්තාට - බැරි දේ පුළුවන් ද දත් මිටි කෑවාට"
  • දමෝලීක්ස්ගේ කඩුව වගේ (15) [විශ්වාස][ප්‍රපංච][උපමා] - කෙස් ගහෙන් රැඳී තියෙන්නේ - යමක් සිදු වෙන්න ඔන්න මෙන්න කියා තිබෙනවා, අනතුරු දායක තත්ත්වයක සිටිනවා - English: Like the sword of Damocles - This expression alludes to the legend of Damocles, a servile courtier to King Dionysius I of Syracuse. The king, weary of Damocles' obsequious flattery, invited him to a banquet and seated him under a sword hung by a single hair, so as to point out to him the precariousness of his position / 2. Hang by a thread. Also, hang by a hair. Be in a risky or unstable situation, as in His promotion was hanging by a thread
  • දඹපත් කුමාරිගෙ අවතාරෙ වගේ [විශ්වාස][කතා][උපමා] - ඉකි බිඳ බිඳ හඬන කාන්තාවකට හෝ යුවතියකට - කුරුණෑගල දෙවන බුවනෙකබා රජු (ක්‍රි ව 1293-1302) ගේ බිසෝ මාලිගය තිබුනේ පොල්ගහ වෙළ අසළ වීරාගල් පව්ව මුදුනේ. බුවනෙකබාට එරෙහිව අග්බෝ නම්රජෙක් සටනට ආ විට යුධට යන රජු, තමා දිනුවොත් සුදු කොඩි නංවන බවත් පැරදුනොතින් කළු කොඩි නංවන බවත් කීය. යුධ බිම අවිගැටෙන හඬ ඇසූ දඹපත් කුමාරි ඉකි බිඳ අඬන්නට පටන් ගත්තා ලු. රජු යුද්ධය ජය ගත්තත් පණිවුඩ කරු සුරා මතින් කළු කොඩියක් දැමූ නිසා බිසෝවරු බැලුම්ගල පල්ලේ පැන දිවි නසා ගත්තා ලු.මොවුන් "හැට හත් කට්ටුවක් බිසෝ බණ්ඩාර" දෙවියන් ලෙස දේවත්වයට පත් විය (10).
  • දඹුලු විහාරෙත් වැඳගෙන තලගොයිත් මරා ගෙන එන්න කීවා වගේ / දඹුලු ගිහින් තලගොයිත් මරා ගෙන / දඹුල්ල වැඳ ගෙන තලගොයිත් මරා ගෙන / දඹුලුත් වැඳ ගෙන තලගොයිත් මරා ගෙන එනවා [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like asking you to worship at Dambulla Vihara and, when returning, kill and bring some “talagoyi” (21) / Like saying "Perforin your devotions at Dambulu vihara and on your return kill and bring some guanos (22) - එක උත්සහයකින් වැඩ දෙකක් කර ගන්නවා / යහපත් කටයුත්තකට ගොස් අයහපත් කාර්ය්‍යක ද නිරත වීම (41) / යහපත් වැඩක් කරන අතරම අයහපත් වැඩකුත් කර ගැනීම - තවත් මතයක් අනුව "තලගොයින්" කියන්නේ තල වවන ගොවීන්ට ලු. තල ගොයියන් මරනවා කියන්නේ ලාබෙට තල මිල දී ගැනීම ලු. මේ අනුව වැඩ දෙකක් එක පාරට කර ගැනීම අදහස් වේ (9-140) - සමාන: බුදුන් වැඳ ගෙන එන ගමන් කෙමන්ත් බලා ගත්තා වගේ - Dambulla Vihara, this is a well-known Temple in Dambulla hewn out of a solid rock, about 600 feet high. It contains over fifty images of Buddha. An idea may be performed of its vast dimensions from the fact of its having once sheltered a whole regiment of troops (22) – English: The Best of Both Worlds' to describe a situation in which you can enjoy the benefits of two different opportunities. Example of use: “Not only does Don have the freedom a student enjoys, his fellowship at the university means he also gets paid. It really is the best of both worlds.” (22) / The talagoya is a land lizard called “Iguana” (Varanus bengalensis / දෙමළ: Udumbu / ඉංග්‍රීසි: Land monitor / Bengal Monitor) whose flesh is a delectable dish to epicures. (21)
  • දරවලට ගිනි ඇවිලුවහම ඊට දර නොව ගිනි කියන්නා සේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - ලෝවැඩ සඟරාව "දරරැස ගිනි ඇවිලුණු කල නිබඳේ - ගිනි මිස දර යැයි යන බස නොයෙදේ"
  • දරුකුණත් කපුටු කුණත් අහක ලන්න එපා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Do not throw away a dead child and a dead crow (22) / Neither a dead child nor a dead crow should be thrown away (21) (?)
  • දරුවන් කන ගෙයි කුකුල්ලු කොයින්ද? How can you expect to find fowls in a house where they eat children? (53)
  • දවල් තරු පෙනිලා වගේ [වාග්ව්‍යවහාර] - බලවත් වරදක් මුලාවක් සිදුවීම (40)
  • දවල් මිගෙල්, රෑ දනියෙල් [වාග්ව්‍යවහාර] - දෙබිඩි චරිත ඇතිව කටයුතු කිරීම (41)
  • දවල් හීන දකිනවා වගේ (14) [වාග්ව්‍යවහාර] - සිදුවිය නොහැකි දෙයක් සිදු වේයැයි හිතමින් කාලය ගෙවීම - Daydreaming, Wishful thinking
  • දහට උදහස් නැති ලු [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - No wrath against thousand men (22) - Anger evaporates against a thousand men (21) - In other words, numbers have an overawing effect.
  • දහනවය විස්ස කළා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like changing nineteen into twenty (22)

දා[සංස්කරණය]

  • දාහට අරං සීයට දුන්නා වගේ (45) / දාහට අරන් පන්සීයට දුන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like buying for a thousand, and selling back for five hundred (22) - කනස්සලලෙන් සිටීම (41) / පාඩු ගෙන දෙන වෙළෙදාම (40) - "දාහට අරන් සීයට දී පලක් නැති - වාහෙට අකීකරු අඹුගෙන් කමක් නැති - කාහට නමුත් වැඩි දැඟලීම හොඳ නැති - නාහෙට ඉහල ගැලුවොත් ඔළුව පල නැති"

දැ[සංස්කරණය]

  • දැකීමත් එක රැකීමක් ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Seeing is also a measure of satisfaction (21)
  • දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග (9-139) කතරගං ගොහින් අතරමං වූවා වගේ (9-139) [උපදේශ][ප්‍රපංච][වාර්තා] - If you go knowingly, it is Kataragama, if unknowingly, it is a case of being stranded (21) - සැලසුමක් නොමැතිව කරන ලද කාර්ය්‍ය අසාර්ථක වන බව (41) - Kataragama is the chief shrine of Skanda in Ceylon, to which many thousands of pilgrims go annually (21)
  • දැනමුත්තොත් මෝඩ වෙනවලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even wise men are sometimes out-witted (22)
  • දැලින් සුළං බදන්න හදනවා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - සුභාෂිතය "දැලින් සුළන් බදනට තැත් කරන මෙනි"

දි[සංස්කරණය]

  • දිමි කූඩුව ඇවිස්සුවා වගේ [වාග්ව්‍යවහාර][උපමා] - බලවත් වූ කැලඹීමක් ඇති කිරීම (40)
  • දිමියා එල්ලෙන්නේ හපන් කමට යැ? බැරි නමුත් වේගෙට නෙවැ? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - The red-ant clings to you, not through bravado, but, however helpless, through the impulse of anger (21)
  • දිඹුල් මල් පතා දිය ඇදීම / දිඹුල් මල් ගන්ට දිය ඇද්දා වගේ / දිඹුල් මල් ලබමැයි සිතා දිය ඇද්දා වගේ (21) / දිඹුල් මල් පතා වතුර අදින්නා වගේ [උපදේශ][සාහිත්‍ය][උපමා] - Like watering a “dimbul “tree in order to get flowers - The fig tree never bears flowers - The Dimbul here is not the “Wood-apple” tree (Feronia Elephan- tum), but a species (Ficus Carica) of the Fig tree which never flowers (sic) (21) - අත්තික්කා හෙවත් උදුම්බරා ගස සපුෂ්පිත ශාඛයක් වුනත් එහි මල පිටතට නොපෙනෙන නිසා පැරැන්නෝ විශ්වාස කළේ එය කිසි විටක මල් නොපෙනෙන ශාකයක් හැටියට. උදාහරණයක් හැටියට හිතෝපදේශයේ එන ශ්ලෝකයේ කියැවෙන "අවුදුම්බරන් බවන් පුෂ්පන් - ස්වේත වර්නාච කාකයෝ - මත්ස්‍ය පාදන් ජලේ වග්ගේ - නාරි චිත්තං නවිශ්යතී" අර්ථය: උදුම්බරා ගසේ මල් පිපෙතැයි විශ්වාස කළත්, සුදු පාට කාක්කන් ඇති විශ්වාස කළත් මාළුන්ගේ පා සටහන් ජලයේ සටහන් වෙතැයි විශ්වාස කළත් කාන්තාවකගේ සිත ගැන විශ්වාසය නොතබන්න - අට්ටික්කා හෙවත් දිඹුල් ගසේ මල් පිපීමක් සිදු නොවේ. නමුදු කඳ වටා ගෙඩි හට ගනී. එබැවින් කිසියම් දෙයක් කිසිදා නොවන විට ‘‘දිඹුල් මල් ගන්ට දිය ඇද්දා වගේ’’යැයි උපමාවක් සහිතව සුභිෂිතයේ මෙසේ පහදා දේ. “සකල සුර නරන් මුදුනත සැදූවද - විපුල මුනි සරණ හැර අන් සුරන් යැද - නිමල මොක් පිණිස සත කිනා දුලද - දිඹුල මල නිසා වෙහෙසුණු වැදි දියැද” - සමාන: ගඟට ඉනි කපනවා - (51) / English: Shoe the goose - To attempt a futile or pointless task – e.g. “You'd have better luck shoeing a goose than getting those flowers to grow on such rocky soil” - ප්‍රත්‍යය ශතකය "ඖදුම්භර හවං පුෂ්පං ස්වේත වර්ණඤ්ච කාකයෝ - මත්ස්‍යපාදං ජලේ පශේයත් නාරි චිත්තං න විශ්වසත්" දිඹුල් මල් ද, සුදු කාකයෝ ද, දියෙහි මත්ස්‍ය පිය සටහන් ද යමෙක් දුටුවා යැයි කීම සැබෑ ගනිතත් ස්ත්‍රීන්ගේ සිත නම් විස්ශ්වාස නොකළ යුතුය.
  • දිය බල්ලාගේ පුකේ ලුණු බැන්දා වගේ
  • දිය මතු පිට ඇඳි ඉරක් වගේ / දියේ ඇඳි ඉර වගේ / දිය පිට ඇඳි ඉරක් / දියෙහි ඉරක් ඇන්දා සේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - Like a line drawn on water (22) - යමක් ඉතා ඉක්මනින් අමතක වී යෑම (49) / නිෂ්ඵල කාර්යයක් කිරීම, ස්ථිර නැති බව (39), It leaves no impression on the water : applied to a thankless ingrate (53) - සුභාෂිතය "නැණැති දනන් හට මඳ ගුණයක් කළද - පවති ගල කෙටු අකුරක් මෙන් නිබඳ - විමති දනන් හට කළ කිසි ගුණ නොමඳ - එ නැතිවේය දිය පිට ඇඳි ඉරක් ලෙද" - ප්‍රත්‍යය ශතකය “උත්කෘෂ්ට මධ්‍යමනිකෘෂ්ට ජනේෂු මිත්‍රං - යද්වත් ශිලාෂු සිකතාෂු ජලේෂු රේඛා - වෛරං ක්‍රමාදධම මධ්‍යම සජ්ජනේෂු - යද්වත් ශිලාෂු සිකතාෂු ජලේෂු රේඛා” උත්තම, මධ්‍යම, අධම, යන මොවුන් කෙරෙහි කළාවූ උපකාරය ගලෙහි, බිමෙහි, දියෙහි ඇඳි රේඛාවක්මෙන් වන්නේය. විපර්යාස වශයෙන් අධම, මධ්‍යම උත්තමයන් කෙරෙහි කළාවූ  ද්‍රෝහී කමුත්ගලෙහි, බිමෙහි, දියෙහි ඇඳි රේඛාවක් මෙන් වන්නේය.
  • දිය යට යන කිඹුලන්ට පන්දම් මොකට ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] – “ඉනිමං මොට ද ගස් උඩ යන රිළවුන්ට - පන්දම් මොට ද දිය යට යන කිඹුලන්ට - රස බත් මොට ද තණ කොළ කන ගවයින්ට - ගස දත් අයට කොළ පෙන්නන්නේ කුමට”
  • දිය යටින් ගින්දර ගිනියනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - මිත්‍ර වී සිට යටි උගුල් ඇටවීම (40)
  • දිය යටින් වෙඩි තිබන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like shooting from underwater (22)
  • දියකාවගේ පිටේ ලුණු හැංගුවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like hiding salt in the back of the “diya-kava” - The Diya-kava is a bird called the pygmy Cormorant (Phalacrocorax pygmeus). The term is applied also to a bird called the Oriental darter (Plotus melanogaster). It frequently dips into water, which makes it a bad preserver of the salt hidden on its back (21)
  • දියමන්ති පර්වතෙට ඇනලා දළ බිඳ ගත්තු ඇතා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - සුභාෂිතය "බලැත්තවුන් හට බන් වෙරෙහි නො නැවත - විපත් පැමිණියත් ඉන් කිසි නිගා නැත - මහත් විදුරු ගිරි බිතකට වැද අනුත - සුනත් දළ ඇතුට ලොව අපහසෙක් නැත",
  • දියෙන් ගොඩට ගත් මාලුවෙක් වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - ධම්ම පද පාලියේ "වාරිජෝව ඵලේ ඛිත්තෝ ඔකමොකත උබ්භාතෝ" – English: Fish out of water (15)
  • දියේ කිමිදෙන්නෙකු ගිනි හුලකින් පිළිස්සීමට තනනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - ලෝකෝපකාරය “සුරාපානය කළ - පවිටුන්ට දෙන ඔවා මුසු බස් - දිය තුළ වන් එකකු - පුළුස්සන වැනි ගිනිසුලක් ගොස්” - පදාර්ථ: සුරා පානය කළ පාපාෂ්ඨයන්ට දෙන්නා වූ, අවවාද ගිනි සුලක්, ගොසින්, දිය යට, සිටින, එකෙක්, පුළුස්සන්නාක් මෙන් ය. - රා බී ගත් අයට දෙන අවවාදය දිය යට සිටින කෙනෙකු ගිනි හුලක් ගෙන පුළුස්සන්නා වැනි නිෂ්ප්‍රයෝජන පලකට නැති දෙයකි
  • දිව මුල මී පැණි, හද තුළ විස ගුලි [ආප්තෝපදේශ] - Though there is bee honey at the root of the tongue, yet there is poison in the heart - සමාන: හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් (22)
  • දිව ලෙල දීම, කඩු ලෙල දීමට වඩා ලේසියි [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - සුභාෂිතය "කලුන් මැද්ද සබ අබතුර බොහොසෙ නිති - ලෙසින් විදුලි දිලි කග පත්ලෙළ කෙරෙති - කගින් කග පහර වැද නැගී පුලිඟු ඇතී - සටන් බිමසි ගත් සෙබළො දුලබ වෙතී" කාන්තාවන් ඉන්න සබා මැද කටින් යුද්ධ කරන්නන් කොපමණ සිටියත් යුධ බිමට වැඩ කඩු ලෙලවන්නෝ අඩුය
  • දිවයුරු ඉදිරියේ, කෙසේ බබාලාද කලාමැදිරියේ? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - How can a firefly shine in the sun? (22)
  • දිවි දුටු මුවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the deer who has seen a tiger (22) / Like the deer confronted with a tiger (සුනේත්‍රා නොහොත් අවිචාර සමය බබ්ලිව් ඒ සිල්වා 2015 පිට 208)
  • දිවියා වුනාට මොටද නිය නැත්නම්? නිය නැති දිවියා වගේ [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - What is the use of being a tiger if there be no claws (22) / Like a tiger without claws (22)
  • දිවියෝ දාහක් ඇඬුවාට මොකද එක ගව ලෝමයක් වත් නැත්නම්? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - What matters even if a thousand tigers roar, if there is not even a single hair of any cattle near about? (21)
  • දිව් පමණට ලු හති වැටෙන්නේ / දිවූ තරමටලු හති [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Panting will be proportioned to the distance run - උත්සාහ ගන්නා තරම අනුව ඵල ලැබෙන බව කීමට (48)
  • දිශාව හොඳ මුත් දශාව නරක නම් නිල ලබන්න බැහැ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Though the disawa is friendly, yet if the time (dasawa) be unlucky, no rank could be obtained - Dissawa in the time of the Kandyan Kings was an official of high rank. The term is now applied to a Government Agent (22) Dissawa is usually the Governor of a Province a powerful intermediary for rank or preferment. The term is now applied to a Government Agent as well, by whom recommendations are made to the executive authority for the conferment of native ranks. The dasava is the period during which a person is supposed to be under the influence of any one of the planets (21)
  • දිළිසෙන සියල්ල රත්තරන් නොවේ [උපදේශ][ප්‍රපංච][වාර්තා] - All that glitter is no gold (14) - බාහිර ඔපයට නොරැවටිය යුතුයි (45) / යමක වටිනාකම එහි බාහිර ඔපයෙන්ම කිව නොහැකි බව - English: All that glitters are not gold. Things that look good outwardly may not be as valuable or good. Example: X: I want to be a movie star when I grow up. Y: Film industry looks good from the distance, but it has its own problems. Remember, all that glitters are not gold (32)

දී[සංස්කරණය]

  • දී කිරට බළල්ලුත් සාක්කි ලු / බළල්ලුත් දී කිරට සාක්කි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - කවුරුත් වාසි ඇති පැත්තට එකතු වේ (45) / වාසි ඇති තැනට කවුරුත් හිතවත් වීම (40) - See: - Even cats will testify in favour of curd (21)
  • දී කිරි කාපු බළලා වගේ [වාග්ව්‍යවහාර][උපමා]
  • දී කිරි ඉල්ලන්ඩ ආවා නම් අප්පල්ලෙ හංගන්නේ මන්ද? If I come to beg buttermilk, why should I hide my pan? (54)

දු[සංස්කරණය]

  • දුකට කියන කවි වලට අක්ෂර නැහැ ලු [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - කේන්ති ගිය වෙලාවට කියන දේවල් හිතා මතා කියන දේවල් නොවන නිසා ගණන් නොගන්නා ලෙස
  • දුටු ගැමුණු වළගම්බා බත් කෑවා වගේ / දුටු ගැමුණු කුමාරයා යුද්ධ කළා වගේ [උපදේශ][කතා][උපමා] - එක කොනකින් පටන් අරන් යමක් කරන්නේ නැතිව අපිළිවෙලට තැන් තැන් වලින් කොටස් කරමින් යමක් කිරීම - වළගම්බා කතාව සඳහා විජේතුංග 2013 පිට 257 (17)
  • දුටු දුටු අස්සට ගහ උලුවස්සා [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Make a door-frame for every corner you see (21)
  • දුන්න දුනු ගමුවේ, ඊතල කිතල ගමුවේ වගේ - "දුන්න දුනු ගමුවේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - ඊතළ කිතල ගමුවේ - රාළ මීගමුවේ - මුවෙක් හැඬුවයි සපරගමුවේ" - The bow is at Dunugamuva - The arrows at Kitalagamuva - The archer is at meegamuwa - A deer cried in Sabaragamuva” - එකිනෙක අතර සම්බන්ධීකරනයක් නැති බව - lack of coordination - This stanza is quoted in reference to wild and unconnected talk. Dunugamuva is a village in Kegalla District, and Kitalagamuva in Kurunegala District. Migamuva is the modern Negombo, a town twenty-five miles, from Colombo, while Sabaragamuva is the Province of that name (21)
  • දුප්පතාටම / දුප්පතුන්ටම වෙයි අමාරුව [කියමන්] - Every difficulty is to the poor (22)
  • දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී [විශ්වාස][ප්‍රපංච][උපමා] - English: Light purse makes a heavy heart (15) - "එක යායක ගොන් දෙන්නෙක් කකා උනී, ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනී, වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී, දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී"
  • දුප්පත් මරක්කලයෝ රාත් බොනව ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Poor Moor men drink even toddy (21)
  • දුප්පත්කම / දිළිඳුකම ඉඹුල් පුළුන් වලටත් වඩා සැහැල්ලුයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Poverty is lighter than cotton (22) - Of the man who is utterly destitute, the Tamils say, “He has neither a cloth nor a knife.” The lowest state of poverty for a woman they describe as “Not having a bone to pick nor an ear ornament to polish.” (21)
  • දුම්කොළ නැට්ටට රණ්ඩු කරනවා වගේ [වාග්ව්‍යවහාර][උපමා] - තුට්ටු දෙකේ වැඩකට රණ්ඩු කිරීම / ඉතා සුළු දෙයකට දබර වීම - English: Fighting over a twopenny-halfpenny affair - not worthy of consideration or respect; worthless or unimportant (15) - "කවුදැයි කවුදැයි රණ්ඩු කරන්නේ - නනදැයි මාමයි රණ්ඩු කරන්නේ - මොකටද මොකටද රණ්ඩු කරන්නේ - දුම්කොළ නැට්ටට රණ්ඩු කරන්නේ"
  • දුවන මුවන් දැක නොදමන් නෙළූ පලා / පැන යන මුවන් දැක නොදමවු නෙළූ පළා [උපදේශ][ප්‍රපංච][විධාන] / දුවන මුවන් දැක නෙලූ පලා බිම දානවා වගේ (14) (15) - Do not throw away the herbs you have plucked at the sight of running deer (22) / Throw not the herbs you have plucked at the sight of running deer (21) - විශාල වාසි තකා තමන් ළඟ ඇති දේ ඉවත දැමීම (49) / පලාවලට වඩා මුව මස් හොඳ බව සැබෑ ය. එහෙත් දුවන මුවා ද ැක අතේ තිබෙන පලාමිටිය වීසිකරන්නා මෝඩයෙකි (33) / ඈතින් තිබෙන වටිනා වස්තුවක් ලබා ගැනීමමේ අපේක්ෂාවෙන් අතේ තිබෙන දෙය ඉවත දැමීම මෝඩ ක්‍රියාවකි (41) - එක්තරා ගැමියෙක් පළා නෙළීමට ඕවිටකට ගියේය. අවශ්‍ය තරම් පළා නෙළා ගත් ඔහුට දිය බීමට එන මුවන් රංචුවක් දක්නට ලැබුණේය. මුවකු මරාගෙන මස් කෑ යුතුයැයි සිතූ හෙතෙම නෙළූ පළා ටික ඉවත දමා පොල්ලක් ද අතැතිව මුවන් පසුපස ලුහුබැන්දේය. එහෙත් කැලෑවට වැදුණු මුවන් අල්ලා ගැනීමට ගැමියා අපොහොසත් විය. පළා ටිකවත් රැගෙන නිවසට යා යුතුයැයි සිතූ ගැමියා ඉවත දමන ලද පලා ටික සොයා ආපසු පැමිණියේය. ඒ වන විටත් එතැනට පැමිණි මුව රැලක් විසින් ඒ පළා ටිකද ආහාරයට ගෙන තිබුණි. මුව මසුත් පළාත් අහිමි කරගත් මිනිසා හිස් අතින් නිවසට ගියේය (41) - සමාන: අතේ ඉන්න කුරුල්ලා පඳුරේ ඉන්න කුරුල්ලාට වැඩිය හොඳයි / ළඟ තියෙන කපුටු මස දුර තියෙන මොණර මසට වඩා රහයි, නුපුරුදු දීගෙට වඩා දන්න කන්වැන්දුන් හොඳයි / English: A bird in the hand is worth two in the bush - Things we already have are more valuable than what we hope to get. - Example: The question now is will Carmichael live to regret turning down such a lucrative offer? A bird in the hand (32) - "අඳුර කරුවලේ පඳුරට මුවා වෙලා - විදුලිය එලිය දැක කනහුල දියේ හලා - අනුන් ලියන් දැක තම ලියට තල තලා - දුවන මුවන් දැක නොමදන් නෙලූ පලා"
  • දුවන්ට ඇරලා වලිගෙ අල්ලන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like catching hold of the tail of an animal after allowing it to run away (22) - සමාන: ආඳා යවා තබාලා වල්පත අතට ගත්තා සේ / අශ්වයා පැන ගිය පසු ඉස්තාලයේ දොර වැහුවා වගේ
  • දුවන්නට බැරි අයගේ ළය ගල ලු / දුවන්න බැරි මිනිහාගේ හිත ලෑ ගලය [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - He has a heart of stone, who is not able to run (22)
  • දුවන්නන් පස්සේ දිව්වා වගේ / දුවන්නන් පාරේ කොට එළදෙනත් දුවනවා [විශ්වාස][ප්‍රපංච][උපමා] - Even the short-tailed cow runs after the runners (21) / Like running after runners without knowing why they run (22) - English: Aesop's Fables: When the Sky is Falling / Henny Penny / Chicken Little / Chicken Licken - සමාන: බෙලි ගෙඩියක් වැටුණු විට අහස කඩා වැටෙතැයි සිතා දුවපු හාවා ගැන පංචතන්ත්‍ර කතාව මත පදනම් වූ - අහස කඩන් වැටෙයි කියා දුවපු හාවා වගේ
  • දුසිරිත දනන් දෙන ඔවා වැද්දන් කියන බණ වැනි / දුහන දන දෙන ඕවා වැද්දන් දෙසන බණ වැනිය [විශ්වාස][ප්‍රපංච][උපමා] - Advice by the unlearned (sic – bad people) is like “Bana” preaching by Veddas (22) - Bana is Buddhist scripture. The Veddas hunt and kill animals in oppose to the Avihimsa in Buddhism (21)

දූ[සංස්කරණය]

  • දූවට අසු වුනු හිවලා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the Jackal cast upon an Island (22) / Like the jackal entrapped in the Island (21)
  • දූවිලි අවිස්සුවොත් හිසට දූවිලි නගී [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - If you raise the dust, it will rise up to your head (22)
  • දූවිලි වලින් වැසුනු කණ්නාඩියේ පිළිබිඹුව නොපෙනේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා]

දෙ[සංස්කරණය]

  • දෙකට ගණන් කරන්න ඉස්සර එකට ගණන් කරන්න ඕන [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - You must say “One” before you say “Two” (21) -
  • දෙගල් අස්සේ බිජු දාන්න ආවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like coming to lay eggs between two stones - when there is so much more room outside (21)
  • දෙන්නා දෙමහල්ලන්ගේ තරඟ / දබර බත ඉදෙනකල් විතර ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The quarrel between husband and wife lasts only till the rice is boiled - Conjugal quarrels are of short duration (21) Conjugal - relating to marriage or the relationship between a married couple
  • දෙපැත්තේ/ම දුන් තෙල් ගානවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like daubing anything with Buffalo ghee on both sides (22) - සමාන: දඹුලුත් වැඳගෙන තලගොයිත් මරාගෙන - English: 1. To butter both sides of one’s bread”— butter one’s bread on both-sides - To profit from two things at the same time, especially when those things Seem contradictory or incompatible (21) / 2. The Best of Both Worlds' to describe a situation in which you can enjoy the benefits of two different opportunities. Example of use: “Not only does Don have the freedom a student enjoys, his fellowship at the university means he also gets paid. It really is the best of both worlds.” (15)
  • දෙබරෙට ගල් ගැහුවා වගේ (14) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like throwing stones at the nest of the hornet (21) - නුවුමනා දෙයක් ඇවිස්සීමෙන් ඇතිවන විශාල කලබල සහගත තත්ත්වය - The nest of the hornet (debaraya) is usually built of clay, is attached to the branches of trees and is as large as a common basket or beehive. The sting of the debara, a large species of the wasp or hornet (Hymenoptera family) is so exceedingly poisonous that the Sinhalese will sooner forfeit the fruit of a tree where this nest is built than attempt to destroy it (21) - English: Stir up a hornets' nest
  • දෙමෝලෙන් වී කොටනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] (හිතේ / හදවත / ශබ්ද) (1-272)
  • දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනව ලු (53)
  • දෙයියන්ගේ පළියට පාරේ බුදියන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like sleeping on the road because Gods exist - That is to protect you (21)
  • දෙයියන්ගේ හාල් කැවිලා වගේ (9-71) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like having eaten the rice of the Gods (21) - විකාර කතා කියන කොට 71 / හරි සිහියක් නොමැති බව (41) දෙවියන් උදෙසා වෙන් කරන ලද හාල් වෙනත් කටයුත්තකට නොගන්නේ දේව කෝපය හෝ වස් වදී කියා බයට - That is, become mad - This is said to be the punishment inflicted upon those who misuse the offerings made to Gods (21)
  • දෙවියන් අඩිය තියයන්න බය තැන්වල මෝඩයින් යක්කු පිනුම් ගහනවා [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Fools rush in where angels fear to tread. Fools or inexperienced persons get involved in situations or pursue goals without much thought. In contrast, wise are thoughtful about such situations or goals. Example: “He sent an angry email without going into the background of the matter – fools rush in where angels fear to tread” (32)
  • දෙවියන්ට විහිළුවක් වත් තේරෙන්නේ නැහැ කිව්වා වගේ [විශ්වාස][කතා][උපමා] - දෙවියන්ට බාර වී හෝ යම් බලවතෙකුට හෝ යම් කෙනෙකුට යමක් දෙන බවට පොරොන්දු වී එම පොරොන්දුව ඉටු නොකිරීම නිසා අනෙක් කෙනා ඔහුගේ පොරොන්දුව ඉටු නොකරන බව පැවසූ විට දෙන පිළිතුරක්, උපහැරණයක් - මුල්ම මාළුවා දෙවියන්ට වෙන් කරන බව කියා ලොකු මස් අහුවුනාම දෙවෙනියා දෙන්න හිතන කොට ලොකු එකා වතුරට පැන්න විට කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 54 (11)
  • දෙවේලේ දකිනා කුකුළා ගේ කරමලා එවේලේ පෙනේ සක සේම සුදු වෙලා / දෙවේලේ දකින කුකුළාගේ කරමල සුදු ලු / වේල දෙවේලේ දකින කුකුළාගේ කරමල සුදු ලු / හැමදාම දකින කුකුළගේ කරමලේ සුදු වුණා වගේ (45) / නිතර දකින කුකුළාගේ කරමලේ සුදු පාට ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The comb of a cock Seen twice a day will appear to be as white as a conch-shell (22) – - ඕනෑම දෙයක් නිතර නිතර දකින විට එහි අගය අඩුවන බව (39) - ආර්ථික විද්‍යාවේ ආන්තික උපයෝගීතා න්‍යාය (Marginal Utility) - සමාන: පහු පහු වෙනකොට කොහු කොහු වෙනව ලු / කොයි කොයි කොස්සත් අලුත් පිට හොඳට අතු ගෑවෙනවා / අතිරහ වුනත් නිතර කන කොට එපා වෙනව ලු - "ජලේ ගැඹුර නොපෙනෙයි කැලත වැඩි වෙලා, ගලේ වපුල බිජුවට පැල උනිද නිලා, දෙවේලේ දකින කුකුළාගේ කරමළා, එ වේලේ පෙනෙයි සක සේම සුදු වෙලා"

දේ[සංස්කරණය]

  • දේට දේ මිසක් වැඩි හාද කමක් නැත [වාග්ව්‍යවහාර] - Thing for thing and no friendship besides (21)
  • දේසේ හැටියට බාසේ (14) [උපදේශ][ප්‍රපංච][වාර්තා] - Your language must fit the country you are in (21) - පරිසරයට අදාළ ලෙස හැසිරීම වෙනස් විය යුතුයි, තැනට සුදුසු ලෙස වැඩ කටයුතු සිදු කිරීම (40) - සමාන: වවුලාගේ මඟුලට ගියා නම් එල්ලිලා ඉන්න වෙනවා - English: When in Rome, do as the Romans do (15) - දේවතා බණ්ඩාර ජීවත්වන කාලයේ ඉන්දියාවෙන් යකුන් ගෙන්වා සිංහල යකුන් සමග යොදා ඔහු නිම වූ දේවාලයට ඇතුළු වන තැන තිබූ ගල කැප්පවූ විස්තරය "ගල කැප්පු සැහැල්ලේ" කවියක් "දේසේ හැටියට බාසේ උන්නේ - ඕසේ බෝ විය දෙමළ යකුන්නේ - රෝසේ සමහරු ගුටි බැට දෙන්නේ - ගෝසේ නැත සිංහලේ යකුන්නේ"

දො[සංස්කරණය]

  • දොඩම් ගොඩ බදා ගත්තා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] – English: Don’t bite off more than you can chew. Don’t take more responsibility than you can handle. Example: “I bit off more than I can chew when I said ‘yes’ to my boss for another project” (32)
  • දොරටුපාලයා රජවුණා වගේ [විශ්වාස][කතා][උපමා] - අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම (52)
  • දො‍ළොස් මහේ පහණ වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - යමක් නිරතුරුවම දීප්තිමත්ව තිබීම (41)

[සංස්කරණය]

  • නංගි පෙන්නලා අක්කා දෙනවා වගේ (45) [විශ්වාස][ප්‍රපංච][උපමා]
  • නටන්න බැරි පොළොව ඇද හින්ද ලු (9-95) / නටන්න බැරි මිනිහට පොළොව ඇද ලු / නටන්න බැරි මිනිහා පො‍ළව ඇදයි කිව්වා වගේ (45) / නටන්න බැරුවා නොවේ පොළවේ ඇදයි (21) / නටන්න බැරුවා නොවේ බිම ඇදවා (53) [විශ්වාස][ප්‍රපංච][උපමා] – “It is not that I cannot dance, but the floor is not level,” said the dancer - This was the excuse of the dancer who fell during his dance. The Jamaicans say: ‘‘If man can’t dance him say de music no good.” In Ashanti, “If you cannot dance, you will say the drum is not sounding sweetly.” (21) - තමන්ගේ අදක්ෂකම නොකියා තැනක වරදක් හොයන්නාට / යමක් තමන්ට කළ නොහැකි වූ විට ඒ බව සඟවන්නට වෙනත් දෙයක ඇති වරදක් පෙන්වා දීම (39) / අදක්ෂයා තම බැරිකම වහගැනීමට වෙන දෙයක වරදක් කීම (45) – English: A bad workman always blames his tools - This proverb is used when someone blames the quality of their equipment or other external factors when they perform a task poorly. - Example: “X: The turkey isn’t cooked well because the oven is not functioning well. Y: Well, it’s the case of a bad workman blaming his tools” (32) Not that you cannot dance, but that the ground is crooked! Used when a man makes a pretended excuse, concealing the real cause of his failure (53).
  • නටපු / නැටූ, තොවිලෙකුත් / තොයිලෙකුත් / නැටුමකුත්, නැහැ, බෙරේ පලුවකුත් නැහැ (14) (45) [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - මහන්සි වුනත් පාඩුවක් මිස වාසියක් නැහැ (50)
  • නමින් කපුරු හාමි වුනත් කට ගඳයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - 96 නාමසිද්ධි ජාතකය - His mouth stinks, though his name is “Kapuru-Hamy.” - Kapuru means “Camphor.” – English: equivalent for the above would be, for example. “He is a drunkard (sot) though his name is Mr. Drinkwater.” (21) - නාම සිද්ධි ජාතකය - තවද එක් සමයෙක්හි අසමසම වූ (සෙසු බුදුවරුන් සමඟම සමාන වූ) තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසනසේක් [නාමසිද්ධික (නමින් යහපත සැළසේයයි සැළකු) භික්‍ෂූන් වහනසේ අරභයා] මේ ජාතකය වදාළසේක. - එක් කුලපුත්‍රයෙක් නමින් පාපක නම, ඒ තෙම ශාසනයෙහි ලැදිව මහණව භික්‍ෂූන් වහන්සේ විසින් “ඇවැත්වූ පාපකයෙනි, (එම්බා පව්කාරයාණෙනි) මෙසේ එව, මෙසේ සිටුව”යි කියනු ලබන්නේ එබස් අසා මෙසේ සිතුසේක. “ලෝකයෙහි පාපක නම් ලාමකය (පහත්ය), කාලකන්ණියක හා සමානය, අන්‍ය වූ මංගල ප්‍රතිසංයුක්ත වූ (යහපත් බැවින් යුතු) නමක් කියවා ගනිමි”යි ඒ මහණ ආචාර්‍ය්‍ය උපාධ්‍යායන් වහන්සේ කරාගොස් “ස්වාමීනි, මාගේ [නම අවමංගල්‍යය], අනිත් නමක් මට කළ මැනවැ”යි කීසේක. - ඉක්බිත්තෙන් භික්‍ෂූන් වහන්සේ කියනසේක් “ඇවැත්නි, [නාමය නම් ප්‍රඥප්ති මාත්‍රයකි], නමින් කිසි අර්ථ සිද්ධියක් නම් නැත. තොපගේ නමින්ම සතුටුව”යි කීසේක. ඒ මහණ නැවත නැවත යාච්ඤා කෙළේමය, තවද භික්‍ෂූන් වහන්සේ නාමසිද්ධික බව සංඝයා වහන්සේ කෙරෙහි ප්‍රසිද්ධ විය. - ඉක්බිත්තෙන් එක් දවසක් දම්සභා මණ්ඩපයෙහි රැස්ව උන්නා වූ භික්‍ෂූන් වහන්සේ “ඇවැත්නි, අසවල් මහණ නම් සිද්ධ කරන්නේය (නම් සාදන්නේය). අභිවෘද්ධිකරන (යහපත සිදු කරන්නා වූ) නාමයක් ඉල්වන්නේය”යි මෙසේ වූ කථාවක් උපදවා හුන්සේක. සර්‍වඥයන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩ “මහණෙනි, දැන් කවර කථාවකින් යුක්තව හුනුදැ”යි විචාරා “මේනම් කථාවකින් යුක්තව හුනුම්හ”යි කී කල්හි “මහණෙනි, ඒ භික්ෂූහු නාමසිද්ධික වූයේ දැන්මතු නොවෙයි, පෙරත් නාමසිද්ධිකමය”යි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක. - යටගිය දවස තක්සලා නුවර මහබෝසතාණෝ දිසාපාමොක් ආචාරීව පන්සියයක් මානවකයන්ට මන්ත්‍ර හදාරන්නාහුය. ඒ බෝධිසත්‍වයන්ගේ එක් මානවකයෙක් නමින් පාපක නම, ඒ තෙමේ සෙසු මානවකයන් විසින් ඒ පාපකයාට “මෙසේ සිටු පාපකය, මෙසේ යව පාපකය”යි කියන්නා වූ බස් අසා සිතන්නේ “මාගේ නාමය අවමංග්‍යය, අන්‍ය නාමයක් ඉල්වා ගනිමි”යි සිතා ආචාරීන් කරා ගොස් “ආචාරීන් වහන්ස, මාගේ නම අවමංගල්‍යය, එසේ හෙයින් මට අනික් නමක් තබව”යි කිවූය. - එකල්හි ආචාරී ඕහට කියන්නෝ “දරුව, ජනපද චාරිකාකොට තොප සිතට අභිප්‍රාය වූ එක් අභිවෘද්ධි නාමයක් ගෙන එව. ඒ නාමය හැරගෙන ආ කල්හි ඒ නම් පෙරළා (ඒ නම වෙනස්කොට) අනික් නමක් තොපට තබමි”යි කිවුය. එබස් ඇසූ මානවකයා “යහපත ආචාරීන් වහන්ස”යි කියා මාර්ගෝපකරණ ගෙන නික්ම ගමින් ගමට ඇවිදිනේ එක් නුවරකට පැමිණියේය. - එනුවර ජීවක නම් එක් පුරුෂයෙක් බන්ධු වර්ගයා (නැදෑයින්) විසින් දවන්ට (මල ජීවකව ආදාහනයට) ගෙන යන්නා දැක “මේ කිනම් පුරුෂයෙක්දැ” යි විචාළේය. “ජීවක නමැ”යි (ජීවත් වන්නා නම්යයි) කීවාහුය. [“ජීවකයාත් මියේදැ”යි] විචාළ කල්හි “ජීවකයාත් අජීවකයාත් මියන්නෙ වේද? නාමය වූකලී ප්‍රඥප්තිමාත්‍රයක, තා අඥාන එකෙකුයි සිතම්හ”යි කිවූය. - එකල්හි ඒ පාපක නම් පුරුෂයා ඒ කථාව අසා නාමයෙහි මධස්ථව ඇතුළුනුවරට වන්නේය. එකල්හි දාසියක බැලමෙහෙ නොකරන්නා දැක ස්වාමි දරුවෝ බැඳ හිඳුවා වැලක් ගෙන ගසන්නාහුය. ඇගේ නම ධනපාලි නම් වන්නේය. ඒ පාපකයා නම් පුරුෂයා වීථි මධ්‍යයෙන් යන්නේ ඈට තලන්නා දැක “කුමක් නිසා මෑට තළව්දැ?”යි විචාළේය. “බැලමෙහෙ නොකරන හෙයින් තලම්හ”යි කී කල්හි “මැගේ නම කිම්දැ?”යි විචාළේය. “ධනපාල නමැ”යි කී කල්හි [“ධනපාල නම් ඇත්තෝ බැලමෙහෙ පමණක් දීගත නොහෙද්දැ?”යි] විචාළේය. [“ධනපාලනුත් අධනපාලනුත් දුක්පත් වෙති], නාමය වු කලී ප්‍රඥප්තිමාත්‍රයක, එසේ හෙයින් තෝ අඥානව විචාරෙහි සිතමි”යි කීය. - එබස් ඇසූ පාපක නම් මානවකයා නාමයෙන් අතිශයින් මධ්‍යස්ථව නුවරින් පිටත්ව මඟට පිළිපන්නේ අතරමඟ මංමුලා වූ පුරුෂයෙක් දැක “දරුව කුමක්කොට ඇවිදිදැ?”යි විචාළේය. “ස්වාමීනි, මංමුලා වීමි”යි කී කල්හි “තාගේ නම කුමක්දැ?”යි විචාළේය. “පන්‍ථක (මඟ යන්නා) නම් ඇත්තෙමි”යි කීයේය. [“පන්‍ථකයෝත් මංමුලා වෙද්දැ?”යි] විචාළේය. “පන්‍ථකයෝත් අපන්‍ථකයෝත් මංමුලා වෙති, නාමය වූකලී ප්‍රඥප්තිමාත්‍රයක, තෝ අඥානව විචාරෙති සිතමි”යි කීහ. - එබස් ඇසූ පාපක නම් මානවකයා නාමයෙහි අතිශයින් මධ්‍යස්ථව බෝධිසත්‍වයන් සමීපයට ගොස් “කීමෙක්ද? දරුව නමක් අභිප්‍රායකොට ගෙන ආයිදැ”යි විචළේය. එකල්හි “ආචාරීන් වහන්ස, ආජීවකයෝත් ජීවකයෝත් මියති, ධනපාලිත් අධනපාලිත් දුක්පත් වෙති, පන්‍ථකයෝත් අපන්‍ථකයෝත් මංමුලා වෙති එසේ හෙයින් නාමය නම් ප්‍රඥප්තිමාත්‍රයක, නාමයෙන් අර්ථසිද්ධියක් නැත, මේ කර්මයෙන්ම අර්ථසිද්ධිය වන්නේය. එසේ හෙයින් මට අනික් නමකින් කම් නැත, පළමු මාගේ නමම මට නම් වෙයි”යි කීය. - එබස් ඇසූ මහබෝසතාණෝ “ඔහු විසින් දුටු දෙයක්, කළ දෙයක් එක්කොට ගළපා කියන්නාහ. [ජීවකයා මළා දැක ධනපාලයා දුක්පත් නියාව දැක පන්‍ථකයෝ මංමුළා වූ නියාව දැක] පාපක නම් මානවකයා අභිවෘද්ධි නාමයෙන් ප්‍රයෝජනයක් නැත කියා නැවත තමා වසන්නා වූ ස්ථානයට ආයේ වේදැ”යි කිවූය. - ශාස්තෘ වූ බුදුරජණන් වහන්සේ මේ අතීත කථාව ගෙනහැර දක්වා වදාරා “මහණෙනි, මේ පාපක නම් පුරුෂයා අභිවෘද්ධිකරන නාමයක් උවමනවැයි නම් සිද්ධකොට ඇවිද්දේම වේදැ”යි වදාරා මේ ‘නාමසිද්ධි ජාතකය’ නිමවා වදාළසේක. - “එසමයෙහි නාමසිද්ධි මානවකයා නම් දැන් මේ නාමසිද්ධි මහණය, එසමයෙහි ආචාරීන්ගේ පර්‍ෂත් නම් දැන් බුදුපිරිසය, දිසාපාමොක් ආචාරී වූයෙම් නම් තිලෝගුරු සම්‍යක් සම්බුදුරජ වූ මම්ම වේදැ”යි තමන්වහන්සේ දක්වා වදාළසේක. – Synonymous: නමින් කොස්වත්තේ කන්නට පොළොස් නැත්තේ / හේතුහාමි කිව්වාට මොකද වේල කන්න නැත්නම්? / similar story in 097. කූටවාණිජ ජාතකය - යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන කල්හි අප මහබෝසතා‍ණෝ බරණැස් නුවර වෙළඳ කුලයක උපන්නාහුය. ඒ බෝධිසත්ත්‍වයින්ට නම් තබන දවස් ‘පණ්ඩිතයෝ’යයි නම් තැබූහ. ඒ මහබෝසතාණෝ වැඩිවිය පැමිණ අන් වෙළෙඳකු හා සමග එක්වගෙන වෙළදාම් කෙරෙති. ඔහුට ‘අතිපණ්ඩිත’යයි නමෙක් විය. ඔහු දෙදෙන බරණැස් නුවරින් පන්සියයක් ගැලින් බඩු පටවාගෙන ජනපදයට ගොස් වෙළඳාම්කොට ලාභ ලැබගෙන නැවත බරණැස් නුවරටම අවාහුය. ඉක්බිත්තෙන් ඔහු දෙදෙන බඩු බෙදන කල්හි අතිපණ්ඩිතයෝ “මා විසින් දෙකොටසක් ලැබිය යුතුය”යි කිවූය. “කුමක් නිසාදැ?”යි කී කල්හි “තෙපි පණ්ඩිතයෝය, මම අතිපණ්ඩිතයෙමි. එසේ හෙයින් පණ්ඩිතයෝ එක් කොටසක් ලබන්ට නිස්සෝය, මම අතිපණ්ඩිත හෙයින් දෙකොටසක් ලබන්ට නිස්සෙමි”යි කීය. එබස් අසා මහබෝසතාණෝ කියන්නෝ “අප දෙදෙනාගේ බඩු මිලත් ගොනුත් සරිතරම් (ප්‍රමාණයෙන් සමානය) නොවේදැයි, එසේ කල දෙකොටසක් ලබන්නට කාරණ කවරේදැ?”යි විචාළෝය. “මා අතිපණ්ඩිත බැවිනැ”යි කීය. මෙසේ ඔහු දෙදෙන බසින් බසට කලහ කළාහුය. ඉක්බිත්තෙන් අතිපණ්ඩිතයෝ “එක් උපායෙක් ඇත” සිතා තමන්ගේ පියාණන් ගස් සිදුරෙක්හි (බෙනයක) හිඳුවා කියන්නේ “තොපි අප හැමදෙනම මෙතනට ආ කල අතිපණ්ඩිතයෝ දෙකොටසක් ලබන්නට නිස්සෝයයි කියාලව”යි කියා බොධිසත්ත්‍වයන් සමීපයට ගොස් “සබඳ මට දෙකොටසක් ලබන්නට නිසි නියාවත් මේ වෘක්‍ෂ දේවතාවා දන්නේය, වරෝ යම්හ, ඔහු අතින් විචාරම්හ”යි කියා මහබෝසතාණුත් එතනට කැඳවාගෙන ගොස් “ස්වාමීනී, වෘක්‍ෂ දේවතාවන් වහන්ස අපගේ යුක්ති පසිඳින මැනව”යි (නඩුව විසඳනු මැනවයි) කිවුය. ඉක්බිත්තෙන් ඕහට අතිපණ්ඩිතයෝ කියන්නාහු “මූ පණ්ඩිතයෝය, මම අතිපණ්ඩිතයෝය, අප දෙදෙනා විසින් එක්ව වෙළදාම් කරනලද, අප දෙදෙනාගෙන් කවුරුන් විසින් දෙකොටසක් ලැබ්බ යුතුදැ”යි විචාළ කල්හි “පණ්ඩිතයන් විසින් එක් කොටසක් ලැබ්බ යුතුය. අතිපණ්ඩිතයන් විසින් දෙකොටසක් ලැබ්බ යුතුය”යි කීය. එකල්හි මහබෝසතාණෝ මෙසේ විනිශ්චය කරනලද යුක්තිය අසා “දැන් තා දේවතා නියාවත්, දේවතාවා නොවන නියාවත් දන්නෙම් වේදැ”යි කියා පිදුරු ගෙන ගස් සිදුර පුරවා ගිනි මෙළවූය. එකල්හි අතිපණ්ඩිතයන්ගේ පියා ගිනි දැල් ඇඟ ගැසෙන්ට පටන්ගත් කල්හි ශරීරයෙන් අර්‍ධයක් දක්වාගෙන උඩට පැන නැඟී අත්තක් අල්වාගෙන එල්ලමින් ධරාගත නොහී (වාවාගත නොහැකිව) බිමට වැටී අඬමින් කියන්නේ “මේ ලෝකයෙහි කාරණා දන්නා වූ පණ්ඩිත භාග්‍යයෙන් යුක්ක වූ උත්තම පුද්ගලයාම යහපත් වන්නේය, අතිපණ්ඩිතයා යන නාම මාත්‍රයකින් වඤ්චා ස්වභාව ඇති කූට පුරුෂයා යහපත් නොවන්නේය, කුමක් නිසාද? යත්, වඤචා ස්වභාව ඇති පණ්ඩිතයන්ට පියව (පියා වී) මදක් දා ගියමෝ (පිලිස්සී ගියා) නොවේදැ”යි මෙසේ බැගෑපත්ව හැඬුයේය. ඉක්බිත්තෙන් ඊ පණ්ඩිත අතිපණ්ඩිත දෙදෙන මධ්‍යයෙන් දෙකක්කොට වස්තු සරිකොටස් ගසා (මුදල්ගොඩ සමව බෙදා) ඇරගෙන කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය. / Similar Story in 082. කාලකණ්ණි ජාතකය value-laden tags - තවද එක් සමයෙක්හි සංසාර සාගරයට නැවක් බඳු වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසනසේක් අනේපිඬු මහසිටාණන්ගේ මිත්‍රයෙකු අරභයා මේ ජාතකය වදාළසේක. ඒ මිත්‍රයා වනාහී අනේපිඬු මහසිටාණන් හා එක්ව වැලි කෙළියේය, එක් කලෙක ආචාරීන් සමීපයෙහි ශිල්ප උගත්තේය, නමින් ‘කාලකණ්නි’ය. ඒ තෙමේ කල්යාමකින් දුක්පත්ව ජීවත්ව ගතනොහී අනේපිඬු මහසිටාණන් සමීපයට ගියේය. එකල සිටාණෝ ඔහු අස්වසාලා වැටුප් වියදම් දී තමන් සන්තක සියල්ල ඕහට පාවාදුන්නාහුය (භාර කෙළේය). එතෙමේ සිටාණන්ට උපකාරීව සියළු කටයුතු කරන්නේය. එකල එක් යාළුවෙක් සිටාණන් සමීපයට ගොස් මෙසේ කිවූය. “මහසිටාණෙනි, මොහු තොප සමීපයෙහි විසිය නොදෙව, සිටු කාලකණ්නිය, හිඳු කාලකණ්නිය, අනුභව කරව කාලකණ්නිය යන මේ ශබ්දයෙන් යකෙක් වුවත් පලා යන්නේය. ඒ එසේ නම් මෙබඳු ශබ්දය නිසා තොපගේ ශ්‍රීතොමෝ (යසඉසුරුමත් බව) පලායාම ගැන කියනුම කවරේද? මොහු වූ කලී තොප හා සමාන කෙනෙක් නොවෙයි, දුකඛිතය, විරූපීය, තොපට මූගෙන් ප්‍රයෝජන කිම්දැ?”යි කිවූය. එබස් අසා අනේපිඬු මහසිටාණෝ කියන්නෝ “නාමය නම් ව්‍යවහාර මාත්‍රයක, නුවණැත්තෝ ඒ නාමමාත්‍රය ප්‍රමාණ නොකරති (හොඳ නරක මැනීමේ මිනුම් දණ්ඩක් ලෙස නොගනිති), සුතමංගලිකවන්ට (අසන්නට ලැබෙන යම් යම් ශබ්දවලින් මේවා සුබ ඵලදායකය, මේවා අසුභ ඵලදායකයැයි විශ්වාස කරන්නෙකු වීම) සුදුසු නොවන්නේය. මා විසින් නාමමාත්‍රයක් හේතුකොටගෙන එක්ව වැලිකෙළි තැනැත්තහු හැරපියන්ට නොපිළිවනැ”යි ඒ යාළු විශ්වාසයන්ගේ බස් නොගෙන එක් දවසක් තමන්ගේ හොගග්‍රාමයට (ආදායම් ලැබෙන ගමට) යන තැනැත්තෝ ඒ කාලකණ්නි නම් පුරුෂයා රැකවලට රඳවා ගියේය. එකල සොරු “සිටාණන් ගමට ගියෝය, එසේ හෙයින් උන්ගේ ගෙය පැහැර පියම්හ”යි (කොල්ලකන්නෙමු) නොයෙක් ආයුධ හැරගෙන රාත්‍රි භාගයෙහි අවුත් ගේ වටලා ගත්තුය. ඒ කාලකණ්නි නම් පුරුෂයාත් ‘සොරු එති’ යන සැකයෙන් නොනිදාම උන්නේය. එතෙමේ සොරුන් ආ නියාව දැන මනුෂ්‍යයන් පුබුදුවා “තෝ සක් පුඹුව, තෝ බෙර ගසව”යි කියා මහත් වූ රඟමණ්ඬලක් සරහන්නාසේ (නාට්‍යයක් දක්වන්නාක් මෙන්) මෙන් සියලු ප්‍රාසාදිය එකඝොෂා කෙළේය. එකල සොරු “ගෙය සිස්වා තිබුයේයයි අප විසින් වරදවා අසනලද, මහසිටාණෝ මෙගෙයිමැ”යි කැටමුගුරු ආදිය දමාපිය ගියාහුය. දෙවෙනි දවස් එතන දමනලද කැටමුගුරු ආදිය දැක භයපත්ව “ඉදින් අද මෙබඳු වූ බුද්ධිසම්පන්න වූ ගේ බලන්නෙක් නුවූයේ වීනම් කැමැති පරිද්දෙන් වැද සියළු ගෙය පැහැර පියන්නාහුය. මිත්‍රයා නිසා සිටාණන් වහන්සේට වැඩක්ම වීය”යි ප්‍රශංසාකොට අනේපිඬු සිටාණන් භොගග්‍රාමයෙන් ආ කල්හි ඒ සියළු ප්‍රවෘත්තිය කීවාහුය. එකල්හි සිටාණෝ ඒ මනුෂ්‍යයන්ට මෙසේ කිවූය “තොපි හැම මාගේ මෙබඳු ගේ බලන්නා වූ මිත්‍රයා මෙතනින් නෙරපියන්ට (එළවා දැමීමට) උත්සාහ කළෝවේදැයි ඉදින් මම තොප හැමගේ බසින් මොහු නෙරපුයේ වීම්නම් අද මාගේ වස්තුවෙන් කිසිවකුත් නොතිබෙන්නේ වේද? නාමය නම් අප්‍රමාණය, හිතමිත්‍රයාම ප්‍රමාණය”යි කියා ඕහට වඩාලා (වැඩිපුර) වැටුප් දී සංග්‍රහ කළෝය. ඉක්බිත්තෙන් ඒ සිටාණෝ “දැන් මම සර්‍වඥයන් වහන්සේට දන්වමි මේ කථා නැමැති පඬුරෙක් ඇත්තේය”යි සර්‍වඥයන් වහන්සේ සමීපයට ගොස් ආදියෙහි පටන් (මුල පටන්) සියළු පවත් දැන්වූය. සර්‍වඥයන් වහන්සේ “සිටාණෙනි, කාලකණ්නි මිත්‍රයා තමාගේ ගෘහවස්තුව රැක්කේ දැන්මතු නොවෙයි, පෙරත් රැක්කෝ වේදැ”යි වදාරා සිටාණන් විසින් ආරාධිත වූ බුදුහු ඉකුත්වත් දක්වා වදාළසේක. යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍යය කරන කල්හි අප මහබෝසතාණෝ මහත් වූ යසපිරිවර ඇති මහතාණ කෙනෙක් වූය. ඒ සිටාණන්ගේ ‘කාලකණ්නි’ නම් මිත්‍රයෙක් විය යනාදී සියල්ල වර්‍තමාන කථාව හා සදාශ (සමාන) වන්නේය. බොධිසත්‍වයෝ තමන්ගේ භොගග්‍රාමයෙන් ආ තැනැත්තෝ එපවත් අසා “ඉදින් මම තොප ඇමගේ බසින් මෙබඳු වූ මිත්‍රයා නෙරපියෙම් නම් අද මාගේ ගෙයි කිසි වස්තුවක් නොතිබෙන්නේ වේදැ”යි කියා මිත්‍රයාගේ ගුණ කීවාහුය. “තවද සත්පියවරක් එක්ව යැමෙන් ‘මිත්‍ර’ නම් වන්නේය. දොළොස් දවසක් එක්ව විසීමෙන් ‘සහාය’ නම් වන්නේය. මසකින් යෙළමසකින් (මාස භාගයකින්) ‘ඥාති’ සමාන වන්නේය. එයින් මත්තේ එක්ව විසීමෙන් ආත්ම සමාන (තමා හා සමානම වූවෙක්) වන්නේය. එසේ හෙයින් සත්පුරුෂ ගුණ ඇත්තා වූ මම ආත්ම සැපය නිසා බොහෝ දවසක් විශ්වාස වූ මේ ‘කාලකණ්නි’ නම් වූ පුරුෂයා කෙසේ නම් හැරපියම්දැ”යි මිත්‍රරසයෙහි ගුණ කීවාහුය. එතැන් පටන් නැවත කිසිවෙක් මේ කාලකණ්නි නම් පුරුෂයා පිළිබඳ බසක් නොකීයේය.
  • නමින් කොස්වත්තේ කන්නට පොළොස් නැත්තේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Though by name it is Coswatte (Jack Estate) yet one cannot find in it even u young jack to cut (22) - 96 නාම සිද්ධි ජාතකය - Though named “Kosvatta,” it hasn't even a single young “jak “to boil and eat - Kos means “Jak “and Vatta “garden.” (21) – Synonymous: හේතුහාමි කිව්වාට මොකද වේල කන්න නැත්නම්? / නමින් කපුරු හාමි වුනත් කට ගඳයි
  • නම්බුව රැකි බල්ලා වගේ / කෑම හිඟයෙන් කෙට්ටු වෙවී සිටි බල්ලා වගේ [විශ්වාස][කතා][උපමා] - Like the dog that was getting lean through lack of food (22) - එක්තරා බ්‍රාහ්මණ නිවසක සිටි බ්‍රාහ්මණයා කෝපවූ හැම විටම, තම බිරිඳට ‘බැල්ලී’ යයි කියා බනින්නේය. මෙය අසන ගෙදර සිටි බල්ලා, ‘තමාද බ්‍රාහ්මණයා මෙන් උසස් කුලයේ කෙනෙක් යයි සිතුවේය. කලක් ගත වන විට මේ බ්‍රාහ්මණයාට අඟ හිඟ ඇති වී, ආහාර හිඟයෙන් පෙළෙන්නට විය. කෙට්ටු බල්ලා දුටු තවත් බල්ලෙක්, වෙන ගෙදරකට යන්න කියා අවවාද දුන්නේය. එහෙත් තමා ‘බ්‍රාහ්මණ බල්ලෙක්’ නිසා , තමාගේ ගෞරවය ආරක්ෂා කර ගත යුතු බව බල්ලාගේ අදහස විය. කලක් ගෝ කෑම හිඟ කම නිසා බල්ලා මිය ගියේය - A friendly dog who had observed the dog of a certain Brahmin to be very lean asked the latter to come to his master's house where abundance of food could be had. The lean dog replied c: l am living in a Brahmin’s house and when the Brahmin gets angry, he calls his wife a bitch; and thus, she is my daughter and the Brahmin my son-in-law. On this account I cannot leave the Brahmin's house" The dog thus died of starvation through his love of vainglory (22)
  • නයයි පොළඟයි වගේ / නයාට පොළඟා හම්බු වුනා වගේ [විශ්වාස][කතා][උපමා] - Like the Cobra meeting, the viper (polonga) - A fight to the death is the result - තද වෛරයකින් පසුවන දෙදෙනෙක් - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 14 (11) - At loggerheads - In Sinhalese folklore, the story of the origin of the bitter feud between the two is as follows. During a certain hot season, a child was playing inside a tub full of water, and a thirsty cobra drank of it without hurting the child. A thirsty polonga (viper) met the cobra and was told where water was to be found, on the polonga’s promise that it would not injure the child. As the polonga was drinking the water, the child playfully struck it and the polonga bit him to death. The Cobra, who had followed the polonga, there and then killed it for breaking its promise. From which day there is said to be bitter hatred between the two (21) / Two associates equally wicked (53) - English: Like cat and dog (14) (23)
  • නයයි මුගටියයි වගේ [විශ්වාස][කතා][උපමා] මේ කතාව ආශ්‍රයෙන්ම බිහි වූ තවත් පිරුළක්: නයාට අඳුකොළ වගේ - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 44 (11)
  • නයා කිව්වත් කනවා, නයි හාමි කිව්වත් කනවා [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The cobra will bite you, whether you call him “Naya “or “Nayihamy “(“ Snake “or “Lord Snake.”) - This is said in ridicule of the national love of flattering terms of address (21)
  • නයා දෂ්ට කළ විට නයාට ද විස පත්තු වේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • නයා පෙනේ කරනවා දැක ගැරඬියා කැබිලිත්තක් ඩහැ ගෙන නැටුවා ලු / නයා පෙනේ කරනවා දුටුවාම ගැරඬියා කැබලිති කෑල්ලක් දෑගත්තාළු (53) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Having Seen the cobra spread out its hood, the rat-snake also danced with a potsherd in its mouth (22) / When the rat-snake saw the Cobra expanding his hood, he took up in his mouth a broken piece of an earthen pot. Mimicking the great (53).
  • නයා පුංචිවාට විස අඩු ද? Is the poison less, because the snake is small? (53)
  • නයා නැතත් හුඹස් බයයි - Even though there is no cobra in it, one is afraid of the white ants' hill (53).
  • නයා නැති වුණු අහිකුන්ඨිකයා වගේ - දැඩි පාඩුවක් වීමෙන් ඇතිවන දැඩි ශෝකයකින් සිටීම
  • නයා මිසක් ගැරඬියා මන්ත්‍ර අහන්නේ නෑ - The Cobra listens to the voice of the charmer, but not the rat snake (53).
  • නයාගේ පැටවා ගැරඬියා කරන්නට බැරි ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It is impossible to make a young cobra a rat snake (22)
  • නයාට අඳු කොළ පාන්නා වගේ / නයාට අඳුකොළ වගේ (14) / මේ කතාව ආශ්‍රයෙන්ම බිහි වූ තවත් පිරුළක්: නයයි මුගටියයි වගේ [විශ්වාස][කතා][උපමා] - Like “andu “leaves to the snake - Snakes are said to avoid even the shadow of the leaves of the andu plant which is supposed to affect them in a peculiarly distressing manner (21) / තද නොමනාපයක් තිබීම, තද අකමැත්ත හෝ පේන්න බැරි බව, නුරුස්සනා බව, තදින් යම් දෙයකට වෛර කිරීම (49) / දැකීමට කොහෙත්ම අකමැති වීම (45) - යමෙක්ගේ කෝපය අවුස්සන දෙයක්, අකැමති දෙයක් - අඳු ශාකයේ පත්‍රවලින් විහිදෙන්නේ ඉතා අප්‍රසන්න වූ අමිහිරි ගන්ධයක්ය. ඒ අප්‍රසන්න වූ ගන්ධය දරුණු සර්පයකුට පවා දරාගත නොහැකි වූ අපුලකින් යුක්ත ලු. කිසියම් දෙයක් හෝ පුද්ගලයෙක් පිළිබඳ අප සිත තුළ ඇතිවන අප්‍රසන්න වූ හැඟීම් නයාට අඳුකොළ වගේ යැයි කියයි (51) - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 43 (11) - English: Like a red rag to a bull - Something that will cause an angry or violent reaction – “නයි පැන දුවනවලු අඳු කොළ දකින කල - නූගත්කම තමයි හැම දේකටම මුල - කනමැදිරියගෙන් දැල්විය හැකිද හුල - ගහ දත් අයට කුමකට පෙන්වනුද කොළ”
  • නයාට ගහලා පොල්ල වරද්දගන්නවා / නයාට පොල්ල වැරද්දුවා වගේ / නයාට ගල ගැහුවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like missing' the blow to a cobra (22) - It would be a fatal miss (21) / Like throwing a stone at a cobra - නැති සතුරෙකු ඇතිකර ගැනීම - A dangerous proceeding, since the cobra, which is said to be very vindictive, is certain to take revenge on its assailant (21)
  • නයි අරිනවා වගේ [විශ්වාස][කතා][උපමා]
  • නයෙක් ගිය පාර දන්නේ තවත් නයෙකි (1-312) [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • නරියා උඩබලාගෙන කක්කුට්ටෝ / කකුළුවෝ කනවා වගේ (He is looking up and eating crabs like a jackal) After the harvest Jackals come to eat the crabs in the paddy fields. They are very fond of crabs as food. While eating them they turn up their jaws so as not to miss any of the "blood." Hence the Sinhalese saying of a man who is greedy: "He is looking up and eating crabs like a jackal." These are small crabs, the size of a rupee (J. P. Lewis 23rd March 1909. JRAS)
  • නරියයි හාවයි ලබු කිරි බත් ඉව්වා වගේ / නරියයි හාවයි ලබු කිරි බත් කෑවා වගේ [විශ්වාස][කතා][උපමා] - හවුල ක දී එක් අයෙක් අනිකා රවටා වැඩි වාසි ලබා ගැනීම - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 57 (11)
  • නරියා කුකුළා කැලේ සඟවා පොල් ලෙල්ල ඩහැ ගෙන දුවනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The fox hides the fowl in the jungle, and runs about with a coconut husk in its mouth (22) / The fox hides the fowl in the jungle and runs about, dangling a coconut husk from its mouth (21) - කාරණයෙන් පිටතට නොමග යවන දෙයක් / මල්ලේ පොල් කතාවක් - To disarm suspicion and put any possible pursuers off the scent (21) – English: Red herring (15) - a clue or piece of information which is or is intended to be misleading or distracting - "the book is fast-paced, exciting, and full of red herrings"
  • නරියා කේජු කෑවා වගේ [විශ්වාස][කතා][උපමා] - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 43 (11) - The Fox and The Crow – Aesop - A Fox once saw a Crow fly off with a piece of cheese in its beak and settle on a branch of a tree. "That's for me, as I am a Fox," said Master Reynard, and he walked up to the foot of the tree. "Good day, Mistress Crow," he cried. "How well you are looking today: how glossy your feathers; how bright your eye. I feel sure your voice must surpass that of other birds, just as your figure does; let me hear but one song from you that I may greet you as the Queen of Birds." The Crow lifted up her head and began to caw her best, but the moment she opened her mouth the piece of cheese fell to the ground, only to be snapped up by Master Fox. "That will do," said he. "That was all I wanted. In exchange for your cheese I will give you a piece of advice for the future: "Do not trust flatterers." - Similar Jathaka Story 293. ජම්බුඛාදක ජාතකය: යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි දඹ ගසක් උඩ ඉඳ කවුඩෙක් දඹ කකා උන්නේය. එතනට කැණහිලෙක් ඇවිත් ගස උඩ උන් කපුටුවා දැක “මේ කපුටුවාගේ නැති ගුණ කියා මොහු සිත්ගෙන දඹ කමි” සිතා මොහුගේ ගුණ කියන්නේ “මිහිරි කටහඬක් ඇති මොනරෙකුගේ පැහැයට බදුවූ නිල් වූ යහපත් පැහැයක් ඇති පක්‍ෂීන්ට උතුම් වූ කපුටුවාණෙනි, දඹ අත්ත උඩ ඉඳ කුමක් කරනසේක්දැ?”යි විචාළේය. එවිට කපුටුවා කියන්නේ ව්‍යාඝ්‍ර පොතකයෙකු හා සමාන කැණහිලාණෙනි, උත්තමයන්ගේ ගුණ දන්නෝ උත්තමයෝය”යි කියා “තට දඹ දෙමි. දඹ අනුභව කරව”යි කියා දඹ සලා එලීය. ඒ දඹ වනයෙහි වසන්නා වූ වෘක්‍ෂ දේවතාවෙක් “බොරු කියාන්නා වූ නීච ක්‍රියා ඇති දෙන්නෙකු දුටු නියාය”යි කියා භයංකාර වේශයක් පා භය ගන්වා උන් දෙන්නා එතනින් පහ කළෙමියි කියා වදාරා මේ ‘ජම්බුඛාද ජාතකය’ නිමවා වදාළසේක.
  • නරියා පඹගාලෙ පැටලුණා වගේ / පඹ ගාලේ පැටලුණු නරියා / නරි නයිදේ වගේ - [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like Mr. Fox entangled in a “pamba” thicket - යම් දෙයක් කිරීමට ගොස් එය ඉතා අවුල් කරගැනීම (39) / විසඳන්නට නොහැකි අවුලකට පත්වීම (49) - Pamba is a kind of brushwood (Hygrophila pinnatifida) (21)
  • නරියා මිදි ඇඹුලයි කිව්වා වගේ / නරියා මිදි කෑවා වගේ / මිදි ඇඹුලයි කිව්වා වගේ [විශ්වාස][කතා][උපමා] - ලබාගත නොහැකි දේට ගැරහීම වගේ (52)The Fox and the Grapes / Sour Grapes - an Aesop Fable - A Fox one day spied a beautiful bunch of ripe grapes hanging from a vine trained along the branches of a tree. The grapes Seemed ready to burst with juice, and the Fox's mouth watered as he gazed longingly at them. The bunch hung from a high branch, and the Fox had to jump for it. The first time he jumped he missed it by a long way. So, he walked off a short distance and took a running leap at it, only to fall short once more. Again, and again he tried, but in vain. Now he sat down and looked at the grapes in disgust. "What a fool I am," he said. "Here I am wearing myself out to get a bunch of sour grapes that are not worth gaping for." And off he walked very, very scornfully. - There are many who pretend to despise and belittle that which is beyond their reach.
  • නරියා හූවෙන් හදුනාගත හැකිය [විශ්වාස][කතා][වාර්තා] - කපටියා කතාවෙන් හදුනාගත හැකිය (45) - 187/188. සීහකොට්ඨුක / සීහකොත්ථුක ජාතකය: “පළමුත් තමන් සිංහනාද කරමැයි සිතා සිවල්නාද කළෝ වේදැ”යි වදාරා ආරාධිත වූ සර්‍වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක. යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි අප මහබෝධිසත්ත්‍වයෝ හිමාලය වන ප්‍රදේශයෙහි සිංහරාජයන්ව ඉපිද එක් සිවල්දෙනක් සමඟ සංවාසකොට පුත්‍රයෙක් ලද්දේය. ඒ සිවල් පැටවාගේ ඇඟිලි හා නියද ශරීරයාගේ කේසරයෝද වර්‍ණයෙන් හා සටහනින්ද පිය වූ සිංහරාජයාට සමාන වූයේය. නාදය තෙමේ මෑණී වූ සිවල් දෙනගේ නාදයට සරි වූයේය. එසමයෙහි එක් දවසක් වැසි වසින්ට වන. ඒ වැසි වැස නිමි කල්හි සිංහයෝ සිංහ නාදකොට කෙළිනාහු. ඒ නාදය ඇසූ සිවල් පැටවාණෝ ද “මමත් සිංහනාද කරමැ”යි සිතා සිවල්නාදය ම කළාහුය. ඒ සිවල්නාදය අසූ අනිකුත් සිංහයෝ “මේ කිමෙක්දැ?”යි නිශ්ශබ්ද ව උන්නෝය. මහබෝසතාණන් වහන්සේගේ භාර්‍ය්‍යාව වූ සිංහ ධේනුවගේ පුත්‍ර වූ සිංහපෝතක තෙමේ “මපියාණන් වහන්ස, මේ සිංහ තෙමේ වර්‍ණයෙන් අප හා සමානය, ශබ්දය වනාහී අන් පරිද්දකින් වන්ට කාරණා කවරේදැ?”යි ඇසීය. ඒ ඇසූ මහබෝසතාණෝ “දරුව, තොපගේ සහෝදර වූ මේ තෙමේ මාගේ වර්‍ණ සටහන් ඇත්තේ නමුදු මට දාව උපන් සිවල්දෙනකුගේ පුත්‍රයා ය”යි ඔහු අස්වසා ඒ සිවල්දෙනගේ පුත්‍රයාට ආමන්ත්‍රණයකොට කියන්නේ “දරුව, මෙයින් පසුව මෙහි වසන්නෙහි නම් සිංහනාද කිරීමට නොගොස් සිටුව”යි අවවාදකොට වදාරා මේ ‘සීහකොට්ඨුක ජාතකය’ නිමවා වදාළසේක.
  • නරියාට කුකුල්ලු බාර දුන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - සමාන: කොටියාට හරක් පට්ටිය බාර දුන්නා වගේ / මරාපු කුකුළා සුද්ද කරන්න නරියාට දුන්නා වගේ / නරියාට බොකු හෝදන්න දුන්නා වගේ
  • නරියාට බොකු හෝදන්න දුන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like giving entrails to a fox to wash (21) - සමාන: කොටියාට හරක් පට්ටිය බාර දුන්නා වගේ / මරාපු කුකුළා සුද්ද කරන්න නරියාට දුන්නා වගේ / නරියාට කුකුල්ලු බාර දුන්නා වගේ
  • නවග්‍රහයින්ම හොඳ වුනත් දහ වෙනි ග්‍රහයා නරක වුනොත් බෑ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It is not enough that all the nine planets are auspicious if the tenth is still unfavourable - By the “tenth planet “here is meant one’s wife (21)
  • නහයෙන් ඉහළට රියනත් එකයි බඹයත් එකයි (15) / නාහෙන් ඉහළ ගැලූ වතුරු, කොපමණ ගැලුවත් එක ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It makes no difference if the water which is already above the nose, rises higher (22) / What matters how higher still is the rise of the water which has already risen above your nose? (21) - "දාහට අරන් සීයට දී පලක් නැති - වාහෙට අකීකරු අඹුගෙන් කමක් නැති - කාහට නමුත් වැඩි දැඟලීම හොඳ නැති - නාහෙට ඉහල ගැලුවොත් ඔළුව පල නැති"
  • නහින මරක්කලයා කාලා නැහුනත් එකයි, බීලා නැහුනත් එකයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It does not matter how the dying Moorman / Muslim gives up the ghost, whether by too much eating or too much drinking (21)
  • නළ කළයක් වගේ [වාග්ව්‍යවහාර][උපමා] - වහා බිඳෙන සුළු

නා[සංස්කරණය]

  • නාකි බල්ලෝ කොළඹ යනවා වගේ (9-21, 137) [විශ්වාස][ප්‍රපංච][උපමා]
  • නාකි විසේ ගෙටත් උසේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Senile flightiness vaults even o’er the house-top (21)
  • නාකියා මැරෙන්නෙත් නැහැ ඇඳ කාටවත් දෙන්නෙත් නැහැ [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - The old man does not die, nor is the bed available (for others (21) සමාන: බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ
  • නාකියාට ඕනෑ මොනවා ද? එපා මොනවා ද? What does an old man want, and what does he not want ? (53)

නැ[සංස්කරණය]

  • නැටුම් ගැයුම් කපුරාළට, බත් ටික ටිකිරි රාළට [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - ටිකිරි රාළ = යකුන්ට පුදන බත් උයන්නා - Though the Capurala dances, Tikirirdla gets the rice (22) / To the Kapurala are the dance and the somersault, but the rice is to Tikiri-rala (21) - Kapurala. God-priest. Tikirirala, is an assistant of the Kapurala, who cooks the rice which the Kapurala offers to the gods. At the close of the ceremony it is customary for the Tikirirala to eat the rice that offered up (22) / The Kapurala is the officiating priest of a Devala or Kovila. Tikiri- rala is the assistant who cooks the rice which the Kapurala offers to the Gods. At the close of the ceremony it is customary for the Tikiri- rala to eat the rice thus offered up (21)
  • නැට්ට කොට බල්ලාගේ හාදකම වගේ / කොට බල්ලාගේ හාදකම වගේ / වල්ගේ නැති බල්ලාගේ ආදරය පෙන්නන්න බැරි ලු (22) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the friendship of the short-tailed dog (22) / The tailless dog cannot show his affection (21)- බල්ලා හිතවත් කම පෙන්වන්නේ වල්ගය වැනීමෙනුයි. එහෙත් වල්ගය කොට බල්ලෙකුට එසේ කල නොහැක (41) - Unable to wag its tail to show its affection (21)
  • නැට්ටට කිරි එරිල වත් නැති / ලේනට කිරි එරිල වත් නැති [වාග්ව්‍යවහාර] වැඩි විය පත් නොවූ පිරිමි දරුවෙක්
  • නැට්ටුවා වැටුනත් අඩව්ව ලු (22) (9-94) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even the fall of a dancer is a somersault (22) - At least, that is how it looks like to the admiring gaze of the average onlooker. The reference here, is to the Eastern dancer moving nimbly or merrily, tripping, gliding, and leaping rhythmically (21) / Even when a dancer misses his step, it is a somersault (53).
  • නැන්දම්මාගේ ආදරේ වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - දිනෙන් දින හීනවන ආදරය (44)
  • නැහැදෙන්නේ කරුමෙටයි [කියමන්] - Non-growth is due to “Karma” (21)

නෑ[සංස්කරණය]

  • නෑයොත්, මීයොත්, කාවොත් එක වගේ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා]

නි[සංස්කරණය]

  • නිකම් නටන යකාට අඟුරු දුම්මල ඇල්ලුවා වගේ (9-167) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like placing burning resin and coal before a devil, who dances without anything (22) / even otherwise (21) - Unnecessary and superfluous ceremonial (21)
  • නිකම් පනින රිලවාට ඉනිමන් බැන්දා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like making ladders for monkeys who can climb up without them (22)
  • නිකම් යන්න බැරි උමගේ (22) / ඉණිමගේ (21) හුණු කුල්ලක් බදා ගෙන යන්න කීවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like asking a person to go with a winnow of chunam along a subterranean passage, which scarcely affords him a passage (22) / Can you carry a winnow of chunam up a ladder which you cannot scale even without such a burden? (21) - A variant substitutes umaga (subterranean passage) for inimaga (ladder), and reads “Can you carry a winnow of chunam through a subterraneous passage (vault) which you cannot traverse even without such a burden?” The chunam would choke you if you knocked against an obstacle while groping your way in the dark (21)
  • නිකම් ලැබිච්ච ගොනාගේ අං බලනවා වගේ (14) / නිකං ලැබිච්ච අස්වයගේ දත් ගණින්න එනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - නොමිලේ ලැබිච්ච දෙයක සුලු අඩුපාඩු සෙවීම - සමාන: නිකං ලැබිච්ච අස්වයගේ දත් ගණින්න එනවා වගේ / නිකම් ලැබුන ඉඩමේ මායිම් බලනවා - English: Don't look a gift horse in the mouth (15)
  • නිකම් ලැබුන ඉඩමේ මායිම් බලනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - සමාන: නිකම් ලැබිච්ච ගොනාගේ අං බලනවා වගේ / නිකං ලැබිච්ච අස්වයගේ දත් ගණින්න එනවා වගේ - English: Don't look a gift horse in the mouth (15)
  • නිකම් හඬන මුත්තාට මුණුපුරෙක් මැරුණා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the death of a grandson to a grandfather who weeps for nothing (22) / How much more will the grandfather who is always weeping for nothing, weep when his grandson dies (53).
  • නිකං ඉන්න ගෙට වඩා හොඳයි කැඳ බොන ගේ - The house in which you drink lunji, is better than the house in which you starve (53)
  • නිකිනි සොයන්නා වගේ - නිකිණි සොයන්නට ගියා වගේ [වාග්ව්‍යවහාර][උපමා] - කොහේවත් නෙමැති දෙයක් සොයන්නට යාම (41) - නිකිනි සොයන්නා වගේ නිකිනි යනු කල්පිත ගස් වර්ගයකි. මෙය ලබා ගත නොහැකි දෙයක් අත් පත් කර ගැනීමට හිතන විට කියයි(9-28) - සමාන: කලු නික හොයන්නා වගේ, නැට්ට නැති ගහේ කොළ හොයනවා වගේ
  • නිදා ඉන්න කොටි අවුස්ස ගන්න එපා / නිදන සිංහයන් නැගිට්ටෙව්වා වගේ (22) (14) / නිදියෙන දීයන් කුබුද්දන්ට එපා (53) [විශ්වාස][ප්‍රපංච][විධාන] - It is unwise to rouse a sleeping lion (22) Don't awake sleeping cheetahs (53) - පාඩුවේ ඉන්න කරදර දිය හැකි පුද්ගලයකු අවුස්සා ගෙන එහි විපාක විඳිනවා - සමාන: කුණු ගොඩවල් ඇවිස්සුවොත් කුණු ගඳ ගහනවා (15) - English: Let sleeping dogs lie - Don’t talk about a bad situation people have forgotten and that could unnecessarily create problem in the present. Example: “X: Should I ask the professor if he is upset about my late submission of the assignment? Y: If he hasn’t said anything, then don’t bring forth the topic. Let sleeping dogs lie” (32)
  • නිදිමත සැප නොදනී ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - One who is sleepy cares not for comfort and ease (22) / Sleepiness is unaware of comfort (21)
  • නිදිවරා ඉන්ට නොපුළුවන් නම් වින්නඹු කමේ නොයන්න (22) / නිදිවර ඉවසන්න නොපිළිවන් නම් වින්නඹු කමේ නොයන් (21) [උපදේශ][ප්‍රපංච][විධාන] - Do not turn out a midwife if you cannot remain without sleep (22) / Don’t go on midwife’s work if you cannot remain awake of nights (21)
  • නිය පොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න වෙනකම් තියා ගන්න එපා / නියපොත්තෙන් කපන ගහ පොරවෙන් කපන්නට අමාරු වුනා වගේ [විශ්වාස][ප්‍රපංච][විධාන] - A tree which could at first be nipped with the nail, could afterwards with difficulty be cut down with an axe (22) - ඉතා පහසුවෙන් සිදු කළ හැකි කාර්ය්‍යක් කල් දැමීම නිසා බලවත් කරදර ඇති වීම (41) - English: 1. A stitch in time saves nine. It’s better to deal with problems immediately rather than wait by when they worsen and become much bigger. Example: “Because we anticipated and responded to the possible change in Facebook algorithm, the referral traffic to our website dropped much less than what happened to some of our competitors. A stitch in time saves nine” (32) / 2. An ounce of protection is worth a pound of cure. A little precaution before a crisis hits is better than lot of firefighting afterwards. Example: Get the vaccination on priority. An ounce of protection is worth a pound of cure (32)
  • නියඟෙට පැහුනා වගේ - Neg ඉහ නිකට පැහුනේ, ගත රැලි වැටුනේ නියඟෙට නෙවෙයි [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the untimely ripening due to hot weather (22)
  • නියර කැඩුනම උදව්වට නැති නෑයා මොකට ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - What’s the use of relations who do not help you when your dam is broken? (21)
  • නිල ලැබීම නරකාදියටත් හොඳ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It is good to obtain distinction even in hell (22)
  • නිල් බාල්දියේ වැටුණු නරියා වගේ / නිල් බාල්දියේ වැටුණු නරියගෙ කතාව වගේ [විශ්වාස][කතා][උපමා] - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 47 (11) - දිනක් කැළෑවෙන් එළියට ආ නරියෙක් ගමට ගියේය. එහිදී නිල් පැහැති තීන්ත බාල්දියක් පෙරළී නරියා නිල් පැහැති විය. ඌ කළෑවට ආ විට මේ නම් අමුතුම සතෙකැයි සිතා කළෑවේ සතුන් විසින් මේ නරියා සිය නායකයා ලෙස පිළිගන්නා ලදී. මේ සිටින්නේ තමන් සමඟම සිටි කපටි නරියා යැයි අන් කිසිම සතෙකු දැන සිටියේ නැත. නරියා විසින් අන් සතුන් රැවටීම දිගටම සිදු කෙරිනි. තින්ත බාල්දියේ සරණින් උන්ගේ ගරු බුහුමන් ලබමින් ටික කලක් ජීවත් විය. නමුත් දිනක මහ වැස්සක් ඇද හැළුනි. එහිදී කපටි නරියාගේ සායම් දිය වී ගියේය. ඒ සමඟම ඌ නරියකු මෙන් හූ කියන්නට වූයෙන් අනෙක් සතුන් මේ නරියකු බව හදුනා ගත්තෝය. තමන්ව රැවටීමට ලක් කරමින් ගරු බුහුමන් ලැබූ මේ නරියාව කැළෑවෙන් එළවා දැමීමට ඒ සතුන් වග බලා ගත්තේය - සමාන: ආරේ ගුණ නෑරේ
  • නිවට අයත් දඩ මස් කනවා නිලමේ කීවා ලු [විශ්වාස][කතා][වාර්තා] - කතාව බලන්න විජේතුංග 2013 පිට 28 (17) "එපිට වලව්වේ මුදියන්සේ නිලමේ - කවට කමක් කළ හැටි ඇසුව ද පුදුමේ - අපට රට දෙලුත් ලුණු මිරිසට කදිමේ - නිවට අයත් දඩ මස් කනවා නිලමේ”
  • නිවට ඇම්බැට්ටයාට එළුවාත් නිකට පානවා ලු / නිවට පනික්කියා දුටුවාම එළුවත් රැවුල පානවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - / To the lowly barber, even the goat Offers its chin to shave (21) / The goat also offers his chin to an inexpert barber (22) / Even the goat offers his beard when he sees a poor barber (53) - අහිංසකයන්ට සෑම කෙනෙකුගෙන්ම කරදර සිදුවන බව (39)

නී[සංස්කරණය]

  • නීල මහා යෝධයාගේ යගදාව වගේ [විශ්වාස][කතා][උපමා] - විජේතුංග 2013 පිට 44 (17)
  • නීලමහා යෝධයා වගේ [වාග්ව්‍යවහාර] - කෙනෙකුගේ වීරත්වය හා ශක්ති සම්පන්න භාවය පිළිබදව පැවසේ - නීලමහා යෝධයා ගජබා රජුගේ හමුදාවේ සිටි වීරයෙකි. යගදාවෙන් ගසා මුහුදු දිය දෙබෑ කොට සොළි රටට ගොස් එරට හමුදාව සමග සටන් කරමින් මෙරටින් එරටට ගෙනගිය දොළොස් දහසක් සෙනගද එරටින් දොළොස් දහසක සෙනගක් සමග විසි හතර දහසක ‍ජනයා මෙරටට ගෙන ආවේ නීලමහා යෝධයා විසිනි. (41)

නු[සංස්කරණය]

  • නුපුරුදු දීගෙට වඩා පුරුදු / දන්න කණවැන්දුම හොඳයි / යෙහෙයි ලු (22) (14) (15) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The widowhood that you know is preferable to the unfamiliar marriage state / ·        Better widowhood, to which one is accustomed, than a strange marriage. A certain advantage is preferable to a doubtful one (53) - හොඳයි කියන තමන් නාඳුනන දෙයකට වඩා තමාට හුරුපුරුදු [සමහර විට පෙර දේට සාපේක්ෂව නරකයි කියා කියන] දෙය හොඳ බව - A single life is preferable to an unhappy marriage - English: Known devil is better than unknown angel
  • නුවණ තිහේ මනමාලයා වගේ [විශ්වාස][කතා][උපමා] - අංග සම්පූර්ණ දේ සොයන්න බැහැ - ධනවතෙක් දුව කසාද බැඳීමට නුවණ 32ක් ඇති මනමාලයෙක් හෙව්වා. අනික් සියලු සුදුසු කම් සම්පූර්ණ කළත් නුවණ 32ක් ඇති කෙනෙක් හොයා ගන්න බැරි වුනා. එක කපුවෙක් කිව්වා අනික් ඔක්කොම තියෙනවා නුවණ 30ක් ම තියෙනවා නුවණ 2ක් විතරයි අඩු කියලා. කල වයසත් පහු වෙන නිසා කැමති වී කසාද බැන්දා. දුව බලන්න ගියහම සැමියා කතා බහක් නැතිව බුම්මා ගෙන ඉන්නවා. කපුවාගෙන් ඇහුවාම කිව්වා "මම මුලින්ම කිව්වා නොවෙද නුවණ දෙකක් අඩු බව. ඒ අඩු දෙක තමයි එයා කවුරුවත් කියන දෙයක් කරන්නෙත් නැහැ, තමන්ම හිතලා කිසි දෙයක් කරන්නෙත් නෑ (3-30)
  • නුවනැති සතුරා නුනුවන මිත්‍රයාට වඩා උතුම් [ආප්තෝපදේශ] - A wise enemy is worthy of more respect than a foolish friend (22)

නූ[සංස්කරණය]

  • නූපන් දරුවන්ට කේන්දර හදනවා වගේ / උපදින්න ඉස්සර කේන්දර බලනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - අනාගතේ සිදුවේ යයි සිතන අවිනිශ්චිත දෙයක් ගැන අකාලයේ පෙර සූදානම් වෙනවා / යමක් සිදු වූ පසුව කළ යුතු දෙය එය සිදුවීමට පෙර අකාලයේ කරනවා - සමාන: මූදේ ඉන්න මාලුවන්ට මිරිස් අඹරනවා - English: Count one’s chicken before they are hatched / Don’t count your chickens before they hatch. Don’t make plans based on future events that may not happen at all. Example: X: I’ve to prepare for my campaign. Y: But you haven’t been nominated yet. Don’t count your chickens before they hatch (32)
  • නූල් මලේ අවුල වගේ (21) / නූල් බෝලේ පැටලිල්ල වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the twist of a skein of thread (22) / Like the tangle in a skein of thread (21)

නෙ[සංස්කරණය]

  • නෙලුම් මලේ මීමැස්සෝ මිස නිල මැස්සෝ වහන්නේ නැහැ [විශ්වාස][සාහිත්‍ය][නිශේධ] - යහපත් දේට යහපත් දේත් අයහපත් දේට අයහපත් දේත් ආකර්ෂණය වන බව - සුභාෂිතය "නොහිම් සුවඳ විහිදෙන සිරි රැදි දිමුත - පියුම් වෙනෙහි නිල මැසි කැල නොහැසිරෙත"
  • නෙළුම පුබුදයි හිරු - පතුරයි සුවඳ මඳ මරු - රොන් ගන්නේ දෙහිරු - යොවුන් අඟනන් කරයි හිස සරු [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - හදා වඩා ගන්නේ එක්කෙනෙක්, උගන්වා උගතකු කරන්නේ තවෙකෙක්, ප්‍රයෝජන ගන්නේ තවත් අයෙක් - සුභාෂිතය "නොමඳ රසින් දිවයුරු පොබයයි තඹුරු - සුවඳ දිගත විහිදයි හමන මඳ මරු"
  • නෙළුම් කොළේ දිය බිංදුව වගේ / නෙළුම් කොළේ දිය නොරැඳේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - පොකුරඹ = පොකුරු-පොක්කර-නෙලුම්+අඹ-ජලය - Like a drop of water on a lily (22) / Like a drop of water on a lotus leaf (21) - English: like water on a duck’s back - අනවශ්‍ය දේවල් රඳවා නොගෙන ඉවත් කරන්නකු මෙන් - සුභාෂිතය “නොමගත් සිත තුළෙහි ගුණ පොකුරඹ ලෙසින” - නෙලුම් කොළයෙහි ජලය මෙන් සිතෙහි ගුණ නොරඳන , - “කුස ඔත සිය සොහොයුරු වුවද තම හට - හිත නැති යෙහෙ දුරු කළ පොකුරඹ ලෙසට” - තමාගේ එක කුසයේ උපන් සහෝදරයකු වුවද, හිතවත්කමක් නොවන්නේ නම් ඔහුව නෙලුම් කොලයේ දිය බිඳු නොරැදෙන ලෙස ඉවත් කළ යුතුය.

නේ[සංස්කරණය]

  • නේබෙන (එබෙන්නේ නැති) තැන හාරනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like digging where it resists (21)

නො[සංස්කරණය]

  • නොකා ඉන්න ගෙදරට වඩා හොඳයි කැඳ බොන ගෙදර [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A congee-drinking house is better than a non-eating house - That is, it is better to live in a house where at least congee is drunk rather than in a house where the inmates starve (21) – English: Something is better than nothing - that it is not what is required, but that it is better to have that thing than to have nothing at all
  • නොකෙරෙන වෙද කමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ඕනෑ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - For the doctoring that will never come off, seven measures “(patta)” and a little more, of the oil of eye-flies are required (21)
  • නොගන්නා සල්ලිය වගේ [වාග්ව්‍යවහාර][උපමා] - Like the money (copper) that is not accepted (21) සමාන: අවලංගු කාසිය වගේ
  • නොතළා හදන දරුවත්, හැඳි නොගා උයන කැඳත් / හදන හොද්දත්, වැදගැම්මකට නැහැ [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - The un thrashed child, like the unstirred congee, is useless.
  • නොදන්නා දෙමළෙට ගිහින් වරිගෙ නහ ගත්තා වගේ / නොදන්න දෙමළෙ වරිගෙ නහනව ලු / නොදන්නා දෙමළෙට ගොහින් වරිගෙ නහගන්න එපා (53) [විශ්වාස][කතා][උපමා] - Tamil that one knows nothing about is said to be the ruin of his race (22) / Don't speak in Tamil with  which you are not acquainted, and bring disgrace on your family (53) - යමක් පිළීබද නිසි අවබෝධයක් නොමැතිව ඒ බව දන්නා සේ පෙන්වා කටයුතු කර පසුව අමාරුවේ වැටීම (41) - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 41 (11) - - එක්තරා ගමක කම්මල් වැඩ කරමින් ජීවත් වන පවුලක් වාසය ‍කළේය. මේ ලෝකුරු පුත්‍රයා කම්මල් වැඩ කරමින් තමන්ගේ මෑණියන්ද රැකබලා ගත්තේය. දිනක් දෙමළ මනුෂ්‍යකේ තුවක්කුවක්ද රැගෙන කම්මලට පැමිණ ඒ තුළ උණ්ඩයක් සිරවී ඇතිබව පවසා එය ඉවත් කරදෙන ලෙස ඉල්ලා සිටියේය. දෙමළ මිනිසා දෙමළෙන් කී කිසිවක් කම්මල් කරුවාට නොවැටහුනු නමුත් පැවසූ දේ තේරුම් ගත්තා සේ මයින හමෙන් පිඹ ගිනි දල්වා තුවක්කුව රත් කරන්නට පටන් ගත්තේය. තුවක්කු බටය තුළ උණ්ඩය සිරවී ඇති හෙයින් එය රත් කිරීම අනතුරු දායක බව දෙමළ මිනිසා දෙමළයෙන් කීවේය. ඒ ප්‍රකාශද තමාට නොවැටහුණත් තේරුම් ගත්බව පවසමින් කම්මල් කරුවා තුවක්කු බටය රත්කර උණ්ඩය ඉවත ගැනීමට තැත් කළ අතර එය පුපුරා ගියේය. එම පිපිරීම හේතුකොට ගනිමින් කම්මල්කරුවා මිය ගියේය. “නොදන්නා දෙමළෙට ගිහින් චරිතෙ නහ ගත්තා “යි කියමින් කම්මල්කරුවගේ මෑණියන් හඩන්නට පටන් ගත්තේය (41) - In a certain village there lived the widow of a blacksmith and her only son, who was himself a blacksmith. This man’s knowledge of Tamil was confined to the single expression, Enaku teriyam, (“I understand.”) On one occasion it happened that a Tamil man brought to him a gun in order to get removed from the barrel a charge of pow der and shot which it contained. The man, on handing over the gun to the blacksmith, explained to him in Tamil the object of his visit. The blacksmith looked very w ise and said, “Enaku teriyam." On finding out, after due examination, that the barrel contained something, he made preparations to insert in it a red-hot iron. The owner of the gun remonstrated to no purpose against such a proceeding. “Enaku teriyam” was the reply of the blacksmith, who immediately afterwards introduced into the barrel the red-hot iron—an act which resulted in the explosion of the pow der and the death of the unfortunate blacksmith. The mother of this unlucky man ever afterwards bitterly lamented the misfortune of her son, who, by his attempts to speak in an unknown language, not only brought death on himself, but also put an end to the race of which he was sole representative (21) - "සොඳින් දැන උගත් පඬි උතුමන් නෙක සේ - තමන් නැණ ඇසින් දැක වැඩ කරන ලෙසේ - කරන්නට ගොසින් දන වැනසෙති අතිසේ - නොදන්නා දෙමළයට ගොස් වරිගෙ නැසේ"
  • නොන්ඩි පංච යන ගමනේ - සිමන් පංච හම්බු වුනේ - සල්ලි දෙකේ රා අරගෙන - දෙන්න බිබී රණ්ඩු වුනේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - "Nondi Pancha, jogging along - Met Siman Pancha one day - They drank some toddy, just one cent worth - And fought each other the whole way" (21)
  • නොපවත්නා ශරීරයට බෙහෙත් කුමට ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Why use enduring medicine upon the non-enduring body? (21)
  • නොයන ගමට කුමට ද මග විචාලේ? / නොයන ගමට පාර අහන්නේ කුමට? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Why did you inquire about the way to the village where you do not intend to go? (22) / Why ask the way to the village which you are not visiting? (21) / Why inquire of the road to a place to which you do not intend to go.
  • නොවපුර නොපැසෙයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - No crops without sowing (22)
  • නොහොඳින් හොඳක් නොවේ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Nothing good will come out of evil (22)

[සංස්කරණය]

  • පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ [උපදේශ][සාහිත්‍ය][උපමා] - English: Here today gone tomorrow (15) - ලෝවැඩ සඟරාව ““බණ නම් නිබොරුය මුනිවරයින් නේ - කයනම් නොතිරය අදහා ගන්නේ - පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ - පිණ නම් නොපමා වැ මැ කරගන්නේ”
  • පණ්ඩිතයන් සිය දෙනෙකුගෙන් දින්නත් මෝඩයකු ගෙන් දිනන්න බැහැ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Though you vanquish in argument a hundred wise men, no victory could be gained over a fool (22) / Though you defeat a hundred Pandits in argument, you cannot defeat a single fool (21)
  • පණ්ඩිතයාට ඒදණ්ඩේ යන්න බැහැ ලු / වැඩි පණ්ඩිතයාට ඒදණ්ඩේ යන්න බැහැ ලු / වැඩි ප්‍රවේසම් ගන්නන්ට ඒ දණ්ඩේ යන්න බැරි ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The too-erudite Pandit cannot even cross an “edanda.” (21) / An over-careful man cannot even pass over the plank laid across a brook (22) - An edanda is a plank or beam laid across a river or brook to serve as a bridge (21)
  • පතට ඉපදිලා දෙපතක් ගරන්න පුලුවන් ද? / පතට ඉපදීලා නැළියක් ලබන්න බැහැ (සිල්වා ඩබ්ලිව් ඒ 1916 විජයබා කොල්ලය පිට 92) [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Having born one for a quarter measure, could he expect to clean a half-measure (22)
  • පදුවා කපාපු මෝල් ගහ වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the pestle made by a Paduva - Crooked and crudely done (21)
  • පද්දන්ට මොන සුදු හකුරු ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - What white jaggery for Paduwds - The Paduwas, are a very low caste (21)
  • පද්දන්ට මොන සුදු හරක් ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - What, white cattle for “Paduvas” - The Paduvas—-an extremely low caste—were in olden times forbidden the use and possession of any vehicle. The possession of white bullocks, which were highly esteemed formerly, would in their case be utterly absurd and ridiculous. They usually provided food for elephants and carried palanquins. They were also employed as scavengers, smelters of iron, and in other servile business. They represent a more progressive community today, and held in better esteem (21), English: Throwing pearls before swine (53)
  • පනංගල විදානෙගේ පෙට්ටගම වගේ [විශ්වාස][කතා][උපමා] - ව්‍යාජ පහොසත්කම් පෙන්වමින් රටවැසින් මුළාවට පත් කිරීම (41)
  • පනින මුවාට උල් හිටවන්න කමක් නැහැ [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - It is not necessary to plant stakes to injure a leaping stag (22) / No need to plant stakes for a leaping stag
  • පනින රිලවුන්ට ඉනිමං බදින්නා වගේ / පනින රිලවුන්ට ඉනිමං තියන්නේ මන්ද? (21) / පනින රිලවුන්ට ඉණි මං බඳිනව ලු සමහරු (53) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Why keep ladders for leaping-monkeys? - Which can climb without such aid (21) - නරක වැඩක් කරන කෙනෙකුට තව තවත් උදව් සහ අනුබල දෙනවා (14) / වැරදි කරන අයට වැරදි කිරීමට පහසු වන අන්දමින් කටයුතු කිරීම (52) - "නහින දෙහින කාලෙට පින් කෙරුම යුත - වහින කලට කූරින් විල් වලින් එත - බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත - පනින රිලවුන්ට ඉනිමං කමක් නැත"
  • පනින්ට පෙර සිතා බලනු [විශ්වාස][ප්‍රපංච][විධාන] - යමක් කිරීමට පෙර ඉන් ලැබෙන ප්‍රතිඵලය ගැන අවබෝධයෙන් කටයුතු කරන්න (39), යමක් කිරීමට පෙර කල්පනා කර බැලිය යුතුයි (45) – English: Look before you leap. Consider all consequences before taking an action, especially when you can’t retract. Example: X: I’m planning to pursue an MBA. Y: It’s an expensive degree and, moreover, you’ll be out of work for two years. I would say look before you leap (32)
  • පන්දම් වැටට උඩින් හඳ පෑව්වා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] හොඳ දෙයකට ඊටත් හොඳ දෙයක් එකතු වුනා වගේ / කසාදයක දී යහපත් දෙදෙනෙක් එකතු වීම
  • පඳුර ළඟට මා එනවා විනාවේ, පඳුර මා ළඟට එනවා හිනා වේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Tis meet I should approach the bush, you See What nonsense that the bush should come to me (21)
  • පය බරවාවට පිටිකර බෙහෙත් බැන්දා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා]
  • පර අබසා දොස මෙර සා පෙනෙන්දැයි, තම මෙරසා දොස අබ සා පෙනෙන්දැයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - One's own fault though it is as big as Mahameru appears to him as small as mustard Seed, while the fault of another which is as small as a mustard-seed appears as big as Mahameru (22) - 19 Mera or Maha-meru—The sacred mountain merit, in the centre of the four great continents, compared by the Sinhalese, to the tabor, and encircled by the seven seas which are separated from, each other by seven circular rocks, the residences of various demigods, demons, sprites, and gurulas, and are under the sway of the four waran deviyas, or regents of the four points of the compass the height Meru is said to be 84,000 yodrins 42,000 of which are below the surface of the earth. On its top Shilva holds his court surrounded by the gods of Swarga, and underneath its base is the residence of the asuras (Clough's Dictionary) (21)
  • පරංගියා කෝට්ටේ ගියා වගේ (22) (9-138) (14) [විශ්වාස][කතා][උපමා] - Like the journey of the Portuguese to Cotta - කෙටියෙන් කළ හැකි දේ අනවශ්‍ය ලෙස දික් ගැස්සීම කෙටි මාර්ගයක් තිබිය දී දුර මාර්ගයකින් යෑම (40) / යෑමට කෙටි මාර්ගයක් තිබිය දී අනවශ්‍ය ලෙස දීර්ඝ ගමනකින් අදාළ තැනට ළඟා වීම (49) / කෙටි මාර්ගයක් තිබියදී දුර පාරකින් ගමන් යෑම / යම් ක්‍රියාවක් නිම කිරීමට කෙටි මාර්ග තිබිය දී දුර මාර්ග තෝරා ගැනීම / Applied to a long and circuitous path. It is said that shortly after the Portuguese had landed at Colombo, they were conducted to Kotte, then the capital of the Kings of Ceylon, by a long and circuitous road, through Panadure, and Raygam Korale, with a view to conceal from the newcomers the close proximity of the capital from the sea-port of Colombo, which was then the head-quarters of the Portuguese (53) - පෘතුග්‍රීසීන් ලංකාවට පැමිණි සමයේ මෙරට අගනුවර වූයේ කෝට්ටේය. කොළඹට ගොඩබට පෘතුග්‍රීසීහුන්ට ‍කෝට්ටේ රජු මුණගැසීමට අවශ්‍ය විය. කොළඹ සිට කෝට්ටේ රාජ්‍යට සැතපුම් හතක්, අටක් තරම් දුරක් ඇත. පරංගි සැතපුම් හයක් එපිටින් තියෙන කෝට්ටේ සිටින රජු බැහැ දැකීමට පාර ඇහුවාම සිංහලයන් කෝට්ටේ රාජධානිය පිහිටියේ කොළඹින් ඉතා දුරබැර යැයි පෘතුග්‍රීසීන්ට එත්තු ගැන්වීම පිණිස ගාල්ල, මාතර ගිරුවාපත්තුව වටේට ගෙන ගොස් තුන්මස් තුන්පෝයක් ඇවිද්දවා දිගු පාරකින් රජ මැදුර කරා පෘතුග්‍රීසී පිරිස රැගෙන ආවේය. රාජ පුරුෂයෝ මේ කළ රැවටීම පෘතුග්‍රීසීන් පසුව දැන ගත්හ (41) - The first Portuguese who landed at Colombo, in 1505, wishing to go to the residence of the Sinhalese King then the capital of the country, Kotte engaged some Sinhalese guides to conduct them there These guides instead of taking them straight to Cotta (distant only 6 miles from Colombo), took them through Galle, Mathara, and Giruwa Pattuwa (took them through Panadure and Rayigama Korale - 4) and thus made them travel for three months and three weeks before they took them to their destination which might have been accomplished in a couple of hours (22) / Parangiya is a contemptuous term applied by the Sinhalese to the Portuguese mainly. The point of the proverb is that it was a journey accomplished by an unnecessarily long and circuitous route (21)
  • පරංගියා ගෙරි හම එලුවා වගේ [විශ්වාස][කතා][උපමා] - පරංගින් බලකොටුවක් තනා ගැනීමට ගෙරි හමක් එලන්න පුළුවන් බිම් ප්‍රමාණයක් කෝට්ටේ රජුගෙන් ඉල්ලා ගෙරි හම තීරු කපා එයට වටවන ප්‍රමාණය ලබා ගෙන එහි බලකොටුවක් ඉඳි කිරීමේ පුවත (7-38) - English: Give them an inch and they’ll take a mile. If you give someone a small amount of power or freedom to do something, they may try to get a lot more. Example: He borrowed my car for a day but hasn’t returned even after four days. Well, give them an inch and they’ll take a mile (32)
  • පරාදෙට අඬු තුනයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Defeat is three-legged - Thus enabled to come quicker than with one or two legs. (21)
  • පල ඇති ගහේ කොයි සතත් වහනව ලු / පල ඇති රුකේ ලු කුරුළු කොබෙයියොත් වහන්නේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Every kind of bird will resort to a fruitful tree (22) – English: Fair weathered friend (15)
  • පල නොකියා පලා බෙදන්නා සේ (9-312) / වෑත්තෑවේ හිමි පලා බෙදුවා වගේ විජේතුංග 2013 පිට 45 (17) [විශ්වාස][කතා][උපමා] - යම් පුද්ගලයකු යම් ස්ථානයකින් ඉවත් නොකර ඉවත් වීමට සිදුවන සේ ක්‍රියා කිරීම (39) / කිසියම් කරුණක් සෘජු ලෙස නොපවසා වෙනත් ක්‍රමයකින් ඉගි කොට දැක්වීම (41) - වෑත්තෑවේ හිමි සහ තොටගමුවේ හිමි අතර කතාවක් (රැපියෙල් තෙන්නකෝන් / ටී එස් ධර්මබන්ධු) - සමාන: එපා වාහෙට හොදි බෙදන්නා වගේ
  • පලා යන්නෝ දිනන්නෝ [ආප්තෝපදේශ] (1-167)
  • පවට පින් දෙන්න බෑ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - පව්කාරයාට පිං දෙන්න බැහැ - It is not possible to offer merit to a sinner (21) - බලහත්කාරයෙන් කෙනෙකුට යහපතක් කල නොහැකිය (45)
  • පව්කාරයන්ට මොන සව් කැඳ ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] What sago congee for sinners? (21)
  • පව්කාරයා ගිය ගිය තැන ගල් වැහි / පව්කාරයාගේ හිස බූ ගෑ දා ගල් වරුසාවක් වැස්ස ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - On the day that the sinner's head was shared, there was hail (22) / Wherever the sinner goes, there is hailstorm (21) – related to Arahath Mugalan story (?)- A variant is: “There is certain to be a hailstorm when the unlucky man gets his head shaved” (21)
  • පව්කාරයා පොත නූස්සයි, තඩ ගෙන යයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The sinner will not take up a book, but will carry a load (22) - ඉගෙන ගැනීම සඳහා පොතක් අරින්නේ නැති කෙනාට බර වැඩ කිරීමට සිදුවේ (?)
  • පස්දුන් කෝරළේ මිනිස්සු වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the people of Pasdun Korale - The people of this Korale, like those of Maggona and Tumpane in former times, were said to be great simpletons. On one occasion they are said to have spread mats for elephants to walk on. Pasdun Korale is in the Kalutara district (21) - සමාන: මහ නායක වුනත්, ගම තුම්පනේ නොවැ / මග්ගොන මිනිස්සු ලිං තැඩලුවා වගේ / ඕවිටිගල මිනිහා වගේ
  • පස්ස කැඩිච්ච කඩියා වගේ [වාග්ව්‍යවහාර][උපමා]
  • පහත් තැනින් යයි ගලා ජලේ / දිය මිටිතැනින් බහින්නා වගේ / මිටි තැනින් වතුර බහිනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] Water always flows down the lowest place (22) - කිසියම් වරදක් සිදුවූ විට එය අහිංසකයන් පිට පැවරීම (39)- “කොතැන ද පාත එතනට දිය වෙයි රාසී - කොතැන ද මීය එතන ට බිඟු වෙයි රාසී - කොතැන ද පාන එතනට පළඟැටි වැනසී - කොතැන ද කාසි එතනට මයි හැම වාසී" - සුබාෂිතය “සුදන ගුනෙන් යුතු උතුමන් ගේ පියකරු - අබිමතකින් වූ රොස නො කළ හැකි දුරු - සිහිල් ගුණෙන් යුතු දිය දහර පිවිතුරු - මිටි මඟෙකින් යන කල නවතති කවුරු”
  • පහනින් ගත් පහන්, එක ලෙසම බබළන්නා වගේ / පහනින් පහන් සීයක් දැල් වූවත් මුල් පහනේ ආලෝකය අඩු නොවේ / පහනින් පහන් සිය ගණනක් දල්වුවත් පසුව දැල් වූ පහන් ද මුල් පහන හා සමානව ආලෝකය පතුරයි - [විශ්වාස][සාහිත්‍ය][උපමා] - ගුරුවරියක සිසුන්ට දැනුම ලබා දෙන විට ඇයගේ දැනුම වැඩි වෙනවා මිස අඩු නොවේ වැනි අවස්ථාවලට යෙදේ - සුභාෂිතය: "පහනින් පහන් සිය ගණනක් ඇවුලුවද - එ පහන් සිළෙහි අළු අඩු නො ව දිලෙන ලෙද - ලොව අන් සතුන් ගුණ පළ කරමින් නිබඳ - සුපසන් ගුණෙන් වැජඹෙති සුදනෝ පබඳ"
  • පහන් සිලට ඇදෙන පළඟැටික් මෙන් [විශ්වාස][ප්‍රපංච][උපමා] - “කොතැන ද පාත එතනට දිය වෙයි රාසී - කොතැන ද මීය එතන ට බිඟු වෙයි රාසී - කොතැන ද පාන එතනට පළඟැටි වැනසී - කොතැන ද කාසි එතනට මයි හැම වාසී"
  • පහර පිට පහර දෙන කොට ගල් පර්වතත් ගමන් කරයි ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A successive blows will set even rocks in motion (22)
  • පහු පහු වෙන කොට කොහු කොහු වෙනව ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - සමාන: කොයි කොයි කොස්සත් අලුත් පිට හොඳට අතු ගෑවෙනවා / දෙවේලේ දකින කුකුළාගේ කරමල සුදු ලු / අතිරහ වුනත් නිතර කන කොට එපා වෙනව ලු – ආර්ථික විද්‍යාවේ ආන්තික උපයෝගීතා න්‍යාය (Marginal Utility).
  • පත්තිනි සළුවෙත් ඇත් තුත්තිරි තියනව - "පත්තිනි සළුව කියන්නෙ පතිවතේ සළකුණ, රෙද්දෙ තුත්තිරි ගෑවෙන්නෙ අනියම් පෙම්වතා එක්ක කැලේ රිංගුවම" / "පතිවතට අධිපති දෙවඟන තමයි පතිතිණි දේවි.තුත්තිරි කියන්නෙ බැද්දෙ වැවෙන තෘණ වි⁣ශේෂයක්....පත්තිණි දෙවඟන රෙද්ද ලිහල තුත්තිරි ගාලක දිගාවෙන්න ඕන රෙද්ද පුරා තුත්තිරි ඇනෙන්න" / "තුත්තිරි වර්ග දදෙකක් තියනවා ඔය කියන්නෙ ලොකු තුත්තිරි ගැන. ඇත් තුත්තිරි කියන්නේ විශාල ඒවට" / "තුත්තිරි නිකන්ම ඇදුමේ රැදුනට ඇත් තුත්තිරි ඒම රැදෙන්නේ නෑ.ඒක රැදෙන්න තුත්තිරි ගොඩේ වාඩිවෙන්න හරි හාන්සි වෙන්න හරි ඕන." - " තිත්ත තිබ්බටු කිරෙන් බැන්දත් තිත්තමයි හත් දෙයියනේ - වත්තෙ නැන්දගෙ රෙද්දෙ තුත්තිරි සිද්ධ පත්තිනි දෙවියනේ"

පා[සංස්කරණය]

  • පාත්තයින්ගේ රිස්ස යන්න හකුරු බෑ තුන ගානේ බැන්දා වගේ / "පාත්තයාගෙ රිස්ස යන්න හකුරු බැන්දා වගෙයි / පාත්තයාගේ රිස්ස යන්න මුලකට බෑ තුන තුන බැඳපන්" [විශ්වාස][කතා][උපමා] - පාත්තයින් ගේ රිස්ස යන්න හකුරු මුල් බැඳපු කතාවේ පාත්තයින් යනුවෙන් අදහස් කළේ පහතරැටියන්. ඉස්සර කාලේ පහතරට මිනිස්සු උඩරටට ගිහින් තියෙනවා වෙළඳාමට. උඩරටින් පහතරටට හකුරු ගෙන එනවලු. ඔය වැඩේදි මොකක් හෝ අරෝවක් වෙලා උඩරට අය හිතල තියෙනවා පහතරට අයට පාඩමක් උගන්වන්න. එයාල කරලා තියෙන්න හකුරු බෑ දෙකක් වෙනුවට තුනක් සිටින සේ මුල් බැඳලා පාතරැටියන්ට දීම. අරමුණ තමයි ගෙනියන්න වෙන බර වැඩි කිරීම. නමුත් ඉතින් ඒකෙන් පාතරැටියන්ට නොමිලේම අමතර බෑය බැගින් ලැබිලා තියෙනවා. ඔය කතාව කියන්නෙ පාත්තයින්ගේ රිස්ස යන්න හකුරු බෑ තුන ගානේ බැන්දා වගේ කියලා Aruna Ranawaka / "Hashitha Abeywardana ​පාතරැටියන් නැවත නැවතත් හකුරු ගෙනයාමට පැමිනීම නවත්තන්න හකුරු බෑ දෙකක් වෙනුවට තුනක් තියා හකුරු මුලක බර වැඩි කළ බවට ඇති ජනකතාව. ඔය කතාව කියන්නේ තුම්පනේ මිනිස්සුන්ව කිච කරන්න. හෂිත අබේවික්‍රම" / "Hansaka Wickramasinghe "උඩරැටියන් පහතරැටියන්ව පාත්තයා නමින්ද හැඳින්වූහ.එකල භාණ්ඩ හුවමාරුව සිදුවූ කාලයකි. කථාව අනුව පහතරැටියන් ගෙනයන ලද යමක් (ලුණු විය හැක) උඩරට හකුරුවලට හුවමාරු කරගැනීම සිදුවිය. කෙසේ හෝ පාත්තයන්ට රිදවීම පිනිස ගොඩයන් විසින් එක හකුරු බෑව වෙනුවට බෑ දෙක දෙක එකට තබා බැඳ, තනි බෑ ලෙස ගණන් තබා දෙනවා, බර දෙගුණයක් වීම නිසා කරෙන් ගෙනයනකොට පාත්තයන්ට අමාරූවීම පිණිස. ටික දුරක් අමාරුවෙන් ඔසවාගෙන යන පාත්තයින්, බරවැඩිවීමට හේතුව සොයාගැනීමට හකුරු මුල් කීපයක් ලෙහා බලනවා. මුලකට බෑ තුන තුන බැඳ තුම්පනේ අය/ උඩරැටියන් ඇති මෝඩ කමට සිනාසෙමින් ඔඅවුන් හකුරු ගෙන යනවා"
  • පාන් ගෙඩියේ මසුරන් තබා දීලත් පව් කාරයාට නොලැබුණි ලු / උත්සහ වන්තයා සහ වාසනාවන්තයා කැවුම් කෑවා වගේ [විශ්වාස][කතා][වාර්තා] - Even after giving gold coin in the bread sinner did not කොණ්ඩයේ මැණිකක් උත්සහ වන්තයා කැවුම කා කොණ්ඩයෙන් වාසනාවන්තයාට දම ගැසීම - කතාව බලන්න විජේතුංග 2013 පිට 242 (17) get them (22)
  • පාන්මඩු අස්සේ ගිනිමඩු පටන් ගත්තා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like commencing a Panmadiiwa in the midst of a Ginimaduiva. - Panmaduwa, a temporary shed erected for the purpose of invoking the gods / demons and making offerings to them. These sheds are so called because the ceremonies are performed by lamplight in the night. – Ginimaduwa, the place where offerings are made to Agni-Devi, the goddess of fire (22)
  • පාපයක් නැතිව සාපයක් කොයින් ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Where is the curse that is not the consequence of sin (22)
  • පාරට්ටු හොද්දේ ලුණු නැතිව යනවා වගේ [වාග්ව්‍යවහාර][උපමා] - දීප්තිය අඩු වෙනවා - අලුත බැඳපු සැමියාගේ පුරුදු දකින විට පාරට්ටු හොද්දේ ලුණු නැතිව ගියේය - English: take the gilt off the gingerbread - Make something no longer attractive or desirable (15)
  • පාරු කාරයාගේ උම්බලකඩේ වගේ [විශ්වාස][කතා][උපමා] - Like the “umbalakade “of the padda-boatman - That is, a thing which is constantly trotted forth and whose present value or usefulness is a doubtful quantity - There was a boatman who prepared his daily soup of Maldives fish (umbalakade) in this wise. Into the boiling water he lowered the piece of Maldives fish and held it there for a while for seasoning. Then he removed the Maldives fish and hung it up in a safe earner of the boat, to be brought out again and used in the same way, day after day, for each new preparation of his soup. The essence of the umbalakade gone after its first boiling, it was practically valueless for the subsequent preparations of the boatman’s soup. The padda-boat (paruva) is a flat-bottomed boat, para “boat, barge” (Clough Dictionary) (21)
  • පාලම ගහගෙන ගියාට තොටුපලත් ගහගෙන යයි ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Although the bridge is washed away, will the ferry go, too? - English: Hope springs eternal in the human breast (21) - it is human nature always to find fresh cause for optimism
  • පාලු ගෙයි වළං බිඳින්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - අවශ්‍ය පුද්ගලයා නැති වටකදී ගර්ජනය කර කෑ කෝ ගැසීම හෝ බියගුළු දෙයක් කිරීම (39) / කිසි කෙනෙකු නොමැති තැනක තම අභිමතය පරිදි කටයුතු කිරීම (41)
  • පාලු පැල් රැක්කා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like remaining in deserted watch-huts (22) / Like guarding deserted huts (21)
  • පාවෙන පාවෙන කුණු බේරුවල් තුඩාවට ලු / බොක්කට ලු (9-139) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Whatever rubbish floats collects at Beruwala point (22) / Whatever rubbish floats goes into the Beruvala “bokka.” (21) - කාගෙ කාගේත් වැරදි එක් කෙනෙක් පිට පටවන කොට (9-139) - Beruvala is a sea-coast town of Ceylon, not far from Colombo. Bokka means, literally, “bay” (21)
  • පාසලක් අරින්නා හිර ගෙයක් වසන්නේ ය [ආප්තෝපදේශ]

පැ[සංස්කරණය]

  • පැණි තියෙන තැන ඇඹලයෝ හිඟ නැහැ ලු [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - Where there is honey, there is no lack of ants (21)
  • පැණි ලබ්බෙ වැටුණු එළ ඩිබ්බා වගේ / පැණි හැලියේ වැටිච්ච කුහුඹියා වගේ / පැණි හැළියේ වැටුණු ඇඹලයා වගේ (22) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the ant which fell into a pot of honey - යමකට ඉතා ආසාවෙන් ඇලී ගැලී සිටීම (49)
  • පැදුරටත් නොකියා ගියා (14) [වාග්ව්‍යවහාර] - කාටවත් නොදන්වා
  • පැමිණි දුක් පැණි රසයි ලු (22) (14) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Past sorrows are sweet (21) - නොවැළක්විය හැකි කරදරයක් ආ විට එය සතුටින් බාර ගැනීම - Sorrows that have already befallen are sweet – English: Sweet are the uses of adversity – See: අතිරහත් තිත්ත රහයි, පැමිණි දුක් පැණි රහයි
  • පැල් ලැග්ගා ගිනි, තැප්පාට හිලව් [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Opportunity to warm one's self, was the only advantage gained by remaining in the watch hut (22) / Warmed himself at the fire to make up for his vigil in the watch hut (21)
  • පැහිච්ච කෙතේ බිජුවට වපුරනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - දැනටමත් සශ්‍රීක කෙනෙකුට තව තවත් දීම - ලෝකෝපකාරය "ඉසුරුමත් හට දෙන දෙය වපුරන වැන්න පැසි කෙතෙහි බිජු"
  • පැහීමෙන් නරක වෙන්නේ මනුෂ්‍යයා විතර ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Ripeness renders only man unsightly (22) / Only man becomes unsightly by ripening (21)
  • පැහෙන්න ඉස්සර ඉදුනා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like ripening before arriving at maturity (22)

පි[සංස්කරණය]

  • පිං ඇති දාට ගොනත් වදනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - On a lucky day even bulls are said to bring forth (22)
  • පිංකම් අස්සේ කොටි නටන්න යනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like going to start tiger-dancing in the midst of a “Pinkama" - This was said of a man who joined in a good and laudable matter from selfish or unworthy motives - Pinkama is a Buddhist religious festival. A variant is “Like going to make bears dance, etc.” (21)
  • පිංගුත්තරයාට ශ්‍රියා කාන්තාව බාර දුන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - නොගැළපෙන යුවලක් - English: A square peg in a round hole. Also, a round peg in a square hole. A misfit, especially a person unsuited for a position or activity. For example, Ruth doesn't have the finesse for this job; she's a round peg in a square hole. This idiom, with its graphic image of something that cannot fit (15)
  • පිටවාන හැර දමා වැව රැක ගන්නාක් මෙන් [විශ්වාස][ප්‍රපංච][උපමා] - සමාන: වක්කඩ කඩා කුඹුර රැක ගන්නා වගේ - ප්‍රධාන අංගය ආරක්ෂා කිරීමට සුළු දෙය අතහැරීමට සිදු වීම - ලෝකෝපකාරය "වැව් අමුණු පිරි දිය - පිටවාන හැර සුරැකි කළ මෙන්"
  • පිත් නැත්නම් හිත් කොයින් ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - How can there be a heart if there’s no bile? (21)
  • පිදුරු ගොඩේ ඉදිකටුව නැති වුණා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - ලොකු ප්‍රදේශයක හෝ වෙනත් ලොකු දේවල් රාශියක් අතරින් ඉතා කුඩා දෙයක් සෙවීම වැනි ඉතා අපහසු කාර්යයක් / නැති වී යමක් සොයා ගැනීමට අපහසු වීම - සමාන: ළිඳේ වැටුණු ඉඳි කටුව සොයනවා වගේ - (39) English: 1. Look for a Needle in a haystack, 2. Wild goose chase (15) - A foolish and hopeless search for or pursuit of something unattainable - "physicists searching for the hypothetical particle may be on a wild goose chase"
  • පිදුරු ගොඩේ බල්ලා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the dog in the heap of straw (21) - Synonymous: බල්ල පිදුරු කන්නෙත් නැහැ, කන ගොනාට දෙන්නෙත් නැහැ
  • පිදුරු වෙනිය ඇඳ කුකු නටන කිඩින්ට වත් කාරියක් ලද නෙයියාඩම කැයි කීවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Is a gift of cloth a trifling thing to the straw-covered dancer masquerading like a dog? (21)
  • පිනා එක්ක වනන්න බැහැ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - You cannot contend against the fortunate man (21)
  • පිනැත්තන්ට බුරන බල්ලාගේ කටේ දත් වැටෙනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The teeth of the dog which barks at the fortunate will fall (22) / The teeth will fall of the dog who barks at fortunate people (21)
  • පින්න තියෙන්නේ හිරු පායනකම් විතරයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - "සූරිය උදා වනතුරු පිනි බෑවිල්ල, පාරුව පදින තුරු සයුරේ නැළවිල්ල, මාරුව බල බලා සිත යට කැරකිල්ල, කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල"
  • පිඹුරු දඩයම වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like a “pimburu “hunt - The pimbura is the rock snake (Python molurus). It is said that no animal can escape death once folded in its coil. According to Sinhalese folklore, the pimbura swallows a deer whole and then goes between the trunks of two trees growing near each other, in order to crash the bones of its prey (21)
  • පියවරු ඇඹුල් මිදි ඵල කෑව විට දත් හිරිවැටෙන්නේ දරුවන්ගේ ලු / දරුවන්ගේ දත් හිරි වැටෙන්නේය [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - Source: Bible Ezekiel 18:2 ‘The fathers eat sour grapes, but the children’s teeth are set on edge’? / "'The parents eat sour grapes, and the children's teeth are set on edge'?
  • පියවරු ගොයිතැන් කළොත් දරුවන්ට කරල් අහිඳීමට ඉඩැත් ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - If fathers cultivate the children will have a chance of gleaning (22)
  • පියාපත් සිඳපු කුරුල්ලෙක් වගේ / අත් තටු කපපු කුරුල්ලෙක් වගේ [වාග්ව්‍යවහාර][උපමා - යම් බලතලයක් හෝ උපකරණයක් අහිමි කිරීම නිසා යමකු අඩපණ වෙනවා - English: Take the wind out of someone's sails - To discourage someone greatly; to cause someone to lose hope or the will to continue; to thwart or minimize someone's ambitions
  • පිරුණු කළේ දිය නොසැලෙයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A pot filled to the brim does not shake (22) / Water in a filled pot does not shake (21)- බුද්ධිමත් පුද්ගලයා තැම්පත් පුද්ගලයෙකු බවත් එවැන්නන් බොරු ඝෝෂා නොකරන බවත්ය (41) / උගතුන් ඉතා නිහතමානිව සිටි අනුවණයි පුරසාරමෙන්කල් ගෙවයි (45) – English: 1. An empty vessel makes much noise. Foolish or stupid people are the most talkative. Example: The spokesperson of the ruling political party yesterday was shouting at the top of his voice on a TV debate, trying to defend the indefensible. Empty vessel makes much noise (32) / 2. Still waters run deep. If a person doesn’t speak much, it doesn’t mean they lack depth or are uninteresting. Example: She is one of the smartest persons in the organization. She may not talk much, but still waters run deep (32) (15) - "කුලුණු දුළේ නැණ ගුණ නෙසතර සොඳට - පුහුණු කෙළේ නම් යම් කිසිවෙක් ඔහුට - දරුණු දලේ මන් නැතිවෙයි ලොව පලට - පිරුණ කළේ දිය නො සැලේ කිසිම විට" - ප්‍රත්‍යය ශතකය "අර්ධං ඝටං ඝෝෂණ යෙච්ච ශබ්දං - සම්පූර්ණ කුම්භං න කරෝති ශබ්දං - ප්‍රහීන විද්‍යා ප්‍රකරෝති ගර්වං - සම්පූර්ණ විද්‍යා න කරෝති ගර්වං" අඩු කළයෙහි දිය චංචල වේ. පිරුණු කළයේ දිය නොසැලේ. නූගත් කෙනා ගර්වයට පැමිණෙන නමුත් උගතා ගර්ව රහිත වේ.
  • පිස්සිගේ පලා මල්ල වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like a mad woman's bag of pot herbs (22) - යමක් ඉතා අවුල් සහගත ලෙස තිබීම (39) / යමෙකුගේ වැඩවල කිසිම පිළිවෙළක් නොමැති වීම (39), A writing abounding in incongruous, or heterogeneous matter (53).

පී[සංස්කරණය]

  • පීනන්න දන්නේ නැත්නම් ජීවිතේම ඉවරයි / පණ්ඩිතයා ඔරුවෙන් එගොඩ වෙන්න ගියා වගේ [විශ්වාස][කතා][උපමා] - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 58 (11) / විජේතුංග 2013 පිට 208 / 267 (17)
  • පීරට දත් ගහන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like trying the teeth upon a file (22)
  • පීරා කන කුකුළාගේ දෙපා බින්දා සේ (10) [විශ්වාස][ප්‍රපංච][උපමා]

පු[සංස්කරණය]

  • පුංචි ගමයයි මහ ගමයයි වගේ / හොරි කහපිය ගිනි පිඹපිය කීවා ලු [විශ්වාස][කතා][වාර්තා] - නිවට හෝ දුබල කෙනෙක් තලා පෙළා යුතු ලෙස වැඩ ගන්නා විට - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 55 (11) විජේතුංග 2013 පිට 48 (17) / විජේතුංග 2013 පිට 213 (17)
  • පුංචි ළමයි නැති ගෙයි නාකි දනගානවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Old people crawl about in the house where there are no infants (22)
  • පුක / පිට කහගන්න නියපොත්තක් නැහැ [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - දිළිඳුව සිටිනවා
  • පුක දාච්ච බල්ලා වගේ (9-22) / වල්ගේ දෑ බල්ලා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like a clog with a burnt tail (22) - නිකරුණේ එහෙ මෙහේ දුවන කෙනෙකුට සරදමට (9-22) - සමාන: බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ
  • පුතා වෙනුවට වඳුරෙක් දුන්න කතාව වගේ [විශ්වාස][කතා][උපමා] - අවංකයාට අවංක කමින් ද, කරුණාවන්තයාට කරුණාවෙන් ද වංකයා ට වංක කමින් ද සළකන්න – “සාධුකන් සාධුකං චයිවා - වංකන් වංක මිවාචා - සවර්ණ තඹර පලන් චයිවා - පුත්‍රෝ භවති ව්ද්නාරා” – ප්‍රත්‍යය ශතකය “ඍජුකං ඍජුකං චෛවච වංකං වංකං මේවච - ස්වර්ණ තාම්ර ඵලං චෛව පුත්‍රෝ හවති වානරඃ" ඍජු කමට ඍජු කම ද, වංක කමට වංක කම ද, යෙදිය යුතුය. ස්වර්ණ තාම්ර යයි කීවා හට වානරයෙක් පුත්‍රයා කියා දුන්නාක් මෙනි. Transliteration: “Sadhukan sddhukan chaiva - Vankan vanka mivacha - Svarna tdmbra palan chaiva - Putro bhavati vdnarah” – Translation: Be upright to the upright, be kind to the kind, and dishonest to the deceitful (21) - The moral is illustrated by the following story: A certain man, having accidentally found a golden pumpkin, gave it to a friend for safe keeping. When the owner asked for it back, his friend gave him a brass one, and he went away apparently satisfied. Sometime after, the friend entrusted the owner of the pumpkin with one of his sons; but, when the father demanded the son back, he produced a large ape. A complaint was made to the King who ordered each man to restore what each had received from the other (21)
  • පුත්තලමට / හම්බන්තොටට ලුණු ගෙනියනවා / පටවනවා වගේ (9-140) (14) [විශ්වාස][ප්‍රපංච][උපමා] - යමක් සුලභව ඇති තැනකට ප්‍රයෝජනයක් නැතිව ඒ දෙය ගෙන යාම - English: Carrying coals to Newcastle
  • පුන් සඳේත් කැළලක් නැද්ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - මෙලොව වරදක් නැති කෙනෙක් නැත (40)
  • පුරුද්දට වඩා ජන්මේ ලොකුයි [විශ්වාස][කතා][වාර්තා] - පහනක් අල්ලා ගෙන ඉන්න පුරුදු කළ බළල් පැටියා මීයකු දුටුව විට පුරුද්ද අමතක වී ජන්මෙන් ගෙන ආ සහජ ලක්ෂණ වී පහන අතහැර මීයා ඇල්ලීමට පැනීම. - මෙය බටහිර කතාවක් වුනත් සමහරු වීදාගම හිමියන්ට සහ රාහුල හිමියන්ට ආරෝපණය කර ඇත - විදාගම හිමියන් පන්සලේ හිටපු පූස් පැටියට නායක හාමුදුරුවෝ රාත්‍රියේ පොත් බලනකොට ලන්තෑරුම අල්ලන්න පූස් පැටියව පුරුදු කළා. දවසක් විදාගම හාමුදුරුවෝ, තමන්ගේ ගෝල නම වෙන තොටගමුවේ ශ්‍රී රාහුල පොඩි හාමුදුරුවන්ගෙන් අහනවා "පොඩි නම කියන්න බලන්න වැඩියෙන් ලොකු ජන්මෙද පුරුද්දද කියලා". රාහුල හාමුදුරුවෝ කියනවා "ජන්මේ පුරුද්දට වඩා ලොකුයි අපේ හාමුදුරුවනේ" කියලා. " නෑ පොඩි නම ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි. මම ඒක අද රූට පෙන්නන්නම්කෝ." කියලා කියපු වීදාගම හාමුදුරුවෝ පොතක් අරගෙන මේසේ උඩ තියාගෙන බලන්න ගත්තා. පූසත් පුරුදු කරපු විදියටම මේසේ උඩට නැගලා ලන්තෑරුම අල්ලගෙන ඉන්නවා නායක හාමුදුරුවන්ට පොත බලන්න පුළුවන් විදියට. "දැක්කද පොඩි නම මේ පූසට ලන්තෑරුම අල්ලන එක ජන්මෙන් ආවේ නැති වුනාට පුරුද්දෙන් ඇති වෙලා තියෙන හැටි. ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි" කියලා වීදාගම හාමුදුරුවෝ කිව්වා. කිසිවක් නොකියා සිනාවකින් සංග්‍රහ කළ රාහුල හාමුදුරුවෝ අසල පිහිට මී කූඩුවක සිටි මීයෙකු එළියට ගෙන අර පූසාට පෙනෙන තැනකින් තිබ්බා.මීයා දුටු පූසා ලන්තෑරුම ඇල්ලීම පසෙකලා මියා පසුපස දුවන්නට වුනා. "දැක්කද ලොකු හාමුදුරුවනේ ‘පුරුද්දට වඩා ජන්මේ ලොකු වෙච්චි හැටි’. කියලා රාහුල හාමුදුරුවෝ කීවා.] උපුටා ගෙන සැකසුවේ ජෝතිෂ්‍ය ලංකා බ්ලොගයෙන් - සමාන: ආරේ ගුණ නෑරේ, උපන් ගෙයි ගතිය බලි ඇරියත් නෑරේ, බලු නගුට හත් අවුරුද්දක් උණ පුරුකේ දමා තිබ්බත් ඇද ඇරෙන්නේ නැහැ, ගහේ කටු උල් කරන්න ඕනද? What is bred in the bone comes out in the flesh (14)
  • පුවක් ගහෙන් බහින්නා වගේ [වාග්ව්‍යවහාර] - යම්දෙයක් ඉතා පහසුවෙන් සහ ඉක්මනින් කිරීම (45)
  • පුස්ස බින්දා වගේ [වාග්ව්‍යවහාර][උපමා] - Like breaking open a hollow fruit (21) - බලාපොරොත්තු සුන් වී යාම (39)
  • පුහුල් හොරා කරින් දැනේ (22) (14) [විශ්වාස][කතා][වාර්තා] - He who steals an ash-pumpkin will be betrayed by his shoulder (22) / He who steals a “puhula “will be betrayed by his shoulder - The fruit has an ash coating which leaves its tell-tale mark on the shoulder, upon which, being heavy, it is usually carried by the villager, who is, bare-bodied (21) - යමක් සිදු කල පුද්ගලයා ළගම ඒ පිලිබඳ සාක්ෂි තිබීම (37) / බාහිර ඉරියවු වලින් වරදකරු සොයා ගැනීම (45) / යමෙකුගේ හැසිරීමෙන් ඔහු වැරදිකරු ද, නිවැරදිකරු ද කියා දැනගත හැකිය (39) - සමාන: අබ කෑ මිනිහාගේ මොළේ දනවා- කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 42 (11) - එක්තරා ගම්මානයක ගමරාල කෙනෙක් විය. ඔහුට එළවළු කොටුවක් තිබුණි. එහි අළු පුහුල් වැලක ලොකු ගෙඩියක් හටගෙන තිබුණි. පුහුල හොදට පැසී තිබෙනු දුටු ගමරාළ පසුදින එය කඩාගනු පිණිස කොටුවට ගියේය. ඔහුට දකින්නට ලැබුණේ පුහුල කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇති බවකි. සොරා අල්ලා ගත යුතුයැයි සිතූ ගමරාළ ඒ සදහා උපායක් යෙදීය. එම උපාය නම් සීදුවක් නාද කරමින් ගම පුරා සැරිසැරීමය. එසේ ගමරාළ ගමන් කරන විට මෙසේ ගමන් කිරීමටහෙුතුව කුමක් දැයි මිනිසුන් ගමරාළගෙන් ප්‍රශ්ණ කරති. එයට හේතුව ලෙස තම එළවළු කොටුවේ තිබූ අළු පුහුල් ගෙඩිය ඊයේ රාත්‍රියේ කිසිවෙකු විසින් සොරකම් කරගෙන ඇතිබව එහි පැමිණි ජනතාවට ප්‍රකාශ කළේය. පුහුල කපාගෙන ගිය සොරාද මේ අතර විය. ගමරාළ පුහුල පිළිබද විස්තර පවසන විට සොරා තමාගේ කර පිස දැම්මේ පෙරදින පුහුල කර තබාගෙන යනවිට ගෑවුණු අළු තවමත් ඇතැයි සැක සිතමිනි. මෙම ක්‍රියාව දුටු ගමරාළ “පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් ප්‍රකාශ කරමින් සොරා අල්ලා ගත්තේය (41)

පෙ[සංස්කරණය]

  • පෙරලෙන ගලේ පාසි නොබැඳේ (45) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - English: A rolling stone gathers no moss. A person who is always changing jobs and places has the advantage of less responsibilities, but also the disadvantage of no fixed place to live. Example: He was a bit of rolling stone before he got the job and settled down (32) - යොදන අරුත අනුව මේ කියන්නේ ගලක් ගැන නොව “එකතැනක නොරැඳී තැනින් තැනට යන කෙනෙකුට දැනුම, වස්තුව, ආදිය එකතු කරන්න බැහැ” කියන එක කියලා අනුමාන කරන්න පුළුවන්. සමහර විට මේ වගේ ප්‍රස්තා පිරුළු දෙන්නෙක් සුළු වශයෙන් වෙනස්ව අරුත් ගන්න ගන්නත් ඉඩ තියෙනවා. උදාහරණයක් විදියට මේ කියන්නේ “එක තැන හිටියොත් පල් වෙනවා නැත්නම් පුස් කනවා ඒ නිසා ඉදිරියටම යන්න ඕනේ” කියලා තවත් කෙනෙක් හිතන්නත් පුළුවන් / තැනින් තැනට මාරු වෙන කෙනා ළඟ දැනුමක් ඉතිරි නොවේ - නිතර කාර්යයන් හි යෙදී සිටින පුද්ගලයාගේ දැනුම මුවහත් වේ (39) / නිතරම ක්‍රීයාකාරී පුදු්ගලයා සැම විටම නැවුම් වේ
  • පෙරහැරේ යන අලි කොට අදින්නේ නැතුවා වගේ (45) [විශ්වාස][ප්‍රපංච][උපමා]
  • පෙව් කිරි වැන්න විෂ ඝෝර සප් / සර්පයින්ට කිරි පොවනවා වගේ / කිරිපොවා ඇතිකළ සර්පයා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - As gave to drink milk to a venomous serpent (22) / Like giving milk to a venomous serpent to drink (21) - යමෙකුට කොච්චර උපකාර කරත් ඇය දුදන ගති ඇති හෙයින් කොයි යම් මොහොතක හෝ කිරි පෙව් තැනැත්තාට හානියක් කළ හැක / සර්ප පැටියා කිරිපොවා ඇතිදැඩි කළත් ඌ ලොකු වුණා ම උගේ නපුරුගති ලක්ෂණ මතු වී එයි (33) - වෙළුක ජාතකය: තවද එක් සමයෙක්හි සර්‍වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරනසේක් එක්තරා දුර්‍වච (අකීකරු) භික්ෂූවක් අරභයා මේ ජාතකය වදාළසේක. සර්‍වඥයන් වහන්සේ ඕහට වනාහි “මහණ, තෝ දුර්‍වච වූයේ සැබෑදැ?”යි විචාරා “ස්වාමීන් වහන්ස, සැබැව”යි දැන් වූ කල්හි “මහණ, තෝ දුර්‍වච වූයේ දැන්මතු නොවෙයි, පෙරත් දුර්‍වච වූයෙහිය. දුර්‍වච වූ බැවින්ම නුවණැත්තන්ගේ වචනය නොකොට සර්පමුඛයෙන් ජීවිතක්‍ෂයට(සර්පයෙකු දෂ්ට කිරීමෙන් මර්ණයට) පැමිණියෙහිය”යි වදාරා ඉකුත්වත් කථාව වදාළසේක. යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන කල්හි බෝධිසත්‍වයන් වහන්සේ මහාභොග කුලයෙක්හි (මහ ධනවත් පවුලක) ඉපිද වැඩි වයසට පැමිණ පංචකාමයෙහි ආදීනව හා මහබිනික්මන් කිරීමෙහි ආනිශංස දැක වස්තුකාමයෙන් (කාම වස්තු) හැර හිමාල වනයට වැද සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් (තවුස් පැවිද්දෙන්) පැවිදිව කිසුණු පිරියම්කොට (කසින භාවනා) පඤ්චාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ධ්‍යාන සැපයෙන් කල් යවනසේක්. මෑත භාගයෙහි මහත් පිරිවර ඇතිව පන්සියයක් තපස්වීවරයන් විසින් පිරිවරණ ලදුව ගණශාස්තෘව (පිරිසට අනුශාසකව) වාසය කරනසේක. ඉක්බිත්තෙන් එක් සර්ප පෝතකයෙක් තමාගේ ස්වභාවයෙන් ගොදුරු කා ඇවිදිනේ එක්තරා තපස්වියක්හුගේ ආශ්‍රමයට පැමිණියේය, තපස්වීන් වහන්සේ ඒ සර්පයා කෙරෙහි පුත්‍රස්නෙහ (දරු සෙනෙහස) උපදවා ඔහු එක් වෙළුපර්‍වතයෙක්හි (උණ පුරුකක් තුළ) හොවා රක්‍ෂා කරන්නේය. ඕහට වෙළුපර්‍වතයෙහි හෝනා හෙයින් ‘වෙළුක’ යයි කියා නමක් කළාහුය. ඔහු පුත්‍රස්නෙහයෙන් රක්‍ෂා කරන්නාහු තපස්වීය හට ‘වෙළුක පියා’ යයි කියාම නමක් කළාහුය. එකල්හි බෝධිසත්‍වයන් වහන්සේ “එක් තපස්වියෙක් වනාහී සර්පයෙකු රක්‍ෂා කරන්නේය”යි අසා ඔහු කැඳවා “තෙපි ආශිවිෂයකු (සර්‍පයෙකු) රක්‍ෂා කරන්නේ සබෑද? කිම්ද” විචාරා “සැබැව”යි කී කල්හි “ආශිවිෂයා හා සමග විශ්වාසයෙක් නම් නැත්තේය. මෙසේ රක්‍ෂා නොකරව”යි කීසේක. තාපසතෙම කියනුයේ “ආචාරීන් වහන්ස, ආශිවිෂයා මාගේ පුත්‍ර වන්නේය. මම ඔහුගෙන් වෙන්ව වසන්ට නොහැකි වන්නෙමි”යි කීයේය. “එසේ වීනම් මොහුගේ සමීපයෙන් ජීවිතක්‍ෂයට (මරණයට) පැමිණෙන්නේහිය”යි කීසේක. තපස්වීන් වහන්සේ බෝධිසත්‍වයන් වහන්සේගේ වචනය නොගත්තේය. ආශිවිෂයාද හරනට (ඉවත දමන්නට) නොහැකි වූයේය. ඉක්බිත්තෙන් කීප දවසක් ඇවෑමෙන් සියලු තපස්වීවරයෝ ඵලාඵල පිණිස ගොස් ගිය තැන්හී ඵලාපලයාගේ සුලභ බැව් දැක දෙතුන් දවසක් එතැන්හිම වාසය කළාහුය. වේළුක පියාණෝද ඒ තපස්වීන් වහන්සේලා හා එක්ව යනුයේ ආශිවිෂයා හුණපුරුකෙහි හොවා පිධානකොට (පියනින් වසා) ගියේය. ඒ තාපසතෙමෙ නැවත සෙසු තපස්වීවරයන් හා දෙතුන් දවසක් ඇවෑමෙන් අවුත් “වෙළුකයා හට ගොදුරු දෙමි”යි කියා හුණපුරුක පියන හැර “පුත්‍රය ක්‍ෂුධායෙහිය, (බඩගිනි ඇත්තේ නොවේද?) එව”යි කියා හස්තය දිගු කෙළේය. ආශිවිෂතෙම දෙතුන් දවසක් නිරාහාර බැවින් කීපී දිගුකරන ලද හස්තය ඩැහැ (දෂ්ටකොට) තපස්වියා එතැන්හිම ජීවිතක්‍ෂයට පමුණුවා වනයට වන්නේය. තපස්වීවරහු ඒ දැක බෝධිසත්‍වයන් වහන්සේට දැන් වූවාහුය. බෝධිසත්‍වයන් වහන්සේ ඔහුගේ ශරීරය ආදාහන කරවා සෘෂි සමූහයාගේ මැද ඉඳ සෘෂින්ට අවවාද වශයෙන් මෙසේ වදාළසේක. “වැඩ කැමැත්තාවූ හිත විත්තයෙන් අනුකම්පා කරන්නාහුගේ අනුශාසනාව අවවාදය යමෙක් නොහික්මිනිද (පිළිනොගනීද) එසේ වූ පුරුෂතෙම වෙළුක නම් සර්පයාගේ පියාණෝ යම්සේ හොත්තාහුද (මැරී වැතිර සිටීද) එපරිද්දෙන්ම නසන ලදුව හෝනේය” යි වදාළසේක. මෙසේ බෝධිසත්‍වයන් වහන්සේ සෘෂි සමූහයාට අවවාද දී සතරබ්‍රහ්ම විහරණයන්(මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්‍ඛා යන උතුම් පැවතුම්) වඩා ආයුෂයාගේ කෙළවර බ්‍රහ්මලෝකයෙහි උපන්සේක. ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ වදාරණසේක් “මහණ, තෝ දුර්‍වච වූයේ දැන්මතු නොවෙයි, පූර්‍වයෙහිද අකීකරු බැවින් සර්පමුඛයෙන් පූතිභාවයට (කුණුවීමට) පැමිණියෙහිය”යි කියා මේ ධර්‍මදේශනාව ගෙනහැර දක්වා පූර්‍වාපර සන්ධි ගළපා මේ ‘වෙළුක ජාතකය’ නිමවා වදාළසේක. “එසමයෙහි වෙළුක සර්පයාගේ පියාණෝ නම් දැන් මේ දුර්‍වච මහණ වූයේය. අවශෙෂ පර්ෂද් (සෙසු පිරිස) දැන් බුදු පිරිස් වූවාහුය. ගණ ශාස්තෘව උපන්නෙම් තිලෝගුරු සම්‍යයක් සම්බුදුරජ වූ මම්ම වේදැ”යි තමන්වහන්සේ දක්වා වදාළසේක. - ලෝකෝපකාරය "කිරි දී ඇති කළත්- උරග ඇති විස නොවේ වෙනසක්"

පො[සංස්කරණය]

  • පොඩි පොඩි අඩික්කොට්ට කාගේ හැඹිලි වලද නැත්තේ? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - සමාන: කාගෙ පයියෙත් හුණු පොඩි තියෙනවා ලු
  • පොරව කප්පර එද්දී අපව නහන්න අපෙන් එකෙක් ඕනයි කියා බැද්ද කෑ ගැසුවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - When the axe-heads were coming by ship, the forest cried out, “One of ourselves is required to bring about our own destruction.” - “One of us” is, a forest tree which would serve as the timber needed for making handles for the axe-heads (21) - See: බැද්ද වනසන්නේ බැද්දේම ගහක් ලු
  • පොරව මුවහත් නොකළ ගස් කපන්නා වගේ [පුද්ගලික] විදේශීය ජන කතාවක් - එකෝමත් එක කාලෙක ශරීර ශක්තියෙන් අනුන අති දක්ෂ ගස් කපන්නෙක් ජීවත් වුනා. ඔහු ලී මඩු මුදලාලි කෙනෙක් ළඟ රැකියාවකට ගොස් ඒ සඳහා තෝරා ගනු ලැබුවා. තමාට ඉතා හොඳ වැටුපක් ගෙවන්නට පොරොන්දු වූ කාරුණික ස්වාමියෙක් වූ ලී මඩු මුදලාලිට හැකි උපරිමයෙන් සේවය කිරීමට ගස් කපන්නා හිතා ගත්තා. වැඩට ගිය පළමු දවසේම දැව වගාවකට ඔහුව කැඳවා ගෙන ගිය හාම්පුතා ඔහුට පොරෝවක් ද දී කපා හෙළිය යුතු ගස් ඇති ප්‍රදේශය පෙන්වූවා. එදා හවස් වන විට ගස් 18ක් කපා කුට්ටි කර ලී මඩුවට ගෙන් ඒමට අපේ ගස් කපන්නා සමත් වුනා. ලී මඩු අයිතිකරු සතුටින් පිනා ගොස් ඔහුට ප්‍රශංසා කර බෝනස් එකක්ද දුන්නා. ලොක්කාගේ වචනවලින් දිරිමත් වුණු ගස් කපන්නා දෙවැනි දිනයේදී ඊටත් වඩා මහන්සියෙන් වැඩ කිරීමට අදිටන් කර ගත්තා. නමුත් දෙවන දවසේදී ඔහුට කපා බිම හෙළිය හැකි වූයේ ගස් 15ක් පමණයි. තුන්වන දවසේ එම අඩුවත් පිරවිය යුතුයැයි සිතු ගස් කපන්නා ඇඟේ මුළු ශක්තියම යොදා දවල් කෑමට පවා වැඩ නතර නොකර ගස් කැපුවත් එදින කපා නිම කළ හැකි වූයේ ගස් 10ක් පමණයි. දවසෙන් දවස කපන ගස් ප්‍රමාණය අඩුවූ නිසා මගේ සරීර සක්තිය පිරිහෙනවා ඇතැයි සිතූ ඔහු තම සේවායෝජකයා හමුවී තමා කපන ගස් ප්‍රමාණය දිනෙන් දින අඩුවන බවත් ඊට ඊට හේතුව තමන්ට වටහා ගත නොහැකි බවත් පවසා අස්වීමේ ලිපියක් බාර් දුන්නා. ලී මඩු මුදලාලි ගස් කපංනාගෙන් ඇහුවා “ඔබ අන්තිම වතාවට පොරව මුවහත් කළේ කවදාද?” කියා. ගස් කපන්නට මගේ මුළු කාලයම යෙදෙව්වා මිස පොරොව මුවහත් තියන්න මට වෙලාවක් තිබ්බේ නෑ” යැයි ගස් කපන්නා පිළිතුරු දුන්නා. - මෙම කතාවේ ස්වරූප කිහිපයක් මෙම වෙබ් අඩවියේ තියෙනවා http://www.clairenewton.co.za/my-articles/the-wood-cutter-stories.html. “Give me six hours to chop down a tree and I will spend the first four sharpening the axe” කියන කියමන Abraham Lincoln කිවුව දෙයක් ලෙස ආරෝපණය කරලා තිබුණත් මෙම කතාව නම් ලින්කන්ට ආරෝපනය කළ බවක් දකින්නට ලැබුනේ නැහැ. නමුත් එහෙම කලත් පුදුම වෙන්න දෙයකුත් නැහැ. ලින්කන් නවයොවුන් වයසේදී පොරවක් රැගෙන ගිය බවත් ඔහු අදායම් ලැබීම සඳහා ගස් කපා හෙලූ බවත් පෙන්න තියෙනවා. - ඔය වගේ කියමන් වල සත්‍ය අසත්‍ය බව පෙර යෙදුම් ආශ්‍රිතව හොයන පහත සඳහන් වෙබ් සයිට් එකේ විදියට මේ කියමනත් බොහෝ කියමන් වගේම ලින්කන් විසින් ඇත්තටම කියන ලද්දක් නොව කෘතිමව ලින්කන්ට ආඳපු එකක් http://quoteinvestigator.com/2014/03/29/sharp-axe/
  • පොල් අත්ත වැටෙන කොට ගොක් අත්ත හිනා වෙනවා (14) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - උසස්වීමක් බලාපොරොත්තුවෙන් සිටි කෙනෙක් ඉහළ තනතුරේ සිටින කෙනා ඉවත්වෙන විට හෝ කරදරයට පත් වන විට තමා තනතුරට පත් වෙන බව සිතා සතුටු වීම
  • පොල් කඩන්න ඇවිත් වත්තේ මායිම් ගණිනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - ආපු වැඩේ නොකර වෙනත් අනවශ්‍ය වැඩ වල යෙදීම
  • පොල් කෑල්ලත් නැහැ, කරවල කෑල්ලත් නැහැ [කියමන්] - කම්බි හෝ ඇන නැතිව හදපු මී උගුල වගේ
  • පොල් ගසින් තල් පත් පතන්නා සේ තල් ගසින් පොල් පත් පතන්නා සේ (සද්ධර්මරත්නාවලිය) නොසිදුවෙන යමක් (55)
  • පොල් ගහක් අහළකින් වත් යවන්න බැරි කෙනෙක් [වාග්ව්‍යවහාර] - මත් පැන් පානයට ඇබ්බැහි වූ කෙනෙක්, බේබද්දෙක් - English: Flowing bowl (15)
  • පොල් ගහට දැමූ වතුර වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - පොල් ගහ මුලට වත් කරන සාමාන්‍ය වතුර කුරුම්බා වතුර ලෙස රසයක් ද එක් කරමින් ආපසු ලබා දෙයි - ලෝකෝපකාරය "සුදනන්ට කළ වැඩ - පළ නොදෙති යන සැකය නොසිතව් - නෙරළු පැලයට ඇදී - දියට අග පළ ගෙන සිටින මෙන්”, සුභාෂිතය " සත්ගුණ යුත් සතන් හට වැඩ කළොත් සරු - අත්පිට දියුණුවම පලදේය නිරතුරු - වත්කළ දිය නෙරළු තුරු මුලට පියකරු - දෙත් මුඳුනෙත් පල රැස රැගෙන අමයුරු"
  • පොල් පැටෙව්වා වගේ / කොට්ට පොල් පැටෙව්වා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - packed like sardines - crowded very close together, as sardines are in tins (15)
  • පොල් පිති බලියට ඉස්කුරුප්පු තද කළා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like tightening screws on a “pol-piti baliya.” - Pol-pitta is the stem of a coconut branch (21)
  • පොල් හොරකම් කළා නෙවෙයි, එල්ලන් බැස්සයි කීවා වගේ (21) / මම පොල් හොරකම් කළා නෙවෙයි එල්ලන් බැස්සයි කීවා වගේ (22) [විශ්වාස][කතා][උපමා] - Like saying, “I did not steal the coconuts, but simply brought them down the tree.” (22)

පෝ[සංස්කරණය]

  • පෝය හෙවිසිය වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - යම් කාර්යක් දිගටම කරගෙන යාම (41)
  • පෝරක හතෙන්ම වැටිච්ච මිනිහෙක් / වගේ [වාග්ව්‍යවහාර][උපමා] - Like a man who had escaped (lit. “fallen from”) seven gallows
  • පෝරකේට යන්න ඉනිමඟක් නැතිවාට ගෑණියෙක් ඇති ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Why take a ladder to the gallows when you can go there easily by the help of a woman? (21) – Synonymous: හිරගේට මාර්ගය නම් ගෑණි ලු

ප්‍ර[සංස්කරණය]

  • ප්‍රයෝග භක්තිය තුන් ඉරට්ටේ පාපය වේ [උපදේශ][ප්‍රපංච][වාර්තා] - Hypocrisy is a threefold sin (22) / Hypocritical fervour is a three-fold sin (21)
  • ප්‍රවේසමට තිබූ / තැබූ යකඩේ ඈලියාවට ගියා / හිටියා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the iron kept for safe custody getting a sort of purging disease - The term rendered by “purging disease “is eliyawa, which is really “a disease in which the belly is swelled” (21)

[සංස්කරණය]

  • බක තපස් රැක්කා වගේ [විශ්වාස][කතා][උපමා] - බක = කොකා - බලාපොරොත්තු ඉටුවන තුරු බොරු සිල්වත්කම පෙන්වීම (52) / බොරු සීලයක් රැකීම (40) බක නම් සිවුපාවා තපස් රැකපු කතාව 293 තෘතීය බක ජාතකය - කකුළුවා කොකාගේ බෙල්ල කැපූ කතාව - පංචතන්ත්‍රය සහ බක ජාතකයේ අතීත කතාව - ජන කතාව බලන්න, ගුණරත්න 2010 B පිට 43 (5) - The Crane And The Crab Panchathanthra Story: An old and cunning crab had difficulty in catching fish. To avoid starvation, it came up with a plan to get food easily. It sat on the banks of the river with a sad face one day. On being asked, the crane said that he foresaw that there would be a famine, and all the animals in the pond would die soon. The naive fish believed the crane and sought its help. The crane happily agreed to carry the fish in its mouth and leave them in another lake near the mountains, that way, the crane filled its stomach. One day it decided to eat a crab and carried it on its back. The crab saw a lot of fish skeletons on a barren land nearby and asked the crane about it. The crane confessed proudly that it ate all the fish and now it would eat the crab. The crab acted quickly on hearing this and used its claws to kill the crane and save its life. Moral: Do not believe hearsay; check the authenticity of the information before acting. - 038. බක ජාතකය - යටගිය දවස අප මහාබෝධිසත්‍වයෝ එක්තරා වන ප්‍රදේශයක පියුම් විලක් ඇසුරුකොට සිටි ලුණුවරණ ගසෙක රුක්දෙවිව උපන්හ. එසමයෙහි එක්තරා කුඩා විලෙක නියං සමයෙහි දිය මඳවූයේය. එහි කුඩමස්සෝ බොහෝය. එක් කොකෙක් ඒ කුඩමස්සන් දැක “එක් උපායකින් මුන් රවටා ගෙනගොස් මස්කන්නට උවමැනවැ”යි සිතා ඒ විලට ගොස් දිය කෙළවර කරබාගෙන බක තපස් අඟවා සිතිවිල්ලක් සිතා උන්නේය. කුඩමස්සෝ ඔහු දැක ලඟට ගොස් “ස්වාමීනි, කුමක් සිතා ඉදින්නේදැ?”යි විචාළාහුය. කොකා කියනුයේ “තොපට වූ විපත සිතමින් ඉන්නෙමි”යි කීය. “ස්වාමීනි, අපට වූ විපත කුමක්දැ”යි කී කල්හි කොකා කියනුයේ “මේ විල දියත් මඳය? තොපට ගොදුරුත් මඳය, නියඟත් මහත් බැවින් කුඩමස්සන්ට වූයේ මහත් දුකකැ”යි සිතා ඉඳිමි. “තොපි මා කීවා කරවු නම් තොප හැම එකින් එක තුඩින් ඩැහැගෙන ගොස් පස්පියුමින් සැදි මහවිලකට අරින්නෙමි වේදැ”යි කියේය. එවිට කුඩමස්සෝ කියන්නෝ “ස්වාමීනි, කොකාණෙනි, කප අටගත් දා (කල්පය පටන්ගත් දින) පටන් කුඩ මස්සන්ට වැඩකට කාරියක් (යහපත සඳහ වන ක්‍රියාවක්) සිතූ කෙනෙක් නම් නැත, දැනුදු තොපි වනාහි කුඩමස්සන් වංචාකොට එකින් එකා කනු කැමතිව කළ උපායකැයි සිතම්හ”යි කීය. කොකා කියනුයේ “තොපි එසේ නොකියව, මාගේ බස නොඅදහමව් නම් එක කුඩමස්සෙකු එවා විල ඇති බව ඔහු අතින් විචාරා දැනගනුව”යි කීයේය. එවිට කුඩමස්සෝ ඔහුගේ වංචා නොදැන “මේ කොකා ධර්මිෂ්ට එකෙකැ”යි එක්සිත්‍ව විලබලා එන පිණිස එක් කනපද්දකු (ලොකු කණයකු) දුන්හ. කොකාද ඒ කනපද්දා තුඩින් ඩැහැගෙන ගොස් ඒ විලට හැර සියලු විල්වල ඉසුරු (ලස්සන) දක්වා නැවත ගෙන කුඩමස්සන් සමීපයට හැරියේය. ඒ කනපද්දා විලෙහි මහිම කුඩමස්සන්ට විස්තරකොට කියේය. ඒ සියලු මත්ස්‍යයෝම ඒ කොකාට කියන්නාහු “ස්වාමීනි, අප හැම ඒ විල ලුව මැනව”යි කීහ. කොකාද “යහපතැ”යි කියා පළමුකොට කනපද්දා ඩැහගෙන ගොස් විල දක්වා විල ඉවුර පිට සිටි ලුණුවරණ ගසෙහි සැඟවි ඉඳ තුඩින් ඇන කනපද්දා මරා මස්කා ඇට ගස මුල එළා නැවත විලට ගොස් “ඔහු වන්නා (ඔහු නම්) විලට ඇරපිම්, වෙන එකෙක් එව”යි කියා ඔහුද ගෙනගොස් මස් කා මෙම නියාවෙන් එකින් එක ගෙනගොස් මස් කා සියලු කුඩමස්සන් නිමාවට ගියසේ දැන නැවත විලට ආයේ එක් කකුළුවෙකු ඉතිරිවූයේ දැක ඔහුද කනු කැමතිව කකුළුවාට කියන්නේ “එම්බා පින්වත් වූ කකුළුව, මා විසින් සියලු මත්ස්‍යයෝම පස්පියුමින් සැදි මහවිලෙක්හි හරන ලද්දේය. තොපි මෙතන තනිව කුමකට ඉදුද? ඉදින් තෝ කැමැත්තෙහි නම් තාත් ගෙනගොස් විලට අරින්නෙම් වේදැ”යි කීය. එවිට කකුළුවා කියන්නේ “එම්බා කොකාණෙනි, ඒ විලට ගෙනයන්නේ කෙසේදැ?”යි විචාළේය. “තුඩින් ඩැහැගෙන යෙමි”යි කීයේය. “එසේ ගෙන යෙතොත් තොපි මා බිම එලව (හෙළන්නෙහිය), එබැවින් තොප ගෙනයන්ට (තාගේ ගෙනයාම ගැන) බමි”යි (බිය වෙමියි) කීය. කොකා එවිට කියන්නේ “තෙපි එසේ නොබව, යහපත්කොට අල්වාගෙන යෙමි”යි කිවුය. එවිට කකුළුවා සිතන්නේ “මේ කොකා විසින් එක කුඩමස්සෙකුත් විලට හැරියේ නැත, හැම මස් කෑයේය, ඉදින් මාත් විලට ගෙනගොස් විල ලූවොත් පලූ නියාමය (විලට දැමුවොත් දැමුවාවේ) විලට නොහැරියේ නම් මොහුගේ බොටුව කපා දිවි තොර කෙරෙමි”යි සිතා කොකාට කියන්නේ “යහළු කොකාණනි, තොප යහපත්කොට අල්වාගත නොහෙයි, අපගේ යහපත් ඇල්වීමක් ඇත, ඉඳින් තාගේ බොටුව අපගේ නළින්(අඬුවෙන්) අල්වන්නට ලැබේ නම් තොප හා සමඟ යන්නෙම් වේදැ”යි කිවුය. එවිට කොකා තුමු රවටන්ට කී බව නොදැන “යහපතැ”යි පිළිගන. කකුළුවාද තමාගේ නළින් අඬුවකින් ඇල්ලුවක් මෙන් ඒ කොකාගේ බොටුව තරව අල්වාගෙන “දැන් තොප යව”යි කීහ. කොකාද කකුළුවා ගෙනගොස් විල දක්වා ලුණුවරණ ගස දිසාවට යන්ට පටන්ගත. එවිට කකුළුවා කියන්නේ “ඇයි මා විලට නොහැර කොයිගෙන යවුදැ”යි කී කල්හි “කිමෙක්ද කකුළුව, තෝ මට මායම් කියයිද? තෝ මගේ නඟකගේ (නංගි කෙනෙකුගේ) බුහුණනියකගේ (සොහොරියකුගේ) පුතෙක්ද? තෝ මා තා උසුලා ඇවිදිනා කොල්ලකුයයි සිතයිද? තෙල (අර) ලුණුවරණ ගසමුල තිබෙන කටු ගොඩ බල, මත්ස්‍යයන් යම්සේ අනුභව කෙළෙම්ද, තාත් එසේම අනුභව කෙරෙමි”යි කිය. එවිට කකුළුවා කියන්නේ “එම්බා කොක, ඒ කුඩමස්සෝ තමන් නුවණ මඳ හෙයින් තට ගොදුරු වූහ. එසේ අප රවටන්නට නොපිළිවන, තාම විනාශයට පමුණුවමි, තෝ නුවණ නැති හෙයින් කැවිලි කෑ පමණක් මුත් තා රැවටුනු බව නොදන්නෙහිය, මියතොත් දෙන්නම මියම්හ, දැන් තාගේ බෙල්ල කපා බිම හෙලමි”යි කියා අඬුවකින් ඇල්ලුවක් මෙන් තමා නළින් තරව ඔහුගේ බොටුව ඇල්වීය. එකල කොකා කරකැවි බෙල්ල නමා කට දල්වා ඇස් උඩ හිඳුවා කදුළු වම්මා (වගුරුවා) මරණ භයින් තැතිගෙන “ස්වාමීනි, කකුළුවාණෙනි, නුඹට කිසි අවැඩැක් නොසිතමි, නොකරමි, මට ජිවිතදානය දුනමැනවැ”යි කීය. “එසේ විනම් සෙමෙන් අහසෙන් බැස මා තෙල විලට ඇරපියව”යි කීය. එවිට කොකාද නැවත කරකැවී ගොස් විලට බැස විල කෙළවර මඩපිට කකුළුවා තුබුයේය. කකුළුවා කතුරකින් පියම් දණ්ඩක් කපන්නාක් මෙන් කොකාගේ බොටුව දෙකට කපා දියට වන්නේය. ඒ ආශ්චය්‍ර්‍යය දුටු ලුනුවරණ ගසෙහි දේවතාවා සාධුකාර දී සියලු වනය උන්නාදකොට (දෝංකාර ගන්වා) මිහිරි කටහඬින් මෙසේ කීයේය. මේ ලෝකයෙහි අතිශයින්ම වංචාබුද්ධි ඇති තැනැත්තේ හැමතැනම ඒ වංචාවෙන් සැපසේ පිහිටන්ට නොපිළිවන හෙවත් එක තැනකදී දෙතැනකදී වංචාවෙන් ජයගත හෙයි, ඇම කල්හි ම ජයගත නොහැක්කේය. ඒ සොරසිත් ඇති පාපී සත්‍වයා තමාට අවැඩක් ලබන්නේය.කැමති දෙය නොලබන්නේය. කුමක් මෙන්ද යතහොත් කකුළුවාගෙන් ශ්‍රීවචේඡදයට (ගෙළ සිඳ ගැනීමට) පැමිණි කොකා මෙනි. හෙවත් යම්සේ කකුළුවා කොකාගේ බොටුව කැපීද එපරිද්දෙන්ම වන්නේය”යි මේ අර්ථය ප්‍රකාශකොට බෝධිසත්‍වයෝ වනය එකනින් නාදකොට ධර්‍මදේශනා කළසේක. සුරාසුරචක්‍රවාරු චූඩාමාණිමරීචිසඤ්චය පරිචුම්බිතචරණනඛ මයුඛඡ්වාලා ඇති (උතුම් වූ සුර අසුර සමූහයාගේ මනොඥ වූ චූඩාමාණික්‍යවලින් විහිදුනු රැස් සමූහය වැදුනු ශ්‍රීපාදවල නියරැස් සමූහයෙන් යුත්) බුදුරජාණන් වහන්සේ වදාරණසේක් “එම්බා මහණෙනි, දැන්මතු නොවෙයි, පෙරත් වංචා දන්නවුන් වංචා කෙළෙම් වේදැ”යි වදාරා මේ ධර්‍මදේශනාව පූර්‍වාපර සන්ධි ගළපා මේ ජාතකය නිමවා වදාළසේක. “එසමයෙහි කොකා නම් දැන් දෙව්රම් වෙහෙර වසන කෛරාටික ස්වභාව ඇති චීවරවඩ්ඪකි මහණ වන්නේය. එකල්හි කකුළුවා නම් දැන් මේ පිටිසර වසන වංචාබුද්ධි දන්නා මහණ වන්නේය. එකල ලුණුවරණ ගසෙහි අධිගෘහිත දිව්‍ය පුත්‍රයා නම් ලෝකදිවාකර වූ (ලොවට හිරු බඳුවූ) මම්ම වේදැ”යි තමන් වහන්සේ ගෙනහැර දක්වා වදාළසේක. Jathaka Story in English - Long ago the Bodhisat was born to a forest life as the genius of a tree standing near a certain lotus pond. Now at that time the water used to run short at the dry season in a certain pond, not over large, in which there were a good many fish. And a crane thought on seeing the fish: "I must outwit these fish somehow or other and make a prey of them. “And he went and sat down at the edge of the water, thinking how he should do it. When the fish saw him, they asked him, "What are you sitting there for, lost in thought? “I am sitting thinking about you," said he. “Oh, sir what are you thinking about us?" said they. "Why," he replied, "there is very little water in this pond, and but little for you to eat; and the heat is so great! So, I was thinking, 'What in the world will these fish do now?' "Yes, indeed, sir! what are we to do?" said they. “If you will only do as I bid you, I will take you in my beak to a fine large pond, covered with all the kinds of lotuses, and, put you into it," answered the crane. "That a crane should take thought for the fishes is a thing unheard of, sir, since the world began. It's eating us, one after the other, that you're aiming at." "Not I! So long as you trust me, I won't eat you. But if you don't believe me that there is such a pond, send one of you with me to go and see it." Then they trusted him and handed over to him one of their number - a big fellow, blind of one eye, whom they thought sharp enough in any emergency, afloat or ashore. Him the crane took with him, let him go in the pond, showed him the whole of it, brought him back, and let him go again close to the other fish. And he told them all the glories of the pond. And when they heard what he said, they exclaimed, "All right, sir! You may take us with you. “Then the crane took the old purblind fish first to the bank of the other pond and alighted in a Varana-tree growing on the bank there. But he threw it into a fork of the tree, struck it with his beak, and killed it; and then ate its flesh, and threw its bones away at the foot of the tree. Then he went back and called out: "I've thrown that fish in; let another one come. “And in that manner, he took all the fish, one by one, and ate them, till he came back and found no more! But there was still a crab left behind there; and the crane thought he would eat him too, and called him out: "I say, good crab, I've taken all the fish away, and put them into a fine large pond. Come along. I'll take you too!" "But how will you take hold of me to carry me along?" "I'll bite hold of you with my beak. “You’ll let me fall if you carry me like that. I won't go with you! “Don’t be afraid! I'll hold you quite tight all the way. “Then said the crab to himself, "If this fellow once got hold of fish, he would never let them go in a pond! Now if he should really put me into the pond, it would be capital; but if he doesn't - then I'll cut his throat and kill him!" So, he said to him: "Look here, friend, you won't be able to hold me tight enough; but we crab have a famous grip. If you let me catch hold of you round the neck with my claws, I shall be glad to go with you." And the other did not see that he was trying to outwit him and agreed. So, the crab caught hold of his neck with his claws as securely as with a pair of blacksmith's pincers and called out, "Off with you, now!" And the crane took him and showed him the pond, and then turned off towards the Varana-tree. "Uncle! " cried the crab, "the pond lies that way, but you are taking me this way!" "Oh, that's it, is it?" answered the crane. "Your dear little uncle, your very sweet nephew, you call me! You mean me to understand, I suppose, that I am your slave, who has to lift you up and carry you about with him! Now cast your eye upon the heap of fishbones lying at the root of yonder Varana-tree. Just as I have eaten those fish, every one of them, just so I will devour you as well!" "Ah! those fishes got eaten through their own stupidity," answered the crab; "but I'm not going to let you eat me. On the contrary, it is you that I am going to destroy. For you in your folly have not seen that I was outwitting you. If we die, we die both together; for I will cut off this head of yours and cast it to the ground!" And so, saying, he gave the crane's neck a grip with his claws, as with a vice. Then gasping, and with tears trickling from his eyes, and trembling with the fear of death, the crane beseeched him, saying, "O my lord! Indeed, I did not intend to eat you. Grant me my life!" "Well, well! step down into the pond, and put me in there." And he turned around and stepped down into the pond and placed the crab on the mud at its edge. But the crab cut through its neck as clean as one would cut a lotus-stalk with a hunting-knife, and then only entered the water! When the Genius who lived in the Varana-tree saw this strange affair, he made the wood resound with his plaudits, uttering in a pleasant voice the verse: "The villain, though exceeding clever,- Shall prosper not by his villainy - He may win indeed, sharp-witted in deceit,- But only as the Crane here from the Crab!" - ප්‍රත්‍යය ශතකය "අසත්වන්තනු සත්වානං ලෝකේන ග්‍රීය නාසනම් - කතන්තේව ප්‍රයෝජ්‍යන්තේ කටිභාර්ගි විනාශනඃ" යමෙක් නසමී කියා සිතුවේ නම් ඕ හට විනාශය යෙදෙන බව සවර්ණ කකුළුවකු විසින් කොකෙකු විනාශ කළාක් මෙන් දත යුතුය. / 293. තෘතිය බක ජාතකය - උපසේන ස්ථවිරයන් වහන්සේ බාලවහන්දෑ එක්කොටගෙණ දුස්සීලව වාසයකරණසේක. සර්‍වඥයන් වහන්සේ එපවත් දැන කෝපකොට (නොසතුටුව) වදාළසේක. උපසේන මහතෙරුන් වහන්සේ භාවනාකොට ධ්‍යාන උපදවා රහත්‍ව තෙලෙස් ධුතාඟධරව (දහතුන් විශේෂ ගුණ) වාසය කරණ කල්හි එක් දෙදෙනෙකුන් වහන්සේගේ විවාදය නිසා බුදුහූ පාටලීවනයට වැඩ වාසය කරණ සේක්, එසමයෙහි උපසේන නම් මහතෙරුන්වහන්සේ ධුතාඟධරව වහන්දෑ ඇරගෙණ සර්‍වඥයන් වහන්සේ කරා පාටලීවනයට වැඩිසේක. සර්‍වඥයන් වහන්සේ “ධුතාඟධර වහන්දෑ විනා, නොවන වහන්දෑ මා දකින්නට නොඑත්‍ව”යි වදාළසේක. එවිට ධුතාඟධර නොවන වහන්දෑ පාංශූකුලචිවරය (සොහොනෙන් ලබාගන්නා වස්ත්‍රයෙන් කළ සිවුර) පෙරවා ධුතාඟධරව සර්‍වඥයන් වහන්සේ දුටුසේක. භික්‍ෂූන්වහන්සේ බුදුන් ජේතවනාරාමයට වැඩිය පසු ඒ පාංශුකූල චිවරයත් හැරතෙළෙස් ධුගාඟයත් හළසේක. එවිට බුදුහූ වදාරණසේක් “මුන් හැමගේ සිල්රක්‍ෂා කිරීම බක නම් සිව්පාවා රැක්කාවූ සීලය මෙනැ”යි වදාළසේක. “ඒ කෙසේදැ”යි ආරාධිතවූ සර්‍වඥයන්වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක. යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරන සමයෙහි බෝධිසත්‍වයෝ ශක්‍රදේවේන්‍ද්‍රව උපන්නාහ. එසමයෙහි බකනම් සිව්පාවෙක් ගඟක් අසලක පිටුපහණෙක (ගල් තලාවක) වාසය කරන්නේය. ඒ ගඟ වතුර ඇවිත් ගල්පොත්ත වටකොට මහවතුර ගලාගෙන එනවිට බක නම් සිව්පාවා සිතන්නේ “මෙතනින් මා ඔබ්බකට යා නොහැක්ක. පෙහෙවස් රක්ෂාකෙරෙමි”යි කරබාගෙණ (බෙල්ල පහත්කොට) බැනනොනැගී (කතා නැතිව) උන්නේය. එවිට ශක්‍රයෝ “මුගේ සීලය පරීක්‍ෂා කරන්ට උවමැනව”යි සිතා එළුවෙසක් මවාගෙණ ලඟට ආවාහ. එවිට බක නම් සිව්පාවා “එළුවා කමි” සිතා පිටට පැනපීය. ශක්‍රයෝ අන්තර්ද්‍ධාන වූ සේක. දෙවනුවත් ගල්ලෑල්ලට නැගී “මට ප්‍රාණඝාතය සිද්ධ නුවූහෙයින් මාගේ සීලය ඛණ්ඩ නුවූයේය (කඩ නොවුයේ)”යි සිතා උන්නේය. එවිට ශක්‍රයෝ දිව්‍යාත්මභාවයෙන් සිට “මේ තෝ සිල්රක්‍ෂාකරණ මනාදැ”යි කියා දෙව්ලොව ගියහ. ඒ අර්ත්‍ථය (කාරණාව) දක්වන සර්‍වඥයන් වහන්සේ වදාරණසේක් “භික්‍ෂූහු මා එළඹ සිටිනාතුරු ධුතරාඟධරයම්හයි කියා අඟවා මා ජේතවනාරාමයට වැදුනාම පාංශුකූල චිවරය හැර ධුතාඟත් අළහ. මුන් රැකී සීලය නම් බක නම් සිව්පාවා එළුවා පිටට පැන වැරදගිය කල්හි මට ප්‍රාණඝාතය සිද්ධනොවුයේය. මාගේ සීලය ඛණ්ඩනුවුයේයයි සිතා උන් බක නම් සිව්පාවා මෙනැ”යි බොහෝ භික්‍ෂූන්වහන්සේට බණ වදාරා “සීලය රක්‍ෂා කරණ කල නම් සිල්රක්නා පරිද්දෙන් සුසික්‍ෂිතව (හික්මීමෙන්) සීලය රක්‍ෂා කල මැනවැ”යි අවවාද වදාරා මේ බකජාතකය නිමවා වදාළසේක. / 235. බක ජාතකය: එසමයෙහි කොකෙක් ඒ වැව සමීපයෙහි පියාපත් දෙක විදා කරනමාගෙන බකතපස් කෙරෙමින් සිටියේය. ඒ වේලාවට බෝධිසත්ත්‍වයෝ බොහෝ මත්ස්‍යයන් පිරිවරා කොකා උන් ස්ථානයට ආහ. ඒ වේලාවට මත්ස්‍යයෝ කොකා දැක “ඵළ නෙළුම් මලෙක පැහැ සමාන වූ යහපත් තාපස කෙනෙකැ”යි සිතා කියන්නාහු “මූ වනාහී පියාපත් විදාගෙන කරබාගෙන සිටිනාහ. එසේ හෙයින් මූ මහසිල්වත් කෙනෙකැ”යි කීහ. එබස් බෝධිසත්ත්‍වයෝ අසා කරකැවී බලා කොකා නියාව දැන කියන්නාහු “එම්බල මත්ස්‍යයෙනි, මුන් මෙසේ ඉන්නේ තාපසයන් නිසා නොවෙයි, අපගේ අවකාශයක් බලාය. මුගේ කුමන සීලයෙක්දැ”යි කීහ. එවිට මත්ස්‍යයෝ දිය කළඹා ඌ එතනින් යවා පුවාහයි වදාරා ‘බක ජාතකය’ නිමවා වදාළසේක.
  • බක් මහේ මහ වැහි, පුබුදයි වෙසක් මල් වැහි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - English: April Showers, bring May flowers - අප්‍රසන්න දෙයින් පසුව ප්‍රසන්න දේවල් ගෙන එන්නේ වැසි කාලයේ මහ වැස්සට පසුව මල් පුබුදින්නාක් මෙනි - Unpleasant things may bring about good things, just as rainy seasons cause flowers to bloom later on.
  • බට කැලේට ගිනි තැබුවා වගේ [වාග්ව්‍යවහාර][උපමා] - ගෝෂාකාරී ලෙස වේගයෙන් පැතිර යන බව (41)
  • බඩ ලොකු වුන පලියට මුදියන්සේ නොවේය, ගේ ලොකු වුන පලියට වලව්ව නොවේය [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Because his belly is big he is not necessarily a Mudaliyar, and Because his house is large it is not, therefore, a “Walauva.” (21) - Percival, writing in 1803, says: “There is no nation among whom the distinction of ranks is kept up with such scrupulous exactness as among the Sinhalese. Even in the dimensions and appearance of their house they seem restricted, and a house of a certain size commonly announces its proprietor to have been born in a certain rank.” Denham, who quotes the above, adds with truth that “this is far from being the case today.” Any man of wealth or position, whatever his caste or origin, now calls his house a Walauva, a term originally used for a Mudaliyar’s or other Chief Headman’s house. The Tamils have a very pregnant saying: “A Kalian may become a Mdravan; by respectability he may develop into an Ayamudaiyan, and by slow and small degrees become a Velldla, from which he may live to be a Mudaliyar.” The Kalian, an inferior caste of emigrants from Tinnevelly, Madura, and the South Indian villages, are chiefly coolies in Ceylon. The Mdravan are a class of Tamils who are emigrants from the Marava country near Ramnad. The Ayamudaiyan, also called Aham- badiyan, are those who attend to any business in the interior of Temples and palaces. The Vellalas, are a superior caste (21)
  • බඩගිනි රස නොදනී ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Hunger knows no taste (22)
  • බඩගින්නට පිපාසය එක් වුනා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා
  • බඩහැලයාගේ හමාසේ වැඩ පොලුකාරයාට එක පහර ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Six months labour of the potter, is one stroke to the man having a cudgel (22) / Six months’ labour of the potter is one stroke to the cudgeller (21) - බඩහැලයා - Potter man / having a cudgel මුගුරක් (21)
  • බඩුත් එක්ක හොරු [වාග්ව්‍යවහාර] - English: Caught Red handed
  • බඩේ බිජු තියාගෙන කතා කරනවා වගේ [වාග්ව්‍යවහාර] - තමාගේ අදහස් සගවා වෙනත් කතා ඉදිරිපත් කිරීම (41)
  • බණ දන්නෝ ආසන වල වැඩ හිඳිති, උඩ පැන්නෝ ඒ සැණෙකින් බිම වැටෙති [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The learned wise sit proudly over all, The proud jump up and precipitately fall, (21)
  • බණ්ඩා කොළඹ ගියා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - නවීන තාලයට හුරු නොවූ කෙනෙකුගේ ක්‍රියාකලාපය අන් අයගේ හාස්‍යයට ලක්වීම (39)
  • බත පැහෙන තරමට විතරක් ගින්දර දාන්න [විශ්වාස][ප්‍රසාහිත්‍ය][විධාන] - දඬුවම වරද හදා ගැනීමට ඇති ප්‍රමාණය ඉක්මවා ගියොත් ඉන් අයහපත් ප්‍රතිපල ලැබේ - ලෝකෝපකාරය "බත් පැසෙන තෙක් මුත් - නොමඳ ගිනි කළ බතින් වැඩ නැති - එ මෙන් දසුන් කළ - වරදට පමණට මුත් නොවව් තද"
  • බතට මාළු බඩගිනි - Hunger is the best curry for rice (53).
  • බතල කන්න පොල් තේරුවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා]
  • බතෙන් තිබුනොත් මිස හාලෙන් තිබුනාට පිළුණු නොවෙයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It is the boiled rice that is left behind and not the raw that will get stale (22) / What gets stale is not the raw rice but the boiled remnant (21)
  • බතේ අරුම දැනෙන්නේ හාමතේ දී ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The utility of rice is known when one is starving (22) / The excellence of rice is best realised when one is starving (21)
  • බත් අඹරන මෝලක් වගේ [වාග්ව්‍යවහාර][උපමා] - "කොස් මදුලෙන් කිරි හොද්දෙන් පිරිමහගෙන වේලක් - කුස්සිය හිස් කරන නිතර දිග හැර පච රෝලක් - උස්තැන තැබුවත් වත්තක් පිටියක් ගහක් ගාලක් - මස්සිනාගෙ ලොකු බෑනා බත් අඹරන මෝලක්" එක කතාවක් බලන්න විජේතුංග 2013 පිට 215 (17)
  • බත් ඇති තැනටමයි කොසුත් (21) / බත් ඇති අයට කොස් ඇත කීවා වගේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Jack also goes to the place where there is rice (21) - “නෙත් ඇත්තන්ට පෙරමග කීවා සේමා - දුක් ඇත්තන්ඩ මදකුත් දුක් නොමදී මා - සිත් ඇත්තන්ඩමයි දෙන්නේ සැම දේමා - බත් ඇත්තන්ඩ කොස් ඇත කීවා හේමා"
  • බත් දුටුදා කොස් තිත්ත වුනා වගේ / බත් ඇති දාට කොස් තිත්තලු [විශ්වාස][ප්‍රපංච][උපමා] - Jack becomes bitter when rice is Seen - වටිනාකමින් වැඩි දේවල් ලැබෙන විට සුළු දේවල් අමතක වීම (49)
  • බත් මූණෙන් ඇත් මූණ බිඳෙනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The rice-face overcomes the elephant face (21) ආහාර දීමෙන් ඕනෑම ජගතෙක් මෙල්ල වන බව
  • බත් රස දන්නේ වෙල් හඳුනන අය ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - “බත් රස දන්නෝ බින් අඳුනන්නෝ - කිරි රස දන්නෝ මව් අඳුනන්නෝ - පද රස දන්නෝ ගුරු රස දන්නෝ - මෙ තුන නො දන්නෝ කුමට උපන්නෝ” (හිස්වැලේලේ සාමිගේ ප්‍රබන්ධයක්)
  • බබළන සඳත්, මහමෙරත් වටේ ඇති පවුවලින් සහ තරුවලින් තවත් හැඩ වෙනවා ලු [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - නායකයකු වටේ සිටින පිරිස හොඳ නම් තවත් බැබළේ - ත්‍රිකාව නමින් හැඳින්වෙන පර්වත තුනක් මහමෙර උසුලා ගෙන සිටී. මහා මේරු පර්වතය වටා සප්ත කූඨ පර්වත වෙති. ඒවා යුගන්ධර, ඊසධර, තරවික, සුදස්සන, නෙමින්දර, විහතක, අස්සකන්තා, කුලාචාල නම් වේ. මහමෙර සතර පැත්තෙන් සතර මහා සාගරය වේ. නැගෙනහිර සාගරය රිදී පාටය, එය කිරි සයුර නම් වේ. දකුණු සයුර මැණික් පාටය. බටහිර සයුර පබළු පාටය. උතුරු සයුර රන් පාටය. එහි සතර මහද්වීප ද වෙති. පූර්ව විදේහ, ජම්බු ද්වීප, අපරගොයාන, උතුරුකුරු යනු ඒවාය (7-82) - ලෝකෝපකාරය "බබළන මහ/රන් මෙරත් - කුල පවු වලින් තෙවුන විලසින්"
  • බබි ආච්චිගෙ බයිසිකලේ වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - හැමෝම පාවිච්චි කරන දෙයක්
  • බමුණාගේ අමුඩේ ගිනි ගත්තා වගේ [පුද්ගලික][මහා භාරතයේ කතා] - මෙහි සිංහල අනුවාදය මහා භාරතයේ එන ජනක රජු සහ ඔහුගේ ගුරු අශ්ටවක්‍ර සම්බන්ධ කතාවක් විකෘති කර හදා ගත් එකක් බව පෙනේ - එකෝමත් එක කාලයක දඹදිව වනවාසී තාපසයෙක් අල්පේච්ඡ භාවය පුරුදු පුහුණු කරමින් හිටියා. කැලෑවක ගල් ගුහාවක වාසය කළ මොහු සන්තකයටම තිබූ එකම වස්තුව වුනේ විලි වසා ගැනීමට තිබුණු අමුඩ ලේන්සු දෙකක් විතරයි. ඔහු එක අමුඩ ලේන්සුවක් ඇඳ එය කිලිටි වී සෝදන විට අනික් අමුඩ ලේන්සුව ඇඳ ගන්නවා. කාලයක් තිස්සේ මේ තාපසයා නිරීක්ෂණය කළා ඔහු ජීවත් වන කැලෑව හරහා විශාල වන්දනා නඩ ගමන් කරන බව. මේ පිළිබඳ කුකුසක් උපන් තාපසයා දිනක් මග රැක සිට මෙවන් වන්දනා නඩයක පිරිසක් නතර කර ඔවුන් යන්නේ කොහේදැයි විමසුවා. වන්දනාකරුවන් කීවේ කැලෙන් එපිට නුවර වාසය කරන ජනක රජතුමා ඉතා අල්පේච්ඡ ජීවිතයක් ගත කරන කෙනෙක් බවත් ඔහුව මුණ ගැසීමට යන බවත්. තමන් ජනක රජුටත් වඩා අල්පේච්ඡ ජීවිතයක් ගත කරන බව තාපසයා කීවත් පිරිස හිනා වී යන්න ගියා පමණයි. මෙසේ ටික දවසක් ගෙවුණු පසු සියලු සැප සම්පත් සපිරි රජෙකු තමන්ට වඩා අල්පේච්ඡ වන්නේ කෙසේදැයි සොයා බැලීමට ජනක රජු බැහැ දැකීමට මේ තාපස තුමාත් පිටත් වුනා. දින දෙකක ගමනකින් පසු ඔහු උදේ වරුවේ ජනක රජුගේ මාලිගාවට ගොස් රජතුමා බැහැ දැක්කා. රජතුමා තාපසයා සමග සතුටු සාමීචි කතා කොට සංග්‍රහ කර කතා කිරීමට කැමැත්තේ උද්‍යානයේ ද මාලිගාවේ ශාලාව තුළ ද යැයි විමසා සිටියා. තාපසයාගේ කැමැත්ත අනුව උයනට ගොස් ගසක් යටට වී දෙදෙනාම අල්පේච්ඡ තාවය ගැන කතා කරන්න පටන් ගත්තා. ටික වෙලාවකින් රජ මැදුර පැත්තෙන් දුමක් නගින බවත් රජ මාලිගය ගිනි ගන්නා බවත් ඔවුන්ට පෙනුණා. ජනක රජතුමා කලබල නොවී දිගටම සාකච්ඡාව පවත්වා ගෙන යාමට සූදානම් වූවත් බ්‍රාහ්මණයා කලබල වුනා. ඒ ඔහුගේ අතිරේක අමුඩ ලේන්සුව රජමාලිගාවේ දමා ආ බව සිහිපත් වීමෙන්. – English Translation of the Sinhala Version: Once upon a time a hermit who practiced asceticism lived in a forest. He did not possess any assets and lived in a cave. Only assets he had in his possession was two loin/span cloths to cover his nudity. When he washes one, he used to wear the additional one. However, there were groups of people passing the jungle. He was curious to know where they were going. Hermit stopped one of the pilgrims and asked where they were going. He told they are going to See King Janaka who is famous of living an ascetic life. Hermit told the pilgrim that he has to be more ascetic than king Janaka. Pilgrim smiled and went his way. Hermit was so upset about this and he tried to convince pilgrims that he is more ascetic than king Janaka for several days, but they did not listen to him. Finally, he decided to visit king Janaka himself and to See how a king with so many assets lives according to asceticism. He had a two-day journey and arrive king Janaka’s palace in a morning. King Janaka welcomed him and asked whether he like to have the discussion inside the palace or in the garden. Hermit said he like to sit in the garden. Both of them sat down under a huge tree. They discussed acetic about half an hour when they smell smoke and noticed that the palace is in flames. King Janaka was calm and continued the discussion. However, hermit was so upset and could not concentrate. He has kept his extra loin cloth in the palace. – Original Story -shortened- from Maha Baratha - Many thousands of years ago, there was a great master named Ashtavakra. He was one of the greatest sages on this planet who caused a huge spiritual movement at that time….When Ashtavakra was still a very young man, he once accompanied his father to a great debate that had been organized by the ruler of the land, King Janaka. Janaka was a truly phenomenal man of great intensity. – long story short, after a certain incident King Janaka became a disciple of Ashtavakra and he was enlightened.…Janaka remained a king but as often as possible, whenever his regal responsibilities gave him some time, he would visit Ashtavakra in his ashram. At the ashram, Ashtavakra had gathered a few monks who were being taught by him. These monks slowly began to resent Janaka because whenever he came, Ashtavakra went out of his way and spent a lot of time with the king because they had such a good rapport with each other. The moment Janaka came, both of them lit up. With the monks whom Ashtavakra was teaching, he did not light up the same way. There was something between Janaka and Ashtavakra, which was resented by the monks. The monks would whisper to each other, “Why has our Guru sold out to a man like that? It looks like our Guru is getting corrupted. This man is a king. He lives in a palace. He has got so many wives and so many children. He has so much wealth. Look at the way he walks. He walks like a king. And look at the way he is dressed. Look at the ornaments he wears. What is spiritual about him that our Guru should even pay attention to this man? We are here totally dedicated to our spiritual process. We have come here as monks, but he is just ignoring us.” Ashtavakra knew that this feeling was growing among his monks. So, one day he arranged for something to happen. He was sitting and speaking to the monks in a hall and king Janaka was also present. As the discourse was going on, a soldier came barging into the room, bowed down to Janaka but not to Ashtavakra, and said, “Oh king, the palace is on fire! Everything is burning. The whole kingdom is in disarray.” Janaka got up and just yelled at the soldier, “Get out of here! How dare you come and disturb the sathsang and how dare you bow down to me and not to my Guru! Just get out of here!” The soldier fled from the room. Janaka sat back down and Ashtavakra continued to speak. A few days later, Ashtavakra set up something else. All of them were once again seated in the hall and Ashtavakra was giving a discourse. Right in the middle of the discourse, a helper in the ashram came running into the hall and said, “The monkeys have taken the clothes off the clothes-line and are playing havoc with the monks’ garments.” All the monks immediately got up and ran to save their clothes. They did not want the monkeys to tamper with them. But when they got to the clothes-drying area, there were no monkeys and their loin cloths were still hanging on the clothesline. They realized what had happened. They hung their heads down and walked back. Then as a part of the discourse Ashtavakra said, “Look at this. This man is a king. A few days ago, his palace was burning. His whole kingdom was in turmoil. Wealth at its peak was burning, but his concern was that his soldier disturbed the sathsang. That was his concern. You are monks. You have nothing. You don’t have a palace, you don’t have a wife, you don’t have children, you have got nothing. But when the monkeys came and picked up your clothing, you ran. Most people would not use your clothing even as mop cloths. That is the kind of clothing you wear. But for that loin cloth, without even paying attention to what I was saying, you just ran out to save those worthless pieces of cloth. Where is your renunciation? He is the true renunciate. He is a king, but he is a renunciate. You are monks. You are using things that other people discard, but there is no renunciation in you. This is where you are. That is where he is.” One’s progress within oneself has nothing to do with what a person does on the outside, what is most important is, what a person is doing within him or herself. What you are doing with the outside world is just social; you conduct yourself as it is suitable for the situation in which you exist. It has social relevance but no existential or spiritual relevance. How you are within yourself is all that matters.
  • බරවා කකුලේ හැක ඇරියා වගේ / හැකේ ගියා වගේ [විශ්වාස][කතා][උපමා] - Like dispelling the fear of the “Cochin-leg.” (21) - What is meant by “Cochin-leg” is Elephantiasis. One’s first feeling is that a blow from an Elephantine leg would be a smashing blow. In fact, for purposes of kicking, such a leg is helpless, comparatively speaking, a bugbear, nothing to be afraid of (21) - කතාව බලන්න, ගුණරත්න 2010 B පිට 132 (5)
  • බලමුකෝ! අන්ධයෙක් කීවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • බලය දැක මුදලේ, කුලේ රිංගා ගියයි අකුලේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Seeing Money’s power, Respectability went slinking to hide itself in the thicket [or Seeing the power of wealth, the (dignity of) caste crept into the jungle (i.e., the pride of birth disappears in the presence of wealth – See: කුල මල නැතිවෙන්න බෙහෙතකි වී කාසී - "කලේ කල වකලේ - කුලේ කම් නැත මෙකලේ - බලේ දැක මුදලේ - කුලේ රින්ගා ගියයි අකුලේ"
  • බලා කාපු නයෙක් නොවෙයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Like a snake that bites without discrimination (21)
  • බලු කෝලමට හැරුනොත් අහුර ගහපු තැනට යන්න ඕනෑ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - If you get ready for a dog-masquerade, you must be prepared to go where the fingers are snapped (21) / If one impersonates a dog, he must go wherever he is whistled for, English: In for a penny, in for a pound (53).
  • බලු නගුට හත් අවුරුද්දක් උණ පුරුකේ දමා තිබ්බත් ඇද ඇරෙන්නේ නැහැ (14) / බලු වලිගෙ ඇද අරින්න බැරුවා වගේ (22) / උන පුරුකක දා තැබුවත් බලු වලිගෙ දිග ඇරේ ද? [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - The tail of a dog cannot be made straight (22) / The crook in the dog’s tail can never be straightened, even though you put the tail within a bamboo (21) - සමාන: ආරේ ගුණ නෑරේ, පුරුද්දට වඩා ජන්මේ ලොකුයි, උපන් ගෙයි ගතිය බලි ඇරියත් නෑරේ, ගහේ කටු උල් කරන්න ඕනද? බොරළු මැණික් වලට හරවනවා වගේ, තූත්තුකුඩි ගියත් එම අත පය මයි - සුභාෂිතය "සඳුන් කපුරු සමඟින් පිනි දිය නොමඳ - සොඳින් කලල් කරමින් සුවඳ මුව මද - නිතින් හිම ඉස ඉස ලුහුනු වැව්වවද - තමන් ගුණය නොහරින වැනි දුදන හද"- English: What is bred in the bone comes out in the flesh (14) / make a silk purse of a sow's ear (idiomatic) To produce something refined, admirable, or valuable from something which is unrefined, unpleasant, or of little or no value - "මල් පිපුනත් ගති නෑරෙයි කොසඹ රුකේ - සිල් ගත්තත් බළලුට බයලු මූසිකේ - කල් තැබි මුත් බලු වල්ගය උණ පුරුකේ - සොල්පයකුත ඇද යන්නේ නැත ඒකේ" - "වනක කුසුන් පිපුනත් රොන් විහිදෙන්ට - එ දැක රොනින් පලකිම නිල මැස්සන්ට - කනක ‍‍කොපුව ලූවත් කල් පවතින්ට - සුනඛ නකුට බැරි ඇද ඇරලා ගන්ට"
  • බල්ල ඉන්න විට පොල්ල නැහැ, පොල්ල තියෙන විට බල්ලා නැහැ (22) (9-23) [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - When there is a dog there is no club and when there is a club there is no dog (22)
  • බල්ල පිදුරු කන්නෙත් නැහැ, කන ගොනාට දෙන්නෙත් නැහැ (9-23) [විශ්වාස][ප්‍රපංච][නිශේධ][Priority] / පිදුරු ගොඩේ බල්ලා වගේ / පිදුරු ගොඩේ බල්ලා - දේ ආසාවෙන් බදා ගෙන ඉන්න විට (15) - English: Like a dog in the manger - A person who spitefully refuses to let someone else benefit from something for which he or she has no personal use – e.g. “We asked our neighbour for the fence posts he had left over, but, like a dog in the manger, he threw them out rather than giving them to us.” - Synonymous: පිදුරු ගොඩේ බල්ලා වගේ
  • බල්ල හපා කෑවාට උගේ කකුල හපා කන්නේ නැහැ / බල්ලා හපා කෑවහම උගේ කකුල උඹ හපා කනවද? [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - Though a dog bites one's leg, yet it's leg will not be bitten in return (22) / If a dog bites your leg, would you bite his? (53)
  • බල්ලගේ පුකේ බැන්ද මීය වගේ (9-22) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like a bee-hive built (by the bees) on a dog’s fundament - A good thing in a bad place (21) - කොතරම් හොඳ දෙයක් වුනත් අනුචිත තැනක දී නිෂ්ඵල වෙනවා (9-22) - බල්ලා නීච සත්වයෙක් සහ පුක නීච අවයවයක් ලෙසට පැවති ජන විශ්වාසය වීදාගම හිමි සහ බමුණකු එක්ව අහසෙන් යන තෙලක් හින්දවා බමුණා තෙලුත් අරන් අහසෙන් පැන ගිය විට ඉතිරි තෙල් මන්ඩි පන්සලේ බැල්ලි ගේ පුකේ ගෑ කතාවෙන් හෙළි වේ කතාව බලන්න විජේතුංග 2013 පිට 209 (17)
  • බල්ලගේ වැඩය බූරුවා බාර ගත්තා වගේ / බල්ලගේ වැඩේ බූරුවා කළා වගේ / බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගියා වගේ [විශ්වාස][කතා][උපමා] - තමාට අයත් නැති වැඩ කිරීමට ගොස් අමාරුවේ වැටේ (39) / තමන්ට අදාළ නැති කාර්යක් කිරීමට ගිහින් කරදරේ වැටීම (37) / - තමාට අයිති නැති වැඩක් කිරීමට ගොස් දඬුවම් ලැබීම (52) / තමන්ට අයිති නැති ක්‍රියාවන් සිදු කිරීමට ගොස් දඩුවම් විදීමට සිදුවීම. (41)
  • බල්ලට ඇති වැඩකුත් නැහැ හිමින් ගමනකුත් නැහැ (22) (9-22) [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - Though the dog has no work, yet he never walks slowly (22) - නිකරුණේ එහෙ මෙහේ දුවන කෙනෙකුට සරදමට (9-22) - සමාන: පුක දාච්ච බල්ලා වගේ - "බස්සා නිදිමරයි කිසි හොරකමක් බැරි - බල්ලා සෙමින් නොගියත් කිසි වැඩක් බැරි - ඌරා මඩ හෑරු මුත් වැපුරුමක් බැරි - සිවලා සිංහ වෙස් ගත්තද නාද බැරි"
  • බල්ලට කිව්වහම බලු වලිගෙට කියන්න කීවා වගේ / කිව්ව ලු (22) (9-22) [විශ්වාස][ප්‍රපංච][උපමා] - The dog wanted the order that was given to him, to be given to its tail.
  • බල්ලට පොල් බෑයෙන් ගැහුවා වගේ (14) / හොර බල්ලට පොල් බෑයෙන් ගැහුවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the man who flung the coconut half at the thieving dog (21) - The dog was carrying away half a coconut that was lying outside the house. So, the angry man threw at the animal the other half that was inside the house. - English: Throwing good money after bad - to waste money by spending more money on something you have already spent money on that is no good: “Trying to fix that old car would just be throwing good money after bad” (21) - මෝඩ දඩුවමක් දීම (40) - දඬුවමක් කියා හිතාගෙන වාසියක් පමිණුවීම - සමාන: ඉබ්බා දියේ දැම්මා වගේ / ඇන්නෑවේ කීවා ලු
  • බල්ලට ලෙලි පොල් දුන්නා / දෙන්නා වගේ / බල්ලන්ට ලෙලි පොල් දුන්නා වගේ (22) (9-23) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like giving an unhusked coconut to a dog (21) - ප්‍රයෝජනයට ගත නොහැකි දෙයක් අනුන්ට ප්‍රදානය කිරීම (41) / පලක් නැති ක්‍රියාවක් (9-23) / ඕනෑවට එපාවට දෙන්නන් වාලේ යමක් දීම (?) / A useless gift
  • බල්ලන්ට පීනන්ට උගන්නනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - English: Teach fish how to swim
  • බල්ලන්ට මොන කිරි බත් ද? [විශ්වාස][සාහිත්‍ය][ප්‍රශ්න] - ලෝකෝපකාරය "කිරෙන් බත් ලූවත් - සුනකයෝ කසලටම ලොබ වෙත්" English: Don’t cast pearls before swine
  • බල්ලෙක් බිරුවට කන්දක් පාත් වේ ද? (45) / බල්ලෝ බිරුවට කන්ද කුඩා නොවෙති / බල්ලන් බිරුවාට කන්දක් පහත් වෙනවැයි (9-23) / බල්ලෙක් බිරුවාට කන්දක් සෙලවේද? / බල්ලෙක් බිරුවට කන්ද කඩා වැටෙන්නේ නැහැ (21) [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - The barking of dogs will not make the mountain small (22) / The barking of dogs will not make the mountain collapse (21) - යම් කෙනෙක් කොපමණ දැඟලුවත් යම් දෙයක් වෙනස් කිරීම හෝ නැවැත්වීම කළ නොහැකියි / නිවට පුද්ගලයින් බැනුම් ආදියෙන් නින්දා කරනු ලබුවත් උසස් ගුණවත් පුද්ගලයන්ගේ කීර්තියට හා හොද නමට කැළලක් නොවීම (41) / පහත් අය උසස් අයට කොච්චර දොස් කීවත් උසස් අය ඉන් කම්පා නොවන බව සහ ඔවුන්ගේ තත්ත්වය පහත වැටීමට එය හේතු නොවන බව (9-23) – English: Dogs bark, but the caravan goes on
  • බල්ලො මරලා හරි කමක් නෑ සල්ලි හම්බු කරනවා නම් [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - බල්ලා පහත සතෙක් නිසා ඌ මැරීම අධම ක්‍රියාවක් ලෙස සලකයි. හොර මැර කම් වැනි පහත් ක්‍රියාවල යෙදිලා හරි කමක් නැහැ සල්ලි හම්බු කරනවා නම් (9-24) - නරකාදි සල්ලි - English: filthy lucre. money obtained dishonestly. For example, “She didn't like the job but loved the filthy lucre in the form of her weekly pay check”. This term comes from the Bible (Titus 1:11), where it refers to those who teach wrongly for the sake of money.
  • බල්ලෝ බිරුවට අලි බය නොවෙත් [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The barking of dogs will not frighten elephants (22)
  • බල්ලෝ බිරුවට චන්ද්‍රයා නොසළකයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The moon will not care about the barking of dogs (22) / The moon is not ruffled by the barking of dogs (21) - the Jamaican proverb : “Darg bark never frighten moon” applied to one who uses futile threats
  • බල්ලෝ බිරුවට හඳ පුංචි වෙනවා ද? (9-23) [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න]
  • බහින කලාව ලබලා / අව පක්ෂයට යන සඳ වගේ / අව පස සඳ වගේ / අවරට යන ඉර වගේ [වාග්ව්‍යවහාර] - ක්‍රමයෙන් අඩු වන දෙයක් - English: 1. At a low ebb - In a weakened or depressed state – Example: "The country was at a low ebb due to the recent war"(15) / 2. on the wane - Beginning to decrease or lessen, in a period of decline – Example: “Thank goodness this storm is finally on the wane - I can't tolerate another day of rain” – “Though on the wane in recent years, the director was once a juggernaut of the film industry” (22)
  • බළලා නැති ගෙදර මීයන්ගේ පොරය / බළලා නැති ගෙදර මීයන් සෙල්ලම් කරනව ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - While the cat’s away, the mice will play - Without supervision, people will do as they please, especially in disregarding or breaking rules. Example: As soon as their parents left, the children invited all their friends over – when the cat’s away, you know (32) - "දිවියා නැති වනෙහි ගවයින්ගේ පොරය - හිමියා නැති ගෙදර හොරහිමි කරදරය - බළලා නැති කලට මියන්ගේ පොරය - ලූලා නැති වළට කණයා වඬිවරය"
  • බළලා මැටියෙන් වුනත් කමක් නැහැ මීයෝ අල්ලනවා නම් (14) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - වැඩේ කෙරෙනවා නම් කාගෙ අතින් වුනත් කොහොම කෙරුනත් කමක් නැහැ
  • බළලාට කුප්පමේනියා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා]
  • බළල් පණ වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - A cat has nine lives. A cat can survive Seemingly fatal events. Example: I haven’t Seen him for several weeks, but I wouldn’t really worry about him. Everyone knows a cat has nine lives. (32)
  • බළල්ලු / බළලුන්, ලව්වා කොස් ඇට බෑව්වා / බාවනවා වගේ (22) (14) [විශ්වාස][කතා][උපමා] - Like getting cats to take (roasted) jack fruit seeds out of the fire - තමන්ගේ උවමනාව ඉටු කර ගැනීමට තමන් අත නොගහ අනුන් අනතුරුදායක වැඩක යෙදවීම, අනිත් අය ලවා තමාගෙ වැඩ කරවා ගනීම / තමා අනතුරින් බේරී අනුන් ලවා කරගැනීම / අවදානම් ක්‍රියාවක් වෙනත් අයෙකු ලවා කරවාගන්නා විට (37) / කිරීමට අපහසු කාර්ය්‍යන් වෙනත් කෙනෙකු ප්‍රයෝගකාරි ලෙස යොදවා සිදු කිරීම (41) - සමාන: අතකොළුවක් කර ගැනීම - The phrase is taken from the story The Monkey and the Cat is best known as a fable adapted by Jean de La Fontaine under the title Le Singe et le Chat that appeared in the second collection of his Fables in 1679 (IX.17). It began to appear in collections of Aesop's Fables from the 17th century. In La Fontaine's telling, Bertrand the monkey persuades Raton the cat to pull chestnuts from the embers amongst which they are roasting, promising him a share. As the cat scoops them from the fire one by one, burning his paw in the process, the monkey gobbles them up. They are disturbed by a maid entering and the cat gets nothing for its pains. It is from this fable that the French get their idiom Tirer les marrons du feu, meaning to act as someone's dupe or, deriving from that, to benefit from the dirty work of others. It is also the source of the English idiom 'a cat's paw',- English: To make a cat's paw of X (15) - a person who is used by another to carry out an unpleasant or dangerous task - "he was merely a cat's paw of older and cleverer men"

බා[සංස්කරණය]

  • බාගෙන කන / කන්න තියන, වළ ඉහ ගෙන කනවා වගේ (14) [විශ්වාස][ප්‍රපංච][උපමා] - ටිකෙන් ටික ලබා ගන්න තියෙන දේ වැඩි තණ්හාව නිසා එකවර ලබා ගෙන එය නැතිකර ගැනීම / දිගු කාලීන වාසියක් කෙටි දුර හිතීම නිසා අහිමි කර ගැනීම / ටිකින් ටික ප්‍රයෝජනයට ගතහැකි දේ එකවර ලබා ගන්නට යාමෙන් සියල්ලම නැති වීම (41)- English: Killing the goose that lays the golden eggs / Don’t kill the goose that lays the golden eggs (15) - If you kill a goose that lays golden eggs, you destroy something that makes lot of money for you. Example: Tourists come to this city mainly to See this monument. By opening it to commercial use, the city council may kill the goose that lays golden eggs- Same Story in 135 ස්වර්‍ණහංස ජාතකය - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 27 (11)
  • බාල ගිරි දෝෂය අද නැත හෙට කිව්වා වගේ [විශ්වාස][කතා][උපමා] - හැම වැඩක්ම හෙටට කල් දැමීම - සිය සොයුරු දළ කුමරු අතින් දූෂණය වී දිවිනසා ගත ගිරි දේවිය යකින්නක මෙන් ඉපිද මව්වරුන් සහ දරුවන් ලෙඩ කරවයි. ගිරි දේවි ගේ වේශ අතුරින් එකකි බාල ගිරි

බැ[සංස්කරණය]

  • බැටලු හම පොරවාගත් වෘකයා වගේ [විශ්වාස][කතා][උපමා] - යහපත් ගතිගුණ නොමැති කෲර මිනිසුන් තමා කෙරේ එවැනි ගුණ ඇතැයි බාහිර පෙනුමෙන් ප්‍රදර්ශනය කිරිම (41) – English: a wolf in sheep's clothing - A person or thing that appears harmless but is actually dangerous or bad. / a person with a pleasant and friendly appearance that hides the fact that they are evil. Example “Don't trust Dana—she's a wolf in sheep's clothing who will try to steal your position if given the chance”
  • බැද්ද වනසන්නේ බැද්දේම ගහක් ලු / කැලේ කපන්න කැලේ ගසක් ම ඕන ලු (33) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] – See: පොරව කප්පර එද්දී අපව නහන්න අපෙන් එකෙක් ඕනයි කියා බැද්ද කෑ ගැසුවා ලු
  • බැද්දට /කැලේට, පෑයූ / පායපු හඳ වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the moon shining in a jungle (22) / Like the moon shining on a jungle (21) - වටිනා දෙයකින් කිසිවකු ප්‍රයෝජනයක් නොගැනීම (39) / ලස්සන දෙයක් වුනත් කිසිවෙකුට දකින්න බැරි / සර්වාංග සම්පූර්ණ කාන්තිමත් සඳක් (සුනේත්‍රා නොහොත් අවිචාර සමය බබ්ලිව් ඒ සිල්වා 2015 පිට 180) - "තම හට පරලොවෙහිදි පිහිට වන යුර - පරනට පිහිට නොමවන කුලුණෙන් ළතර - දනහට‍ මසුරු අත්වූ සිරිසැප සතර - කැලයට හඳ පෑව්වා වැනිමය මිතුර"
  • බැඳ ගත්ත බෙරේ ගහන්න එපැයි / බෙරේ බැඳ ගත්තා නම් ගහන එකයි ඇත්තේ (14) / බෙරේ බැඳ ගත්තා නම් ගහන එකයි ඇත්තේ / බැඳ ගත්ත බෙරේ ගහන්න එපැයි (14) [විශ්වාස][ප්‍රපංච][උපමා] - You must beat the drum which you have tied on (21) - බාර ගත්තු යමක් කොච්චර අප්‍රසන්න වුනත් ඉටු කරන්න ඕන / කවර කටයුත්තක් හෝ ආරම්භ කළහොත් එය අවසන් කළ යුතු බව (41)
  • බැබිල ගහේ රීපු බල්ලා / බළලා වගේ (9-23) [විශ්වාස][ප්‍රපංච][උපමා] - පසුතැවිලි වන ක්‍රියාවක් - බැබිල (Sida rhombifolia subsp. alnifolia) - යමෙකුට යම් ක්‍රියාවක් වැරදී අපහසුතාවයට පත් වූ විට "බැබිල ගහේ රීපු බළලා වගේ" යැයි කියන පිරුලක් ගැමියන් අතර වෙයි. බළලාට ජෛවීයව ලැබෙන පුරුද්දක් වනුයේ මළපහ කළ පසු වසා දැමිය යුතු වීමයි. බළලෙක් හදිසියේවත් බෙහෙවින් අතු බෙදුනු පඳුරක් වැනි හීං බැබිල ගහක් මත මළපහ කළහොත් තම ජෛවීය පුරුද්ද ඉටුකර ගත නොහැකිව බෙහෙවින් අපහසුතාවට පත් වන හෙයින් මෙවැනි පිරුලක් නිර්මාණය උනා විය හැකිය [අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka]
  • බැරි දාට පුළුවන් දේකුත් නැහැ, පුළුවන් දාට බැරි දෙයකුත් නැහැ. ' When it is impossible, nothing is possible; when it is possible, nothing is impossible.
  • බැහැ යන වතුරෙන් දෝතක් ගන්නට බැහැ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It is a gain to take even two handfuls of water running to waste (21)
  • බැළලී වදන්නට කොච්චර ඉක්මන් වුනාද කිව්වොත් ඇස් ඇති පැටව් වදන්න මතක නැති වුනා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The cat was in such a hurry to bring forth, that she forgot to bring forth young ones with eyes (22)

බි[සංස්කරණය]

  • බිජුවට අනුවයි පල ලැබෙන්නේ / තමා වපුළා වූ බිජුවටින් නැගෙන්නා වූ ඵලයත් එසේම වේදැ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - සමාන: වපුරන විදියටයි පල ලැබෙන්නේ
  • බිතු සිතුවම් පිටු නොපාන්නාක් මෙන් [විශ්වාස][සාහිත්‍ය][උපමා] - සැළලිහිණි සංදේශය "මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි ම පැවති - බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති - යුතු මතු වැඩම තෙපළ එවැනි ගුණ ඇති - සිතු නතු කර අස යහළුව වඩන රුති" - කෝකිල සංදේශයේ "මිතුරු තු‍මෝ පෙරැ බැඳි මිතුරු දම් තර - මතුරු ලෙසින් නො හරිති දෙන ඉසුරු බර - සිතුරු වනෙව් සිතුවා සිදු කරන වර - මිතුරු එයින් ම තෙපල ත සවනත පුර"
  • බින්න බහින්න යන මිනිහා බටහුලකුයි, හරමිටියකුයි, තල් අත්තකුයි ගෙනියන්න ඕනෑ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - බින්න විවාහයක දී සැමියා නැන්දම්මා ගේ සහ මාමන්ඩිගේ කුඩු කේඩු කම් නිසා රෑකට වුනත් වැස්සේ වුනත් ගෙදරින් එළියට බැස කඳු පාරක වුනත් හැරමිටියේ ආදාරයෙන් හෝ එන්න සූදානමින් එසේ කළ යුතු බව - කතාව බලන්න විජේතුංග 2013 පිට 139
  • බිහිරාට ගීතිකා මොට ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - What music to a deaf man? (22) - ප්‍රත්‍යය ශතකය "කිං මුක්තහාරේ න ච කර්කටස්‍ය කිමන්ඟ පානේ න ච ගද්‍ර හස්‍ය - අන්ධස්‍ය දීපාද් බධිරස්‍ය ගීතාත්, මුර්ඛස්‍ය කිං ධර්ම කථා ප්‍රසංගාත්" බෙල්ල නැති කෙනාට මුතු මාලයත්, කොටළුවාට මධුර ආහාර පානත්, අන්ධයාට පහන් එළියත්, බිහිරාට ගීතිකාවෙනුත් වැඩක් නැතුවාක් මෙන් අඥානයාට ධර්ම කතාවෙන් ප්‍රයෝජනයක් නැත.
  • බිහිරි අලියාට වෙණ ගාන්නාක් මෙනි (22) (14) - බීරි අලියාට වීණා ගානවා වගේ (21) [විශ්වාස][කතා][උපමා] - බීරි අලියට බෙර ගැහුවා වගේ - කතාව බලන්න විජේතුංග 2013 පිට 243 (17)- කොතෙක් කිව්වත් අහන්නේ නැහැ, අවවාද නොඅසන්නෙකුට අවවාද කිරීම (45) - Like playing the fiddle to a deaf elephant – English: 1. Pouring water on a duck's back, 2. Like blowing a chank to a deaf man

බු[සංස්කරණය]

  • බුදු වෙන කොටම මාර යුද්ධයක් කීවා ලු (22) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Like the “Mara-Yuddhaya “synchronising with the attainment of Buddhahood - Mara- Yuddhaya is the “war with Maraya” the chief of demons, the enemy and opposer of the Buddha. On the day of Gautama’s attainment to Buddhahood, Maraya attacked him with an innumerable host of the fiercest demons, all of whom exited the most infernal rage against him and the most determined opposition to his assuming the sacred character. The Buddha, however, speedily vanquished the whole (21)
  • බුදුන් අටවන්නෙත් සඟුන් අටවන්නෙත් මම බොන රා කැටේටය කියා බේබද්දෙක් කීවා ලු (22) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - All this Buddha-talk and priest-talk is aimed only at my little toddy cup, is it not? “asked the drunkard (21)
  • බුදුන් වැඳ ගෙන එන ගමන් කෙමන්ත් බලා ගත්තා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like examining the Kemana while returning from adoring Buddha - Kemana-A peculiar kind of basket placed in streams for catching fish (22) Buddhism forbids the destruction of life, and fishing is a form of it (21) - [In other words, doing an irreligious act when upon a pious journey. The Kemana is a peculiar kind of basket placed in streams for catching fish. සමාන: දඹුලු විහාරෙත් වැඳගෙන තලගොයිත් මරා ගෙන එන්න කීවා වගේ
  • බුදුන්ගේ පාත්තරේ බින්දා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like breaking Buddha's bowl (22) - A very heinous offence, almost a sacrilege (21)
  • බුරන බල්ලා සපා නොකයි (14) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Barking dogs do not bite (21) - කෑකෝ ගසන තරමට ක්‍රියාකාරී නැත (39) - සමාන: ගොරවන තරමට වහින්නේ නැහැ - English: A barking dog never bites / Bark is worse than the bite (22-22) / Barking dogs seldom bite. People who appear threatening rarely can-do harm. Example: X: I’m really scared to report the delay in the project to the boss. His temper is so over the top. Y: I don’t think you should worry too much about it. Barking dogs seldom bite (32) – “විපා විඳිති කල දේ දුරදිග නොබලා - එපා කට තිබුන පලියට දෙඩවිල්ලා - එපා විහිලු ලොකු අය කොල්ලා බල්ලා - හපා නොකති වැඩියේ බුරනා බල්ලා”
  • බුලත් දුන්නේ නැහැ (14) [වාග්ව්‍යවහාර] - අනවශ්‍ය කෙනෙකු අනාරාධිතව යමක් ගැන කතා කිරීම හෝ යම් තැනකට එන විට - English: It is none of your business

බූ[සංස්කරණය]

  • බූරුවා කර තියන් ගියා වගේ [උපදේශ][කතා][උපමා] - මෙහි ඉන්දියානු කතාවක් "මොනවා කළත් වැරදියි" ලෙස විජේතුංග 2013 පිට 83 (17) සඳහන්ය - English: Carrying the donkey – Aesop - The Man, the Boy, and the Donkey - A man and his son were once going with their donkey to market. As they were walking along by his side a compatriot passed them and said, "You fools, what is a donkey for but to ride upon?" So, the man put the boy on the donkey, and they went on their way. But soon they passed a group of men, one of whom said, "See that lazy youngster, he lets his father walk while he rides." So, the man ordered his boy to get off, and got on himself. But they hadn't gone far when they passed two women, one of whom said to the other, "Shame on that lazy lout to let his poor little son trudge along." Well, the man didn't know what to do, but at last he took his boy up before him on the donkey. By this time, they had come to the town, and the passers-by began to jeer and point at them. The man stopped and asked what they were scoffing at. The men said, "Aren't you ashamed of yourself for overloading that poor donkey of yours -- you and your hulking son?" The man and boy got off and tried to think what to do. They thought and they thought, until at last they cut down a pole, tied the donkey's feet to it, and raised the pole and the donkey to their shoulders. They went along amid the laughter of all who met them until they came to a bridge, when the donkey, getting one of his feet loose, kicked out and caused the boy to drop his end of the pole. In the struggle the donkey fell over the bridge, and his forefeet being tied together, he was drowned.

බෙ[සංස්කරණය]

  • බෙදාපු හැන්දෙන්ම බෙදනවා [වාග්ව්‍යවහාර] - තමන්ට සැළකු ආකාරයෙන්ම සළකනවා / පළිගන්නවා / එකට එක කරනවා - English: pay (one) back in (one's) own coin. To Seek revenge on someone by treating them in the same negative manner as they treated one. If he's been giving you the cold shoulder, just pay him back in his own coin and start ignoring him for a while (15)
  • බෙර හඬ යොදුනකට ඇසේ නම්, හෙණ හඬ දොළොස් යොදුනකට ඇසේ ලු [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - ලෝකෝපකාරය "බෙර හඩ යොදුනකට - ඇසේ සෙණ හඬ දොළෙස් යොදුනට" - ප්‍රත්‍යය ශතකය “යෝජනං භේරි ශබ්දංච මේඝ ශබ්දංච ද්‍වාදශ - දානාදි ධර්ම ශබ්දංච ත්ර්යිලොක්යන් සනරාමරං" බෙර ශබ්දය යොදුනක් ඇසේ. හෙණ හඬ යොදුන් දහයක් ඇසේ. ධර්ම දානාදියෙන් ඇසෙන ශබ්දය දෙව් මිනිසුන් සහිත වූ තුන් ලොවටම ඇසේ
  • බෙරවායාගේ උගුලේ මොකා අසුවුනත් එක ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It is all the same whatever animal is caught in the tom-tom beater's trap (22) – Similar: කොරවගේ උගුලේ මොකා අහුවුනත් එකයි
  • බෙල්ලක් නැතිව තැල්ලක් මොට ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - මූලික අවශ්‍යතාව නොමැතිව අවශේෂ දෙයින් පලක් නොමැති බව (41)
  • බෙල්ල රැක ගත්තොත් තැල්ල ලැබෙයි - ඔක්කොටම කලින් ජීවත්වෙලා/ජීවිතේ බේරාගෙන ඉන්න ඕන. - පෙර යෙදුම් - දෙවන රාජසිංහ වර්ණනා නොහොත් මහ හටන "එබැවින්‌ තොපි සලකා දැන මෙ සියල්ල - ඇර රට නොයවු අප වෙත ඇත්නම්‌ ලොල්ල - පෙර පවසන බස ලෙස ඇත්නම්‌ බෙල්ල - ඉරණම ඇත ලැබ ගත හැකිවෙයි තැල්ල"

බො[සංස්කරණය]

  • බොර දියේ දැම්මා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like putting in turbid water (22) (?)
  • බොර දියේ මාලු බාන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - අනුන්ට වන කරදරය තමුන්ගේ වාසියට යොදා ගැනීම / කරදරයට පත් විය හැකි වැඩක යෙදීම - ලෝකෝපකාරය "දුඹූල දිය දැක නැගි - මසුන් නැසෙනා ලෙසට වැනසෙත්"- English: Fish in trouble waters.
  • බොර දියේ ගැඹුර දැන ගන්න බෑ - You cannot know the depth when the water is muddy (53).
  • බොරළු මැණික් වලට හරවනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - See බලු වලිගෙ ඇද අරින්න බැරුවා වගේ
  • බොරුවට පණ නැහැ ලු [කියමන්] - A lie has no life (22)
  • බොල්ලෑවා මලත් අදව් නැති ලු [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - Although a man with projected teeth is dead, yet no one will believe (22) / When a man with projecting teeth dies, you feel doubtful of his demise - Because of the grin of his un-closed lips (21)

භා[සංස්කරණය]

  • භාසාව ඉගෙනීමට ආසාව තිබුණු පලියටම පුලුවන් ද? [කියමන්] - Will the mere desire to learn a language enable one to learn it? (22) / Desire alone will not suffice to learn a language (21)

භූ[සංස්කරණය]

  • භූමිතෙල් කරත්තේ බැඳපු හරකා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - හැමදාම යන පාරේ කරත්ත කරු දැක්කුවත් නැතත් පුරුද්දට යෑම

[සංස්කරණය]

  • මංමුළා වැල් පෑගිලා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා]
  • මකර කටේ වැටුනා වගේ (7-78) [වාග්ව්‍යවහාර] - වඩබා මුඛය (?)
  • මකුනාගේ බඩේ නූල් හිඟ වෙන්නේ නැති ලු [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - The supply of threads in the stomach of a spider will never fail (22)
  • මගේ අරක්කු, මටම ගහනවා (21) / මගේ අරක්කු බීලා මටම ගහනවා (22) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Like saying "You strike me after drinking my own arrack" (22) - Like the man who said : “My own arrack is beating me.” - The man was thrashed by the guest who had got drunk on the arrack he had been served with. The Tamils have a saying, “The number drowned in alcohol (arrack) exceeds those drowned in water.” (21)
  • මගේ කටේ බත් තැබුවේ උඹ ද? [වාග්ව්‍යවහාර] - Is it you who first fed me with rice? (21) - This, like the question “Did you name me is a common retort?” - among the Sinhalese when it is considered that a person has presumed on an acquaintance or claimed social equality to which he is not entitled. Among Sinhalese Christians, they similarly ask, “Were you, my sponsor?” (i.e. at baptism).]
  • මගේ වැයික්කියේ කොතන ඉන්න මට බැරිද ඇහුවා වගේ [විශ්වාස][කතා][උපමා] - Where can’t I be within my division? (21) - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 34 (11) - ගෙහිමියා බැහැරක ගිය රාත්‍රී කාලයක එක්තරා ගැහැණියක් තමාගේ හොර මිනිහා වන ගමේ ගම්මුලාදෑනියා ගෙදරට ගෙන්න ගත්තාය. හදිසියේ නිවසට පැමිණි ගෙහිමියා නිසා, තක්කු මුක්කු වූ ඇය කිසි දෙයක් කරගන්න නොහැකිව ගම්මුලාදෑනියාව ඇඳ යට සැඟවූවාය. එහෙත් නිවසේ යම් කෙනෙක් ඇතැයි සැක කල ගෙහිමියා නිවසේ හැම තැනම පරීක්ෂා කර ඇඳ යට බලා, ගම්මුලාදෑනියා දැක, ‘රාළහාමි මොකද ඇඳ යට’? කියා ඇහුවේය. “යකෝ, මගේ වැයික්කියේ කොතන ඉන්නද මට බැරි? කියමින් ගම්මුලාදෑනියා දොර අරගෙන එලියට ගියේය. - This was said by a Headman when he was caught in an awkward situation. He was discovered in a neighbour’s house, emerging from a room where the latter’s wife was reclining. The husband, unexpectedly appearing, asked what he was doing there at that time of the day. The reply was as above, and the Headman got away with it (21)
  • මග්ගොන මිනිස්සු ලිං තැඩලුවා වගේ (9-139) [විශ්වාස][කතා][උපමා] - Like the people of Maggona who tried to carry a well on a stick (21) Some men of Maggona, finding a pot of sweet toddy near a certain well, thought that the liquid must be the water of the well. They, therefore, proceeded to dig out the well for the purpose of carrying it away. In order to lift it they used a slender tampala (Nothosaerua brachiata, Tamil: Ghirupilai) plant as a lever. The story concludes that, seeing their shadows in the well, which they took to be the owners of the well, they became frightened and ran away. Thenceforward, to be a “man of Maggona” (like he of Tumpane) was to be known as a simpleton (21) සමාන: මහ නායක වුනත්, ගම තුම්පනේ නොවැ / පස්දුන් කෝරළේ මිනිස්සු වගේ / ඕවිටිගල මිනිහා වගේ
  • මඟ රැඳුනොත් තෝ නසී ගෙට ගියොතින් අඹු නසී / මඟ රැඳුන අද තෝ නසී ගෙට ගිය අඹුව නසී [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - උභතෝකෝටික අනතුරු දෙකක් මැද, මොකක් කරත් අමාරුවේ වැටෙනවා - සමාන: අඹුවට බයේ ගෙදර ඉන්නත් බැහැ, කොටියා ට බයේ පැලේ ඉන්නත් බැහැ - 391. සත්තුභස්ත ජාතකය / උම්මග්ග ජාතකය - එසමයෙහි එක්තරා මාළු බ්‍රාහ්මණයෙක් මසුරන් දාසක් සිඟාගෙණ …. තමාගේ දුව තෙලේ රණට සිලව්කොට (ඒ ණය වෙනුවට) ගෙණයව”යි බ්‍රාහ්මණයාට පාවාදින. … බැමිණි තමන් තරුණ ස්ත්‍රී හෙයිනුත් කාමයෙහි අර්ත්‍ථිව (ගිජුව) පරපුරුෂයන් සේවනය බොහෝ කොට කරන්නීය. … ඇගේ සොරසැමියෙක් ඇත්තේය, ඌ හා තමා හා සැපසේ දවස් අරිණ නිසා තමාගේ සැමියාට කියන්නී, “එම්බල බමුණු, තට නිරන්තරයෙන් දර ගෙණෙන්නට, පිසන්නට, පරිත්තට (දාසියක් වෙන්නට) මට බැරිය, මෙරට සිඟා රන් එක්කොටගෙණ වහා මට කෙල්ලක ගෙණව”යි කීව. බමුණුත් අඹුවට උත්තර කියාගත නොහී අඹුවට කියන්නේ “එසේ වීනම් සොඳුර මට මාර්‍ගොපකරණ (මඟ වියදම්) සපයා දෙව”යි කියා විළඳ අත්සුනු (පොරි හා අග්ගලා) ආදීවූ දෙය සපයා පසුම්බියේ ලාගෙණ ගම් නියම්ගම් රාජධානිවල ඇවිද මසුරන් සත්සියය සිඟාගෙණ කෙල්ලකු හා කොල්ලකු අරගණ්නට බරණැස් නුවරට එන්නේ අතරමග ගසක්මුල අත්සුනු පයිය තබා පයිය උනා අත්සුනු කා පැන් බොන්ට ගොස් පැන් බී එනකලට ඒ ගස වසන්නාවූ නාගයෙක් අවුත් අත්සුනු ගන්‍ධයෙන් පයියට වන. බමුණා පැන් බී ආ තැනැත්තේ පයිය බැඳ කරතබාගෙණ යන්ට වන. ඒ වෘක්‍ෂයෙහි වාසය කරන්නාවූ දේවතාවෙක් බෝධිසත්‍වයන් වහන්සේගේ නුවණ දඹදිව ප්‍රකාශ කරණු සඳහා අර්ද්‍ධ ශරීරයක් දක්වා කියන්නේ “එඹල බ්‍රාහ්මණය, ගෙට ගියෙයිනම් තාගේ අඹුව මියෙයි, අතර මග ලැග්ගේ නම් තෝ මියෙයි”යන බස්දෙක කියා අන්තර්‍ධාන විය. බ්‍රාහ්මණයන් වට පිට බලා කාත් නොදැක භයින් ත්‍රස්තව අඬ අඬා යන්නේය. එදවස් පසළොස්වක් ලත් දිනය පැමිණ බෝධිසත්‍වයෝ බණ කියන්නට වන්සේක. බොහෝ මනුෂ්‍යයෝද ගඳ දුම්මල් පහන් ගෙණ බණ අසන්නට යන්නාහු බමුණු අන් ඇම දැක “කොයියවුදැ?”යි විචාරා “බණ අසන්නට යම්හ”යි යනු අසා පණ්ඩිතයෝ නම් නුවණැත්තාහුය. උන් ලඟට ගොස් මාගේ සෝක සන්සිඳුවාගණිමි යි පණ්ඩිතයන් බණ කියන්නාවූ ස්ථානයට ගොස් බණ පිරිස් කෙළවර අඬ අඬා බණ අසා සිටියේය. බෝධිසත්‍වයන් වහන්සේ විස්තර කොට බණ වදාරා වට බලන්නාහු බණ පිරිස් කෙළවර අඬ අඬා සිටිනා දැක “ඇයි තා අඬන්ට කාරණා කිම්දැ?”යි “තට කුමණ අලාභයෙක් කවර අර්ත්‍ථහානියෙක් ප්‍රාණහානියෙක් (ධන හානියක් හෝ ජීවිත හානියක්) සැලසිනිද? මට කිය, තාගේ සෝක සන්සිඳුවාලමි. ඇයි තෝ සේනක පණ්ඩිත නියාව නොදනිදැ?”යි කීහ. එවිට බ්‍රාහ්මණයා කියන්නේ “පණ්ඩිතයෙනි, එක් දේවතාවෙක් මට කියන්නේ අතරමග ලැග්ගොත් තෝ මියෙයි, ගෙට ගියොත් අඹු මියෙයි. එසේ හෙයින් ගෙටත් යානොහී අතර මගත් ලැග්ගනොහී මරණභයින් අඬමි”යි කීහ. බෝධිසත්‍වයෝ මිනිසුන්ට වන්නාවූ අන්තරාය පරීක්‍ෂා කරන්නාහු සමුද්‍රයෙහි ගැළුනාහුද බැල මච්ඡයන් (බලගතු මසුන්) විසින් ගන්නා ලද්දාහුද ගග වැටී හුන්නාහුද කිඹුලන් විසින් ගන්නා ලද්දාහුද රුකකින් හුනවාහුද කටුවෙන් විදිනා ලද්දාහුද විෂකෑවාහුද කරවැල්ළූවාහුද ප්‍රපාතයෙහි වැටීද අතිශීත අතිඋෂ්ණ ආදීරෝගයෙන් මඬනා ලද්දාහුයයි යන මෙතෙක් අන්තරාය ඇත. කවරදෝ හෝ යි පරීක්‍ෂා කොට අන්තරායක් නොදැක පරීක්‍ෂා කරණසේක් මූ කර තිබෙන පසුම්බි පයියේ අත්සුනුවන්ට කාරණා මූ අතරමග ගසක් මුලදී අත්සුනු පයිය බිම තබා පයිය උනා අත්සුනු කා පැන් බොන්නට යාදී මේ පයිය ඇතුලට අත්සුනු ගන්‍ධයට සර්පයකු වන් නියාය. අතරමග ලැග්ගහොත් මෙතෙම අත්සුනු කන්ට පයියේ අත එලීනම් (අත දැම්මොත්) සර්පයා කඩා කා තෙමේ මියෙයි. ගෙට ගියොත් “මෙතෙක් දවස් ගොසින් කුමක් ගෙණාදැ?”යි පසුඹිය උනා අතලයි. එවිට ඇගේ අත කඩා කා අඹු මියන්නීය යි කී නියායයි සිතින්ම පරීක්‍ෂා කොට සර්පයා දැනගතනොහී කෘෂ්ණ සර්පයකුවන්ට (කළු නාගයකු) උමමැනව, නොසැලී නිශ්ශබ්ද දී දරණලා වැදහොනේය. ඒකාන්තයෙන් නයාමයයි පරීක්‍ෂාකොට දිවසින් දුටු කෙනෙකුන්මෙන් සියල්ලම නුවණැසින් දැක බොහෝ දෙනාට කියවන පිණිස බමුණා අතින් විචාරා “බමුණ තාගේ පසුම්බියේ කුමක් ඇද්දැ?”යි විචාළසේක. “ස්වාමිනී, අත්සුනුය”යි කීය. “ඒ අතරමගදී කෑදැ?”යි විචාළසේක. “මඟ එක් ගසක්මුල පසුම්බිය තබා අත්සුනු කෑමි” කිව. “තෝ පැන් බොන්නට ගියෙහිද? නොගියෙහිදැ?”යි විචාළසේක. “ගියෙමි ස්වාමිනී” කීය. “එම්බල බමුණ, තෝ පැන් බී අවුත් අත්සුනු පයිය පරීක්‍ෂාකොට බැන්දෙහිදැ?”යි විචාළසේක. බමුණා කියන්නේ “ස්වාමිනී, පැන් බොන්නට යන ගමනේත් සඳහන් මදව (කල්පනාව අඩුකමින්) නොබැන්දෙමි. ආ ගමනේත් පරීක්‍ෂා නොකොට බැඳගෙණ කර තබාගෙණ ආමි” කීය. එවිට බෝධිසත්‍වයන් වහන්සේ “එම්බල බමුණ තා කර තිබෙන්නාවූ පසුම්බිය ඇතුළේ සර්පයෙක් වැද හොන්නේය. එයිත් නයෙක. දේවතාවා කීයේ නම් එයින් තට සැකවිනම් පසුඹි පයිය බිම තබා උනා දික් දණ්ඩකින් ගසා ලන්නා සූ සූ යන අනුකරණයෙන් මහත් පෙණයක් කොටගෙණ මේ බණ පිරිස් මධ්‍යයේ පිටවන්නේය”යි කී සේක. බමුණා පසුඹියේ නාගයායයි කියන්නා මහ භයින් පසුඹිය බිමට දමා පසුඹිය උනා දණ්ඩකින් පසුඹියට ගසාලීය. නයා බෝධිසත්‍වයන් කී පරීද්දෙන් පෙණය කොටගෙණ පිටත්විය. නයින් කෙළවනසේ (නයි නටවන) දන්නා අහිකුණ්ඨිකයෙක් නයා අරගෙණ වලට (වනයට) අළුයේය. එතන සිටියාවූ බොහෝ බණපිරිස් මධ්‍යයේ සේනක පණ්ඩිතයන් වහන්සේ බමුණා අතතුබූ පසුඹියේ ඔත්තාවූ සර්පයා යම් කෙනෙකුන් අතින් නොඅසා දිවසින් දුටු කෙනෙකු මෙන් දැන සර්පයා විභාගකොට නයාමය යි වදාළසේක. යහපත නුවණ විශේෂයකැයි බොහෝ දෙනා සමාධිව පිළිඉස නටවා (රෙදි කඩ හිසේ කරකවමින්) අත්පොලසන් දීම් අසුරුසන් (ඇගිලි දෙකින් නගන හඬ) දිම් ආදීවූ බොහෝ සන්තෝෂයට පැමිණියාහ. - English: Between Scylla and Charybdis (23) / Between the devil and the deep sea (14) - කාව්යශේඛරය “අස බමුළණ ගම්වැසි - මඟ රැඳුන අද තෝ නසි - ගෙට ගිය අඹුව නසී - අතුරුදන් වී කියා මේ ලෙසි”
  • මඟුලේ හැඩ / රස දැනෙන්නේ ළමයි හඬන විට ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The nature of the marriage could be made out when children cry (22) / Something of the savour of marriage you will know when the children cry (21)
  • මඟුල් කපුවාට හෙණ හතක් / දාහතරක් නියම ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Seven thunderbolt fall to the lot of a match-maker (22) / Seven thunderbolts are ordained for the match-maker (21) - Both parties invoke curses upon his head when things go wrong, as they usually do, after the marriage (21)
  • මඟුල් කෑමට ගොසින්, ඉලව් කෑම ලැබුනා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the person who went to a wedding but had to partake of a funeral feast (22) / Like going to a wedding feast and receiving funeral fare (21)
  • මඟුල් ගෙදරට හිල් කූඩෙන් / ඇස් කූඩෙන් වතුර අදින්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like drawing water, to the wedding-house in a basket full of holes - කරන්න බැරි වැඩක් (?)
  • මඟුල් ගෙදරත් ගිහින් කැවුම් නොකා ආවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like returning from the wedding-house without eating “kevum” - This saying lacks force today when the plum-cake has taken the place of the kevuma, which was almost a sine qua non at Sinhalese weddings of other days (21)
  • මඟුල් දාට මුත්තත් අමුත්තා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - On a wedding day, even the grandfather is a stranger - That is, his relationship must not be held to deprive him of any of the ceremony and courtesy due to the stranger guest. In other words, everybody must be treated alike on such a day (21)
  • මඟුල් පාලු කරන්නට කිරිබත් පත්ත හැංගුවා වගේ (22) [විශ්වාස][ප්‍රපංච][උපමා]
  • මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසුය (45) [කියමන්]
  • මඩවලට පොල් කඩනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - දැනෙන්නේවත් නැහැ
  • මඩුකුඩන් හදන විත්තිය කිව්වා වගේ [විශ්වාස][කතා][උපමා] - මෙපමණ මඩු කුඩන් හදන්නේ මොකට ද කියා පාරේ යන්නෙක් ඇසුවාම. ගෙදර හිටිය තරුණිය කීවාලු. දන්නේ නැහැ මඟුලක් ලු, කාටද මන්දන්නේ නැහැ මටලු (22)
  • මඩෙහි පිපෙන මහනෙල හිසේ පළඳී - [විශ්වාස][ප්‍රපංච][වාර්තා] සුභාෂිතය 97 “මඩින් උපන් ඉඳුවර පළඳිනෙව් මත” මඩෙන් උපන් මානෙල් මල් හිසේ පළඳිති - අඩු තැනක උපන්නත් - ප්‍රත්‍යය ශතකය "පඬ්කාත් පඬ්කජ මෘත්ස්යුනාපී කණකං ශුත්ත්‍යාකථා මොක්තිකං - කීටස්තෝමර පට්ටවස්ත්‍ර විලසඃ ගෞභිස්තු ගෞරෝචනං - කාෂ්ටං අග්නි වනේන සම්භව මධුඃකස්තුරි කරපා මෘගා - දූත්පන්නේන මහානුභාව ගුණිතං කිං ජන්ම කිං ජායතේ" මඩින් නෙලුම් ද, මැටියෙන් රන් ආදී ලෝහ ද, බෙල්ලන්ගෙන් මුතු ද, පටපනුවන්ගෙන් පට පිළි ද, ගවයින්ගෙන් ගොරෝචන ද, දරෙන් ගින්න ද, වනයෙන් මී පැණි ද, මුවන්ගෙන් කස්තුරි ද, ආදී වශයෙන් පහත දේවලින් උතුම් වස්තු උපදී. ඒ නිසා ජන්මයෙන්, ජාතියෙන් කවර ප්‍රයෝජනයක් ඇති ද?
  • මඩේ ගිලුණු ඇතා ගොඩ ගන්න ඊට වඩා බලසම්පන්න ඇතෙක් ඔනෑ [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - A stronger elephant is necessary to pull another elephant out of the mud (22) / When an elephant is stuck in the mud, you want another of stronger and nobler breed to pull him out (21) - සුභාෂිතය "කලල ගිලුණු මත වරණිඳු ගොඩ ගනුත - තුමුල බලැති ගිජිඳකු මිස අන් කෙවත"
  • මඩේ හිටෙව් ඉන්න වගේ (14) [වාග්ව්‍යවහාර][උපමා] - Like the hedge-stake planted in the mud (21) - ස්ථිර ප්‍රතිපත්තියක් නැති තැනැත්තා, දෙපැත්තට වැනෙන තැනැත්තා
  • මතු පැමිණෙන ලෙඩට බෙහෙත් කන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like taking medicine in anticipation of a disease / illness (22)
  • මද වැටුණු / කිපුණු ඇතා වගේ [වාග්ව්‍යවහාර][උපමා] - සමාන: කුලප්පු වෙච්ච ගොනෙක් වගේ - (as) mad as a March hare - phrase of March hare - (of a person) completely mad or irrational; crazy - derived from the observed antics, said to occur only in the March breeding season of the European hare
  • මදන ඇතුන් නෙලුම් හුයෙන් බඳින්න හදනවා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - සුභාෂිතය "මදමතු තුඟු මහත් වන ගිජිඳකු ළතර - සියපත් නළ හුයින් බදිනෙව් කරන වැර"
  • මනමාලි නැති මඟුල වගේ (14) [විශ්වාස][ප්‍රපංච][උපමා] - යම් අවස්ථාවකට වැදගත්ම හෝ අත්‍යවශ්‍යම දේ හෝ කෙනා නැති වීම - English: Hamlet without the prince
  • මම ඒ දෙතුන් දෙනාටම බත් උයා දෙනවා කියා ස්ත්‍රියක් කීවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - “I cook rice for all of them” said the woman -The phrase employed in cases where polygamy prevails, the wife do not say that I share several husbands, instead she says indirectly like this (21)
  • මට වඩා ලොකු මාළු මූදෙ ඉන්න නිසා මාව කවුරුවත් ගිලින්නේ නැහැ කිව්ව ලු කූණිස්සා (53) [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • මරක්කලයත් කාක්කත් නැති තැනක් නැහැ [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - There’s no place where the Moorman and the crow cannot be found - Both are so ubiquitous (21)
  • මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවා වගේ (45) [විශ්වාස][සාහිත්‍ය][උපමා] – බිය කොතෙක් තිබුණත් පස්කම් සැපතෙහි ගිජු වීම (41) - මහා භාරතයේ සඳහන් කතාවක් ආශ්‍රයෙන්, මේ කතාව ගැන මුලින්ම ලිඛිත සටහනක් එන්නේ - ක්‍රිෂ්ණ ද්වයිප්‍යාන ව්‍යාස (ඍෂි) ලියූ මහා භාරතයේ - ස්ත්‍රී පාර්වයේ (episode / කථාංගය) 5 වන කොටසේ සහ 6 වන කොටසේ දෘතරාෂ්ට විසින් විදුර ඍෂි (Sage) ගෙන් ධර්මය පැහැදිලි කර ගැනීමට අසන ප්‍රශ්න දෙකක. මෙන්න ඉංග්‍රීසි මහා භාරතයකට ලින්කුවක් http://www.sacred-texts.com/hin/m11/m11005.htm - චීන Taishō ත්‍රිපිටකයේ බුදුන් දේශනා කරපු එකක් හැටියටත් තියෙනවා - උපදේශ කථා සූත්‍රයේ The Parable Sutra මෙන්න ලින්කුව http://www.fodian.net/world/0217.html මේ කතාවම බටහිර සාහිත්‍යයේත් වෙනත් චරිත යොදා ගෙන තියෙනවා (උදාහරණ අලියා වෙනුවට කොටියා වගේ) - “වනේ ගිජිඳාය දුටුවොත් වනසාය - ලිඳේ පණිඳාය වැටුනොත් ඌ කාය - අතකින් කර වැලකි අතකින් දඬු බෑය - මරණ තුනක් අති මිනිහෙක් පැණි කෑය” - - වනාන්තරයේ අතරමංවූ මිනිහෙක් පසුපස රෞද්‍ර කොටියෙක් හඹා එනවා. කොටියා ඉන්නේ බඩගින්නෙ. කොටියා මිනිසාට වේගයෙන් ළං වෙනවා. මිනිසාට මෙයින් ගැලවීමේ මඟක් නෑ. (කවියට අනුව නම් කැලේ ඉන්නෙ අලියෙක්. උගෙන් ගැලවෙන්න තමයි මේ මිනිහා යන්නෙ.) මර බියෙන් යන මේ මිනිසා දකිනවා පාළු ලිඳක්. මේකට පැනලා ජීවිතේ බේරගන්නවා කියලා හිතලා මේ මිනිහා හෙවිල්ලක්-බැලිල්ලක් නැතිව ලිඳට පනිනවා. ලිඳට ඇතුලට වැටෙන අතරෙ තමයි මිනිහා දකින්නෙ ලිඳේ වතුර නෑ, ඒක හිඳිලා බව. ඒ මදිවට ලිඳේ දරණගහගෙන ඉන්නෙ පත නයෙක්. ලිඳට වැටුනොත් මැරෙනවා. බැරිවෙලා හරි බේරුනොත් නයා දෂ්ඨ කරනවා, එතකොට කොහොමත් මැරෙනවා. ඉබේම වගේ මිනිහගෙ අත ලිං බැම්මේ තියන එල්ලෙන්න පුළුවන් දෙයක් හොයනවා. අර කථාවට කියන්නෙ ගිලෙන්න යන මිනිහා පිදුරුගහෙත් එල්ලෙන්න බලනවා කියලා. කොහොමහරි වාසනාවට(ද අවාසනාවටද කියන්න බෑ) මිනිහගෙ අත වදිනවා ලිං බැම්මෙ තියන (ගහක) මුලක. ඉබේම මිනිහ ඒ මුල අල්ලගත්ත නිසා ලිඳට නොවැටී බේරෙනවා. පොඩ්ඩක් සිහි කල්පනාව ආවට පස්සෙ තමා මිනිහට තේරෙන්නෙ තමන් වැටිල ඉන්න තත්වෙ. දෑතින්ම ගහේ මුල බදාගෙන ඉන්න මිනිහට උඩ බැලුවහම පේන්නෙ බඩගින්නෙ ඉන්න කොටියා දත් විලිස්සමින් ලිඳට අත දාල පහුරුගාන හැටි. කොටියා හදන්නෙ කොහොමහරි මිනිහව අල්ලගන්නයි. ඒත් මිනිහ එල්ලිලා ඉන්න මුල තියෙන්නෙ කොටියා ගෙ අත් පසුරු වලට නොවදින සීමාවෙ, ඊට වඩා පොඩ්ඩක් පහලින්. යන්තම් බේරිලා. පහල බැලුවහම පෙනුනෙ නයා පුළුවන් තරම් කෙලින් වෙලා පෙනේ පුප්පමින් මිනිහගෙ පතුලට දෂ්ඨ කරන්න හදන හැටි. නයා කෙලින් වුනත් මිනිහගෙ පතුලට උස මදි. කකුල් දෙක තියෙන්නෙ නයාට ළං වෙන්න පුළුවන් සීමාවට පොඩ්ඩක් උඩින්. නූලෙන් බේරිලා ඒ විදියටත්. නයි-කොටි මදිවට මීයො කිව්වලු! ඒ අස්සෙ කොහෙන්ද මතුවෙච්ච කළුයි-සුදුයි මීයො දෙන්නෙක් මේ මිනිහ එල්ලිලා ඉන්න ගහේ මුල හපාකන්න ගත්තා. දැන්නම් ඉතින් මොන විදියකටවත් ගැලවීමක් නෑ. කොටියා කොහොමහරි අල්ලනොගත්තොත්, මුල කඩාගෙන ලිඳට වැටිලා හරි මැරෙනවා. ඒකෙන් බේරුනොත් නයා දෂ්ඨ කරලා මැරෙනවා. මරණ තුනයි! ලිඳ උඩ ඉඳල කොටියා මිනිහව අල්ලගන්න පහුරුගානකොට උගෙ ඇඟ වදිනවා ඒ ලිඳ අයිනෙ තියන පොඩි ගහක. ඒ ගහේ හෙලවෙනවා මේ නිසා. හෙල්ලීම නිසා ගහේ තියන මී වදයකින් පැණි බිංදු බිමට වැටෙනවා. වැටෙන්නෙ මුලේ එල්ලිලා ඉන්න මිනිහා අසලින්. මරණ තුනක් තියෙන මේ මිනිහා වැටෙන මී පැණි බින්දු දිව දික්කරලා කට ඇතුලට ගෙන රස බලමින් “අහා, මේ මී පැණි කොච්චර රසවත්ද?” කියලා හිතමින් සතුටු වෙනවා. (කවියේ කියවෙන ලෙසට මිනිසා අත මී වදය හෝ දඬුවැල් බෑය තිබෙනවා.) සාම්ප්‍රදායිකව කථාව මෙතනින් නතර වෙනවා. එයට නිසි අවසානයක් නෑ. මේ කථාවේ සඳහන් මිනිසාට ඉන්පසු කුමක් වෙන්න ඇතිද? (46) - The Mahabharata, Of Krishna-Dwaipayana Vyasa Translated into English BY Pratap Chandra Roy - Volume 7 - Stree Parva – Jalapradanika Parva – Section 5 and 6 “Dhritarashtra said, ‘Tell me in detail everything about the ways of that intelligence by which this wilderness of duties may be safely covered.’ - "Vidura said, ‘Having bowed down to the Self-create, I will obey thy behest by telling thee how the great sages speak of the wilderness of life. A certain brahmana, living in the great world, found himself on one occasion in a large inaccessible forest teeming with beasts of prey. It abounded on every side with lions and other animals looking like elephants, all of which were engaged in roaring aloud. Such was the aspect of that forest that Yama himself would take fright at it. Beholding the forest, the heart of the brahmana became exceedingly agitated. His hair stood on end, and other signs of fear manifested themselves, O scorcher of foes! Entering it, he began to run hither and thither, casting his eyes on every point of the compass for finding out somebody whose shelter he might seek. Wishing to avoid those terrible creatures, he ran in fright. He could not succeed, however, in distancing them or freeing himself from their presence. He then saw that that terrible forest was surrounded with a net, and that a frightful woman stood there, stretching her arms. That large forest was also encompassed by many five-headed snakes of dreadful forms, tall as cliffs and touching the very heavens. Within it was a pit whose mouth was covered with many hard and unyielding creepers and herbs. The brahmana, in course of his wanderings, fell into that invisible pit. He became entangled in those clusters of creepers that were interwoven with one another, like the large fruit of a jack tree hanging by its stalk. He continued to hang there, feet upwards and head downwards. While he was in that posture, diverse other calamities overtook him. He beheld a large and mighty snake within the pit. He also saw a gigantic elephant near its mouth. That elephant, dark in complexion, had six faces and twelve feet. And the animal gradually approached that pit covered with creepers and trees. About the twigs of the tree (that stood at the mouth of the pit), roved many bees of frightful forms, employed from before in drinking the honey gathered in their comb about which they swarmed in large numbers. Repeatedly they desired, O bull of Bharata’s race, to taste that honey which though sweet to all creatures could, however, attract children only. The honey (collected in the comb) fell in many jets below. The person who was hanging in the pit continually drank those jets. Employed, in such a distressful situation, in drinking that honey, his thirst, however, could not be appeased. Unsatiated with repeated draughts, the person desired for more. Even then, O king, he did not become indifferent to life. Even there, the man continued to hope for existence. A number of black and white rats were eating away the roots of that tree. There was fear from the beasts of prey, from that fierce woman on the outskirts of that forest, from that snake at the bottom of the well, from that elephant near its top, from the fall of the tree through the action of the rats, and lastly from those bees flying about for tasting the honey. In that plight he continued to dwell, deprived of his senses, in that wilderness, never losing at any time the hope of prolonging his life.’" – Section 6 - "Dhritarashtra said, ‘Alas, great was the distress of that person and very painful his mode of life! Tell me, O first of speakers, whence was his attachment to life and whence his happiness? Where is that region, so unfavourable to the practice of virtue, in which that person resides? Oh, tell me how will that man be freed from all those great terrors? Tell me all this! We shall then exert ourselves properly for him. My compassion has been greatly moved by the difficulties that lie in the way of his rescue!’ - "Vidura said, ‘They that are conversant, O monarch, with the religion of moksha cite this as a simile. Understanding this properly, a person may attain to bliss in the regions hereafter. That which is described as the wilderness is the great world. The inaccessible forest within it is the limited sphere of one’s own life. Those that have been mentioned as beasts of prey are the diseases (to which we are subject). That woman of gigantic proportions residing in the forest is identified by the wise with Decrepitude which destroys complexion and beauty. That which has been spoken of as the pit is the body or physical frame of embodied creatures. The huge snake dwelling in the bottom of that pit is time, the destroyer of all embodied creatures. It is, indeed, the universal destroyer. The cluster of creepers growing in that pit and attached to whose spreading stems the man hangeth down is the desire for life which is cherished by every creature. The six-faced elephant, O king, which proceeds towards the tree standing at the mouth of the pit is spoken of as the year. Its six faces are the seasons and its twelve feet are the twelve months. The rats and the snakes that are cutting off the tree are said to be days and nights that are continually lessening the periods of life of all creatures. Those that have been described as bees are our desires. The numerous jets that are dropping honey are the pleasures derived from the gratification of our desires and to which men are seen to be strongly addicted. The wise know life’s course to be even such. Through that knowledge they succeed in tearing off its bonds.’"
  • මරලා පිහියෙන් ඇන්නා වාගේ - Like stabbing a man, after killing him (53).
  • මරාපු කුකුළා සුද්ද කරන්න නරියාට දුන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like killing a fowl and handing it over to a fox to clean (22) - සමාන: යම් තරමකට - නරියාට කුකුළු කොටුව බාර දුන්නා වගේ / කොටියාට හරක් පට්ටිය බාර දුන්නා වගේ / නරියාට බොකු හෝදන්න දුන්නා වගේ / නරියාට කුකුල්ලු බාර දුන්නා වගේ
  • මරු ආ දා, නැත බාධා / මරුවා ආ දාට බාධා නැති ලු [කියමන්] - Death when it comes meets with no opposition (22) / When death comes, there is no let or hindrance (21)
  • මරු ඇති තැන් දනී පය දෙපතුල්ලා [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The soles of ones' feet only will know where he is to die (22) / Only the soles of your feet will know whensoever you tread fatal spots (21) - That is, spots where Death awaits you (22) - සර්පයන් දෂ්ට කිරීමට සැඟවී සිටින තැන් නිසා ඇති වූ ජනප්‍රවාදයක් (?)
  • මලට මී මැස්සන් මිස නිල මැස්සන් වහන්නේ නැහැ [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - "වනක කුසුන් පිපුනත් රොන් විහිදෙන්ට - එ දැක රොනින් පලකිම නිල මැස්සන්ට - කනක ‍‍කොපුව ලූවත් කල් පවතින්ට - සුනඛ නකුට බැරි ඇද ඇරලා ගන්ට"
  • මල පොඩි නොකර රොන් ගන්නවා වාගේ (53) / මල් නොතලා රොන් ගන්නා වගේ - Like extracting the sweets of a flower without bruising it (53).
  • මලුත් පුදා ගලුත් ගැහුවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - "සිළුත් රැගෙණ බොරු කීවොත් ලොවට දගේ - මළුත් පුදා ගල් ගැසුවොත් මොකද අගේ - බණත් අසා දන් දුන්නොත් නොවෙද අගේ - අළුත් පිටට ගෝනිය කැදළුවා වගේ"
  • මලේ උපන් පනුවා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - සුභාෂිතය "කුසුමෙන් උපන් පණු වැනි පෙර කළ පවින"
  • මලේ සුවඳ සුළඟ අනුව මිස, හුළඟට ඉස්සර වෙලා යන්නේ නැහැ [විශ්වාස][සාහිත්‍ය][නිශේධ] - ලෝකෝපකාරය "සව් කුසුමෙහි සුවඳ - නල අනුව මුත් නොයේ පෙරටුව"
  • මල්ලෙ තිබුනත් එකයි පෙට්ටියේ තිබුනත් එකයි (14) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - සමාන: අටුවෙ තිබුනත් එකයි කොටුවෙ තිබුනත් එකයි
  • මල්ලෙන් අරන් පෙට්ටියට දානවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - තේරුමක් නැති යමක් කරනවා, හේතුවක් නැතිව යමක ස්ථානය මාරු කරනවා, / පහසුවෙන් ගත හැකි තැනක තිබූ යමක් ඊට වඩා සොයා ගැනීමට අපහසු සහ ගැනීමට අපහසු තැනක තබනවා / වැදගත් දෙයක් නැති කර ගන්නවා (15) - සමාන: අටුව කඩලා පුටුව හදනවා - English: Rob Peter to pay Paul (14)
  • මල්හාමි මාමා තපසට ගියා වගේ [විශ්වාස][කතා][උපමා] - අල්පේච්ච වෙන්න තපසට ගියා, අමුඩේ මීයෝ කන නිසා බළලෙක් ගත්තා, බළලාට කිරි දෙන්න එළදෙනක් ගත්තා, එළදෙන බලාගන්න කොල්ලෙක් ගත්තා, කොල්ලා ගම වදින එක නවත්තන්න අඹුවක් ගෙනාවා, අන්තිමට මල් හාමි මාමට උනේ ඒ සියලු දෙනාටම කන්න දෙන්න - මල්හාමි කේයස්‌ ගේ කවි කතාව. – “මදුමල් ගමේ මල්හාමි පොහොසතෙකි - දුප්පත් දුගී අයගේ හොඳ හිතවතෙකි - අපායට බියෙන් හැම පාපෙන් වැලකි - ඔහුට ගිහි ගෙදර කරදර ඇති තැනකි”/ “ගිහි ගෙය ගිනි ගෙයකි පව් රැස්‌වන ඉඩම - පුරන්නට බැරිය මෙහි සිට ගුණ දහම - අත් හැර දමා ගේ දොර සිහිකර මෙහෙම - තපසට යන්ට සිතුවා දවසක්‌ හෙතෙම” / “එක්‌ සිත් සිතා ගෙන දැඩි ලෝබය පන්නා - ඔහු තම දනය දුප්පත් අයහට දුන්නා - රෙදි රියනක්‌ විතර ගෙන විලි වහගන්නා - කැලෑවක්‌ බලා ඔහු තපසට වන්නා” / “වන මුල් පලාපල කා දිනකට වරක - කල් ගත කරයි මල්හාමි ගල් ලෙණක - මේ වගෙ සැපක්‌ ඇතිවිය හැකිදැ'යි සිතක - සිතා බලන කොට ඔහුටම පුදුමයක” / “කැලයේ ගසක්‌ මෙන් නිදහස්‌ සැපත විඳ - සැනසෙන තවුසාට මේ ගල් ලෙනට වැද - "බුදු වෙන කොට මාරයා" කීවා බොරුද - කරදරයක්‌ වුණා එය මෙහි කිව යුතුද” / “ඔහු නිදියද්දි මීයෙක්‌ නොකර ම සද්ද - ඇවිදින් දවස ගානේ කනවා රෙද්ද - ඒ රෙදි රියන මිස අනිකක්‌ නැති සුද්ද - තවුසට මෙය දැරිය හැකි අතවරයද්ද” / “ගජ පාඩුවයි මේකට දැන් කටයුත්තේ - මොනවද කියාලා තවුසා දැනගත්තේ - බළලකු සොයා ගෙනවිත් නවතා ගත්තේ - එතැන් පටන් මීය නැත ලෙණ පැත්තේ” / “වන මුල් පලාපල වැනි තවුසගෙ කෑම - මස්‌ කන බළලකුට හරියාවි ද කෝම - තවුසා ගුහාවේ නැතුවා දුටුවාම - යනවා දඩයමේ බළලා හැම දාම” / “මේ ගිය ගමන් ඌ වනයේ දවස දෙක - ගත කරනවා තවුසට ඉවසිය නොහැක - නවතා ගැනීමට බළලකු ගල් ලෙණක - හැකි පිළිවෙලක්‌ බැලුවා තවුසා දිනෙක” / “තවුසා එළදෙනක දක්‌කාගෙන ආවා - බළලා දවස ගානේ එළ කිරි බීවා - වසු පැටියටත් ඒ එළදෙනටත් සේවා - වට දිනපතා පැය ගණනක්‌ ගත වූවා” / “දැන් බණ බාවනාවට ඉඩ කඩ ගන්ට - මෙහෙකරුවකු නැතුව බැහැ තවුසාණන්ට - ගැටයකු සොයා එළදෙන හට සළකන්ට - සිතුවා තවුස්‌ තෙම අමුඩය රැකගන්ට” / “මේ මහ කරදරය තවුසගෙ සිත පෙලුවා - යම්තම් තීරණයකට බැස හිස සැලුවා - කැඳවා ගෙනාවා කුළු මාමගෙ කොලුවා - එදවස පටන් ඔහු මේ එළදෙන බැලුවා” / “දවස ගානෙ ගමනක්‌ පිඬු පිණිස ගමේ - හැසිරෙයි දැනට මල්හාමි උවසු තෙමේ - වරද නිසා දෝ කොලුවගෙ තරුණ කමේ - සිහිවෙයි ඇතැම් විට කෙළිබර ගතිය ගමේ” / “ගමේ ගොඩේ ඔහු ඇවිදීමට යනවා - වැස්‌සී බැදපු ගහ ගාවා කැරකෙනවා - මදු කොළ නැතුව වසු පැටියා මොරදෙනවා - කිරි නැති නිසා බළලත් පිට මං වෙනවා” / “කරදර ගොඩයි දැන් ආයෙත් තවුසාට - මීයා රෙද්ද කනවා ඇවිදින් රෑට - කළ කළ සියලු දෙය නොපිටට යනවාට - සලකා බැලුවා කළයුතු දෙය මීට” / “"සසරට කළකිරී මම ආවට වලට - පුළුවනැ තනිව විසුමට ගැටවර මොහුට - සිතමින් මොලේ ඇති තවුසා තරුණයට - විවාහයක්‌ කරදුන්නා තනිකමට” / “එදවස සටන්කොට මේ අඹු සැමි දෙන්නා - කටයුතු බලාගෙන හරි හැටියට උන්නා - තවුසා තිදෙනාට ආහර සපයන්නා - "අමුඩය" නිසා වැඩ දික්‌ වේගෙන එන්නා” / “තාපස පවුලෙ දැන් දැන් අගහිඟ බොහොමයි - රෙදි පිළි අහර සැපයුම තවුසට නියමයි - මේ බර පතල පවුලයි තාපස දහමයි - තාපසයාට රැක ගැනුමට බැරි තරමයි” / “මේ අඹු සැමියන්ට දරු සම්පත් ලැබුණා - තාපස පවුලෙ පිරිසක්‌ ගණනින් වැඩුනා - කරදර පිටට කරදර තව ගොඩ ගැහුණා - තාපසයාගෙ කාලය මේවට ගෙවුණා” / “බණ බාවනාවට දැන් ඉඩ කඩ නැත්තේ - පිඬු සිඟමනට දවසම ගත කළ යුත්තේ - තවුසා මේ තරම් කරදර කර ගත්තේ - "අමුඩය" නිසා බව පැහැදිලි විය යුත්තේ”
  • මසුත් එකයි කොසුත් එකයි කීවා ලු [විශ්වාස][කතා][වාර්තා] - මස් ගෝනිය කොස්වලට මාරු කර වංචා කළ කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 52 (11)
  • මහ / සඟ, නායක වුනත්, ගම තුම්පනේ නොවැ? [විශ්වාස][කතා][ප්‍රශ්න] - Though he is the Chief High Priest, is he not from Tumpane (21) - මහ නායක සංඝරාජ ‘වැලිවිට පිණ්ඩපාතික හිමියන්ගේ’ මුල් ගම තුම්පනේ විය. මේ ප්‍රස්ථා පිරුළ ඇති වන්නේ ‘තුම්පනේ’ යන ග්‍රාමයේ මෝඩයන් ඇතැයි යන්නට හේතුවක් ලෙසිනි. සඟරාජ හිමියන්ට බල්ලන්ට දානයක් දීමට අවශ්‍ය විය. එසේ හෙයින් උන් වහන්සේ දායකයන්ට කියා පොල් වත්තකට බල්ලන් දාහක් පමණ එක් රැස් කරවන ලදී. එක් එක් බල්ලන් ඉදිරියේ කෑම තබා බල්ලන් පොරකන්නට පටන් ගත්තෝය. බල්ලෝ දාහක් තබා බල්ලෝ දෙන්නෙක්ට එක බත් පතක් කන්න නොහැකිව රණ්ඩු කරගන්නා හෙයින්, බල්ලෝ දාහක් එකට තැබි විට ඒ තත්වය ගැන කිවයුතු නොවේ මේ බලු කෝලාහලයේ හඬ ඉතා දුර බැහැර තිබු රජවාසලටද ඇසුන හෙයින්, බල ඇණියක් යවන්නට රජතුමාට සිදු විය. එයට හේතුව පසුව දැනගත් රජතුමා කී කතාව පසුව උපහැරණයක් විය. - කෙසේ හෝ මේ කතාව කියන්නට හේතුව වුනේ, ‘තුම්පනේ ඇති සුන්දර ස්වභාවික පරිසරයේ ඇති සිරියාව’ ගැන ඉරිසියාවෙන් යයි තුම්පනේ වැසියන් කියති. තුම්පනේ උපන්නවුන් ඒ තරම් මෝඩයෝ නොවන බවට උදාහරනයක්ද ඔවුන් ඉදිරිපත් කරති. තුම්පනේ උපන් එක්තරා පල් හොරෙක් එළවා ගෙන ආ රාජ පුරුෂයෝ, කළු ගඟේ ඉවුරක් අසළ ඔහුව වට කලහ. මේ හෝරා එතන තිබුණු පොල් ගහකට නැග ගත්තේය. දැන් භටයන් කරන්න හදන්නේ, ගහ කපා දැමීමටය. මේ අතර හෝරා, තමා අත තිබූ පිහියෙන් පොල් අතු දෙකක් කපා, එය කිහිලී අතර තබා, ගඟේ අනෙක් ඉවුරට ‘හම්බාවෙක්’ පියාසර කරනවා මෙන් අනෙක් ගංතෙරට පියාසර කර පණ බේරා ගත්තේය. එය ඔහුගේ ස්ථානෝචිත ඥාණය විය - කතාව බලන්න විජේතුංග 2013 පිට 222 (17) - The story is that a certain High Priest of Kandy wished to feed all the dogs of the place and had them all collected in one pen. When the food had thrown to them, a free fight took place, which caused the King of Kandy to make this remark. Tumpane, in the Central Province, like Maggona, is reputed to produce simpletons (21) - සමාන: මග්ගොන මිනිස්සු ලිං තැඩලුවා වගේ / පස්දුන් කෝරළේ මිනිස්සු වගේ / ඕවිටිගල මිනිහා වගේ
  • මහ නැව් යන මුහුදේ කුඩා ඔරුත් යනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Small boats too, go in the sea where big ships pass (22) / Small boats, too, venture upon the sea where big ships sail (21)
  • මහ බබා / බඹා, කෝලම වගේ / කඩවරයා වගේ [වාග්ව්‍යවහාර][උපමා] - මුහුණු දෙකක් පෙන්නීම - "මැති ඇමති වරු ජනතාවට මහ බබා කෝලම පෙන්වනවා" සබරගමුවේ පෙරහැරේ යන මහ බඹා කෝළම මුහුණු දෙකක් ඇත. යම ගේ හොඳ සහ නරක ද්විත්ව ස්වරූපය පෙන්නුම් කෙරෙන බවට මතයක් ඇත. පරණවිතාන මතය අනුව සමන් දෙවියා යනු ද ආටානාටිය සූත්‍රයේ යක්ඛ සුමන නමින් හැඳින්වෙන යමයා මය (7-62) – English: Jekyll and Hyde (15) - used in reference to a person or thing that alternately displays two different sides to their character or nature - "former colleagues said he was a Jekyll and Hyde character"
  • මහදැන මුත්තා වී වැපුරුවා වගේ [විශ්වාස][කතා][උපමා] (?)
  • මහදැනමුත්තගේ ගෝලයො රොත්තයි වගේ / මහදැනමුත්තයි ගෝලයොයි වගේ / මහ දැනිමුත්තාගේ දැනිමුතුකම වාගෙයි [විශ්වාස][කතා][උපමා] - - තමන් යමක් නොසිතා පොතේ තියෙන මෝඩ දෙයක් වුනත් ඒ විදියටම කරන අය, අනුවණ තීරණ ගන්නා නායකයකු සහ ඔහුට හෝ ඇයටම ගැළපෙන ගෝල පිරිසක්, මෝඩ ප්‍රධානියෙකු හා මෝඩ ගෝලයින්ගේ ක්‍රියා කලාපය අන් අයට තේරුම් යෑම (39) - මහදැනමුත්තා මඩේ වැටුණු විට පොතේ ලියා නැති නිසා ගොඩ නොගැනීම, පොතේ ගුරාලා වගේ / Like the advice of the great wise man. This has reference to the following story. A bullock while endeavoring to drink water out of a pot introduced his head into it, and the bystanders not knowing how to extricate the pot without breaking it, sent for the wise man of the village to take his advice on the matter. He came, and after much deliberation declared that the only course, he could suggest was to cut off the neck of the bull, and then break the pot and remove it (53).
  • මහදැනමුත්තගේ නුවණ වගේ / මම නැති දා තොප කොහොම ද? [විශ්වාස][කතා][උපමා] - Like the wisdom of Mahadenamutta (21) - මහදැනමුත්තා හුඟක් දේ දන්නා බව පෙන්නා ගෙන සිටින මුත් කිසිවක් හරි හැටි නොදන්නා අනුවණ තීරණ ගන්නා තැනැත්තා (22) (14) - Mahadenamuttd means, literally, the great well-informed one. Like the advice of the great wise man. This has reference to the following story. A bullock while endeavoring to drink water out of a pot introduced his head into it, and the bystanders not knowing how to extricate the pot without breaking it, sent for the wise man of the village to take his advice on the matter. He came, and after much deliberation declared that the only course, he could suggest was to cut off the neck of the bull, and then break the pot and remove it (53) - පිපාසයෙන් එහේ මෙහේ ඇවිද ගිය එළුවෙක් මුට්ටියක අඩියේ තිබූ දිය ස්වල්පයක් දැක එය බීමට හිස මුට්ටියට දැමූ විට අං දෙක හේතුවෙන් එළු හිස මුට්ටියේ හිර විය. හිස පිටතට ගැනීමට අපෝසත් වූ අසරණ එළුවා බෑ බෑ ... කියමින් ඇවිදියි. එළුවාට බැරි බව එයින් දැන ගත් ගමයා මහදැනමුත්තාට පණිවිඩය යැවුවේ එළුවාත් මුට්ටියත් දෙකම බේරා ගැනීමටයි. ප්‍රශ්නය විසඳීමට ඇතු පිටින් පැමිණි මහදැනමුත්තා ඇතු වත්ත ඇතුලට ගැනීමට ගම ගෙදර ප්‍රධාන දොරටුව කඩා දැමූ සැටිත්, එසේ ඇතුළු වී මුට්ටිය බේරා ගැනීමට එළුවාගේ බෙල්ල කැපීමට අණ කළ මහදැනමුත්තා අනතුරුව එළු හිස එළියට ගැනීමට මුට්ටිය බිඳීමට අණ කළ සැටිත් ඒ කතාවේ එයි. දෙකම බේරා ගැනීමට ජිනීවා ගිය ගමයාට උනේ දෙකම පමණක් නොව අගේට තිබූ ගේට්ටුවත් යන තුනම නැති වීමයි - A certain man, whose calf had put its head into a pot, consulted Maha- denamutta (who was proverbial for his wisdom) as to what means should be adopted in order to extricate the calf’s head without any injury either to it or to the pot. The sage mounted his elephant and rode in the direction of the man’s house. In order to enter the garden, he had to get a wall broken down, and a house, too, to gain the inner compound where the calf was tethered. Then he ordered the calf’s neck to be cut asunder, and after breaking the pot, he took the head out and gave it to the owner of the calf, saying at the same time, “How on earth will you get on when I am dead and gone (21) – English: Wiseacre - a person with an affectation of wisdom or knowledge, regarded with scorn or irritation by others; a know-all.
  • මහනෙල් මල ඉතා සුවඳති නමුත් එහි දණ්ඩ කොර හැඩියි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Though the lotus-flower is very sweet, yet it stalk is very rough (22) / Though the lotus flower, is very sweet, yet its stalk is very coarse (21)
  • මහනෙල් මල් විලෙත් මැඩියෝ ඉන්නවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even in the lotus pond there are frogs (22)
  • මහලු වුනහම යකත් තපස් රකින්නට කැමති ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even the devil wishes to be a hermit in old age (22) / Even the devil wants to be a hermit in old age (21)
  • මහා ගංගාවක මුල කුඩා උල්පතකි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - සුළු ආරම්භයක් ඇති ඇතැම් අය පසුව විශාල දියුණුවක් ලබා ගැනීමට සමත් වෙන බව - Mighty oaks from little acorns grow / 2. A river starts with a spring
  • මහා ගින්නක මුල කුඩා ගිනි පුපුරකි [කියමන්]
  • මහා පතරංග ජාතකය වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - ඉතා දිග කථාව (41) - ජාතක කතා පොතේ නොඑන ‘මහා පදරංග ජාතකය’ පිළිබඳත් සිංහල සාහිත්‍ය ග්‍රන්ථ වශයෙන් සඳහන් වෙනවා. මොකක්ද මේ මහා පදරංග ජාතකය? මහනුවර රාජ්‍ය කාලයේදී - මේ පදරංග ජාතකය සිංහල ජාතක පොතේ තබා ඊට පදනම් වුණ පාලි ජාතකට්ඨකතාවේවත් දකින්න නෑ. චරියා පිටකයෙත් නෑ. සංස්කෘත ජාතක කතා සංග්‍රහයක් වන ජාතක මාලාවේ පවා දකින්න ලැබෙන්නෙ නෑ. මෙය, ප්‍රමාණයෙන් විශාල, අන්තර්ගතයෙන් දීර්ඝ වුණ, විකසනයෙන් සංකීර්ණ වුණ කාව්‍යයක් මහා පදරංග ජාතකය වගේ යැයි ප්‍රස්තාවපිරුළක් පවා ජනතාව අතර මුල්බැසගෙන තිබෙන්නෙ මේ කාරණය හේතු කරගෙනයි (31) / තරමක මතබේද සහිත වුවද මහා පදරංග ජාතක කාව්‍යයද කිරිමැටියාවේ මැතිගේ බවට විද්වත්හු පිළිගනු ලබති. මින් මහා පදරංග ජාතක කාව්‍යය සහ වේතාලන් කතාව ද්‍රවිඩ කාව්‍යයන්හි පරිවර්තනයෝය. මහා පදරංග ජාතකය සංස්‌කෘත සාහිත්‍යයෙන් ද්‍රවිඩ බසට පෙරළා ගන්නා ලද්දකි. අපේ ජාතික පොතේ සඳහන් නොවන මේ ජාතක කතාව බෝසතුන් ධර්ම බුද්ධි නම් රජව උපන් කාලයෙහි සිදුවූ ආශ්චර්යමය කතා පුවතක්‌ ඇසුරු කර ලියවුණකි. එහි ද්‍රවිඩ පොත කිරිමැටියාවේ කිවිඳුන් විසින් පද්‍ය 1514 කින් යුතුව සිංහලට නගා ඇත. මෙය කොබ්බෑකඩුවේ යතිඳුන්ගේ කෘතියක්‌ ලෙසට අයෙකු දැක්‌වුවද සන්නස්‌ගල සූරීන්ගේ සිංහල සාහිත්‍ය වංශය සහ හිස්‌සැල්ලේ ධම්මරතන හිමියන්ගේ සාහිත්‍ය ලතා ලිපියෙහිද, 1929 පළ කළ සී. ආර්. සෙනවිරත්න මහතාගේ මහා පදරංග ජාතකය සංස්‌කරණයේද කිරිමැටියාවේ මැතිගේ කෘතියක්‌ ලෙස පිළිගැනේ. "මේ ජාතකය මුදු - පැවසූ ලෙසින් අම බිඳු - වීමට නිවන් සිදු - පසිදු කිරිමැටියාවේ මුදලිඳු" යන 1512 වැනි කවියේද කතුවරයා ගැන සඳහන් වේ. කිරිමැටියාවේ මැතිගේ සෙසු කාව්‍ය හා සසදා බලන විටද ඔහුගේ ද්‍රවිඩ බස පිළිබඳ දැනුම විමසා බලන විටද අවිවාදයෙන්ම මේ කව ඔහුගේ බව තහවුරු වේ. මහා පදරංග ජාතකය අවුල් සහිත කතාවකි. වත්මනද කෙළවරක්‌ නැති අවුල් සහිත කතා මහා පදරංග ජාතකය මෙනැයි උපහැරණයක්‌ද වේ (36)
  • මහා සාගරේ තණ හුලකින් උණු කරන්න හදනවා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - සුභාෂිතය "නව රුවනින් පිරි මහ සමුදුර ගැඹුරු - තණ සුළකින් උණු කළ හැකි වෙති කවුරු"
  • මහෝදර ලෙඩා කොපමණ දිය බිව්වත් ඇතැයි යන තෘප්තියට නොපැමිණේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - No amount of water will satisfy the thirst of a man suffering from dropsy (22) / No amount of water can quench the thirst of a dropsical man (21) - dropsy / මහෝදර ලෙඩා - සිරුරේ කුහර වල හෝ පටක වල ජලය රැස්වීමේ රෝගය / උදර රෝගය ඇති)
  • මළගිය අයගේ කේන්දරේ බැලීමෙන් කවර ප්‍රයෝජන ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - What is the use of consulting a dead man's horoscope (22) / What’s the use of reading the horoscope when the man is dead?
  • මළපතේ අකුරක්වත් බැහැ / මළ පොතේ අකුරක්වත් බැහැ [වාග්ව්‍යවහාර] - මරණ වරෙන්තුවක ලියන අකුරු (සුනේත්‍රා නොහොත් අවිචාර සමය බබ්ලිව් ඒ සිල්වා 2015 පිට 203) / "18, 19, 20 සියවස්වල දිවයිනේ ඇතැම් පළාත් වල මළ ගෙවල්වලදී වෙස්සන්තර කාව්‍ය කියවීය. මරණය ගෙදර තිබියදීත් ඉන් පසුව සතියක් පමණ කල් රෑ එළිවන තුරු වෙස්සන්තර ජාතක කාව්‍ය කියවීම ඇතැම් පළාත්වල එකල චාරිත්‍රයක් බවට පත් විය. මේ සිරිත කොළඹ අවට ප්‍රදේශවලත් ක්‍රිස්තියානි ආගම ප්‍රචලිත වී තිබූ මුහුදු බඩ ප්‍රදේශ වූ ගාල්ල, මාතර, කළුතර වැනි ප්‍රදේශවල එකල බහුලව දක්නට ලැබුණි. බෞද්ධයන් මේ වෙස්සන්තර ජාතක කාව්‍ය මළ ගෙවල්වල කියවීමට හුරු වුණේ ක්‍රිස්තියානි ආභාෂය නිසා යැයි මහාචාර්ය ඒ.වි. සුරවීරයන් සඳහන් කරයි. ක්‍රිස්තියානි ලබ්දිකයන් තම මරණනයකදී දුක්ප්‍රාප්ති සංගර්භය පාස්කු සමයේ පසන් කියවීම මේ බෞද්ධයන් වෙස්සන්තර ජාතක කාව්‍ය කියැවීමට බලපා ඇති බව මහාචාර්ය ඒ.වී. සුරවීරයන් සඳහන් කරයි. මළ පොත යනු වෙස්සන්තර ජාතක කාව්‍යයම බව විය යුතු යැයි ඔහු සඳහන් කරයි" මහාචාර්ය ඒ. වී සුරවීර."අකුරු කියවීමට නොදත් අයද මළපොත කියවති. පොත අතට ගෙන,පොත දිහා බලාගෙන, පිටුවෙන් පිටුව පෙරලමින්,තමුන්ට කට පාඩම් කවි ගයනා කරති. ඒ ආකාරයට මළපොත කියවීම එදා සිටි ඕනෑම අයෙකුට කළ හැක්කකි. මෙන්න මේ කියවීමවත් කරගැනීමට නොහැකි පුද්ගලයන් මළපොත කියැවීමට නොහැකි උන් ලෙස අපහාසයට පත්කර ඇත" නුවන් මිනුවන්ගොඩ.

මා[සංස්කරණය]

  • මාතර ගොස් උගත්තෙත් පොල් ගාන්නට විතරක් ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Even after going to Matara, have you learnt only to scrape coconut? - Is that all the knowledge you have brought from such a seat of learning? (21) – About the Mathara education – See: කලුතර උපදින්නයි, මාතර ඉගෙන ගන්නයි
  • මාන්සි නොවී හාන්සි නොවන්න [ආප්තෝපදේශ]
  • මාමාගේ මාපට ඇඟිල්ලට කිරි එරෙනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It is said that milk wells up into the thumb of the maternal uncle (21) – See: තනේ ඇත්නම් මාමා අම්මා ලු
  • මාලිගාවේ ඇතා වගේ (9-18) [වාග්ව්‍යවහාර][උපමා] - කලබලයක් නැතිව හිමිහිට ගමන් කරන්නෙකුට, බොහෝ තේජස් ඇති කෙනෙකුට (9-18)
  • මාලුවා නහින්නේ කට හින්ද ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The fish dies because of its mouth - This applies, to fish caught by bait (21)
  • මාළු කාරයින්ට බල්ලෝ බුරන්නේ නැහැ ලු - සාමාන්‍යයෙන් සැර වැර කරන හෝ අනුන්ට අපහාස කරන උදවිය තමන්ට වාසියක් ඇති තැන්වලට එසේ අපහාස නොකරන හෝ සැර වැර නොවන බව.
  • මාළිගා ඇති රටේ දිළිඳු පැලුත් තියෙනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - In a country where there are palaces, there are miserable hovels too (22) / In a country of palaces, there are humble little hovels, too (21)

මැ[සංස්කරණය]

  • මැකූ රත්තරන් ගෙමැඩියා වගේ / රත්තරන් ගෙමැඩියා මැකූ කතාව වගේ [විශ්වාස][කතා][උපමා] - Like the gold frog that was melted (21) - උණු කර අභරණ තනන්න පුතාට රන් වැඩ උගන්වා ගෙම්බෙකු පැන ගිය කතාව - A certain woman had a frog made of gold which she had inherited from her ancestors. She desired to melt this frog and make some ornaments for wear out of the gold, but her distrust of goldsmiths— a thieving tribe—prevented her doing so. She, therefore, apprenticed her son to a goldsmith, and, after the young person had learnt the art, she handed him. the gold frog with instructions to melt it and make her the required ornament. What he did, however, was that even a professional goldsmith would not have dared to do. He hid a live frog behind the small furnace near which he worked, and, when he blew into the fire, the frog hopped away, whereupon he shouted, “Mother, mother, See how the gold frog is running away” (21)
  • මැටි තියෙද්දී වැල්ලෙන් වලන් හදනවා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - ලෝකෝපකාරය "වලන් කරනා මැටි තබා - බඳුන් කරනෙව් වැල්ලෙන්"
  • මැටියෙන් වත් මොකද බළලා මීයා ඇල්ලී නම්? (22) / මීයො අල්ලනවා නම්? (21) [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - If the cat catches rats, it matters not that he is made of clay (22) / So long as the cat catches a rat, it matters not that the rat is made of clay (21)
  • මැඩියන් බුදින්නෙත්, ලෝකය උහුල ඉන්නෙත්, නයාම ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - එකම පෙනුම ඇති අය හෝ එකම පවුලේ අය අතරත් යහපත් අය සහ අයහපත් අය සිටින බව - අනන්ත ශේෂ නාග රාජයා ලොව උසුලා ගෙන සිටින බවට තිබූ විශ්වාසය මත - සුභාෂිතය "ඉසුරින් රුවින් සරි අය වෙසෙතත් නොමඳ - කුළුණින් ලොව රකිනු එක් උතුමෙකි පබඳ - මඩියන් බුදින නා කැල ඇති වද විසද - දරමින් දෙරණ සිටිනේ නත නා ම වෙද"
  • මැණික් ගලේ කොවලංගුවක් හිටියා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - උසස් වස්තුවක වුවද පළුද්දක් ඇති වීමෙන් එහි අගය අඩුවේ (කෝවලංගුව යනු මැණික් ගලක් තුළ පිහිටන වළාකුළක් වැනි සුදු පාට ලක්ෂණය) (41)
  • මැණික් ගලේ පය හැපුනට කණා ඇඳිනලා ගනී ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Will a blind man make out and pick up the precious stone he pitches his foot against? (22) / Can a blind man make out and pick up the gem which his foot strikes against? (21) - "සුරක්සිතව ඇති කළාට උරුලෑවගෙ ගඳ ඇරේ ද - කොසඹ රුකේ මල් පිපුනට මී මැස්සේ රොන් ගනීද - කොතෙක් කීවත් මෝඩයාට උගේ ගතිය ඌ අරිද - මැණික් ගලේ පය වැදුනට කනා ඇඳිනලා ගනී ද"
  • මැණික් දැක්ක තම්බි වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the Tamby who Sees gems (21) - අධික ලෙස වතුර බී ගෙන බී ගෙන යාම - The Ceylon trade in gems is largely in the hands of the Moorman (Muslims) who, when he sees precious stones, is popularly supposed to keep drinking water continually to allay, as it were, the strong desire which is said to keep welling up in his heart (21)
  • මැරෙම්වා රැකෙම්වා කියා වැඩ කරනවා [වාග්ව්‍යවහාර] - ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක්, ඕනෑ දෙයක් වුනාවේ කියලා කළ යුතු දෙය කරනවා - English: 1. A matter of life and death - A very urgent issue, situation, or circumstance / 2. To be, or not to be" is the opening phrase of a soliloquy uttered by Prince Hamlet in the so-called "nunnery scene" of William Shakespeare's play Hamlet, Act 3, Scene 1. 3. Sink or swim a situation in which someone either must succeed by his or her own efforts or fail completely They left me to sink or swim on my own. – example: In this job, it's sinks or swim.

මි[සංස්කරණය]

  • මිටි මිනිහාත් මිටි හුඹහත් ළඟින් යන්න එපා / විශ්වාස කරන්ට එපා [උපදේශ][ප්‍රපංච][විධාන] - Don't trust a short man, nor a low white ants' hill. Cunning is considered the characteristic of a man of low stature (53) / Don’t go near a short man nor near a low ant-hill - Snakes generally lie in low anthills, and short, dwarfish men (and women) are popularly held to be dangerous people. Note the Sanskrit stanza: "අති දීර්ඝෝ මහා මුඛඃ (මුක්රක් - An exceedingly tall man is generally foolish) - මධ්‍යමස්තු විචක්‍ෂණඃ (A man of middle stature is sensible) - වාසුදේවං පුරසකෘත්‍ය - සර්වේ වාමනකා ශශඨාඃ (All short men are deceivers, Of whom Vasudeva Vishnu is the chief)" (21)
  • මිටිකිරි විසිකර දියකිරි ගත්තා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - හොඳ දේ ඉවත දමා නරක දේ ප්‍රයෝජනයට ගැනීම (49)
  • මිත්‍රයෙක් අමිත්‍ර කර ගැනීමට උවමනා නම් ඔහුට පනමක් ණයට දෙන්න [ආප්තෝපදේශ] - If you wish to make a friend unfriendly, lend him a fanam (22) - A fanam is three half-pence or six and a quarter cents (21)

මී[සංස්කරණය]

  • මී පැණි වලටත් මත් වෙනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - "ආ තැනවත් සතහට නො පෙනෙනවා ලූ - කාට නමුත් පින් තරමට සැප දේ ලූ - ඊට නුමුත් සිටියට සැප නොලැබේ ලූ - මී පැනි මුත් සකියනි මත් වෙනවා ලූ"
  • මී පුප් ලදින් දරු නොලදින් වගේ [උපදේශ][කතා][උපමා] - එක කැලෑවක අලුකොබෙයි පවුලක්‌ හිටිය. අම්මයි, තාත්තයි, දුවයි, පුතයි (හරියටම අද කාලෙ න්‍යෂ්ඨික පවුලක්‌ වගේ). මේ පවුල ඉතාම සතුටින් ජීවත් වෙන අතරතුර කැලේට ලොකු නිහඟයක්‌ ආවා. ගහකොළ මැලවුණා. සමහර ගස්‌ මැරුණා. දිය පාරවල් හිඳිලා ගියා. සතා සීපාවන්ට කුරුලු කොබෙයියන්ට කන්න දෙයක්‌වත් බොන්න වතුර බිංදුවක්‌වත් හොයාගන්න ලේසි වුණේ නෑ. මේ අවාසනාවන්ත තත්ත්වය අර කොබෙයි පවුලටත් බලපෑවා. බඩගින්නේ අඬන දරුවන්ගේ දුක උහුලන්නට බැරිම තැන කොබෙයි අම්මයි, කොබෙයි තාත්තයි ඈතින් ඈතට පියඹලා ගියේ දරුවන්ට කෑමට මොනවාහරි හොයාගෙන එන්න. ඈත කැලේකදි හොඳට මල් පිපිලා තිබුණ මී ගහක්‌ මුණගැහුනා. මී මල් හරිම පැණි රසයි. වැඩිපුර කෑවොත් අපි පවා මත්වෙනවා. ඒ තරම්ම පැණි රසයි. ඉතින් මේ කොබෙයි දෙමවුපියෝ මී මල් ගොඩක්‌ අරන් ඇවිත් කොටසක්‌ පැටවුන්ට කෑමට දුන්නා. අනික්‌ කොටස ළඟම තියෙන ගල්තලාවට දැම්මා වේලෙන්න. මේ වැඩේ දිගටම කෙරුණා. දැන් කොබෙයි පවුලේ බඩගින්න සම්බන්ධ ප්‍රශ්නය විසඳිලා. ඒත් රැස්‌කිරීම දිගටම කරගෙන ගියා. දවසක්‌ හවස ආපු කොබෙයි දෙමවුපියෝ දැක්‌කා ගල්තලාවට දාපු මී මල් වලින් භාගයක්‌වත් එතැන නෑ කියල. දෙමවුපියො හිතුවේ පැටව් දෙන්න කාලා කියල. කෑමට දීල තියෙද්දීත් එකතු කරපු මල් කෑ නිසා උරණ වුණුq තාත්ත දරුවන්ට කොටල මරල දැම්ම. ටික වෙලාවයි ගියේ ලොකු වැස්‌සක්‌ ආවා. වේළුණු මී මල් වැහි වතුරට පොඟලා ආයෙත් තිබුණු තරමටම විශාල වුණා. ගල්තලාව පුරා මී මල් යායක්‌ හැදුනා. සිද්ධවුණ දේ වටහාගත් දෙමව්පියෝ දරුවන් ළඟට ගියත් ඔවුන් ආයේ නැගිට්‌ටෙ නෑ. එදා ඉඳල මේ කොබෙයි අම්මයි තාත්තයි කැලේ පීරා තම මියගිය දරුවන් හොයනවා. ඒ මෙන්න මෙහෙම කෑ ගසමින් "මී පුප් ලදින් දරු නොලදින් රංකැටි පුතා කෝ කෝ" අදත් කොබෙයියන්ගෙ ඇඬුමේ අදහස මෙකයි (38).
  • මීගමුවේ නිකිණි කොහෙන් ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Where can you find “nikini” in Negombo? - Nikini is a chimera, something which never existed except in the imagination. “Migamuwa” is the Sinhalese name for Negombo, the town 23 miles from Colombo (21)
  • මීයක් කඩන්නේ අත ලෙවකන්න යැ? (14) [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Is it to lick your hand that you break a bee-hive? (21) - වාසියක් නැත්නම් යමක් නොකරන බව, කෙනෙකු යමක්කරන්නේ තමන්ගේ වාසිය උදෙසා බව
  • මීයක් කැඩූ කෙනෙක් අත ලෙව කත් ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - He who breaks a bee-hive, will lick his hand (22) - ඉතා වටිනා දෙයක සුළු ප්‍රමාණයක් වත් අපතේ නොයැවීම (?)
  • මීයට පිම්බා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like blowing on a beehive - මීමැස්සන් පලවා හැරීමට මී වදයකට දුම් පිම්බ විට උන් කලබල වී දස අත දුව යයි (21)
  • මීයාට පිම්බා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - දැඩි නිශ්ශබ්දතාවයක්? - මීයට පිම්බා වගේ යන පිරුළෙන් බිඳී ආවක් (?)
  • මීයාට මර ලු බළලාට කෙළි ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Death to the rat and play to the cat (22)
  • මීහරකාගේ කරේ එළහරකා ඈදුවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like yoking a bullock with a buffalo (22) - Mating an ill-assorted pair (21)

මු[සංස්කරණය]

  • මුක්කර තිදෙනා ගේ කතාව වගේ [විශ්වාස][කතා][උපමා] -Like the behaviour of the three “Mukkarayo.”(21) - මුක්කර තිදෙනා මනමාලි බැලීමට ගොස් කතා නොකරන ලෙස අම්මා කළ අවවාදය (22) - A Mulclcaraya is one who either has a disfigured nose, or speaks with the nose, or has no nose at all. The following story is of three brothers who spoke with the nose—a defect from birth. There was a marriage proposal for the eldest, and all three, upon invitation, had arranged one day to go for dinner to the house of the bride. Before leaving, however, their mother sternly cautioned them against speaking when in the bride’s house, lest their nasal defect be discovered. At the meal one of them began behaving like a glutton, wherefore the second pinched him. “This fellow is killing me,” yelled the man in pain, whereupon the second shouted to him, “Shut up, you fool.” The third then intervened with the remark, “I am the only one who remained silent as mother directed.” The proposed marriage was broken off (21)
  • මුචී කැවුම් කෑවා වගේ [විශ්වාස][කතා][උපමා] - Like the way “Muchi “ate “kevum! “(21) (?)
  • මුතු රන් මසු වටී, සිප්පිය අලගු නොවටී [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - මුතු අමිල වුවත් එය රැඳි, බිහි කරන බෙලි කටුව ඉන් අලගුවක්වත් නොවටී - ලෝකෝපකාරය - "මසු බෝ වටී මුතු - සිපි නො ම වටී මුතු ලකක් වත්"
  • මුත්තා කියන්නෙත් බණ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even the grand-father talks “Bana.” - [The grand-children naturally expect the grand-father to talk to them about other things than Bana; but when even he begins preaching, they feel it is going beyond their endurance (21)
  • මුදල් දැක්කම කුසල්හාමිත් අකුසල් කරනවා ලු - මුදල් වාසි තකා සාමාන්‍යයෙන් වැරදි වැඩ නොකරන අය වුනත් වැරදි වැඩ කරන බව
  • මුනින් නැවූ කළේ වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the pot placed with its mouth downwards (22)
  • මුරුංගා අත්තේ තියනවා (14) [වාග්ව්‍යවහාර] - Keeping on a “Murunga “branch (21) The murunga is the horse-radish, commonly called drum-stick tree (Moringa pterygosperma) - ලාබයක් වාසියක් බලා ගෙන නැති ගුණ කියමින් පමණ ඉක්මවා ප්‍රශංසා කර අනික් කෙනා සතුටු කර ඉහළින් හිතීමට සැළැස්වීම - සමාන: පලිප්පු දානවා, බටර් ගානවා - English: 1. To laud/praise to the skies (14) / 2. Lay it on thick / 3. Up to the nines (15) to a great or elaborate extent - "the women were dressed to the nines" 4. fine words (soft words or fair words) butter no parsnips, meaning that words alone are useless, especially flattering phrases or fine promises, and you should judge people by what they do rather than by what they say.
  • මුල ඉඳලා තංගලු යනවා වගේ [විශ්වාස][කතා][උපමා] / හෝඩියේ ඉඳන් පටන් ගන්නවා වගේ (15) - සෑහෙන කොටසක් කරපු වැඩක් වැරදියට කරපු නිසා නැවත මුල ඉඳන්ම පටන් ගන්න වීම - තංගල්ල නමැති ගමේ සතියකට වරක්‌ පැවැත්වෙන "පොළකට" යනු සඳහා ඈත ගමෙක සිට බඩු කරත්තයක්‌ පටවා ගෙන ආ වෙළෙන්දෙක්‌ පොළ දාට පෙර දින රාත්‍රියේම තංගල්ලට පැමිණ නිදිමත වැඩි කම නිසා ගොනා කරත්තයෙන් නොලිහාම නිදන්නට විය. පසුදා පාන්දර ඔහුට ඇස හැරෙන විට ඔහු ආපසු තම ගමට පැමිණ සිටින බව දක්‌නට ලැබිණ. ගොනා, ආපසු කරත්තය ඇද ගෙන පුරුදු මග දිගේ පුරුදු ගෙදරටම පැමිණ තිබුණි. එහෙයින් වෙළෙන්දාට මුල හිටන් තංගලු යන්නට සිදු විය. එදා සිට වරක්‌ කරනු ලැබූ දෙයක්‌ නැවත කරන්නට සිදු වූ විට මුල හිටන් තංගලු ගියා වගේ යන ප්‍රස්‌තාව පිරුළ ගෙන හැර දක්‌වති (48) - English: 1. Start from scratch / 2. Back to square one (14)
  • මුලාදෑනි කම නරකාදියටත් හොඳා -  To be a headman is good even in hell.
  • මුව දඩයමේ යන්නේ ආනම් කන්ටම යැයි? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Does one go a deer-hunting only to eat anam? (21) / Is it only to eat anam that one goes a deer hunting – Anam is a peculiar kind of native curry generally consisting of coconut-milk, jack, and pumpkin (22)
  • මුවෝ කෙතේ ගොයම් කෑවාහම ගෙදර ඇවිත් මුව හමට තඩිබානවා වගේ When the deer trespass on his field, he comes home and beats the deer's skin. When a man is unable to punish the real offender, he often wreaks his vengeance on some poor unoffending person (53).
  • මුහුද කැඳ වුනත් කෙටි හැන්ද මා අතෙයි කීවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Similar to the saying, "Even if the ocean be turned into congee, the short-spoon is in my hand" (22)
  • මුහුදට දැමූ පොල් ලෙල්ල වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - කොච්චර කරත් ගොඩට මයි එන්නේ
  • මුහුදු වතුර බිව්වාට පිපාසය නොසන්සිඳෙයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Sea water will not quench one's thirst (22)
  • මුහුදේ ඉන්න මාලුවන්ට මිරිස් අඹරනවා වගේ (14) [විශ්වාස][ප්‍රපංච][උපමා] - යම් දෙයක් ඉටු වෙනවා දැයි වත් නොදැන එය ඉටු වූ පසු කළ යුතු දෙය කරනවා - සමාන: නූපන් දරුවන්ට කේන්දර හදනවා වගේ - English: Count one's chickens before they hatch, Don’t count your chickens before they hatch. Don’t make plans based on future events that may not happen at all. Example: X: I’ve to prepare for my campaign. Y: But you haven’t been nominated yet. Don’t count your chickens before they hatch (32)
  • මුහුන් ටික නෙදී වැහි / වැස්සී පස්සේ එවඥාඥ කීවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Like refusing a little leaven and promising to send the she-calf (22) / (Like the man who) refused a little leaven but promised to send a she-calf (21)

මූ[සංස්කරණය]

  • මූණ සේදූ තරමට ඇසට සනීප ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The oftener the face is washed, the more beneficial it will be to the eye (22) / The eye will benefit as often as the face is washed (21)
  • මූණත් එක්ක තරහට නහය කපා ගන්නවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Cutting off one's nose to spite one's face / Cutting off your nose to spite your face - යමක් හෝ යමෙක් සමග ඇති තරහක් පිරිමැසීමට තමන්ටත් පාඩු වන දෙයක් කිරීම / කේන්තියෙන් තමන්ටම හානි වෙන ලෙස කටයුතු කරනවා Cut off one’s nose to spite one’s face (15). Disadvantage oneself through a wilful attempt to gain an advantage or assert oneself. "by cutting Third World aid to reduce public spending, the government would be cutting off its nose to spite its face"
  • මූණෙ දැලි ගාගන්නවා වගේ (14) [විශ්වාස][ප්‍රපංච][උපමා] - තමන්ට අපහාසයක් වෙන දෙයක් කරනවා - සමාන: උඩ බලා ගෙන කෙළ ගහනවා

මෙ[සංස්කරණය]

  • මෙහෙම ගෙදරකට කුළු තුනක්වත් ඕනෑය කී විත්තිය වගේ [විශ්වාස][කතා][උපමා] - වහින වෙලාවක ගෙදරකට ගොඩනැගුනු අමුත්තෙක් ගෙදර ජෝඩුව කුළු දෙකක් ඉහලා ඉඳලා උඹට දෙන්න කුල්ලක් වත් නැහැයි කීවාම - Similar to the saying. "There ought to be at least three winnowing fans for a house like this." (22) - [A passenger who stepped into "a road-side house to take shelter for the rain, found the husband and wife under the shelter of two winnowing' fans as the roof of the house was leaking. On Seeing the stranger, the two occupants of the house exclaimed "pity that we haven't another winnowing fan for you." The passenger on hearing this, went away in the rain saying, "there ought to be at least three winnowing fans for a house like this" (22)

මේ[සංස්කරණය]

  • මේ කනින් අහලා අනෙක් කනින් පිට කරනවා වගේ වගේ (14) / ඒ කණෙන් අහලා මේ කණෙන් පිට කරනවා වගේ / මේ කනෙන් ඇතුල්වෙලා අනික් කනෙන් පිට වෙනවා වගේ (15) [වාග්ව්‍යවහාර][උපමා] - යමක් අසා ගෙන සිට එය නොසලකා හරිනවා, English: In one ear and out the other / Go in one ear and out the other / In at one ear and out of the other. If something you hear goes in one ear and out the other, you quickly forget it. Example: Their advice to her went in one ear and out the other (32)
  • මේ මිනිහා මාව මරනවෝ කියා මුර ගෑ විත්තිය වගේ [විශ්වාස][කතා][උපමා]
  • මේක නම් මහසොන් මැරිල්ලක් [විශ්වාස][කතා][උපමා] - This, sure, is a Maha Sohona killing - Maha Sohona is the chief of the important spirits of disease. In Sinhalese Folklore, he is said to be 122 feet high, has the head of a bear with a pike in his left hand, and in his right an elephant, whose blood he squeezes out to drink. He inflicts cholera and dysentery and presides over graveyards and junctions where three roads meet; He is said to appear riding on a pig. In ancient times two giants, Jayasena and Gotimbara, met in single combat. Gotimbara knocked off the head of Jayasena, whereupon the god, Senasura, tore off the head of a bear and placed it on the body of Jayasena, who then rose up alive as the demon Maha Sohona. The Sinhalese believe that a man struck down by this demon would exhibit, on the back of his body, the mark of a hand with the palm and fingers standing out of the flesh, embossed as it were (21) See මේක නම් මහ යොන් මැරිල්ලක්
  • මේක මහ යොන් මැරිල්ලක් / මේක හරිම යොන් මැරිල්ලක් [විශ්වාස][කතා][වාර්තා] This is a great “Yon” (Moorish) slaughter / හරිම යොන් මැරිල්ලක් - සරධාරණයක් කිරීම (40) - යොන් = මුස්ලිම් ජාතිකයින් - නැවක් ගිලෙන්නට ගිය ඉතිහාස කතාවකින් බිහි වූවක් - මේ කතාවෙන් බිහි වූ තේරවිලි කවියක් ගැන ද විජේතුංග 2013 පිට 51 (17) සඳහන් කරයි - ගුණතිලක, එච්. (1948) සිනා සුමුග, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ (3) (පිට 14-15) යොන් මැරීම - සිංහලයන් සහ යොනුන් (යෝනක) නැගී ගිය රුවල් නැවක් බර වැඩි වූ හෙයින් මුහුද මැද දී ගිලෙන්නට යන ලකුණු ඇති විය. නැවේ සිංහල කප්පිත්තා සිංහලයන් ඉතිරි කර ගෙන මේ අනතුරින් බේරී යාමට උපක්‍රමයක් කල්පනා කළේය. මුල සිට ගණන් කරන විට නිතරම නව වැන්නා යොනෙකු වන ලෙස සියලු දෙන පෙළට සිටුවා, "නැව බේරා ගැනීමට කළ යුතු එකම දෙය මෙහි සිටින්නවුන්ගෙන් කොටසක් මුහුදට දැමීමයි.නවය නපුරු නිසා මේ මිනිස් පෙළ මුල සිට ගණන් කර ගෙන යාමේ දී නව වැන්නා මුහුදට දැමීමට නියම කර ගතිමි. ඔවුන්ගේ භාග්‍ය ඇති නැති සැටියට එය සිදු වේවා!"යි උස හඬින් ප්‍රකාශ කළේය. එසේ ගණන් කර ගෙන යාමේ දී යෝනුන්ට ම නවය වැටුණේය. අන්තිම යොනා මුහුදට දමන විට "මේක මහ යොන් මැරිල්ලක්" යැයි කීවේ ලු. මිනිස් පෙළ පිළියෙළ කළ හැටි කියැවෙන කවිය "සදා පන්න පළමුව ජය වෙන සතර - ඊළඟ සදනු පණ යන පස්දෙන නිතර - යාළු දෙන්න ගාවාමයි එක සතුර - දැනගන් මිතුරු තුන් දෙන මයි ඒ අතර" - "නො හොඳ අයෙක් කුසලින් වැඩි එක යාළු - විහිළු දෙන්න ළඟ දෙන්නත් ගැල වේ ලු - අකුසල් තුනෙන් කුසළට වැඩි එක යාළු - සතුරු දෙන්න ළඟ දෙන්නට එක මර ලු" - Yona is a term for a Moorman. The saying has its origin in the following story. - A ship staffed by Sinhalese and Moorish sailors was in danger of sinking at sea, and the Captain (a Sinhalese) found himself constrained to save the vessel only by sacrificing a part of his crew. Anxious to save his compatriots, the Captain assembled the crew on deck, after first secretly instructing the Sinhalese sailors so to take their position as to make a Moor occupy every ninth place, beginning from a spot he indicated. Then, when all had assembled (the Sinhalese sailors according to plan) the Captain loudly announced that every ninth man would have to go overboard, with the result that all the Moormen were sacrificed. When the last Moorman came to the “order of his going,” he is said to have exclaimed, “This is a great Yon slaughter,” as he was flung out to sea (21) - චින්තක ටිකිරි බණ්ඩාර (35): 'යොන් මැරිල්ල ' පැරණි ජන ක්‍රීඩාවකි. ගෘහස්ථ ක්‍රීඩාවක් වූ මෙහි පාර්ශවයන් දෙකකි. එකිනෙකට වෙනස් ගල්කැට හෝ ඇටවර්ග දෙවර්ගයක් ක්‍රීඩාවේ ඉත්තන් වශයෙන් ප්‍රයෝජනයට ගනියි. ඒවා ඉත්තන් වේ. එක් පාර්ශ්වයකට ඉත්තන් 11 බැගින් ක්‍රීඩාව සඳහා සම්පූර්ණ ඉත්තන් 22කි .සම්පූර්ණ ඉත්තන් ගණන එක කණ්ඩායමක ඉත්තෙකුට පසුව තවත් එකක් ලෙස වෘතාකාරව ගෙබිම අතුරයි. දැන් ක්‍රීඩාව ඇරඹෙයි. මුලින්ම අවස්තාව හිමිකරගන්නා පාර්ශවයට තම වෘත්තයේ ඕනෑම තැනක සිට අරඹන ආකාරයට අරඹා වාමාවර්තව නමය දක්වා ගණන් කොට තම විරුද්ධ පාර්ශවයේ ඉත්තෙක් පෙතෙන් ඉවත් කළ හැකිය. මේ ආකාරයට සෑම නවවෙනි ඉත්තාම පෙතින් ඉවත් කළ යුතු අතර නවවැන්නා වශයෙන් තමන්ගේ ඉත්තෙක්ම පැමිණි මොහොතක එම ඉත්තා ද පෙතෙන් ඉවත් කරමින් තමන්ගේ ඇදීමේ වාරය අනෙක් පාර්ශවයට පවරා දිය යුතු ය. මෙය ක්‍රීඩාවේ සාරාංශික ක්‍රියාවලිය පමණක් වෙයි. - මෙම ජනක්‍රීඩාවේ සම්භවය පිළිබදව අපූර්ව කතා පුවතක් ජනප්‍රවාදයේ දැක්වෙයි. සිංහල නැව්පතියෙක් තම නැව සමඟ යාත්‍රා කරමින් සිටියදී දරුණු කුණාටුවකට හසුවෙයි. ඔහු තමන් දන්නා ප්‍රතිකර්ම යොදමින් නැව් බේරාගැනීමට උත්සාහ දැරුවේය. නැවේ බර අඩුකිරීම යහපත් ප්‍රතිපල ගෙන දේවියැයි බලාපොරොත්තු වෙමින් ගෙන යමින් තිබූ බඩු භාණ්ඩ මුහුදට හෙලූ මුත් එය ප්‍රමාණවත් නොවීය. අවසානයේ නැව්පතියා නොහොත් කැප්ටන් තීරණය කරනු ලැබූයේ නැවේ සිටි කාර්‍ය මණ්ඩලයෙන් අඩක් මුහුදට හෙළා හෝ නැව බේරා ගන්නටයි. එහෙත් කිසිවෙක් ස්වෙච්ජාවෙන් ඒ සඳහා ඉදිරිපත් නොවූ කළ අහඹු ලෙස ඒ පිරිස තෝරා ගන්නට නැව්පතියා තීරණය කළේය. නැවේ සිංහල හා මුස්ලිම් හෙවත් යෝනකයන් සම සමව සිටි අතර නැව්පතියා ජාතිමාමක සිංහලයෙක් විය. එමෙන්ම උසස් ගණිත දැනුමක්ද තිබූ නැව්පතියා නාවිකයන් සියලු දෙනා කැදවා වෘත්තාකාරව පෙළ ගස්වා (මේ පෙළ ගැස්වීම කරනු ලැබ ඇත්තේ ඔහුට අවශ්‍යය පරිදිය. ) තත්වය පැහැදිලි කර දී තමන් විසින් ගණන් කිරීම ආරම්භ කර නව වැන්නා මුහුදට හෙළන බවද දැනුම් දුන්නේය. මෙය අහඹු තෝරා ගැනීමක් වග නාවිකයන්ට අනුමාන කිරීමට ඉඩකඩ ලබා දුන්නද නැව්පතියාට මුහුදට හෙළන මිනිසුන් කවුරුන්ද යන්න ගැන පූර්ව සැලසුමක් තිබුණේය. එය පැහැදිලි වූයේ නැවේ හුන් සියලුම යෝනක හෙවත් මුස්ලිම් නැවියන් අහඹු ලෙස මුහුදට හෙළා අවසන් කළ පසුවය. / නැවේ සිංහල හා මුස්ලිම් ජාතිකයන් සිටි බවත්, නැව කුනාටුවකට හසුවී බර අඩු කිරීමට නැව් බඩු තොගයද මුහුදට දැමුවත් පලක් නොවී නැව මුහුදේ ගිලීමට ආසන්නවු විට එක මුස්ලිම් අයෙක් වැදගත් වැඩක් කරන්නට යන්නාක් මෙන් කුඹ ගස මුලට යන්නට හදන විට අන් සියල්ලෝම ඉඩ දුන්නේ ඔහු විසින් නැව මෙන්ම මගී ජීවිතද බෙරනු ඇතැයි සිතාය. එහෙත් ඔහු කලේ තම ඉනේ තිබු දුන් කොළ මල්ල අරගෙන ඉන් කුඩු වඩියක් උරා බිමට බැසීමයි. මින් කෝපවූ සිංහලයන් ඔහු මෙන්ම නැවේ සිටි සියලුම මුස්ලිම් ජාතිකයන් මුහුදට ඇද දැම්මා. රැපියෙල් තෙන්නකෝන්ගේ වවුලුව පොතේ 28 වන කවියේ ඒක තියෙනවා. "යොන් හුට නැගෙත කුඹ ගස මත නැව ගිලෙත - දුන් කුඩු හෙප්පුවට ඉන් යන කලට අත - දෙන්නට නිදසුනට සරි කල සිය සිරිත - දැන් මෙහි හොවති වලගම්බාවෝ අනත"
  • මේක වෙස්සන්තර කාලයක් නෙවෙයි [විශ්වාස][සාහිත්‍ය][නිශේධ] - This is not a Vessantara era - Vessantara was the name of the Buddha in his last birth but one, in which he gave away his treasures, his wife, and children as religious offerings. The “Vessantara Era” would, therefore, be synonymous with a very religious and charitable ago.” (21)
  • මේක හතරවරං කෙළියක් නේ? [වාග්ව්‍යවහාර] - This is a hell of a game (21) - Lit. “A four-quarter game,” that is, a game or deed which is bad, looked at from “all four quarters” north, south, east, and west (21)

මෝ[සංස්කරණය]

  • මෝඩ කමක් කරලා දැනමුතු වෙන්න ඕනෑ ලු [ආප්තෝපදේශ] - It is by committing a foolish act that one learns wisdom (22) / You must be foolish to be wise (21) – English: Learning by mistakes / doing / 2. Those who cannot remember the past are condemned to repeat it - George Santayana
  • මෝඩ පුතාට වඩා, නූපන් පුතා හොඳයි කිව්ව වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - පංචතන්ත්‍රය - හිතෝපදේශය"අජාත..."
  • මෝල් ගහ ගිලපු පිඹුරා වගේ / පොල් පරාලයක් ගිල්ලා වගේ [වාග්ව්‍යවහාර] - Like the python which had swallowed pestles (21) - නම්‍යශීලී නැති බව, නොනැමෙන ගතිය / මෝල් ගහ කෙළින් ගමන් කිරීම (9-162) – Very straight, rigid, or inflexible - English: as stiff as a poker.
  • මෝල් ගහේ දළු ලන තුරු බලා හිටියා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - කොකා දිය සිඳෙන තුරු බලා හිටියා වගේ - කලු කපුටා සුදු වන තුරු බලා සිටියා වගේ -සෑහෙන හේතුවක් නැතිව බලාපොරොත්තුවෙන් සිටීම English: Waiting till the cows come home / English: Like Micawber - The character of Wilkins Micawber has given rise to the English noun "Micawber" and the adjectives "Micawberish" and "Micawberesque" The Merriam-Webster Dictionary defines a Micawber as "one who is poor but lives in optimistic expectation of better fortune."

[සංස්කරණය]

  • යකඩ කෙක්කෙන් කඩන්න බැරි සියඹලාව ගීතිකාවෙන් හෙලවෙයි ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Will the tamarind fruit, which has resisted an iron hook, shake at a sacred song / hymn? - Denham quotes a story told of an old native Headman, whose memory went back to Dutch times and who could, therefore, well remember the coercive measures then taken for forcing Christianity upon the people. Being urged by a Missionary to adopt Christianity, the Mudaliyar, wearied of the Missionary’s efforts, quoted with much animation a Tamil proverb, “Will the tamarind fruit which has resisted an iron hook (used in pulling down the fruit) shake at a sacred song? “The tamarind is the Sinhalese Siyambala, Sanskrit: Tintidi, Amlika, Tamil: Puli (21)
  • යකඩ දාච්ච ගෙයි ඉඹුල් පුළුන් කොයින්ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Could there be cotton in a house where iron has been consumed? (22) / Can you find “imbul” cotton in a house where iron has been consumed by fire? (21) විෂාල විනාශයක් වූ තැන සුළුසුළු දේවල් ඉතිරි නොවන බව (41) – Imbul Cotton Tree (Eriodendron anfractuosum, Sanskrit: Salmali, Tamil: Illanku – Imbul) – is the white silk cotton tree of the Sinhalese and yields Kapok or pillow cotton (21)
  • යකඩය රත් වූ විට තලා ගන්න [උපදේශ][ප්‍රපංච][විධාන] - See කල දුටුදා වළ ඉහින්න / තැටිය රත් වෙච්ච වෙලාවේ රොටි පුච්ච ගන්න
  • යකා කරුංකා ගොඩේ දුවන්නා වගේ [විශ්වාස][කතා][උපමා] - විජේතුංග 2013 පිට 50 (17)
  • යකා කියන තරමටම කලු නැහැ ලු [විශ්වාස][ප්‍රපංච][නිශේධ]
  • යකා දත් විලිසසුවා වගේ [විශ්වාස][කතා][උපමා] - විජේතුංග 2013 පිට 50 (17)
  • යකා දත් හිටෙව්වා වගේ [විශ්වාස][කතා][උපමා] - කතාව බලන්න විජේතුංග 2013 පිට 49 (17)
  • යකා බැඳ ගත්තා වගේ (9-167) [විශ්වාස][ප්‍රපංච][උපමා] - ඉතා කාර්යක්ෂමව වැඩ කරන නමුත් කොයි මොහොතේ හෝ වරද්දයි ද, අනතුරක් කරයි ද දන්නේ නැති කෙනෙක් / ඉතා වේගයෙන් නොනවත්වා වැඩ කරන සේවකයෙක් එක කතාවක් බලන්න විජේතුංග 2013 පිට 214 (17)
  • යකාගේ කම්මල වගේ (9-168) [විශ්වාස][ප්‍රපංච][උපමා] – English: An idle brain is the devil’s workshop. If you’ve nothing to do, you’ll likely think of mischief. Example: The kids should be kept busy during the summer break. Otherwise, you know an idle brain is devil’s workshop (32) / යකාගේ කම්මල - කිසිදු පිළිවෙළක් නැති තැනක් (9-168)
  • යකාට දොළ දෙනවා වගේ / යකාට දොළ නොදී බැහැ [විශ්වාස][ප්‍රපංච][උපමා] - An offering is a ‘sine qua non’ (an essential condition; a thing that is absolutely necessary) to the Devil (21) / කරදරයකින් බේරීමට හෝ තමන්ට වාසියක් බලාපොරොත්තුවෙන් බොහෝ විට බලවතෙකුට හෝ කරදරකාරයකුට කෙනෙකුට යමක් දීම - English: Sop to Cerberus - a concession or bribe to conciliate a person otherwise liable to be troublesome.
  • යකාට පන්දම් අල්ලනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - hold a candle to the devil
  • යකාට පස්සක් නැති ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - විජේතුංග 2013 පිට 50 (17)
  • යකාට බය නම් හෝන්පලේ ගේ හදන්න එපා / යකුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදයි ද? (22) (9-168) [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Do not build your house in a cemetery if you are afraid of the devil (22) / සොහොනේ තමා කරන කටයුත්තේ බරපතළ බව තමා දන්නා බව ඇඟවීමට (9-168) / යම් දෙයකට ඉදිරිපත් වන්නේ ඕනෑ දේකට මුහුණ පෑමට සූදානම් ඇතිව බව කීමට (48) / කවර තරාතිරමක දරුණු පුද්ගලයෙකුට වුවත් බිය නොවන බව (41)
  • යකුන් නැටුවාට පසු කට්ටඩියා වහු කණුවට වත් එපා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The devil dancer, after the close of his ceremonies, is not wanted even to be used as a post to tie calves to (22) / When dancing “is ended, the “kattadiya “is useless even as a calf-post (21) - “Devil-dancing” (Yakun-netima) is a ceremonial dancing to propitiate the demons. The Kattadiya is a “sorcerer, enchanter, magician, expeller of devils, devil priest or dancer” “Calf-post” is a log or post to which calves are tied (21)
  • යකුන් සේවය කළෝ ඇත්නම් පැරදුනෝ මිස දිනුවෝ නැත [උපදේශ][ප්‍රපංච][නිශේධ] - Those who serve devils never come off victorious but are always vanquished (22) / Defeat, never victory, is the portion of those who serve the Devil (21)
  • යකෙක් කන්න බඩගිනියි [වාග්ව්‍යවහාර] සහ යකෙක් කන්න බඩ ගිනියි කීවා වගේ - කතාව බලන්න, ගුණරත්න 2010 A පිට 115 (4)
  • යක් දරුවෝ වෑවෙති යක් අම්මලා නොවෑවෙති / යක්දරුවෝ වාවති මාපියෝ නොවාවති [විශ්වාස][ප්‍රපංච][වාර්තා] කතාව බලන්න, ගුණරත්න 2010 A පිට 89 (4)- Even the most depraved parents have an affection for their children, but the reverse is true in the case of depraved children (22) / Even the most depraved parents bear affection for their children, but the case is different with depraved children, who generally show no regard for their parents (21) - The Jamaicans say: “Children suck dem mudda when dem young, dem fada when dem ole.” (21)
  • යක්කු නටපු තැනක් වගේ / යකුන් නැටූ පිටියක් / පිට්ටනියක් වගේ (9-16) [වාග්ව්‍යවහාර][උපමා] - English: Like a Bear Garden - තොවිල් නටා අවසන් වූ ස්ථානයක උදෑසන දකින අවුල් සහගත තත්ත්වය (සුනේත්‍රා නොහොත් අවිචාර සමය බබ්ලිව් ඒ සිල්වා 2015 පිට 237)
  • යක්ෂයා පඤ්ඤා වුනොත් / පඤ්ඤා යක්ෂයා වුනොත්, නරකාදි යාම ලේසියි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - If the devil becomes your god-father you can go to hell easily (22)(21)
  • යට ගිය පරංගි මතුවෙනවා (54)
  • යන ගී නොකියා [වාග්ව්‍යවහාර] - මරණාසන්න කෙනෙකුගේ නන්දෙඩවීම - දකුණු පළාත් ජන වහර - A pointless answer (21) - English: Swan song - the final performance or activity of a person's career, - "he has decided to make this tour his swansong" - සමාන: ගොළු හංස ගීතිකාව / හංස ගීතය / Cygnus Olar - (Wikipedia) The swan song (ancient Greek: κύκνειον ᾆσμα; Latin: carmen cygni) is a metaphorical phrase for a final gesture, effort, or performance given just before death or retirement. The phrase refers to an ancient belief that swans sing a beautiful song just before their death, having been silent (or alternatively, not so musical) during most of their lifetime. This belief, whose basis in actuality is long debated, had become proverbial in ancient Greece by the 3rd century BC and was reiterated many times in later Aesop's fable of "The Swan and the Goose" incorporates the swan song legend as saving its life when it was caught by mistake instead of the goose but was recognized by its song. European swan, the mute swan (Cygnus olor), although not actually mute, is known neither for musicality nor to vocalize as it dies. This has led some to criticize swan song beliefs since antiquity, one of the earliest being Pliny the Elder: in AD 77, Natural History (book 10, chapter xxxii: olorum morte narratur flebilis cantus, falso, ut arbitror, aliquot experimentis), states: "observation shows that the story that the dying swan sings is false." Peterson et al. note that Cygnus olor is "not mute but lacks bugling call, merely honking, grunting, and hissing on occasion." However, the whooper swan (Cygnus Cygnus), a winter visitor to parts of the eastern Mediterranean, does possess a 'bugling' call, and has been noted for issuing a drawn-out series of notes as its lungs collapse upon expiry, both being a consequence of an additional tracheal loop within its sternum. This was proposed by naturalist Peter Pallas as the basis for the legend. Both mute and whooper swans appear to be represented in ancient Greek and Egyptian art. The whooper swan's nearest relatives, the trumpeter and tundra swans, share its musical tracheal loop. Zoologist D.G. Elliot reported in 1898 that a tundra swan he had shot and wounded in flight began a long glide down whilst issuing a series of "plaintive and musical" notes that "sounded at times like the soft running of the notes of an octave".
  • යන යකා කොරහත් බිඳගෙන ගියාලු / යනවා ලු /යන යකා යනව ලු හැලි වලන් බිඳ ගෙන (53) (22) (9-166) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - යකා පලා යන විට ගිය බව ඇඟවීමට යම් ලකුණකුත් කර ගෙන යනවා යන විශ්වාසය මත ඇති වූ එකක් - The departing devil broke the Koraha (pot) on his way (22) / The departing Devil smashed even the “Koraha “as he went - නැවත නොඑන්න යන පුද්ගලයා විශාල ලෙස අලාභ සිදුකරමින් යනබව (41) - veritable vandal in his anger at his forced departure. The koraha is a large pan or chatty used for washing rice preparatory to cooking - therefore a necessary utensil in every household. - Jamaicans: “It hard fe keep out de debil, but it wus fe dribe him out.” Cf. the Scotch proverb: “Better keep the deil oot than hae to turn him oot.” (21)
  • යන්නේ කොහෙද ඇහුවම මල්ලෙ පොල්ය කීවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - I have coconuts in my bag,” answered the man who was asked whether he was going (21)
  • යන්නට ඇරලා වලිගෙ අල්ලන්න එපා Don't allow an animal to go, and then catch his tail (53).
  • යහපත් කල මේ කල [ආප්තෝපදේශ] - වැඩ පසුවට කල් දමන්න - English: Never put off until tomorrow what you can do today. Don’t delay doing something if you can do it immediately. Example: X: I’m done with most of my assignment, but I’ll pick the remaining part on Monday. Y: Why don’t you complete it now? You’ll be more relieved and in a better state of mind. You shouldn’t put off until tomorrow what you can do today (32) - ලෝවැඩ සඟරාව "සැදැහැත්තන් හට බව දුක් නොකැමැති - යහපත් කල් මේ කල් මිස වෙන නැති - දනිතොත් දන්සිල් ගුණ සත නොනැවති - පැයකුත් අවුරුදු දහසක් විතරැති"
  • යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට නම් සැමියා ද, බිරිඳ තරමටම මෝඩ විය යුතුය (1-341) [ආප්තෝපදේශ]
  • යහපත් සමාරිතයෙක් වගේ [වාග්ව්‍යවහාර] - කාටත් පිහිට වෙන කෙනෙක් - English: A Good Samaritan - a charitable or helpful person (with reference to Luke 10:33 of Bible) "suddenly, miraculously, a Good Samaritan leaned over and handed the cashier a dollar bill on my behalf"

යා[සංස්කරණය]

  • යා දෙක නොරත රත [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - කුසජාතක කාව්‍යය - අලගියවන්න මුකවෙටිතු - 464. “යා දෙක නොරත රත - සමග පැසීමෙක් නැත - එලෙසින් විරතරත - දෙදෙන සමහන් වී ඉඳිනු නැත” - රත් නුවූ යකඩය රත්වූ යකඩය සමග, එකට පෑසීයාමක් නැත්තේය. එපරිද්දෙන් නොඇලුන හා ඇලුන දෙදෙනෙකු එකතුවී ඉඳීමක්; නැත්තේය. - "එපා එපා එපා කළ දේ එපා - එපා අපා කරයින්ගේ බොරු දොඩවන්ට එපා - කප පවතිනතුරු නම් නරකදේ එපා - නොපෑහෙන තැනට පෑහෙන්ට යනු එපා"
  • යානෙකුම් පානෙකුම් සරි / අලියට වළඳ හිලව් [විශ්වාස][කතා][වාර්තා] - දෙමළ - අසාධාරණ ලෙස දිය නොහැකි දෙයක් ඉල්ලන්නාට / යමකට යමක් කැපෙන බව හිලව් වෙන බව කීමට මිතුරෙක්ගෙන් ඉල්ලා ගත් අලියා වැඩ කරන අතර තුර ප්‍රපාතයකට වැටී මිය ගියා. මිතුරාට මියගිය අලියා වෙනුවට වෙන අලියෙක් හෝ ඒ වටිනාකමට මුදල් ගෙවන්න හැදුවත් ඔහු මැරුණු අලියාම ඉල්ලා සිටියා. මදියරාමන් විනිසුරුතුමා ළඟට ගිය විට නඩුව කල් දමා විත්තිකරුට රහසක් කීවා. දෙවන දවසේ නඩුවට විත්තිකරු ආවේ නැති නිසා මදියරාමන් පැමිණිලිකරුට කීවා විත්තිකරුගේ ගෙදර ගොස් ඔහුව කැඳවා ගෙන එන්න කියා. ගෙදර දොර අඩවල් කර තිබූ බැවින් සහ තට්ටු කළත් පිළිතුරක් නැති නිසා දොර තල්ලු කළ විට විත්තිකරු මදියරාමන්ගේ උපදෙසින් දොර පිටුපස තබා තිබූ වළඳ බිඳුනා. විත්තිකරු එම වළඳම ඕන කියා පැමිණිලි කළ විට විනිසුරුවා "වළඳට අලියා සරි" කියා තීන්දුව දුන්නා.
  • යාලුවෝ දාහට පොල් දාහ බෙදුවා වගේ [විශ්වාස][කතා][උපමා] - Like distributing a thousand cocoanuts among a thousand friends (22)

යු[සංස්කරණය]

  • යුද්ධෙට නැති කඩුව කොස් කොටන්න ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Are you to cut jack fruits with the sword that is not used in the battle? (22) - උවමනා වේලාවට නැති දෙයින් පසුව ඵලක් නොවීම (49) - "ඇස නැති දා පොත ගත්තේ කියන්ට ද, දත නැති දා ‍උක් දඬු ගිනි තපින්ට ද, වෙර නැති දා ගහ ගත්තේ දිනන්ට ද, යුද ඇති දා නැති කග කොස් කොටන්ට ද"
  • යූ ඩ්රෑන්ක් එටිකට් ඉ ඩ්රෑන්ක් ටී You drank etiquette and I drank tea [පුද්ගලික] - කොච්චර උණු වුනත් තේ කෝප්පයෙන්ම බීම බටහිර රටවල චාරිත්‍ර යයි. නමුත් අපේ රටේ සමහරු තේ පීරිසියට දමා නිවා ගෙන බොති. එය යහ ආචාර ධර්ම වලට පටහැනිය. සර් පොන්නම්බලම් රාමනාදන් යුරෝපීයයන් කිහිප දෙනෙක් සමග බණ්ඩාරවෙල දුම්රියේ ගොස් නානුඔය ටික වෙලාවකට නතර කළ විට තේ බොන්නට අවන්හලට ගියේය. යුරෝපීයයෝ ආචාර නීතියේ පරිදි තේ කොප්පයේම බිව්වේය.රාමනාදන් තේ පීරිසියට වක් කර නිවා බිව්වේය. කෝච්චිය පිටත් වන නලාව පිම්බ විට, සියලු දෙනා මුදල් ගෙවා දුම්රියට නැග්ග මුත් යුරෝපීයයන්ට තේකෙන් භාගයක්වත් බීමට බැරි විය. රාමානාදන් සුද්දන්ට කතා කර “You drank etiquette and I drank tea” / "ඔබ යහපත් ආචාර් රීතිය පානය කළා මම තේ පානය කළා" කියා කීවේය (3-35).

[සංස්කරණය]

  • රංචාගොඩ ළමය ගේ කවි වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the verses of the Ranchagoda girl - There was a young married woman of Ranchagoda (a village near Matara), who achieved some notoriety for her ability to make impromptu Sinhalese verses remarkable chiefly for their lack of rhythm and metro - The above saying is now applied, in derision, to verses which are un- metrical, inconsequential, and inharmonious (21) - Here is a sample: "මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා - රුහුණු රටට මම දීලා උලව්වේ - දෙමට පොතු කකා කට හම යනවායේ - හැම දෙවියෝ අප වාහේ රකෝ රකෝ" "අනේ සුසානෝ මම කොළඹ යන කොට - බල්ලොත් නො කන වැල වරකා ගල්කිස්සේ - අට පට්ටම් වටකුරු වැඩ අපේ ගමේ - බය හිතිලා මම දිව්වා ගම ඔස්සේ" - මැද්දේගොඩ උපාසක අම්මා මෙන්ම රංචාගොඩ ළමයා ද ගජමන් නෝනා සහ තරඟෙට කවි කී කිවිදියන් ය. පියා මිගෙල් අප්පුහාමි සැමියා ගාරා නම් මසුන් මරන්නෙක් හෝ රුහුණේ ගොවියෙක්, ගිරුවාපත්තුවට විවාහ වී ගොස් දරුවන් දස දෙනෙක් ලැබුවා (25-51)
  • රජ ගෙදර පරෙවියෝ වගේ (33) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the pigeons of the King’s Palace - Free, well-fed, and a general favourite (21) රජ ගෙදර පරවියා වගේ - ඉතා සතුටින් හා ‍සැපෙන් කල් ගෙවීම (41)
  • රජ ගෙදර රන් කූඩුවේ භෝජන කනවාට වඩා රැලේ එක හැඬලීමක් හොඳෙයි කියා ගිරවෙක් කීවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The parrot said that it was better for him to utter one note with his flock, than to live in a golden cage in the king's palace and enjoy delicious food (22)
  • රජ ගෙදර වුනත් බල්ලා ගූ කනවා (9-22) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - උසස් පරිසරයක ඇති දැඩි වුනත් තමන්ගේ පහත ගති අත් නොහරින බව
  • රජ මාලිගාවේ රන් කූඩුවේ හිටපු ගිරවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the parrot in a golden cage in the King’s Palace - The parrot said that it was infinitely better for him to utter one note with his flock, than to live in a golden cage in the King’s palace and enjoy delicious food (21)
  • රජ වුනත් බල්ලා සෙරෙප්පු කනවා ලු [විශ්වාස][ප්‍රපංච][උපමා] - The dog even if he becomes a king will bite sandals (22) – Eating sandals of the king by dogs in 023 කුක්කුර ජාතකය
  • රජකම ගන්න සිංහයා වෙත ගිය ඌරා වගේ / ගේ කතාව වගේ [විශ්වාස][කතා][උපමා] - සෙවනකේසරී - ධීරසාර හිවලා (22)
  • රජකම් කරන්න බැරි නම් වෙද කම් කරන්න ලු [කියමන්] - If you cannot become a king then take to the healing art (22) - That is, practise medicine as a Vedarala or ayurvedic physician in such high esteem was, and is, the medical profession held among the Sinhalese (21)
  • රජුන් ඇසුරු කළ යුත්තේ ගිනි තපින්නාක් මෙනි [විශ්වාස][සාහිත්‍ය][උපමා] - වැඩිය ලං වුනොත් පිළිස්සෙන අතර වඩා ඈත් වුනොත් උණුසුම නැති වේ - ලෝකෝපකාරය - “රදුන් සෙව්නා දන - නො ළං නුදුරු ව ගිනි තපින මෙන්"
  • රජුන් යන මග දිළින්දොත් යනවා ලු (22) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Poor men, too, travel on the same road as Kings (21)
  • රජුන් සේවය කළෝ දිනුවොත් ඇති පැරදුනොත් ඇති [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - There are losers as well as gainers among those who have served kings (22) – See: යකුන් සේවය කළෝ පැරදුනො මිස දිනුවෝ ඇත් ද?
  • රජුන්ගේ කරුණාව උරුමයක් නොවෙයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The favour of kings is no inheritance (22)
  • රජෙක් අඹු ගනී නම් දුගියෙක් කාට කියන්න ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - To whom can the poor man complain when the King takes away his wife? (21)
  • රට ගෙනිච්චත් හිරමණය පොල් ගාන්නයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even if you take it overseas, the “hiramanaya “is for scraping coconut (21) සමාන: තූත්තුකුඩි ගියත් ඒ අත පය මයි / ඒරොප්පෙට ගෙනිච්චත් බළලා ඥාව් ඥාව් කියාවි
  • රට වට කර වැට බැන්දත් කට වට කර වැට බඳින්න බැහැ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A country could be hedged roundabout, but not the tongue (22) / You can fence even a whole country round, but you cannot fence the tongue (21) – “ඇත රටේ උගත් නූගත් අය එමට - කට කටේ කියන බස බැරි නවතන්ට - රට වටේ බඳින්නට හැකි උනත් වැට - කට වටේ බඳින්නට බැරි වේය වැට”
  • රතු තුඹස් කළු මැණික් (33) [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • රත්තරනින් වුනත් අමුඩේ පුකට නේ? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න]
  • රත්තරන් / රන්, භාජනේ බිඳුනත් එහි රන් බරෙහි අගය අඩු නොවේ (33) [විශ්වාස][සාහිත්‍ය][උපමා] - ලෝකෝපකාරය "බිඳුණත් රන් බඳුන - ඇති බර අගය අඩු නොවන මෙනි"
  • රත්තරන් ඉදිකට්ට වුණත් ඇහේ ඇනුණොත් කණ වෙනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Though the needle be of gold, yet a prick with it will blind the eye (22) / The eye will be blinded from the prick even of a golden needle (21) - ඉතා වටිනා දෙයක් වුවත් එය අනතුරුදායක නම් ප්‍රවේසම් විය යුතුය (39)
  • රත්තරන් බිජු දාන කිකිළිගේ බඩ පලන් කනවා වගේ [උපදේශ][කතා][උපමා] - English: Killing the goose that lays the golden eggs / Don’t kill the goose that lays the golden eggs. If you kill a goose that lays golden eggs, you destroy something that makes lot of money for you in the long run. Example: Tourists come to this city mainly to See this monument. By opening it to commercial use, the city council may kill the goose that lays golden eggs (32) – Antonym Proverbs in English: 1. Feather by feather the golden goose is plucked / 2. Little by little the cat eateth the bacon fickle / Economics Gradualness - හැම දවසකම රත්තරන් බිත්තරයක් දැමූ පාත්තයෙක් - ඇතැම් විට කිකිළියක් - බඩේ ඇතැයි සිතූ ඒ බිත්තර එකවර ගැනීමට සිතා බඩ පලා මරා, සියල්ල අහිමි කරගත් කෙනෙක් ගැන. පමණට වඩා එකවර අයිති කර ගන්න ගිහින් සියල්ල අහිමි කර ගන්නා අවස්ථාවල - සමාන: බාගෙන කන්න තියන වල ඉහගෙන කන්න හදනවා / 2. ස්වර්ණ හංස ජාතකය 135. ස්වර්‍ණහංස ජාතකය - යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි බෝධිසත්ත්‍වයෝ බමුණු කුලයක ඉපද දූන් තුන්දෙනා ගෙන එකෙක් නන්දාය, එකෙක් තත්‍වනීය, එකෙක් සුන්දරීනන්දනී යයි. දූන් තුනදෙනෙකු ලදින් ඔබ්බේ පරකුලයෙක ලන්ට විවාහ කරන්නාට පළමු ම පිය වූ බෝධිසත්ත්‍වයන් වහන්සේ මියගොස් ස්වර්‍ණහංසව ඉපද ජාති සමරණ ඥාණයෙන් මේ හංස ජාතියට පළමුවෙනි ජාතියෙහි බ්‍රාහ්මණ කුලයෙහි උපන් නියාවත් බැමිණිය හා දූන් තුන්දෙනා අනුන්ට බැලමෙහෙකොට රැකෙන නියාව දැක “මාගේ පියාපත් රන්පියාපත් විසින් කැපීම් තැලීම් ආදී වූ කර්මාන්තයට නිසිව තිබෙයි. එසේ හෙයින් මාගේ අඹුදරුවන්ට සංග්‍රහ පිණිස ම විසින් දෙමසින් අතනට ගොස් පියාපත් ඵල ඵලා ආම් නම් යහපතැ”යි සිතා දවසක් තමන්ගේ ගෙට අවුත් පළය පිට උන් කල්හි දූන් තුන්දෙන විසින් “තොපි කවුරුදැ?”යි විචාරන්නා “තොප ඇමට පිය වූ බ්‍රාහ්මණයානෝ නම් මමය, තොපට හා තොපගේ මෑණියන්ටත් සංග්‍රහ පිණිස ආමි” කියා රන්පතක ඵලා ගියහ. මෙම නියායෙන් කීප වාරයෙක රන්පත් ඵලා සිටි කල්හි එක් දවසක් බැමිණි සිතන්නී “තිරිසනා නම් එක් සිතක් නොවන්නාහ. ඉදිරියේ මෙතනට නොයෙමි සිතුවොත් අපට බොහෝ අලාභය”යි සිතා දූන් කැඳවා කියන්නී “තොපගේ පියාණන් දවසෙක අල්වාගෙන ඇඟ පියාපත් උදුරා ගනුව”යි කීහ. එපවත් උන්ගේ දූන් තුන්දෙන කියන්නාහු “අපගේ පියාණන් වහන්සේගේ සර්වාංගය රිදෙයි, අපි එලෙස නූදුරම්හ”යි කීහ. මෙසේ නියායෙන් කිය කියා උන් කලට හංසයා ඒ ගෙට ආවේය. එකල්හි බැමිණි කියන්නී “ස්වාමි පුත්‍රයා මා කරා එව”යි කියා කැඳ වූ කල්හි එවිට බෝධිසත්‍වයන් වහා උන් කරා එන්නාම අල්වාගෙන සර්වාංගයේ රෝමයන් උදුරා ගත්තාහ. බෝධිසත්‍වයන් නොමනා අභිප්‍රායෙන් උදුරා ගත් හෙයින් සියළු රන්පත් නිස්ප්‍රභාව ගියේය. බෝධිසත්ත්‍වයෝ පියාපත් නැති හෙයින් යානොහී එම ගෙයිම උන්නාහ. දෙවෙනිව ඇවිත් වන ලොම් සුදු පැහැ ඇතිවන්නා බෝධිසත්ත්‍වයන් ඇරපුවාහ. එතැන් පටන් බෝධිසත්ත්‍වයෝ ගෙට නොආවිරූහයි වදාරා “මහණෙනි, තෘෂ්ණාවගේ අධිකත්‍වය නිසා යෙහෙන් සෙමෙන් ලැබ ගන්නා රන්පත් ලැබ ගන්ට නුවූයේ වේදැ”යි වදාරා “එසමයෙහි බැමිණි නම් මේ නන්දා නම් මෙහෙණින්නය. ස්වර්‍ණහංසව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්ම ය”යි වදාරා ‘ස්වර්‍ණහංස ජාතකය’ නිමවා වදාළසේක.
  • රදවාට හාමිනේ බත් දුන් හැටි වගේ [විශ්වාස][කතා][උපමා] - Like the way the Lady gave rice to the dhobi (21) - හේනයෝ බත් තිබෙන්නා දෙන්න කොළයක් නැහැ - කොලයක් කඩා ගෙන ගියහම - වෙනදා කිව්වේ ඇත්තට අද නම් විහිළුවට (22) - When the dhobi had come during meal time, on more than one occasion the Lady of the house had said to him “Washerman, there is rice and there is curry, but I am sorry I am unable to give you to eat, since there is no plantain leaf available.” One day the dhobi put a plantain leaf in his bundle of clothes, and, when the Lady made the usual excuse, he produced it, saying: “Here is one, Lady; I brought it with me.” “Upon my word, Washerman,” she thereupon said, “all these days I told you the truth, but today I meant it in fun.” (The necessity for the plantain-leaf is this. In a respectable Sinhalese household, when a low-caste man is given to eat, his food is served not on a plate but on a plantain-leaf (21)
  • රදවුන්ට රෙදි දීලා කොක්කු පාරේ යන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - To go after cranes, after giving the clothes to the dhobi (22) / Like going after cranes, after giving your clothes to the dhobi – Pursuing a wrong direction or person (21)
  • රදා පිරුවටේ වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like a cloth hired out by a dhobi (22) - The piruvata is a cloth or dress either lent by a dhobi to a person to wear while his own is being washed, or hired by the dhobi to a person needing it to wear for some function or ceremony. Whatever is lent or hired in this manner, is, not the dhobi’s but other people’s clothes (21)
  • රන් ආවුදෙන් ඇන්නත් රිදීම එක ලෙසමයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A stab with a golden weapon is just as painful as that with any other (22) / The pain is the same though you stab even with a golden weapon (21) - සමාන: රත්තරන් ඉදිකට්ට වුණත් ඇහේ ඇනුණොත් කණ වෙනවා ලු
  • රන් පර්වතේ සිටින කපුටාත් රන් පාටලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The crow on a golden rock has a golden hue (22) / Even the crow on a golden rock has a golden hue (21) - හොඳ පරිසරයක සිටින යහපත් අය ඇසුරු කරන නරක පුද්ගලයකු වුනත් ඕනෑම කෙනෙක් හොඳ වේ / යහපත් ලෙස පෙනේ
  • රන් මුද්දක් දාපු අතින් ටොක්කක් කෑවත් මොක ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - What is the harm in receiving a knock from a hand which wears a gold ring in its finger?
  • රන් රස වගේ පෑහෙන [වාග්ව්‍යවහාර] - රත්තරන් හා රසදිය මුසු වුවාක් මෙන් (ඉතා යෝග්‍ය ගැළපීමක්) (41) – රස දියේ දිය වු රන් කිසිදා වෙන කළ නොහැකි බව - “රන් රස ලෙස කියමනක් ඇත. එය වෙන් කළ නොහැකි බැඳීමක් ලෙස හැඳින්විය හැකිය. රන් රස සෑදෙන්නේ රත්රන් සහ රසදිය එකට ගෑවුන විටය. මෙය ’ඇමල්ගම්’ ලෙස රසායන විද්‍යාවේ හැඳින්වෙයි. එය ඛ්සිම රසායන ක‍්‍රමයකින් වෙන් කළ නොහැකිය. වෙන් කළ හැකි එකම ක‍්‍රමය උණුකර රසදිය වාෂ්ප කර හැරීමයි. ඉන්පසු පිරිසිදු රත්රන් ඉතිරිවෙයි. ඉතා සුළු ප‍්‍රමාණයක් රන් මිශ‍්‍ර පස් ලොව විවිධ තැන්වල ඇත. විශේෂයෙන් ගංගා වැලිවල මෙය දක්නට ලැබේ. රන් වෙන්කර ගැනීමට කරන්නේ එම වැලි ස්වල්පය බැගින් රසදිය සමඟ මිශ‍්‍ර කිරීමයි. එවිට එය ඇති රත්රන් රසදිය සමඟ බැඳී රන් රස බවට පත්වෙයි. ඒවා වැලිවලින් වෙන්කර උණු කර ගැනීමෙන් පිරිසිදු රන් ලබාගත හැක.”
  • රයිගමයයි ගම්පලයයි වගේ / ගම්පලයයි රයිගමයයි වගේ [විශ්වාස][කතා][උපමා] - Like“ Gampolaya “and “Rayigamaya” (21) - කපටි දෙදෙනෙකුගේ දැඩි මිතුරුකමක් ගැන කීමේ දී යෙදේ (39) - රන්බඩු පෙට්ටිය මුහුදු වෙරළේ වළලා නිදි එකෙක්නැගිට මුහුදේ වළලා - අනිකා ලෙව කා - ගොඩ ගෙන පිදුරු ගොඩක - අනිකා නැගිට සොකඩයක් බැඳගෙන (ලී සාදන හරකුන්ගේ බෙල්ලේ බඳින ශබ්දේඑන උපකරණයක්, n. wooden clappers tied to the necks of cattle සොකඩයා, n. feeble person, බෙලහීනයා) පිදුරු ගොඩ ළඟ - ජඛ් ජක් - දෙන්නාම බෙදා ගැනීම (22) - Gampolaya was the name of a man of Gampola (the ancient capital town near Kandy), and Rayigamaya that of a man of Rayigama (a village in the Kalutara district). The two were fast friends. One night they robbed a house, took away a box of jewellery which they carried to the seashore, where they buried it in the sand, and slept over it for safety. Before dawn Gampolaya rose up stealthily, dug up the box quietly, buried it in the sea floor above which the water reached up to his neck, and, returning to his place, slept again. Rayigamaya, awakening a little later and discovering the disappearance of the box, noted that his companion’s body was wet. Licking the sleeping man’s body, Rayigamaya found that the salt taste stopped at the neck, whereupon he made for the sea, stopped where the water reached his neck, dived, and, scraping the sea floor near his feet, found the precious box. Fleeing from the place with the box in his hand, he hid himself in a big bundle of straw he saw lying in an outhouse nearby. Gampolaya, waking soon after and realising the situation, gave chase. Seeing the straw bundle, he guessed that his friend lay hidden within. He saw a sokade (“clappers tied around the necks of cattle”), which he put round his neck, and tugged at the bundle of straw. The sound of the clappers made the concealed Rayigamaya believe that it was a bull or cow come to eat the straw. So, he jumped out, shouting “Jah, Jah, kotiya'' only to be clasped in the arms of Gampolaya. The pair thereupon became friends again, divided the jewellery equally between them, and, hand in hand, started on the homeward journey (21) එක් දිනක් රයිගමයාත් ගම්පොළයාත් අම්බලමකදී හමුවී වෙළදාමක් කරන්නට කථාබස් කර ගත්තේය. වෙළදාමට පුවක් රැගෙන එන බවට ගම්පොළයා පොරොන්දු විය. රයිගමයා පොරොන්දු වූයේ වෙළදාමට බුලත් රැගෙන ඒමටය. ගම්පොළයා පුවක් වෙනුවට රැගෙන ආවේ ඊරිය ගෙඩි ගොඩකි. රයිගමයා බුලත් වෙනුවට රැගෙන ආවේ ගම්මිරිස් කොළය. පසුදා හිමිදිරියේ වෙළදාම සදහා යාමේ බලාපොරොත්තුවෙන් කදවල් දෙක රැගෙන දෙදෙනාම අම්බලමට ඇතුළු වූහ. පාන්දරම අවදි වූ ගම්පොළයා රයිගමයා ගෙන ආ කද රැගෙන හොරෙන්ම පළා ගියේය. පසුව අවදි වූ රයිගමයා අවට බලන විට ගම්පොළයා තමාගේ කද රැගෙන පළා ගොස් ඇති ව දැක “රැවටුණා “යැයි සිතා ගම්පොළයා ගෙන ආ පුවක් කද ඔසවා ගෙන සතුටින් යුතුව වෙළදාම සදහා පිටත්ව ගියේය. තමාද රැවටී සිටින බව ඔහුට වැටහුණේ කදත් රැගෙන ටික දුරක් ගියාට පසුවය (41) - කතාව බලන්න, බමුණුසිංහ පිට 7 (11)
  • රස පොළවේ හිටෙව්වත් කොහොඹ පැලේ තිත්තයි ලු [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - යම් දුර්ගුණ ඇති අයෙක් හොඳ පරිසරයක ස්ථාපනය කළත් ඔහුගේ හෝ ඇයගේ අයහපත් ගතියම මතුවේ - සමාන: ආරේ ගුණ නෑරේ - ලෝවැඩ සඟරාව "නොයෙකී රස බිම නිඹ බිජුවට ලත - එ මැකී සිටිනෙය තිත්තම පල ගත - මෙම කී මිසදිටු අදහස් ඇති සත - කළ කී දෙය අකුසල් මිස පින් නැත" - නොයෙක් රසයන්ගෙන් පරිපූර්ණ වූ පොළවෙහි කොහොඹ ඇටයක් සිටෙව්වත් එම රසයන් මැකී තිත්ත රසයම ඉතිරි වන්නේය - "මල් පිපුනත් ගති නෑරෙයි කොසඹ රුකේ - සිල් ගත්තත් බළලුට බයලු මූසිකේ - කල් තැබි මුත් බලු වල්ගය උණ පුරුකේ - සොල්පයකුත ඇද යන්නේ නැත ඒකේ" - ප්‍රත්‍යය ශතකය “ගූඩ පර්වත මධ්‍යේතූ නිම්බබීජං ප්‍රතිෂ්ඨිතං - ක්ෂීරධාරා සහස්රානී නිම්බඃ කිං මධුරායතේ" උක් සකුරු පර්වතයක් කොට ඒ මැද කොහොඹ ඇටයක් සිටුවා, කිරි කළ දහසක් වත්කර හැදුවත් එහි මධුර පල හට නොගනී. දුර්ජන්යාටද කොතෙක් උපකාර කළත් ඇයගේ නපුරු ගති අත්හැරිය නොහැක.
  • රස ලෙස කීමට වඩා යස ලෙස කිරීම හොඳයි ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Better to act well, than to speak sweetly (22)
  • රස හදපු දත් පසෙක තිබිය දී දිව ආහාර රස විඳින්නාක් මෙන් [විශ්වාස][සාහිත්‍ය][උපමා] - ලෝකෝපකාරය "ගොදුරෙහි රස යෙදූ - දසන් හැර දිව රස විඳිනා මෙන්"
  • රහස හුඟ කල් ජීවත් නොවෙයි [ආප්තෝපදේශ] - Secrets are never long-lived (22)
  • රහතුන් මරනවා, වතුර පෙරලා බොනවා He murders saints but drinks water after straining.' The Buddhist devotees are enjoined not to drink water without straining, to prevent the destruction of an animalcule in it. English: To strain at a gnat and swallow a camel (53).

රා[සංස්කරණය]

  • රා බීපු මීයා වගේ / රා බීලා ගහෙන් බහින මීයා බළලා ආවොත් දෙකඩ ගහමියි කීවා ලු (22) / රා බීලා එන මීයා බළලා සම්බ වුනොත් දෙකට කඩඥ්ඥන් කිව්වලු (53) [විශ්වාස][කතා][උපමා] - A rat, drunk on today, on getting down the tree, said if a cat came he would break him in two (21) / The rat who was returning home drunk with toddy said, if I meet a cat, I will tear him to pieces (53)
  • රාජ සේවය මාර සේවය ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - සුභාෂිතය "මදයෙන් මත් මතඟ කුඹු තල පිරිමදිති - විසයෙන් දැඩි උරග උර තෙලෙහි පළදිති - මෙලෙසින් අසිරිමත් විසිතුරු සත කෙරෙති - ඒ මදින් රජුන්ටත් සේවය කර රැකෙති" - මෙවන් භයානක වැඩ කරන මිනිසුන් ඒ මදිවට ඊටත් භයානක වූ රජුන්ට සේවයත් කරති
  • රාජකාරිය කරලත් හිරේ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Like being sent to jail even after one had done his duty (22)
  • රාජකාරිය ලොකුයි දේව කාරියට 'King's business (rajakariya) is greater than God's business, (Deyyanne kariya.) (53)
  • රාජා හෝ මා හෝ ගංගා හෝ කිව්ව ලු [විශ්වාස][කතා][වාර්තා] සීතාවක රාජසිංහ රජු කළ අරිට්ඨකීවෙණ්ඩු පෙරුමාල් (මනම්පේරි මොහොට්ටාල) ආඬි ගුරා විසින් කියන ලද්දක් බව ජනප්‍රවාදයේ එයි. - සීතාවක රාජසිංහ රජුගේ පිතෘ ඝාතක පාප කර්මය අහෝසි කිරීමට ශිව භක්තිය වැළඳ ගෙන සීතාවක ගඟ මැද්දේ පාවෙන මාලිගයක් තනවා එහි අයුත හොමයක් කිරීමට පටන් ගත්තේය. එහෙත් මින් ඇති වන ප්‍රතිපලය ගැන ආඬි ගුරා දැන සිටියේ නැතුවාක් මෙන්ම යාගය වැරදුනොත් රජුගෙන් මැරුම් කන බවද පැහැදිලි විය. මින් ගැලවීමට නම් එක්කෝ රජ්ජුරුවන් හෝ තමන් වෙනත් හේතුවකින් මිය යා යුතුය. නැතහොත් ගංගාවේ ජල ප්‍රවාහය නිසා යාග මණ්ඩපය විනාශ විය යුතුය. මෙසේ "රාජා හෝ මා හෝ ගංගා හෝ" යන අපේක්ෂණයෙන් ඔහු කල් ගෙව්වේය (සුනේත්‍රා නොහොත් අවිචාර සමය බබ්ලිව් ඒ සිල්වා 2015 පිට 60 / 263) / තවත් කතාවක් සඳහා බලන්න ගුණරත්න 2010 A පිට 22 (4)

රැ[සංස්කරණය]

  • රැවුල පත්තු වෙද්දී සුරුට්ටු පත්තු කරන්න ආවා වගේ / රැවුල පත්තු වුන මිනිහාගෙන් සුරුට්ටුව පත්තු කරගන්න ගියා ලු [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like going up to a person whose beard is on fire to light a cigar (22) / Like trying to light your cigar from another man’s flaming beard (21) - Callous to other people’s sufferings (21) / They say when a man's beard was on fire, another went to light his cigar (53).
  • රැවුලත් ඕනෑ, කැඳත් ඕනෑ (14) (23) / කැඳත් ඕන ලු රැවුලත් ඕන ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] – Both are necessary the beard as well as congee (22) – The congee and the beard are both necessary (21) - ලාබයක් තකා එකිනෙකට පටහැනි ප්‍රතිපත්ති දෙකක් අනුගමනය කිරීම් / අන්‍යෝන්‍යව ලබා ගත නොහැකි දෙකක් ගැන සහ ඉන් එකක් අතහැරිය යුතු බව හෝ දෙකම එක වර ලබා ගත නොහැකි බව / පුරාණ කාලයේ රැවුල වවාගෙන සිටි බොහෝ දෙනා කැඳබිව්වේ මැටි භාජනවල ය. ඔවුන්ට කැඳ බීමට රැවුල බාධාවක් විය. එහෙත් කැඳ බීම සඳහා රැවුල කැපීමට ද ඔවුහු කැමති නොවූහ. කෙසේ හෝ දෙක ම කරගත යුතු වේ (33)- English: Eat one's cake and have it too / You can’t have your cake and eat it too. To have two things that one desires, but they’re normally impossible to get simultaneously. Example: If you want more local services, you can’t expect to pay less tax. Well, you can’t have your cake and eat it. (32)

රෑ[සංස්කරණය]

  • රෑ දුටු / වැටුණු වළේ දවල් වැටුනාක් මෙන් (22) (14) [විශ්වාස][ප්‍රපංච][උපමා] - වඩා අමාරු වෙලාවක, අමාරු පරිසරයක කරදරයකට හෝ කාගේ හෝ උගුලකට මුහුණ දී ඉන් ගැලවුණු පසුත් ඊට වඩා පහසු අවස්ථාවක හසු වීම, නොදත් කම නිසා වරක් වැටුණු අමාරුවේම ඒ ගැන දැන දැනත් නැවත වැටීම - To fall in the daytime in to the pit one had Seen at night (22) / Like falling in day light into the pit you had discovered at night (22)

රි[සංස්කරණය]

  • රිංගන්ට පුළුවන් නම් බැද්දත් රජ මාවත ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The jungle is a royal road to one who could creep through it (22) / The jungle is a Royal highway to the man who can creep through (21)
  • රිදී කාසියට නැගුනු මැඩියා ඇතා ගිලිමියි කියා කට ඇරියා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The frog who got upon a silver coin, opened its mouth threatening to swallow/gulp down the elephant (22) (21)
  • රිලවු කැලෑ කෙටුවේ කවදා ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - When did monkeys clear jungles? (21)
  • රිලවු ඩෝල් ගැහුවේ කවදා ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - When did monkeys play the “dole”? - The doll is a kind of drum (21)
  • රිලවුන්ට මොන මල් වඩම් ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - What garlands for monkeys? (22) - සමාන: See ඌරා කවද ද කහ කෑවේ, ඌරන්ට මොන අච්චාරු ද?
  • රිළවා ගේ කේජු බෙදිල්ල වගේ [විශ්වාස][කතා][උපමා] - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 29 (11)

රු[සංස්කරණය]

  • රුපියල් අස්සේ අළුක්කාල් දමන්නා වගේ / රුපියල් අස්සේ අලුක්කාල් ගහන්න යනවා [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like placing quarter-cents among the rupees (21) - වඩා වැදගත් දේ [බොහෝ විට ප්‍රශ්න] තියෙන වෙලාවක සුළු දේ [බොහෝ විට ප්‍රශ්න] ඉදිරිපත් කිරීම
  • රුව ඇති දුවත් කට ඇති පුතත් වදන්න / ට කීවා ලු [ආප්තෝපදේශ] - Give birth to a beautiful daughter and to an eloquent son (22) / Give birth to a daughter with beauty, and a son with a mouth (21)
  • රුවට පිනට මමත්, යන්තමකට උඹත්” බකමූණා කහකුරුල්ලාට කීවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - In beauty and fortune I am second to none, and you are just passable," said the owl to the yellow-bird (22) / “Beauty and fortune mine, Yours but a touch of these,” said the owl to the yellow-bird (21)
  • රුහුණුත් ගිහින් කිරි පැණි නොකා ආ‍වා සේ [විශ්වාස][ප්‍රපංච][උපමා]

රෙ[සංස්කරණය]

  • රෙදි යාරෙන් කලිසම් දහයක් මස්සවා ගත්තා වගේ [විශ්වාස][කතා][උපමා] - කතාව බලන්න විජේතුංග 2013 පිට 243 (17)

රේ[සංස්කරණය]

  • රේන්දරාළගේ බල්ලා මළ දා වත්ත පිරෙන්නට සෙනග, රෙන්දරාළ මළ දා වත්තෙ බල්ලෙක්වත් නැහැ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - රෙන්දරාළ = තැබෑරුම් හිමිකරු

රො[සංස්කරණය]

  • රොඩියට කින්නරා හම්බු වුනා වගේ [විශ්වාස][කතා][උපමා] - රත්නවල්ලි රොඩී රැහට නෙරපීමේ කතාව හා බැඳුනු - Like the Rodiya meeting the Kinnara - The feud between members of these two low castes is explained in the Rodiyas’ own account (as given by Hugh Neville) of their degradation. At Parakrama King’s court the venison was provided by a certain Vedda- archer, who, during a scarcity of game, substituted the flesh of a boy he met in the jungle, and provided it as venison for the Royal Household. Navaratna Valli, the beautiful daughter of the King, discovered the deception and, impelled by a sudden longing for human flesh, ordered the hunter to bring this flesh daily. The Vedda accordingly waylaid youths in the woods and disposed of their flesh to the Royal kitchen. The whole country was terrified by the constant disappearance of youths and maidens. It happened one day that a barber came to the palace to complain of the disappearance of his only son. While waiting for an audience he was given, by the servants at the Royal scullery, a leaf of rice and venison curry. Just as he was about to eat, he noticed on his leaf the deformed knuckle of the little finger of a boy. Recognizing it by the deformity as that of his son, he fled from the palace and spread the alarm that the King was killing and eating the youths of the city. The facts then came to light; and the King, stripping his daughter of her ornaments, and calling up a scavenger then sweeping in a neighbouring yard, gave her to him as wife, and drove her out to earn her living in her husband’s class. The Princess and the scavenger fled from the town, and, as night came on, asked for shelter from a Kinnara, but were angrily repulsed. The Kinnara, who was the first person to repulse the founders of the race, is regarded as their hereditary enemy and so strong is the feeling between them, that a meeting between the two means a veritable death struggle (21) සමාන: නයාට පොළඟා හමු වුනා වගෙයි
  • රොඩී පැලේ බල්ලෝ තොර නැත [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - There is no lack of dogs in a Rodiya’s hut (21) - The Rodiyas have always had the reputation of being unclean feeders, and one of the reasons for the abhorrence felt for them was probably because they devoured the flesh of cows. The bones and carcases usually found in a Rodiya’s hut account for the above saying (21)

රෝ[සංස්කරණය]

  • රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා වගේ [විශ්වාස][කතා][උපමා] - බලවත් විපතක් සිදුවූ විට ඒ ගැන නොතකා විනෝද වීම (41) - In July of 64 A.D., a great fire ravaged Rome for six days, destroying 70 percent of the city and leaving half its population homeless. According to a well-known expression, Rome’s emperor at the time, the decadent and unpopular Nero, “fiddled while Rome burned.” The expression has a double meaning: Not only did Nero play music while his people suffered, but he was an ineffectual leader in a time of crisis. It’s been pretty easy to cast blame on Nero, who had many enemies and is remembered as one of history’s most sadistic and cruellest leaders, but there are a couple of problems with this story. For one thing, the fiddle didn’t exist in ancient Rome. Music historians believe the viol class of instruments (to which the fiddle belongs) was not developed until the 11th century. If Nero played anything, it would probably have been the cithara, a heavy wooden instrument with four to seven strings—but there is still no solid evidence that he played one during the Great Fire. The Roman historian Tacitus wrote that Nero was rumored to have sung about the destruction of Troy while watching the city burn; however, he stated clearly that this was unconfirmed by eyewitness accounts. When the Great Fire broke out, Nero was at his villa at Antium, some 35 miles from Rome. Though he immediately returned and began relief measures, people still didn’t trust him. Some even believed he had ordered the fire started, especially after he used land cleared by the fire to build his Golden Palace and its surrounding pleasure gardens. Nero himself blamed the Christians (then an obscure religious sect) for the fire and had many arrested and executed. But while Nero may have been guilty of many things, the story of him fiddling while Rome burned belongs firmly in the category of popular legend rather than established truth.

[සංස්කරණය]

  • ලංකාවේ උපන් හැමෝම රාවණාල ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Are all that are born in Ceylon Ravanas? - This is really a Tamil saying, the reference being to the Ramayana and to the wars between Rama and Ravana, the mythical King of Ceylon who abducted Sita. The people of Ceylon obtained a reputation for fierceness and courage in South India as Rakshas or demons; and, as Mr Denham has it, “this saying as used today would mean that, though a person was born in Ceylon, he need not necessarily be possessed of supernatural strength.” (21)
  • ලබ්බ දෙගව්වයි, ලබු වැල ගව්වයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The “labba” (labba is, the gediya, fruit) is two “gavvas” away, the “labu” creeper one “gavva.” (21)
  • ලබ්බට තිබූ අත ලු පුහුලටත් [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The gourd will meet with the same treatment as pumpkin (22) / It is the same hand that plucks the “Labba” as well as the “Puhula” - එක් වරදක් කළ තැනැත්තා යළිත් එවැනි වරදක් කිරීමට පෙළඹෙන බව (41) -The labba, labu-gediya, or diya-labu is the fruit known as the “Long Gourd,” “Bottle Gourd” and “Calabash Cucumber” (Lagenaria Vulgaris, Sanskrit: Alabu, Tamil: Shorakai). The fruit grows to a considerable size and the dried fruit, cleaned of its contents, serves as a good vessel for carrying fluids, and is used as such especially by toddy- drawers, who find it a convenient vessel in which to bring toddy down from the trees. The Puhula (Sanskrit: Kushmanda, Tamil: , Kumbuli) is of two varieties, the “Pumpkin” or “Vegetable marrow” (Cucurbita pepo) and the “Ash-pumpkin” (Benincasa cerifera, Tamil: Punchini), which is the Alu-puhul of the Sinhalese (21)
  • ලබ්බේ දෙහි කැපූ කතාව වගේ ලබ්බෙ තොවිලෙ වගේ / ලබු ගෙඩියේ කංකාරිය වගේ [විශ්වාස][කතා][උපමා] - Like the lime-cutting ceremony within the “labu-gediya” (21) - සීමා සහිත ඉඩක් ඇති තැනක වැඩ කටයුතු රැසක් සිදු කිරීම - - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 22 (11) - In a remote village, once upon a time, when the harvesting was over, the villagers arranged for the performance of the ceremony of cutting lime (to avert the evil effects of the “evil eye” or “evil tongue ”), on the day of the measuring of the paddy. When, however, the invocation of devils was in progress, a heavy shower of rain began to fall, and the chief of the exorcists asked, “How, now, friends? How can we proceed with the ceremony without ashed?” The husbandman looked around and, seeing a huge diya-labu-gediya (long gourd) on a creeper growing in a corner of their field, suggested they should get inside it. The exorcists agreed and entered the fruit in order to continue the ceremony interrupted by the rain. So engrossed were they inside with their incantations on the one hand, and so comfortable on the other with the warmth of their surroundings the cold winds had no power to inconvenience them in their place that they did not realise how exactly they were drifting. What happened was that their sheltering gourd (the labu-gediya), floating in a pool of water created by the heavy rains, drifted little by little to the river hard by, whence it was carried to the open sea. There, a large fish swallowed the fruit, and a little later a huge bird, gulping down the fish, rested upon a rock for a while. A man, however, then came to the scene and, shooting the bird, took it home to serve as food to a party of people who were expected to arrive shortly in connection with a marriage proposal for him. When the bird was cut open, there was seen the fish, and he exclaimed, “Two curries, not one, the Gods be praised.” When the fish was cut and he saw the labu-gediya inside, “Three curries, my goodness, not two!” he yelled in a transport of delight. He' fell back in a fainting fit, however, when he cut the neck of the fruit, for out walked the exorcists of the paddy field, still at their incantations of “Denna-dena-dedira-mande- ndnd.” - එක්තරා ගමරාළ කෙනෙකුගේ විශාල ලබු ගෙඩියක් හටගෙන තිබුණි. හෙතෙම ගැමියන් කිහිප දෙනෙකු ලවා එය ගෙදර ගෙනගොස් ඇස්ස කපා ශුද්ධ කොට වියලෙන්නට තැබුවේය. නොබෝ කාලයකින් ගමරාළට තොවිලයක් කිරීමට සිදුවිය. ගමරාල යකැදුරන් හමුවී බුලත් දී ආරාධනා කොට තොවිලයට අවශ්‍ය කටයුතුද යෙදීය. යකැදුරන් පැමිණ තොවිලය නටන්නා වූ දින රාත්‍රීයේ මහා වැස්සක් වසින්නට පටන් ගත්තේය. මුළු පළාතම වතුරෙන් යටවී ගම රාළගේ ගෙදර සියල්ලෝමද අර යෝධ ලබු ගෙඩිය තුළට රිංගා ගත්තේය. ලබු ගෙඩිය තුළට වතුර ඒම වැළැක්වීම පිණිස එහි ඇස්ස වසා ඉටි තබන ලදී. යකැදුරෝ ලබු ගෙඩිය තුළ යාගය සිදු කළෝය. ලබු ගෙඩිය ජලයේ පාවී මුහුදට ගියේය. යෝධ ම්‍ත්සමත්ස්‍යයෙක් එය මුහුදේදී ගිල දැම්මේය. උකුස්සකු විත් මාළුවා ගිල දැම්මේය. එදින ගැමියෙක් ව්‍යංජනයකට සුදුසු යමක් සොයා ගොස් උකුස්සා දැක වු මරාගෙන අවුත් බිරියට දුන්නේය. මේ අකුස්සාගේ පිහාටු ගලවා බඩ පැළුවේය. බඩ තුළ මත්සයෙකු සිටින අයුරු දුටු ඕ සැමියාට කථාකොට ඒයද ‍පෙන්වූවාය. මත්සයා ඉවතට ගත් ඕ උගේද බඩ පැළුවේය. මාළුවගේ බඩ ඇතුළේ ලබු ගෙඩියකි. ස්ත්‍රි කැත්තක් ගෙන ලබු ගෙඩියද පැළුවොය. “මිනිස්සු, මිනිස්සු” කියමින් ලබු ගෙඩිය තුළ සිරවී සිටි පිරිස සියල්ලෝම මහ හඩින් දවුල් බෙර ගසමින් ඉවතට පැමිණියෝය (41)
  • ළඟ ඉන්න හතුරා ඈත ඉන්න නෑයාට වඩා හොඳයි - The enemy living near you is preferable to a relative living at a distance (53).
  • ලමාහාමිගේ දරුවා මගේ මරුවා යැයි කීවා වගේ [විශ්වාස][කතා][උපමා] - Like asking, “Is Lama Hamy’s child the personification of death to me?” (21) (?)
  • ලයන්නක් නැති මරණයක් නැහැ (21) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - There is no death without lamentation (ලතෝනිය / විලාපයක්) (21)
  • ලවන්චි සීයාගේ අන්තිම අවවාදය වගේ [විශ්වාස][කතා][උපමා] - Like Grandfather Lavanchi’s last advice (21) - කෝපි ඇට ජාපාල ඇට - බඩ යෑම - කෝපි නොබොව් දරුවනේ - ආ දාට, බාධා නැති මරුවා (22) - මුත්තාට රැයක බලවත් හිසේ රුජාවක් ඇති විය. කෙඳිරි ගාමින් මට කොපි ටිකක් වක් කරලා ගෙනෙන් කිව් විට මිනිබිරි කෙල්ලක් කළුවරේම සොල්දරයට නැග කෝපි මල්ලෙන් ඇට ගන්නේ යැයි සිතා ඒ අසළම තිබූ ජයපාල ඇට මල්ලෙන් ඇට ගත්තීය. ඒ ඇට බැද කුඩු කර වත්කර මුත්තාට බොන්න දුන් පසු ටික වෙලාවකින් වක්කඩ කදුවාක් මෙන් බඩඑළිය සහ වමනේ යන්න පටන් ගති. එළිවෙන යාමේ දී මරණාසන්නව සිය දරු මුණුපුරන් රැස් කොට "නුඹලා මීට පස්සේ කෝපි බොන්න එපා යැයි අවවාද කොට මිය ගියේය. (3-15) - Coffee Seeds and the Seeds of the Croton oil plant (Japala, Croton tiglium, Tamil: Nervalam) were in two bags side by side upon the loft. One-night Grandfather Lavanchi had a splitting headache. “Here, you wenches, pour me a little coffee, will you? “he shouted from his bed, and a little girl of the house clambered up to the loft, and, in the pitch darkness, felt for the coffee-seed bag. Unfortunately for the old man, she got hold of the wrong bag and what she brought down were, not coffee Seeds but the Seeds of the Japala. These she hastened to fry and pound and then, pouring what she thought was coffee, gave the old man to drink. Quickly the beverage did its purgative work. Like the breakdown of a vakkade (hole or opening in a dam to let off the water from the paddy fields) Lavanchi began squirting out coffee from mouth and bowels, till in a short time the man, who had normally been “with one foot in the grave,” was brought to death’s door. “Unless you want to be human spouts, drink no coffee, ye fools” was his last advice to the children and grandchildren, who had hastily assembled by his bedside, after which he surrendered himself. the Maraya (Death) who finds no let or hindrance when he comes (21)
  • ලස්සන කියන කොට බීරි ගෑණුන්ගෙත් කන් ඇහෙනව ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • ලස්සන හැම දේ මොහොතක සුව දේ [ආප්තෝපදේශ] - All good things come to an end. Good experiences eventually end. Example: I was so sad to graduate from college and leave all of my friends, but I’ve to realize that all good things come to an end (32)
  • ලස්සෙට / ලක්ෂෙට කොඩිය දාලා වගේ [වාග්ව්‍යවහාර] - ලක්ෂයක මුදලක් ඉතිරි කර ගත් විට ගෙදර ගේට්ටුවේ කොඩියක් දැමීමේ පැරණි චාරිත්‍රය අනුව බිහි වූ - ෂශ්‍රීක බව
  • ලහත් තිඹයි, තිඹත් ලහයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A laha is thimba and, a thiyiba is a laha - Laha and thimba are both terms applied to the same measure (22) / Both laha and timba are terms applied to the same measure of capacity, equivalent to four neli (quarts) or one-eighth of a bushel (21) - සමාන:වහෙන් ඔරෝ කිව්වත් ඔහෙන් වරෝ කිව්වත් එකයි - එකක් දොළහයි, අනික දුසිමයි - English: Six of one and half a dozen of the other. The alternatives are the same: “I can take the bus or the subway to get home; during rush hour, it's six of one, half a dozen of the other.” The phrase, which is sometimes inverted as “half a dozen of one, six of the other,” is merely two ways of expressing the number six.

ලා

  • ලාන්ට හිත් වුනි කිව්වා වගේ / ලාන්ට හිතුණයි කියා උඩ රට මිනිහා කීවා වගේ (21) [විශ්වාස][කතා][උපමා] - Like the saying "I was tempted to strike (22) / Like the Udarata man saying “I felt like smacking him” (21) - Loku Banda, a stalwart from the hill-country (Kanda-uda-rata), travelled down to Colombo one day on business. He came by train, got down at Maradana, took lodgings for the night at a Bat-kade (eating house) parading under the name of some “Hotel,” and went to the Pettah next morning for the transaction of his business. At the market Loku Banda was the cynosure of every eye, particularly of some street urchins who were greatly impressed by his long flowing beard, heavily streaked with grey, which reached well below the silver hava-diya (metal belt) encircling his ample waist. One brat, more mischievous than the rest, made a sudden dart at the beard, and out came three long hairs, all grey. To pull a man’s beard is a gross form of insult in the Sinhalese country. Loku Banda, however, was hurt more than in his dignity, for the three dislodged hairs had given him physical pain as well. But he said and did nothing in retaliation, never gave even a reproachful look at the culprit. Only, he moved hastily away, then went back to his “Hotel,” ate a hurried meal, took the afternoon train back to Kandy, and thence proceeded on foot to his home, which was situated in distant Galagedara. His house was on the top of a little hill. He climbed up the slope briskly and then, when he had planted his foot firmly on his own veranda, and not till then, did he turn fiercely round and exclaim: “The little Pariah. He pulled my beard, didn’t he? I felt like smacking him on the face, the dirty brute.” - The story is told to typify the man without moral backbone, who utters “brave” words and courageous sentiments from a secure place without the remotest intention of putting them into effect (21) / An up country man whose beard someone had pulled when he was in Colombo, on his return home being put in mind of the insult lie bore so patiently at the time it was offered, Seeing" that nobody was near observed, ''that fellow pulled my beard and I was tempted to strike him” (22)
  • ලාභ බඩුවල හිලක් ඇත (33) [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • ලාහ ලොකු කරගන්න ගියා වගේ [විශ්වාස][කතා][උපමා] - Like going to get the “laha “made bigger (21) - The laha is, a grain measure one eighth of a bushel or four Seer. - The story is that there was a strong feeling in a certain village about the King’s portion of paddy, which was considered to be too large. An assembly of the villagers decided to make respectful representations to the King, and one man was deputed to wait upon His Majesty and explain the situation. The man set forth bravely enough, but when he got near the neighbourhood of the palace his courage had oozed out a bit. As he crossed the palace gates, he was quite nervous about his business, and when, in due course, he was ushered into the King’s presence, he was absolutely sick with fear. “Why have you come. Sirrah? “asked the King, somewhat sternly, and the poor yokel, now quaking about his knees, stuttered feebly, “I came, Your Majesty, to get the laha (measure) made bigger” which was exactly the opposite of what he had come to beseech His Majesty. The King, now quite pleased, readily agreed and immediately gave instructions that the contribution from the man’s village should be increased thenceforth a circumstance which convinced the villagers that they would have done better to have let things well alone (21)

ලැ[සංස්කරණය]

  • ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වැඩිය ලොකුයි / විළි ලැජ්ජා නැති කම මහ මුදලි කමටත් වඩා ලොකු ලු [විශ්වාස][කතා][උපමා] - Shamelessness is greater even than the Maha Mudliyarship (21) - ලැජ්ජා නැති කෙනෙකුට මුදලි කෙනෙකුටත් කරන්න බැරි, මුදලි කෙනෙක් පවා පැකිළෙන දේ කළ හැකි බව / යම් කෙනෙකු තමාගේ තරාතිරමට නොගැළපෙන පහත් වැඩ කිරීම (39) / තමාගේ තත්වයට නොගැළපෙන වැඩ කිරීම (52) - පත්තායමේ ලේකම් ගැන මාතර එඩ්මන් විජේවන්ත කී කතාවක්. ඉලංගකෝන් මුදලි තුමාගේ පොල් වත්තක අබිරහස් ලෙස පොල් හොරකම් සිදු වුනෙන් එය වැළැක්වීමට පත්තායමේ ලේකම්ට කීවේය. හොරුන් ගැහැණුන් බව වටහා ගත සමරජීව ලේකම් එම වත්තේ සැරිසරන්නට නිරුවත් මිනිහෙක් යෙදෙව්වේය. පසු පොල් හොරකම නතර වීම සහ ඒ ගැන මුදලි තුමා විමසූ විට "ලැජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි" කියා බව එක ජනප්‍රවාදයකි (25) (පත්තායම යනු ඕලන්ද කාරයන්ගේ ධාන්‍ය ගබඩාවයි. සිතංගලු පුර දොන් දාංචි ද සිල්වා අභයගුණවර්ධන සමරජීව සිටිනාමලුවේ පත්තායමේ ලේකම්ය) - The Maha-Mudeliyar is the Chief of the Chief Headmen of the Low country of Ceylon, the corresponding title in the up-country being Adigar or Maha Nilame (21) - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 26 (11)
  • ලැවැන්තක් නැති මරණයක් නැති ලු (22) / ලැවැන්නක් (21) [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - There is no kind of death that is without a cause (22) / - ලැවැන්ත (කෙනෙකුගෙන් සිදු වන සුළු වරද, දබරයකට යොදන උපක්‍රමය - ගුණසේන මහා ශ.කෝ) පොඩි පොඩි අඩු පාඩු හෝ රණ්ඩු සරුවල් නොවන මළ ගෙයක් නැහැ (?)
  • ලැව් ගින්නට මිතුරු, ගෙයි පහනට සතුරු [විශ්වාස][සාහිත්‍ය][උපමා] - මහා ලැව් ගින්නක් පතුරුවා හැරීමට උදව් කරන සුළඟම පහනේ ගිනි සිළුව නිවයි - ප්‍රබල වෙලාවට ආධාර කරන කෙනා, දුබල වෙලාවට ළඟ නැත - The Tamils say: “The advantage of wealth is that maintenance of one’s relatives” (21) - සුභාෂිතය "රුදුරු ගිනි කඳක් ගත් සඳෙහි වනතුරු - මිතුරු වේය දිගතින් හමන මඳ මරු - මිතුරු නැසීමට එම වෙයි පසමිතුරු - මිතුරු නෑ කෙනෙක් නිවතුන් හට කවුරු"

ලි[සංස්කරණය]

  • ලිප මුල්ලේ ඉන්න බළලා වගේ / අළු ගොඩේ ලැග්ග බල්ලා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - ප්‍රත්‍යය ශතකය “පණිඃ පශ්‍යති කණ්ඨානං ශුනකඃ පශ්‍යති භස්මයොඃ - උභයොර්බද්ධ වෛරස්‍ය මිත්‍රත්වං කිං කරිෂ්‍යති" නයාට කන්ඨ මාණික්‍ය ද බල්ලාට අළු ද දැකීම සතුටක් වේ. ඒ නිසා පහත් උදවිය සහ උසස් අය බඳින ලද වෛරයෙන් ද මිත්‍රත්වයෙන් ද කවර ප්‍රයෝජනයක් ද?
  • ලිප හයිය ඇත්නම් කොයි නෑයත් ඇති If a man's fire-place is strong, he will have many relations. A man will not want relations and friends as long as he can entertain them (53).
  • ලිපේ අළු ගාගන්ට ආඬියාගෙන් අවසර මොකට ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Permission from an Aadiya is not necessary to daub one's self with ashes from the hearth (22) / Do you need an Andiya’s permission to rub yourself with ash from your own fireplace? (21) - The Andiyas daub themselves with ash on face, breast, and hands (21) - සියලු වඩුග රජවරු බුද්ධාගම වැළඳ ගත්තත් හින්දු චාරිත්‍ර ද කර ගෙන ගියේය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු නළලේ අළු ගා ගැනීම ගැන සමච්චලයට ලක් කිරීමක් වශයෙන් සංඝ රාජ හිමි "අළු ගොඩේ ලගින්නේ බල්ලන් යැයි කිවූ බවත් ඉන් පසු රජු අළු නොගෑ බවත් සඳහන් වේ (7-97). - - ප්‍රත්‍යය ශතකය “පණිඃ පශ්‍යති කණ්ඨානං ශුනකඃ පශ්‍යති භස්මයොඃ - උභයොර්බද්ධ වෛරස්‍ය මිත්‍රත්වං කිං කරිෂ්‍යති" නයාට කන්ඨ මාණික්‍ය ද බල්ලාට අළු ද දැකීම සතුටක් වේ. ඒ නිසා පහත් උදවිය සහ උසස් අය බඳින ලද වෛරයෙන් ද මිත්‍රත්වයෙන් ද කවර ප්‍රයෝජනයක් ද?
  • ලියන්නට මැලි අයගේ පන්හිඳ ගජබාහු රජුගේ යගදාවටත් වඩා බර ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The iron style of the man who is too lazy to write is heavier than the walking stick of king Gajabahu (22) - The walking stick of Gajabahu could with difficulty be raised by seven giants යෝධයින් හත් දෙනෙක් උසුලන (22) - The “panhinda’” of the man who is too lazy to write is heavier than the “yagadava “of King Gaja Bahu - The panhinda is the iron pen or stylus used by the Sinhalese in writing or engraving their books. The yagadava was a fabulous staff or iron club (ආයුධයක් සේ භාවිත කළ හැකි ලොකු යකඩ මුගුරක්) which King Gaja Bahu used as a walking-stick and which, according to Sinhalese folklore, “could with difficulty be raised by seven Giants.” Gaja Bahu (A.D. 112-131) was a celebrated King of ancient Ceylon, renowned as the conqueror of Southern India (21)
  • ලිහාල බැලූ මල්ල ඔබාලා බලන්න ඕනැය? / ලිහලා බලන මල්ල ඔබා බලන්නේ ඇයි? (53) [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Why feel with your finger the bag that you will have to open (53) - "පහා කළ වරන් දුදනෙක් වරදකට - මහා ගුණවතෙකු මෙන් පෑවත් ලොවට - සහා ඔහු නැවත එක්වනු නොව සොඳට - ලිහා බැලු මල්ල තව ඔබනේ කුමට"

ලී[සංස්කරණය]

  • ලීයේ ඇදේ සහින වෑයත් ඇද ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The adze which straightens timber is itself not straight (22) - "කායේ අගුණ දුටුවත් කියන කිවිවරු - මීයේ රසය මෙන් රසකර කියති බොරු - ලීයේ ඇදය අරිතත්හුයලා අගුරු - වෑයේ කුදය බැලුවිට ඊටත් නැඹුරු"

ලු[සංස්කරණය]

  • ලුණු ගෙනෙන්නට ලේවා ගිය විත්තිය වගේ [විශ්වාස][කතා][උපමා] - As a certain man went to Levaya to bring- salt (22) / Like going to the “Levaya “to bring salt (21) - කතාව බලන්න, ගුණරත්න 2010 A පිට 28 (4) / විජේතුංග 2013 පිට 267 (17) - A certain woman who bad seen the people of her village go to Levaya to bring salt asked her husband why he too should not do the same "I do not know how to do it," replied the husband. "There is not much knowledge required to drive a herd of cattle and to bring salt on their backs" said the wife. The husband then set out on his journey. He kept on driving the cattle the whole day and ate the rice he had taken with him. In the evening he came to his own well and made ready to cook his evening meal. His children in the meantime came out and shouted out, "Father, father." The man got into a rage and said: "everywhere I go, children call me father. Am I your mother's husband that you should call me father.”? The wife being told by the children that their father was preparing to cook near the well, came out and took her husband home, observing that it was high time that her husband's trip to Levaya should be brought to a close (22) - Levaya means salt pans or salterns (21)
  • ලුණු පොලොත්තෙ දාලා කිරිංචි කරනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] (වැරද්දටයි නිවැරද්දටයි බනිනවා) - ලුණු පොළොත්ත = ලුණු පොල් කට්ට,

ලූ[සංස්කරණය]

  • ලූනු බිකත් බඩට ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even the onion carpel is for the stomach (21)
  • ලූලා නැති වළට කනයා පණ්ඩිත ලු (22) (14) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The Kanaya is the chief in a pit which has no Lula (22) / The “Kanaya “is the savant of the pit (pond) which has no “Lula” – Lula (Channa striata, the striped snakehead) - Kanaya (Spotted Snakehead Fish -Channa punctata ) are fish found in paddy fields and ponds (21) Both belong to the same fish family - ප්‍රධානියෙක් නැති අවස්ථාවේ සුළු පුද්ගලයෙක් ප්‍රධානත්වය ගෙන පණ්ඩිතකම් කියා පෑම (41) / වැදගත් අය නොමැති තැන කිසිම නොවැදගත් අය පවා උසස් ලෙස සලකන බව / නායකයෙක් නැති වූ විට නායකත්වයට නුසුදුසු පුද්ගලයෙකු නායකයකු බවට පත් වීම (39) - සමාන: ගස් නැති රටේ එරඬු ගහත් ගහක් ලු (22) English: “In the kingdom of the blind, the one-eyed man is king (14) Among the blind the one-eyed man is king. An incapable person can gain powerful position if others in the fray are even more incapable. Example: Despite his obvious lack of exposure and skills, he became head of the department because he is one-eyed among the blind (32) - "දිවියා නැති වනෙහි ගවයින්ගේ පොරය - හිමියා නැති ගෙදර හොරහිමි කරදරය - බළලා නැති කලට මියන්ගේ පොරය - ලූලා නැති වළට කණයා වඬිවරය"

ලෙ[සංස්කරණය]

  • ලෙඩ කපුටා වැල කන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - අකාර්යක්ෂමතාවනේ වැඩ කිරීම (41)
  • ලෙඩ හොඳ වෙන්නේ බලි කාලා නෙවෙයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It is not by eating “bali “that illness is cured (21)
  • ලෙඩට ඉස්සර බෙහෙත් කෑවා වගේ - Like taking medicine before one is sick (53).
  • ලෙවිල්ලෙන් කැවිල්ල නැතිවෙනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Licking may cost you the eating (21) / To lose the substance by grasping at the shadow (22) – English: Aesop - Beware lest you lose the substance by grasping at the shadow - Don't let slip the things you have that are real and substantive in the pursuit of the ephemeral, the prospective, or the offhandedly promised

ලේ[සංස්කරණය]

  • ලේවායේ ඉඳගෙන කිවුලෙන් කනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like eating without salt though living at Lewaya (22) / Like eating without salt, though living in a saltern (21)

ලො[සංස්කරණය]

  • ලොට තන තබා අඟ ගෙන කිරි දොවිනා සේ, බුරුල්ල තියාගෙන අඟෙන් කිරි දොවන්නා වගේ, අඟින් කිරි දොවන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - නිෂ්ඵල වැඩක කිරීම (44) - සමාන: ගිනි තබා කදෝපැණියන් පිඹින්නා සේ (15) - English: Get hold of the wrong end of the stick වැරදි පොට අල්ල ගන්නවා - To misunderstand something - "He must have gotten hold of the wrong end of the stick about something when I was talking to him earlier, because he has started acting really odd whenever I See him now".
  • ලොවට ප්‍රකාශේ / ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ / ගෙදරට මරගාතේ ලෝකෙට පරකාසේ [විශ්වාස][කතා][උපමා] - Fame abroad and distress at home (22) / Fame abroad and distress (lit. “death-agony”) at home (21) - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 25 (11)
  • ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - One man in the world will excel in one thing (22) / Each man in the world excels in one thing or another (21) - සුභාෂිතය "ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත - වෙනින් අනෙක් දෙයකට අනෙකෙක් සමත - නොමින් සුළඟ ලදුවත් තද ගිම් සැපත - ගොඩින් නැව දියෙන් රතය ද නොයනු ඇත"- ලෝකෝපකාරය "එකකට වත් එකෙක් - සමත් අනෙකක් අනික් එකකට - තද පවන ලදුවත් - නැව ගොඩක රිය මුහුද නො දිවේ"

ලෝ[සංස්කරණය]

  • ලෝකයම පේන ඇසට තමා දකින්න කැඩපතක් ඕනෑ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - අනුන්ගේ හොඳ නරක කෙතෙක් දුටුවත් තමාගේ වැරදි ගැන අවබෝධයක් ලබන්න නම් තවත් කෙනෙකුගේ සහය අවශ්‍ය වේ - ලෝකෝපකාරය "සව්වත් දකින නෙත - තමා නොදකී කැඩපතින් මුත්" - සුභාෂිතය "නොමින් ලොව සියලු දේ දක්නා ඇසට - තමන් සැටි මඳක් වත් නොපෙනෙන ලෙසට"
  • ලෝකේ කාලා වතුර බීලා වගේ [වාග්ව්‍යවහාර] - Like (a man who had) eaten the whole earth and drunk all the water (21) – English: Like the man who had escaped all seven gallows.
  • ලෝභයාගේ බඩු කූඹි කෑවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - මසුරු කමින් තබාගත් දෙයක් වෙනත් අයුරකින් විනාශ වීම (37)

[සංස්කරණය]

  • වංගෙඩි වාහේ මාව මරණෝ කිව්වා වගේ [විශ්වාස][කතා][උපමා] කතාව බලන්න විජේතුංග 2013 පිට 184
  • වංශෙ / වංසෙ කබල් ගෑවා වගේ / නම්බුව කබල් ගෑවා වගේ [විශ්වාස][කතා][උපමා] - Like frying one’s honour (21) / Like one stirring up the honour in an old pan - යම්කිසි තැනැත්තෙකුගේ කුලය ගෝත්‍රය ගැන පමණක් සොයා කටයුතු කිරීම (39) / කිසිම හැකියාවක් නැති අයෙකු තමාගේ පරම්පරාවේ නම්බුව ගැන කතා කිරීම (39) - කතාව බලන්න, ගුණරත්න 2010 B පිට 169 (5) - වංශේ හොඳ නිසා දිළිඳු කම් නොබලා දීග දුන් දුව බලන්නට දෙමව්පියන් ගියහම හිස් කබලක් ලිප තියා කබල් ගෑම - The parents, who had given away their daughter in marriage to a poor man on account of his high birth, went to see the daughter sometime after the marriage. The daughter had nothing in the house to offer her parents to eat. So, in a fit of rage, she went and placed an old frying-pan over the fire and pretended as if she were stirring up its contents. When asked by the old pair what she was doing, she replied “I am trying to fry the honour you got for me” (21) - කතාව බලන්න, බමුණුසිංහ පිට 6 (11) – Attributed to Gajaman Nona too –ගජමන් නෝනා දුප්පත් කාලයේ දී මෙම කියමන කිවූ බවට ද ජනප්‍රවාදයක් ඇත
  • වක් කළ අත දික් කරන තුරු මඟුල් සක්වලේ එළිය හොඳ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Living in this world is preferable even for the short time that it takes to stretch out a bent hand (22) / The light (i.e. life) of this “magul-sakvala” is good enough even for the brief moment that it takes one to stretch out a bent hand - Magul “fortunate,” sakvala “universe,” is an epithet applied to this world by Buddhists, in consequence of its being favoured with the religion of the Buddha (21)
  • වක්කඩ කඩා කුඹුර රැක ගන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - සමාන: පිටවාන හැර දමා වැව රැක ගන්නාක් මෙන්
  • වක්කඩ කැඩුවා වගේ [වාග්ව්‍යවහාර][උපමා] - නොනවත්තවා කරගෙන යාම (41) - “වක්කඩ කැඩුවා සේ ගලායන සිනා ගඟුල මැවුනේ” සුනිල් ආරියරත්න / සිතක සතුට වක්කඩ කැඩුවා වැනිය” ප්‍රේමකීර්ති / “මතක වක්කඩ බිඳී බිඳී සෝ සුසුම් රළ නැගේ” දයානන්ද රත්නායක
  • වක්කඩ බඳිනවා වගේ [වාග්ව්‍යවහාර][උපමා] - ගුණදාස අමරසේකරගේ “වක්කඩ බඳිමු” කවි පෙළේ එන්නේ වතුරෙන් පුරවන්න ඕනේ වෙලාවක වැස්සක් එන එක ගැන “කළු කරගෙන හතර වටින් වැහි කළුවක් මුදුන් වෙනව - හණිකට බැඳපන් වක්කඩ, මේ සැරෙ නොවැරදි වහිනව - දෙයියෝ අපි ගැන බලලා වැස්ස වලාහකය එවල - පොදේ නොකැඩි වැස්ස වැහැල , පිරෙනව ඇළ දොළ ඉතිරිල - බැඳපන් වක්කඩ හණිකට ඔන්න ඔන්න පොද වැටෙනව - පොලොව සතුටෙ 'හූම්' ලනව මෙන්න බලාපන් දැනෙනව”
  • වක්‌කඩේ දිය දෑතින් රකින්නට වෑයම් කරන්නාක්‌ සේ [විශ්වාස][ප්‍රපංච][උපමා]
  • වක්කඩේ හකුරු හැංගුවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like hiding jaggery in a water course (22) / Like hiding jaggery in a “vakkada” - A vakkada is a hole or opening in a dam to let off the water from the paddy-fields. It may, therefore, be translated here as “watercourse.” - නිෂ්පල වැඩක යෙදීම / විනාශවන තැනක යමක් ආරක්ෂාවට තැබීම (39) / ආරක්ෂාවට තැබූ දෙයක් විනාශ වීම (52) / අනාරක්ෂිත තැනක යමක් පරිස්සමට තැබීම (49) / යම් දෙයක් ආරක්ෂා කර ගැනීම සඳහා එයට නුසුදුසු ස්ථානයක තැබීම (39) / වටිනා යමක් පරිස්සමට විනාශ වන තැනක තැබීමෙන් විනාශ වීම (41) / අවසානයේ දී ප්‍රථිපලයක් නොලැබෙන නිෂ්ඵල දෙයක් කිරීම
  • වඩුවගේ ගෙදර පුටුව නෑ වගේ (45) / වඩුරාළගේ ගෙදර වාඩි වෙන්න එකක් නැහැ කිව්වා වගේ [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - Like there being nothing to sit upon in the carpenter’s house (21) - සමාන: ආචාරිය රවටා කැත්ත හැදෙව්වා වගේ
  • වතුර නේන ඔරුවට දියාලුව මොකට ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - What is the use of a baling-vessel for a boat that is not leaky? (22)
  • වතුර වලට වඩා ලේ ඝන කම ලු / රුධිරය ජලයට වඩා දැඩි ලු (53) - ලේ නෑකම් වඩා කිට්ටුයි
  • වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා වගේ (45) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like leasing out the garden and grimacing at a coconut slice (21) - අනුවණ ලෙස සුළු දෙයක් රැක ගැනීමට ගොස් ලොකු දෙයක් නැති කර ගැනීම / තම ධනය විනාශ කරගෙන අනුන්ගේ පිහිට ප්‍රාර්ථනා කිරීම (41) - be penny-wise and pound-foolish - being very careful about unimportant matters and careless about important ones - This phrase alludes to British currency, in which a pound was once worth 240 pennies, or pence, and is now worth 100 pence (15)
  • වත්තේ කහඹිලියාත් ඇඟ කහනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even the nettles that grow in your own garden scratch (22) / The “kahambiliya” scratches though it grows even in your own garden (21) - The kahambiliya is a kind of nettle (Girardinia zeylanica / Tragia hispida - Stinging Nettle / Climbing Nettle)
  • වදයට යන සොරා වදක බෙරේ දැක ලොබ සිතුවාට පලක් නැහැ [උපදේශ][සාහිත්‍ය][නිශේධ] - ලෝවැඩ සඟරාව "වදයට බැඳගෙන ගෙන යන සොරුටා - වද මල් දම්ලූ බෙර පිරි වරටා - ලද ඉසුරෙහි ලොබ කල හොත් තොපටා - එද සැපතෙහි කළකම් මරු රවටා"
  • වනලා වෙඩි තියනවා වගේ (14) [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like swinging about and shooting (21) - කෙළින් නොකියා වටේ යමින් කීම / පරංගියා කෝට්ටේ ගෙනිච්චා වගේ නැතිව කෙළින්ම කතාවට බහින්න - සමාන: වහෙන් ඔරෝ කියනවා / කිං හන්ති කං හන්ති දොඩවනවා - English: 1. Beat around / about the bush (14) - To treat a topic, but omit its main points, often intentionally. To delay or avoid talking about something difficult or unpleasant. Just stop beating around the bush and tell me what the problem is! / 2. Mince matters (15) - Also, mince words. Moderate or restrain one's language to be polite or avoid giving offense. Today these phrases are nearly always put negatively, as in “Not to mince matters, I feel he should resign”, or “Don't mince words—say what you mean” / 3. In a roundabout way. to imply something without saying it; to say something indirectly; to speak using circumlocution
  • වනාන්තරේ ඉඳිතත් නඩු ක්‍රමය දැනෙනවයි කියා නරි නයිදේ කීවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The fox is reported to have said that he knew law though he lived in a jungle (22) / The fox claimed to know Law though he lived in the jungle (21)
  • වනේ ගස් ජාති එමට තිබුනාට මොටද සඳුන් ගසක් නැති කොට? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - What is the good of there being different kinds of trees in a jungle when it has no sandalwood tree (22) - ප්‍රත්‍යය ශතකය "වනාන්තේ බහූ වෘක්ෂාහි පුෂ්ප චන්දන දුර්ලභඃ - බහූ ලෝකේන මනුෂ්‍යාශ්ව සත් පුරිෂා අති දුර්ලභඃ" වනයේ බොහෝ ගස් ජාති ඇතත් සඳුන් ගස් දුර්ලභය. එමෙන්ම ලෝකයේ මනුෂ්‍යයන් අතර සත් පුරුෂයෝ/ස්ත්‍රීහු දුර්ලභය.
  • වන්නියේ මිනිස්සුන්ට වැහි කළුවක් වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - ඉතා දුර්ලභ ලද විට සිත සතුටු කරවන දෙයක් - (සුනේත්‍රා නොහොත් අවිචාර සමය බබ්ලිව් ඒ සිල්වා 2015 පිට 280)
  • වඳ ගෑණිගෙ කීම වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the saying of the barren woman (22) / Like the remark of the barren woman (21) - A barren woman said to the mother of ten or twelve children: “You only bring forth once in two or three years; but, if I were you, I would by this time have brought forth twenty or thirty at the rate of one every year.” (21)
  • වඳ ගෑණු දනී ද වදන දුක? [විශ්වාස][සාහිත්‍ය][ප්‍රශ්න] - සුභාෂිතය "දරු ලද අඟනන්ම මිස පවසෙහි වෙහෙස - වඳ ළඳඟනෝ දැනගත හෙති කවර ලෙස" – English: 1. Only he who wears the shoes knows where it pinches / No one knows where the shoe pinches, but he who wears it - Meaning: "Nobody can fully understand another person's hardship or suffering." -the rich man does not know where the shoe of poverty pinches / 2. The toad beneath the harrow knows Exactly where each tooth-point goes
  • වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the temple where one had gone to worship coming down on his head (22) / Like the crashing down over a man’s head of the “Devala “(Temple) where he had gone to worship (21) - යහපත් යමක් කරන්න ගිය විට ඉන් කරදරයට වැටීම (41) / යහපත් වැඩක් කිරීමට ගොස් කරදරයක වැටීම (52) / පිළිසරණක් පතාගෙන ගිය ස්ථානයකින් විපතක් සිදුවීම (41) / උදව්වක් කිරීමට ගොසින් වෙනත් කරදරයක පැටලීම (39) / යහපත් වැඩක් කිරීමට ගොස් ඉන් තමාට නොසිතූ කරදරයක් වීම (39) / පිහිටක්, යහපතක් බලාපොරොත්තුවෙන් ගියත් විපතක් සිදුවීම (49)
  • වඳුන් දරුවන් ලැබුවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like barren women getting children (22)
  • වඳුන්ට දරු දුක නොදැනෙයි ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Barren women know not the sorrows of children (22) / The sorrow of children is a sealed book to barren women (21) - Among the Sinhalese a barren woman, i.e., a married woman without children, is an ill-omened sight to anybody starting upon a journey, particularly to a bride when leaving her house for her wedding (21)
  • වඳුරට දැලි පිහිය අහු වුනා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - නුසුදුසු පුද්ගලයකු අතට යමක් ලැබුණු විට වන හානිය (41)
  • වඳුරා කිඹුලා රැවටුවා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - 332. වානර ජාතකය / 223. කුම්භීල ජාතකය 057. වානරින්‍ද ජාතකය 207. සුංසුමාර ජාතකය - Like the trick a monkey played on an crocodile (22) - කතාව බලන්න, ගුණරත්න 2010 B පිට 182 (5) - A certain she-crocodile during the earliest stages of her pregnancy being seized with a strong desire to eat the heart of a monkey requested her husband to get her one. The husband with this object in view went up to a certain monkey and told him, “Friend there is better food for you on the other side of the river than on this.” "It may be so" replied the monkey, "but how am I to get there?” "Sit on my back ' said the crocodile "and I will take you over." The monkey accordingly got upon the crocodile's back. When the crocodile reached the middle of the river, he told his companion "I am taking you to my wife, to give her your heart to eat." Quoth (said) the monkey in return, "You fool, did you not see me hang up my heart on that tree yonder. Take me back there that I may hand it over to you." The foolish crocodile took the monkey to the bank. On reaching the bank however the monkey ran up a tree leaving the crocodile in the lurch (22) to rue his foolishness (21) - කුම්භීල ජාතකය: තවද තුන්ලොවට නායක වූ සර්‍වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි දෙව්දත් තෙරුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි. ඒ කෙසේද? යත්, එක් දවසක් ධම්සභා මණ්ඩපයෙහි රැස් වූ බොහෝ භික්‍ෂූන් වහන්සේ “දේවදත්‍ත ස්‍ථවිරයෝ බුදුන් නසන්ට මහත් උත්සාහවීර්‍ය්‍ය කොටත් කරගත නුහුණුවෝය”යි කිය කියා උන් තෙනට සර්‍වඥයන් වහන්සේ වැඩ වදාරා “මහණෙනි, මා එන්නට පූර්‍වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැ?”යි අසා වදාරා “මහණෙනි, දෙව්දත්‍ තෙරණුවෝ පෙරත් තථාගතයන් වහන්සේ නසන්ට උත්සහ කොටත් කරගත නුහුණුවෝම වේදැ”යි ආරාධිත වූ සර්‍වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.--- යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි අප මහබෝසතාණෝ හිමාලය වනය සමීපයෙහි වඳුරු යෝනියෙහි ඉපිද ඇත් හා සමාන බල ඇති ඒ වානර තෙමේ ගඟකින් එතෙර මෙතෙර යන්නේ ඒ ග‍ඟෙහි වාසය කරන කිඹුල් ධේනුවක් තොමෝ මහබෝසතාණන් දැක හදවත කන්ට දොළෙක් උපන. ඒ බව තම ස්වාමිපුරුෂයා වූ කිඹුලාණන්ට කීය. ඒ කාරණය ඇසූ කිඹුලාණෝ මහබෝසතාණන් අල්වන්ට බොහෝ උත්සහ කොටත් නොහැකිව ඒක් දවසක් මහබෝසතාණන්ට මෙසේ ස්තූති කෙළේය. “වානරෙන්‍ද්‍රයන් වහන්ස, නුඹවහන්සේගේ සත්‍යයද, ප්‍රඥාව හා ධෛර්‍ය්‍යයද, ත්‍යාගයද යන මේ විශේෂයෙන් යහපත් වූ ගුණයන් කරණ කොටගෙන සතුරන් ජයගන්නේය”යි කියා ලජ්ජාවට පත්ව යන්න ගියේය. --- Similar in 054 වානරින්‍ද ජාතකය යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහා බෝධිසත්වයන් වහන්සේ වඳුරු ජන්මයෙහි ඉපිද වැඩිවයසට පැමිණ අස්පැටවකු පමණ කායශක්තියෙන් යුක්තව එකවරම ගංගාතීරයෙක්හි වාසය කරණ සේක. ඒ ගංගාවගේ මැද අනේකප්‍රකාර වූ ආම්බ්‍රපනසාදී ඵල වෘක්ෂයෙන් යුක්ත වූ එක් දිවයිනක් වන්නේය. හස්තිබල හා සමාන කායශක්තියක් ඇති බෝධිසත්වයන් වහන්සේ ගංගාවගේ මෙතරින් පැනනැගී දිවයින මෙතර ගඟ මැද එක් අතලගලෙක් ඇත්තේය. එහි හෙන සේක. එතැනින් පැනනැගී ඒ දිවයිනෙහි හෙන සේක. එතැනදී අනේක ප්‍රාකාර ඵලයෙන් අනුභවකොට සවස ඒ උපායෙන්ම නැවත අවුත් තමා වසන තැන්හි විසීම කොට දෙවැනි දිනයෙහිද එලෙසම කරණ සේක. මෙම ක්‍රමයෙන් එතැන්හි වාසය කරණ සේක. එසමයෙහි වනාහී ප්‍රජාපතීන් සහිත වූ එක් කුම්භීලයෙක් ඒ ගංගාවෙහි විසීම කරන්නේය. ඔහුගේ භාර්යාව වූ කිඹුල් ධේනු තොමෝ ඔබිනොබ වඩනා වූ බෝධිසත්වයන් වහන්සේ දැක බෝධිසත්වයන් වහන්සේගේ හෘදයමාංශයෙහි දොළ උපදවා කිඹුලාට කියනුයේ ස්වාමීන් වහන්ස මට වනාහි මේ වානරෙන්ද්‍රයාගේ හෘදය මාංශයෙහි දොළෙක් උපන්නේය යි කීවාය. කුම්භීලතෙම යහපති පින්වන්ති ලබන්නෙහිය යි කියා අද සවස දිවයිනෙන් එන්නා වූ වානරේන්ද්‍රයා අල්වාගනිමි කියා ගොස් ගල් අත්ලෙහි හොත්තේය. බෝධිසත්වයන් වහන්සේ දහවල් ගොදුරු කා සවස් වේලෙහි දිවයිනෙහි සිටිසේක්ම පහණ බලා මේ පහණ දැන් උස්ව පෙණෙන්නේය. ඊට කාරණා කවරේදැයි සිතූසේක. උන්වහන්සේට වනාහි ජලප්‍රමාණයද, පාෂාණ ප්‍රමාණයද යහපත්ව වැටහී තිබෙන්නේය. ඒ කාරණයෙන් ඕහට මෙබඳු සිතෙක් වූයේය. අද මේ ගංගාවගේ ජලය අඩුවූයේත් නොවෙයි. වැඩිවුයේත් නැත. එසේ වුයේද මේ පහණ මහත්ව පෙණෙන්නේය. කිමෙක්ද මෙතැන්හි මා ගන්නා පිණිස කුම්භීලතෙම හුන්නේදැයි බෝධිසත්වයන් වහන්සේ පළමුකොට ඔහු පරීක්ෂා කරන්නෙම් සිතා එතැන්හිම සිට පහණ හා සමග කථාකරන්නාක්මෙන් පින්වත් පහණැයි කියා ප්‍රතිවචනයක් නොලබන සේක් තුන්වෙනිවර දක්වා පින්වත් පහණැයි කීසේක. එකල්හි පහණතෙම කවරහෙයකින් ප්‍රතිවචනයක් නොදන්නේයයි කියා නැවත ඕහට කියන්නාවූ වානර තෙම කිමෙක්ද පින්වත් පහණ අද මට ප්‍රතිවචන නොදෙන්නේයයි කී සේක. එකල්හි කුම්භිලතෙම සිතනුයේ ඒකාන්තයෙන් සෙසු දිනවල්හි මේ පහණ වානරේන්ද්‍රයාහට ප්‍රතිවචන දෙන්නේය. මෝහට දැන් ප්‍රතිවචන දෙන්නෙමි සිතා කිමෙක්ද පින්වත් වානරේන්ද්‍රයයි කීයේය, එවිට බෝධිසත්වයෝ තෝ කවරේහිදැයි විචාළසේක. මම කුම්භීලයෙකිමි කීයේය. කුමක් පිණිස මෙතැන්හි හොත්තෙහිදැයි විචාළ සේක. එවිට කිඹුල්වතෙම නුඹවහන්සේ්ගේ හෘදයමාංශය පතායයි කියේය. බෝධිසත්වයන් වහන්සේ සිතනසේක් මට යායුතු මගක් නැත්තේය. අද මා විසින් මේ කුම්භීලයා වඤා කට යුතු යයි සිතා ඉක්බිත්තෙන් ඕහට මෙසේ කීසේක. යහළු කුම්භීලය මම ආත්මභවය තොපට පරිත්‍යාග කරන්නෙම් තෝ මුඛය හයා මා තාගේ සමීපයට ආකල්හි ගණුවයි කීසේක. කිඹුලුන්ගේ වනාහි මුඛය විවෘත්වූ කල්හි ඇස් දෙක පියෙන්නේය. හෙතම ඒ කාරණය නොසලකා මුඛය විවෘත කෙළේය. ඉක්බිත්තෙන් ඔහුගේ ඇස්දෙක පිහිත වූයේය. හෙතම මුඛය විවෘතකොට ඇස්දෙක නිම්ලනය කොට හොත්තේය. බෝධිසත්වයන් වහන්සේ එලෙස වූබව දැන දිවයිනෙන් අසහසට පැන නැගී ගොස් කිඹුලාගේ මස්තකය ආක්‍රාන්ත කොට එතැනින් පැනනැගී විජ්ජුල්ලතාවක් මෙන් බබලමින් එතෙර සිටිසේක. කිඹුලා ඒ ආශ්චර්යය දැක මේ වානරේන්ද්‍රය මේ ලොකයෙහි චතුර්විධ කාරණයකින් සමන්විත වූ පුද්ගල තෙම පසමිතුරන් මැඩපවත්නේය. ඒ සියළු කාරණාවෝම තොපගේ අභ්‍යන්තරයෙහි ඇතැයි සිතමි කියා මෙසේ කීයේය. කෙසේද යත්?. වානරේන්ද්‍රය වාක්සත්‍යයද පරීක්ෂා ඥානයද අනෂට ධෛර්යයද නිස්සංගත්‍යාගයද යන මේ සතරගුණයෝ නුඹවහන්සේට මෙන් යමක්හට ඇද්ද, ඒ තෙම පසමිතුරා මැඩපවත්නේය. මෙසේ කුම්භීලතෙම බෝධිසත්වයන් වහන්සේට වදාරණසේක්. / සමාන කතා - 207. සුංසුමාර ජාතකය: එසමයෙහි එක් කිඹුල් දෙනක් බෝධිසත්ත්‍වයන් දැක බෝධිසත්ත්‍වයන්ගේ හෘදය මාංශය කන්ට දොළෙක් ඇතිව එපවත් තමාගේ කිඹුලාට කියන්නී “ස්වාමිපුත්‍රයාණෙනි, ඇත් සමාන බල ඇති වානර රජ්ජුරුවන්ගේ හෘදමාංශ කන්නට මට දොළක් උපනැ”යි කියන්නා ඊට කිඹුලා කියන්නේ “අපි ජලයෙහි වාසය කරන්නෝය, ඔහු වනාහි ගොඩ වාසය කරන්නේය, එසේ හෙයින් උන්ගේ හෘදය මාංශය ගෙණෙන්ට මට පිළිවන්දැ?”යි කීහ. එබස් අසා කිඹුල්දෙන කියන්නී “ස්වාමීනි, නුඹ දන්නා යම් උපායකින් හෘදමාංශය ගෙනෙන්න, නොගෙනාවොත් මාගේ ජිවිතය නොතිබෙ”යි කිව. එබස් අසා කිඹුලා “යහපතැ”යි කියා වදාරා වානර රජ්ජුරුවන් වසන ගස සමීපයට ගොස් “වානර රජ්ජුරුවෙනි, ඇයි තොප කසට ඵලාපල කා මෙතන ඉන්නේ බලාත් එගොඩ අඹ, දොඹ, දෙල්, බෙලි, කිතුල්, තල් ආදී වූ මිහිරි ඵලාපල ඇති වනයේ වාසය කළොත් නපුරුදැ?”යි විචාළාහ. එබස් අසා වානර රජ්ජුරුවෝ කියන්නාහු “කිඹුලානෙනි, දෙබිත්තියේ ගසා වතුර යෙමින් සිටියදී ගඟ මෙගොඩ සිට එගොඩට පැනපිය නොහැක්ක, කුමක් කෙරෙම්දැ? ”යි කීහ. එවිට කිඹුල් කියන්නේ “තොපගේ අභිප්‍රාය(කැමැත්ත) ඇත්නම් මාගේ පිට ඉඳවාගෙන ගොඩ ලා ගනිමි” කීය. එබස් වානර රජ්ජුරුවෝ අසා “යහපත පිට පෑලව”යි කීය. කිඹුලා පිටට පැන නැංගාහ. එවිට කිඹුල් වඳුරාණන් පිට හිඳුවා ගඟ මධ්‍යයට ගොස් දියෙහි ගිලෙන්නට වන. එවිට බෝධිසත්ත්‍වයෝ “මේ කිම්ද? සබඳ, මා ඇරගෙන දියෙහි ගිලෙව්නැ”යි කීහ. එබස් අසා කිඹුලා කියන්නේ “තොපට ඵලාපල දෙන්ට උන් එකෙක්ද? මාගේ කිඹුල්දෙන් තොපගේ හෘදමාංශ උවමැනවැයි මා හට කී සෙයින් තොප මරා හෘදමාංශ ගන්ට ගෙනාවෙමි” කීහ. එබස් අසා වානර රජ්ජුරුවෝ කියන්නාහු “එසේ සිතන්නේ යහපත වඳුරාන්ගේ හෘදය මාංශය ළෙයි තිබේ නම් ඒ ඒ තෙන පිණීමෙන් සුනුවිසුනු නොවේදැ?”යි කීය. එබස් අසා කිඹුල් “තොපගේ හෘදය මාංශය කොයි තිබේදැ?”යි කීය. බෝධිසත්ත්‍වයෝ එතනට ලං වූ විලීක්‍ෂිණ වූ දිඹුල් ගෙඩි ඇති ගසක් දැක “තෙල දිඹුල් ගසෙහි එල්ලෙන්නේ මාගේ හෘදය මාංශය”යි කීහ. එවිට කිඹුලා “එසේ වීනම් තොප නොමරමියි හෘදය මාංශය මට දෙව”යි කියා වඳුරා ගොඩලීය. වඳූරු ගසට නැගී “තාගේ ගොඩ තිබූ අඹ දඹයෙන් මට කිසි ප්‍රයෝජනයක් නැත, එම්බල අඥාන වූ කිඹුල, වඳුරන්ගේ අක්මාව ඔබ්බේ තිබේද? තා මහත් පමණ මිසක් තාගේ ළෙයි කිසිම නුවණෙක් නැත්තේ වේද? තා වඤ්චා කළ නියාව තෝ නොදන්නේය. එසේ හෙයින් තෝ තාගේ විමානයට පලා යව”යි කීහ. කිඹුල් දාසින් පැරදගිය එකෙකු සේ වික්‍ෂේපයට පැමිණ තමා ඉන්න වාසස්ථානයට ම ගියේයයි වදාරා ‘සුංසුමාර ජාතකය’ නිමවා වදාළසේක. / 057. වානරින්‍ද ජාතකය: යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහා බෝධිසත්වයන් වහන්සේ වඳුරු ජන්මයෙහි ඉපිද වැඩිවයසට පැමිණ අස්පැටවකු පමණ කායශක්තියෙන් යුක්තව එකවරම ගංගාතීරයෙක්හි වාසය කරණ සේක. ඒ ගංගාවගේ මැද අනේකප්‍රකාර වූ ආම්බ්‍රපනසාදී ඵල වෘක්ෂයෙන් යුක්ත වූ එක් දිවයිනක් වන්නේය. හස්තිබල හා සමාන කායශක්තියක් ඇති බෝධිසත්වයන් වහන්සේ ගංගාවගේ මෙතරින් පැනනැගී දිවයින මෙතර ගඟ මැද එක් අතලගලෙක් ඇත්තේය. එහි හෙන සේක. එතැනින් පැනනැගී ඒ දිවයිනෙහි හෙන සේක. එතැනදී අනේක ප්‍රාකාර ඵලයෙන් අනුභවකොට සවස ඒ උපායෙන්ම නැවත අවුත් තමා වසන තැන්හි විසීම කොට දෙවැනි දිනයෙහිද එලෙසම කරණ සේක. මෙම ක්‍රමයෙන් එතැන්හි වාසය කරණ සේක. එසමයෙහි වනාහී ප්‍රජාපතීන් සහිත වූ එක් කුම්භීලයෙක් ඒ ගංගාවෙහි විසීම කරන්නේය. ඔහුගේ භාර්යාව වූ කිඹුල් ධේනු තොමෝ ඔබිනොබ වඩනා වූ බෝධිසත්වයන් වහන්සේ දැක බෝධිසත්වයන් වහන්සේගේ හෘදයමාංශයෙහි දොළ උපදවා කිඹුලාට කියනුයේ ස්වාමීන් වහන්ස මට වනාහි මේ වානරෙන්ද්‍රයාගේ හෘදය මාංශයෙහි දොළෙක් උපන්නේය යි කීවාය. කුම්භීලතෙම යහපති පින්වන්ති ලබන්නෙහිය යි කියා අද සවස දිවයිනෙන් එන්නා වූ වානරේන්ද්‍රයා අල්වාගනිමි කියා ගොස් ගල් අත්ලෙහි හොත්තේය. බෝධිසත්වයන් වහන්සේ දහවල් ගොදුරු කා සවස් වේලෙහි දිවයිනෙහි සිටිසේක්ම පහණ බලා මේ පහණ දැන් උස්ව පෙණෙන්නේය. ඊට කාරණා කවරේදැයි සිතූසේක. උන්වහන්සේට වනාහි ජලප්‍රමාණයද, පාෂාණ ප්‍රමාණයද යහපත්ව වැටහී තිබෙන්නේය. ඒ කාරණයෙන් ඕහට මෙබඳු සිතෙක් වූයේය. අද මේ ගංගාවගේ ජලය අඩුවූයේත් නොවෙයි. වැඩිවුයේත් නැත. එසේ වුයේද මේ පහණ මහත්ව පෙණෙන්නේය. කිමෙක්ද මෙතැන්හි මා ගන්නා පිණිස කුම්භීලතෙම හුන්නේදැයි බෝධිසත්වයන් වහන්සේ පළමුකොට ඔහු පරීක්ෂා කරන්නෙම් සිතා එතැන්හිම සිට පහණ හා සමග කථාකරන්නාක්මෙන් පින්වත් පහණැයි කියා ප්‍රතිවචනයක් නොලබන සේක් තුන්වෙනිවර දක්වා පින්වත් පහණැයි කීසේක. එකල්හි පහණතෙම කවරහෙයකින් ප්‍රතිවචනයක් නොදන්නේයයි කියා නැවත ඕහට කියන්නාවූ වානර තෙම කිමෙක්ද පින්වත් පහණ අද මට ප්‍රතිවචන නොදෙන්නේයයි කී සේක. එකල්හි කුම්භිලතෙම සිතනුයේ ඒකාන්තයෙන් සෙසු දිනවල්හි මේ පහණ වානරේන්ද්‍රයාහට ප්‍රතිවචන දෙන්නේය. මෝහට දැන් ප්‍රතිවචන දෙන්නෙමි සිතා කිමෙක්ද පින්වත් වානරේන්ද්‍රයයි කීයේය, එවිට බෝධිසත්වයෝ තෝ කවරේහිදැයි විචාළසේක. මම කුම්භීලයෙකිමි කීයේය. කුමක් පිණිස මෙතැන්හි හොත්තෙහිදැයි විචාළ සේක. එවිට කිඹුල්වතෙම නුඹවහන්සේ්ගේ හෘදයමාංශය පතායයි කියේය. බෝධිසත්වයන් වහන්සේ සිතනසේක් මට යායුතු මගක් නැත්තේය. අද මා විසින් මේ කුම්භීලයා වඤා කට යුතු යයි සිතා ඉක්බිත්තෙන් ඕහට මෙසේ කීසේක. යහළු කුම්භීලය මම ආත්මභවය තොපට පරිත්‍යාග කරන්නෙම් තෝ මුඛය හයා මා තාගේ සමීපයට ආකල්හි ගණුවයි කීසේක. කිඹුලුන්ගේ වනාහි මුඛය විවෘත්වූ කල්හි ඇස් දෙක පියෙන්නේය. හෙතම ඒ කාරණය නොසලකා මුඛය විවෘත කෙළේය. ඉක්බිත්තෙන් ඔහුගේ ඇස්දෙක පිහිත වූයේය. හෙතම මුඛය විවෘතකොට ඇස්දෙක නිම්ලනය කොට හොත්තේය. බෝධිසත්වයන් වහන්සේ එලෙස වූබව දැන දිවයිනෙන් අසහසට පැන නැගී ගොස් කිඹුලාගේ මස්තකය ආක්‍රාන්ත කොට එතැනින් පැනනැගී විජ්ජුල්ලතාවක් මෙන් බබලමින් එතෙර සිටිසේක. කිඹුලා ඒ ආශ්චර්යය දැක මේ වානරේන්ද්‍රය මේ ලොකයෙහි චතුර්විධ කාරණයකින් සමන්විත වූ පුද්ගල තෙම පසමිතුරන් මැඩපවත්නේය. ඒ සියළු කාරණාවෝම තොපගේ අභ්‍යන්තරයෙහි ඇතැයි සිතමි කියා මෙසේ කීයේය. කෙසේද යත්?. වානරේන්ද්‍රය වාක්සත්‍යයද පරීක්ෂා ඥානයද අනෂට ධෛර්යයද නිස්සංගත්‍යාගයද යන මේ සතරගුණයෝ නුඹවහන්සේට මෙන් යමක්හට ඇද්ද, ඒ තෙම පසමිතුරා මැඩපවත්නේය. මෙසේ කුම්භීලතෙම බෝධිසත්වයන් වහන්සේට වදාරණසේක්.
  • වඳුරාගේ වලිගය වගේ, ඉහළ නගින්න නගින්න වඳුරාගේ වලිගය වඩාත් හොඳින් පෙනේ [පුද්ගලික] English: The higher the monkey climbs the more he shows his tail / the higher the ape climbs, the more he shows of his arse / Jamaican: Di More monkey climb Di more im backside expose
  • වඳුරාට කඩුව දුන්නා වගේ [විශ්වාස][කතා][උපමා] - මැස්සෙකු වැසූ විට කඩුවෙන් මැස්සාටා කෙටීම - කතාව බලන්න, ගුණරත්න 2010 B පිට 64 (5)
  • වඳුරෝ වල් කෙටුවේ කවදා ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - When did monkeys clear jungles? (22)
  • වපුරන විදියටයි පල ලැබෙන්නේ [උපදේශ][ප්‍රපංච][වාර්තා] - As you sow, so shall you reap (22) – සමාන: බිජුවට අනුවයි පල ලැබෙන්නේ - English: As you sow, so you shall reap. Your actions – good or bad – determine what you get. Example: You’ve got entangled in few cases of fraud. That’s a result of your illegal get-rich-quick methods. You should have known as you sow, so you shall reap (32)
  • වමට සිග්නල් දමා දකුණට හැරවීම [විශ්වාස][කතා][උපමා] - යාලේ අලියකු එළවන් එන විට රුසියානුවා වාහානය එළවීමට ගත්තත් අලියා ලංවෙනවා, ඇමරිකන් කාරයාටත් බැරි වුනා. ලංකාවේ කෙනා අරගත්තා. ටී හන්දියක දී අලියා එක පාරටම වාහනය යන පැත්තට නොව අනික් පැත්තට දුවන්න පටන් ගත්තා. බේරුනේ කොහොමද කියලා අහපුවම "මම වමට සිග්නල් දාලා දකුණට කැපුවා. ඕක ලංකාවේ සාමාන්‍ය දෙයක් කීවා"
  • වමාරා කනවා [වාග්ව්‍යවහාර] - වරක් කී දෙය ඉල්ලා අස් කර ගන්නවා - English: Eat one’s word (15)
  • වරකා පලුවට මිනී මැරුවා වගේ [විශ්වාස][කතා][උපමා] - විජේතුංග 2013 පිට 45 (17)
  • වරක් විඳි දුක් හිරමනේ දනී [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The coconut scraper will know the sorrows of its owner had to bear (22) / The coconut-scraper will know (its owner’s) former sorrows (21)
  • වරද්ද වරද්ද අහන බණට වඩා නොවරද්දා නින්ද හොඳ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It is better to sleep well, than hear Bana which is imperfectly understood (22) / Uninterrupted sleep is better than interrupted “Bana “hearing (21) - Bana is the Buddhist scripture, a discourse on which should be listened to attentively and with devotion (21)
  • වරුවක් හාන ගොනාගේ වම දකුණ මොකට ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Why inquire about the right and left of a bull that ploughs only half a day? (22) / Why worry about the right and left of a bull that ploughs only half a day? (21) - The laggard deserves no special consideration (21)
  • වර්ගයක් නහන්න එකෙක් ඇති [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - One individual can ruin a whole community (21)
  • වලසාගේ මරණය බැටළු පැටවගේ සරණය [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The death of the bear, is the safety of the lamb (22) / The bear’s death is the lamb’s salvation (21)
  • වලහට ඉස්සර කොටියා පැන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the tiger jumping before the bear (21)
  • වල් ඌරො කැකුණ තලන කොට හබන් කුකුළන්ට මඟුල් ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The smashing of Kekuna (Aleurites moluccanus / Candlenut) fruits by wild boars is a feast to wood cocks (22) / When wild-boars start smashing “Kekuna” fruits, it is feast time for “haban-kukulo.” - The Kekuna (Canarium Zeylanicum, Tamil: Pakkilipal) is a tree peculiar to Ceylon. The haban (saban)-kukula is the Ceylon spurfowl (Galloperdix bicalcarata), which relishes the kekuna fruit more than perhaps any other. An oil extracted from the kernel of this tree is used by poorer classes of the Sinhalese as lamp oil and is occasionally used in the preparation of medicinal oils.]
  • වල්ගේ තමයි ලෙඩේ කිව්ව ලු / ලෙඩෙයි කියන්නෙත් වලිගෙ තමයි [විශ්වාස][කතා][වාර්තා] - The tail is the illness - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 37 (11) - Four cattle thieves had killed a bull in the jungle and delayed over the division of the spoil. Dawn broke before they could get through the village unnoticed. They, therefore, made a rough sort of palanquin, and, covering it up with their outer clothes and placing within their shares of the meat, bore it along on their shoulders through the village, as if they were taking a patient to the Vedarala. An early riser, squatting on his doorstep, accosted the four men. “Whither bound, friends, so early in the morning?” he asked and was told that they were taking a sick man to the doctor. Peering at the body of the palanquin, the inquisitive villager saw a tail protruding from the cloth, and he asked, “What is it that I See hanging up there? Isn’t that a tail, my friends?” he inquired and was met with the prompt reply, “It is. The tail is the illness, you fool,” and the party passed safely through the danger zone (21)
  • වවුලාගේ ගෙට ආ වවුලත් එල්ලී සිටින්න ඕනෑ ලු / වවුලගෙ මඟුලට ආවොත් කවුරු වුනත් එල්ලිලා ඉන්න ඕනෑ / වවුලාගේ මඟුලට ගියා නම් එල්ලිලා ඉන්න වෙනවා (22) (14) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The bat that has come to the house of another bat, must remain suspended (22) / The bat visiting another bat’s abode must also remain suspended (21) / All who come to Bat’s wedding must hang upside down - සමාන: දේසේ හැටියට බාසේ - English: When in Rome, do as the Romans do. When visiting a foreign land, follow the customs of local people. Example: I don’t love cotton candy, but we are at a carnival. When in Rome, do as the Romans do, right? (32)
  • වසන් කාසි දෙනවා [වාග්ව්‍යවහාර] - යමක් සඟවා තැබීමට අල්ලස් දීම - English: Hush money (15) - Money paid to someone to prevent them from disclosing embarrassing or discreditable information - "he used it as hush money for his mistress"
  • වහලේ දිවියා ඇඬුවත් පට්ටියේ ගවයන් නැති නම් බය වෙන්නේ මොකට ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Though the tiger roars on the roof, there is no fear if you have no cattle in the fold (22) / If there’s no cattle in the fold, why worry about the tiger roaring on the roof? (21)
  • වහෙන් ඔරෝ කිව්වත් ඔහෙන් වරෝ කිව්වත් එකයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] වහෙන් ඔරෝ කියනවා (14) - සමාන: එකක් දොළහයි, අනික දුසිමයි / ලහත් තිඹයි තිඹත් ලහයි - - වහෙන් ඔරෝ = ඔහෙන් වරෝ - යමක් කෙළින් නොකියා වක්‍රව කියනවා - English: Make an innuendo / English: Six of one and half a dozen of the other - The alternatives are the same: “I can take the bus or the subway to get home; during rush hour, it's six of one, half a dozen of the other.” The phrase, which is sometimes inverted as “half a dozen of one, six of the other,” is merely two ways of expressing the number six.
  • වළ පයයි ගොඩ පයයි [වාග්ව්‍යවහාර] - English: One foot in the grave / Lie at death’s door (15)

වා[සංස්කරණය]

  • වාතයට නහයක් නැහැ ලු (53) [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • වාදෙ වැඩි වුනොත් කුඩ මිටි හරවා ගන්න වේවී ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Too much argument leads to brandishing umbrella-handles (21) - From argument to fisticuffs, from words to blows. But conditions today are different, and an umbrella is no longer regarded as a necessary mark of respectability and this saying has lost its point today (21)
  • වානේ දත් ඇත්නම් යකඩ පොල්ලත් කෑ හැකි ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - If one has teeth of steel, he could eat iron cocoanuts (22) / You can eat even iron coconuts if you have teeth of steel (21)
  • වාලා වගේ හම්බ කරපන්, රාළ වගේ කාපන් [උපදේශ][ප්‍රපංච][විධාන] - Work like a slave and eat like a Lord (21)
  • වාලා වෙලා උපදිනවා හොඳ ලු, බාලයා වෙලා උපදිනවා නරක ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It is better to be born a slave, than to be the youngest in a family (22) / Better to be born a slave than the youngest, in a family (21)
  • වාසනාව තියෙන දවසේ දී නූල් පටිනුත් මාලු අල්ලන්න පුළුවනි ලු, වාසනාව නැති දවසේ මාලු යකඩ දම්ලුවැත් කඩනව ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - On a lucky day you can catch fish with twine, but on an unlucky day the fish will break even chains of iron (21)
  • වාසි අතට හෝයියා කිව්වා වගේ / කියන වවුලා වගේ [විශ්වාස][කතා][උපමා] දිනුම් පිළට හෝයියා - Hurrah for the winning side (21) - සත්තු සහ කුරුල්ලෝ අතර සටනක් ඇති වුන වෙලේ ක්ෂීරපායි සත්තු දිනන කොට වවුලා කියන වලු තමන් ක්ෂීරපායි සතෙක් කියලා, කුරුල්ලෝ දිනන කොට කියනව ලු පියාඹන්න පුළුවන් නිසා තමන් කුරුල්ලෙක් බව - රැපියෙල් තෙන්නකෝන් 'වවුලුව' - - English: To know which side your bread is buttered on. Be aware of where one’s best interests lie. Example: I know which side my bread is buttered on. So, I was very nice to the recruiter and promptly sent her a thank you card after our interview (32)

වැ[සංස්කරණය]

  • වැට උඩ ඉන්නවා (14) [වාග්ව්‍යවහාර] - දෙපැත්තෙන් එක පැත්තක් නොගෙන ඉන්නවා - කරම්දෝ නොකරම්දෝ කියා අවිනිශ්චිතව සිටිනවා - Sit on the fence
  • වැට නැති වත්තට හරක් එන එක අරුමයක් ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Is it any wonder that cows come into the garden that has no fence (22)
  • වැටකෙයියා ගෙඩිය උඩ තිබුනත් බිම තිබුනත් දෙකම එක ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It is all the same whether the screw pine is on the tree or on the ground (22) - The screw-pine is the Sinhala Vetakeyiya (Pandanus fascicularis or Pandanus odoratissimus). It is also known as the Mudukeyiya (21) - ප්‍රත්‍යය ශතකය "සුගන්ධං කේතකී පුෂ්පං කණ්ටකෛඃ පරිවේෂ්ඨිතම් - දුෂ්ටාමාත්‍යා යථා රාජා කණ්ටකෛඃ පරිවේෂ්ඨිතං" මිහිරි සුවඳ වහනය කරන්නා වූ කේතකී පුෂ්පයෝ කටු සමූහයෙන් ගැවසීමෙන් නෙළාගත නොහැකිව නිෂ්ප්‍රයෝජන වේ ද, එමෙන්ම දුෂ්ට අමාත්‍යයන් විසින් පිරිවරන ලද රජු ද, ලෝකයාට නිෂ්ප්‍රයෝජන වන්නේ ය.
  • වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - If both the fence and the dam eat up the crop to whom shall the owner complain (22) - That is, its protection has proved its destruction. Note the Tamil saying, “The thief is found to be the gardener” (21)
  • වැටෙන්න යද්දී තල්ලු කළා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like pushing off one who was about to fall (22) / Like pushing down one about to fall (21)
  • වැඩ දෙන ස්වාමියා සැප දෙන මිත්‍රයා [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A master who gives work, is the friend who gives happiness (22)
  • වැඩි පද ගහන්නේ තොවිලේ කැත වෙන්නයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Too much tom-toming means that the “tovila “is going to be spoilt - Tovila is the devil-dancing ceremony (21)
  • වැඩි සෙනේ දබරෙටයි, තද සුළං වැස්සටයි / වැඩි සෙනේ දබරෙට ලු (14) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Overmuch affection means a quarrel, a strong wind means rain (21) - පමණට වැඩි යාලු කම හෝ ආදරයඉක්මනින් තරහා වීම‍ට හේතු වෙනවා - Familiarity breeds contempt (22)
  • වැඩ්ඩා වැඩිල්ලක් සිවුර කරේ කිව්ව වගේ [විශ්වාස][කතා][වාර්තා] - කතාව බලන්න විජේතුංග 2013 පිට 218 (17) - විධිමත් බසින් සමහර දේ කීමට අපහසු බව (?)
  • වැදි බණ [වාග්ව්‍යවහාර] වැද්දන් කියන බණ වගේ - වැරදි කරන්නන් අන් අයට අවවාද දීම (52) / - තමන් සතුන් මරමින් අනුන්ට ඉන් මිදෙන්න යැයි අවවාද කිරීම (41) – English: Practice what you preach. Behave in the way that you encourage other people to behave in. Example: You keep telling us to go for a jog in the morning, but I wish you would practice what you preach (32)
  • වැදි ලියෝ ගජ මුතු අතහැර ඔළිඳ වලින් මාල තනන්නාක් මෙන් [විශ්වාස][සාහිත්‍ය][උපමා] - සුභාෂිතය "මනහර ගජ කුඹින් මුතු දිමුතු මුතුහැර - උරසර සන උණිද බිජුවෙන් වැනි සබර"
  • වැදූවන් ඉදිරියේ කොළොම්බු (කොළොඹුව = block of wood) ලන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like placing blocks of wood before mothers (who have borne children) (21) (?)
  • වැද්දා සිතුවොත් ගොරකා දඩ මස් කළ හැකි ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The Vedda, if he chooses, can turn Gamboge into meat (22) උපායශීලී බව හා කුසලතා ඇති අයට යමක් නිර්මාණය කල හැකිබව (41)
  • වැද්දෝ ගෙවල් තැනීමට කතා කරන්නා වගේ / වැද්දෝ ගෙවල් හදනවා වගේ / වඳුරෝ ගෙවල් හදනවා වගේ [උපදේශ][කතා][උපමා] - Like Vedddas speaking of building houses - When Veddas / Monkeys meet each other on a rainy day, they say "let us build a house, you had better bring one bundle of sticks, I will also bring one” (22) - That is, something which is never likely to eventuate (21) – During the dry weather they just ignore it and building houses remembers when the next rainy season starts. සමාන: ආඬි මඩමක් හැදුවා වගේ
  • වැල යන අතටයි මැස්ස ගහන්න / බඳින්න ඕනේ / වැල යන අතට මැස්ස දමන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][විධාන] - Like placing the “messa” in the direction in which the creeper goes - Messa is a small erection or support made of sticks (21) - කිසිවක් වෙනස් කරන්නට නොගොස් කෙරෙන හැටියකට කෙරෙන්න හැරීම (41) - English: You should know which way the wind is blowing. Anticipate how a certain plan or situation will likely unfold. Example: I think I’ll See which way the wind is blowing before I vote at the board meeting. (32) (?)
  • වැල වහල්ලෙන් කෝඳුරුවෙක් ඉගිලුනා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like a solitary eye fly that flies away from the core of a mellow jackfruit (22) - The core of mellow jackfruit is proverbial as being the resort of countless hosts of eye-flies (22) / The one which flew away was one out of ten thousand or more (21)
  • වැලි මිරිකලා තෙල් ගන්න හදනවා වගේ / වැලි මිරිකා තෙල් ගැනීමට තැත් කරන්නාක් වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like attempting to extract oil from sand (22) / Like trying to extract oil from squeezing sand (21) - පලක් නොමැති දේකට වෑයම් කිරීම (41) / කළ නොහැකි ක්‍රියාවක් ගැන බලාපොරොත්තු තබා ගැනීම හෝ කිරීම - සුභාෂිතය "ලබන පිණිස තෙල් ලොබ වඩවමිනි සිත - මඬින වැන්න වැලි මලු ලමිනි තෙලියත" - සෙක්කුවේ හෝ තෙල් සිඳින යන්ත්‍රයේ වැලි දමා තෙල් ලබා ගන්නට උත්සහා කරන්නාක් වගේ English: To plough the sands (15) - To engage in doing something futile and useless, without a fulfilling purpose
  • වැලේ පල ගත් ගෙඩිය වැලට බර නැහැ ලු / වැලේ ගෙඩි වැලට බර නැහැ ලු [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - The fruit on a creeper is no burden to it (22) / Its own fruit is not a burden to the creeper (21)
  • වැල්ලේ ඇඳපු ඉරක් වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා]
  • වැවේ කැඩීමත් ගෙදරක ඉන්න කනවැන්දුම් ගෑණිත් දෙකම එක ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A breach in a tank and a widow in a house are alike (21)
  • වැවේ වපුරලා කුරුල්ලන්ට වැට බඳිනවා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - ලෝකෝපකාරය "බීජ වපුරා වැවේ - සියොතුන්ට වැට බැඳ ඉඳින මෙන්"
  • වැස්සෙන් මිස පින්නෙන් වැව් නොපිරේ ලු / පිනි දියෙන් ළිඳක් පුරවන්න බැහැ (53) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It is rain that fills up streams and not dew (22) / Tanks are filled by rain, not dew (21)

වෑ[සංස්කරණය]

  • වෑ පස්සෙත් හිර පස්සෙත් හිටින්නට නරක ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It is bad to remain behind adzes as well as wives (21) / Subjection to petticoat government is as bad as standing behind an adze (22)
  • වෑවරයත් කාලා අම්මා අරන් ගියා වගේ [විශ්වාස][කතා][උපමා] - Like eating my young coconuts and even running away with my mother to the bargain - This remark to illustrate gross abuse of hospitality was uttered by a man. of whom permission was asked by a stranger to break a young coconut in order to assuage his hunger and thirst. The permission was granted. The stranger ate and drank his fill and then persuaded the other’s mother, who happened to be in the garden at the moment, to run away with him (21)

වි[සංස්කරණය]

  • විදුලිය එලිය දැක කනහුල දියේ දැම්මා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - "අඳුර කරුවලේ පඳුරට මුවා වෙලා - විදුලිය එලිය දැක කනහුල දියේ හලා - අනුන් ලියන් දැක තම ලියට තල තලා - දුවන මුවන් දැක නොමදන් නෙලූ පලා" / "මදුලිය වැලක මදු පල ගෙන මලින් දමා - එ මදු කකා එන මුවදෙනගෙ අන්දමා - අන්ලිය තකා තමලිය උරණකින් දමා - විදුලිය එලිය දැක අතනාරු පන්දමා"
  • විදුළිය එළියේ දකින නැටුම් වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - අකුණු ගසන කොට පමණක් මොහොතකට පෙනී නොපෙනී යන - ලෝවැඩ සඟරාව "දකින නැටුම් වැනි විදුලිය එළියේ"
  • විද්දේ පඳුරට වැදුනේ හාවට [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Shot at the bush, but struck the hare (21) - අහම්බෙන් සිදු වූ වාසනාව - Lucky shot
  • විද්දේ හාවාටයි වන්නේ පඳුරටයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - / Shot at the hare, but hit the bush (22) - යමකින් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබීම (49)
  • විනාසෙට පළමුවෙන් උඩඟු කමයි [ආප්තෝපදේශ] - Pride goes before destruction (21)
  • වින්ද දුකට තම්බ පුතේ කීවා වගේ [විශ්වාස][කතා][උපමා] - Like the man who said “Now, boil, for all the sorrows we have endured, my child” (21) - වාරකන් කාලේ මාළු නැතිව කකා ඉඳලා හරාව කාලේ වැල්ලට මාළු ගෙනත් දුවට මෙහෙම කිව්වාලු - When the period of the South-west monsoon was over during which they had been reduced to living on vegetables for curry and the fishing season had again begun, the man went down to the seashore, got a bag full of fish, and, bringing it home, handed it to his young daughter with the above remark (21)
  • විල් මැඩියා නෙළුමේ අගය නොදන්නා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - තමන් කිට්ටුව ඉන්න වටිනා අයගේ අගය අනුවණයාට නොදැනීම, සහ එය ඈතින් ඉන්නා නුවනැත්තාට දැනීම -"සිරිකත වෙසෙනා සිරි රැඳි පියුමේ - විල මැඩි නොදනිති සුවඳෙහි අරුමේ - රොන් ගෙන යන එක බිඟු කැළ උරුමේ - ළඟ ඇති දේ මිල නොදැනෙන කරුමේ" - සුභාෂිතය "තුළ සිය දිවි පුරුදු වී විසුවද නොමඳ - දුල ගුණ සුදනන්ගෙ නොදනිති දනෝ දද - විල වැඩි මැඬිහු නොදනිති පියුමෙහි සුවඳ - වල බිඟු එ මුවරඳ ගෙන මත් ව දෙති නද" - ප්‍රත්‍යය ශතකය "තටාකේ වසති මණ්ඩුකෝ පද්ම ගන්ධං න ජායතේ - ඒවං දුර්ජන සංසර්ගඃ සම්මුඛං කිං කරිශ්‍යතේ" වැව් පොකුණු වල වාසය කරන මැඩියන් එහි හැදෙන නෙළුම්වල සුවඳ නොදැනෙන්නාක් මෙන් දුර්ජනයෝ සුදනන් සමග විසුවත් සජ්ජන ගතිය නොදනී
  • විශ්වාස කරන්න පුළුවන් බඩේ ඉන්න දෙමළත්, බිත්තියෙ ඉන්න දෙමළත්, පෙට්ටියෙ ඉන්න දෙමළත් විතරයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - බිත්තියේ ඉන්න හෙවත් රාමු කරපු පින්තූරෙක ඉන්න කෙනා, පෙට්ටියේ ඉන්න හෙවත් මැරිච්ච කෙනා, සහ බඩේ ඉන්න හෙවත් ඉපදිලා නැති [මුස්ලිම් හෝ] ද්‍රවිඩ ජාතිකයින් හැර ජීවත්වෙලා ඉන්න කිසිම [මුස්ලිම් හෝ] හෝ දෙමළ ජාතිකයෙක් විශ්වාස කරන්න බැහැ කියන සිංහලයා තුළ තියන විශ්වාසය.
  • විෂ්ණු දෙවියොත් බටකොළ කෑවා වගේ [විශ්වාස][කතා][උපමා] - බලවත් පුද්ගලයන්ට පවා නරක අවස්ථා උදා වන බව (37)
  • විස ඝෝර ගල මිණ, වෙයි රජ කිරුළු මත මිණ [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - සුභාෂිතය "විසුවත් දුදන සහ සුදනන් රැගෙන සරු - නැණවත් රජතුමෝ ඔවුනට දෙති ඉසුරු - විසයුත් ගොර උරග කට රැඳී මිණි මහරු - සලසත් රුවන් කිරුළග රුවනට සොඳුරු"
  • විසෙන් විස නැසේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - යම් විසක් ශරීරගත වූ විට එම විෂ ශරීරයෙන් ඉවත් කිරීමට හැකි වන්නේ එවැනිම වූ විසක් මගිනි (51)

වී[සංස්කරණය]

  • වී ඇටේ ඇතුළේ හාල් ඇටේ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - අඹු සැමියන් අතර සාමය නැති කරලීමට සමත් සිද්ධියක් - විජේතුංග 2013 පිට 47 (17)
  • වී පැදුරට කුකුළා එන්නා සේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - යම් පුද්ගලයෙකු නිතර නිතර තැනකට පැමිණීම (39) - නොයා බැරි තැනටම, පහස නොවිඳ බැරි තැනටම යමකට හෝ යමෙකුට ආකර්ෂණය වීම
  • වී පැදුරට වහ වැටිච්ච මොනර කිකිළී වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - නොයා බැරි තැනටම, පහස නොවිඳ බැරි තැනටම යමකට හෝ යමෙකුට ආකර්ෂණය වීම
  • වී පැදුරෙන් ඉගිළ යන කුරුල්ලෙක් වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - විශේෂයෙන්ම රජ රට වියළි කළාපයේ හෝ ඕනෑම ගමක වී පැදුරක් අව්වේ දැම්මහම ඒක කන්න එන කුරුල්ලන් කියන සවහාවික සංසිද්ධියක් (Phenomenon). කුරුල්ලෝ වී පදුරට ඇවිල්ලා ඇති වෙන්න වී කාලා බඩ පිරුනහම ඉගිළිලා යන සංසිද්ධිය තමයි ඒ. මෙම ස්වභාවික සංසිද්ධිය මත ජන විඥානය තුළ ගොඩ නැගුණු සංකල්පයක්වන (concept) ‘වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙක් වගේ’ යන ජනවහර හෝ උපමාව. [මහින්ද දිසානායක - “වී පැදුරෙන්” ගීතය] අන්තරජාලයේ මේ කියන සංකල්පය බොහොම අමාරුවෙන් තැන් දෙකකින් හොයා ගත්තා. පළමු වැනි සඳහන නම් “වී පැදුරට වහ වැටිච්ච මොනර කිකිළී වගේ” කියන උපමාව. එතැනත් වහ වැටිලා පැණි හැලියේ වැටුණු ඇඹලයා වගේ කියන සංකල්පය හෙවත් වී පැදුරෙන් ඉගිලී යන සංකල්පයේ මුල් කොටස පැහැදිලිව පෙන්වා. නමුත් බඩ පිරුනහම ඉගිලී යනවා කියන පසු කොටස ගැන සඳහනක් නෑ. දෙවැන්න නම් වී පැදුරෙන් ඉගිළ යන කුරුල්ලෙක් විස්තරේට සමානයි. [උපුටා ගැනීම] “සර් කිවුවේ...වී පැදුරට කුරුල්ලෙක් ආවම ඌ නිකන්ම ඉගිලිලා යන්නේ නෑ. යන්නේ කොහොම හරි කන්න ඕන ඔක්කොම කාලා ඔක්කාරෙටත් ආවට පස්සේ. කවුරු හරි ඌව එලෙව්වොත්, ඌ ඒ වෙලාවට දුරස් වෙලා, ආයෙත් එනවා ඒ රස හොයා ගෙන. කොහොම හරි බඩ පිරෙන කන් කාල ආයෙත් ඒ පැත්තටවත් එන්නේ නැතිව ඉගිළිලා යනවා. ඒ ගැන මතකයක්වත් උට නෑ. එත් මේ ගී පද රචකයා කියනව මටනම් ඔයාට එහෙම කරන්න බෑ කියල - සුබ්බී”. http://subona.blogspot.com.au/2014/11/blog-post_7.html. මට හිතුණේ මේක ආර්ථික විද්‍යාවේ එන ආන්තික උපයෝගිතා න්‍යාය වගේ කියලා (Marginal Utility). මේ කියන සංකල්පය, සවාභාවික සංසිද්ධියේ යතාර්ථය මතම ගොඩ නැගුනක් නොවන බව ඇත්ත. ඇයි වී පදුරට එන්නේ පිරිමි කුරුල්ලෝ විතරද? මට හමුවුණු ත්‍රී වීලර් අයියා කෙනෙක් වී පැදුරෙන් ඉගිලී යන සංකල්පය ඉදිරිපත් කළේ මෙහෙමයි. කතාවේ සන්ධර්භය තමයි ත්‍රී වීලර් එකක යන ගමන් මම රියදුරා සමග කතාවට වැටුණා. ඔහුත් අරාබියේ සේවය කර තිබුණු කෙනෙක්. ඔහු කී දෙය සත්‍ය නොවන අවිධිමත් සාමාන්‍යකරණයක් (hasty generalisation) විදියට පමණක් සලකන්න පුළුවන්. ඔහු කීවේ ඒ රටේ මුස්ලිම් පිරිමි තමන්ගේ බිරින්දෑ වරුන් ළඟට ශාරීරික පහස පතා එන්නේ තමනගේ ‘බඩ පුරවා ගන්න’ විතරයි කියන එක. ඒ කිවුවේ තම අවශ්‍යතාවය ඉටු වුන විගසම තම බිරිඳ හෝ සහකාරියගේ අවශ්‍යතාවය ඉටු වුනාද? ඇයගේ වෙනත් අවශ්‍යතාවයන් අත්ද? ඇයගේ ‘බඩ පිරුණා ද’ ආදී කිසිවක් නොසොයා වහාම ඉගිල්ලී යන බව.
  • වී පැලපත දුටුවාම අමු පැලපත ඉගිල්ලුවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like rooting out Amu-plants on Seeing paddy plants (22) – Amu is a kind of inferior paddy (21)
  • වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - තමන් ගේ දුර්වලතා වැරදි තියාගෙන අනික් අයගේ වැරදි විවේචනය කලොත් ඔවුන් ආපස්සට ඒ දෙය කිරීමට ඉඩ ඇති බව මතක තබා ගත යුතුය තමන් අන්තරාදායක ස්ථානයක සිට සෙස්සන්ට අභියෝග කිරීම (41)- English: People who live in glass houses shouldn’t throw stones at others. People who have faults should not criticize other people for having the same faults. Example: The main political party in the opposition has blamed the ruling party for giving tickets to people with a dubious background in the upcoming elections. But the big question is: are they themselves clean on this count? People who live in glass houses shouldn’t throw stones at others (32)
  • වී මලු නවය ඇති මිනිහා, එක ඇති මිනිහාගෙන් ඒකත් ඉල්ලුවාලු The man who had nine bags of paddy, asked the man who had one, to give it also to him, to complete the ten (53).
  • වීර්යය හා සමාන උදව්කාර මිත්‍රයෙක් නැති ලු [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - There is no helping friend like courage (22)

වෙ[සංස්කරණය]

  • වෙනින් පදයක් ගහනවා (14) [වාග්ව්‍යවහාර] - මුලින් කී දේ පසුව වෙනස් කිරීම - Sing a different song
  • වෙල්ල වැහුම් කාපු කතාව වගේ [විශ්වාස][කතා][උපමා] - කතාව බලන්න, ගුණරත්න 2010 B පිට 75 (5) – Message relay – How an original message get distorted on the way
  • වෙහෙර ගිලපු එවුන්ට අග්ගලා කජ්ජක්ද? (45) / වෙහෙර ගිලපු එකාට පිළිමේ අග්ගලාවක් ලු (21) [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - An image is like a sweetmeat to the man who has swallowed a “Vihara.” - A variant is “An image is like an aagalava to the Devil who has gulped down a Buddhist priest.” A Vihara is, a Buddhist temple (21) – Synonymous: ගනේ ගිල්ල යකාට පිළිමේ අග්ගලාවක් වගේ ලු

වේ[සංස්කරණය]

  • වේලිච්ච ගෙඩිය ගහේ තියෙද්දී අමු ගෙඩිය වැටුනා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the dropping down of the unripe fruit while the dried fruit was on the tree (22) / Like the fall of the unripe fruit while the dried one remains on the tree - The death of an infant, for instance (21)

[සංස්කරණය]

  • සකස්කඩ නොකී කට උගේ කට හුඹස්කට [ආප්තෝපදේශ] - නිවැරදිව වචන උච්චාරණය කිරීම සදහා සකස්කඩ කියවිය යුතු බව (41) සහ එසේ නොකළ පුද්ගලයකුගෙන් පලක් නැති බව
  • සක් සුදක් සේ පැහැදිලියි (14) [වාග්ව්‍යවහාර] - ඉතා පැහැදිලියි - සමාන: අතැඹුලක් සේ පැහැදිලියි - Clear as crystal, Clear as day
  • සක්කරයා හා රූපේ අඳින්න ඉරට නොගිහින් සඳට ගියා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - යමක් සඳහා යෝග්‍ය කෙනා හෝ දෙය තෝරා ගැනීමේ දී එයට යෝග්‍ය ලක්ෂණ මිස වඩා බලවත් බව සාධකයක් නොවන බව - ලෝකෝපකාරය "යමකු යම් තැනකට - පමුණුවනු ගුණ දැනයි නියවත් - සුරිඳු දිනිඳා හැර - තරිඳු මැද සසැඳියා විලසින්"
  • සක්කිලි පඩි ගත්තා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා]
  • සඟුන්ගේ බස් හීරළුවන්ට දැනේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Ex-Buddhist priests understand the words of Buddhist priests (22) / The language used by the “Sangha “is easily understood by ex-priests [de robbed Buddhist monks] - \ Sangha means Buddhist priesthood (21)
  • සතර මහා නිධානෙ (ලැබුනා) වගේ [වාග්ව්‍යවහාර][උපමා] – සතර·මහ·නිධාන = The four great treasures or treasure mines supposed to be possessed by a Chakravarthi King (an Emperor) at achieving universal Sovereign. චක්‍රවර්‍තති රජ - English: Tom Tiddler's ground - A children's game in which a player (dubbed "Tom Tiddler") must catch other players who try to invade or cross into their area to "steal" their "gold." - By extension, an area or situation in which one may make significant profits but is or might be at risk or in danger.
  • සත්තිය තමා යුක්තිය [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • සත්පුරුෂයා යන පාරේ බොහෝ දෙනාට ඉඩ ලු, අසත්පුරුෂයා යන පාරේ ඔහුටත් ඉඩ මදි ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Many can travel on the road a virtuous man takes, but in the road a wicked man takes there is scarcely room for himself (22) / The virtuous man’s road has room for many others, the wicked man’s none even for himself (21)
  • සඳ නගින කොට පිපෙන කොඳ දැකලා නෙලුම් පර වෙනවා ලු / “සඳ දැක පිපි කුමුදු - විලි වැද යති තඹුරු” [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - ලෝකෝපකාරය "තම හට නො සරිවන - සත සබා මැද ඉඳුව කරබා - සඳ දැක කොඳ පුබුදු - වනු දැක පියුම් හැකිළෙන මෙන්"
  • සඳ නිසසළය, පිළිබිඹුව සසළය [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - ලෝකෝපකාරය "සසල ගුණ නො හරිත් - දියෙහි පිළිබිඹු පෙනෙන සදමෙන්"
  • සඳට වෛර වූ හොරුන්ට අඳුර පිහිට වූ මෙනි [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the darkness which helps thieves while it hates the Moon (22) / Like darkness, out of enmity to the moon, becoming helpful to the thieves (21)
  • සඳුන් ගසෙත් ඇත උරුලෑවෝ / සඳුන් වනෙත් ඇත උරුලෑවෝ / ඇති ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even in a sandalwood forest civet-cats could be found (22) / You find civet-cats even in a sandal-wood forest - A malodorous animal in a fragrant spot (21)
  • සඳුන් ගහ තමන් නසන පොරවත් සුවඳ කරනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - ලෝකෝපකාරය "නසතත් දුදනයන් - උන්ට ම වැඩ සලසත් සුදනෝ - සඳුන් තුර සිඳිනා - පොරොව මුව අත සුවඳ වන මෙන්"
  • සඳුන් ගහ මඩින්න මඩින්න සුවඳයි [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - යහපත් කෙනා තමන්ට එන විරුද්ධතා වලින් තව තවත් ප්‍රසිද්ධ වේ - සුභාෂිතය "අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ - අනත වෙහෙස ලදුවත් නොම වෙති දුහද - දිගත පතළ සුවදැති සොඳ සඳුන් කඳ - සිඳිත මඬිත එක ලෙස පැතිරෙයි සුවඳ" - ප්‍රත්‍යය ශතකය "චන්දනං දධි තාම්බූලං කර්පාසං විභ්රිමේවච - ඉක්ෂු දණ්ඩං තිලං මුර්ඛං මර්දනං ගුණ වර්ධනම්" සඳුන්, දී කිරි බුලත්, කපු, වී, උක් දඬු, තල, ආදී සියල්ලම තැලීමෙන් සහ මැඩීමෙන් යහපත් ගුණ වර්ධනය වන්නාක් සේම අඥාන සත්වයා ද මර්ධනය කිරීමෙන් ගුණ වර්ධනය වේ
  • සඳුන් ගහ වැදි ලියෝ දර වලට ගන්නවා ලු [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - යම් දෙයක් සුලභව තිබීම නිසා එහි අගයක් නොදැනීම, වැදගතෙකුට හෝ යහපත් පුද්ගලයකුට දිනපතා ඇසුරු කිරීම නිසා ඇයගේ / ඔහුගේ අගයක් නොදැනීම - සුභාෂිතය "සසොබන මහතුනට වන් නොමඳ ගරුතර - දින දින පුරුදු වීමෙන් කෙරෙති අනදර - නොමදින සුවඳ විහිදෙන සොඳ සඳුන් හර - හිම වන වසන වැදි ඇඟනෝ කෙරෙති දර"
  • සඳුන් හොඳ නම් ගලේ මොකද වැරැද්ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - What can be wrong with the stone if the sandalwood is good? (21)
  • සමන් දෙවියන්ගේ කරේ ඉන්න නාගයා යාළුවේ කියා ගුරුළාට කතා කොට රටේ තොරතුරු ඇසුවා ලු (22) / සමන් දෙවියන්ගේ කරේ ඉන්න නාගයා වගේ (21) [විශ්වාස][කතා][උපමා] - Like the snake on God Saman’s neck (21) - බලවත් අය ඇසුරු කරන දුබලයින් වුනත් ප්‍රබල සතුරාට බය නැති ලු - සුභාෂිතය "පරසිඳු පබු දනන් සෙවි පමණින් මහරු - බෙලෙනිඳු මඳ වුවත් නොකෙරෙති රුපුන් සරු - බරණිඳු ගෙල වසන නා රද වෙමින් ගරු - ගුරුළිඳු අතින් ඇසි කිම යහළු තොරතුරු” – Synonymous: ඊශ්වර දෙවියන්ගේ කරේ ඉන්න නාගයා යාළුවේ කියා ගුරුළාට කතා කොට රටේ තොරතුරු ඇසුවා ලු
  • සමන් දෙවියන්ට හැංගුනත් අමංගලට හැංගෙන්ට බැහැ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - You may escape God Saman but not (his servant) Amangalla - Saman Deviyo is the deified half-brother of Rama (sic), who conquered Ceylon in prehistoric times and is the guardian-spirit of Adam’s Peak. Pilgrims, while climbing the Sacred Hill to worship Buddha’s footprint, call on him to aid their ascent. Amangalla is the name of his servant (21)
  • සරමට වඩා හයිය කම්බාය [වාග්ව්‍යවහාර] - පුරුෂයාත් ගෙදරත් පාලනය කරන බිරිඳකට
  • සල්ලි කාසි හෙලවෙන කොට මළ මිනිත් ඇස් ඇරලා බලනවා (1-291) [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • සල්ලි දැක්කම යක්කුත් දිව දික් කරනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • සල්ලි දෙයියන්ගෙ මල්ලි ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] – English: Money talks. Money gives one power and influence. Example: I don’t have access to many people like he has, after all he is a scion of a rich family. Money talks, you know (32)

සා[සංස්කරණය]

  • සාසනෙත් නෑ පඬු හැළියත් නෑ [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - Lost both the priesthood and the “pandu-heliya.” - The reference is to the man who had given up or been deprived of his robes as a Priest, and thus lost not only the dignity and reverence attached to a sacred office but also its appurtenant accessories. Pandu-heliya is the pot of jack wood dye in which a Priest’s robes are dyed (21)

සැ[සංස්කරණය]

  • සැප දෙන මිත්‍රයා වැඩ දෙන මාරයා [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The friend who confers happiness is said to be Maraya who gives work (22)
  • සැමදා නියං එක දා වැහි වළාවේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A long drought disappears after one day's heavy rain (22) / One day’s heavy rain is the end of many days’ drought (21) - “දිනිදා අවර පත් විය සොමි තුලාවේ - ඇවිදා තැනින් තැන ඉඳ මන්මුලාවේ - ලැබුදා දිනෙක සිව් සැට රති කලාවේ - සැමදා නියන් එකදා වැහි වලාවේ”

සි[සංස්කරණය]

  • සිංඥෝගේ හැටි තොප්පියෙන් පෙනේ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Singno is known by the hat he wears (22) / You can know the “Sinno “by his hat - සිංඥෝර් පෘතුගීසි senhor සහ ස්පාඥ්ඥ බසින් señor යනු මහත්මයා යන ගෞරව නාමයයි. ඉතාලි බසින් signore; signore සහ ලතින් බසින් Senior වේ. - Sinno, a corruption of Signor, is today a contemptuous term amun the Sinhalese for anybody who wears trousers and a hat. As Mr. Denham observes in his Report on the Census, the saying has no point today when Sola topees, bowlers and straw hats are common wear, and at village weddings the bridegroom frequently appears in a high hat (21)
  • සිංහ තෙල් දමන්නට රත්තරන් භාජනයක් ඕනෑ ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A golden vessel is necessary to hold the lion's grease (22) / You want a golden vessel to hold the lion’s grease (21) - This refers to the popular belief that lion’s grease corrodes any vessel other than golden (21) - ලෝකෝපකාරය "රන් බඳුනෙහි කෙසර - තෙල් අඩු නො වී පවතිනා මෙන්"
  • සිංහ වෙස්ගත් නරියා වගේ / නිල් බාල්දියේ වැටුණු නරියා වගේ / නරියා රජ වුණා වගේ [විශ්වාස][කතා][උපමා] - ගරු බුහුමන් ලැබූ පුද්ගලයාගේ යථා ස්වාභාවය හෙළි වූ පසුව ඔහු සමාජයෙන් මට්ටු වෙන බව - වනාන්තරයේ විසු නරියෙක් නිල් භාජනයකට වැටී සියොළග නිල් පැහැ ගැන්විණ. මේ සිද්ධිය ප්‍රයෝජනයට ගත් නරියා තමා වන සතුන්ගේ රාජ්‍යත්වට පත් කරන ලදැයි ප්‍රචාරය ක‍ළේය. වන සතුන්ද ඒ බව විශ්වාස කළේය. අලි ඇතුන්ද, සිංහ කොටි ආදී සතුන් ද නරියාගේ නායකත්වය පිළිගෙන සිටින බව පෙනෙන්නට තිබිණ. එබැවින් නරියා සෙසු නරින්ට ආඩම්බර කම් දක්වමින් සිටියේය. අනෙක් නරින් ඌ සමග අමනාප වූවේය. ව්‍යාජ ලෙස රජවූ නරියාට පාඩමක් ඉගැන්වීමට ඔවුන් කල්පනා කළේය. දිනක් නරියා උස් අසුනක හිදගෙන සතුන්ගේ සභාවක් පැවැත් වූයේය. එවිට ඈතින් සිටි නරි රංචුව “හූ” කියන්නට පටන් ගත්තේය. එම “හූ” හඩ ඇසෙත්ම තමාගේ ව්‍යාජ රජකම ගැන අමතක විය. ඌ ද මහ හඩින් හූ කියන්නට පටන් ගත්තේය. මේ නිසා තමන් රවටා ගෙන සිටීම ගැන අලි, ඇතුන්, සිංහ, කොටි ආදී සතුන් සියළු දෙනාටම හොදටම කේන්ති ගියේය. එකෙනෙහිම කොටියා ව්‍යාජ නරි රජු කරා පැන ඌ මරා දැම්මේය (41)
  • සිංහ හම පොරවා ගත් කොටළුවා / බූරුවා වගේ [විශ්වාස][කතා][උපමා] - English: A wolf in sheep's clothing - The Ass in the Lion's Skin - Aesop's Fable: Ass that puts on a lion's skin and amuses himself by terrifying all the foolish animals. At last coming upon a Fox, he tried to frighten him also, but the Fox no sooner heard the sound of his voice than he exclaimed, "I might possibly have been frightened myself, if I had not heard your bray." The moral of the story is often quoted as Clothes may disguise a fool, but his words will give him away. / In second version the ass puts on the skin in order to be able to graze undisturbed in the fields but is given away by its ears and is chastised. The moral here cautions against presumption. – Similar stories in Panchatantra and 188. සීහ චම්ම ජාතකය - යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි බෝධිසත්ත්‍වයෝ ගොවි කුලයක ඉපිද සී සා ජීවත් වන්නාහ. එසමයෙහි එක්තරා වෙළෙඳෙක් කොටළුවෙකු පිටින් ඒ ඒ තැන බඩු අරගෙන ගොසින් විකොට ජීවත් වන්නේය. කොටළුවා තෘණ භූමියට අරණ කල සිංහ සමක් පොරවා යවන්නේය. මේ නියායෙන් කොටළුවා තණ කවා බෝධිසත්ත්‍වයන් වසන්නා වූ ගමට පැමිණියා වූ වෙළෙඳ පළමු පරිද්දෙන් සිංහ සමක් පොරවා යවූවාහු. වපුළ කුඹුර කන්ට හළ, එකියන කොටළුවාත් තණ කන්ට වන. එවිට කුඹුර රකිනා මනුෂ්‍යයෝ “සිංහයෙක් අවුත් තණ කති” සිතා මරන්ට භයින් ගමට ගොස් බොහෝදෙනා එක්කොට ගෙන ආයුධ හා ගැස්වීම් පිඹීම් ඇතිකොට කුඹුර වටකොට ගෙන අඬගසා භයගන් වන්නාහ. එවිට කොටළුවා භයින් තමාගේ රාවයන් ඇඬූ හෙයින් ගද්‍රභයා මරා තළා ඇට සුනුවිසුනුකොට පුවාහ. ඒ වේලේ වෙළෙඳා එතනට අවුත් “තාගේ ව්‍යවස්ථාව සේ බැණ නොනැගී හිඳ ඇඬිමෙන් මරණයට පත් වූයේ වේදැ”යි කීය.
  • සිංහයා ජයගත්තු ඌරා ගේ කතාව වගේ [විශ්වාස][කතා][උපමා] - අසූචි තවරා ගෙන - කතාව බලන්න, ගුණරත්න 2010 B පිට 41 (5)1. - 152. සූකර ජාතකය - යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි බෝධිසත්ත්‍වයෝ සිංහව ඉපිද වනයේ වාසය කරන්නාහ. එසමයෙහි ඌරු සමූහයක් විලක් සමීපයෙහි ගොදුරු කා වසන්නාහ. එතනම තාපසවරුන් වහන්සේ වාසය කරනසේක. එසමයෙහි සිංහයෝ ගොදුරු කා පැන් බොන නිසා ඌරන් වසන විලට බට ඒ වෙලාවට මහත් ඌරෙකු ගොදුරු කා විල සමීපයෙන් යන්නාවූ දැක “සුවසේ මූ කමි” සිතා “අද මූට නොපෙණී යන්නට මැනව, මා අද දුටු නම් පසුව දවසෙක නොපැමිණෙන්නේය”යි සිතා ඌරාට නොපෙණී අනික් තොටකින් ගෙඩනැගී සිටිකල ඒ ඌරා සිංහයා දැක “තමාට භයින් යෙති” සිතා කියන්නේ “යාළුව, මමත් සතර පයක් ඇත්තෙක් වෙමි. තොපටත් සතර පයක් ඇත්තෙහිය. එසේ හෙයින් තොප මා දැක නොගොසින් මා කරා එව”යි වාසි කියා පරදවා බස් කීය. එබස් සිංහයා අසා “අද මට බැරිය, අදට සත්වෙනිදා තොප හා මා හා යුද්ධයක් කරම්හ”යි කියා ගියේය. එවිට ඌරු තමාගේ ඌරු රැසට කීය. ඌරෝ එවිට කියන්නෝ “තාගේ බල නොදැන සිංහයන් හා කැටුව යුද්ධ කෙරෙමියි කියා තා සලසාගත් හෙයින් ඉදිරියේ මේ ඌරන්ට විනාසය තා නිසාය”යි ඌරෝ අසා භයින් තැතිගෙන “මේ ඇමදෙනාම එක්ව මට උපායක් කියව”යි කීය. එවිට එසේ වීනම් “මේ සත්දා මුළුල්ලේම තාපසවරුන්ගේ නාන ගෙවල්වලට ගොසින් අසූචි ශරීරය මුල්ලේ තවර තවරා වියලාගෙන ඇමදෙනා එක්ව උඩුසුළඟේ සිටිනා අසූචි ගන්‍ධය අසා සිංහයෝ පැරැද පලායෙ”යි කියා ඌරෝ එක්ව මේ උපාය කිවුය. ඌරාත් එලෙසම කොට සත්වෙනි දවස් ඇවිත් උඩුසුළ‍ඟේ සිටියේය. සිංහයා එතනට අවුත් ඌරු සිටිනා නියාව දැක “තා විසින් සිතූ උපාය යහපත, නැත්නම් තා මරා පියන්නෙම් වේද, මෙවිට තා අතින් අල්ලන්ට හා පයින් අල්ලන්ට හා කටින් අල්ලන්ට හා කැතවුව, එසේ හෙයින් ජය තොපටමය”යි කියා සිංහයා පලා ගියේය. ඌරුත් තමා ජයගත් නියාව තමාගේ රැලට කියා ඊට සතුටුව “සිංහයන් අප කෙරේ කිපුනේය. අපට මෙතන ඉන්ට නපුරැ”යි කියා ඔබ්බට ගියාහයි වදාරා
  • සිංහයා නරියාට පැරදුනු හැටි (3-19) [විශ්වාස][කතා][උපමා] (?) 151. චතුර්ත්‍ථ සිඟාල ජාතකය? - යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි බෝධිසත්ත්‍වයන් වහන්සේ සිංහරාජව උපන්සේක. බෝධිසත්ත්‍වයන්ට සහෝදර මල් සිංහහෝ සදෙනෙක් ඇත්තාහ. ඇමට බාල වූ නඟ වූ සිංහ ධේනුවක් ඇත්තීය. මේ කියන සිංහයෝ ඇම රන් පර්‍වතයෙහි රන්ගල් ගුහායෙක වාසය කරන්නාහ. එතනට නුදුරු වූ රිදී පර්‍වතයේ දෑවාන ගුහායෙක කැණහිලෙක් වසන්නේය. එවකට බෝධිසත්ත්‍වයන්ගේ දෙමව්පියෝ දෙන්න නැසී ගියහ. එවක් පටන් බෝධිසත්ත්‍වයන් වහන්සේ ඇතුළු වූ සත්බෑයෝ නැගණියන් ගල්ගුහාවේ ඉඳුවාලා සත්බෑයෝ මාංස මරා තමුන් කා නැගණියන්ට දී මේ නියායෙන් දවසරිනාහ. එකල රිදී පර්‍වතයේ වසන කැණහිල් සිතන්නේ “දෙමව්පියෝත් නැත, බෑයෝත් ගොදූරු සොයා යන්නාහ, මම් මේ අවසරයේ ගොස් සිංහධේනුව හා කැටුව සංවාසය යෙදුනේ වීනම් යහපතැ”යි සිතා රිදී පර්‍වතයෙන් බැස රන් පර්‍වතයට සිංහ ධේනුව යන ගුහාව සමීපයට අවුත් සිංහ ධේනුවට කියන්නේ “තොපිත් සතරපයක්ව මමත් සතරපයක්ව ඇත්තෙමි. එසේ හෙයින් තොප හා මා හා සමාන වම්හ. තොපි මට ප්‍රජාපති වව්, මම තොපට ස්වාමී වෙමි” කියා රාගනිශ්‍රිත බස් කීය. එබස් සිංහ ධේනුව අසා “මේ තෙමේ සිව්පාවුන්ට අධම ජාතියෙහි උපන, මම් සිව්පාවන්ට උතුම් ජාතියෙහි උපනිමි, මු හා කුමන විශ්වාසයෙක්දැ”යි සිතා නැවත සිතන්නාහූ “කැණහිල් අතින් රාගනිශ්‍රීත බස් ඇසු කල මා ඉඳන් කින්ද ස්වාසය අල්වා ජිවිතය අරිමි” සිතා “සොරා අරනේ ඇයිදැයි සත් බෑයන් ආකල උන්ටත් කියා අරිමි” සිතා උන්නීය. ඒ වේලාවට සත් බෑයන්ගෙන් එක් සිංහයෙක් මස් මරාගෙන සිංහ ධේනුව ලඟට අවුත් “නඟ, මේ මස් කව”යි කීහ. සිංහ ධේනුව නොසතුටුවිය. එවිට සිංහයා “ඇයිදැ”යි විචාරා එපවත් අසා “කැණහිලා කොයිදැ”යි කියා කීහ. “අරවේද රිදී පර්‍වතය මුදුනේ ආසනයේ ඉදිනේය”යි කිව. එබස් සිංහයා අසා මහත් වූ කෝපයෙන් දැවාන ගුහාවට පැන ළය තලාගෙන පර්‍වත පාර්ශවයෙහි වැටී මළේය. මෙම නියායෙන් සදෙනෙක් “කැණහිලා ගණුම්හ”යි පැනලා ළය තලාගෙන මිය වැටී උන්නාහ. සත්වෙනිව ආ බෝධිසත්ත්‍වයෝ එපවත් අසා “කැණහිළුන් ගේ ආකාශයෙහි ඉඳිමෙක් නැත. මේ පෙණෙන්නේ දෑවාන ගුහාව”යි සිතා කැණහිලා ගොදුරු කන්ට බස්නා මග පරීක්‍ෂාකොට පොළොව පැළෙන කලක්මෙන් ආකාශ ගර්ජනාවක් මෙන්යි සිංහනාද කෙළේය. සිංහනාද ඇසූ කැණහිල් භයින් තැතිගෙන ළය පැලී මළේය. ඒ කාරණය දක්වන සර්‍වඥයන් වහන්සේ “මහණෙනි, සිංහ ධේනුවක පතා ආ කැණහිලා සිංහනාදයෙන්ම භයවී මළෝය”යි වදාළසේක. සිංහයාත් කැණහිලා මරා පෙරලා ගල් ගුහාවට අවුත් බෑයන් මළ නියාවත් අසා සෝකපත් වූ නැගණියන්ගේ සෝකත් අරවා දැහැමෙන් සෙමෙන් වාසයකොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියාහයි වදාරා
  • සිංහයා හාවාට පැරදුනු හැටි (3-19) [විශ්වාස][කතා][උපමා] (?)
  • සිංහයාට සම වෙන්න ගිය නරියා වගේ [විශ්වාස][කතා][උපමා] - 142. විරොචන ජාතකය - යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි බෝධිසත්ත්‍වයන් වහන්සේ සිව්පාවුන්ට උතුම් වූ කේසර සිංහව ඉපිද පර්‍වතයක් මුදුනේ ස්වර්‍ණමය ගල්ගුහාවක වාසය කරනසේක. එසමයෙහි එක් දවසක් කේසර සිංහරාජතෙම පර්‍වතයෙන් පැන මීමෙකු අල්වාගෙන මාංස අනුභවකොට වැවට ගොසින් පැන් බී පෙරලා පර්‍වතයට එන ප්‍රස්ථාවට එක් කැණහිලෙක් සිංහයාට ලන්ව ගිය හෙයින් තමා ගැලවී යන උපායක් නැති හෙයින් සිංහයාගේ පය වැඳලා සිටියේය. එවිට සිංහයා කියන්නේ “ඇයි ජම්ඹුකය, කුමකට සිටියේදැ?”යි විචාරා “නුඹවහන්සේට සේවාකම් කරන්ට සිටියෙමි” කී විසින් බෝධිසත්ත්‍වයෝත් ඒ කැණහිලා කැන්දාගෙන පර්‍වතයට නැගී උන් ඉන්ට එක් තැනක් සලස්වා “තොප විසින් පර්‍වත මුදුනේ සිට සිව්පාවුන් බලා මා කරා අවුත් අසවල් සිව්පාවා ඇල්ලුව මැනවැ”යි කියාද පැලඹී වදාළ මැනවැ”යි කියන්නා “තොපට කැමති මාංස මරා තොපටත් ලා මමත් කා ජීවත්වෙම්හ”යි කීසේක. එතැන් පටන් කැණහිල් එලෙසම පෑ මස් ගෙන තෙමේත් කා කැණහිලාටත් ලන්නේය. මේ නියායෙන් සිංහයා මරාලූ මස් කන හෙයින් දවසින් දවස ඇඟ පුෂ්ටිමත්‍ව මහත් වූ හෙයින් උද්ධතව සිතත්නේ “සිංහයෝත් සිව්පාගතයෝය, මමත් සිව්පාගතයෙමි, එසේ විසින් එකෙකු මරාලන මස් කන්නේ කිම්ද? මට මස් මම්ම මරා ගණිමි”යි සිතා සිංහය කරා ගොසින් කියන්නේ “නුඹවහන්සේ මරාලන මස් මම මෙතෙක් දා කෑමි, ඉනිබ්බේ මරාලන මස් නුඹවහන්සේම කැව මැනව”යි කියන්නා සිංහයා කියන්නේ “හසතිවිදාරණයට අපට විනා තොපට බැරිය”යි කීප වාරයක කියද්දීත් උවමැනවැයි සිතත් මෙපමණක් ඇතිවන්නාහ. “හසතිවිදාරණය මට පිළිවනැ”යි කියන්නා “යහපතැයි එසේ වීනම් අද රෑට නුඹවහන්සේ වැදහෝනා ස්ථානයෙහිම වැදහෝනට උවමැනව උදෑසනක්සේම මා නික්මෙන වේලාවට පැළඹ කැණහිලාය”යි කියන්න උවමැනව මෙපමණක් ඇතිවන්නා “හස්තිවිදාරණය මට පිළිවනැ”යි කියන්නා “යහපතැ”යි එලෙස සිංහයා කෙළේය. කැණහිල් රන් ගල්ගුහාවෙන් නික්ම පර්‍වත මුදුනට නැගී ඇඟ තුන් ඈවරක් කිළිපොළා තුන් විටෙක කැණහිල් අඬ අඬා සතරදිසා බලා මහත් වූ ඇතු දැක ඇතු පිටට පැනපීය. ඇතු පිටට පිණූ ගමනේ කැණහිල් ඇතු පාමුල වැටී ඇතු විසින් පයින් මැඩ සුනුවිසුන්කොට පෙරලා සුනුකළ ඇට එක්තැන්කොට ඊපිට වර්චස්කොට හා මූත්‍රකොට කුඤ්චනාදද කොට ගියේය. ඒ දුටු සිංහයා “කැණහිලා පැලඹුනු නියාව සොඳය ඉස ළය තළාගත් දෙයත් සොඳසැටිය, පැලඹුනු නියාවත් ඔබීමය”යි කියා ගල්ගුහාවටම ගියෝයයි වදාරා
  • සිංහයෝ බඩ ගින්නට තණ කොළ නුබුදිති [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - බඩ ගිනි හැදුනට ඉඳුල් නොකව් - තණ කොළ නුබුදිති සිංහ පැටව් -කරුණාරත්න අබේසේකර?- සුභාෂිතය"ගජකුම් බිඳින එකසර කෙසරිඳු බලැති - කොතරම් සා වුවත් තණ කබල නුබුදිති - වීහීගුම් කුලෙන් යුතු උතුමෝ අබිමනැති - දිවිහිම් කොටත් නොතරම්කම් නොම කෙරෙති"
  • සිංහලයා මෝඩයා කැවුන් කන්න සූරයා [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • සිමන් ගමරාළ නයිනමඩමටත් ගොහින් ඇවිත් අඹුවගෙන් විටකට දුම්කොළ ඉල්ලුවා වගේ [විශ්වාස][කතා][උපමා] - Like Siman Gamarala’s request to his. wife for a chew of tobacco after returning from Nainamadama - Nainamadama, in Pitigal Korale South of Chilaw District, is famous for the quality of the tobacco grown there (21)
  • සිමන්චියාගේ කදේ බර රබන්චියා දනී යැ? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Will Simanchia know the weight of Rabanchia's pingo? - English: No one knows the weight of another's burden (22)
  • සිරිකත අත අල්ලාගෙන උපදිනවා [වාග්ව්‍යවහාර] - රිදී හැන්ද කටේ රුවා ගෙන උපදිනවා - English: Silver spoon is synonymous with wealth, especially inherited wealth; someone born into a wealthy family is said to have "been born with a silver spoon in their mouth".
  • සිරුර අසාරය, කළ වැඩ සාරය [කියමන්]
  • සිල් සුවඳ විහිදේ, මල් සුවඳ පැරදේ [කියමන්]

සී[සංස්කරණය]

  • සීට්ටු වෙදාගේ බෙහෙත් වට්ටෝරු වගේ / සීට්ටු වෙදෙක් [විශ්වාස][කතා][උපමා][Priority] - කතාව බලන්න විජේතුංග 2013 පිට 232 (17)
  • සීතාම්බර සළුව වගේ / රජ්ජුරුවෝ හෙළුවෙන් ගිය කතාව වගේ [විශ්වාස][කතා][උපමා] - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 30 (11) - English: The Emperor's New Clothes - The Emperor's New Clothes" (Danish: Kejserens nye klæder) is a short tale written by Danish author Hans Christian Andersen, about two weavers who promise an emperor a new suit of clothes that they say is invisible to those who are unfit for their positions, stupid, or incompetent – while in reality, they make no clothes at all, making everyone believe the clothes are invisible to them. When the emperor parades before his subjects in his new "clothes", no one dares to say that they do not see any suit of clothes on him for fear that they will be seen as stupid. Finally, a child cries out, "But he isn't wearing anything at all!" The tale has been translated into over 100 languages. -- Many years ago, there was an Emperor so exceedingly fond of new clothes that he spent all his money on being well dressed. He cared nothing about reviewing his soldiers, going to the theatre, or going for a ride in his carriage, except to show off his new clothes. He had a coat for every hour of the day, and instead of saying, as one might, about any other ruler, "The King's in council," here they always said. "The Emperor's in his dressing room." In the great city where he lived, life was always gay. Every day many strangers came to town, and among them one day came two swindlers. They let it be known they were weavers, and they said they could weave the most magnificent fabrics imaginable. Not only were their colors and patterns uncommonly fine, but clothes made of this cloth had a wonderful way of becoming invisible to anyone who was unfit for his office, or who was unusually stupid. "Those would be just the clothes for me," thought the Emperor. "If I wore them, I would be able to discover which men in my empire are unfit for their posts. And I could tell the wise men from the fools. Yes, I certainly must get some of the stuff woven for me right away." He paid the two swindlers a large sum of money to start work at once. They set up two looms and pretended to weave, though there was nothing on the looms. All the finest silk and the purest old thread which they demanded went into their traveling bags, while they worked the empty looms far into the night. "I'd like to know how those weavers are getting on with the cloth," the Emperor thought, but he felt slightly uncomfortable when he remembered that those who were unfit for their position would not be able to see the fabric. It couldn't have been that he doubted himself, yet he thought he'd rather send someone else to see how things were going. The whole town knew about the cloth's peculiar power, and all were impatient to find out how stupid their neighbours were. "I'll send my honest old minister to the weavers," the Emperor decided. "He'll be the best one to tell me how the material looks, for he's a sensible man and no one does his duty better." So, the honest old minister went to the room where the two swindlers sat working away at their empty looms. "Heaven help me," he thought as his eyes flew wide open, "I can't see anything at all". But he did not say so. Both the swindlers begged him to be so kind as to come near to approve the excellent pattern, the beautiful colours. They pointed to the empty looms, and the poor old minister stared as hard as he dared. He couldn't see anything, because there was nothing to see. "Heaven have mercy," he thought. "Can it be that I'm a fool? I'd have never guessed it, and not a soul must know. Am I unfit to be the minister? It would never do to let on that I can't see the cloth." "Don't hesitate to tell us what you think of it," said one of the weavers. "Oh, it's beautiful -it's enchanting." The old minister peered through his spectacles. "Such a pattern, what colours!" I'll be sure to tell the Emperor how delighted I am with it." "We're pleased to hear that," the swindlers said. They proceeded to name all the colours and to explain the intricate pattern. The old minister paid the closest attention, so that he could tell it all to the Emperor. And so, he did. The swindlers at once asked for more money, more silk and gold thread, to get on with the weaving. But it all went into their pockets. Not a thread went into the looms, though they worked at their weaving as hard as ever. The Emperor presently sent another trustworthy official to see how the work progressed and how soon it would be ready. The same thing happened to him that had happened to the minister. He looked and he looked, but as there was nothing to see in the looms, he couldn't see anything. "Isn't it a beautiful piece of goods?" the swindlers asked him, as they displayed and described their imaginary pattern. "I know I'm not stupid," the man thought, "so it must be that I'm unworthy of my good office. That's strange. I mustn't let anyone find it out, though." So, he praised the material he did not see. He declared he was delighted with the beautiful colours and the exquisite pattern. To the Emperor he said, "It held me spellbound." All the town was talking of this splendid cloth, and the Emperor wanted to see it for himself while it was still in the looms. Attended by a band of chosen men, among whom were his two old trusted officials-the ones who had been to the weavers-he set out to see the two swindlers. He found them weaving with might and main, but without a thread in their looms. "Magnificent," said the two officials already duped. "Just look, Your Majesty, what colours! What a design!" They pointed to the empty looms, each supposing that the others could see the stuff. "What's this?" thought the Emperor. "I can't see anything. This is terrible! Am I a fool? Am I unfit to be the Emperor? What a thing to happen to me of all people! - Oh! It's very pretty," he said. "It has my highest approval." And he nodded approbation at the empty loom. Nothing could make him say that he couldn't see anything. His whole retinue stared and stared. One saw no more than another, but they all joined the Emperor in exclaiming, "Oh! It's very pretty," and they advised him to wear clothes made of this wonderful cloth especially for the great procession he was soon to lead. "Magnificent! Excellent! Unsurpassed!" were bandied from mouth to mouth, and everyone did his best to seem well pleased. The Emperor gave each of the swindlers a cross to wear in his buttonhole, and the title of "Sir Weaver." Before the procession the swindlers sat up all night and burned more than six candles, to show how busy they were finishing the Emperor's new clothes. They pretended to take the cloth off the loom. They made cuts in the air with huge scissors. And at last they said, "Now the Emperor's new clothes are ready for him." Then the Emperor himself came with his noblest noblemen, and the swindlers each raised an arm as if they were holding something. They said, "These are the trousers, here's the coat, and this is the mantle," naming each garment. "All of them are as light as a spider web. One would almost think he had nothing on, but that's what makes them so fine." "Exactly," all the noblemen agreed, though they could see nothing, for there was nothing to see. "If Your Imperial Majesty will condescend to take your clothes off," said the swindlers, "we will help you on with your new ones here in front of the long mirror." The Emperor undressed, and the swindlers pretended to put his new clothes on him, one garment after another. They took him around the waist and seemed to be fastening something - that was his train-as the Emperor turned around and round before the looking glass. "How well Your Majesty's new clothes look. Aren't they becoming!" He heard on all sides, "That pattern, so perfect! Those colours, so suitable! It is a magnificent outfit." Then the minister of public processions announced: "Your Majesty's canopy is waiting outside." "Well, I'm supposed to be ready," the Emperor said, and turned again for one last look in the mirror. "It is a remarkable fit, isn't it?" He seemed to regard his costume with the greatest interest. The noblemen who were to carry his train stooped low and reached for the floor as if they were picking up his mantle. Then they pretended to lift and hold it high. They didn't dare admit they had nothing to hold. So off went the Emperor in procession under his splendid canopy. Everyone in the streets and the windows said, "Oh, how fine are the Emperor's new clothes! Don't they fit him to perfection? And see his long train!" Nobody would confess that he couldn't see anything, for that would prove him either unfit for his position, or a fool. No costume the Emperor had worn before was ever such a complete success. "But he hasn't got anything on," a little child said. "Did you ever hear such innocent prattle?" said its father. And one person whispered to another what the child had said, "He hasn't anything on. A child says he hasn't anything on." "But he hasn't got anything on!" the whole town cried out at last. The Emperor shivered, for he suspected they were right. But he thought, "This procession has got to go on." So, he walked more proudly than ever, as his noblemen held high the train that wasn't there at all.
  • සීනෙන් ගෑ සුවඳක් වගේ [කියමන්][උපමා] - සැබෑ නොවන්නක් - ලෝවැඩ සඟරාව "සීනෙන් ගෑ සුවඳක් සේ බොරුමය"
  • සීයාට පුටුව තියන්නේ මුණුපුරා නැගිට්ටවලා ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - In order to place a chair for the grand -father must not the grand-son rise up (22) / Must not the grand-son rise up to place a chair for the grandfather? (21)
  • සීරලුවෙක් මහණව සිටි කාලයේ හිඟේටත් එක්ක හිර දෙකක් ගන්නවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A certain disrobed Buddhist-priest took two wives to make up for his past celibacy (22) / The ex-priest atoned, as it were, for his previous celibacy by taking two wives (21) - Celibacy is enjoined upon the Buddhist priesthood (21)

සු[සංස්කරණය]

  • සුගත ළා හිරු නෙලුම් පුබුදයි, යුගත සත් හිරු දවා වනසයි [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - තමන්ට පිහිට වන, තමන් සතුටු කරවන කෙනාම සම්බන්ධතාවයක අවසානයේ දී තමාට පීඩා ගෙන දෙන්නාක් වගේ - සුභාෂිතය "නොනැවත යුගත පත් වූ සඳෙහි සත් හිරු - විකසිත නොවී දා යෙයි හැම විල් තඹුරු" - යුගයක කෙළවර දිනකට එක ගණනේ එකතු වෙමින් දවස් හතක තුළ සූර්යයන් හතක පායා ක්‍රමානු කූලව උෂ්ණත්වය වැඩිවී සත් වෙනි දින ලෝකය දවා ලයි යන විශ්වාසය මත.
  • සුදු කපුටු කතාවක් [වාග්ව්‍යවහාර] - පාරේ දී ඔහුට අවතාරයක් හමු වීම සුදු කපුටු කතාවක් - English: A Cock and bull story an implausible story used as an explanation or excuse. "nobody believes this cock and bull story about the sacking incident" (15)
  • සුදු ලූනු පොඩි කරන්න එපා [වාග්ව්‍යවහාර] - බොරුවෙන් කෙනෙකු මුළා නොකරන ලෙස ඉල්ලීම (41)
  • සුද්දාට රට ගියහම පද්දාට උඩ ගියා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The “Paduva” gets elevated when white men rules the country - The white ruler is, supposed to ignore caste distinctions (21)
  • සුවඳ නෙලුමේ, කටුක කටු වේ [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - ලස්සනට පේන දෙයක වුනත් රළු කටෝර දෙයක් ඇත, කොච්චර හොඳ කෙනෙකු තුළ වුවත් නරකක් හෝ අඩුපාඩුවක් ඇත - සුභාෂිතය "මිනිස් හට සොදුරු ගුණ සහ නුගුණ ඇත - නිදොස් කෙනෙකු මෙ දියත උපදනේ නැත - වෙසෙස් සිනිඳු මුවරඳ බර සහස් පත - කොරොස් නළින් යුතු වෙයි කටු පෙළිනි යුත"
  • සුවඳ මහනෙලත්, දුගඳ කුඩ මස්සාත් ඉපදෙන්නේ එකම වතුරේ ලු [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - "මහනෙල සුවඳමය - කුඩ මසු පිළී ගඳමය - දෙකට එක දියමය - හොඳට නරකට දෙකට කටමය” - එකම දෙයින් හොඳ දේ වගේම නරක දේත් උපත ලබන බව - ලෝකෝපකාරය "දියෙහි දා මස් පියුම් - කොඳ පුල් දුගඳ වන මෙන් - එක කුසෙහි උපනත් - සතන් ගුණ වෙන වෙනම පවතී"
  • සුළු සිදුරෙන් ලොකු හම්බන් ගිලා බසිනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Small leaks sink great dhoneys (22) / Great dhoneys founder through one small leak (21)

සූ[සංස්කරණය]

  • සූදානමට අලෙයියාවක් නැති ලු [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - Precaution is steady (22) / Precaution excludes wavering (i.e. unsteadiness) (21)

සෙ[සංස්කරණය]

  • සෙක්කුවේ බැන්ද හරකා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - විවේකයකින් තොරව දිගටම වැඩ කිරීම (41), ඉදිරියට නොගොස් දියුණුවක් නොලබා එක තැනම කැරකැවීම
  • සෙමර මුවා වලිගෙ ආරක්ෂා කරනවා වගේ / වලිගය රකිනා සෙමර මුවෙක් වගේ / වාලධිය රකින සෙමරු සේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - ඉතා වටිනා දෙයක් දිවි හිමියෙන් ආරක්ෂා කරන්නා වගේ - ලෝවැඩ සඟරාව “වල් රකිනා සෙමරක මෙන් තැතිනේ" - ඉතා වටිනා දෙයක් දිවි හිමියෙන් ආරක්ෂා කරන්නා වගේ / ලෝවැඩ සඟරාව “වල් රකිනා සෙමරක මෙන් තැතිනේ"
  • සෙල්ලම් ලෙල්ලම් වුනා [වාග්ව්‍යවහාර]
  • සෙවණට සිටි ගහේ අත්ත කපා දැම්මා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - තමාට උදව් උපකාර කළ කෙනෙකුට එරෙහිව තටයුතු කිරීම (41)

සො[සංස්කරණය]

  • සොළී මණ්ඩලේ පිටින් / එනවා වගේ [වාග්ව්‍යවහාර]- The whole of Soli-mandala is coming (21) - This is a very ancient proverb referring to the Solian or Tamil Chola invaders, and now used when speaking of a very large multitude (21) / ·        'The whole Solamandala is coming.' Applied to denote a very large multitude. This is a very interesting historical proverb, which has floated down the stream of time. It must have no doubt originated at a period when it was usual for swarms of Solians (Tamils from the neighbouring continent) to invade Ceylon, as hosts of barbarians from the North similarly invaded Britain in ancient times (53).
  • සොළීකරෙත් ඇත බඩ පුප්පන්නෝ, ගිලීමලෙත් ඇත දත සුද්දෝ [විශ්වාස][කතා][වාර්තා] හොලීකරෙත් ඇතිලු බඩ පුප්පන්නෝ -In here gluttons even in Chola country (22) / Even on the coast of Soli there are starving men, and even in Gileemale there are white teethed people (21) - The “coast of Soli,” or the Coromandel coast, was reputed for its prosperity. Gileemale, a village in the Ratnapura district, was remarkable for the excellence and quantity of the betel it produced. No persons who habitually chew betel are white teethed (21) - -වංකනාසික තිස්ස කළ සිංහලයන් සොළී රටට අල්ලන් යෑම සහ ගජබා රජු නීල මහා යෝධයා සමග ගොස් සොළීන් සහ සිංහල සිරකරුවන් නැවත ගෙන ඒම, බිල්ලෝ ආ සැටිපාත්‍රා ධාතුව සහ පත්තිනි සලඹ ගෙන ඒම - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 608 (11)

ස්[සංස්කරණය]

  • ස්ත්‍රීන් ගේ වගතුග, ගමේ අපුල්ලන රදවා දනී [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The ins and outs of the women are best known to the village dhobi - Tamil sayings in regard to the dhobi are : (а) “The washerman knows the poor of the village, the goldsmith knows whose ornaments are made of fine gold.” (b) “The tricks of a goldsmith and a weaver are not equal to those of a dhobi.” (c) “Employ a new dhobi but an old barber.” (21)

[සංස්කරණය]

  • හංග හංගා කෝලම් බැන්දත් එලියෙ ලු නටන්නේ / හැංගි හැංගි මූනු / වෙස් බැන්දත්, නටන්න වෙන්නේ එළියේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Though you put on the mask in secret, yet you must appear in public to dance (22) / Though you mask in secret, you must dance in public (21)
  • හංස ගීතිකාව / ගොළු හංස ගීතය / යන ගී කියනවා [වාග්ව්‍යවහාර] - හංස ගීතිකාව, ගොළු හංස ගීතය, හෙවත් ඉංග්‍රීසියෙන් The swan song සහ ලතින් බසින් carmen cygni කියන වාග්ව්‍යවහාර යම් කිසි කලාකාරියක/කරුවකුගේ හෝ නිර්මාණකාරියක/කරුවකු මිය යාමට හෝ කලාවෙන් සමුගැනීමට පෙර, ඊට ආසන්න කාලයක කරන අවසාන සහ බොහෝවිට උසස්ම කලා කෘතිය, නිර්මාණය, හෝ ප්‍රසංගය හැඳින්වීමට යොදන රූපකාත්මක ප්‍රකාශයක්. සිංහලෙන් මීට සමානව හමු වෙන "යන ගී කියනවා" යන්න කලා කරුවන්ට කෙසේ වෙතත් මරණාසන්නව හෝ යමකින් ඉවත්වීමට ආසන්නව විකාර කියන කෙනෙකුට යෙදෙන්නක්. හංස ගීතිය ගැන පහත ලියන ටික විකිපීඩියාවේ තිබූ කරුණු සාරාංශගත කරමින් කළ පරිවර්තනයක්. මෙම ප්‍රකාෂය පදනම් වෙන්නේ හංසයා ජීවිත කාලයේ දීම හඬක් නොනඟා සිට ඌ මියයෑමට ආසන්න වූ විට ලස්සන ගීතයක් ගයනවාය යන සමාජ විශ්වාසය මත. ක්‍රිස්තු පූර්ව 3 වන සියවස තරම් ඈත කාලයක පවා ග්‍රීක සාහිත්‍යයේ මෙම ප්‍රස්තාපිරුළ හමු වෙනවා. ප්ලේටෝ, අගමෙනන්, ඇරිස්ටෝටල්, ඊසොප්, ආදීන් තම ලේඛන වල හංස ගීතිය ගැන සඳහන් කර තියෙනවා. මේ විශ්වාසයට පදනම හැටියට පේන්නේ යුරෝපයේ වඩාත්ම ප්‍රචලිත ගොළු හංසයා (mute swan - Cygnus Olor) ලෙස හැඳින්වෙන ඇත්තටම ගොළුවකු නොවූ හංසයා වටා වෙන්න පුළුවන්. ඌ ඇත්ත වශයෙන්ම මරණාසන්න මොහොතේ හෝ ඊට පෙර ගී ගයන බවක් වාර්තා වී නැහැ. මේ ගැන ක්‍රිස්තු වර්ෂ 77 විවේචනයක් කරන ප්ලයිනි (Pliny the Elder) කියන්නේ "නිරීක්ෂණ අනුව පෙනී යන්නේ මරණාසන්න හංසයා ගී ගැයීම මිත්‍යාවක් බවයි. පීටර්සන් සහ අනිකුත් අය මේ ගැන ලියා ඇත්තේ "හංසයා ගොළු නැතත් ඌට හඬ නඟා නාද කළ නොහැකි නිසාත් ඒ වෙනුවට ඉඳ හිට හොන්ක් වැනි ශබ්දයක් (honking), ගොරවන ශබ්දයක් (grunt), සර්පයකු මෙන් පිඹින ශබ්දයත් (hissing) නඟන බවත්. නමුත් සාමාන්‍යයෙන් ළා හඩක් වැනි ශබ්දයක් නඟන ප්‍රීතිරාවී  whooper swan (Cygnus Cygnus) නම් හංසයා මිය යන විට අමුතු ශබ්ද මාලාවක් නිකුත් කරන බවත් වාර්තා වෙනවා (issuing a drawn-out series of notes as its lungs collapse upon expiry, both being a consequence of an additional tracheal loop within its sternum). සත්ත්වවිද්‍යාඥ ඩී. ජී. එලියට් 1898 දී ලියන්නේ පියාඹා යන විට ඔහු විසින් වෙඩි තැබූ ප්‍රීතිරාවී හංසයාගේ කිට්ටු නෑයකු වූ තුන්ද්‍රා හංසයකු දුක්මුසු ශෝක්හාලාපයක් බඳු සංගීතමය හඬක් නංවමින් දිගු දුරක් පියාපත් විදහා පාවී බිමට ආ බව  (issuing a series of "plaintive and musical" notes that "sounded at times like the soft running of the notes of an octave).පීටර් පලාස් (Peter Pallas) අනුව මෙම ජන විශ්වාසය බොහෝ දුරට ගොළු හංසයාගේ ඉතා සුළු හඬක් මිස ජීවිත කාලය පුරා හඬක් නොනැඟීමත්, ප්‍රීතිරාවී හංසයාගේ මියයන විට නඟන ගීතවත් අමුතු ස්වරයත් කියන දෙක පටලවා ගෙන බිහි වූවක් විය හැකියි. ලූෂන් බුලත්සිංහල හැර මේ "හංස ගීති" යෙදීම යොදපු ගීත රචනා මතක් වෙන්නේ අජන්තා රණසිංහගේ පද රචනයෙන්, ස්ටැන්ලි පීරිස්ගේ තනුවෙන්, සහ අමරදේවගේ සංගීතයෙන් සහ ගායනයෙන් බිහි වුනු "තරු අරුන්දතී නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා" ගීතයේ එන "වැලපෙන මා හද කැටපත් පවුරේ, හංස ගීතය ලියැවෙන දා, පළමු අරුණු රන් රේඛාවක් සේ, ප්‍රාර්ථනා සුව‍ඳේ, ඔබ එතැයි සිතුණා" කියන එක. අනික් ගීතය තමයි සුනිල් ආරියරත්නගේ පද රචනයෙන්, එච් එම් ජයවර්ධන තනු නිර්මාණයෙන් නන්දා මාලනී ගායනා කරන මුළු ගීතය පුරාවට හංස ගීතියේ තේමාව දිවෙන "හංස ගීයද ගයන්නෙ මේ, ජීවිතයේ අවසාන භාගයේ" කියන එක. Cygnus olor - (Wikipedia) The swan song (ancient Greek: κύκνειον ᾆσμα; Latin: carmen cygni) is a metaphorical phrase for a final gesture, effort, or performance given just before death or retirement. The phrase refers to an ancient belief that swans sing a beautiful song just before their death, having been silent (or alternatively, not so musical) during most of their lifetime. This belief, whose basis in actuality is long debated, had become proverbial in ancient Greece by the 3rd century BC and was reiterated many times in later Western poetry and art. In Greek mythology, the swan was a bird consecrated to Apollo, and it was therefore considered a symbol of harmony and beauty and its limited capabilities as a singer were sublimated to those of songbirds. Aesop's fable of "The Swan and the Goose" incorporates the swan song legend as saving its life when it was caught by mistake instead of the goose but was recognized by its song. There is a subsequent reference in Aeschylus' Agamemnon (verses 1444–5) from 458 BC. In that play, Clytemnestra compares the dead Cassandra to a swan who has "sung her last final lament". Plato's Phaedo (84d) records Socrates saying that, although swans sing in early life, they do not do so as beautifully as before they die. Furthermore, Aristotle noted in his History of Animals (615b) that swans "are musical and sing chiefly at the approach of death". By the third century BC the belief had become a proverb. Ovid mentions it in "The Story of Picus and Canens" (Metamorphoses, book XIV:320–396): "There, she poured out her words of grief, tearfully, in faint tones, in harmony with sadness, just as the swan sings once, in dying, its own funeral song." The swan was also described as a singer in the works of the poets Virgil and Martial. The most familiar European swan, the mute swan (Cygnus olor), although not actually mute, is known neither for musicality nor to vocalize as it dies. This has led some to criticize swan song beliefs since antiquity, one of the earliest being Pliny the Elder: in AD 77, Natural History (book 10, chapter xxxii: olorum morte narratur flebilis cantus, falso, ut arbitror, aliquot experimentis), states: "observation shows that the story that the dying swan sings is false." Peterson et al. note that Cygnus olor is "not mute but lacks bugling call, merely honking, grunting, and hissing on occasion." However, the whooper swan (Cygnus cygnus), a winter visitor to parts of the eastern Mediterranean, does possess a 'bugling' call, and has been noted for issuing a drawn-out series of notes as its lungs collapse upon expiry, both being a consequence of an additional tracheal loop within its sternum. This was proposed by naturalist Peter Pallas as the basis for the legend. Both mute and whooper swans appear to be represented in ancient Greek and Egyptian art. The whooper swan's nearest relatives, the trumpeter and tundra swans, share its musical tracheal loop. Zoologist D.G. Elliot reported in 1898 that a tundra swan he had shot and wounded in flight began a long glide down whilst issuing a series of "plaintive and musical" notes that "sounded at times like the soft running of the notes of an octave".
  • හංසයා දියෙන් කිරි උරා බොන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the swan which sucks milk out of water (22) / Like the swan sucking milk out of water (21) - සුභාෂිතය "කිරියෙන් දියර වෙන් කළ හස මෙන් පතර"
  • හකුරු ද, පොල් ද දන්නේ නැහැ (14) [වාග්ව්‍යවහාර] - සමාන: අගක් මුලක් දන්නේ නැහැ - English: Not make heads or tails of something.  to not be able to understand something at all: We couldn't make heads or tails of your directions.
  • හක්කේ බුදු රැස්, බොක්කේ දඩ මස් [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - ප්‍රත්‍යය ශතකය “මුඛං පද්ම අලංකාරං වාචා චන්දන සීතලා - මධු කිෂ්ඨති ජීවාග්‍රේ හෘදයේතු හලා හලම්" යමෙක්ගේ මුඛ්‍ය පියුමක් බඳු වූවත්, වචන සඳුන් සිසිල ගෙන දුන්නත්, දිව අග මී බිඳු තිබුනත්, හෘදයේ හලා හළ විෂ ඇත්නම් ඔහු දුදනෙකි.
  • හක්ගෙඩියේ වක්කළ කිරි මෙනි [විශ්වාස][ප්‍රපංච][උපමා] - As the purity of cow-milk poured into a conch shell (22) - උසස් දෙයක් උසස් දෙයක් සහ එකතු වීම, එවන් යුවලක් එක් වීම - සුභාෂිතය "සක කිරි ලෙසින"
  • හණ මිටිය කර ගහ ගෙන යනවා වගේ (14) [විශ්වාස][කතා][උපමා] - පැරණි අදහස්වලම එල්බ ගෙන සිටීම - අලුත් මතයක් කොච්චර හොඳ වුනත් එය පිළි නොගෙන පරණ මතයේම එල්බ සිටින්නන් සඳහා හණ මිටිය කරට ගත් මිනිහා වගේ හෝ හණ මිටි කාරයෙක් වගේ යැයි කියට්නු ලැබේ - යාලුවෝ දෙන්නෙක් හණ මිටි දෙකක් කර තබා ගෙන ආවෝය. ඔවුන්ට අතර මග දී හණ වෙනුවට හූවට දෙන තැනක් හමු විය. පළමු වැන්නා හණ මිටිය දී හූවට ලබා ගත්තත් දෙවැන්නා "මම මෙච්චර දුරක් කර ගහගෙන ආ හණ මිටිය දෙන්නේ කොහොමද?" කියා හණ මිටියම රැගෙන ගියේය. තව දුරක් යන කොට හණ රෙදි නොමිලේ දෙන තැනක් හමු විය. පළමුවැන්නා හූවට දමා හණ රෙදි ලබා ගත මුත් දෙවැන්නා හණ මිටියම කර තබා ගෙන යෑමට තීරණය කළේය. තව දුරක් යන විට පට පිළි නොමිලේ දෙන තැනක් හමු විය. පළමුවැන්නා හණ රෙදි දමා පට රෙදි ගත්ත ද දෙවැන්නා තව දුරටත් හණ මිටියම ගෙන යාමට තීරණය කළේය. ඉන් ඔබ්බෙහි රන්, රිදී, මුතු මැණික් දෙන ස්ථාන හමු වුනත් දෙදෙනා එපරිද්දෙන්ම ක්‍රියා කළේය (3-39) - Jute is a vegetable fibre. It is very cheap to produce, and its production levels are similar to that of cotton. It is a bast fibre, like hemp, and flax. Coarse fabrics made of jute are called hessian, or burlap in America. Like all-natural fibres, Jute is biodegradable. "Jute" (Corchorus olitoriusis) the name of the plant or fiber that is used to make burlap, Hessian or gunny cloth. It is very rough and is very difficult to cut or tear.
  • හතර බිහිරි කතාව වගේ [විශ්වාස][කතා][උපමා] - Like the story of the four deaf persons (21) - යම්කිසි සිදුවීමක් ගැන ඊට අදාළ පුද්ගලයන්ගේ ප්‍රකාශ එකිනෙකට නොගැළපීම (39) / එකට එකක් සම්බන්ධ නැති අවුල් සහිත ප්‍රකාශයක් (41) - මව්පියන් පුතා ලේලි සේරම බිහිරියි - අම්මාකෙතට බත් ගෙන ගියාම - පුතා කොයිද - යෙහෙළියගේ ඉවුම් ප්‍රමාද වුනාට මං කරන්නද - ගෙදර ඇවිත් ලේලිට - අප්පච්චි මට බැන්නා - කපු කටිමින් උන්ලේලි හොඳට වුනත් අල වැල් කුකුළල වැල් වගේ මමත් කටිනවා - ගිනි තපිමින් සිටි සැමියාට - නූල් කැට්ටා නරකය කියා අම්මා මට බැන්නා - මම එක බතල ගෙඩියක්වත් පිච්චුවේ නැහැ - The story of the four deaf persons: In a certain family, the father and the mother were both deaf, as well as their son and daughter-in-law. On one occasion when the wife went with the old man's breakfast into the field, the old man asked her where their son was. The old woman however replied. "It is no fault of mine. It is the daughter-in-law that delayed cooking." On coming home, she told her daughter-in-law, who then happened to be spinning, that the old man blamed her for being late. The daughter-in-law thinking that her mother-in-law found fault with her spinning said, "I spin as best as I can." When however, she told her husband, who was then warming himself near the hearth, that her spinning was found fault with, he swore that he had in it roasted a single potato - The Jamaicans say : “Deaf ear gi’ story-carrier trouble (21) - කතාව several versions බලන්න බමුණුසිංහ පිට 5 (11) / ගුණරත්න 2010 B පිට 71 (5) / ගුණරත්න 2010 B පිට 179 (5)
  • හත් පොළ කළු වෙච්ච නෑම්බියෙක් [වාග්ව්‍යවහාර]
  • හදාරන්නේ නැතිව වදාරන්න බෑ [කියමන්]
  • හඳටත් බල්ලෝ බුරනවා [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Dogs bark even at the moon (21) – English: Bay the moon / bay at the moon / Howl at the moon - To make appeals in vain. “Good luck talking to the principal, but I think you'll just be baying at the moon. I doubt you'll get a better grade”.
  • හඳහන් බලනවා (14) [වාග්ව්‍යවහාර] - යමක් කළ යුතුව තිබිය දී එය කරම්දෝ නොකරම්දෝ සිත සිතා සිටීම
  • හඳේ අඩක් රාහු ගිල්ලම අනික් පසින් ලොව එළි කරනවා වගේ [විශ්වාස][සාහිත්‍ය][උපමා] - වැදගත් පුද්ගලයින් තමන්ට කරදරයක පත්ව ඇති අවස්ථාවක වුනත් හැකි උපරිම ආකාරයෙන් අනුනට සෙත සදයි - සුභාෂිතය "පසක් රාහු මුව පත් වෙමිනි බිය කර - අනිත් පසින් ලොව හෙළි කෙරෙය හිමකර"
  • හපනාට පොල්ල කමක් නැති ලු [විශ්වාස][ප්‍රපංච][නිශේධ] - Club is unnecessary for a strong man (22) / To the strong man, what use is a club? (21)
  • හපනාටත් හපනා හම්බ වෙනව ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - An able man too will find his match (22) / The cleverest man will find his match one day (21)
  • හමස් පෙට්ටියේ දානවා (14) [වාග්ව්‍යවහාර] - යම් කටයුත්තක් නොකරන/ ළඟක දී නොකරන අදහසින් එය පැත්තකට දානවා - English: put someone / something into a pigeonhole (?)
  • හමාසයක් මංමුළා වෙච්ච මිනිහෙක් මාසයක් මංමුළා වෙච්ච මිනිහෙක්ගෙන් පාර ඇහුවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the vagrant who had strayed about for a month, asking the road from another who had strayed for six months (21)
  • හරියන මඟුලට අටුවේ තියෙන කෙමනෙන් ගංගාරා වැදෙනව ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - For the marriage that is coming off, shrimps get entangled even in the kemana that is in the loft - The kemana is a peculiar kind of basket placed in streams for catching fish. When it is not in use, it is usually placed in the loft of one’s house. The point of the saying is, in effect, that “Nothing succeeds like success.” Even fish proffer themselves as food to the house where everything goes off smoothly (21)
  • හවුලේ කැඳත් එපා / නරකයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even congee is bad in partnership (21)

හා[සංස්කරණය]

  • හානා හීය පානා අඬහැරෙන් දැනේ [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - “ගසට කෙටුම ගස මුල පෑසමෙන් දැනේ - අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ - හානා හීය පානා අඬහැරෙන් දැනේ - මිනිහා නො මිනිහා යන කඩිසරෙන් දැනේ"
  • හාන්කාසියක් / හාන්කවිසියක් දන්නේ නැහැ (14) [වාග්ව්‍යවහාර] - යන්තම්වත් දන්නේ නැහැ - not have the foggiest idea
  • හාමුදුරුවන්ගේ සාක්කිය වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the evidence given by the priest - For fear of being tripped up over details, he confined himself to the bare essentials of what he saw, and resolutely refused to budge from that attitude (21)
  • හාල් ගරා ගල් දුටුවා සේ (10) [විශ්වාස][ප්‍රපංච][උපමා]
  • හාල් හුන්ඩුවට වතුර වක්කරනවා / හාල් හුණ්ඩුවට වතුර වක්කරනවා (23-19) [වාග්ව්‍යවහාර] - බරක් / ආදායම් උපයන, ගොස්තරේ සොයා දෙනවා - English: Bring home the bacon. 1. supply material support. "I have to go to work because it brings home the bacon" 2. achieve success. "you don't have to be in a high-tech industry to bring home the bacon"

හැ[සංස්කරණය]

  • හැට පැන්නත් වඳුරෝ බිමින් ගමනක් නෑ ලු / හැට පිරුනත් වඳුරා බිම ගමන් නැති ලු / පුක බිම ඇනුනත් ගමන උඩින් (53) [විශ්වාස][ප්‍රපංච][නිශේධ] -- The monkey does not walk on the ground even after he has attained the age of sixty (22) - “අජරාමර උනොත් සකි එතනයි නිවන - සෙමරා වලිගයට ආලෙන් දිවි පුදන - කෙසරා ජීවිතය ගිය මුත් තණ නොකන - වඳුරා නාකි උනමුත් උඩමයි ගමන”
  • හැඩට නැටුවත් මොණරා ගේ පුක එළියේ ලු [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] – 032. නච්ච ජාතකය: යටගිය දවස ප්‍රථම කල්පයෙහි සිව්පාවෝ සිංහයකු රජ කළාහුය. මත්ස්‍යයෝ ආනන්ද නම් මත්ස්‍යයා රජ කළාහුය. පක්ෂිහූ ස්වර්ණාහංසයා රජකළාහුය. ඒ ස්වර්ණහංසයාගේ වනාහි ධීතෘවූ හංසපොතිකාව විශිෂ්ට රූ ඇත්තීය. හංසරාජතෙම ඒ හංසධෙනුවට වරයක් දුන්නේය. ඕතොමෝ තමාගේ සිතට රුචි වූ ස්වාමියකු ප්‍රාර්ථනා කළාහුය. හංසරාජතෙම තමාගේ දුවනියන්ට වරය දී හිමාලය වනයෙහි සියලු පක්ෂින් රැස්කරවුයේය. අනේකප්‍රකාරවූ හංස, මයුරාදී පක්ෂි සමූහයෝ රැස්ව එක් මහත් වූ පහණතෙලෙක්හි රැස්වූවහුය. හංසරාජතෙම තමහට සිත්කළු වූ ස්වාමියෙකු අවුත් ගන්වයි කියා දුවනියන් කැඳවූයේය. හංසධේනුතොම පක්ෂි සමුහයා බලන්නී මැණික්වන් ශ්‍රීවය ඇති විසිතුරු පත් ඇති මයුරයකු දැක මේ තෙම මට ස්වාමි වේවායි කැමතිවුවාහුය. පක්ෂි සමූහයෝ මයුරයා කරා එළඹ මෙසේ කීයාහුය. යහළු මයුරය මේ හංසරාජයාගේ දුවනියෝ මෙපමණ පක්ෂීන්ගේ මධ්‍යයෙහි ස්වාමියෙකු කැමතිවන්නී තොප කැමතිවූවායයි කිවාහුය. එවෙලෙහි මයුර තෙම දැන්ම වනාහි මාගේ බලය නුදුටුයෙහි දැයි කියා ඉතා සතුටු හිරි ඔතප් දෙක බිඳ පළමුකොට මහත්වූ පක්ෂි සමූහයාගේ මැද පක්ෂපත්‍රටන් දිගුකොට නටන්නට පටන් ගත්තේය නෘත්‍ය කරණුයේ නොසැඟවුනා වූ වර්ඡස්මාර්ගය ඇතිවූයේය. ස්වර්ණහංසරාජතෙම ලජ්ජාවට පැමිණියේ මොහුට අධ්‍යාත්මිකව පහළ වන්නා වූ හිරිද නැත්තේය. ඛාභ්‍යව පවත්නා වූ භයද නැත්තේය. හිර ඔතප් දෙක බිඳුනා වූ මොහුට මාගේ දුවනියන් නොදෙමි කියා පක්ෂි සමූහයා මධ්‍යයෙහි මෙසේ කීසේක. මයුරය තාගේ ශබ්දය මනොඥය, පිටත සිත්කළුය, ශ්‍රී වයද වෛඩුර්යය මාණික්‍යයෙහි වර්ණ හා සදෘශය, තාගේ පිංජහාරයෝද ව්‍යාම මාත්‍රයහ, මෙසේ රූපීවූවද හිරි ඔතප් දෙක බිඳ නෘත්‍ය කළ හෙයින් මෙබදූ ලජ්ජා නැත්තා වූ තොපට මාගේ දුව නෙදෙමි කියා හංසරජ එම පර්ෂිත් මධ්‍යයෙහිම තමාගේ බෑනා වූ හංසපොතකයාහට තමාගේ දුවනි වූ හංසධේනුව දුන්සේක. මයුරතෙම හංසපෝතිකාව නොලැබ ලජ්ජාව එයින් පැන නැගී ගියේය, හංසරජ ද තමා වසන තැනටම ගියේය. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මහණෙනි, මේ මහණ හිරිඔතප් දෙක බිඳ රත්න ශාසනයෙන් පිරිහුනේ දැන් මතු නොවෙයි පෙරත් ස්ත්‍රීරත්නය ලැබීමෙන්ද පිරිහුනේමයයි වදාරා මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා පූර්වාපර සන්ධි ගලපා මේ නච්ච ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි මයුරතෙස දැන් මේ බහුභාණ්ඩික මහණවූයේය. හංසරාජව උපන්නෙම් වනාහී තිලෝගුරු සම්‍යක් සම්බුදු රජවූ මම්ම වේම්දැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
  • හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ (45) / හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් දැනෙයි / හැදෙන ගහ දෙපෙත්තේ දී දැනෙයි (21) / ඇති වෙන ගහ දෙපෙත්තෙන් දැනෙයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The tree which will grow could be known when two leaves spring out (22) / The tree which will grow can be known when two leaves spring out (21) - යම් කෙනෙකු හොඳ කෙනෙකු වේ ද නරක කෙනෙකු වේද කියා කුඩා කල ගතිගුණවලින් දැන ගන්න පුළුවන් (52) - "කියන කලට කීවත් කෙලෙසිනේයා - කරන කල නොසරු සරු බව දැනේයා - ඉගෙන ගැනුම ඈ වැඩ මෙලෙසිනේයා - හැදෙන ගහ දෙ‍පෙත්තේදී දැනේයා" – Used in 148. විරොචන ජාතකය - රජ්ජුරුවෝ තාපසයන් වැඳ “වැඩහිඳිනේ වඩිනේ කොයිදැ?”යි විචාළහ. එවිට තාපසයෝ කියන්නාහු “මහරජ හිමාලය වනයෙහි වාසයකොට වර්ෂා කාලය පැමිණි කල්හි වස් වසන තැනක් සොයා ඇවිදිම්හ”යි කීහ. එපවත් රජ්ජුරුවෝ අසා “මාගේ මඟුල් උයනෙ වස් වසන්නේ යහපතැ”යි කියා තුමූ බත් කා ඉක්බිති තාපසයන් වහන්සේ කැඳවාගෙන උයනට ගොස් උයනේ වැඩ ඉන්ට සලස්වා උයන්ගොව්වා කැඳවා “මුන්වහන්සේ අතපා මෙහෙවර කරන්ට තොපට භාරය”යි භාරකොට රජගෙට අවුත් එතැන් පටන් දවසකට කීපවිටක් තාපසයන් දකින්ට යන්නාහ. මේ නියායෙන් දවසරින සමයෙහි රජ්ජුරුවන්ගේ දුෂ්ඨ කුමාරයෝ යයි කුමාර කෙනෙක් ඇත්තාහ. ඒ තෙම චණ්ඩය, පරුෂය, දණ්ඩෙන් ගසනලද සර්පයෙකු මෙන් කෝපයෙන් දවසරිනේය. ඒ අවදියේ දෙමව්පියන්, බන්ධු, සාහාය ආදී වූවන් කීදෙයක් නොඅසන්නේය. එපවත් රජ්ජුරුවෝ දැන කුමාරයන් ඇරගෙන තාපසයන් වහන්සේ ලඟට ගොස් “ස්වාමීනි, මේ කුමාරයා චණ්ඩය, පරුෂය. ඔහු හික්මවා වදාළ මැනවැ”යි කියා තාපසයන් වහන්සේට පාවාදී රජ්ජුරුවෝ ගියාහ. තාපසයෝත් කුමාරයන් අත අල්වාගෙන උයනේ ඇවිදිනාහු දෙපෙති කොහොඹ ගසක් පෑ “කුමාරයෙනි, මින් එක පතක් සපා කා පියව”යි කීහ. “යහපතැ”යි කියා කුමාරයෝ ඉන් එක පතක් සපා කා තිත්ත හෙයින් කෙළ හා සමඟ බිමට දමා “දෙපෙති අවස්ථාවේ මෙසේ මහත් වීනම් බොහෝ නසාපිය”යි කියා ඒ ගස උදුරා අතින් ඝටා දමාපුවාහ. එවිට තාපසයෝ කියන්නාහු “දුටුවාද, කොහොඹ ගස තිත්ත විසින් කඩා දමනලද, ඒ නියායෙන් මේ අමාත්‍යයෝ මේ කුමාරයෝත් දැන්ම මෙසේ වූ චණ්ඩය, පරුෂය රාජ්‍යයට පැමිණියහොත් බොහෝ අනර්ථ කරන්නේය”යි කියා තොපත් නසන්නාහ. එසේ හෙයින් තොප විසින් චණ්ඩ, පරුෂ නොව දැහැමෙන් දවස් හරුව”යි අවවාද කීසේක. අවවාද ඇසූ කුමාරයෝ එතැන් පටන් චණ්ඩ, පරුෂ නොවී දවස් ඇරියාහ. රජ්ජුරුවන්ගේ ඇවෑමෙන් දැහැමෙන් සෙමෙන් රාජ්‍යය කොට කම් වූ පරිද්දෙන් මියපරලොව ගියාහයි වදාරා
  • හැන්දය් හොද්දයි දෙකම ළඟ තියා ගෙන බෙදාගන්නේ නැතිව බලා ඉන්නවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා]
  • හැම විජ්ජාවකටම වඩා ගැලවිජ්ජාව හොඳ ලු [විශ්වාස][කතා][වාර්තා] - The best jugglery is the jugglery of escape from trouble (21) - සිංහ ඇටසැකිල්ලට පණ දෙන මන්තරේ - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 49 (11) - English: Discretion is the better part of valour - It is better to be prudent than merely courageous - as in I'm signing up for the easy course first; discretion is the better part of valour. - 149. සංජීවක ජාතකය - යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි බෝධිසත්ත්‍වයන් වහන්සේ බරණැස් නුවර බ්‍රාහ්මණ කුලයක ඉපිද වැඩිවිය පැමිණ දිසාපාමොක් ආචාරීන් ගාවාට ඇවිත් ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන අවුත් බරණැස් නුවර දිසාපාමොක් ආචාරීන්ව පන්සියයක් අතවැස්සන්ට අකුරු කරවා වාසය කරන්නාහු. ඉන් එක් සංජීවක නම් මානවකයකුට මළමිණී මන්ත්‍රය පිරුවා දේවතානුභාවයෙන් උපද්දා කීප අඩියක් ඇවිදිනා පමණට මන්ත්‍රය ඉගැන්වූහ. ලඟට ආ කළ නවතන මන්ත්‍රය නීගැන්වූහ. එසමයෙහි ඒ ශිෂ්‍යයා ඇතුළු වූ පන්සියයක් ශිෂ්‍යයෝ වලට දරකඩා ගියාහ. එවිට “ව්‍යාඝ්‍රයෙකු උපද්දා දෙම්හ”යි කීහ. අතවැස්සන් “එනම් දෙයක් කවර කලකත් බැරිය”යි කියන්නා “එසේ වීනම් බලව”යි කීය. මන්ත්‍ර පිරුවන්ට පටන් ගත්හ. සෙසු අතවැස්සෝ “කවුරු දනිද්දැ”යි කියා ගස් උඩට පැන නැන්ගාහ. ඒ තෙමේ මන්ත්‍රය පිරුව පිරුවා ගල් දැම්හ. එවිට ව්‍යාඝ්‍රයා නැගීසිට මන්ත්‍රය පිරූ තෙනැත්තහුගේම බෙල්ල කඩා මරා තෙමේත් එතනම වැටී ගියේය. සෙසු අතවැස්සෝ දරකඩා ගෙනවුත් ආචාරීන්ට කීහ. එපවත ඇසූ ආචාරීන් ශිෂ්‍යයන් ලඟට කැඳවා “අසත්පුරුෂයාට සංග්‍රහ කිරීමෙහි විපාක ලද්දේ වේදැ”යි දැහැමෙන් සෙමෙන් සුචරිත පින්කම්කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියෝ වේදැයි වදාරා
  • හැමෝගෙම මස් මම කනවාය මගේ මස් කවුරුත් කන් නැතිය කියා කපුටා කීවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - I eat the flesh of every cue, but no one eats my flesh," said the crow (22) - As no one eats its flesh it sorrowfully cries out: Kat-ka “ I eat everybody ”, according to Sinhalese folklore (21)
  • හැමෝම අඬන නිසා මාත් ඇඬුවා කිව්වා ලු [විශ්වාස][කතා][වාර්තා] - කතාව බලන්න, ගුණරත්න 2010 A පිට 30 (4)
  • හැරෙන තැපෑලෙන් උත්තර දුන්නා [වාග්ව්‍යවහාර] - English: by return of post, - immediately

හි[සංස්කරණය]

  • හිඟන්නන්ට උණු බත් කොයින් ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - What hot rice for beggars? (21) - Rice that is hot is, tastier than the cold (21) – English: Beggars can’t be choosers - People who depend on the generosity of others can’t pick and choose things as per their liking. They’ve to accept what is given to them. Example: X: I borrowed this jacket from my friend, but it’s not one of his nice ones. Y: Well, but beggars can’t be choosers (32)
  • හිඟන්නාගේ තුවාලය වගේ (45) [විශ්වාස][ප්‍රපංච][උපමා]
  • හිඟන්නාගේ පාත්තරය බින්දා සේ (10) [විශ්වාස][ප්‍රපංච][උපමා]
  • හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා ‍වැටුනා වගේ / ගැහුවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like Saturn falling into the bowl of the beggar (21) - As, for instance, when a guest turns up at the house of a man who finds it difficult to feed even his own family (21) - අසරණව සිටින අයෙකු තවත් අසරණ කිරීම (37) දුකක් විදගෙන සිටින අතර තවත් විපතක් පැමිණීම (41) / හිඟන්නාගේ පයියේ හෙනහුරා ‍වැටුනා වගේ Like Saturn falling into the bag ox the beggar. Misfortunes never come singly.
  • හිඟන්නා සහ වෙළෙන්දාට පාර වරදින්නේ නැහැ A beggar and a trader cannot be lost (54)
  • හිටි පිලට මදු පටක් [විශ්වාස][ප්‍රපංච][වාර්තා] (?)
  • හිත ඇත්නම් පත කුඩා ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - If there is an inclination to eat, the quantity of rice in the plate is not small (22) - උත්සාහය තිබේනම් කරන්ට බැරි දෙයක්‌ නැති බැව් කීමට (48) - "නැත වත් කම් අසරණ කම නෑ සුහද - වෙත පත් නම් පිහිටක් නොව දුදන තද - සිත සත් දම් හවෙනි බොරුවෙන් නොමද - හිත ඇත්නම් පත කෙලෙසින් කුඩා වෙද"
  • හිත ගිය තැන මාලිගාව [විශ්වාස][ප්‍රපංච][වාර්තා] සමාන කතාවක් බලන්න, ගුණරත්න 2010 B පිට 84 (5)
  • හිත තිබුනත් මොකට ද, පත කුඩා නම්? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - What avails the inclination to eat, if the quantity (of rice in the plate) is small? (21)
  • හිත හොඳ ගෑණි හැමදාමත් බඩින් ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • හිතුවත් මෙර උසට, ලැබෙයි තම කළ කුසල් පමණට [ආප්තෝපදේශ] - Though your hopes are as high as Maha Meru you will get according to your merits (22) - Meru is the sacred mountain of mythology, whose height is said to be 168,000 yojanas (a yojana is about nine miles), 84,000 of which are below the surface of the earth (21)
  • හිතේ හැටියට කල යයි ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A man will pass his days according to the purity of his mind (22) / One’s prosperity will be proportioned to the purity of his mind (21) – English: You can’t always get what you want (32) (sic). Sometimes you may face disappointments in your pursuits, or your wishes may not be fulfilled. Example: X: I want a bike on my birthday. Y: Sorry, you can’t always get what you want.
  • හිරගේට මාර්ගය නම් ගෑණි ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Woman is the way to prison (21) - The Tamils similarly are not very complimentary to womankind. They say: (a) “He who listens to the advice of a woman is a fool.” (b) “No matter how skilled a woman may be in numbers (figures) and letters, her judgment will be the second rate.” (c) “The thoughts of a woman are afterthoughts.” (4) “Though she may wear cloth upon cloth and is able to dance like a celestial, she is not to be desired if she can press a style on a palm leaf (i.e., is able to write.)” (21) – Synonymous: පෝරකේට යන්න ඉනිමඟක් නැතිවාට ගෑණියෙක් ඇති ලු
  • හිරයක් දෙන කොට සොයා දෙන්නත් ගේන කොට නොසොයා ගේන්නත් [උපදේශ][ප්‍රපංච][විධාන] - Inquire when giving in marriage, but you need not when bringing in marriage (21) - That is, inquire well into the caste before giving a female child in marriage, but you need not be so particular about caste when taking a girl in marriage. The Tamils have a similar saying, “Know the parentage, and then give a girl in marriage.” (21)
  • හිරු අසලේ, සඳු නොදිළේ / හිරු අසලේ, සඳු වසලේ [විශ්වාස][සාහිත්‍ය][වාර්තා] - බලවන්තයෙක් වුව ද ඊටත් වඩා බලවතකු ළඟ දෙවැනි වේ - සුභාෂිතය "විහිදු තුරු සෙනඟ පිරිවර යුතු නොමින - සිනිඳු අමා කිරණින් ලොව බබුළුවන - තරිඳු දිනිඳු හමුවත නොදිලෙන ලෙසින - කෙබඳු කෙනෙක් ලුහු නොම වෙති අන් සදන" / 167. සකුණග්ඝි ජාතකය: How a weak person can survive in his home and how a strong person can get defeated in unknown places - යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි බෝධිසත්ත්‍වයන් වහන්සේ කැටකිරිලිව උපන්සේක. කැටකිරිලිව ඉපිද සීකැට අස්සේ ගොදුරු කා නෑයන් හා සමඟ වසන්නා වූ කැටකිරිලි තොමෝ එක් සමයෙක “අන්‍යභූමියෙක ගොදුරු සොයා කමි” සිතා ඔබ්බකට ගොස් තැනි බිමක ගොදුරු සොයා කමින් සිටියේය. ඒ වේලාවට එක් උකුස්සෙක් කැටකිරිල්ලට නොඅඟවා අවුත් ගසාගත. කැටකිරිලි උකුස්සා ගසාගෙන යමින් සිටියෙදී හඬ හඬා කියන්නී “මාගේ විෂය නොවූ පරවිෂයට අවුත් මේ සා දුක් පැමිණියේය. මාගේ විෂය වීනම් මට කුමක් කොට පියන්නෝ ඇද්දැ?”යි කීය. - එබස් ඇසූ උකුස්සා “එසේ වීනම් තාගේ විෂයට ගොස් හිඳූ, තාගේ විෂය මම ගසාගත නොහෙම්දැ”යි කියා කැටකිරිල්ල අත අළහ. එවිට කැටකිරිල්ල ඇවිත් සී කැට මධ්‍යයේ හිඳ “මෙවිට මා ගසාගතැ”යි කීය. එබස් උකුසු අසා මහා වේගයෙන් ගසන්ට අවුත් ලඟට “දැන් දැන් ගසමි” කී අවස්ථාවට සී කැටයෙන් බිමට බැස සැඟවින, උකුසුත් ආ වේගය රඳවාගත නොහී සී කැටෙහි ලය තලාගෙන දැස් උඩ හිඳුවා මළේය. ඒ දක්වන්නා වූ සර්‍වඥයන් වහන්සේ “මහණෙනි, යම් සේ දෙමව්පියන් ඉන්නා වූ ස්ථානයෙන් ඔබ්බට ගියා වූ කැටකිරිල්ලී යම් සේ දුකට පැමිණයේද? පියාණන් නෑවිඳුනා වූ මග ඇවිදුනා වූ භික්‍ෂූන්ට එසේම වන්නේය. භික්ෂුන්ට පියාණෝ කවුරුදැයි යතහොත්? සර්‍වඥයන් වහන්සේය. උන්වහන්සේ වදාළ මර්ගය නියාවට පිළිපැදීම උතුම, යම් සේ කැටකිරිලි සී කැට ඇති තැන ගොදුරු නොකා තැනි බිම ගොදුරු කන්ට ගොස් උකුස්සාට අසූවිද? එම නියායෙන්ම මහණෙනි, රූපශ්‍රීයක් දැක ඊටම චක්‍ෂුරින්ද්‍රීය එලීමෙන්ද, යමෙක් තෘෂ්ණාවට වාල්විමෙන්ම ඉන්ද්‍රිය එලීමය යනාදී රූපාලම්බනයෙහි ඇල්මකොට මෘත්‍යුමාරයාට අසුවන නියාව යහපත් තෙනට ගොදුරට නොගොසින් උකුස්සාට අසුවූවාක් මෙන් එසේ වූ රූපාලම්බනයෙහි සිත නොඑලවා සර්‍වඥයන් වදාළ ප්‍රතිපත්ති නියාවට දවස් හැර සංසාරසාගරයෙන් ගැලවී යාම නම් තමාගේ ස්වකීය ස්ථානයට ඇවිත් ගැළවී ගියා වූ කැටකිරිල්ල වැන්නේය. මහණෙනි, ඒ කැටකිරිල්ලිත් මළා වූ උකුස්සා පිටට පැන නැගී මාගේ ස්ථානයට පැමිණි හෙයින් පසමිතුරා පිටු දක්වන ලදැ”යි වදාරා ‘සකුණග්ඝි ජාතකය’ නිමවා වදාළසේක. ජාතකාවසානයෙහි බොහෝ සත්ත්‍වයෝ සෝවාන් වූහ.
  • හිසේ තියා ගන්නවා [වාග්ව්‍යවහාර] - ඕනෑවට වඩා ලොකු සැළකිල්ලක් දක්වනවා - make a fuss of (or over) - treat (a person or animal) with excessive attention or affection - "their grandmother made such a fuss of them" (15)
  • හිසේ පළඳින ඔටුන්න පයේ ලාගැනීම ඔටුන්නේ වරදක් ද? [විශ්වාස][සාහිත්‍ය][ප්‍රශ්න] - Is the crown which ought to be worn on the head to blame if it be pat on the feet? (22) - සුභාෂිතය “අබරණ සමඟ සිටි පිරිවර ද තම වෙත - නොදෙරණ තැන යෙදුවොත් නොම වේ දිමුත - කොපමණ රජ ඉසුරු ලදුවත් මුළු දියත - සිළුමිණ සරණ බඳ හොත් අපහස කරත”

හී[සංස්කරණය]

  • හී දාට හීය ගී දාට ගීය [උපදේශ][ප්‍රපංච][විධාන] - Plough when it is time to plough, sing when it is time to sing (22) / In other words, plough when it’s time to plough, and sing when it’s time to sing (21)

හු[සංස්කරණය]

  • හුනු නැති බුලත්විට වගේ [විශ්වාස][කතා][උපමා] - වසභ / වසඟ කුමරු වගේ - විජේතුංග 2013 පිට 44 (17)
  • හුන්ගෝ ඇති වලේ අත දැම්මා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like putting the hand into a hole full of hungas – Hungas (Stinging Catfish - Heteropneustes fossilis) is a kind of prickly fish found in rivers (22)
  • හුළඟට කතා කරනවා වගේ [වාග්ව්‍යවහාර] - දෙමහල්ලන් රණ්ඩු වී ඍජුව කතා නොකර "උයන පිහන අය ඉන්නව නම් මස් ගෙනාවා", "බත් කන අය ඉන්නවා නම් කෑම ඇරලා තියෙනවයි කියන්නේ" ආදී වශයෙන් වක්‍රව කතා කිරීම කතාව බලන්න විජේතුංග 2013 පිට 184 and 247
  • හුළඟට දේශනා කරන්නාක් මෙනි [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like preaching to the wind (22)
  • හුළු අත්ත උණු වතුරෙ දැම්මත් එකයි ඇල් වතුරෙ දැම්මත් එකයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - It’s the same whether you dip a firebrand in hot or cold water (21)

හූ[සංස්කරණය]

  • හූනා කිව්වා වගේ [වාග්ව්‍යවහාර] - English: Hit the nail on the head සමාන: කිරි ගහට ඇන්නා වගේ (14)

හෙ[සංස්කරණය]

  • හෙට බඳින්න ඉන්න මනමාලිගෙ කතාව වගේ [විශ්වාස][කතා][උපමා] - Like the remark of the morrow’s bride - A Sinhalese maid was watching the busy building operations by the side of her house, and a passer-by asked her “Why are these sheds and pavilions being put up? ,” “I don’t know,” she replied, “they say it’s for a wedding.” “Whose wedding?” the man again enquired. “I don’t know,” she coyly replied, “they say it’s mine.” (21)
  • හෙට යන මට අද මොනවට බිත්තර මුං බැදන් කන්න කීවා ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - හෙට දීග යන ළමිස්සියක් මෙහෙම කිය කියා ලිප ලන්නට කොරටුවේ ඉනි මාවර කැඩුවා ලු
  • හෙට ලැබෙන ඇතුට අද ලැබෙන වටුවා ජානා [උපදේශ][ප්‍රපංච][වාර්තා] - The snipe today is better than the elephant tomorrow (22) / Today’s snipe is better than tomorrow’s elephant (21)– English: The egg today is worth more than the hen tomorrow (22)
  • හෙට්ටින්ටත් දුරු මුට්ටු වෙනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - Even chettis may run short of spices (22) - The chetties were proverbial as dealers in spices (22)
  • හෙරළි ගෙඩියටත් මිනී මැරුවා වාගේ see කොස් ගෙඩියට මිනී මරනවා වාගේ

හේ[සංස්කරණය]

  • හේතුහාමි කිව්වාට මොකද වේල කන්න නැත්නම්? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - What does it signify to be called “Hetuhamy “if you cannot procure your daily meal? (21) - - Hetu-hamy means “Mr. Fortunate.” For similar Sinhalese sayings, See under Kapuru-hamy and "Kosvatta.” The Tamils have a like proverb, “Her name is Pearl Necklace, yet on her neck she has not a single black bead.” Amongst the Tamils (according to Denham) a man who bears the same name as his grandfather would not be addressed by that name, as it would be considered a breach of etiquette and disrespectful to the elder person bearing that name. The Tamils have a saying: “If a person is present, would you call him by any other designation than that of his relationship? Why, then, when he is absent, should you use his name?” – Refer: නාම සිද්ධි ජාතකය in නමින් කපුරු හාමි වුනත් කට ගඳයි Synonymous: නමින් කොස්වත්තේ කන්නට පොළොස් නැත්තේ

හො[සංස්කරණය]

  • හොදි උතුරා ගේ ගිනි නොගනී [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - The house will not catch fire if the soup bubbles over (22) / The house will not catch fire if the curry bubbles over
  • හොද්දට ගියත් සෙකන්ඩ් වෙන්නේ නැහැ [විශ්වාස][කතා][නිශේධ]
  • හොඳ අපූරු දවසක් යමු බිලි බාන්න කිව්වලු බිම් පනුවා (53)
  • හොඳ කාලෙට සැරයටිය වැල්ලෙ හිටෙව්වත් පැල වෙනවා (10) [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - දෙවොල් දෙවියන් හෙවත් වේරගොඩ දෙවියන් සීනිගමින් ගොඩ බැස සැරයටිය බිම සිටුවා එය ලියලන්නට සළස්වා, සිය තෙද බල පෙන්නීමේ ජනප්‍රවාදය අනුව - කල දසාව හොඳ වූ විට නොවිය හැකි දේවල් පවා සිදු වී බලාපොරොත්තු සඵල වීම - Similar: හොඳ කාලේ ආවහම බඹරේ වැල්ලේ ගැහුවත් කැරකෙනවා - English: All is grist for the mill (14)
  • හොඳ කාලේ ආවහම බඹරේ වැල්ලේ ගැහුවත් කැරකෙනවා [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - කල දසාව හොඳ වූ විට කියන කරන සියලු දේ සඵල වීම - Similar: හොඳ කාලෙට සැරයටිය වැල්ලෙ හිටෙව්වත් පැල වෙනවා / කොයි අතට ගැහුවත් හය පහ වැටෙන පස ඇට - English: All is grist for the mill (14)
  • හොඳ දිය බලා ගෙන බොර දිය බොන්නා සේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Drinking muddy water while gazing at clear water (21) - Latin: video meliora proboque deteriora sequor - I see and approve of the better, but I follow the worse. From the Metamorphoses VII. 20–21 of Ovi
  • හොඳ නරක රිය සක වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Good as well as bad is like the cartwheel (21) ධම්මපදය යමක වර්ගයේ පළමු ගාථාව “මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා - මනසා චේ පදුට්ඨේන - භාසති වා කරෝති වා - තතෝ නං දුක්ඛමන්චේති - චක්කංච වහතෝ පදං” (?)
  • හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ එළි වෙන යාමෙට /ජාමෙට ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා]
  • හොඳම කෑම හොරෙන් කෑම [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - විශේෂයෙන් අනියම් සම්බන්දතා ගැන
  • හොර හරකාගේ කරේ ඈඳූ හොඳ හරකත් හොරා වෙනවා ලු [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - A good bull yoked with a bad one will also become bad (22)
  • හොරකම වුනාට පස්සේ රැකවල් දානවා වගේ (50) [විශ්වාස][ප්‍රපංච][උපමා] - කාගෙ කාගෙත් ඇහැ ඇරෙන්නෙ යමක් උනාම ලු - කිසියම් සිදුවීමක් සිදුවුණාට පසුව ඒ ගැන සැලකිලිමත්වීම (33) – සමාන: අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහනවා වගේ / ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දන්න බැහැ ලු / ආඳා යවා තබාලා වල්පත අතට ගත්තා සේ - ලෝවැඩ සඟරාව "අසල් ගෙයක සොරකම් ගිය දවසෙක - කුහුල් සිතින් ඉන්නේ තම ගේ රැක" – English: 1. Shut the stable door when the steed is stolen / To close the stable door after the horse has bolted / 2. It’s easy to be wise after the event - It is easy to understand what you could have done to prevent something bad from happening after it has happened. Example: I would have never bought an apartment if I had known that the land on which it has been built is disputed. Well, it’s easy to be wise after the event (32)
  • හොරත් ගේ ඇත්තත් එකතු වුනා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the thief and the master of the house forming a league (22) / Like the thief and the master of the house combining - The Tamils have a saying : “If a thief and a gardener combine, one may steal till daylight.” Also, “‘The thief is found to be the gardener” (21)
  • හොරා කාපු එකී ලුණු පොල්කට්ටෙත් ඇඟිල්ල ගහනව ලු [විශ්වාස][කතා][වාර්තා] - කතාව බලන්න, බමුණුසිංහ 2014 පිට 28 (11)
  • හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ / අහන‍වා වගේ [විශ්වාස][කතා][උපමා] - Like inquiring from the thief's mother about the' things lost (22) / Like asking the thief’s mother about the stolen goods (21) - The woman was a soothsayer to whom the man who lost his goods went for consultation, in ignorance of the fact that she was the mother of the thieves who were the actual culprits in the case. In the circumstances she was, scarcely likely to put them on the right scent (21) - වැරදි වසන්කරන අයගෙන්ම වැරැද්දක් ගැන ඇසීම (39) / තොරතුරු වසන් කරන අයෙකුගේන් එම තොරතුරු ඇසීම (44) / යම් වරදක් කල පුද්ගලයාගෙන්ම ඒ ගැන විමසීම (37) / වැරදි වසන් කරන අයගෙන් ම වැරැද්දක් ගැන ඇහුවා වගේ (52) / Similar Story with a father 097. කූටවාණිජ ජාතකය - යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන කල්හි අප මහබෝසතා‍ණෝ බරණැස් නුවර වෙළඳ කුලයක උපන්නාහුය. ඒ බෝධිසත්ත්‍වයින්ට නම් තබන දවස් ‘පණ්ඩිතයෝ’යයි නම් තැබූහ. ඒ මහබෝසතාණෝ වැඩිවිය පැමිණ අන් වෙළෙඳකු හා සමග එක්වගෙන වෙළදාම් කෙරෙති. ඔහුට ‘අතිපණ්ඩිත’යයි නමෙක් විය. ඔහු දෙදෙන බරණැස් නුවරින් පන්සියයක් ගැලින් බඩු පටවාගෙන ජනපදයට ගොස් වෙළඳාම්කොට ලාභ ලැබගෙන නැවත බරණැස් නුවරටම අවාහුය. ඉක්බිත්තෙන් ඔහු දෙදෙන බඩු බෙදන කල්හි අතිපණ්ඩිතයෝ “මා විසින් දෙකොටසක් ලැබිය යුතුය”යි කිවූය. “කුමක් නිසාදැ?”යි කී කල්හි “තෙපි පණ්ඩිතයෝය, මම අතිපණ්ඩිතයෙමි. එසේ හෙයින් පණ්ඩිතයෝ එක් කොටසක් ලබන්ට නිස්සෝය, මම අතිපණ්ඩිත හෙයින් දෙකොටසක් ලබන්ට නිස්සෙමි”යි කීය. එබස් අසා මහබෝසතාණෝ කියන්නෝ “අප දෙදෙනාගේ බඩු මිලත් ගොනුත් සරිතරම් (ප්‍රමාණයෙන් සමානය) නොවේදැයි, එසේ කල දෙකොටසක් ලබන්නට කාරණ කවරේදැ?”යි විචාළෝය. “මා අතිපණ්ඩිත බැවිනැ”යි කීය. මෙසේ ඔහු දෙදෙන බසින් බසට කලහ කළාහුය. ඉක්බිත්තෙන් අතිපණ්ඩිතයෝ “එක් උපායෙක් ඇත” සිතා තමන්ගේ පියාණන් ගස් සිදුරෙක්හි (බෙනයක) හිඳුවා කියන්නේ “තොපි අප හැමදෙනම මෙතනට ආ කල අතිපණ්ඩිතයෝ දෙකොටසක් ලබන්නට නිස්සෝයයි කියාලව”යි කියා බොධිසත්ත්‍වයන් සමීපයට ගොස් “සබඳ මට දෙකොටසක් ලබන්නට නිසි නියාවත් මේ වෘක්‍ෂ දේවතාවා දන්නේය, වරෝ යම්හ, ඔහු අතින් විචාරම්හ”යි කියා මහබෝසතාණුත් එතනට කැඳවාගෙන ගොස් “ස්වාමීනී, වෘක්‍ෂ දේවතාවන් වහන්ස අපගේ යුක්ති පසිඳින මැනව”යි (නඩුව විසඳනු මැනවයි) කිවුය. ඉක්බිත්තෙන් ඕහට අතිපණ්ඩිතයෝ කියන්නාහු “මූ පණ්ඩිතයෝය, මම අතිපණ්ඩිතයෝය, අප දෙදෙනා විසින් එක්ව වෙළදාම් කරනලද, අප දෙදෙනාගෙන් කවුරුන් විසින් දෙකොටසක් ලැබ්බ යුතුදැ”යි විචාළ කල්හි “පණ්ඩිතයන් විසින් එක් කොටසක් ලැබ්බ යුතුය. අතිපණ්ඩිතයන් විසින් දෙකොටසක් ලැබ්බ යුතුය”යි කීය. එකල්හි මහබෝසතාණෝ මෙසේ විනිශ්චය කරනලද යුක්තිය අසා “දැන් තා දේවතා නියාවත්, දේවතාවා නොවන නියාවත් දන්නෙම් වේදැ”යි කියා පිදුරු ගෙන ගස් සිදුර පුරවා ගිනි මෙළවූය. එකල්හි අතිපණ්ඩිතයන්ගේ පියා ගිනි දැල් ඇඟ ගැසෙන්ට පටන්ගත් කල්හි ශරීරයෙන් අර්‍ධයක් දක්වාගෙන උඩට පැන නැඟී අත්තක් අල්වාගෙන එල්ලමින් ධරාගත නොහී (වාවාගත නොහැකිව) බිමට වැටී අඬමින් කියන්නේ “මේ ලෝකයෙහි කාරණා දන්නා වූ පණ්ඩිත භාග්‍යයෙන් යුක්ක වූ උත්තම පුද්ගලයාම යහපත් වන්නේය, අතිපණ්ඩිතයා යන නාම මාත්‍රයකින් වඤ්චා ස්වභාව ඇති කූට පුරුෂයා යහපත් නොවන්නේය, කුමක් නිසාද? යත්, වඤචා ස්වභාව ඇති පණ්ඩිතයන්ට පියව (පියා වී) මදක් දා ගියමෝ (පිලිස්සී ගියා) නොවේදැ”යි මෙසේ බැගෑපත්ව හැඬුයේය. ඉක්බිත්තෙන් ඊ පණ්ඩිත අතිපණ්ඩිත දෙදෙන මධ්‍යයෙන් දෙකක්කොට වස්තු සරිකොටස් ගසා (මුදල්ගොඩ සමව බෙදා) ඇරගෙන කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය.
  • හොරාට ඉස්සර කෙහෙල් කැන වැට පැන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - The bunch of plantains jumped over the fence before the thief (22) – යම් අනු ක්‍රමයක, පසුව කළ යුතු දෙයක් මුලින් කිරීම - English: Don’t put the cart before the horse. Do things in proper order. ‘Horse before the cart’ is the proper order, and not ‘cart before the horse.’ Example: Don’t put the cart before the horse by finalizing the house you want to buy before you arrange the funds for down payment (32) සමාන: අශ්වයාට ඉදිරියෙන් රථය යෙදුවා වගේ / කුකුළාට ඉස්සර වෙලා පෙඳේ දිව්වා වගේ / ගොනාට ඉස්සෙල්ලා කරත්තෙ දුවනවා වගේ
  • හොරාට උදව්වට ගිහින් රෙද්ද නැතිව ගෙදර දිව්වා වාගේ - (ගොසිප් ලංකා වෙබ් අඩවියෙන්) –“ඔන්න එක ගමක හොරෙක් උන්නා. මේ හොරා තරුණ වියේ ඉඳන්ම හොරකමෙන් තමයි ජීවත් වුණේ. ඒ විතරක් නෙවෙයි, ඒ හොරා ඉන්න ගමේ හැමෝම දැනගෙන උන්නා හොරා ගැන. ගමේ කුමක් හෝ හොරකමක් වුණොත් හොරාට තමයි දඬුවම් දෙන්නේ. මා තවත් දෙයක් තියෙනවා. මේ ගමේ එක පවුලක් උන්නා. ඉතින් මේ ගෙදර ස්ත්‍රිය අර හොරා එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගියා. හොරා බඩු හොරකම් කළ විට ස්ත්‍රියටත් ගෙනත් දෙනවා. හොරා සහ ස්ත්‍රියගේ සම්බන්ධතාවය ගැන ඇයගේ සැමියාවත් දැනගෙන උන්නෙ නෑ. ඉතින් ඔන්න දවසක් හොරා ගමේ බොහොම උගත් කෙනෙක්ගෙ ගෙයක් බින්දා. ඉන්පස්සෙ ඒ බඩු ටික ඔහුගේ ගෙදරම සඟවා තැබුවා. ඉතින් ඔන්න උදේ පාන්දරින්ම අර මිනිහා තමන්ගෙ බඩු හොරා විසින් ගන්නට ඇතැයි සිතලා තවත් පිරිසකුත් එක්ක හොරාගෙ ගෙදරට ගියා. ගිහින් මුළු ගෙදරම සෝදිසි කරලා බැලුවා. මේ විදිහට මුළු ගේ ඇතුළෙම අවුස්ස අවුස්ස බලන විට ඔහුගේ නිවසේ තිබුණු බඩු ටික මේ හොරාගෙ ගෙයි තිබිලා හමුවුණා. බඩු ටික හමුවුණා විතරයි සියලු දෙනාම හොරාට ගහන්න සූදානම් වුණා. එවිට හොරා මෙසේ කීවා."අනේ මම මේ බඩු හොරකම් කළේ නෑ. ඊයෙ රෑ මම කැලේ මැදින් එනකොට මේ බඩු ටික කැලේ තිබිලයි හම්බවුණේ. මම හොරකම් කරන එක නවත්තලා හුගක් කල්. අනේ මට නම් ගහන්න එපා. මම මේ හොරකම නම් කොහෙත්ම කළේ නෑ." ඉතින් මේ විදිහට හොරා බොරු කියමින් අඬන්න පටන් ගත්තා. බඩු අයිති මිනිසා මෙසේ කීවා. "හොඳයි, උඹ බඩු ගත්තෙ නැත්නම් උඹ නිකන් කියන දේ අපට පිළිගන්න බෑ. අනිද්දාට මාසෙ පෝය. එදා උදේට උඹ කැලේ දෙවියන්ගේ ගහ ළගට එන්න ඕනෙ. උඹ කැලේ දෙවියන්ගේ ගහ ළඟ දිවුරලා කිව්වට පස්සෙ අපට හිතුණොත් උඹ ඇත්ත තමයි කියන්නෙ කියලා, උඹට නිදහස් වෙන්න දෙනවා." දැන් ඉතින් මොකද කරන්නෙ? හොරා හොඳටම බය වුණා. ඔහු හනික අර සොර බිරිඳව සොයාගෙන ගියා. ගිහින් සියලු විස්තරේ කියා මෙසේ ද කීවා. "කැලේ දෙවියන්ගේ ගහේ බෙනයක් තියෙනවා. මම අද රෑට ඒ බෙන්නේ කට ලොකු කරලා කොළ අතු වලින් වහලා තියන්නම්. ඔයා පෝය දවසේ උදෙන්ම ගිහින් ඒ බෙනය ඇතුළෙ හැගෙන්න. මම දිවුරලා කිව්වහම, "නරපණුවෝ, මම නුඹේ දිවුරුම බාර ගන්නවා" කියලා තුන් සැරයක්ම කියන්න. එතකොට බඩු අයිති මිනිහා මම කියන දේ පිළිගනියි."ඉතින් ඒ ගැහැනියත් ඒකට කැමැති වුණා. ඔන්න මාසෙ පෝය දවසත් ආවා. මේ හොරත් හැමෝම ඉස්සරහ තමන් හොරකම් නොකළ බවට අර කැලේ දෙවියන්ගේ ගහට අත තියලා දිවුරුවා. බෙනය ඇතුළෙ හැංගිලා ඉඳපු අර ගැහැනිය, සොරා කියූ ලෙසම මෙසේ කීවා. "නරපණුව, නුඹ නිදෝශයි."  හරි පුදුමයක්! ඔය විදිහට මේ ගහේ දෙවියන් කවදාවත් කතා කරලා තිබුණෙ නෑ. ඒ නිසා අර බඩු අයිති මිනිසාට මේ වෙච්ච වැඩේ ගැන සැක හිතුණා. ඔහු ගහ වටේ ටිකක් විපරම් කරලා බැලුවා. ඔහු දැක්කා ගහේ බෙනය වටේම කපලා කොටලා අතුවලින් වහලා තියෙනවා. ඔහු හිතුවා හොරාගෙ කවුරුන් හෝ බෙනය ඇතුළෙ සැගවිලා ඇති කියලා. ඔහු මිනිසුන්ට මෙසේ කීවා. . "කැලේ දෙවියන්ට උපහාර කරන්න ඕනි. ඒ නිසා ගහ වට්ට වේලිච්ච කොළරොඩු ටිකක් දැම්මොත් හොඳයි."ඉතින් අනික් මිනිස්සුත් එසේ කළා. ඉන්පස්සෙ අර මිනිසා ගහ වටේට්ටම ගිනි තිබ්බා. දැන් ගහ වටේම ගිනි ගන්නවා. අර බෙනයටත් ගින්දර ඇවිළුනා. තමන් බෙනය ඇතුළෙ හිටියොත් තමන් ද පිච්චී මැරෙන බව සිතු ගැහැනිය ගින්දර ඇවිළුනු චීත්තය ද ගලවලා දාලා දුවන්න වුණා. මේ ලෙසට නරක අයට උදව් කරන්න ගිහින් අමාරුවේ වැටෙන අය දුටු විට අද ද ඉහත පිරුළ කියනු ලබනවා.”
  • හොරාට ගණ දෙවි නුවණ තිබේ ලු / ගණදෙවියාටත් වැඩි නුවණක් හොරාට ඇත / හොරාට ඝනදෙවිට වැඩිය නුවණ තිබේ [විශ්වාස][කතා][උපමා] - The thief has wisdom even greater than that of Ganadeviyo (21) - Ganadeviyo is Ganesh, the Hindu God of Good Luck and remover of difficulties and obstacles, sometimes also called the God of Wisdom (21) - මාතර ඝන දෙවි දේවාලය හොරුන් බිඳීමේ පුවතක් ආශ්‍රිතව බිහි වූ වක් බවට ජනප්‍රවාදයක් ඇත. හොරුන් කිහිප වතාවක් කෝවිල බිඳීමට ගියත් උත්සාහය හරි ගියේ නැහැ. එක හොරෙක් කෝවිලට ගොස් දෙවියන් පුදා දෙවියන්ගෙන් විමසුවා ඒ උත්සාහය හරි යන්නේ නැත්තේ ඇයි කියලා. දෙවියන් කීවා ඒ උත්සහය කිසිම දිනක සාර්ථක නොවන බවත් උළුවස්ස යටින් ගොස් මිස වෙන කිසිම තැනකින් මේ දේවාලයට ඇතුළු වීමට බැරි බවත්. පසු දින උළුවසස්ස යටින් බිඳ හොරකම සාර්ථකව කර ගත නිසා මේ පිරුළ ඇති වුනා ලු (10)
  • හොස්ස ළගින් මැස්ස යන්න බෑ [වාග්ව්‍යවහාර] - සුළු දේකට පවා කේන්ති යාම (40)

[සංස්කරණය]

  • ළගින් ගියොත් ඇහැක් නෑ [වාග්ව්‍යවහාර] - කපටි පුද්ගලයින් (40)
  • ළඟ තියෙන කපුටු මස දුර තියෙන මොණර මසට වඩා රසයි [විශ්වාස][ප්‍රපංච][වාර්තා] - සමාන: අතේ ඉන්න කුරුල්ලා පඳුරේ ඉන්න කුරුල්ලාට වඩා හොඳයි / දුවන මුවන් දැක නොදමන් නෙලූ පලා
  • ළමයි කන රටේ කුකුළු පැටව් ඇති කළ හැකි ද? [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] - Could chickens be reared in the country where children are eaten? (22) / Can you rear chicks in a country where children are eaten? (21)

ළි[සංස්කරණය]

  • ළිදක් කපා උල්පත් දැක්කා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - මහන්සියෙන් ප්‍රථිපල ලැබීම (40)
  • ළිදේ ඉන්න / සිටින, ගෙම්බා / මැඩියා, වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - Like the frog in a well - පාලි: කූපමණ්ඩුක - අවට ලෝකය පිළිබද කිසිවක් නොදන්නා බව (41) – Sees and knows nothing of the world outside (21) - රට හෝ ලෝකයේ අනික් රටවල් ගැන නොදැන තමා උපන් ගමේම හෝ රටේම වාසය කිරීම නිසා තමන් සිටින පරිසරයෙන් පිට යමක් නොදැන සිටීම, සුළු දනුමක් ඇති තැනැත්තා (40) - English: 1. Like the frog in a well / 2. Island mentality: refers to the notion of isolated communities perceiving themselves as exceptional or superior to the rest of the world. This term does not directly refer to a geographically confined society, but to the cultural, moral, or ideological superiority of a community lacking social exposure.
  • ළිඳෙන් වතුර බී මුහුදට ආවඩන්නා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - යම් තැනකින් හෝ පුද්ගලයෙකුගෙන් උදව් ලබාගෙන වෙනත් අයෙකුගේ ගුණ කීම (37)
  • ළිඳේ වැටුණු ඉඳි කටුව සොයනවා වගේ [විශ්වාස][ප්‍රපංච][උපමා] - සමාන: පිදුරු ගොඩේ ඉදිකටුව නැති වුණා වගේ - ලොකු ප්‍රදේශයක ඉතා කුඩා දෙයක් සෙවීම වැනි ඉතා අපහසු කාර්යයක්
  • ළිඳේ වැටුණු මිනිහා ළිං කටින්ම එපැයි ගොඩ එන්න [විශ්වාස][ප්‍රපංච][වාර්තා]


එකතුව සහ සංස්කරණය: චිරාන් වින්ඩ්සර්

11. යොමුව Reference[සංස්කරණය]

11.1. මුද්‍රිත පොත්[සංස්කරණය]

1. අයගමගේ, නෝබට් (2016) කාල නදිය ගලා බසී, ෆාස්ට් පබ්ලිෂින්, කොළඹ 10

2. අලගියවන්න-මුඛවෙටි / ආතර්, ඇම්. ඩබ්ලිව්. (1955) සුභාෂිතය, ගාලු යන්ත්‍රාලය, ගාල්ල

3. ගුණතිලක, එච්. (nd) සිනා සුමුග, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ

4. ගුණරත්න, ඒ. පී. (2010 A) රන් කැකිරේ කතාව සහ තවත් කතා, ප්‍රදීප් ප්‍රකාශකයෝ, කොළඹ 10

5. ගුණරත්න, ඒ. පී. (2010 B) රන්මුතු දූව සහ තවත් කතා, ප්‍රදීප් ප්‍රකාශකයෝ කොළඹ 10

6. ගුණවර්ධන, දයානන්ද (1976) ගජමන් පුවත, චරක ප්‍රකාශකයෝ, කොළඹ

7. ගුණවර්ධන, දයානන්ද (1984) මධුර ජවනිකා හෙවත් හිංගල වංසය, විද්‍යානන්ද ප්‍රකාශකයෝ, කොළඹ 12

8. ද සිල්වා, ටී. ජී. ඩබ්ලිව්. (1960) තහනම් කවිය, ඇම් ඩී ගුණසේන සහ සමාගම, කොළඹ

9. දිසානායක, ජේ. බී. (1996) සිංහල ජනවහර, ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10

10. ධර්මදාස, කේ. එන්. ඕ. තුන්දෙනිය, එච්. එම්. එස්. (1994) සිංහල දේව පුරාණය, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, කොළඹ

11. බමුණුසිංහ, පැල්ලැපිටියේ බණ්ඩාර (2014) අපේ ජනකතා 50ක්, RG Graphics and Bookshop, බොරලැස්ගමුව

12. මෛත්‍රී හිමි, වීදාගම / විමලධර්ම, පලන්නොරුවේ (1948) ලෝ වැඩ සඟරාව, කොළඹ තරුණ බෞද්ධ සංගමය, කොළඹ හුණුපිටිය

13. රණස්ගල්ලේ හිමි, වාණිජ කුල / අභයගුණවර්ධන, වෙ. වි. (1990) ලෝකෝපකාරය, ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම

14. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව (1970) සිංහල වාක් සම්ප්‍රදාය - Sinhalese Idioms, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, කොළඹ 07

15. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව (1994) Idioms වාක්සම්ප්‍රදාය - දෙවන මුද්‍රණය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, කොළඹ 07

16. වික්‍රමසිංහ, මාටින් (2017) පව්කාරයාට ගල් ගැසීම, මාටින් වික්‍රමසිංහ භාරකාර අරමුදල, දෙහිවල

17. විජේතුංග, නවනැලියේ (2013) ජන විඥානයෙන් බිඳක් හෙවත් ජනකතා, දැනුම වැඩුම ප්‍රකාශකයෝ, මුල්ලේරියාව

18. විජේතුංග, හර්ශ්චන්ද්‍ර (2017) ගුණසේන මහා සිංහල ශබ්ද කෝෂය, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ 11

19. සිල්වා, බබ්ලිව්. ඒ. (2015) සුනේත්‍රා නොහොත් අවිචාර සමය, ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10

20. සිල්වා, බබ්ලිව්. ඒ. (2016) විජයබා කොල්ලය, ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10

21. සෙනෙවිරත්න, ජෝන් (1936) Dictionary of the Proverbs of Sinhalese - Asian Educational Services. p. 168. ISBN 9788120619791 - Free PDF Available online https://ia801505.us.archive.org/35/items/dictionaryofprov00john/dictionaryofprov00john.pdf

22. සේනානායක, ඇලෙක්සැන්ඩර් මෙන්ඩිස් (1880) අතීත වාක්‍ය දීපනී හෙවත් පුරාණ සිට ව්‍යවහාර වූ සිංහල උපමා කියමන් - මොරටුවේ පදිංචි ආරච්චි / Senanayake, Alexander Mendis (1880) Athetha Vakya Deepanya or A Collection of Sinhalese Proverbs, Maxims, Fables - Catholic Press - Colombo. p. 104.– Free PDF available Online: https://archive.org/details/athethawakyadeep00mend

53. ජයසේන, හෙන්රි (1991) හුණු වටයේ කතාව, කතෘ ප්‍රකාශන, කොළඹ 10

54. සිල්වා, ඩබ්ලියු. ඒ. (1979) හිඟන කොල්ලා, ලේක්හවුස්, කොළඹ 2

11.2. ඉංග්‍රීසි වෙබ් අඩවි[සංස්කරණය]

23. Anil (nd) Lemon Grad - 150 Common English Proverbs with Meanings and Examples

24. Ayurvedic Medicinal Plants of Sri Lanka – Barberyn Ayurvedic Resort and  Ruhunu University

25. Cambridge dictionary

26. Free Dictionary

27. Mairs, Jane (2017) What's the difference between idioms and proverbs? Merriam Webster - Ask the editor

28. Pediaa.Com (2015) Difference Between Idiom and Proverb

29. Wikipedia

11.3. සිංහල වෙබ් අඩවි[සංස්කරණය]

30. අත්තම්මාගේ අත් බෙහෙත් 35: ඈ බොල තොට අමු කැවිලද?

31. අලවත්තගේ, ප්‍රේමදාස ශ්‍රී (2014) “භාෂාවෙන් ජීවත්වන අය ම ඒක කාලා විනාශ කරනවා” දිනමිණ පුවත්පත, සම්මුඛ සාකච්ඡාව සහ ලිපිය සැකසීම by ඉරෝෂිණී දීපිකා

32. කරුණාරත්න, ලලිත් (2016) ප්‍රස්ථා පිරුළු

33. ගුණසේකර ක්. ඩි. සී. බෝවල, ශ්‍රී ලංකා තිලක. (2017) සාම්ප‍්‍රදායික යෙදුම් හා ප‍්‍රස්තාව පිරුළු 02, සොඳුරු සිංහලය Facebook Page, Posted on 6 August 2017

34. චන්ද්‍රජෝති, හඳගනාවේ (හිමි) පිරුළු

35. චින්තක ටිකිරි බණ්ඩාර (2013) වරෙව් එක පෙළට යොන් මරමු

36. ජයතිස්‌ස‍ ගුණපාල (2010) මහා පදරංග ජාතකය ලියූ කවියා සංරක්ෂණය කළ පිටපත 2017-04-22 at the Wayback Machine - කිරිමැටියාවේ මැති, දිවයින පුවත්පත

37. තිලිණි (2015) ප්‍රස්තාව පිරුළු myschool.lk, ලියු දිනය: Mon 20 Apr 2015

38. දිසානායක, ධම්ම (2009) මී පුප් ලදින් දරු නොලදින්, රංකැටියා කෝ කෝ සංරක්ෂණය කළ පිටපත 2018-05-07 at the Wayback Machine, දිවයින පුවත්පත

39. නිලක්ෂි (2018) ප්‍රස්තාව පිරුළු, Prasthawa Pirulu Blog

40. ප්‍රියදර්ශන, කැළුම් (2016) ප්‍රස්ථා පිරුළු 50 සංරක්ෂණය කළ පිටපත 2020-04-17 at the Wayback Machine, My School.LK, ලියු දිනය: Fri 02 Dec 2016

41. මධුශාන්ත, ගයාන් (2015) ප්‍රස්තාව පිරුළු 01 to ප්‍රස්තාව පිරුළු 11, myschool.lk, ලියු දිනය: Sun 03 May 2015 ප්‍රස්තාව පිරුළු 01[permanent dead link] - ප්‍රස්තාව පිරුළු 02[permanent dead link] - ප්‍රස්තාව පිරුළු 03[permanent dead link] - ප්‍රස්තාව පිරුළු 04[permanent dead link] - ප්‍රස්තාව පිරුළු 05[permanent dead link] - ප්‍රස්තාව පිරුළු 06[permanent dead link] - ප්‍රස්තාව පිරුළු 07[permanent dead link] - ප්‍රස්තාව පිරුළු 08[permanent dead link] - ප්‍රස්තාව පිරුළු 09[permanent dead link] - ප්‍රස්තාව පිරුළු 10[permanent dead link] - ප්‍රස්තාව පිරුළු 11[permanent dead link]

42. රංජිත් ඇල්. අබේවික්‍රම (2016) සකු සාහිත රස රාව කථා සරිත් සාගරය සංරක්ෂණය කළ පිටපත 2017-06-27 at the Wayback Machine

43. ලංකා ස්කූල් - Lanka schools සංරක්ෂණය කළ පිටපත 2019-12-28 at the Wayback Machine (Reported as a Risky Website)

44. විකිපීඩියා නිදහස් විශ්වකෝෂය (2017) ප්‍රස්තාව පිරුළු, updated on 7 ජනවාරි 2018

45. විකිවෝන්ඩ් Wikiwand (nd) ප්‍රස්ථා පිරුළු

46. වික්‍රමගේ නදීප (2010) නදීපගේ සිතුවිලි - මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය (Story adopted and translated from Rev. Ajahn Brahma’s Opening the door of your heart” (32)

47. වික්‍රමසිංහ ද සිල්වා, ප්‍රදීපා (2019)[permanent dead link]

48. විජයවීර, ආනන්ද (2010) දේශපාලනයට ප්‍රස්‌තාව පිරුළු[permanent dead link], දිවයින පුවත් පත, 2010-05-10

49. විජේමාන්න, චරිත් (2010) Edu-Lanka සංරක්ෂණය කළ පිටපත 2018-07-02 at the Wayback Machine, 13 December 2010

50. සිංහල 123 (2017) sinhala123.blogspot.com, November 18, 2017

51. හෙට්ටිආරච්චි, අපරාජිත් මනුප්‍රිය (2019), ගොරකා කාපු රිළවා වගේ - ගසෙන් උපන් ප්‍රස්තාව පිරුළු - - Posted on May 4, 2019 By: Gayantha Aruna

52. හේමරත්න, වසන්තා කල්‍යාණි (2016) ප්‍රස්තාව පිරුළු සංරක්ෂණය කළ පිටපත 2019-09-06 at the Wayback Machine - e-thaksalawa, Education Department of Sri Lanka - තොරතුරු- - සමාජ විද්‍යාව ගුරු උපදේශික - කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය-පානදුර

53. de Zoysa, Louis “ (1871) Specimens of Sinhalese Proverbs”, In Journal of the Royal Asiatic Society Colombo Branch, 1870-1871, Ceylon Times Printers, Colombo

54. රොබට් නොක්ස්ගේ 1679 වාග් කෝෂයෙන් JRAS CB Volume 14 / XIV